මිනීමැරීමේ අයිතිය ඉල්ලා ජනතාව පාරට

හදිසි අනතුරකින් මව්පියන් මිය ගිය, එම අනතුරින් ම අසාධ්‍ය තත්වයට පත්, වයස මාස තුනක්, හතරක් වන දරුවෙක්. (ඡායාරූපය: පුෂ්පා සොයිසා)
විශ්වාස කරන්න දඩය රු.25000 කරා විතරයි සාමාන්‍යයෙන් එන ප්‍රමාණයට වඩා දිනකට රෝගීන් 100 ක්ම අඩු වෙලා.......

ඒ කියන්නෙ මේ දවස් වල දිනකට 350 ක් විතර හදිසි අනතුරු වලට ලක්වී ප්‍රතිකාර ගන්න එනවා. ඒත් මේ දවස් ටිකේ 250ටත් අඩුයි.........

මේ අවුරැද්දෙ ජනවාරි සිට අද දක්වා විවිධ අනතුරු හේතුව‍ෙන් පැමිණි රෝගීන්ගේ සංඛ්‍යාව 92‍,979 ක්. මෙම ප්‍රමාණයෙන් 15-17%ක් පමණ රිය අනතුරු වෙනවා.

ඔබත් අනතුරකට ලක් වූවොත් පමණක් අනතුරු වළක්වන්න කියන හඬට එකතු වේවි......

ඒත් අත පය අහිමි වී..... ජීවිත නැති වී ඔවුන් විඳින දුක මටවත් ප්‍රකාශ කළ නොහැක්කේ එය වචන ශක්තිය ඉක්මවන්නක් බැවිනුයි....

එකතු වෙන්න මේ මාරයාගෙන් මිනිසුන් බේරන්න.......

මහපාරේ 75%ක් ම පුද්ගල හේතු සාධක නිසා සිදු වන අනතුරු නිසා විනය තුළින් එය වළක්වා ගත හැකිනම් එයත් ලොකු වෙනසක් .......

මේ සටහන තබා තිබුණේ මාධ්‍යවලින් ඔබ නිතර දකින ජාතික රෝහලේ හෙද නිලධාරිනී පුෂ්පා සොයිසා ය.

පහත ඡායාරූපය ගනු ලැබුවේ අපගේ පාඨකයකු විසින් මාතර නගරයේදී ය.

ඔහු එවූ සටහන මෙසේ ය:

ඊයෙ රෑ මාතර බස් නැවතුම්පොලේ දී ත්‍රී වීලර් සහ පුද්ගලික බස් සෙට් එක යන රස්තියාදු කාරයො එකතුවෙලා හැම බස් එකකම, ත්‍රී වීලරයක, ට්‍රක්, ඩිමෝ බට්ටො යන වාහනවල මේ පොස්ටරය ඇලෙව්වා..කුනුහරුප  කිය කියා.

බලන්න මේකට එරෙහි වන සෙට් එක දිහා
1.අන්තර් පලාත් පුද්ගලික බස් සංගමය
2.සමස්ත ලංකා පුද්ගලික බස් සංගමය
3.දකුණු පලාත් බස් රථ සමාගම් සම්මේලනය
4.සියලුම සී/ස මගී ප්‍රවාහන සමාගම්
5.සමස්ථ ලංකා අන්තර් පලාත් පාසල් ප්‍රවාහන සංගම්
6.ජාතික ඒකාබද්ධ ත්‍රී රෝද රථ රියදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සමිතිය.

මරු සෙට් එක නේද?
රජයේ ............... ......................ගේ සංගමය
රාජ්‍ය ................. ........................න්ගේ සංගමය
...................... .............................. ................................
ආදී සංගම් මේකට සම්බන්ධ වුනානම් ලංකාවේ ජඩ සෙට් එක සර්ව සමපූර්ණයි.

මෙම දඩ මුදල් ලංකාවට ගැලපේ ද නො ගැලපේ ද යන්න වෙන ම ප්‍ර‍ශ්නයකි. එහෙත්, මෙවැනි උද්ඝෝෂණ පාරේ දකුණෙන් ඉස්සර කරන්නට, රේල් පාරවල් හරහා කැමති ලෙස වාහන ධාවනය කරන්නට, අධි වේගයෙන් යන්නට, රියදුරු බලපත් නොමැතිව වාහන පදවන්නට, බීමත්ව රිය පදවන්නට අයිතිය ඉල්ලනවාට සමාන ය.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කියල වැඩක් නෑ!

    එක අනතුරක් නිසා රජයට සෞඛ්‍ය සේවා වියදම කොමපණ ද? ගමන් යන්නන්ගේ කාලය, මුදල් නාස්තිය?

    ReplyDelete
  2. මිනී මරන්න ලයිසන් ඉල්ලන කාලකන්නි හැත්ත!

    ReplyDelete
    Replies
    1. මිනීමැරීමේ අයිතිය විතරක් නෙමේ ඉල්ලන්නේ සියදිවි නසා ගැනීමේ අයිතියත් ඉල්ලන්නේ.

      Delete
  3. වර්ජනය කර බස් වල බලපත්‍ර අහෝසි කර අළුත් බලපත්‍ර නිකුත් කරමු. සමුර්ධි ලාභී පවුල් වල තරුණ අය ව්‍යාපාර පරිපාලනය පිළිබඳ මූලික පුහුණුවක් දී රජයේ බැංකුවකින් දෙන 100% ණය පහසුකම් යටතේ බස් ලබා දී ඔවුන් දුප්පත්කමින් ගලවාගමු. නව බලපත්‍ර වල වර්ජනය කලහොත් එම බලපත්‍රය අවලංගු වන කොන්දේසියන් පනවමු. නීති නොසලකන, වර්ජනය කරමින් මහජනයා හා රජය අපහසුවට පත්කරන බස් හිමියන් බස් ව්‍යාපාරයෙන් පන්නමු.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ අදූරදර්ශී ක්‍රියා නිසා තමයි ලංකාවෙ පොදු ප්‍රවාහනය අන්තයටම පිරිගිලා තියෙන්නෙ. දියුණු රටවල තියෙන්නෙ අර්ධ හෝ සම්පූර්ණයෙන්ම පෞද්ගලික බස් සමාගම්. ලංකාව දියුණු යුගයෙත් තිබුණෙ බස් සමාගම්. කළ යුත්තෙ එම බස් සමාගම් ආරම්භ කිරීමට හැකියාව ඇති ආයෝජකයන්ට ඉඩදී කුඩා බස් හිමියො සහ රජය පොදු ප්‍රවාහනයෙන් ඉවත්වීමයි. ඒක අර ඒ කාලෙ ජනතාකරණය කියල යු ඇන් පී බත් ගොට්ටන්ට ලංගම විකිණීම නෙවෙයි. ලංකාවෙ පැරණි දියුණු යුගයෙත් බස් සමාගම්වලට ප්‍රදේශ වෙන් කරල තිබුණා. එහෙම කළාම කිසිම තරඟයක් නෑ, අනික බස් සමාගමක රියදුරෙක්ට රස්සාව ගැන විනයක් සහ වගකීමක් තියෙනවා, නිකන්ම ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවරයෙක්ට වඩා. කොහොමත් ලංකාවෙ පොදු ප්‍රවාහනය දියුණු කරන්න දේශපාලුවන්ට අවශ්‍ය නෑ, මොකද උන් යන්නෙ ප්‍රාඩෝවල විතරනෙ. උන් හිතනවා ඇති උන්ට ඡන්දෙ දෙන හරක්ට මොන පහසුකම්ද කියලා.

      Delete
  4. // රජය අපහසුවට පත්කරන බස් හිමියන් බස් ව්‍යාපාරයෙන් පන්නමු. //

    බස් හිමියන් අපහසුවට පත්කරන රජය පන්නමු.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් රසිකයන් අපහසුතාවට පත් කරන සාරසයාව මුහුදට තල්ලු කරමු හිටං...

      Delete
    2. කලුආරච්චියෝ. තොගේ දත් දොස්තර වැඩේටත් පාඩුයිනේ ඇක්සිඩන්ට් නැත්නම්. තොට ප්‍රයිවෙට් කරන්න ලෙඩ්ඩු නැතිවෙනවනේ. ඒකයි මේ පරයා මෙහෙම තප්පුලන්නේ. පාහර බල්ලා.

      Delete
    3. සාරස,

      // බස් හිමියන් අපහසුවට පත්කරන රජය පන්නමු. //

      මොන මොන දේශපාලන න්‍යායපත්‍ර, එදිරිවාදීකම් තිබුණත් මේ වගේ නරුමවාදී දේ කියන තැනට අප තල්ලුවිය යුතුද?

      මේ ආණ්ඩුව ගෙදර යැවීමට ඕනතරම් කරුණු තියෙනවා. නමුත් මේ වගේ අවස්ථාවකදී මෙවැනි දැඩි තීරණ ගැනීම අගය කළ යුතුයි. මොන ආණ්ඩුවෙන් කරත් (මොන යටි අරමුණු තිබුණත්).

      රාජපක්ෂ ආණ්ඩුවෙන් මේ තීරණය ගත්තානම් ඔබගේ ප්‍ර‍තිචාරය කුමක්ද?

      Delete
    4. රාජපක්ෂනම් කාමරේටම ගෙන්නගෙනලු ගැමුණුට නෙලුවෙ.

      Delete
    5. // රාජපක්ෂ ආණ්ඩුවෙන් මේ තීරණය ගත්තානම් ඔබගේ ප්‍ර‍තිචාරය කුමක්ද? //

      එහෙනම් එකෙන් ම පක්සයි නේ හිටන්!

      පැත්ත ගියත් ඇත්ත කියන පක්සග්‍රාහී සරස තුමා ට ජයවේවා!

      Delete
    6. // රාජපක්ෂනම් කාමරේටම ගෙන්නගෙනලු ගැමුණුට නෙලුවෙ. //

      ඔන්න ඔහොමනේ ප්‍රස්න විසඳන්නේ හිටන්!

      Delete
    7. නොදකින් මූ මොන දොස්තරයෙක්ද !!!

      Delete
    8. Sa rasa,

      You are the man, well done mate. Superb response to some brainless idiots :D

      +++++++++++++++++++++++++++++

      Delete
    9. // AnonymousNovember 30, 2016 at 2:32 PM
      නොදකින් මූ මොන දොස්තරයෙක්ද !!! //

      ඔහෙලාගේ රුපියල් දඩයෙන් අගතියට පත් වූ ප්‍රයිවෙට් බස් "කොන්දොස්තර" කෙනෙක් හිටන්!!

      // AnonymousNovember 30, 2016 at 2:41 PM //
      Thnx man... much appreciated Im sure!

      Delete
    10. //ඔහෙලාගේ රුපියල් දඩයෙන් අගතියට පත් වූ ප්‍රයිවෙට් බස් "කොන්දොස්තර" කෙනෙක් හිටන්!!//

      හඃ හඃ හා, මහින්දට බැරි වුණු දේ රනිල් කරලා තියෙන්නේ...

      Never underestimate Ranil's power.

      Delete
    11. // හඃ හඃ හා, මහින්දට බැරි වුණු දේ රනිල් කරලා තියෙන්නේ...

      Never underestimate Ranil's power. //

      ලක්සපාන බැටරි වගේ නේද හිටන්?

      Delete
  5. // AnonymousNovember 29, 2016 at 5:56 PM
    බ්ලොග් රසිකයන් අපහසුතාවට පත් කරන සාරසයාව මුහුදට තල්ලු කරමු හිටං...//

    තල්ලු කොරමු හිටන්... යමු මාත් එන්නම් සපෝර්ට් එකට!


    //AnonymousNovember 29, 2016 at 6:22 PM
    කලුආරච්චියෝ. තොගේ දත් දොස්තර වැඩේටත් පාඩුයිනේ ඇක්සිඩන්ට් නැත්නම්. තොට ප්‍රයිවෙට් කරන්න ලෙඩ්ඩු නැතිවෙනවනේ. ඒකයි මේ පරයා මෙහෙම තප්පුලන්නේ. පාහර බල්ලා. //

    ඉහත ඇනෝ හේ අසහනය සනීපවී රවී ගේ අපල දුරුවේවා!

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා, මේ දතයාගෙන් තියෙන වදයක්... පැරා, මෙන්න මූව බ්ලොක් කරන්න, ප්ලීස්.

      Delete
    2. // අනේ අම්මපා, මේ දතයාගෙන් තියෙන වදයක්... පැරා, මෙන්න මූව බ්ලොක් කරන්න, ප්ලීස් //

      ඩේටා මෙච්චර ගනන් කාලේ අතින් වියදම් කොරන් පැරා ගේ හරක් වන ඔහෙලා බලාගෙන ඉන්න සර ස තුමා ට අත නොතබනු ප්ලීස්!

      Delete
    3. උදේ බෙටි ටික නම් 9:15 වෙන කොට දැම්මා නේද, සරස? දවල් බෙටියි, සවස බෙටියි දාන්න අමතක කරන්න එපා, හොඳේ?

      Delete
    4. // උදේ බෙටි ටික නම් 9:15 වෙන කොට දැම්මා නේද, සරස? දවල් බෙටියි, සවස බෙටියි දාන්න අමතක කරන්න එපා, හොඳේ? //

      ගොම වලට බෙටි යැයි ඇමතීම හෙලාදකිමු හිටන්!

      මුන් සින්හලවත් දන්නේ නෑ!!!

      Delete
    5. ආ...., සරස මෝනිං ටී-ටයිම් බෙට්ටත් දාලා තියෙන්නේ...!!!

      Delete
    6. ඔසී රටේ අමු ගොබ්බ මොංගල් තට්ට හිවල් මොටා ඇවිත් බඩ එළිය රීලා නේද බන් සාරස මෝලෝ

      Delete
  6. පුෂ්පා රම්‍යානි දුන් දත්ත දීර්ඝකාලීන තහවුරු කරගත් දත්ත විදියට එනවානම් හොඳයි.
    ඒ වගේම දඩේ ගෙවාගන්න බැරිවුණු අයගේ ප්‍රමාණය, දඩේ ගෙවාගන්න බරිව බඩගින්නෙ ඉන්න වුණ අයගෙ ප්‍රමාණය වගේ දේවලුත්..
    අනික දඩේ නොගෙවා ඉහල අල්ලස් මුදලක් ගෙවපු අයගෙ ප්‍රමාණෙත් බලාගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. /*පුෂ්පා.....*/ ඔව් එහෙම එනවානම් ලොකු වැදගත්කමක් තියෙනවා නමුත් දැන් පෙනෙන වෙනසක් තිබෙනවා නේද?
      /*ඒ වගේම දඩේ...*/ මේ කතාව වැරදියි. මාර්ග නීති කැඩුවේ අපි කියලද?. රියදුරන් නීතියට අනුකුලව යනවා නම් දඩ වදීවිද?. තමන්ට කන්න තියෙන සල්ලි දඩ වලට වියදම් කරන්න ඕනෙම නම් වැරදි කලාට කමක් නෑ.
      /*අනික දඩේ...*/ අපි කිව්වද අල්ලස් ගෙවන්න කියල?

      Delete
  7. රටේ තිබෙන්නේ ප්‍රධාන පක්ෂ දෙක එක්වී හදපු ජාතික ආණ්ඩුවක් යයි කියා ඔවුන් කියා ගන්නවා. ජාතික ආණ්ඩුවක ප්‍රධාන කාර්යය වන්නේ අතිශයින් අවශ්‍ය එහෙත් ජනප්‍රිය නොවෙන ප්‍රතිපත්ති තීන්දු ගන්න විට කඩාකප්පල් කාරීන් එක්වී ආණ්ඩුව පෙරලීම වලක්වා ඉදිරියට යාමට බවයි මම දන්නේ. අනෙක දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට.

    ඒවා කරන්නත් බැරි නම් ජාතික ආණ්ඩුවක් මොකටද බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලිවලින් දෙපැත්තේම අයට සිතු පැතු සම්පත් ගන්න මිසක් ?

    ReplyDelete
    Replies
    1. @ කෙන්කියුෂා November 29, 2016 at 6:57 PM

      "රටේ තිබෙන්නේ ප්‍රධාන පක්ෂ දෙක එක්වී හදපු ජාතික ආණ්ඩුවක් යයි කියා ඔවුන් කියා ගන්නවා."

      කොහෙද කෙන්කියුෂා එහෙම ආණ්ඩුවක් මේ රටේ තියෙන්නේ? මහින්දට නාම යෝජනා මහා මැතිවරණයට දීල මේ සිරිසේන කියනවා මහින්ද චන්දෙ පරදිනවා කියල.(තමන්ගෙ අපේක්ෂකයෙක් ගැන ඔහොම අවලං නපුන්සක කතාවක් කියපු නායකයෙක් ගැන මට කියන්න?") ඕක කියනකොට එජනිස නායකයා සිරිසේන නේද මහින්ද නෙමෙයිනෙ? ඊට අමතරව කියනවා මම මේ චන්දෙදි පැත්තක් ගන්නේ නැතුව ස්වාධීනව ඉන්නවා කියල.

      මෙන්න බොලේ මෙයාම එජනිස මැතිවරණ ප්‍රකාශණය ඩලස් ලා සුසිල් ලාගෙන් පිළිඅරන් ඒකට ජය වේවා කියනවා. ඊට පස්සේ මහා මැතිවරණයට සතියක් දෙකක් වගේ තියල ඉරිදා පත්තරවල අර ජය වේවා කිව්ව එකට සමගාමිව එක promote කරන්න "මෛත්‍රී පාලනයක්" කියලා fake covers දානව තමන් සල්ලි දීල.

      මහා මැතිවරණයට දවස් දෙකක් වගේ තියල මාගල් ලියුමක් මෙයා මහින්දට යවනවා ඔයා නෙමේ තව ගානක් අගමැති කමට සුදුසුයි කියලා. මහා මැතිවරණයට ඉතා ආසන්නම සිකුරාදා දවසේ ශ්‍රීලනිප මහා ලේකම් අනුර යාපා සහ එජනිස මහා ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත තනතුරු වලින් ඉවත් කරලා උසාවි වැඩකරන අන්තිම දවසේ එයාලට විරුද්ධව තහනම් නියෝග අරගෙන පක්කලි දෙන්නෙක් ඒ තනතුරු වලට පත් කරනවා.

      අන්තිමට එජනිස ජාතික ලයිස්තුව මංකොල්ලා කනවා මදිවට deal දේශපාලනයක් කරල සම්බන්ධන් විපක්ෂ නයකත් අනුර කුමාර දෙවෙනි තැනටත් පත් කරනවා.

      මේවා හරි වැඩද? නෑ. අජිත් ජයසිංහල මේවට කට හොල්ලා නෑ.දන්නව විවාදේට ආවොත් කලිසම ඔලුවෙන් ගලෝන බව. දැන් මේ එයාලගේ සට්ටඹි සහ ඇට්ඹී රාලලා පළකරන්න තර්ජනේ කරන්නේ මගේ නියම නම. දුරබනු අංකය සහ ලිපි යොමුව.

      ඉතින් පලකරපියව්!!! යකුනට ද නොබයව මෙහි පැමිණි අප තොප වැනි ප්‍රේතයනට බියවේද?

      - මොණරවිල

      Delete
    2. ප.ලි.
      "ඉතින් පලකරපියව්!!! යකුනට ද නොබයව මෙහි පැමිණි අප තොප වැනි ප්‍රේතයනට බියවේද?" යන වැකිය ඉතින් පලකරපියව්!!! යකුනට ද නොබයව මෙහි පැමිණි අප එවැනි ප්‍රේතයනට බියවේද? යනුවෙන නිවැරදි විය යුතුය.

      කෙන්කියුෂා හට මා සටහනින් යම් ගැහැටක් වී නම් කමාව අයදිමි. නමුදු පැරකුමු වෙත කරන ලද අබියෝග එලෙසමය.

      - මොණරවිල



      Delete
    3. 1/2

      නම් පිළිබඳ සටහනක් තබන්නට මා සන් මිතු මයුරවිලයන් මට ඇරයුම් කර ඇත. මේ දිනවල මා මගේ පැරණි ලිපි සමුච්චයක් සංස්කරණය කරමින් සිටින නිසා මෙහි පැමිණීම මඳක් අඩු විණ. පමා වී හෝ මා සන් මිතු මයුරවිලයන්ගේ ඇරයුම නෙත ගැටි සැණ මම මෙම සටහන තබමි.

      මයුරවිලයන්ගේ ඇරයුමට නිමිත්ත වන්නේ අපගේ පැරණි මිතු අජිත් පැරකුම් ජයසිංහයන් විසින් යම් යම් ජාතිකත්වයන් වෙනත් ජාතිකත්වයන් තුළට ස්වීකරණය වීම පැහැදිලි කිරීම සඳහා පුද්ගල නම් වෙනස් වීම හෝ වෙනස් කිරීම හෝ පිළිබඳ කතිකාවක් අරඹනු ලැබීම ය. වෙනත් කිසි යම් තැනෙක පළ වූ නම් පෙරළි නිදසුන් ලැයිස්තුවක් උපුටා දක්වන අජිත් පැරකුම් ජයසිංහයෝ එම නම් පෙරළි පිළිබඳ තම සුප්‍රකට න්‍යාය සූත්‍රය වන “ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍රජාවන් ගොඩනැඟීම” හෙවත් “ජාතික ප්‍රශ්නයට විසඳුම ජාතිකත්වය නැති කිරීම ය” යන වියුක්ත වූ ජාතිකත්වනාශනීය අර්ථකථනයක් සපයති.

      මා සන් මිතු මයුරවිලයෙනි, පුද්ගල නම් වෙනස් වීම පිටුපස බහුවිධ හේතු ද නන් නය රසකතා ද පවතී. පෙර සංවාදයේ දී සඳහන් ව නැති සහ සුවිශේෂී නම් වෙනස් වීම් කීපයක් මෙලෙස සටහන් කරන්නේ මයුරවිලයනට උපහාර පිණිස ය.

      එංගලන්තයේ මහ රුජිනට සැතපෙන්නට යහන සෑදූ දොන් කරෝලිස් හේවාවිතාරණගේ පුතකු වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණයන් අනගාරික ධරිමපාල වීමත්, එඩ්වර්ඩ් ද සිල්වාණන් ඊ. ද එස්. වලිසිංහ වී පසු ව වලිසිංහ හරිස්චන්ද්‍ර වීමත්, දොන් ජුවන් අප්පුහාමිගේ පේදිරිස් සිල්වාණන් පියදාස සිරිසේන වීමත් පිටුපස ලාංකීය නිදහස් සටනට අදාළ රසවත් ඉතිහාසයක් ඇත.

      මුනිදාස කුමාරණතුංගයන් මුනිදාස කුමාරතුංග වී පසු ව කුමරතුඟු මුනිදස් වීමත්, දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධයන් අරීසෙන් (අරිසෙන් නො වේ) අහුබුදු වීමත්, චන්ද්‍රදාස කෝපරහේවාණන් (සඳගෝමීගේ පියා) සඳදස් කෝපරහේවා වීමත්, සවියෙල් අල්විසුන් අලව් ඉසි සැබිහෙළ වීමත් මතු නො ව හෙළ බසට ළැදි තරුණයකු වන ජයන්ත ප්‍රියදර්ශන ජයත්මිණි පියදස් වි පසු ව ජයත්මිණි පියදසුන් වී අවසන ජයත් පියදසුන් වීමත් පිටුපස හෙළ බස් පුබුදුවට අදාළ රසවත් ඉතිහාසයක් ඇත.

      සිනමාවේ නම් වෙනස් වීම් රැසකි; ඒවාට හේතු ද රැසකි. විජිතා ද සිල්වා විජිත මල්ලිකා වූයේත්, හෙට්ටිආරච්චිගේ එමැනුවෙල් ඇලොයිසියස් රොඩ්රීගෝ ප්‍රෙම් ජයන්ත් වූයේත්, ආමර් වීදියේ සුපුකට ව්‍යාපාරික‍යකු වූ එල්. පී. පෙරේරාගේ ‍දෙවැන පුතු වූ බොනිෆස් පෙරේරා රවීන්ද්‍ර රන්දෙණිය වූයේත්, වසන්තා ඩොරීන් පීටර්සන් වසන්ති චතුරාණි වූයේත්, ජයසූරිය ආරච්චිගේ මේරි ඉවෝන් පෙරේරා අතිසුන්දර සන්ධ්‍යා කුමාරි වූයේත්, සන්ධ්‍යා කුමාරිය සිහි වනු පිණිස රෝහිණි ජයකොඩි තම දියණියට තැබූ වර්ජිනී සන්ධ්‍යා පීරිස් නම පසු ව වීණා ජයකොඩි වූයේත් සීනමාරූපීත්වය සලකා ය.

      සංගීතයේ ද නම් වෙනස් කිරීම් බහුල ය. ඇතැම් නම් වෙනස් වීමට තාගෝර්තුමාගේ සාන්තිනිකේතනයේ ඇසුර ද බලපා ඇත. බැද්දේලියනගේ ජෝශප් ජෝන් සාන්තිනිකේතන ඇසුරින් සුනිල් සාන්ත වූයේ ය. ජෝර්ජ් විල්ෆ්‍රඩ් අල්විස් පසු ව ආනන්ද සමරකෝන් වූයේ ය. ජේම්ස් පීරිස් සිරිමතුන්ගේ පුත්‍රරත්නය වූ හර්බර්ට් චාල්ස් ජේකොබ් පීරිසුන් දේවාර් සූර්ය සේන බවට පත් වූයේ ය. ප්‍රියදර්ශන සූරියසේන ලියනගේ ප්‍රියා සූරියසේන වූයේ මනා ව සත්සරයට මුසුවන්නට නම් නො වේ. ඒ නම් වෙනස් වීම පිටුපස තිබුණේ රිය ධාවන තරඟ ලෝලයකි. හේරත් මුදියන්සේලාගේ කරුණාරත්න සංගීත ක්‍ෂේත්‍රයට පැමිණෙන්නේ කරුණාරත්න දිවුල්ගනේ ලෙස නම් පෙරළියක් සමඟ ය.

      ශාස්ත්‍රාලීය ශාස්ත්‍රවන්තයන් තමන්ගේ නම් වෙනස් කර ගැනීම් පිළිබඳ දිගු ලේඛනයක් සකසන්නට හැකි ය. ඒ බොහොමයක් නම් වෙනස් වීම් උපැවිදි වීම් සමඟ බැඳී ඇති නිසා ද ඇතැමුන් පිළිබඳ ඇති ගුරු භක්තිය නිසා ද මම එපිළිබඳ නො ලියමි. මලලගේ ජෝර්ජ් පීරිස් පසු ව ගුණපාල පියසේන මලලසේකර බබට පත් වූයේ ය. යූස්ටස් රෙජිනල්ඩ් ද සිල්වාණන් ඊ. ආර්. ද එස්. සරච්චවන්ද්‍ර වී පසු ව වැදිතන්ත්‍රීගේ එදිරිවීර රන්ජිත සරච්චන්ද්‍ර ‍(සරත්චන්ද්‍ර නො වේ) වූයේ ය. සාන්තිනිකේතනයේ ඇසුර ලබා පැමිණෙන හෙතෙම අවසානයේ දී එදිරිවීර සරච්චන්ද්‍ර වූයේ ය. නුගේගොඩ තිලක උයනේ පදිංචි ව සිටි නීතිඥ නිමල් කුරුවිට බණ්ඩාරගේත් ‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යපති තිලකරත්න කුරුවිට බණ්ඩාරගේත් බාල සහෝදරයා සුනිල් කුරුවිට බණ්ඩාර වූයේ නැත. ඔහු සුනිල් ආරියරත්න නම් වූයේ ය.

      Cont. …

      Delete
    4. 2/2

      මාධ්‍ය ලෝකයේ මෙවැනි නම් වෙනස් වීම් රුසකි. ජෝර්ජ් කුඩච්චි හෙළ හවුල ඇසුරින් අනඳපිය තුඩාතිහි වූයේ ය. ආනන්ද කේ. විජේතුංගයන් බණ්ඩාර කේ. විජයතුංග වූයේ භාවමය වූ පෞද්ගලික හේතුවක් නිසා ය (බණ්ඩාරේගේ සමිපූර්ණ නම සෙනරත් බණ්ඩාර කුලතිලක විජේතුංග ය). සූර ඉංගිරිසි පුවත්පත් කර්තෘ මර්වින් ද සිල්වාගේ පුතු දයාන් ද සිල්වා නො ව දයාන් ජයතිලක වූයේ ය. ජෝර්ජ් ස්ටීවන් පෙරේරා පුවත්පත්වලට අවශ්‍ය ම සාහිත්‍යකරුවකු වූයේ රෝහණ කස්තුරි නාමයෙන් ය.

      මා සන් මිතු මයුරවිලයෙනි, මෙවැනි නම් වෙනස් වීම් සහ ඒ සමඟ බැඳුණු රසකතා පිළිබඳ ලිපි කීපයක් වුව ලියන්නට හැකි ය. එහෙත් ස්වීකරණය මඟින් “ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍රජාවන් ගොඩනැඟීම” හෙවත් “ජාතිකත්වය නැති කිරීම” යන වියුක්ත වූ ජාතිකත්වනාශනීය න්‍යාය ප්‍රවර්ධනය සඳහා නම් වෙනස් කිරීම අවභාවිත කිරීම මම පිළිකුලෙන් හෙළා දකිමි. භාෂාව ජාතික අනන්‍යතාවයේ වැදගත් ම අංගයකි. අද දින දෙමළ ජාතිකත්වයට ගැ‍ෙසන අජිත් පැරකුම් ජයසිංහගේ කෙටේරි පහර හෙට දින අපේ සිංහල ජාතිකත්වයට ගැසෙනු නියත ය. අජිත් පැරකුම් ජයසිංහ වැන්නවුන් සමඟ කිසිඳු සුහද ලීලයක් අවැසි නැත. නිසි නිලෙස ම එවැන්නවුන්ට එළව එළවා පහර දිය යුතු ය; නිහඬ වන තුරු ම පහර දිය යුතු ය. එහෙත් අප පහර දීම අජිත් පැරකුම් ජයසිංහ නම් අශිෂ්ටයා ප්‍රවර්ධනය නො වන ලෙස සිදු කළ යුතු ය. මයුරවිලයෙනි, සරසයෙනි, අජිත් පැරකුම් ජයසිංහයන් ප්‍රවර්ධනය වන කිසිඳු වැකියක් මෙහි ලිවීමට ජාතිමාමක, භාෂාප්‍රේමී ඔබගේ සුබස් මිණි අපතේ නො යවන්න.

      අජිත් පැරකුම් ජයසිංහ තරුණ පරපුර නොමඟ යැවීමට සෑම සමාජ ප්‍රපංචයක් ම විකෘති කර අර්ථකථනය කරයි. ස්වීකරණය අවභාවිත කර අජිත් පැරකුම් ජයසිංහ අශිෂ්ටයා සිදු කරන්නට තතමන නූතන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය ‍පිළිබඳ මම සන්ධ්‍යා මානයේ දී ලියා නිසි තැන පළ කරමි.

      සියලු ජාතික අනන්‍යතාවන් සපපාතික ස්වීකරණය (spontaneous assimilation) හැර අන් කිසිඳු සම්ප්‍රජන්‍ය ස්වීකරණයකින් (deliberate assimilation) හෝ වාර්ගික විවිධත්ව නිරසනයනින් (elimination) හෝ අන්තර්ධාන නො වේවා!

      අනාගත පරපුරේ සුරක්ෂිතතාව උදෙසා මම මෙසේ පවසමි: අජිත් පැරකුම් ජයසිංහයෙනි, තරුණ පරපුර නොමඟ යැවීම වහා ම නවතා දමනු!

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      End.

      Delete
    5. Anonymous November 29, 2016 at 11:26 PM

      මා කියා තිබෙන්නේ රටේ තිබෙන්නේ ප්‍රධාන පක්ෂ දෙක එක්වී හදපු ජාතික ආණ්ඩුවක් යයි කියා ඔවුන් කියා ගන්නා බවයි. ඔවුන් කියගන්නවා යනුවෙන් උපුටා දක්වන්නේ එය මගේ ප්‍රකාශයන් නොවන නිසයි. ඒ නිසා, මම කිවා යයි ඔබ විසින් සිතාගත් ප්‍රකාශයකට ඔබවිසින්ම කර ඇති දීර්ඝ පිළිතුරු පැහැදිලි කිරීම වැනි දේට අපි නම් කියන්නේ Tongue twisting කියායි.

      අපි පොඩි කාලේ පුරුදු වුන Tongue twister එකක් මෙන්න මේ වගේ.

      Betty Botter bought some butter
      But she said the butter’s bitter
      If I put it in my batter, it will make my batter bitter
      But a bit of better butter will make my batter better
      So ‘twas better Betty Botter bought a bit of better butter

      :D

      Delete
    6. අතීතයේ ග්‍රීක දේශයෙහි විසූ, ලොව පහළ වූ ශ්‍රේෂ්ටතම දාර්ශනිකයන්ගෙන් කෙනෙකු යැ යි අද ද පිළිගැනෙන සොක්‍රටීස් හට ද තරුණයින් නොමඟ යවනවා යයි චෝදනා කරන්නට ඇත්තේ කුදලාගමගේ බාප්පාගේ මුතුන් මිත්තෝ විය හැකි යි.

      Delete
    7. පැරා වගේ හාල්පාරුවෙක්ව සොක්‍රටීස්ට සමාන කරන්න හදන කමෙන්ට් එක පැරාට පුක දෙන තට්ටයෙක් දැම්ම එකක් බව කරුණාවෙන් සලකනින හිටං. සොක්‍රටීස් හිටියේ ආන්ඩුවට විරුද්ධව. ඒක නිසා ආන්ඩුව ‍සොක්‍රටීස්ට වහ දුන්නා. ඒත් පැරා ගොයායා ඉන්නේ ආන්ඩුව එක්ක. ආණ්ඩුවේ ගූ ක කා. කැප් එකක් දැලා තටිටේ වහගත්තත් ටී සර්ට් එකට කැම්පස් එකේ නම දාගෙන මරි මෝඩකම වහ ගව්න බැහැනේ හිටං.

      Delete
    8. @ Anonymous November 30, 2016 at 11:37 AM --->>> ආ..., සරස මොකද මේ ඇනෝ ඇවිත්?

      @ පැරා,

      කවුරු මොනවා කීවත් ඔබ ශ්‍රේෂ්ටයෙකි.

      Delete
    9. // AnonymousNovember 30, 2016 at 11:51 AM
      @ Anonymous November 30, 2016 at 11:37 AM --->>> ආ..., සරස මොකද මේ ඇනෝ ඇවිත්? //

      අතේ මාට්ටු නේද හිටන්...?
      අයියූ සල්ලි!

      Delete
    10. බන්‍ධුල කුදලාගම මහත්මයාණනි,

      එංගලන්තයේ වික්ටෝරියා මහා රාජිනියට සැතපෙන්නට යහන තැනුවේ දොන් කරෝලිස් හේවාවිතාරණ යයි තහවුරු කිරීමට ඔබට සාක්ෂ්‍ය තිබේද?

      සාක්ෂ්‍ය නැත්නම් මෙය ඔබේ ප්‍රලාපයකි.

      Delete
    11. ගරු මහත්මයාණෙනි,

      මගේ ලිවීමක් අලළා ඔබතුමා විසින් ප්‍රශ්නයක් විමසනු ලැබීම පිළිබඳ ඔබතුමාට මගේ කෘතඥතාව හිමි වේ. ඔබතුමා ප්‍රශ්නය විමසන තානය අනුව නම් ඔබතුමා මගේ ප්‍රකාශයේ සංඥාර්ථය ප්‍රතිග්‍රහණය කර ගෙන නැති බව ද ඔබතුමා මගේ ප්‍රකාශයේ සාරාර්ථය නොපිළිගන්නා බව ද හැඟේ. මහා සිංහල-බෞද්ධ සිටුවරයකු වූ හේවාවිතාරණයන් බිරිතානීන් සමඟ සුහදශීලීත්වයකින් ක්‍රියා කර ඇති බව දහනව වැනි ශතවර්ෂයේ ලාංකික ඉතිහාසය ආධානග්‍රාහී නො වී විමසන කල පෙනී යයි. ඔබ මගේ ප්‍රකාශයේ සරාර්ථය නොපිළිගන්නේත් මගේ ප්‍රකාශයට අමතර නාමයක් එකතු කර එය විකෘති කරන්නේත් ලාංකීය ජාතික පුනරුද ව්‍යාපාරයේ පැවති ද්විත්ව ස්වරූපය නොපිළිගන්නා දෘෂ්ටිවාදයක එළඹ සිටීම නිසා විය හැකි ය.

      මම මගේ සන් මිතු සරසයන් සිහි කර මෙසේ පවසමි: මැතිඳුනි, මගේ ප්‍රකාශය (මා විසින් පැවසුණු බවට ඔබතුමා විසින් පැවසෙන ප්‍රකාශය නො වේ) ප්‍රලාපයක් නො වේ. එම ප්‍රකාශයේ සඳහන් කාර්යය ලංකාණ්ඩුව විසින් පවරන ලද කාර්යයකි.. එපිළිබඳ සොයා බැලීම කරනු ලැබිය යුත්තේ එපිළිබඳ සංශය ඇති ඔබතුමා විසින් මිස එපිළිබඳ සංශයක් නැති මා විසින් නො වේ. මම නම් 1980 වර්ෂයේ යම් දිනෙක මගේ ප්‍රකාශයට අදාළ විමර්ශන කළෙමි (වෙනත් රචනයක් ලිවීම සඳහා). එනිසා මගේ ප්‍රකාශයට අදාළ තොරතුරු ලේඛනගත ව ඇති බව නිසැක ය. සුප්‍රකට කරුණක් සඳහා ඔබතුමා වෙනුවෙන් විමර්ශන කර සංක්ෂේප සැපයීම මා විසින් කරනු ලැබිය යුතු නැත.

      ඔබතුමා පිළිබඳ හිතෛෂි වූ කරුණාසීතල හදින් මම ඔබතුමාට ඉඟි කීපයක් සපයමි.

      1. ඔබතුමා මගේ ප්‍රකාශයට එක් කර ඇති අමතර නාමකරණයකින් එම ප්‍රකාශය විකෘති කර ඇති නිසා ඔබතුමා සොයන්නට ඇත්තේ මගේ ප්‍රකාශයට අදාළ තොරතුරු නො වේ.

      2. යහනක් පමණක් නො ව මාහැඟි යහනෝපාංග (දහයකට වැඩි) සමූහයක් ම සෑදිණි!

      3. එය ලංකාණ්ඩුවෙන් එංගලන්තයේ මහ රුජිනට එතුමියගේ පෞද්ගලික ජීවිතයේ සුවිශේෂි සිදු වීමක් අලළා ලබා දුන් තිළිණයකි!

      4. අතීතයේ දී එංගලන්තයේ මහ රුජිනට යහනෝපාංග සමූහයක් තැනීම හේවාවිතාරණවරු නම් කිසි කලෙක සඟවා නැත. එය ඔවුනට අභිමානයකි.

      තමන් නොදන්නා සියලු දේ ප්‍රලාප බව සිතීම නුසුදුසු ය. තමන්ගේ නොදැනීම නිසා ඇති වන සංශයන් දුරු කර ගැනීම තමන්ගේ වගකීමකි. ඔබතුමාගේ ප්‍රශ්නයේ තානය අනුව ඉදිරියේ දී ඔබතුමා විසින් විමසීමට නියමිත ප්‍රශ්න මෙසේ වීමට ද හැකි ය: “මහා ධනීධන සිටුවරයකු වූ දොන් කරෝලිස් හේවාවිතාරණ එංගලන්තයේ (වික්ටෝරියා!) මහ රුජිනට යහන් තනන්නට ලී ඉරනු, ලී කපනු, ලී මදිනු, ලී ඇණ ගසනු කුදලාගම දුටුවේ ද?” එංගලන්තයේ මහ රුජින තම වල්ලභයා සමඟ එයහනෙහි සැතපෙනු කුදලාගම දුටුවේ ද?”

      ගරු මහත්මයාණෙනි, විමර්ශන කිරීමේ චර්යාව ප්‍රගුණ කර ගැනීමටත් සංඥාර්ථය සහ සාරාර්ථය වටහා ගැනීමටත් ඔබතුමාට පුණ්‍යබල මහිමය ලැ‍ෙබ්වා! දුටු සිත් නැති. දුටු අබිලස් නැති.

      (අදාළ තොරතුරු සැබෑවට ම සොයා ගැනීමට ඔබට හැකි බව මම දනිමි. ඔබගේ ප්‍රශ්නය තුළ ඇති ප්‍රශ්නමූලාපහරණ අධ්‍යාශය - heckling intention ද මම දනිමි. එවැනි ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දිය යුතු ආකාරය මට ඉගැන් වූ මා සන් මිතු සරසයනට තුති!)

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    12. //මම මගේ සන් මිතු සරසයන් සිහි කර මෙසේ පවසමි: මැතිඳුනි, මගේ ප්‍රකාශය (මා විසින් පැවසුණු බවට ඔබතුමා විසින් පැවසෙන ප්‍රකාශය නො වේ) ප්‍රලාපයක් නො වේ. //

      ගරු බන්ධුල කුදලාගම මැතිතුමනි...
      හේවාවිතාරන මැතිඳුන් ගැන ඔබ ලියූ දෑ සැබෑය.

      මහා විද්යුත් මැවිසුරු විමලසුරේන්ද්‍රයන් ගේ ජීවිත කතාවේ සඳහන් වන පරිදි, ඔහු ගේ මුත්තනුවන් කෙනෙකු ද එකල මහ රැජිනට ආබරන පෙට්ටි සහ ගෘහබාන්ඩ තැනීමේ කොන්ත්‍රාත්තුවක් ලබා බකින්හැම් මාලිගයට ගිය බව සඳහන් වේ!

      Delete
    13. //මහා විද්යුත් මැවිසුරු විමලසුරේන්ද්‍රයන් ගේ ජීවිත කතාවේ සඳහන් වන පරිදි, ඔහු ගේ මුත්තනුවන් කෙනෙකු ද එකල මහ රැජිනට ආබරන පෙට්ටි සහ ගෘහබාන්ඩ තැනීමේ කොන්ත්‍රාත්තුවක් ලබා බකින්හැම් මාලිගයට ගිය බව සඳහන් වේ! //

      ඔහු ගේ පියා මහ රැජින ගේ ආරාදනයෙන් වින්ඩ්සර් මාලිගයට ලෙස නිවැරදි විය යුතුය!

      Delete
  8. මග මරුවන්ගේ සටනට ජයවේවා

    ReplyDelete
  9. අපි කැමති උනත් නැතත් පවතින්නේ වරදන්ඩවාදය නම් ලංකාවට ගැලපෙන්නේ දඩය උපරිම කිරීම. රටේ ජනගහනයෙන් 50% වැඩි දුප්පත් මිනිසුන්ට පාරක බැහැලා යන්න තියෙන අයිතිය ආරක්‍ෂා වෙන එකම ක්‍රමය.

    ReplyDelete
  10. මෙම ලිපියට යොදා ඇති ඡායාරූපයක දැක්වෙන පෝස්ටරය ද පිටුපස ගසා ගත් බස් රියක් ඊයේ සවස කොළඹ-කැස්බෑව මාර්ගයේ තදබදය අස්සෙන් වෙට්ටු දමා යනු දුටු මට සිතුණේ මේ වැඩි කළ දඩය ඉතා සාධරණ බව යි.

    ReplyDelete
  11. හිතවත් පැරා,

    දඩ මුදල් අයකිරීමට පොලීසිය වෙනුවට පුද්ගලික ආයතනයක් පිහිටුවා රජය ඉන් කමිශන් එකක් පමණක් ලබාගත්තොත් මොකො වෙන්නෙ? පසුගිය දෙවසර තුළ අතිවිශාල ලෙස ලාභ ලැබූ අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට මෙම ආයතනය විකුණන්නට නොහැකිද?

    අපට ආරංචි හැටියට මහබැංකු බැඳුම්කර ගනුදෙනු හරහා මහජන මුදල් අවභාවිතකරමින් ඉතාම වංචනික ලෙස මෙන්ම වාර්තාගත ලෙස අධික ලාභ ඉපැයූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හිමි ප්‍රකෝටිපති ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස් මහතාගේ හිමිකාරීත්වයෙන් ලබන වසර මුලදී නව මාධ්‍ය ජාලයක් ගොඩනගන්නට මේ වනවිට බොහෝ වැඩ කටයුතු සිදු කර අවසන්ය. රුපියල් ලක්ෂයේ ආරම්භක වැටුපක සිට රු. මිලියන දෙක හමාරක් දක්වා මාසික වැටුප් ගෙවමින් ලංකාවේ පෙර නොවූ විරූ සුපිරි පහසුකම් සහිත අලුත් මාධ්‍ය ආයතනයක් මේ අනුව පිහිටුවා ඇත.

    මෙහි දේශපාලනික අරමුණ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙ ප්‍රතිරූපය රට තුළ ඔසවා තැබීම බවටද වාර්තා පළවිය.

    ආරම්භ කිරීමට නියමිත දැවැන්ත මාධ්‍ය ජාලයේ ප්‍රධාන පුවත්පත සඳහා පසුගිය දිනවල ලංකාවේ විවිධ පුවත්පත් වල සේවය කරන දක්ෂ මෙන්ම ජනප්‍රිය පිරිස් ඉතාම ඉහළ වේතන යටතේ බඳවා ගන්නා ලද අතර මව්බිම පුවත්පතේ දිනපතා හා ඉරිදා කතුවරුන් දෙදෙනාද ඒ අතර විය. මෙම මෙහෙයුම අනුව අද (30) වනවිට මව්බිම පුවත්පතේ සංස්කාරක මණ්ඩලයේ, පිටු සැකසුම් අංශයේ සහ තවත් අංශ වල 21 දෙනෙකු එක්වරම ඉල්ලා අස්වී අලුත් පුවත්පතට ගොස් ඇතැයිද වාර්තා විය.

    බම්බලපිටිය ප්‍රදේශයේ දැනට ස්ථාපිත කර තිබෙන කාර්යාලය විවිධ මාධ්‍ය ආයතනවල දක්ෂතා ඇති අය මිලට ගෙන රැස් කර තබාගන්නා ස්ථානයක් බවට පත්ව ඇති අතර ඉදිරියේදී කොල්ලුපිටියේ නව ගොඩනැගිල්ලක මෙම ආයතනය පිහිටුවන්නට කටයුතු සූදානම් කර තිබේ. ලංකාවේ ඉදිරි කාලයේ මාධ්‍ය තුළ පෙරළි කරන්නට සමත් පිරිසක් ඒ අතර සිටින බවටද වාර්තා පළවේ.

    නව මාධ්‍ය ජාලයට රූපවාහිනී, ගුවන් විදුලි පුවත්පත් හා වෙබ් අඩවි රාශියක් ඇතුලත් ලාංකික මාධ්‍ය වෙළඳපොල තුල පෙරලිකාර වෙනසක් සිදු කරනු නිසැක බවට ආංරචි පවතින අතර රූපවාහිනී බලපත්‍රය අලුතින් ලබාගන්නවාට වඩා පවතින එකක් මිලට ගෙන වැඩි දියුණු කිරීම පහසු නිසා ඒ සඳහා ස්වර්ණවාහිනිය මිලට ගන්නට සූදානමක් පවතින බවටද ආරංචි පැතිරිණි.

    මේ පිලිබඳව පෝස්ටුවක් පළකර අපව දැනුවත් කරන මෙන් ඔබෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඉතිං ඕකේ ඇති වැරැද්දක් නැහැ නොවෑ.....

      ලංකාවේ මාධ්‍යවේදීන්ට, ලංකාවේ ඉඳගෙනම යුරෝපීය පඩි ලැබෙන එක ගැන ඔහේට ඊර්ශ්‍යාද හිටං?

      මහින්දට විතරද මාධ්‍ය ජාලවල අණසක පතුරවගෙන ඉන්න අයිතිය තියෙන්නේ? රනිල්ටත් ඒ අයිතිය තියනවා හිටං.

      දැන් මේ අලුත් මාධ්‍ය ජාලය පිහිටුවා ගත්තට පස්සේ මහින්දට හුප්පේ හිටං.

      Delete
  12. දැන් මේ බ්ලොග් එකේ අයිති කාරය පැරාද, සාරසද

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එකේ අයිතිකාරයා නම් පැරා. සාරසගෙත් බ්ලොග් එකක් තියනවා, හැබැයි ඒකේ මැස්සෙක් වත් වහන්නේ නෑ. ඉතින් ඒකේ කේන්තියට ඒ මනුස්සයා මෙතනට ඇවිත් මල පහ කරලා යනවා.

      Delete
    2. // මේ බ්ලොග් එකේ අයිතිකාරයා නම් පැරා. සාරසගෙත් බ්ලොග් එකක් තියනවා, හැබැයි ඒකේ මැස්සෙක් වත් වහන්නේ නෑ. ඉතින් ඒකේ කේන්තියට ඒ මනුස්සයා මෙතනට ඇවිත් මල පහ කරලා යනවා. //

      :D

      ඔහෙට ප්‍රීති වෙසක් හිටන්!

      Delete
    3. සාරස තුමන් හට සිය තැන රෙනු නොහැකි
      මල්ලේ පොල් හි වල උතුරා ඇති සෙයකි

      Delete
    4. ඇනෝ වරුන් කරවති මෙහි කල එලිය
      මෙතැන තමයි සින්හල බ්ලොග් වැසිකිලිය!

      Delete
  13. ගූරසයා පරාට කබ්බ කියකිය කබ්බෝ පස්සේ එල්ලී එල්ලී එන අපූරුව.. බලන්න රසවත් පින්වත.

    ReplyDelete
  14. ගූරසයා පැරාට කබ්බ කියකිය කබ්බෝ පස්සේ එල්ලී එල්ලී එන අපූරුව.. බලන්න රසවත් පින්වත.

    ReplyDelete
  15. අන්න ස්ට්‍රයික් එක අත් හිටෝලා. එදා වේල කන්න නැති හිගන රස්තියාදු කාරයො කරන ස්ට්‍රයික්. වැඩේ කියන්නේ මුන්ට මේ ස්ට්‍රයික් එක වේල් දෙකකට වඩා ඇදගෙන යන්න බැරි බව දැන දැනත් ආන්ඩුව මුන්ගේ මිනීමරු ඉල්ලීම් වලට නැමෙනවානේ. ඒ අතින් නම් මේ වගේ කොන්ද පන නැති ආන්ඩුවක් ලංකාවේ තිබිලම නෑ. මේකෙ ඉන්න ගොබ්බ චන්දදායක හැත්ත හිතන් ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හැම බල්ලටම ඕනෙ ඕනේ හැටියට වැරදි කරන්න දීලා උඩ බලාගෙන ඉන්න එක කියල

    ReplyDelete
  16. මේ බ්ලොග් එකේ කොමෙන්ටු දැක්කම දුක හිතෙනවා, නිකන් බල්ලො පාරවල් ගානෙ පහරනවා වගේ. අර සාරසය නම් අන්තිමයි.

    ReplyDelete
    Replies
    1. // අර සාරසය නම් අන්තිමයි. //

      මෙතන සෝ කෝල්ඩ් බුද්දිමතුන් කියන කස්ටික ගොඩක් කොමෙන්ට්ස් දැම්මත්, පොල්ගස් නගින රොබා ට තමයි ඇත්ත තේරුනේ....

      Delete
    2. සරස, අද දවසට උඹට දැන්ද රෙන්න බර හැදුණේ? හෙට ඉඳන් උදේ තේ එක බීලා දුම් උගුරක් ඇදපන්. එතකොට උදෙන්ම උඹට කක්කා යයි.

      Delete
  17. මේක මහ පුදුම ආන්ඩුවක් නේ. බස්කාරයෝ, ත්‍රීවීලර්කාරයො වගේ හැම නූගත් බල්ලම කියන දේට එහෙයි කියලා ඉන්නවා. අසාවකට උගත් බුද්ධිමත් මිනිහෙක් කියන දෙයක් අහන්නේ නෑ. මේ කාලකන්නි රට නම් හැදෙන්නේ නෑ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා