දීපාල් සිල්වාගේ ආනන්ද භවන් ගීතයේ පසුබිම් කතාවක්
දීපාල් සිල්වාව අපි වින්දෙ වෙන ම තලයක. ඒ නිසා අපි මේ ගීයත් රස විඳිනවා. ඒකෙ ඇතුළෙ තියෙන දේශපාලනයට අපි ගරු කරනවා.
ඒත්, කරුණාරත්න අමරසිංහ සූරීන් මේ ගැන මතු කරපු කාරණයකුත් ඇත්තෙන් ම නො සලකා හරින්න බැහැ. ඔහු කීවේ දීපාල් සිල්වා විසින් විකෘති කරනු ලැබුවේ ඉතා සම්භාවනීය හින්දි ගීයක් බවයි.
මෙම ගීයේ මුල් ගීතය අඩංගු වුණේ 1943දී තිරගත වුණ කිස්මට් නම් චිත්‍රපටයේයි. එය ගායනා කළේ අමීර්බායි කර්නාටකී නම් කන්නඩ ගායිකාව හා නිළියයි. මහාත්මා ගාන්ධි පවා ඇගේ ගීවලට ඇලුම් කළ බව කියැවෙනවා. මේ ගීයේ නිර්මාපකයා අනිල් බිස්වාස්. මෙය ක්‍රිෂ්ණා වෙනුවෙන් ගයන බැති ගීයක්.
මේ ගීයේ මුල් අරුතට ආසන්න වන පරිදි සිංහලෙන් කළ මුල් කාලීන බොදු බැති ගීයක් තමයි මහ බෝධි මුලේ. යූ.ඩී. පෙරේරා ලියූ නිල් පාටින් දක්වා ඇති පද ටිකෙහි සුන්දරත්වය බලන්න.
මහ බෝධි මුලේ විදුරස්නේ රැස් විහිදෙන්නා
මහ සාත් තුමාණෝ විදුරස්නේ වැඩ ඉන්නා
රාසී සදෙව් ලො සුරනා ගුණ ගීත නාද දී
අහසේ සුරංගනාවෝ මනරම් රැඟුම් දි දී
පුදනා සඳේහි දෙව් ලෝ මල් වැස්ස වහින්නා
මහ සාත් තුමාණෝ විදුරස්නේ වැඩ ඉන්නා
වෛශාඛ්‍ය චන්ද්‍ර කාන්ති සුරම් මලානීක වී
ශ්‍රී කාන්ති පානා තිලොවේ ඒකාලෝක වී
නව නීල පීත ආදී බුදු රැස් විහිඳෙන්නා
භගවත් භගවත් භගවත් භගවත්
මහසත් සව් කෙළෙසුන් පරදන්නා
සංසාර ජාති ජාති පිරූ උතුම් පාරමී
ගම්භීර ඥාණ මහිමෙන් ලෝ නාථ මා හිමී
තුන් ලෝ නාථ මා හිමී
ජගදේක මහා මංගල වෙසඟේ සුපසන්නා
භගවත් භගවත් භගවත් භගවත්
මහසත් සම්බුදු වී වැඩ ඉන්නා
රචනය - යූ.ඩී පෙරේරා
සංගීතය - මොහොමඩ් ගවුස්
ගායනය - එම්.බී ජොහොර්ෂා
(පදමාලාව ගත්තේ මෙතැනින්)
ඊටත් පසු කාලෙක විජය කුමාරතුංග මේ තනුව ඇසුරෙන් ගීයක් මේ ආකාරයෙන් මහ ශාක්‍ය කුලේ ලෙස ගැයුවා.
වසන්තා සන්දනායක ගායනා කරන නොකියාම එදා ගීතයේත් තනුව මේකමයි. පද රචනය මෙතැනින්
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

/////කරුණාරත්න අමරසිංහ ශූරීන් මේ ගැන මතු කරපු කාරණයකුත්.../////
ReplyDelete"ශූරීන්" කියලා වචනයක් සිංහලයේ නැහැ....
තියෙන්නේ සූරීන් කියලයි.
ස්තුතියි.
Deleteඔය මුල් සම්භාව්‍ය ගීතය මොකක් උනත් දීපාල් සිල්වාගෙ අහිංසක 'සින්දුව' ලන්කාවෙ සම්භාව්‍ය කියන දේශකයින්ට වඩා ලන්කාවෙ දුප්පත් සින්හල මිනිහට ජාතිවාදයේ අරුත්සුන් බව පෙන්වන්න උපකාර උනා කියල මම හිතන්නෙ
ReplyDeleteyes, i do agree.
Deleteවිකෘති කලා කියන එක එච්චර හරි නෑ. වෙනම සින්දුවක්නෙ කිව්වෙ.
ReplyDeleteආනන්ද භවන් කියල වෙන සින්දුවක් තිබුනා. ඒකෙ පද වෙනස් කරල තමා දීපාල් මේ සින්දුව හදාගෙන තියෙන්නෙ.
Deleteඇත්තයි බෙහෙතුයි දෙකම තිත්තයි...
ReplyDelete- පැරා -
මුල් ගැයුමට පාදක වන්නේ භෛරවී රාගය බව කියවා ඇත්තෙමි.
ReplyDeleteපැරා,
Deleteපහත පද මාලාව හුඟක් පරණයි වගේම ඒකෙ තියෙන්නෙත් ඔය melody එක නේද?
“සිරි සාලවනේ එකමත් එක අලියෙක් සිටියා
ඒ අලියට ගව්වක් දිග _ _ _ ක් තිබුණා
ඒ අලියට මිතුරෙක් වුන වඳුරෙක් සිටියා
දවසක් දා මේ අලියට _ _ _ න හිතුනා”
අලිය උස්සල දෙනවා - වඳුර පද්දල දෙනවා
Delete..........
අලි .. තේ අපි තැලෙතේ වඳුරට හිතුනා
සිංහල ජාතිවාදය ඍජුවම විදිහට විවේචනය කරන ගීත සිංහල සමාජයේ කිසිම ප්‍රශ්නයක් නැතුව ජනප්‍රිය වෙනවා. දෙමල ජාතිවාදය දිහා ස්වයං විවේචනාත්මක දෘෂ්ටිකෝණයෙන් නිර්මාණ ඔවුන් අතරින් බිහිඋනාද කියල දන ගන්න කැමතියි.
ReplyDeleteකරුණාරත්න අමරසිංහගේ 'සූරීන්ගේ' 'විකෘති' කිරීම යන වචනයේ දේශපාලනය නොතකා හැරියේ කොහොමද? සම්භාව්‍ය ගීතයේ සහ භෞරවී රාගයේ සුජාත භාවය ප්‍රශ්න කිරීම කියන 'විකෘති' කිරීම තමයි මේ ගීතයේ වටිනාකමක් තියෙනව නම් ඊට හේතුව.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteබ්ලොග් ලෝකයේ හෝ දේශපාලන අවකාශයේ අපට කා සමගවත් තරග කිරීමේ උවමනාවක් නැත. අප කරන්නේ කිසියම් බුද්ධිමය සංවාදයක් කාටත් තේරෙන භාෂාවෙන් කිරීමට උත්සාහ කිරීමයි.
ReplyDeleteඅනෙක් පැත්තෙන් මට කමෙන්ට් ගොඩක් එකතු කර ගන්නට අවශ්‍යතාවක් ද නැත.
ඔබට වෙන අයත් සමග වැදගත් අදහසක් බෙදා ගැනීමට ඇත්නම් එයට මෙහි පූර්ණ නිදහස තිබේ.
තේරුමක් නැති තරගවලට, තරහ මරහවලට මින් ඉදිරියට මෙහි ඉඩ නො දෙන නිසා ඔබේ ඩේටා නාස්ති වීම ගැන මගේ මෙව්ව එක. සමාවෙන්න.
This comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete