දෙවන ලෝක යුද සමයේ ඇමරිකාවේ නාසි පන්නයේ සිර කඳවුරු ගැන කියැවෙන ‘තුනී ලෑලි බිත්ති'

1941 දෙසැම්බර් 7දා ජපානය විසින්හවායිහි පර්ල් වරායට පහර දීමත් සමග ඇමරිකාවේ එක්සත් රාජ්‍ය හෙවත් ඇමරිකා එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධයට පැටලුණ බව අප දන්නා ඉතිහාස කතාවක්.

එහෙත්, එම සිදුවීමත් සමග ම ඇමරිකාවේ ජීවත් වූ ජපන් සම්භවයක් ඇති ප්‍රජාව මුහුණ දුන් තත්වයන් පිළිබඳ අපි දන්නේ අඩුවෙන්. ඇමරිකාව ජපානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමත් සමග ම ඇමරිකාව තුළ ජීවත් වුණ ජපන් සම්භවයක් සහිත ප්‍රජාවට එරෙහිවත් අභ්‍යන්තර යුද්ධයක් ප්‍රකාශයට පත් වූ බව ඒ තරම් ප්‍රකට නැහැ.

ඩේවිඩ් පැට්නූඩ් (David Patneaude) විසින් මෙම සිදුවීම අධ්‍යයනය කර ලියන ලද, 2004දී පළ කරන ලද Thin Wood Walls (තුනී ලෑලි බිත්ති) නම් නවකතාව මෙම සිදුවීම තුළ මානුෂීය අන්තර් සබඳතා හා පුද්ගලයන්ගේ සහ සමාජයේ මනෝභාවයන් නිරූපණය කරන්නට දරන විශිෂ්ට උත්සාහයක් ලෙස සැලකිය හැකියි.

11 හැවිරිදි ජෝසප් හනාඩා සියැටල්හි ජීවත් වන සාමාන්‍ය ඇමරිකානු දරුවෙක්. ඔහුගේ පියා ජපානයෙන් සංක්‍රමණය වූ පරපුරකින් පැවතෙන්නෙක්. ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් විසින් නිකුත් කරන ලද විධායක නියෝග අංක 9066 යටතේ ඇමරිකන් රජය 120,000ක් ජපන් ජාතිකයන් සැකයට භාජනය කර, ඇමරිකන් ජාතික ආරක්ෂාවේ නාමයෙන් ඔවුන් පදිංචි වී සිටි ස්ථානවලින් ඉවත් කර ඉතා කටුක තත්වයන් යටතේ කඳවුරු ගත කර වසර ගණනක් තබා ගත්තා. එයින් ඒ ජනතාවගේ ජීවනෝපායන්, දේපල, ජීවිත බලාපොරොත්තු, දරුවන්ගේ අධ්‍යාපනය ආදිය කඩා වැටුණා.

එෆ්.බී.අයි. විසින් ජෝසප් හනාඩාගේ පියා වසර ගණනක් සිරගත කරනවා. ජෝසප්ගේ සහෝදරයා මයිකල් ඇමරිකන් හමුදාවට බැඳී යුද්ධයට යන්නේ සිය දේශප්‍රේමිත්වය ඔප්පු කරන්නටයි. අනෙක් පැත්තෙන් තරුණයන්ට මේ සිර කඳවුරුවලින් පිටතට යන්නට තිබුණු එක ම මාර්ගයත් එයයි. ඔහුට සිදු වන්නේ කුමක් ද? (කතාව කියවලා ම බලන්න)

මෙවැනි ජපන්-ඇමරිකන් තරුණයන් විශාල පිරිසක් යුද්ධය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරනවා. පසු කලෙක ජනාධිපති ටෘමන් ඔවුන් ගැන කියන්නේ මෙහෙමයි: “ඔබ සටන් කළේ සතුරා සමග පමණක් නොවෙයි. ඔබ පිළිබඳ තිබුණු පූර්ව විනිශ්චයන්ට එරෙහිවත් ඔබ සටන් කළා. එයින් ඔබ දිනුවා."

යුද්ධයෙන් පසුව මේ පිරිස් නිදහස් කරනු ලැබුවා. එහෙත්, ඔවුන් කඳවුරුගත කිරීමේ නියෝගයෙන් පසු, ඔවුන්ගේ දේපල විකිණුනේ කුණු කොල්ලයට නිසා ඇතැමෙකුට ආපසු යන්නට තැනක් තිබුණේත් නැහැ.

ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ සමයේදී ඔවුන්ගෙන් ඇමරිකානු රජය සමාව ගත් අතර, වන්දියක් ද ගෙවනු ලැබුවා. ඒ වුණත්, වසර 1999 වන තුරු ම මේ ජපන් ඇමරිකානුවන් අසාධාරණයට බඳුන් කළ අංක 9066 දරණ විධායක නියෝගය අවලංගු කළේ නැහැ. 

මෙසේ අසාධාරණ අන්දමින් සිරකඳවුරුගත කරන ලද කිසිදු ජපන් ඇමරිකානුවකු ඔත්තු බැලීම හෝ කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් නීතියෙන් වරදකරුවකු කරනු ලැබුවේ නැහැ. 

Thin Wood Walls පොත සිංහලයට පරිවර්තනය වී ඇති ද යන්න මම දන්නේ නැහැ. ඒත්, එහි හොඳ පරිවර්තනයක් සිදු වෙනවා නම් ඇත්තට ම ප්‍රයෝජනවත්.

මෙම වීඩියෝත් බලන්න:





ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ ගැන මෑත දී කතා වෙනවා ඇහුණා. මුස්ලිමුන්ට මේ පනත ක්‍රියාත්මක කළ හැකි යැයි ටරම්පු ගොයියා ගේ උපදේශකයකු කීවා නේද?

    ReplyDelete
    Replies
    1. එතන වුනේ මේකයි.. ඔය පනත ගෙනාපු ජනාධිපති රූස්වෙල්ට් ඩිමොක්‍රටික් පාක්ෂිකයෙක්, රිපබ්ලිකන් ජනාධිපති අපෙක්ෂක ට්‍රම්ප් මුස්ලිම්වරු ඇමරිකාවට ඇතුලුවීම තදින්ම සීමා කලයුතුයි කීවහම ඩිමොක්‍රැටික් පාක්ෂිකයො කෑගහනකොට ට්‍රම්ප් ගේ උපදෙෂකයෙක් ඇහැව්ව ඇයි එදා රූස්වෙල්ට් ජපන්නු කදවුරු වලට යවද්දි ඩිමොක්‍රැටික් පක්ෂය විරුද්ධ නොවුනෙ කියල..

      Delete
  2. පැරා, කොස්තා ගියා. වම් ඉවුරේ සිනමාව ආලෝකවත් කළ රංගවේදියෙක් කොස්තා. 70 දශකයේ ආකර්ෂණීය තරුණ රංගනයක් පෙන් වූ නළුවන් වුණේ කොස්තා, කලං වගේ අය. දාන්නකෝ බලන්න පැරාගේ කොස්තා කියවීම. කොස්තා ගැන අප්‍රකට කරුණක් වන්නේ ඔහු අතිදක්ෂ අභිරූපණ රංගනවේදියකු ද වන බව යි. බන්දුල විතානත් කොස්තත් ඒ වැඩේට හරි ශූර යි.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      නරකද අපේ සිරිසේන ජනාධිපතිතුමාට අභිරූපණ රංගනය පුරුදු කළොත්? රනිල් සහ කිරිඇල්ලටත් පුරුදු කළොත් හොඳයි.

      -මොණරවිල

      Delete
  3. OYA PARIWARTHANAYA KARANNAKO

    ReplyDelete
    Replies
    1. කවුරුහරි ප්‍ර‍කාශකයෙකු කර්තෘ අවසරය අරගෙන දෙනවා නම් කළ හැකි ය.

      Delete
    2. පැරකුම්... අපි උඹට ගෙවන්නෙ මෙව්වගේ ඇමරිකන් විරෝදී වැඩ කරන්න නෙවෙයි...

      මෙව්ව ට්‍රාන්ස්ලේට් කරොත් ඩොලර් ඉන්කම් එක නැතිවෙයි... කවද හරි ගන්න තියන ඇමරිකන් වීස එකටත් හුලං තමා....

      Delete

  4. ෙසා්වියට් රුසියා වේ ජීවත්වූ ජර්මන් කොමියුනිටි වලටත් ඔය සන්තෑසියම සිද්ධ වුනා, එයාලට නම් කවදාවත්ම කණගාටුව ප්‍රකාශකිරීමක් හෝ වන්දි ලැබීමක් සිද්ධ වෙන එකක් නෑ.

    ReplyDelete
  5. අද හෙළ සෙට් එක නිවාඩු වගේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා