සීනි, ලුණු, තෙල් අනුව රසකැවිලි වර්ණ කේත

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනිවාර්ය කර තිබෙන රසකැවිලි සඳහා අදාළ නව වර්ණ සංකේත ක්‍රමය මෙසේයි: (මූලාශ්‍රය: සෞඛ්‍ය අමාත්‍යාංශ‍යේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ආහාර පාලන) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත්)

සීනි

සෑම ග්‍රෑම් 100 කටම සීනි ග්‍රෑම් 22කට වැඩි නම් රතු ලේබලය 
සෑම ග්‍රෑම් 100 කට ම සීනි ග්‍රෑම් 8 සිට 22 ක දක්වා අඩංගු නම් කහ ලේබලය
සෑම ග්‍රෑම් 100 කටම සීනි ග්‍රෑම් 8 කට අඩු නම් කොළ ලේබලය 

ලුණු

සෑම ග්‍රෑම් 100 කම ලුණු ග්‍රෑම් 2.5 කට වඩා අඩංගු නම් රතු ලේබලය
සෑම ග්‍රෑම් 100 කම ලුණු ග්‍රෑම් 1.25 සිට 2.5 දක්වා අඩංගු නම් කහ ලේබලය
සෑම ග්‍රෑම් 100 කම ලුණු ග්‍රෑම් 1.5 කට අඩු නම් කොළ ලේබලය

මේදය

සෑම ග්‍රෑම් 100 කම මේදය ග්‍රෑම් 17.5කට වඩා වැඩි නම් රතු ලේබලය
සෑම ග්‍රෑම් 100 කම මේදය ග්‍රෑම් 3 සිට 17.5 දක්වා අඩංගු නම් කහ ලේබලය
සෑම ග්‍රෑම් 100 කම මේදය ග්‍රෑම් 3ට වඩා අඩු නම් කොළ ලේබලය
බිස්කට් සහ රසකැවිලිවල ප්‍රදර්ශනය කළ යුතු වුවත් කිරි, එළවළු, පලතුරු, සහල්, කුඩා වර්ගයේ පැකට්ටු තුළ ඇති ආහාර, තේ, කෝපි, වෛද්‍යවරුන් විසින් නියම කරන ආහාර සහ ළදරු කිරි ආහාර සඳහා මෙම රෙගුලාසි ක්‍රියාත්මක නොවේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා