කට්ටිය සෙට් වුණාම සංවිධානය කරන වැඩ

චන්දන ගුණසිංහ

අවුරුදු උත්සවය….
“බලපන් මම දැනට අවුරුදු උත්සව තුනකට සල්ලි දුන්නා”
“ඇයි බන් මමත් තුනකට දුන්නනෙ”
“උඹල ර⁣ට වටේම ඒවට දෙනව, ගමේ අවුරුදු උත්සවයක් කරන්න උදව් කරපල්ලකො”
“උඹල පටන් ගනිල්ල,අපි ෆුල් සපොට් එක දෙන්නම්”
“අන්න ,වැඩේ කරමු මේපාර …
දැන්ම සෙට් වුනොත් ගේමක් නැහැ”
“අපි හත්අට දෙනා ගේමට බැස්සොත් පලාතක නැති සුපිරි එකක් කරතෑකි”
“උඹල දන්නවනෙ මිනිස්ටර් මගෙ බුදු බොක්කනෙ ,මිනිහ දෙයි පට්ට සපෝට් එකක්”
‘මචං තෑගි , ගැන නෝ⁣ ප්‍රොබ්ලම් , වටේම තියෙන ටීෆැක්ටරි කාරයො ස්⁣පොන්සර් කරයි අපි වැඩේට බැස්සොත්’
“අඩෝ, ගෙනෙන් කැලැන්ඩරෙයි ,කොලේකුයි, පෑනයි’
“ලියපන් තරඟ ටික, බයිසිකල් රේස් එක සුපිරියට කරමු”
” මචං, දිනේ 18, සෙනසුරාදා”
මරු මරු මරු…….
Sinhala Tamil English Translations and Content Writing
දන්සැල..
“මේ පාර අරුන් දෙන්නෙ හාල් මිටි විස්සක දන්සැලක්,ඒ එක්කම අයිස් ක්‍රිිම් දන්සැලකුත් දෙනවලු බං”
“ගනන් හදල බලපන් ඔක්කොම ලක්ෂ තුන හතරනෙ, වැඩේට බැහැපන් අපිත් දෙමු සුපිරි එකක්'”
“දැන්ම දාගනින් මගෙන් හාල් මිටි 5ක්”
” අඩෝ මගෙ යාළුවෙක් ඉන්නව ගලඩාරියෙ කුකෙක්, මං ඌව සෙට් කරගන්නම්,උගෙ කෑම සුපිරිම තමයි”
“ටෙන්ට්, පුටු ඔක්කොම අපේ සමිතියෙන් අරන් දෙන්නම්”
“හරි, එතකොට කියපල්ල මෙනූ එක”
“වෙජිටබල් රයිස්,සෝයා මීට්,චිලි පේස්ට්”
” චී,චී,චී, මොනවද බං ඒ”
“ඔව්, ඔව්, දෙනඑක හුස්ම ගන්න බැරි වෙන්න දෙන්න ඕනැ”
“ලියාගනින් , ෆ්‍රයිඩ් රයිස් මාළු ඩෙවල්, චිලිපේස්ට්, පපඩම්, ඩෙසට් වලට හැමෝම දෙන්නෙ අයිස් ක්‍රිම්නෙ, අපි දෙමු වටලප්පන්”
“එතකොට දිනේ දහය හරිද?”
සුපිරියටම දෙමු ගමම කොරවෙන්න”
මරු මරු මරු..
ට්‍රිප් එක…
“ස්කොලෙ නිවාඩුවට යමුද සෙට් එකම හොද ට්‍රිප් එකක්”
“ආතල්නෙ යමුකො”
“හරි එහෙනම් මම ඕගනයිස් කරන්නම්, උබල ඔක්කොම එනවද”
“අපි විතරක්ද?ෆැමි⁣ලි එක්කද?”
“ගෑණුත් එක්ක ගියහම මොන ආතල්ද බං”
“බෑබෑ ෆැමිලි යං, නැත්නම් ගෙදර ඉදල හමාරයි”
” හැමෝම යන්නේ බස්වලනෙ අපි කෝච්චියෙ යමු,මගෙ සීජිඅාර් මෑන්ස් කෙනෙක් ඉන්නවා ,පෙට්ටියක් බුක් කරමු”
“අන්න මරු ,එහෙනම් නුවරඑළියෙ යමු”
“නුවරඑළියට කොහෙද බං කෝච්චි යන්නෙ”
“එහෙනම් යාපනේ”
“අන්න මරු, එතකොට කට්ටිය ඔක්කොම තිස් හයයි.දවස් තුනයි”
“නියම ෆන් එකක් ගම්මු”
“මරු මරු මරු……
මේ සියල්ල ඇඳිරි වැටුනු පසු පස්වන සිල්පදය බිදින මාගේ පාප මිත්‍රයන් සමග අැතිවූ දෙබස්ය…
මේ අවුරුදු උත්සවය හෝ දන්සැල කිසිදා පවත්වා නැති අතර මෙවැනි ට්‍රිප් රාශියක් බොන වේලාවට ගොස් ඇති බව කරුණාවෙන් සලකන්න.
Photo credit: Bloomberg

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා