මාලදිවයිනේ පිහිටවූ ගුටි කන සිංහයා ලංකාවේ ජාතික සංකේතයක් ද? / Maldive lion and Sri Lanka's national symbol
ලංකාවේ පාලකයන් සාක් සමුළුව නිමිත්තෙන් මාලදිවයිනට ගෙන ගොස් පිහිටවූ සිංහ රූපයක් මේ දිනවලි කළු තෙලින් නෑවෙමින් එරට මහජනයාගෙන් කොටසකගේ වෛරයට ලක් වෙමින් තිබේ. පකිස්තානයෙන් ගෙනැවිත් සවි කරන ලද පිළිමයක් මේ වන විට ගිනි තබා තිබේ. මාලදිවයිනේ හිටපු ඒකාධිපති මම්මූන් අබ්දූල් ගයුම්ගේ පක්ෂය ඇතුළ මුස්ලිම් අන්තවාදී පක්ෂ පෙන්වා දෙන්නේ මෙම පිළිම මාලදිවයිනට ගෙන ඒම හා එහි පිහිටුවීම නීති විරෝධී බවයි. මාලදිවයින පිළිම වන්දනාව පිටු දකින මුස්ලිම් රටකි. එහෙත්, ලංකාවේ මිනිස්සු පවා සිංහ පිළිම වන්දනා නො කරති. එය සිංහල ජාතියේ සංකේතයකි. ලංකාවේ ස්වාභාවිත පරිසරයේ සිංහයන් ජීවත් වන්නේ නැත. ජීව විද්‍යාත්මකව ගත්තොත් සිංහයා ද තවත් එක් තිරිසන් තතෙකු පමණක් වන මුත්, ලංකාවේ සහ ලොව තවත් බොහෝ රටවල ජන සාහිත්‍යයේ සිංහයාට අධිපති භූමිකාවක් හිමි වී ඇත. සිංගප්පූරුවේ ද සිංහයා සංකේතයකි. එහි ද සිංහයෝ ජීවත් නො වෙති. සිංහල ජාතියේ උපත සම්බන්ධ මිථ්‍යා කතාව සමග ද සිංහයකු සම්බන්ධ නිසා සිංහලයෝ සිංහයා සිය සංකේතය කර ගත් හ. සිංහයා සිංහලයන්ගේ සංකේතයක් මිස ලාංකිකයන්ගේ සංකේතයක් නො වේ. නිදහසත් සමග ඉං...