වැට් බද්ද හා මධ්‍යම පංතිය සුරතල් කිරීම

මැයි මාසයේ සිට වැට් බද්ද හෙවත් වටිනාකම එකතු කිරීමේ බද්ද 15% දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. එසේම, බදු පනවන ක්ෂේත්‍ර ද පුළුල් කර තිබේ. කලින් වැට් වැට් බද්දෙන් නිදහස් වූ සෞඛ්‍ය, විදුලි සංදේශ වැනි අංශවලින් පවා වැට් බද්ද අය කරනු ලැබේ. එසේම, වැට් බදු අය කරන ආදායම් මට්ටම අඩු කර තිබේ.

මාසයකට මිලියනයක පමණ පිරිවැටුමක් ඇති ව්‍යාපාරවලින් ද වැට් බදු අය කිරීමට තීරණය කර ඇත. මේ අනුව ගමේ සිල්ලර කඩ පවා වැට් බද්දට අහු වනු ඇත.

ඊට අමතරව, 2%ක් වන ජාතිය ගොඩනැගීමේ බද්ද ද මාසයකට රුපියල් මිලියනයක පිරිවැටුමක් ඇති ව්‍යාපාරවලින් පවා අය කරනු ඇත.

මෙහෙම බදු එකතු කර ගැනීමක් කළ හැකි යාන්ත්‍රණයක්වත් රටේ තිබෙනවා ද යන්න සැක සහිත ය. එහෙයින් වංචනිකයන් බදු දැලෙන් රිංගා යද්දී අහිසංකයන් බදු බරින් බැට කන්නට ඇති ඉඩකඩ වැඩි ය. එසේම, සුළු ව්‍යාපාරිකයන්ට මෙම බදු ක්‍රම පිළිබඳ අවබෝධ කර දීම ද දුෂ්කර වනු ඇත. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මෙමගින් දැඩි අධෛර්යය කිරීමකට ලක් වනු ඇත.

භාණ්ඩ හා සේවා රැසක මිළ විශාල වශයෙන් ඉහළ යනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. එයින් වැඩි ම පීඩනයකට ලක් වන්නේ කම්කරු පංතියයි. රජයේ සේවකයන්ට ලැබුණු වැටුප් වැඩි වීමට වැඩි මුදලක් අලුත් වියදම් ලෙස එකතු වනු ඇත.

මෙහිදී ව්‍යාපාරිකයන් සමස්ත බදු බර ම පාරිභෝගිකයා පිට පටවා ගැලවෙනු ඇතැයි වාමාංශිකයන් කියනු ඇත. එහෙත්, මෙය සමාගම්වල ව්‍යාපාරකරණය ද අධෛර්යවත් කරන තත්වයකි.

මෙහෙම වුණේ ඇයි?

ආණ්ඩුව බලයට පත් වී වසර එකහමාරකට කිට්ටු ය. මේ කාලය තුළ දෙඩූ පුරසාරම් යථාර්ථයක් නො වීම මෙම තත්වයට මූලික හේතුවයි. රටට ගලා එන ඍජු විදේශ ආයෝජන හුදු නිවේදනවලට පමණක් සීමා විය.

මෙම කාලය තුළදී ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ලබා ඇති එක ම සහනය ලෙස දැකිය හැක්කේ අප්‍රේල් 21 සිට ශ්‍රී ලංකාවේ ධීවර නිෂ්පාදනවලට ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබා දීමට යුරෝපා සංගමය එකඟ වූ බවට ඇති ආරංචියයි. ඒකත් ධීවර අමාත්‍යාංශයේ නිවේදනයක් පමණි.

මුල්‍ය වෙළඳපොළ නිදහස් කිරීම සඳහා ආණ්ඩුව ගත් පියවරවලින් ද සිදු වී ඇත්තේ ලංකාවට විදේශ විනිමය පැමිණීම නොව ලංකාවෙන් පිටතට විදේශ විනිමය ගලා යාමයි.

රනිල් වික්‍රමසිංහ යනු බටහිර ඉත්තෙකැයි සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ. ඔහු කරන්නේ බටහිර උවමනාවන් ඉටු කිරීම යයි ද කියනු ලැබේ. බටහිර බලාගෙන ඉන්නේ ලංකාව ගිල ගන්නම යයි ද කියනු ලැබේ. එහෙත්, බටහිරට ලංකාව කෙතරම් වැදගත් ද යන්න ගැන නැවතත් සිතා බලන්නට දැනට යෙදෙන කරුණුවලින් පුළුවන. බටහිර බලවේග තමන්ගේ ඉත්තා යයි කියන රනිල් වික්‍ර‍මසිංහ රැක ගැනීමට ඔහුට කර ඇති විශේෂ උපකාරයක් තිබේ ද? 

රනිල්ට ආර්ථිකය ගොඩ ගන්නට පුළුවන් යයි ඉස්සර සමාජයේ තිබුණු විශ්වාසය දැන් වේගයෙන් ක්ෂය වෙමින් තිබේ. 

එහෙම වුණේ ඇයි ද යන්න ද සිතා බැලිය යුතු ය. 

මේ ඉන්නේ 2002 සිටි රනිල් නො වේ. 2002 සිටි රනිල් ගෝලීය ධනවාදයේ ඒ හා බැඳුණු දේශීය ධනපති පංතියේ නියෝජිතයකු විය. එහෙත්, ඒ රනිල් ජවිපෙ හා කොටි සංවිධානය විසින් නායකත්වය දෙන ලද ජාතිවාදී මධ්‍යම පංතිය විසින් පරාජය කරන ලදී. 

අඳුරු රාජපක්ෂ දශකය තුළ මධ්‍යම පංතිය වඩා ශක්තිමත්ව හා විනාශකාරී ලෙස වැඩිණි. රජය දැවැන්ත සමාගමක් ලෙස වැඩිණි. එම සමාගම සදාකාලික පාඩු ලබන එකකි. එහෙත්, දේශපාලකයන්, රජයේ නිලධාරීන්, රාජ්‍ය ව්‍යවසාය නිලධාරීන්, කොන්ත්‍රාත්කරුවන් එම සමාගමෙන් යැපුණ හ. රජයේ සේවය ද පුළුල් විය. මේ අතර, රජය නම් සමාගමේ පාඩු මහජනතාව මත ණය බර ලෙස පටවන ලදී. ලංකාවේ ණය බර ගොඩගැසුණේ මේ අන්දමටයි. 

2015දී බලයට එන්නේ මධ්‍යම පංතියේ වසඟයට පත් රනිල් වික්‍ර‍මසිංහ කෙනෙකු බව දැන් පැහැදිලි ය. මධ්‍යම පංති නියෝජිතයකු වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වීම ද, මධ්‍යම පංතියේ ප්‍ර‍ධාන පක්ෂය වන ශ්‍රීලනිපය නැවත රාජ්‍ය පාලනයට හවුල් කර ගැනීම ද එයට තවත් හේතුවක් වන්නට ඇත. 

ඇමති තනතුරු සංඛ්‍යාව මේ වන විට 100කට ආසන්න ය. ඔවුන් නඩත්තු කිරීම සඳහා මසකට රුපියල් බිලියනයක් පමණ වැය වේ. රජයේ සේවක වැටුප් වැඩි කිරීම හේතුවෙන් රජයේ වියදම් 25%කින් වැඩි විය. එහෙත්, රජයේ සේවයේ කාර්යක්ෂමතාව අංශු මාත්‍ර‍යකින් හෝ වැඩි වී තිබේ ද යන්න සැක සහිත ය. 

මධ්‍යම පංතිය හුරතල් කරන රජයකට යන්නට පුළුවන් ගමනක් නැති බව දැන් පැහැදිලි ය. මධ්‍යම පංතියට ඕනෑ ම නම් යළි මහින්ද රාජපක්ෂ බලයට ගෙනැවිත් සිය දිවි නසා ගන්නට පුළුවන. 

නැතිනම් අපි වෙන අතක් බලා ගන්නා හැටි ගැන සංවාදයක් ආරම්භ කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රාජපක්ෂට කෙල වූයේ වෙන එක මළදානයක්කත් නිසා නොව, අත්‍යාවශ්‍ය භාන්ඩවලට කන පැලෙන්න බදු ගහපු නිසා වෙන්මය. එහෙම නැතිව රජ පැටව් කාර් රෙස් රේස් නොව හෙළුවෙන් දළදා වැන්දත් අපේ උනුත් ඒ ආකාරයෙන්ම සාධි කිය කියා යන ක්‍රමයකට රට හදා තිබුනේය. ඔය 2% ක ආන්ඩුවට ගන්න වෙනත් ක්‍රමයක් මුන්ට ඇත්තේ නැතිය, ඒ නිසා මුන් ඕවා ගන්නේ භාන්ඩ මිළ වැඩි කරලාය. එහෙම නැතුව උන්ගේ වියදම් කිසි සේත්ම අඩු කරන්නේ නැත. පැන්සන් එක හෝ මඩි නඩි හෝ වාහන පර්මිට් තවත් වැඩි කර ගන්නවා මිස කිසිඳු කප්පාදුවක් නැත. ඒ අස්සේ උපාධි ඇති උන් හිඟන්නේ ආන්ඩුවේ රස්සාවල්මය. නහුඉතෙට පාඩු රාජ්ජා ආයතන නිකං දුන්නත් ගන්න එන එකෙක් නැතිය.

    තොපි ඇති තරම් කා කන්නම බැරි දවසකට අපිවත් කාපියව් කියනා කාලය පැමිණ ඇත.

    ReplyDelete
    Replies
    1. වැට් බද්ද ගැන මගේ සත පහ මෙතනින් බලන්න.

      http://maathalan.blogspot.com/2016/04/i-love-my-jokerland.html

      Delete
  2. අජිත්, මෙහිදී ඔබ 'මධ්‍යම පංතිය' යන්නෙන් අදහස් කලේ සමාජයේ කවර කොටස්වලින් සැදුම් ලද්දක්ද කියා ,තවදුරත් විග්‍රහ කලොත් හොද නැතිද? එතොකොට ඔයා ඉදිරිපත්කරණ අදහස මෙයට වඩා නියතයක් ලෙස සලකා බලන්න පුළුවන් නේද ?

    ReplyDelete
    Replies
    1. නිෂ්පාදන ක්‍රියාවලියට ඍජුව සම්බන්ධ නැති ධනපති හා කම්කරු පංතික නො වන අතරමැදි පංතික කොටස් මධ්‍යම පංතිය ලෙස සැලකිය හැකියි. රධාන වශයෙන් රජයෙන් යැපෙන, දේශපාලකයන්, නිලධාරීන් හා කොන්ත්‍රාත්තකරුවන් අයත් වන කොටස තමයි මධ්‍යම පංතියේ භයානක ම කොටස.

      Delete
    2. පුද්ගලික අංශයේ ආයතන වල වැඩ කරන ලක්ෂ 1 1/2 කට වඩා මාසික වැටුපක් ලබාගන්නා තැනැත්තන් මධ්‍යම පාංතික ද නැද්ද ?

      Delete
    3. පුද්ගලික අංශයේ රජයේ කොන්ත්‍රාත් ලබා නොගන්නා ආයතන වල වැඩ කරන ලක්ෂ 1 1/2 කට වඩා මාසික වැටුපක් ලබාගන්නා තැනැත්තන් මධ්‍යම පාංතික ද නැද්ද ?

      Delete
    4. මේ කොටසත් මධ්‍යම පංතිය තමයි. එහෙත්, ඒ අය යැපෙන්නේ ධනපති සමාගම්වලින්. ඔවුන් සූරාකෑම සමග සම්බන්ධ වන සංදර්භය වෙනස් එකක්. ඒ සමාගම් රජයෙන් වෙනස්. ඔවුන් සිය ණය බර ජනතාව මත පටවන්නේ නැහැ.

      Delete
  3. හුදෙක් රජයට බරක් නොවී පුද්ගලික පාසල් යවන දෙමව්පියන්ට රජයට බරක් නොවී බෙහෙත් ටික ගන්න ලෙඩ්ඩුන්ට කිසිදු බදු ප්‍රතිපත්තියක් නොමැති රජයක් විසින් ගන්න ලද ඕලමොල නැති තීරණයක් ලෙස VAT බදු රෝහල් ගාස්තු සහ පුද්ගලික අධ්‍යාපනයට පැටවීමෙන් පෙනේ. මෙමගින් පහල මධ්‍යම පන්තිය නැවතත් රජය මගින් නොමිලේ ලබාදෙන මෙම සේවා වෙත යොමු වෙනු ඇත. මේ අයුරින් බලන විට සේමවිටම රාජපක්ස රේගිමයට බැන මෙම ආණ්ඩුවේ වැරදි වස දමන්නට උත්සහකරන උන්ට ටව දුරත් විලි වස ගැනීමට රෙදි උවමන වනු ඇත. මෙම පුද්ගලික අද්යාපන හා රෝහල් සේවා ලබා ගන්න අයට එදිනෙද වෙලා සදහා ත්‍රී ව්හීල් දුවන අය පවා ඇතුලත් විය හැක. එමෙන්ම මීට කලින් TELECOMMUNICATION LEVY හදුන්ව දුන්නේ VAT බද්දට විකල්පයක් ලෙසට බවද මොවුන් අමතක කර ඇත. විදුලි සංදේශ සදහා බදු පනැවීම මගින් VIBER වැනි ක්‍රම මතට ජනය යොමු වීමෙන් තව දුරටත් රජයේ අදායම පහල යනු ඇත. නමුත් සැමට එක විකල්පයක් තිබේ ඒ රාජපක්සට දොස් පවරිමය්.

    ReplyDelete
    Replies
    1. දැන් ලැබුණු ප්‍ර‍වෘතියක් -

      විදුලි සංදේශ සදහා බදු පනැවීම මගින් VIBER වැනි ක්‍රම මතට ජනය යොමු වීමෙන් තව දුරටත් රජයේ අදායම පහල යාම හේතුවෙන් VIBER භාවිත කරන්නන් සඳහා නවතම බද්දක් හඳුන්වාදීමට රජය සැළසුම් කර ඇති බව ආර්ථික ඔස්තාද් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දැනුම් දුන්නේය.

      Delete
    2. ලොකුපුතා කියන අපතයාගේ වැටට උඩින් තියන කොමෙන්ටුව කොටලා තියෙන්නේ දෙමළෙක්ද තම්බියෙක්ද

      Delete
    3. AnonymousApril 20, 2016 at 10:38 PM

      දෙමලෙක්වත් තම්බියෙක්වත් වගේනම් පේන්නෙ නැහැ. හැබැයි උඹ වගේ රන් පොනීගෙ ලොල්ලෙක්වත් අවජන්මික අපතයෙක්වත් නෙවෙයි කියල නම් ශුවර්

      Delete
  4. //නැතිනම් අපි වෙන අතක් බලා ගන්නා හැටි ගැන සංවාදයක් ආරම්භ කළ යුතු ය.// සෝභිත හාමුදුරුවෝ අපවත් වුනේ නැත්නම් දැනටත් මේක පටන් අරන්.

    ReplyDelete
  5. පැරා ඔබ මතුකරන අදහස වටිනවා නමුත් මම මෙයට වඩා වෙනස් දෙයක් දකිනවා
    මුලින්ම මම ඔබේ කරුණු ගැන බලමු.

    // රජය දැවැන්ත සමාගමක් ලෙස වැඩිණි. එම සමාගම සදාකාලික පාඩු ලබන එකකි.//

    හරියට හරි නමුත් දැන් මේ සේවකයන් ඉවත්කිරීම කල නොහැකියි. මිට මම මගේ අඩවියෙත් වෙන අදවිවල අනකුත් අයත් සාදනිය අදහස් දක්වල තියනවා නමුත් ඒවා සිද්දවෙන්නේ නෑ.

    //රජයේ සේවක වැටුප් වැඩි කිරීම හේතුවෙන් රජයේ වියදම් 25%කින් වැඩි විය. එහෙත්, රජයේ සේවයේ කාර්යක්ෂමතාව අංශු මාත්‍ර‍යකින් හෝ වැඩි වී තිබේ ද යන්න සැක සහිත ය. //

    මෙය ගැනත් 100% එගගයි මෙගැනත් ක්‍රම වේද තියනවා උදාහරණ ERP (Enterprise resource planning) ආයතනයක ඇති සම්පත් පලදායි ලෙස මෙහෙයවන මෘදුකාංග මේවා කටුබැද්ද සරසවියේ සිසුන්ට බාරදුන්න නම් ඉතා හොද ක්‍රමවේද නිපදවාගත හැකියි.
    මම ඔබෙන් අහන්නේ ඇයි මේවා නොකරන්නේ ?

    // නැතිනම් අපි වෙන අතක් බලා ගන්නා හැටි ගැන සංවාදයක් ආරම්භ කළ යුතු ය.//
    තව උපරිමෙන් මාස 3 ක් මේ විදියට ගියොත් ඔබට දකින්න පුළුවන් මිනිසුන් තැනින් තැන උද්ගෝෂණය කරනවා මාස 6 විතර යනවිට පොලුඅරගෙන එන පිරිස වැඩිවෙයි.

    මම කියන්නම් දැන් මම දකින විනාශය ඒතමයි මෙරටේ 100ට අඩු පිරිසක් විසින් රටම මංකොල්ල කෑම.

    පටන් ගැනිමක් ලෙස අර්ජුන මහේන්ද්‍රන් සහ රවී කරුණානායක කියන අය කරන දේ ඔබ ඕබේ ක්‍රම යොදා දැනුවත් වෙන්න.

    ReplyDelete
    Replies
    1. අනේ ගොන්බිජ්ජො, ඔහේ රනිල්ගෙ 'මංකොල්ලකෑම්' ගැන කියන්නෙ මරා අවුරුදු 10 රට මන්කොල්ල කාපු විදිහ මතක නැතිවද? ආස ඇති නේ තව මාස 6 ආන්ඩුව වැටිල ඔහෙලගෙ ගෝත්‍රික ලොක්ක බලයට ඒවි කියල... අපි මරාව යැව්වෙ ඌගෙ මලකදවත් ආයෙත් බලයට ගේන්න නෙමේ..
      ඇත්තද? හිතාගෙන ඉන්නෙ පොලු අරගෙන ආපු උන්ට බයවෙලා ආන්ඩුව දාල රනිල් යයි කියලද? එන්න කියපන්කො බලන්න බොගෙ ඔය පොලු හමුදාවට.. පොලීසිය, හමුදාව ඉන්න ඕව ආම්බාන් කරන්න තමා..
      2020 වෙනකම් චන්ද නෑ ගොයියො, 2020 රනිල් තමා රාජ්‍ය නායකය වෙන්නෙ, 2030 වෙනකම් තියෙන්නෙ යූඑන්පී ආන්ඩුවක්.. ඒවෙනකොට ලන්කාව ආසියාවේ ස්විට්සර්ලන්තය වෙලා ඉවරයි.. එතකම් පොලු හමුදා ඇවිත් ආන්ඩු පෙරලන හැටි ගැන හිතහිත අහවල් එකට තට්ටු කරකර හිටහන්..

      Delete
    2. මචෝ ඉක්මනට පෙත්ත බීපන් නැත්නම් පිස්සුව තද වෙයි

      Delete
    3. // ඒවෙනකොට ලන්කාව ආසියාවේ ස්විට්සර්ලන්තය වෙලා ඉවරයි. //

      ඔහෙට පිස්සුද නැත්නම් මේ ඔහෙගෙ හැටිද?

      Delete
    4. ලාංකික සිතුවිලි --- අනේ පොන්න ගොන් බිජ්ජෝ, උඹ දැන ගනින් උඹලාට පේපෑල් එකෙන් සල්ලි ගේන්න දෙන්නේ නැත්තේ උඹලා වාගේ ලංකාවේ ආර්ථිකය මංකොල්ල කන්න බලා ගෙන ඉන්න එවුන් ඒ එන්න තියෙන සල්ලි ලංකාවට එවන්නේ නැතුව සංගප්පූරුවේ එහෙම නැත්නම් ඩුබායිවල බැංකු ගිණුම්වලට යවන නිසායි. මේ රටෙන් යමක් (සම්පතක්) අපනයනය කළා නම් ඒකට ලැබෙන මුදල (සම්පත) නැවත මේ රටට පැමිණිය යුතුයි. ඒත් උඹලා වගේ වංචනිකයෝ බලන් ඉන්නේ ඒක ලංකාවට නොගෙනෙන්න.

      මහ බැංකු අධිපතිතුමනි, පේපෑල් මඟින් ලංකාවට මුදල් ලබා ගැනීමේ පහසුකම සලස්වා දෙන්න එපා. මෙයට ඉඩ දුන්නොත් රට බලාගෙන ඉන්දැද්දී දුප්පත් වෙනවා සිකුරුයි.

      Delete
    5. සාරස & ලාංකික සිතුවිලි

      මූ නම් ශුවර් එකටම මානසික රෝහලකින් පැනපු මන්ද බුද්ධික උන්මත්තකයෙක් බවට දැන්නම් ශුවර්. අම්මපා රනිලට වෙච්චි දේමයි මූටත් වෙලා තියෙන්නෙ. මානසික ආතතිය නිසා පිස්සුව වැඩිවෙලා.

      Delete
    6. @ Anonymous April 20, 2016 at 11:38 PM

      ආ... සාරස, මොකද මේ ඇනෝ විදියට ඇවිල්ලා?

      Delete
    7. //මේවා කටුබැද්ද සරසවියේ සිසුන්ට බාරදුන්න නම් ඉතා හොද ක්‍රමවේද නිපදවාගත හැකියි. .//

      ඇයි UCSC හරි SLIIT එවුන්ට දුන්නොත් හෙණ ගහනවද ? අනේ යනවා අර-පයිත්තියන් සිතිවිලි කාරයෝ වැඩක් බලාගෙන.

      Delete
    8. AnonymousApril 21, 2016 at 9:51 AM,

      //ඇයි UCSC හරි SLIIT එවුන්ට දුන්නොත් හෙණ ගහනවද ? //

      අපෝ නෑ ඔය කොයි තැනත් ඉන්නවා වැඩකාරයෝ, කටුබැද්ද ගත්තෙ උදාහරණයක් විදියට,
      ප්‍රශ්නේ මේ කාටවත් මෙවැන්නක් බාර නොදීම.

      Delete
    9. අපිට පේපෑල් එකෙන් සල්ලි ගෙන්න ගන්න ඕනේ නෑ.... සල්ලි යවන්න විතරක් තිබුණම ඇති.

      Delete
    10. AnonymousApril 21, 2016 at 1:52 PM

      අනේ මේ තෝ දන්න පේ පෑල්. අඩුගානෙ ඒටීඑම් එකකින් සල්ලි ගන්නවත් දන්නෙ නැති, ගන්න සල්ලියකුත් නැති කාලකණ්ණි මලක් ඇදගෙන සිරිකොතේ වැසිකිළි වලවල් සුද්දකොරගෙන හිටු ගොන් පාට් නොදා.

      Delete
    11. //ඇයි UCSC හරි SLIIT එවුන්ට දුන්නොත් හෙණ ගහනවද ? //

      යකෝ ඊසොෆ්ට් (e-soft) එකෙයි ඇපිට් (APIIT) එකෙයි ඉන්න උන් ඔටුවොද බලු පාහර අවලමෝ? තෝ UCSC එකටයි SLIIT පුක දෙන ලොල් හිකනලෙක්ද කොහෙද?

      Delete
    12. //යකෝ ඊසොෆ්ට් (e-soft) එකෙයි ඇපිට් (APIIT) එකෙයි ඉන්න උන් ඔටුවොද බලු පාහර අවලමෝ? //
      අපෝ (e-soft) එකෙයි ඇපිට් (APIIT) එකෙයි දෙකේම ඉන්න කක්කි පොරවල් නේ. ඔය ඒ දෙකට ඔයාගේ කක්කි පැත්ත දෙන නිසා ඔය හිතන්නේ අනිත් අයත් එහෙමයි කියල.

      Delete
  6. බටහිර බලාගෙන ඉන්නේ ලංකාව ගිල ගන්නම යයි ද කියනු ලැබේ. එහෙත්, බටහිරට ලංකාව කෙතරම් වැදගත් ද යන්න ගැන නැවතත් සිතා බලන්නට දැනට යෙදෙන කරුණුවලින් පුළුවන. බටහිර බලවේග තමන්ගේ ඉත්තා යයි කියන රනිල් වික්‍ර‍මසිංහ රැක ගැනීමට ඔහුට කර ඇති විශේෂ උපකාරයක් තිබේ ද? ඕක තමයි මහින්ද මහත්තයා මුලින් ම තේරුම් අරගෙන බටහිර නොවන වෙනත් රටවල් වලට කිට්ටු වුනේ....

    ReplyDelete
    Replies
    1. ඒ බටහිර නොවන වෙනත් රටවල් ගනුදෙනු කරන්නේ ප්‍රධාන වශයෙන් බටහිර රටවල් එක්කයි.

      ඒ බටහිර නොවන වෙනත් රටවල් තමයි ලංකාව හොදම ණය උගුලකට අහු කරලා තියෙන්නේ.

      ////බටහිර බලවේග තමන්ගේ ඉත්තා යයි කියන රනිල් වික්‍ර‍මසිංහ රැක ගැනීමට ඔහුට කර ඇති විශේෂ උපකාරයක් තිබේ ද?////

      ඉතින් ඒකෙන්ම පේනවානේ රනිල් බටහිර රටවල් ඉත්තෙක් නොවන වග... :)

      Delete
    2. මහින්ද මහත්තයාගේ බෙල්ලේ තිබුණු චීන ණය තොන්ඩුව දැන් තියෙන්නේ රනිල් මහත්තයාගේ බෙල්ලේ.

      Delete
    3. ඔය කියන්නන් වාලෙ කියන චීන ණය තොණ්ඩුව ගැන තවත් පැහැදිලි කලොත්? ලංකාවේ මුළු විදෙස් ණය ප්‍රමාණය සහ චීනයෙන් ගත් ණය එහි ප්‍රතිශතයක් ලෙස දක්වන්න.

      Delete
  7. අප්පේ!
    පැරා රනිල් ගැන දන්න දේවල්!!
    රනිල් ගේ නෝනා වත් ඔච්චර රනිල් ගැන දන්නවද දන්නේ නැහැ

    අපිට හන්ගලා කොලේ වැහුවට පැරා ත් රනිල් ගේ ක්ලාස් මේට් ගජමිතුරෙක් ද දන්නෙ නැහැ...

    ReplyDelete
    Replies
    1. මේ මොන කතාද... පැරා අර කලින් පෝස්ට් එකක කියල තිබ්බ ලමයි ලැබෙන්න පරක්කු වෙන්න රියල් හේතුවත් මේ රනිල් එක්ක තිබ්බ ඇයි හොඳයිය නිසා ඇති වෙච්ච පුරුදු තමයි...

      සාරසත් පරිස්සමින් මේ පැත්තෙ ගැවසෙන්නෙ....

      Delete
    2. අනේ සරසයෝ, දන්න ඩිස්ප්‍රීන් පෙත්තක් දීගෙන හිටපන්, නොදන්න දේශපාලනේට හොට දාලා වරිගේ නහ ගන්නේ නැතිව.

      Delete
    3. රන් පොනීගෙ ලොල්ලෙක්ට මල පැනල. ශුවර් එකටම මානසික රෝහලකින් පැනපු මන්ද බුද්ධික උන්මත්තකයෙක්, රනිලට වෙච්චි දේමයි මූටත් වෙලා තියෙන්නෙ.

      Delete
    4. @ AnonymousApril 20, 2016 at 11:42 PM

      ආ... සාරස, මොකද මේ ඇනෝ විදියට ඇවිල්ලා?

      Delete
    5. AnonymousApril 21, 2016 at 12:33 AM

      නිපුන නොහොත් මැක්ස් නමින් එන පිස්සු තදවෙච්චි කාලකණ්ණියාණනි, ඇයි තොට විතරද ඇනෝ එන්න පුලුවන් වල් පරයෝ?

      Delete
    6. @ Anonymous April 21, 2016 at 5:30 PM

      ඔව් මං මැක්ස් තමයි.... ඇයි සාරසට කිචිද? දොස්තර කෙනෙක් කතා කිරීමට සුදුසු භාෂාවෙන්ද ඔය ආමන්ත්‍රණය කරලා තියෙන්නේ? තමුන් හොඳින් දන්නා හඳුනන ඩිස්ප්‍රීන් පෙත්ත, තමුන් හමුවට එන ලෙඩ්ඩුන්ට දීගෙන හිටියා නම් නේද හොඳ, මේ දේශපාලන බ්ලොග් වලට හොට දාලා නිකං පීචං වෙන්නේ නැතිව....?!?

      Delete
    7. AnonymousApril 21, 2016 at 8:20 PM

      සා රස මොන මගුලක් කොරන්න එනවද දන්නෙ නැහැ. අපිනම් දේසපාලනේ බලන්න නෙවෙයි මේකට එන්නෙ, තොපි වගේ මොළේ හොඳ නැති අමුම අමු ගොබ්බ මීහරක් දෙන ගොන් ආතල් බලල හවහට පොඩි ආතල් එකක් ගන්න. විශේශයෙන්ම අර මැක්ස්/ නිපුන කියන පුකේ ඉඳන්ම් පිස්සු තියෙන ගොන් මල හත්වල්ලාම ලියන මලවලාමවල් බැලුවම පුකෙනුත් හිනා :D :D :D

      Delete
  8. රාජිතයා කියන හැටියට මේක රොබින් හුඩ් වැට් ගැහිල්ලක්ලුනේ. පුද්ගලික පාසල්වලින් එන වැට්එක රජයේ පාසල් වලට දෙනවාලු. පුද්ගලික රෝහල් වලින් එන වැට් එක රජයේ රෝහල් වලට දෙනවාලු . මේ විදියට අනිත් ඒවාත් බැලොන්ස් කොරලා අය වැය නිකම්ම බැලන්ස් වෙන්ඩ හැරියනං ඔය පාර්ලිමේන්තුව ඕනනෑනේ .

    ReplyDelete
    Replies
    1. serendipityApril 20, 2016 at 7:49 PM

      උඹල ඉන්තින් දෙපාරක්ම හොම්බ බිම ඇනගෙනනේ ඉන්නේ. ජනවාරි 8 වැනිදා ඉස්සෙල්ලම ඇනගත්තා. ඊට පස්සේ පරාජය පිළිගන්ඩ බැරුව පිස්සු බල්ලෙක් වගේ මැදමුලන මහින්ද පන්සල් ගානේ හියා. පන්සලුත් කෑවා පොලිටික්ස් කරන්ඩ ගිහින්. ඊට පස්සේ බැලුවා අගෝස්තු 17 වැනිදා එන්ඩ. ඒ පාර චන්ද ලක්ෂ දහයකුත් නැති කරගෙන ඇපත් නැතුව පැරදුනා.

      දැන් මිනිස්සු කියන්නේ ලජ්ජා නැති මහින්ද කියලා.

      දැන් පූජිත් ජයසුන්දර IGP වුනාම උඹලගේ අලි බබයි හොරු හතලියයි අල්ලන හැටි බලපන්.

      2020 ජනවාරි 1 වෙනකොට උඹලගේ අලි බබයි හොරු සෙට් එකයි ඔක්කොම ඉන්නේ වැලිකඩ ජම්පර් ඇඳගෙන. එතකොට 2020 චන්දෙත් පැරදෙනවා.

      ඉතින් උඹලගේ, ඒ කියන්නේ බයියෝන්ගේ අනාගතේ අනාතයි හින්ද මන් උඹලට මුකුත් කියන්නේ නැහැ. මටනං උඹල ගැන තියෙන්නේ පුදුම දුකක්. හික්ස් හික්ස් !!!!

      Delete
  9. ඔබ විසින් කියනු ලබන පාර්ශවයන් පමණක් මාධ්‍ය පවුල් වලට අයත් නම් දුක්විඳ හම්බ කරන පුද්ගලික අංශයේ සේවකයින් ඇතුළු සමාජයට වෙනම පන්තියක් නිර්මාණය කළයුතුව ඇත.

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික අංශයේ සේවය කරන සුපරීක්ෂණ, කළමනාකරණ ශ්‍රේණිවල සේවකයන් ද අයත් වන්නේ මධ්‍යම පංතියටයි. එහෙත්, ඔවුන් කම්කරුවන් සූරාකෑම සමග සම්බන්ධ වන්නේ වෙනස් ආකාරයකටයි. ඒ ගැන මේ මොහොතේ මම විවේචනයක් ඉදිරිපත් නො කරමි.

      පෞද්ගලික සමාගම් ද පවතින්නේ ලාභය වෙනුවෙන් ය. එහෙත්, ඒ සමාගම් සිය පාඩු ජනතාව පිට පටවන්නේ නැත.

      රජය වනාහි අතිශය භයානක සමාගමකි. එහි නිලධාරීන් කරන පාඩු පියවිය යුත්තේ කොටස්කරුවන් වන ජනතාවයි. රජය විසින් මේ වන විට මේ රටේ සෑම වැසියකු ම රු. ලක්ෂ පහක් පමණ ණයබරකට යටත් කර ඇත.

      Delete
  10. මීට කලින් අවස්ථාවකත් VAT බද්ද 15% ක මට්ටමේ තිබුණා කියලා මේ කාටත් අමතකයි.

    ReplyDelete
  11. යහපාලන රජයට දැන් සල්ලි නැත. ඔවුන්ට සල්ලි දෙන අයකු ද නැත. බටහිර හා ඉන්දියාව තමන්ට අවනත නොවන ආණ්ඩු පෙරළා දැමීමට මුදල් වියදම් කළ ද තම ඒජන්තයන්ගේ ආණ්ඩු පවත්වා ගෙන යෑමට ආධාර නො කරති. ආණ්ඩුවට කළ හැක්කේ බදු පැනවීම හා මහජනයාගෙන් මුදල් ණයට ගැනීම පමණකි. වැට් බද්ද වැඩිවීමත් සමග බඩු මිළ තවත් ඉහළ යෑම වැළැක්විය නො හැකි ය. ආණ්ඩුවට දැන් පාන් කියා ගැනීමට නො හැකි ය. ඒ අතර මෛත්‍රිපාලගේ හා වෙනත් සිරිසේනලාගේ පිහිටෙන් වී මිළ අඩු වී හාල් මිල ඉහළ යයි.

    ආණ්ඩුවට දැන් චීනයේ පිහිට පැතීමට සිදු වී ඇත. එකල චීන ආධාර ගැන රනිල් චී කීවේ ය. ඔහුට චීනය යනු චී ණය විය. ඔහු රාජපක්‍ෂ රෙජිමය චීනයට රට විකුණන බවට ලතෝනි දුන්නේ ය. වරාය නගරයෙන් වන පරිසර දුෂණ, මුහුදු කෑම ගැන චම්පකලා බෙරිහන් දුන්හ. අද රනිල් චී ණය ලබාගැනීමට මහින්දගෙන් උපදෙස් ගෙන ඇත. වරාය නගරයෙන් දැන් පරිසර දූෂණය නොවන බවට රනිල් වගබලාගෙන ඇත. ඒ සඳහා කාගේ දෝ විශේෂඥ වාර්තාවක් ද ඔහු සතු යැයි පවසයි. වරාය නගරයේ වැඩ අවුරුද්දකට වැඩි කලක් නවතා දැමීම නිසා අපට චීනයට කොතරම් වන්දියක් ගෙවීමට සිදුවේවි ද? වන්දිය ගෙවීමට සිදුවනු ඇත්තේ අපට මිස රනිල්ට හෝ රවි කරුණානායකට හෝ නො වේ.

    බටහිර හා ඉන්දියාව රනිල් සමග මිතුරු යැයි කීව ද ඔවුන්ගෙන් අපට ආධාර නො ලැබෙයි. දූශිත අශීලාචාර මරා කල්ලිය ඔවුන්ගෙන් ලබාගත් ප්‍රමාණයවත් ඔවුන්ගෙන් ලබාගැනීමට රනිල්ට නො හැකි ය. අද දූෂිතයන් රනිල් සමග ය. ජනමාධ්‍යයට පනවා ඇති තහංචි දන්නේ ජනමාධ්‍යකරුවන් ය. රනිල් කිසිවකු නොකළ අන්දමට පාර්ලිමේන්තුවේ දී ජනමාධ්‍යවේදීන්ගේ නම් කියමින් තර්ජනය කරයි. ඒ භිෂණය නො වේ ද?

    ReplyDelete
    Replies
    1. සල්ලි නැත්තේ 2005-2014 කාලය තුළ මහජනතාවගේ සල්ලි ඩොලර් බිලියන 22 ක් රටින් පිට වුණු නිසා.

      Delete
    2. ජනමාධ්‍යවේදීන්ව සද්ද නැතිව, කාටත් හොරා, අමානුෂිකව අතුරුදහන් කරන එකට වඩා සිය දහස් ගුණයක් හොඳයි කිසිදු සදාචාරයක් නැති ජනමාධ්‍යවේදීන්ව පාර්ලිමේන්තුවේ හෝ වෙනත් තැනක හෝ නම් කිරීම. එය කිසිදු ආකාරයක තර්ජනයක් නෙවෙයි.

      Delete
    3. //සල්ලි නැත්තේ 2005-2014 කාලය තුළ මහජනතාවගේ සල්ලි ඩොලර් බිලියන 22 ක් රටින් පිට වුණු නිසා.//

      අම්මපා??? දවල්ද? එතකොට ඔය් කියන සල්ලි රටින් පිටකොලේ සූට්කේස්වල දාගෙන ගිහින් ද? දැන් ඕව තියල තියෙන්නෙ කොහෙද? ඉතින් රන් පොනියා ලෝකෙ වටේ හිඟාකකා යන වෙලේ ඔය සල්ලි තියෙන තැනට ගිහින් අරන් ආවනම් ඉවරනෙව. උඹනම් පිස්සු තදවෙච්චි අමුම අමු ගොබ්බ පොලුත් එක්ක බත් කන මී හරකෙක්ද කොහෙද

      //ජනමාධ්‍යවේදීන්ව සද්ද නැතිව, කාටත් හොරා, අමානුෂිකව අතුරුදහන් කරන එකට වඩා සිය දහස් ගුණයක් හොඳයි කිසිදු සදාචාරයක් නැති ජනමාධ්‍යවේදීන්ව පාර්ලිමේන්තුවේ හෝ වෙනත් තැනක හෝ නම් කිරීම. එය කිසිදු ආකාරයක තර්ජනයක් නෙවෙයි.//

      මිනීමරු මරා කල්ලිය හොරෙන් හොරෙන් කරපු දේ මුන් නීත්‍යානුකූලව එලිපිට කොරන්න පටන් අරන්. මුන් කරන්නෙ වෙනත් විදිහකට, පොලීසිය සහ නීතිය දඩමීමා කරගෙන මාධ්‍ය මර්දනය කිරීම.

      අගමැතිවරයා මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට සිදු කළ තර්ජන කතාවට සාවධානව සවන් දුන් මා හට එකවරම හැගී ගියේ එය රටක අග‍්‍රාමාත්‍යවරයකු විසින් නොව සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍රීවරයකු විසින්වත් කිසිසේත්ම නොකළ යුතු එකක් බවය.

      මේ රට තුළ තම බල පෙරළියට සහාය දුන් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට රිසි සේ කටයුතු කිරීමට ඉඩ දී ඇති නමුත් තම පාලනය ප‍රශ්න කරන, එහි අඩු ලූහුඩුකම් පෙන්වා දෙන මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතනවලට ස්වාධීනව හා නිදහස්ව සිය මතය ප‍්‍රකාශ කිරීමට ඉඩකඩ නොමැත, යන්න අග‍රාමාත්‍යවරයාගේ කතාවේ හරයයි.

      මෙවැනි මාධ්‍ය භාවිතයක් රටක මාධ්‍යවේදීන් වෙතින් ඉල්ලා සිටිය හැක්කේ දරුණු ඒකාධිපති පාලනයකටය. එසේ නොමැතිව රනිල් වික‍්‍රමසිංහ මහතා නිරන්තරයෙන් පවසන සම්මුතිවාදයට හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන පාලනයකට නොවේ. යහපාලනය යනු තමන්ට හිතවත් පිරිසට වරදාන, වරප‍්‍රසාද ලබාදී රිසිසේ කටයුතු කිරීමට ඉඩහැර එසේ ගැති නොවන පිරිසට මේ ආකාරයට තර්ජනාංගුලිය එසවීම දැයි අපි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් විමසා සිටීමට කැමැත්තෙමු.

      තම මතයට විරුද්ධ මතයක් දැරූ පලියට ‘ගෙම්බා’ රීරි යකා’ වැනි වදන් භාවිතා කරමින් වෘත්තීය මාධ්‍යවේදීන් පිරිසකට බැන වැදීම අගමැතිවරයකුට කිසිසේත්ම උචිත නොවන බව එතුමාට නොවැටහීම කණගාටුවට කරුණකි. මෙසේ අගමැතිවරයාගේ තර්ජනයට ලක් වූ මාධ්‍යවේදීන් ඉදිරියේදී නිදහස්ව හා ස්වාධීනව තම මතය ඉදිරිපත් කිරීමට පෙර දෙවරක් සිතා බලනු ඇත. එසේම මෙවැනි බරපතළ තර්ජනයකට ලක් වූ මාධ්‍ය ආයතන වෙතින් ද නිදහස් සහ ස්වාධීන මාධ්‍ය භාවිතයක් රටකට බලාපොරොත්තු විය නොහැක.

      මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට වත්මන් පාලනය යටතේ ලැබී තිබුණු සීමිත නිදහස පවා අහිමි කරමින් අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ ආකාරය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු. එසේම මාධ්‍ය නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම පිණිස පෙරට එන ලෙස සියලූ ප‍්‍රගතිශීලී ජනකොටස් වෙතින් ඉල්ලා සිටින්නෙමු.

      Delete
    4. AnonymousApril 21, 2016 at 12:45 AM

      රිචඩ් ද සොයිසා, සාගරිකා ගෝමස්, ලක්ශ්මන් පෙරේරා වැනි මාධ්ධ්‍යවෙදින් ඝාතන වුනේ රනිල් ඇමතිකම් කල ආන්ඩු කාලයේ බව අපට මතක්යි. මහා ප්‍රජාතන්ත්‍රවාදියා පාර්ලිමෙන්තු වරප්‍රසාධ වලට මුවාවෙලා ඔය විදියට තර්ජනය කිරිම අතිශය පිලිකුල් සහගතයි. යු.ඇන්.පි. කටුලෙවකන් ශ්‍රි.ල.නි.ප. ඇමතිවරු ඔය කතාව අනුමත කරනවාද. ම්යිත්‍රිපාල මේකට එකගද. රටට හෙලිකල යුතුයි.

      ජනමාධ්‍යවෙදි සංගම් මොකද කියන්නෙ? තවදුරටත් සත්තුන්ට මිනිස්සුන් සමාන කරන්න අගමැති ට ඉඩදි බලාසිටිනවාද?

      Delete
    5. මහින්ද රාජපක්ෂගේ කාලේ අර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද මොකක්ද එක ලිප්ටන් වට රවුමේ උද්ඝෝෂණ කීයක් නම් කලාද? මේ වාගේ තර්ජනාත්මක කතාවක් රනිල් ගොයියා කරපු පළවෙනි වතාව මේක නෙවෙයි. මීට ඉස්සරත් උන්නැහේ පාර්ලිමේන්තුවේ මේ වගේම කතා කෙරුවා මට මතකයි.

      මේ කතාව මහින්දගේ කාලේ කෙරුවා නම් නිදහස් මාධ්‍ය කාරයෝ එදාම නැට්ට කෙළින් කරගෙන ලිප්ටන් වට රවුමට එනවා. දැන් උන් කොහෙද මන්දා? එක්කෝ උන් තමුන්ගේ හාම්පුතාලගේ ගෝලයට විරුද්ධව යන්න කැමති නැතිව ඇති. එහෙමත් නැතිනම් රිචඩ් ද සොයිසාට වෙච්ච දේ මතක් වෙලා නැට්ට දෙපරැන්දේ ගහගෙන ඇඳන් යට රිංගලා ඇති.

      Delete
  12. රනිල් දන්නවා ලංකාවේ ඉන්න හරක්ට සුමානෙන් ඕව මතක නැතුව ගිහිල්ල තමන්ට ආයි රාජකීය මොලයක් , මිස්ට ක්ලීන් කියල අමතන බව සහ චන්දයකදී තමන්ට යලිත් වැඩිපුරම මනාප ලැබෙන බව. ඊට අමතරව ලංකාව කියන්නේ මැරුණම ඔක්කොම නරක අමතක කරලා ගුණ කියන , අනේ අපොයි කියන පොන්නයෝ පිරිච්ච රටක් කියලත් මිනිහ දන්නවා. ඒ නිසා මැරුණම මිනිස්සු ගරහයි කියලවත් බයක් නැහැ. එක නිසා මිනිහ ඩෝන්ට් කෙයා. Well done Ranil. You are the MAN!. You know how to rule AssHoles.

    ReplyDelete
  13. අජිත් පැරකුම් ජයසිංහ ලියා ඇති කරණා වලින් පෙනෙනුයේ, මාර්ක්ස් ගේ පංති විග්‍රහයේ ඇති බංකොලොත්කම පමණි. පැක්ටේරි කම්කරුවන් ගේ ශ්‍රම කාලය හැරුනු විට තව බොහෝ දෙනෙකුගේ ශ්‍රමය ට කුමක් සිදුවේද යන්න ගැන මාර්ක්ස්වාදය තුල නිරවුල් අදහසක් නෑ. ගුරුවරු, සෞඛ්‍ය සේවකයන් (වෛද්‍යවරුන්, හෙදියන්, ආදීන්), කළමණාකරුවන්, සුපරීක්ෂකවරුන්, පොත් තබන්නන්, ලිපිකරුවන්, ගණකාධිකාරීවරුන්, සැලසුම් සම්පාදකයන්, විශ්ලේෂකයන්, උපදේශකයන් ආදීන් සිදු කරන නිශ්පාදනය කුමක් ද යන්න මාර්ක්ස්වාදය තුල අපහැදිලියි. මේ අපැහැදිලිකම හොඳින්ම පෙනෙන්නෙ, මිල කියන සංකල්පය හරහා මේ අර්බුද ජය ගැනීම ට මාර්ක්ස්වාදය දරන අසාර්ථක උත්සාහය තුලයි. හුවමාරු වටිනාකම කියන සංකල්පය හරහා, භාණ්ඩ වලට මනසින් ස්ව්‍යාත්ත - නෛසර්ගික - වටිනාකමක් ඇත යන බොරු කථාව මාර්ක්ස්වාදය තුල භාවිතා කෙරෙනවා, එක් එක් අය නිශ්පාදනයට හවුල් වී ඇති ආකාරය සොයා ගැනීමට. නමුත් කොයි විදිහට තර්ක කළත්, මිල කියන දේ මනසින් ස්ව්‍යාත්ත නෑ. එම නිසා මිල කියන දේ ඇසුරින්, එක් එක් අය නිශ්පාදනයට හවුල් වී ඇති ආකාරය සෙවීම එහෙම පිටින් ම විකාරයක් වෙලා තියෙනවා. බැංකුවක් වැනි සේවා ආයතනයක සිට සභාපති ගේ සිට ටෙලර් දක්වා සිටින සේවකයන් සිදු කරන නිශ්පාදනය සෙවීම, මාර්ක්ස්වාදී රාමුව තුල අවුල් ජාලාවක් නිර්මාණය කිරීම සිදු කරනවා. මොකද බැංකුවක ඇනුවල් රිපෝර්ට් එකේ ලාභය කියලා තියෙන ඉලක්කම, අපි ප්‍රාග්ධනයේ තුන්වන වෙළුම වන විට විස්තර කෙරෙන කල්පිත ප්‍රාග්ධනය කියන සංකල්පයත් සමග ගත්තාම, බැංකුවේ ටෙලර් ගේ සිට සභාපති දක්වා සිදු කර තිබෙන නිශ්පාදනය සොයන්න ක්‍රමයක් ඩේවිඩ් හාර්වෙ ගෙන් වත් අහගන්න සිද්ධ වෙනවා. බෙදාහැරීමේ නියුතු කම්කරුවන් නිශ්පාදනයට දායක වෙනවා ද කියන එක, මාර්ක්ස්වාදයේ පැරණිම ප්‍රශනයක්. අද මේක, කොටස් වෙළඳ පොළ තැරැව්කාර සමාගම් වල සේවකයින්, නිශ්පාදනයට හවුල් වෙනවාද කියන එක දක්වා පැමිණ තිබෙනවා. මාර්ක්ස් හෙජිං ගැනත් කියලා තියෙනවා, ඒ නිසා එයා හැම දේම දැන සිටියා කියන එක, එච්චර තේරුමක් ඇති කතාවක් නෙමෙයි. මෙච්චර වෙලා කිව්වෙ, නිශ්පාදනය සම්බන්ධව. නමුත් පංතිය කියන සංකල්පය හරියට නිර්වචනය කරන්න, ඒක, නිශ්පාදනය ඇසුරින් පමණක් නෙමෙයි, පංති විඤ්ඤානය ඇසුරිනුත් තේරුම් කරන්න පුළුවන් වෙන්න ඕනෙ. නමුත් එතකොට වෙන්නේ, අවුල් ජාලය, දෙගුණ තෙගුණ වෙන එක විතරයි. මාර්ක්ස්වාදයේ පදනම ම, එහෙම පිටින් ම, බොල් පදනමක්. මේ බොල් පදනම උඩ ඉඳන් තමයි ඔක්කොම පණ්ඩිත කම් දොඩවන්නෙ.

    ReplyDelete
  14. අපේ රටේ රාජ්‍ය සේවයෙන් විශාල ප්‍රමාණයක් ඉන්නෙ, ගුරුවරු. ඒ, අපිට නිදස් අධ්‍යාපනය අවශ්‍ය නිසා. ගුරු සේවයේ ප්‍රශ්න රාශියක් ඇති බව ඇත්ත. නමුත් මේ ප්‍රශ්න සමාජයේ කොහොමත් තියෙන ප්‍රශ්න. අනිත් හැම අංශයක් ම වගේම, ගුරු සේවය ද දියුණු විය යුතුයි. ගුරුවරු වගේම, රජයේ සේවකයන් ද ලබන්නේ සොච්චම් වැටුපක්. මේ සියල්ල අමතක කර රජයේ සේවකයන් ට ගැරහීම, කුලියට කැහීමක් පමණයි.

    ReplyDelete
  15. රනිල් ට, ඔහු බලාපොරොත්තුවුනාට ත් වඩා, සුදු හුණු ගා ඇත.

    /**
    රනිල් වික්‍රමසිංහ යනු බටහිර ඉත්තෙකැයි සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ. ඔහු කරන්නේ බටහිර උවමනාවන් ඉටු කිරීම යයි ද කියනු ලැබේ. බටහිර බලාගෙන ඉන්නේ ලංකාව ගිල ගන්නම යයි ද කියනු ලැබේ. එහෙත්, බටහිරට ලංකාව කෙතරම් වැදගත් ද යන්න ගැන නැවතත් සිතා බලන්නට දැනට යෙදෙන කරුණුවලින් පුළුවන. බටහිර බලවේග තමන්ගේ ඉත්තා යයි කියන රනිල් වික්‍ර‍මසිංහ රැක ගැනීමට ඔහුට කර ඇති විශේෂ උපකාරයක් තිබේ ද?
    */

    (මෙහි ඇත්ත කතාව නම්, රනිල් ව ගලවා ගැනීමට කියා ඔහු වෙනුවෙන් කීයක් වත් දීමට වත් අද බටහිර රටවලට මුදල් නැති වීමයි. එම නිසා කළු සල්ලි කාරයකු ලවා, කළු සල්ලි ටිකක් මෙහි එවීමට, මුලදී, බටහිර බුද්ධි අංශ දැඟළුවෝය. නමුත් ඌ සල්ලි එව්වේ නැත. ඒ දිනවල කියැවුනු අභිරහස් ආයෝජකයා ගැන කතාවක් දැන් නැත. බ්‍රිතාන්‍ය පුවත්පත්, අප රටේ ආර්ථිකය, ග්‍රීසිය යන පාරේ යන බව කියා තිබීම නිසා කළු සල්ලි කාරයා මෙහි ඒමට බිය විය. ඒ නිසා මූල්‍ය අරමුදලෙන් දිගින් දිගටම ණය ගැනීමත්, දිගටම බැඳුම්කර විකිණීමත් සිදු වේ.)

    මේ රෙදි නැතිව සුදු හුණු ගාන ගෑමේ හැටියට නම්, කුලියට ලිවීම වෙනුවෙන් ලැබෙන ගාස්තු වැඩි නොවී තිබීමට බැරිය. දැනට වැඩි වී නැත්නම් නුදුරේදීම වැඩි වනු ඇතැයි සිතිය හැක.

    ReplyDelete
    Replies
    1. @ Anonymous April 21, 2016 at 9:03 PM

      ඒයි අඩෝ, දැන් ඉතින් නැගිටපන්..... හීන බල බලා හිටියා මදෑ.... හොඳටම දවල් වෙලා..... නැගිටලා මූණ කට හෝද ගනින්...

      Delete
    2. Anonymous April 21, 2016 at 9:03 PM

      Well said and fully agree with you mate. Aththa thathwaya oyita the wada darunui.

      Delete
    3. AnonymousApril 21, 2016 at 9:28 PM

      අනේ මගෙ වස්තුව, නින්දෙන් ඇහැරිලා තියෙන්නෙ .... තව ටිකක් දොයිය ගන්න මගෙ පෑටියො .... පුලුවනි නම් ඇහැරෙන්නෙ නැතිවම ඉන්න ....රටට හොඳයි

      Delete
  16. Nice explanation Anonymous Apr 21 9.03 PM.

    I agree with all except Ajith Perakum has been paid for this. That black money investor GS has lost his confidence due to poor management & inefficient behaviour of SL gvt. Unless China help us with financial aid we are in a huge range of troubles in the near future.

    ReplyDelete
    Replies
    1. @ Anonymous April 22, 2016 at 12:25 AM

      Sri Lankans love to believe conspiracy theories. You seem to be one of them. Since when does GS dance to the tunes of others?

      Western countries do not shower Sri Lanka with money because the country is not an ally of them. Not because that they don't have money. But I agree with you on the point that no foreign investor (including Chinese) has any interest in Sri Lanka because of the inefficiency of the Government and Sri Lankan workers (on top of that holiday after holiday!) as well as the poor management of the economy. And I agree with you also that Sri Lanka will slip into troubled waters if the China line is cut.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා