වයස අවුරුදු හතේ අටේ දැරියන් මිනිස් බෝම්බ වන නයිජීරියාව

නව වසර උදා වුණේ වයස අවුරුදු 10ක්වත් නැති යයි සැලකෙන නයිජීරියානු දැරියක් මිනිස් බෝම්බයක් පුපුරුවා හරිමින් තමන් මිය යමින් තව එක් පුද්ගලයකුට තුවාල සිදු කිරීම පිළිබඳ පුවතත් සමගයි. ඊසානදිග නයිජීරියාවේ මයිඩුගුරි නගරයේ කඩයක නූඩ්ල්ස් මිළ දී ගනිමින් ඉදිරියට පැමිණි ඇය කලබලයට පත් වී ඉලක්කයට ළඟා වීමට පෙර බෝම්බය පුපුරුවාගෙන ඇති බව සැක කරනු ලැබේ. මෙම ස්ථානයේ රැඳී සිටි තවත් මරාගෙන මැරෙන කාන්තාවක් බෝම්බය පුපුරුවා ගැනීම කරන්නට පෙර අත්අඩංගුවට ගත් බව ද වාර්තා විය.

2016 දෙසැම්බර් මුල් හරියේදී දවයස අවුරුදු හත හා අට වශයෙන් වූ ගැහැනු ළමයින් දෙදෙනෙකු විසින් මයිඩුගුරිහිවෙළඳපොළක පුපුරුවා ගන්නා ලද මරාගෙන මැරෙන බෝම්බවලින් 20ක් පමණ පිරිසක් තුවාල ලැබූ හ. මෙම සිදුවීම් සම්බන්ධ චෝදනාව එල්ල වන්නේ රජයේ ප්‍ර‍හාරවලට ලක් වී සිටින ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන බොකෝ හරාම් සංවිධානයටයි. මයිඩුගුරි බොකෝ හරාම් සංවිධානයේ නිජබිමයි.

දැඩි ශාරියා නීතිය මත පදනම් වූ ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් සටන් කරන බොකෝ හරාම් සංවිධානය විසින් දියත් කර ඇති කැරැල්ල නිසා පසුගිය සත් වසර තුළ මිනිසුන් 20,000ක් මිය ගොස් තවත් ලක්ෂ 26ක් අවතැන් වූ හ. බොකෝ හරාම් යන නමේ අරුත (බටහිර) අධ්‍යාපනය එපා යන්නයි. බොකෝ හරාම් ත්‍රස්ත කල්ලිය 2014 අපේ‍්‍රල් 15 දින චිබෝක් නඟරයේ පාසලකින් ගැහැණු ළමුන් 300ක් පැහැර ගෙන ගියේ පාසැල් යාමේ වරදටයි. පාසල් යාම බටහිර සංස්කෘතියට ගැති වීමක් බවත්, එය පවුකාර ක්‍රියාවක් බවත්, ගැහැණු ළමයින් වයස අවුරුදු 12ක් පමණ වන විට විවාහ විය යුතු බවත් බොකෝ හරාම් පවසයි. බටහිර සංස්කෘතිය, බටහිර දර්ශනවාදයන්ට අනුකූල දේශපාලනය, ඇඳුම් පැළඳුම් ඇතුළු සංස්කෘතිකාංග පවා බොකෝ හරාම් විසින් තහනම් කර තිබේ. ඔවුන් කියන අන්දමට නයිජීරියාව පාලනය කරන්නේ මිථ්‍යා දෘෂ්ටිකයන් විසිනුයි. එහෙත්, හිටපු ජනාධිපති ජොනතන් ගුඩ්ලක්ගෙන් පසුව 2015 සිට නැවත වරක් නයිජීරියාවේ ජනාධිපති ධුරය හොබවන්නේ මුස්ලිම් ජාතිකයකු වන මුහම්මදු බුහාරි විසිනි. 

නයිජීරියාව වේගයෙන් වර්ධනය වන මිලියන 170ක් පමණ ජනගහණයක් සිටින රටකි. ඔවුන්ගෙන් අඩක් ක්‍රිස්තියානුවන් වන අතර අඩක් මුස්ලිම්වරු වෙති. බහුතරය සුන්නි වන නයිජීරියානු මුස්ලිම්වරුන් වැඩිපුර ජීවත් වන්නේ නයිජීරියා‍වේ උතුරු ප්‍රදේශය ආශ්‍රිතවයි. ‍බොකෝ හරාම් වැඩිපුර ක්‍රියාත්මක වී තිබෙන්නේ ද උතුරේ ප්‍රදේශවලයි. බොකෝ හරාම් බලපෑම වැඩි බෝනෝ, යෝබේ හා අඩමාවා පළාත්වල 2013 මැයි සිට හදිසි නීතිය පනවා තිබේ. එම සංවිධානය චැඩ්, නයිජර් හා කැමරුන් යන අසල්වැසි රටවල ද ක්‍රියාත්මක ය. මේ වන විට මෙම රටවල ඒකාබද්ධ හමුදාවක් විසින් බොකෝ හරාම් විරෝධී යුද්ධයක් දියත් කර තිබේ.

නයිජීරියාව යනු බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් විසින් ගොඩනගන ලද රාජ්‍යයකි. ඊට පෙර එය ස්වාධීන ප්‍රදේශ, නගර, ගම්, ගෝත්‍රික ප්‍රජාවන් ආදියෙන් සමන්විත භූමියක් විය. මේ පාලනයන් බටහිර මෙන් ම ලෝකයේ වෙනත් රටවල් සමගත් ශක්තිමත් වෙළඳ සම්බන්ධතා පැවැත්වූහ. යොරුබා, ඉග්බෝ හා එෆික් පාලනයන් 16වන සියවස තරම් ඈත සිට යුරෝපා රටවල් සමග වෙළඳ ගනුදෙනු කළ හ. යටත් විජිතයක් වන්නට පෙර නයිජීරියාවේ උතුරේ මුස්ලිම් කාලිෆ් පාලනයක් තිබුණි. සොකොටෝ නම් මේ රාජ්‍යය වැඩිපුර වෙළඳ ගනුදෙනු කළේ අරාබිය සමගයි.

මෙම තත්වය පාවිච්චි කරමින්, නබිතුමාගේ ඉගැන්වීම් හා ශුද්ධ යුද්ධය ‍වෙනුවෙන් කැප වූ ජනයා යන නමින් ඊසානදිග නයිජීරියාවේ මයිදුගුරි නගරය පදනම් කරගෙන මොහොමඩ් යූසුෆ් විසින් 2002දී ආරම්භ කරන ලද මෙම සංවිධානයට එම ප්‍රදේශයේ ජනයා සිය භාෂාව වූ හව්සා බසින් බොකෝ හරාම් කියා නම තැබූ හ. එහි අරුත බටහිර අධ්‍යාපනය තහනම් බවයි. එහෙත් බොකෝ හරාම් සංවිධානයේ අවසන් අරමුණ නයිජීරියාවේ ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීමයි.

මේ අරමුණින් ඔවුහු 2009 සිට ප්‍රහාර ආරම්භ කළ හ. කැරළිකරුවන්, රජ‍යේ හමුදා හා පොලිස් නිලධාරීන් මෙන් ම සිවිල් වැසියෝ ද දහස් ගණනක් මේ කැරැල්ලෙන් මිය ගිය හ. ලක්ෂ ගණන් ජනයා අවතැන් වූ හ. රජයේ හමුදා විසින් බොකෝ හරාම් නායක මොහොමඩ් යූසුෆ් ද මරා දමන ලදී. එහෙත් ඉන් පසු පත් වූ නායක අබූබකර් ෂෙකාවුගේ නායකත්වයෙන් බොකෝ හරාම් සංවිධානය ප්‍රතිසංවිධානය වී ප්‍රහාර උත්සන්න කරන ලදී. ඔවුන් වැඩිපුර කරන්නේ සංවිධානය විවේචනය කරන පුද්ගලයන් හා අන්‍යාගමිකයන් මරා දැමීම, බෝම්බ පිපිරවීම, පොලිස් ස්ථානවලට හ‍ා හමුදා බැරැක්කවලට ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීම ආදියයි. ඔවුහු නයිජීරියානු අගනුව‍ර වූ අබුජාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පවා පහර දුන් හ. 2014දී ඔවුන් තමන්ගේ බලපෑම සහිත ප්‍රදේශවල කාලිෆ් රාජ්‍යයක් ප්‍ර‍කාශයට පත් කරන ලදමුත්, මේ වන විට රජයේ හමුදා විසින් එහි බොහෝ ප්‍රදේශ අල්ලාගෙන හමාර ය. බොකෝ හරාම් සංවිධානය කුඩා ගැහැනු ළමයින් පවා යොදාගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍ර‍හාර එල්ල කරමින් සිටින්නේ රජයේ දැඩි ප්‍ර‍හාරවලට ප්‍ර‍තිචාර ලෙසයි. මුලින් අල් ක්වයිඩා සමග සම්බන්ධකම් පැවැත්වූ බොකෝ හරාම් පසුව ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය සමග එක් විය. එහෙත්, මේ වන විට එම සබඳකම් බිඳ වැටී ඇති බව නිරීක්ෂණය කළ හැකි ය. එසේම, සංවිධානය අභ්‍යන්තරයේ ද නායකයා හා එහි ආරම්භක නායකයාගේ පුත්‍ර‍යා අතර බල අරගලයක් ඇති වී තිබේ.


නයිජීරියාව ලොව පස්වෙනි විශාලතම තෙල් නිපදවන්නා ය. නයිජීරියාවේ ඇතැයි දැනට තහවුරු වී තිබෙන තෙල් නිධිවල විශාලත්වය බැරල් බිලියන 16ත් 22ත් අතර වේ. වසර 2014 වන විට එරට දළ දේශීය නිෂ්පාදනයෙන් 14%ක් තෙල් මගින් නිෂ්පාදනය විය. එසේම අපනයන ආදා‍යමෙන් 95%ක්ම නිපදවන්නේත් තෙල් ය. රජයේ අාදායමෙන් 65%ක් ම ලැබෙන්නේත් තෙල්වලිනි. නයිජීරියාවේ තෙල් සම්පත සොයා ගත්තේ 1956දීයි. එහෙත් නයිජීරියානු සමාජය තවමත් දුප්පත් ය. එහි තෙල් ලාභය උකහා ගන්නේ ෂෙල්, මොබිල්, චෙව්රොන්, ටෙක්සැකෝ, ටෝටල් හා ඇගිප් යන ඇමරිකානු හා යුරෝපීය තෙල් සමාගම් විසින් හා රජය සමග සම්බන්ධ ධනපති පංතිය විසින් බව ද, බොකෝ හරාම් සංවිධානය මතුපිටින් බටහිර විරෝධී සංවිධානයක් වුණත්, ඔවුන් තුර්කිය සහ තවත් බටහිර රටවලින් රහසිගතව ආධාර හා ආයුධ ලබා ගන්නා බව ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. බටහිර රටවල් බොකෝ හරාම් සංවිධානයට උදව් කරන්නේ නයිජීරියාව අස්ථාවර කර, එහි තිබෙන තෙල් සම්පතේ පාලනය අත්පත් කර ගන්නට බව විශ්ලේෂකයෝ පවසති.

කෙසේ වෙතත්, නයිජීරියාව අද වන විට මුහුණ දී තිබෙන අර්බුදයට හේතු ලෙස දැකිය හැක්කේ නිසි ආර්ථික සැලැස්මක් නැතිකම, දූෂණය, ලෝක වෙළඳපොළ් තෙල් මිළ පහළ යාම හා අර්බුදය හේතුවෙන් තෙල් නිෂ්පාදනය අඩු වීමයි. 

රාවය - තනියාය, 2017-01-08

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. නයිජීරියාව කියන්නේ නාගරික හා ග්‍රාම්‍ය බෙදීම අහසට පොලව වගේ පවතින රටක්... ඇමරිකාවේදී මට හමුවූ නයිජීරියානුවන් කී විදිහට නාගරික නයිජීරියාව වේගයෙන් බටහිරකරනය වී දියුනු වෙනවා,මුස්ලිම් අන්තවාදය ඇත්තේම නැතිතරම්ලු.. නමුත් ඈත ගම්වල මිනිස්සු අන්තවාදී සංවිධානවල ඉස්ලාමීය මැඩ්‍රසා හී ඉගැන්වීම්වලින් මෙපිට කිසිවක් අසා නෑ... ඔවුන් ආන්ඩුව කියා දැක තියෙන්නේ තමන්ගේ ගම්වල යුධ මෙහෙයුම් කරන්නට එන හමුදාව පමනයි.. එනිසා ඈත ගම්මානවල මුස්ලිම් ජනයා අන්තවාදෙ සංවිධාන කරා ඇදෙනවා...

    ReplyDelete
  2. //බොකෝ හරාම් සංවිධානය මතුපිටින් බටහිර විරෝධී සංවිධානයක් වුණත්, ඔවුන් තුර්කිය සහ තවත් බටහිර රටවලින් රහසිගතව ආධාර හා ආයුධ ලබා ගන්නා බව ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. බටහිර රටවල් බොකෝ හරාම් සංවිධානයට උදව් කරන්නේ නයිජීරියාව අස්ථාවර කර, එහි තිබෙන තෙල් සම්පතේ පාලනය අත්පත් කර ගන්නට බව විශ්ලේෂකයෝ පවසති//

    ඕවානම් වම්මුන්ගෙ විකාර.... බොකෝ හරාම් වගේ බටහිර විරොදී ත්‍රස්තවාදී සංවිධානයකට උදව් කලා කියලා බටහිරට ලැබෙන දෙයක් නෑ... වෙන්නේ රට අස්තාවර වී තෙල් වෙලදපොලට ලබාගැනීම තවත් දුශ්කර වීම පමනයි.. අනික අප්‍රිකාවේ වැඩිම ත්‍රස්ත විරෝදී මෙහෙයුම් කරන්නේ ඇමරිකාවේ US marines සහ ප්‍රංශයේ French Foreign Legion යන හමුදා ඛංඩ...

    ReplyDelete
    Replies
    1. We should not forget that in Afghanistan, Al-Qaeda came into being as a result of the material, financial and ideological assistance provided by the US and other western powers against the Soviet domination of Afghanistan. Yet, Al-Qaeda was not a pro-western organisation. For any super-power or ruler, "Divide and Rule" is a well-known military strategy.

      Delete
    2. ලොක්ක ලියන්නකො බ්ලොගකවත්, අත්දැකීම් ඇතිනෙව සාගරයට.

      Delete
    3. ////ලොක්ක ලියන්නකො බ්ලොගකවත්, අත්දැකීම් ඇතිනෙව සාගරයට./////
      ++++++++++++++++++++++

      Delete
    4. Afghanistan was a pro western country until the soviet invasion.. Besides in 1980s Afghan fighters were known as Mujahideens fighting for their country, and west had no way of knowing that they would morph into Al-Queada... And again 'west created Al Queada' is incorrect narrative, its created by Saudi Arabian and Pakistani (Inter services intelligence) assistance...
      What west did was to aid the fight against USSR, which led the the fall of evil communist soviet empire and ultimately saving the humanity from communism....

      Its wahabi islam idea logy and saudi/ Pakistani groups to be blamed for Al Queada.. West was only a well intentioned donor aiding people to fight to eradicate evil communism

      Delete
  3. සාරස කමෙන්ටු මැද පිහිනන්නේ
    කළ පව් දැන් දැන් මට පල දෙන්නේ
    කමෙන්ටු නැතුවයි මං වෙලෙන්නේ
    පිං ඇති සරසවි පිහිටක් වන්නේ

    ReplyDelete
    Replies
    1. සාරස කමෙන්ටු මැද පිහිනන්නේ
      කළ පව් දැන් දැන් මට පල දෙන්නේ
      කමෙන්ටු නැතුවයි මං වේලෙන්නේ
      පිං ඇති සරසවි පිහිටක් වන්නේ

      Delete
    2. ඈ පී ජයසිංහ වහ කෑව නේද?

      Delete
  4. බොකො හරාම්.....බොකො හලාල් වෙනකම් ජනතාව අමාරුවේ.

    ReplyDelete
  5. බෝකෝ හරාම් (බටහිර අධ්‍යාපනය එපා) කියන අංකල් කෙනෙක් මෙහෙත් ඉන්නෙ නලින් සිල්වා කියල.

    ReplyDelete
    Replies
    1. බෝකෝ ඇන්කර නාථJanuary 5, 2017 at 11:48 PM

      නලින් සිල්වාගෙ බෝකෝ හරාම් අපිට, සිල්වාගෙ දරුවන්ට බෝකෝ හලාල් .

      Delete
    2. උන්ට හලාල් හැම දෙයක්ම අපිට හරාම්නේ. එදා ඉඳන් අද වෙනකම් ඕක තමයි.

      Delete
    3. බටහිරයන් න්‍යශ්ටික තාක්ශණය(ශිල්පය) තම රංචුවෙන් පිට අයට ලැබෙනවාට විරුද්ධයි.
      නමුත් බටහිර ඇලෝපති වෙදකම තම රංචුවෙන් පිට අයට ලැබීමට පක්ෂයි.
      මන්ද පලමු දෙයින් බටහිර ශිෂ්ටාචාරයට තර්ජනයක් වන අතර
      දෙවැන්නෙන් බටහිර ගැත්තන් බිහිවෙනවා.

      Delete
    4. නන්න පොලින් තුමා කවදාවත් බටහිර දැනුම එපා කියා නෑ. ඔහු පවසන්නේ බටහිර දැනුමට ගැති නොවියයුතු බවයි.
      නලින් ද සිල්වා විවේචනය කරන්නේනම් ඔහුව හැදෑරිය යුතුයි. නැතුව තමන්ගේ හිතේ මැවෙන දේ ඔහුට ආදේශනොකල යුතුයි.

      Delete
    5. ගොන්කතා කියන්න එපා බන්... ජපානයේ න්‍යශ්ටික බලාගාර හදන්නෙත් බටහිර ආධාර වලින්.... ඔවු, තුන්වනි ලොකයේ රටවල් න්‍යාශ්ටික ආයුධ හදනවට බටහිර රටවල් විරුද්ධයි තමා, දැක්කනෙ උතුරු කොරියාවෙ පිස්සගෙන් තියෙන කරදරේ

      Delete
  6. @ Aruna Perera

    support ekak diyan machan me blog eka welena welawe comment nathuwa.

    ReplyDelete
    Replies
    1. අඩො....අඩො...මාව අමාරුවෙ දාන්න එපා. පැරා මෙහෙම කැමතියිනේ. උඹලා පෙට්‍රල් නොගහා හිටහල්ලා :

      Delete
    2. අරුණ ,

      "ඔරුවෙ පෙරලුනු පැත්ත හොඳයි කිව්වලු". මේක කොහොමට තිබිච්ච බ්ලොග් එකක්ද හෆ්ෆා?

      Delete
    3. අරුණ ,

      "ඔරුවෙ පෙරලුනු පැත්ත හොඳයි කිව්වලු". මේක කොහොමට තිබිච්ච බ්ලොග් එකක්ද හෆ්ෆා?

      Delete
    4. මම එක දෙයක් කියන්නම්. සමාවෙලා අහන්න.
      රාජපක්ෂ පාලනය තුල බොහෝ විලම්බීත අපි දැක්කා. ජනවාරි අට ඒ සියල්ල වෙනස් වුනා. මම සතුටු වුනා. අගෝස්තු පාර්ලිමේන්තු ඡන්දේ ඒ ගමනට බාධාවක් වුනා. ඒ ඡන්දෙට පෙර සහ පසු මම නිව්ස් වෙබ් එකට පොඩි කොලම් කීපයක් ලිව්වා "දෙල්කඳ හංදිය" කියලා. ඒ හැම දෙයක්ම මගේ තනි අදහස්. කියවලා බලන්න. මට කට්ටිය කැරි ටෝක් දුන්නා, මම බ්ලොග නවත්තල්ලා, නිව්ස් වෙබ් එකට සල්ලි වලට ලියනවා කියලා. ඒවා මහ හෙනගහන කැරි කතා. නිව්ස් වෙබ් කට්ටිය දන්නවා සල්ලි පිලිබඳව. හිත හොඳ කමට පුක දුන්නත්, සල්ලි වලට මගේ ආදරයක් නැහැ. දන්නෝ දනිත්. මම දන්නවා ඒවා කිව්වේ කවුද කියලත්. ඒ අතීතය. ඒවා දැන් වැඩක් නැහැ. මේවා විනාස කරපු අයට කවදා හරි, මේවට වග කියන්න වෙයි.

      මින් පසුවටත් බ්ලොග්ස් තුල ගහ මරා ගමු. මිනිස්සුන්ගේ පෞද්ගලිකත්ව ඇදලා ගන්න එපා කියලා වැඩිහිටියෙක් හැටියට ඉල්ලා සිටිනවා. නිව්ස් වෙබ් එකට ඒ ලිඅයපුවා හම්බවුනොත් කියවලා බලන්න.

      මම අදත්, හෙටත් කියනවා...රාජපක්ෂලා නෙමෙයි රටේ අනාගතයට උත්තරය කියලා. වලලපු අතීතයක හොල්මන්..අනාගතයට කරගහගෙන එන්න එපා. රනිල් පිලිබඳ මතකය අපිට අමතක නැහැ. යුඇන්පිය නිසා හොඳට බැට කාපු මිනිස්සු අපි.නීතියයි, හෘද සාක්ෂියයි පටලව ගන්න එපා . කාවවත් ටාගට් කරලා කිව්වා නෙමේ. මේකත් මගේ තනි අදහසක්. මට ටීම් නැහැ.

      Delete
  7. ලංකාවෙ අපට නම් එහෙම වෙන්නෙ නෑ.මෙහෙ ශරියා නීතියට උගන්නන පාසල් නෑ.දැඩි නීති පද්ධති අස්සෙ ඈත ගම් දනව් වල ජනතාවගේ මොළ හෝදන්නෑ.කැලෑ කප කප ගම්මාන හදන්නෙ නෑ.රටේ නීතියටත් උඩින් ගිහින් ජාතිකත්වයට තැන දෙන්නෙ නෑ.කාට හරි ප්‍රශ්නයක් වෙන්න ගියොත් තමුන්ගෙ ජාතියේ එකෙක්නෙ කියල ඌව ගොඩ දාගන්න පක්ශ විපක්ශ මන්ත්‍රී ල එක පෙලට හිට ගන්නෙ නෑ.ජාතිකත්වය මත පදනම් වෙච්ච පාතාලයක් නෑ.
    මේවා දැක දැක මහජනයා අතර හෙමින් හෙමින් අසහන ගොඩ නැඟෙන්නෑ.
    ඒ නිසා අපි හරි සතුටින් තිරසාර හෙටක් වෙනුවෙන් කැප වෙමු.
    ජයවේවා..!!

    ReplyDelete
  8. පැරා,මේක නම් මල්ලේ පොල් කතාවක්. ශ්‍රී ලාංකික විද්වතුන් තිදෙනෙක් සහභාගී උන මඬලාවක් රූප පෙට්ටියේ දැක්කා. වැඩ සටහන මෙහෙයවන්නෙත් පොරක්. අභ්‍යවකාශය තරණය නිසා පෘතුවියේ ඉඩකඩ මදි කාලයක අඟහරු ලොවේ උනත් පදිංචියට යන්න පුළුවන් කියන්නේ. යන්න මාස අටක් යනවලු. ආපසු එන්න හිතුනොත් අවුරුද්දක් විතර යාවිලු. වියදම් කරන මුදල් කන්දරාවේ හැටියට මනුෂ්‍යාට හරිම වටින සොයාගැනීම් ගොඩයි.

    ReplyDelete
    Replies
    1. අගහරු ලොකය තව ශාතවර්ශ 2ක් ඇතුලත ජීවත්වීමට සුදුසු ලෝකයක් කරන්න ව්‍යාපෘතියක් තියෙනව... MarsTerraforming ගැන හොයා බලන්න....
      https://en.m.wikipedia.org/wiki/Terraforming_of_Mars

      Delete
  9. "රාවය - තනියාය, 2017-01-08"

    අම්මප රාවය පිරිහුණු තරමක්. මතුගම පෙන්ෂන් ගිය ඉස්කෝල උප ගුරෙක් රාවය "විදේශ විත්ති" ලියන්න ගත්තනේ. ඕවා වික්ටර් අයිවන් කෙලින් හිටියනම් වෙන්නේ නෑ. දැන් කර්තෘ පාංකඩ ජනේනේ යුරෝපෙට නෙමෙයි සිංගප්පූරු ඩුබායිවත් නොගිය එකෙක් ලියන "විදේශ විත්ති විචාර"?

    "අහෝසි කාලේන කජ්ජෙන පුහුලන් කිව්වලු !"

    දැන් පී ජයසිංහ මේකත් delete කරයි.

    ReplyDelete
    Replies
    1. "රාවය - තනියාය, 2017-01-08"

      අම්මප රාවය පිරිහුණු තරමක්. මතුගම පෙන්ෂන් ගිය ඉස්කෝල උප ගුරෙක් රාවය "විදේශ විත්ති" ලියන්න ගත්තනේ. ඕවා වික්ටර් අයිවන් කෙලින් හිටියනම් වෙන්නේ නෑ. දැන් කර්තෘ පාංකඩ ජනේනේ. යුරෝපෙට නෙමෙයි සිංගප්පූරු ඩුබායිවත් නොගිය එකෙක් ලියන "විදේශ විත්ති විචාර"?

      "අහෝසි කාලේන කජ්ජෙන පුහුලන් කිව්වලු !"

      දැන් පී ජයසිංහ මේකත් delete කරයි.

      Reply

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. මෙහි මකා දමන ලද කමෙන්ටුවේ ඇත්තේ මෙම බ්ලොගයට හෝ දේශපාලනයට සම්බන්ධ නැති මගේ බිරිඳගේ නම හා අසභ්‍ය යෙදුමකි. මෙම කමෙන්ට් ලියන පුද්ගලයන්ගේ මානසිකත්වය තේරුම් ගැනීම සඳහා ඒවා නො මකා ඉතිරි කරමි. මෙම පුද්ගලයන් කලක් අප ඇසුරු කළ දේශපාලන මිතුරන් විය හැකි ය. මෙය කියවන ඔබ දේශපාලනය තේරුම් ගන්න.

      Delete
    4. "මෙහි මකා දමන ලද කමෙන්ටුවේ ඇත්තේ මෙම බ්ලොගයට හෝ දේශපාලනයට සම්බන්ධ නැති මගේ බිරිඳගේ නම හා අසභ්‍ය යෙදුමකි."

      මේ පී ජයසිංහ කියන්නේ අර්ධ සත්‍යයකි. පී ජයසිංහ බිරිඳ මෙම බ්ලොගයට හෝ දේශපාලනයට සම්බන්ධ නැත. ඒ බිරිඳගේ නම ප්‍රකට නම අවසන් වන්නේ "ශා/ ෂා" ශබ්ධය සමගිනි.

      "සපත්තු - භල්ලුක" නම් අවලම් යෙදුම මා නම් නිර්මාණය කර නොමැත. මා දන්නා පරිදි සහ මා මතකය නිවැරදිනම් "තපස්සු - භල්ලුක" යනු ගෞතම ශාසනයෙහි මුල්ම උපාසක සහෝදරයන්ය.බොදු සාහිත පුවත අනුව ලොව මුල් සෑය වන ගිරිහඬු සෑය ගොඩනගනුනයේ උන්ය.

      දැන් පී ජයසිංහ මාතලන් ලියු සෙරෙප්පු ගැන "උෂාර් වී" pun on words වර්ගයේ හෙඩිමක් යොදමින් පොස්ටුවක් පළකරයි.

      පී ජයසිංහ ට රිදවන්න මා යොදාගත් ගැහැණු නම ඊශාය. ඒ නම හා මා යෙදු pun on words අනුව ඊශා යනු "ගණිකාවක්ය" අර්ථයද වේ.

      ඊශා සොයුරිය,

      මා කමෙන්ටු තුළින් ඔබට අල්පමාත්‍ර වූ අපහසුතාවයක් වී නම් කමාව අයදිමි.

      Delete
    5. ඊශා සොයුරිය,

      ඔබ එසේ නොවන බව හා ඉතා යහපත්ම මවක් බව මම අසා ඇත්තෙමි.

      Delete
    6. "මෙම කමෙන්ට් ලියන පුද්ගලයන්ගේ මානසිකත්වය තේරුම් ගැනීම සඳහා ඒවා නො මකා ඉතිරි කරමි. මෙම පුද්ගලයන් කලක් අප ඇසුරු කළ දේශපාලන මිතුරන් විය හැකි ය. මෙය කියවන ඔබ දේශපාලනය තේරුම් ගන්න."

      Anonymous January 6, 2017 at 9:38 PM සහ Anonymous January 6, 2017 at 9:38 PM

      තුලින් හඳුනාගත්තොත් ඔබ මා !!!

      Delete
    7. සපත්තු බල්ලුක නම් හෙඩිම අතීතයේ සිටි බව කියන වෙළෙඳුන් දෙදෙනෙකුගේ නම් සමග පටලවා ගැනීම ද විනෝදාස්වාදය සඳහා ලියන ලද බ්ලොග් පෝස්ට් එකක් සමග වෛරයෙන් අදාළ නැති පුද්ගලයන්ට අසභ්‍ය වදනින් බැන වැදීම වැනි ම වූ අලකලංචියකි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා