අන්ෆ්‍රෙන්ඩ් කරන බොත්තම


  Art Poetry

අජිත් පැරකුම් ජයසිංහ

ෆේස්බුක් මිතුරු ලැයිස්තුව
සුද්ද කරමින් පහළට යනවිට
මචං උඹ හිටියා
සක්‍රියව අක්‍රියව

එකමත් එක දවසක
එක එක දේ ගැන චැට්කර
මචං අපි සෙට්වෙමු
කියූ උඹගේ ගිනුම
සක්‍රියය තවමත් 
සෙට්වුණේ නැතිමුදු
අක්‍රිය කර නොමැතියෙන්

අක්‍රිය උඹ 
ඉතින් කොහොමද
අක්‍රිය කරන්නේ උඹේ ගිනුම
මුරපදය උඹ සමග සැඟවිණි
තවත් කෙතරම් දේ
උඹ අරන් යන්නට ඇතිද
සදහටම

අන්ෆ්‍රෙන්ඩ් කළොත් උඹ
පුළුවන්ය පිළිගන්න
මිතුරු ඉල්ලීමක්
පන්දාහ පැන්නූ
මා මිතුරු ලැයිස්තුවට

ඒත් මං කොහොමද
ඔබන්නේ උඹේ නම ළඟ
අන්ෆ්‍රෙන්ඩ් කරන බොත්තම?

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election