මේ දවස්වල ස්වර්ණා

සබන් ගාගෙන නාන අය ළඟ තැවරි තැවරි ඉන්නකොට තමන්ගෙ ඇඟෙත් සබන් ගෑවෙනවා ය කියා හිතාගෙන ඉන්න ලංකාවෙ කලා සමාජය කාලෙන් කාලෙට කාගෙ හරි ඇඟේ ඇතිල්ලෙනවානේ. මේ දවස්වල ස්වර්ණා.

ස්වර්ණා එක්ක බීපු හැටි කියන අය නම් තාම දැක්කෙ නැහැ.

ස්වර්ණා ගැන මං කියවපු හොඳම සටහන තමයි පහත උපුටා දක්වන්නෙ. ලිව්වෙ තරංගා කුලරත්න.

බොරුවෙන් ම පිරිච්ච සමාජයක ඇත්ත තිත්ත තමයි. බෙහෙතුත් තිත්තයි. මෙතනින් පහළට තියෙන්නේ තරංගා කුලරත්න ලියූ සටහන. 

පර්සනල් දැන හැදුනුම්කම් මං පොඩ්ඩකට පැත්තකින් තියනවා.

ස්වර්ණා සෙන්සේෂනලයිස් කිරිල්ල මේ දවස් වල තදට කෙරෙනවා පේනවා. ලංකාවේ කට්ටිය තමුන් වැඩිමනත් දේවල් නොදන්න, සර්ෆස් ලෙවල් එකේ දේවල් දන්න ජීවිත වලට මෙෂර්මන්ට්ස් හදන්නෙ, ලයිට් බිල්කාරයො මීටරේ බලන්නැතුව එස්ටිමේටඩ් බිල හදනවා වගේ. එහෙම හදන මෙෂර්මන්ට්ස් වලට රෙදි අරන්, කපලා මහලා, ෂුගර් කෝටඩ් සූට් එක දානවා මීඩියා හරහා. මං හිතන්නෙ, දැන්, ස්වර්ණා ඇඳන් ඉන්නේ මොන සූට් එකද කියන එක ගැන ස්වර්ණා දැනුවත්. ඇහේ මිම්මට මෙෂර්මන්ට්ස් අරන්, කපලා මහලා දුන්න/දෙන අය තමයි දැනුවත් නැත්තෙ.

වැ‍ඩේ නැගලා යන නිසාමද මන්දා මට පරණ ආටිකල් එකක් මතකෙට ආවා. 2010 සමබිම ආටිකල් එකේ පොඩි කොටසක් මං දැක්කෙ අහම්බෙන්, ගිය අවුරුද්දෙ. සුදර්ශනට මෙසේජ් කරලා ෆුල් ආටිකල් එකම ගෙන්න ගත්තෙ අර පොඩි කොටස කියෙව්වට පස්සෙ ඇති වුනු උනන්දුව නිසාමයි. මැගසින් එකේ 16 වෙනි පිටුවෙ තියෙනවා "ස්වර්ණා ගැන නැවත සිතීමක්". මේ දවස් වල ස්වර්ණා ගැන යන සෙන්සේෂනලයිස්ඩ් අටපට්ටම් වලට වඩා මේක ඉන්සයිට්ෆුල් කියලා මට හිතෙන්නෙ.

'බොරු කීමෙන් වලකින්න' කියලා අටපට්ටම් ලියන/කියන අයට කිව්වට වැඩක් වෙන්නෑ. මොකද ලංකාව කියන්නෙම බොරුවක් නිසා. ගිය අවුරුද්දෙ දෙරණ ටීවී ප්‍රෝග්‍රෑම් එකකදි ස්වර්ණා ගැන, දීප්ති වැඩකට ඇති තැනකින් කතාව පත්තු කරාට ඉතුරු අයගෙන් කතාව ඇදිලා ගියේ තේරුමක් ඇති තැනකට නෙවෙයි. ඒ අතීත ප්‍රෝග්‍රෑම් එකේ අනෝමා (රාජකරුණා) කියනකොට ස්වර්ණා කොන්ඩෙ බෙල්ලට බැන්දෙ, කඩේකට යද්දිවත් අදින්නෙ නැති සාරි ඇන්දෙ, මාල බැන්දෙ ෆුල් කොන්ෂස්ලි කියලා මට කියන්න හිතුනෙ "පොඩ්ඩක් ඉන්න, ඒකට හිනාවෙලා එනකම්" කියලා. තාම හිනා ඒ අහපු දේවල්වලටයි, දැන් මේ කියවන දේවල් වලටයි.

ස්වර්ණා මොනවා කරන්නද? එයා නෙවෙයිනෙ ඒවා කියන්න‍ෙ, ලියන්නෙ. (එහෙමද? නැත්නම් ස්වර්ණා ඒවා එහෙම අටපට්ටම් කරලා කිව්වද දන්නෙත් නෑ.)

ස්වර්ණා දක්ෂ රංගන ශිල්පිනියක්. ඒක ඇත්ත.

Excerpts from Samabima article -
"මා දන්නා තරමට ස්වර්ණා තම ජීවන අත්දැකීම් ස්ත්‍රීවාදී භාවිතය වෙනුවෙන් අරගල කරන්නට කැප කළ අරගලකාරිනියක් නෙවේ. අරගල කිරීම කෙසේ වෙතත් ස්වර්ණාගේ ජීවන භාවිතයේ ස්ත්‍රීවාදී රැඩිකල් බව තමන්ගේ ජීවිතයට සම්බන්ද තීරණ ගත හැකි කාන්තාවක් බවට ඇයව දකින්නට පුළුවන.

“සැබවින්ම ඇසිය යුතු ප්‍රශ්නය පුරුෂාධිපත්‍යයට විරුද්ධ ජීවන අභ්‍යාසයක නිරත වී මේ තරම් පහසු ජීවන වටපිටාවක් නිර්මාණය කරන්න පුළුවන්ද සහ මේ තරම් සාමකාමී ජීවන පැවැත්මක් ගෙවන්න පුළුවන්ද යන්නයි. ඇය විසින් ලාංකීය ස්ත්‍රීවාදි ව්‍යාපාරය වෙත උරුම කර දෙනු ලැබූ ස්ත්‍රීවාදී භාවිතය කුමක්ද? පේනතෙක් මානයක එවැන්නක් නොමැත.

"පුරුෂාධිපත්‍යයට විරුද්ධ නම්, ඇයට ඇගේ ගමන් පථය සකස් කරගන්නට අවශ්‍ය වුනේ නම්, මේ තරම් පහසු සංහිදියාවක් පුරුෂ සමාජය සමග පවත්වාගෙන යන්නේ කෙසේද? මට දැනෙන තරමට මෙය පුරුෂාධිපත්‍යට විරුද්ධ වීමක් නෙවෙයි. පුරුෂාධිපත්‍යය සමග ඩීල් එකක් දාගෙන කොහොමද ඉන්නෙ යන එම ප්‍රශ්නයට පිළිතුරක් ස්වර්ණාගේ ජීවිතය ලබාදෙනවා. " - ගිෂානි උමේගා



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අග්‍රගණ්‍ය නිළිය, නිළි රැජින කිව්වම මට හැමදාමත් මතක්වෙන්නෙ නම් දෙකයි. එකක් ස්වර්ණා අනිත් එක අනෝජා.(පැරාගෙ හිතට මදිනම් කපල දාන්න කමක් නෑ.)

    ReplyDelete
    Replies
    1. අග්‍රගණ්‍ය නලුවා කිව්වම හැමදාමත් මතක්වෙන්නෙ ජිවන් ද?

      Delete
    2. මට නං ඩී.ආර්. නානායක්කාර.

      Delete
  2. මේක මේ ගොසිප් සයිට් වගේ ස්වර්ණගේ රෙද්ද අස්සෙ තියෙන ඒවා හොයන්න යන කේස් එකකුයි, වමේ එකෙක්ගේ චින්තනයයි තියෙන ඩිසපොයින්ටඩ් කේස් එකක්...

    මෙයා කව්ද කියලා මම නම් දන්නෙත් අදයි.. ප්‍රසිද්ධ කෙනෙක්ට ගරහල පොරක් වෙන එකත් ඒක මෙතඩ් එකක් නේ.. ස්වර්ණා කරපු දේ හොයන්න කලින් මෙයා මොනවාද කරලා තියෙන්නේ කියලා.. කන්නාඩියක් ගාවට ගිහින් නිරුවත් වෙලා බලුවා නම් හොඳයි... මතක ඇතිව පිටිපස්සටත් කන්නාඩියක් තියා ගන්න...

    ReplyDelete
    Replies
    1. http://maathalan.blogspot.com/2017/01/blog-post_21.html

      Delete
    2. මාතලන්,

      හොඳම කමෙන්ට් එකක් !!!

      “…ස්ත්‍රීවාදී භාවිතය වෙනුවෙන් අරගල කරන්නට..” , “…ස්ත්‍රීවාදී රැඩිකල් බව…”, “…පුරුෂාධිපත්‍යයට විරුද්ධ ජීවන අභ්‍යාසයක…”, “…ලාංකීය ස්ත්‍රීවාදි ව්‍යාපාරය…”

      මේ වචන සෙට් එකෙන්ම තේරෙනව නේද මේක කොච්චර ඔලුව ඉදිමිච්ච බූරුවොයි බූරු දෙන්නුයි ඉන්න රටක්ද කියන එක ? පින්තුරෙ කපා ගන්නෙ තමන් ගාව තියෙන රාමුවට ගැලපෙන්න.

      මූලිකවම ස්වර්ණ නිළියක්. රස්සාව රඟපෑම. ඒ රඟපෑම තියෙන්නෙ චිත්‍රපටි වල. කැමති කෙනෙක් බලපල්ල අකමැති කෙනෙක් නොබල හිටපල්ල. බලපු එවුන් කැමතිනම් රඟපෑම ගැන කතාකරපල්ල ලියපල්ල.

      උඹ කියන්න වගේ ස්වර්ණගේ රෙද්ද අස්සෙයි කියල අමුතු එකක් නෑ. ඒක ස්වර්ණ කැමති විදියකට පාවිච්චි කරගනියි.ඒක "ආශාවේ වස්තුව" කරගන්න එපා. ඒකෙන් සමාජ හානියක් නැත්නම් කාටවත් තියෙන අමාරුව මොකක්ද?

      ඔන්න ස්වර්ණ ස්වර්ණ “සුචරිත බණ” කියන්න ආවොත් රෙද්දේ තුත්තිරි ගැනපල්ල. හැබැයි ඒකට කලින් ඒ අප්පුහාමිල - ලමාහාමිල තමන්ගේ සරොං චීත්ත වල තුත්තිරි ගැනගෙන හිටපල්ල.

      Delete
    3. “…ස්ත්‍රීවාදී භාවිතය වෙනුවෙන් අරගල කරන්නට..” , “…ස්ත්‍රීවාදී රැඩිකල් බව…”, “…පුරුෂාධිපත්‍යයට විරුද්ධ ජීවන අභ්‍යාසයක…”, “…ලාංකීය ස්ත්‍රීවාදි ව්‍යාපාරය…”

      ආශාවේ වස්තුව කියන එකත් ඔය ලිස්ට් එකේම ද? වෙන ලිස්ට් එකක ද?

      දන්නෙ නැති නිසායි අහන්නෙ?

      Delete
    4. මෙහෙමයි පැරා,

      මම නම් දරන අදහස "ආශාවේ වස්තුව" තියෙන්නෙ වෙන ලිස්ට් එකක කියල.

      - Anonymous January 22, 2017 at 1:04 PM

      Delete
    5. මාතලන් - සිරාවට අහන්නෙ. ඔයා කවුද?

      Delete
  3. මොන මගුලක්ද බන්. දැන් මොකක්ද මන් කරන්න ඕන?
    -ස්වර්ණා

    ReplyDelete
  4. මම නම් කියන්නේ සිරාලා ගෙන්නලා කරන උපහාර උළෙලවල් කියන්නෙ ම ඉතා ම ගතානුගතික වැඩ.

    කලාකරුවකු ගැන ඇගයීමක් කරන එක හොඳයි. හැබැයි අර සුනිල් මාධව ප්‍රේමතිලකට තිබ්බා වගේ ඒවා තියලා ඊට පස්සෙ අවමාන ෆලෝ අප් කරන්නේ නැතිව.

    කලාකරුවෙකු වුණාම මේ වගේ මගුල් ගෙවල් තියන්න ම ඕනැ ද? මං කියන්නෙ මේව කරන්න එපා කියන කලාකරුවන් තමයි නියම පොරවල්.

    මේවා නැතිව බග් ගාලා මැරෙන්න චාන්ස් එක ලැබුණු කලාකාරයන් මං නම් හිතන්නේ වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. සිරා පැරාට සම්මාණයක් දුන්නොත් නොගෙන ඉන්නවද? :)

      Delete
    2. පැරා මේකනං මම "බලු කමට" අහන ප්‍රශ්නයක්,

      ලංකාවේ සිනමා සම්මාන උළෙලකට අපි හිතමුකො ජනාධිපති සම්මාන උළෙල කියල. මේකෙදි ලෝක සිනමාවට කරපු සේවය වෙනුවෙන් "ජීවිතයේ එකවරක් පමණක් පිදෙන" "අහවල් සම්මානය" ලබාගන්න එන්න කියල මේකෙ සංවිධායකයන් ස්ටීවන් ස්පිල්බර්ගටයි, රසල් ක්‍රෝ ටයි, ජුඩි ෆොස්ටර් ටයි පළමු පන්තියේ ගුවන් ටිකට් පත්, තරු අවම වශයෙන් තරු පහේ හෝටල් පහසුකම් එක්ක ආරාධනා පත්‍ර යැව්වොත් ස්ටීවන් ස්පිල්බර්ගටයි, රසල් ක්‍රෝ ටයි, ජුඩි ෆොස්ටර් ටයි මොනව හිතෙයිද?

      - Anonymous January 22, 2017 at 1:04 PM

      Delete
    3. //සිරා පැරාට සම්මාණයක් දුන්නොත් නොගෙන ඉන්නවද?//

      මේ මොහොතේ නම් මං ගන්නවා. හේතුව මං පොරක් නො වන එක. ඒ නිසා සිරා වගේ පොරක් මට සම්මානයක් දෙන එක මේ මොහොතේ මට වැදගත් වෙනවා. මට තියෙන්නේ අවධානය දිනා ගැනීමේ අවශ්‍යතාවක්.

      "if you don't get noticed, you don't have anything.
      you just have to be noticed, but the art is in getting noticed naturally,
      without screaming or without tricks." - Leo Burnett

      මං පොරක් වුණොත්, මං සිරාට බෑ කියනවා.

      Delete
    4. ඒ කියන්නේ පැරාම මේ පෝස්ට් එක නිශ්ප්‍රභා කරනවා... ඒකත් මරු...

      Delete
  5. අංජානා චිත්‍රපටයේ ස්වර්ණාටත් මං කැමතියි.

    [අංජානා (යසපාලිත, විජය, ගීතා)]

    ReplyDelete
  6. මාතලන් ප්‍රියන්ත හේවගේ - තරංගා කවුද, ගිෂානි කවුද කියන එක වැදගත් නෑ මනුස්සෙයකුට සිවිල් චරිත ගැන විවේචනාත්මක අදහස් දැක්වීමක් කරන්න. තරංගා සහ ගිෂානි කියන්නෙ එක්කෙනෙක්ද කියලත් කාට හරි හිතුනොත් ඒකත් පුදුමයක් නෙවෙයි. මට නම් වැදගත් උනේ ඒ කියලා තියෙන අදහස.

    මරුම වැඩේ ඔය අනම් මනං නෙවෙයි ප්‍රියන්ත. ලංකාවේ ගෑණියෙකුට පුරුෂාධිපත්‍යය එක්ක ඩීල් එකක් දැම්මොත් මිසක් පහසු ජීවිතයක් තියෙන්න විදිහක් නෑ කියන අදහස, උඹේ ප්‍රතිචාරයෙන් සැක හැර ඔප්පු වෙනවා!! ඒ නිසා ස්වර්ණා ගැන කියලා තියෙන විචේනයත් හරි බව පිළිගන්න පුළුවන් අපට.

    (ප.ලි - ජනප්‍රිය චරිත වලට ගහලා ප්‍රසිද්ධ වෙන්න පුළුවන් නම් ජනප්‍රිය චරිත උඩ දාලත් ජනප්‍රිය වෙන්න පුළුවන් ඇති නේද? ඒකනෙ උඹ ස්වර්ණා ගැන ලියලා තියෙන ලිපියෙ ලින්ක් එක මෙතන පෝස්ට් කරලා තියෙන්නෙ. පැරකුම්ට බැන බැන තමනුත් කරලා තියෙන්නෙ ඒ වැඩේමයි. )

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා