සුදු කොඩි නඩුවේ අවසන් අවාසිය රාජපක්ෂලාට ය / Final disadvantage of white flag case is to Rajapaksas
රට තුළදී ආණ්ඩුවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට තරම් දිරිමත් වන අය මුහුණ දෙන අනතුර සුදු කොඩි නඩු තීන්දුවෙන් පෙන්නුම් කෙරෙන බව කොළඹ BBC වාර්තාකරු පවසා ඇත. යුද අපරාධ චෝදනා වනාහි ආණ්ඩුවේ නායකයන්ට ජාත්‍යන්තර වශයෙන් නිරතුරුව ම පවතින භයානක තර්ජනයකි. සුදු කොඩි රැගෙන යටත් වීමට පැමිණෙන කොටි නායකයන්ට වෙඩි තබා මරා දමන්නැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට උපදෙස් දුන් බව තමන්ට පුවත්පත් කලාවේදියකුගෙන් දැගනගන්නට ලැබුණු බව හිටපු හමුදාපකි සරත් ෆොන්සේකා සන්ඩේ ලීඩර් මාධ්‍යකාරිනී ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්ට ප්‍රකාශ කර ඇති බව දැන් ලංකාවේ අධිකරණය පිළිගෙන ඇත. එම ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් ද නැද්ද යන්න මෙම නඩු විභාගයේදී සලකා බැලුණේ නැත. මෙම නඩු තීන්දුව ලංකාවේ පාලකයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා නඟන්නන්ට වැදගත් සාධකයක් විය හැකි ය. අදාළ වකවානුවේ හමුදාපති වැනි වගකිව යුතු තනතුරක් හෙබවූවකු එවැනි ප්‍රකාශයක් කළ බව නීතිය ඉදිරියේ ඔප්පු වී ඇති පරිසරයකදී එම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය විමසීමේ පරීක්ෂණයක් සඳහා පැහැදිලි යුක්තියුක්තභාවයක් ඇති වේ. වෙ...