W3Lanka කාටුන්: අනාගතේ යම් දවසක

මේක බොහෝ දෙනෙකුට වුණ දෙයක්. 

මුලින් ම ලොකු අතුලලාට, පොඩි අතුලලාට. 

ඊට පස්සෙ කෙලී සේනානායකලාට, ලයනල් බෝපගේලාට.

නන්දන මාරසිංහට.

හොරණ ලයනල් හෙවත් ලොකු මහින්දට. ටාසන් වීරසිංහට. 

ඩී.එම්. ආනන්දට.

කමල් දේශප්‍රිය හෙවත් සෙනෙවිට. 

රෝහිත භාෂණට.

නන්දන ගුණතිලකට.

කුමාර් ගුනරත්නම්ලාට. 

සෝමවංශ අමරසිංහට. 

හෙට........?

ජනතාව වෙනුවෙන් පක්ෂය නෙමෙයි, පක්ෂය වෙනුවෙන් පක්ෂය.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. බාහුට ස්මාට් ෆෝන් එකක් ගන්න සම්මාදමක් දාමුද?

    ReplyDelete
  2. Replies
    1. ඇයි ඒ විතරද....තව ඉන්නවා.අනුරුද්ධ පොල්ගම්පොල (ජපන් ජබර )? මතකද මන්දා....
      Aru.

      Delete
    2. එක අතකට වීරවංශගෛ් නමත් මෙතෙන්ට ගැලපෙනවා. පොලා කියන්නේ වීරවංශ පස්සෙන් ගිය එක්කෙනෙක්.

      Delete
  3. ඇයි ආචාර්‍ය කමල් කරුණාදාස?

    කමල් කරුණාදාස ජවිපෙන් ගිහින් ජන විමුක්ති සහයෝගීතා පෙරමුණ පටන් ගත්තාම (කුමාර් ගුණරත්නම් ද ඇතුළුව) ජවිපෙ කියා සිටියේ, කමල් කරුණාදාස කියා කෙනෙක් තම පක්ෂයේ නො සිටි බවයි. හැබැයි පෙසප පටන් ගන්න, කමල් කරුණාදාස, ජන අරගල ව්‍යාපාරයට, ජන විමුක්ති සහයෝගීතා පෙරමුණ දුන්නාම, එතකොට ආඩපාලි කිව්වා ජවිපෙන් ගිය අයගේ පක්ෂයක් ඉල්ලා ගත්තා කියලා. එතකොට කමල් කරුණාදාස, ජවිපෙ!

    ReplyDelete
    Replies
    1. කමල් කරුණාදාස එක්ක එකතු වුණේ ගුනරත්නම් නො වන බවයි මගේ මතකය. 89 කැරැල්ලේ අන්තිම කාලේ මාතර හා හම්බන්තොට වැඩ කළ කිරි මල්ලී කියන නමින් හැඳින්වුණ ශිෂ්‍යයායි. ඔහුගේ නම මට මතක නැහැ. මේ සිද්ධිය මතක අය කියන්න.

      Delete
    2. ඉහත ලියා ඇත්තේ කැරැල්ල කාලේ දෙයක් නොව ජවිපෙ, පශ්චාත් විජේවීර යුගයට අයත් ප්‍රකට සිදුවීම් කිහිපයකි. ඒවා රහස් නොව ජවිපෙ / ජවිපෙ නොවන සෑම දෙනෙක්ම - එනම් පත්තර බලන සෑම දෙනෙක්ම - දන්නා දේවල්ය.

      (1) ආචාර්‍ය කමල් කරුණාදාස - මෙයා රුහුණේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය වරයෙක් ව සිටියා - ජවිපෙන් ඉවත් වීම
      (2) කමල් කරුණාදාස විසින් ජන විමුක්ති සහයෝගිතා පෙරමුණ පටන් ගැනීම
      (3) කමල් කරුණාදාස කියා කෙනෙක් ජවිපෙ නොසිටි බව ජවිපෙ නිළ මතය ලෙස ප්‍රකාශ වීම - එකල කුමාර් ගුණරත්නම් ජවිපෙ.
      (4) කුමාර් ගුණරත්නම් ඇතුළු පිරිසක් ජවිපෙ න් ඉවත්වීම සහ ජන අරගල ව්‍යාපාරය ලෙස සංවිධාන ගත වීම
      (5) පසුව ලංකාවේ මැතිවරණ නීති හමුවේ, මැතිවරණ කොමසාරිස් විසින් පිළිගන්නා දේශපාලන පක්ෂයක් බවට පත් වීම, ගැටළුකාරී දෙයක් වීම
      (6) එම නිසා කමල් කරුණාදාස ගෙන් ජන විමුක්ති සහයෝගීතා ව්‍යාපාරය ඉල්ලා ගෙන එය පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස නම් කිරීම (රීනේම් කිරීම)
      (7) ජන අරගල ව්‍යාපාරය, පෙසප බවට පත්වීමේ දී, ජවිපෙ න් ඉවත් වූ කෙනෙකු ගේ උදව් උපකාර ලබා ගත්තා කියන එක, ජවිපෙ විසින්, පෙසප ට එරෙහිව, අවලාදයක් ලෙස මතු කිරීම
      (8) එසේ කිරීමේ දී, කමල් කරුණාදාස කියා කෙනෙක් ජවිපෙ සිටියේ නැත කියා තමන් අනූ ගණන් වල දී කියමින් සිටියේ ය යන්න ජවිපෙ ට අමතක වීම

      යන කරුණු එකක්වත් රහස් නෙමෙයි. අමුතුවෙන් හෙළිදරව් කළ යුතු දේ නෙමෙයි. දිනපතා පත්තර බලන පොදු ජනතාව දන්න දේවල්.

      මා සිදු කළේ අන් අය නොදන්නා දෙයක් එළි කිරීම නොව හැමෝම දන්නා දෙයකට අදාළව පැරණි මතකය යළි ඇවිස්සීම පමණයි.

      Delete
  4. ඔය ලිස්ට් එකේ වැදගත් ම කෙනා නැහැ. ඇයි අපේ පැරා? එයත් මොනතරම් සේවයක් කරා ද දෙවන කැරැල්ලේදී. ජවිපෙ දෙවන කැරැල්ලේදී පැරාගේ දායකත්වය අපි මීට පෙර කීප වතාවක් ප්‍රකාශකරලා තියෙනවා. පැරා රටගිය පැනපු හැටි ගැන ලිව්ව ලිපියටත් අපි ඒවා එක්කලා පැරාට කරන ගෞරවයක් විදියට.

    ReplyDelete
    Replies
    1. ඔයාලා එකතු කරලා තිබෙන්නේ මේ කමෙන්ට් දාන අය ඉන්න රට කොහේද කියලා හඳුනගන්නට අවශ්‍ය තොරතුරු විතරයි බ්‍රෝ. අපට අපහාස කරන්නට යමක් සොයා ගන්න තවමත් ඔබට බැරි වී ඇති බව කරුණාවෙන් සලකන්න.

      Delete
    2. මේකෙ තියෙන හිනා වෙලා කෙළ ඉස්මොලේ යන කෑල්ල තමයි ඕයි මෙන්න මේක: අප කරන ගැන ගැඹුරු කියවීමක් පැරාට නැත.

      ඔය කියන මාර ගැඹුරු කියවීමෙන් මොනවද හොයාගෙන තියෙන්නේ. මගේ සරුබව හොයන්න ඔච්චර කියවන්න ඕනැ නැහැ. මගෙන් ඉල්ලුවා නම් ශුකානු ටිකක් දෙනවනේ.

      “ලාංකීය වාම දේශපාලනයේ ප්‍රභාමත් තාරකාව වූ භාෂණ සහෝදරයා" කියන කෑල්ලත් මාර ආතල් ඕයි. තමුසෙ භාෂණ ම ද?

      ඔය කියන වම කියන එකෙන් තොලොංචි වෙන්නට ලැබෙන එක නම් නිර්වානය වගේ සැපතක්. හැබැයි, මගේ දේශපාලනය වන්නේ තමුසෙලාව ප්‍රශ්න කරන එක.

      ඒවට උත්තර හොයාගන්න කියවන්න. එහෙම වුණොත් අනාගතේ හරි වමක් හැදෙයි.

      Delete
  5. ජනතා විමුක්ති පෙරමුණට සාමාජිකයන් ඇතුළු වන වේගයෙන්ම පිටවී යන්නේ ඇයි? sudukukula.blogspot.com

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා