නීතිය ඉදිරියේ සියල්ලෝ ම සමාන ය. ශිරානි බණ්ඩාරනායක වැඩිපුර සමාන ය.


එක්සත් ජාතික පක්ෂයේ කිසිදු දිස්ත්‍රික් ලැයිස්තුවක හෝ ජාතික ලැයිස්තුවේ නො සිටි සරත් ෆොන්සේකා එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නඩු පවරා තිබේ. ඒ පිළිබඳව අධිකරණය බලා ගන්නවා ඇත. 

මේ අතර, වගකිව යුතු තනතුරක් දැරූ අයෙකු ලෙස වසර තුනක් තිස්සේ ව්‍යාජ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ වරදට නඩු පවරනු ලැබ සිටි මහින්ද රාජපක්ෂ විසින් පත් කර, දෝෂාභියෝගයට ද ලක් කරන ලද හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව පවරා ඇති නඩුව අල්ලස් කොමිෂම විසින් ඉල්ලා අස් කර ගැනීම නිසා ඇය නිදොස් කොට නිදහස් කරනු ලැබ තිබේ. 

දුමින්ද සිල්වාට නඩු පවරා තිබෙන්නේ ද මෙම චෝදනාව යටතේ ම ය. 

රටේ නීතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටත්, අග විනිසුරුටත්, සාමාන්‍ය ජනයාටත් එකක් විය යුතු ය. 

නීතිය ඉදිරියේ සියලු පුරවැසියන් සමාන යයි කීවත් ඇතැම් පුරවැසියන් වැඩිපුර සමාන බවට ශිරානි බණ්ඩාරනායක සාක්කියකි. 

නීතිය මේ අන්දමින් අපහරණය කරන තත්වයක් තුළ ශිරානි බණ්ඩාරනායකගේ ඉල්ලීම වැනි ම ඉල්ලීමක් ඉදිරිපත් කරන කුමාර් ගුනරත්නම්ගේ පාටියට ද එය ලබා දීමේ ගැටලුවක් මම නම් නො දකිමි. 

මන්ද, ඔහු ද ඇති හැකි අයෙකි. 

නීති අකුරට ක්‍රියාත්මක කළ යුත්තේ අප වැනි සාමාන්‍ය මිනිසුන්ට පමණක් නොවැ!

නීති විශාරදයන්ට නීති කඩන්නට ලයිසන් ඇත. දුප්පත් මිනිසුන් නීතිය නො දැන සිටීම නිදහසට කරුණක් නො වේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. යහපාලනේ කුක්කන්ට විරුද්දව ලිවීම වෙනුවෙන් පැරා ගේ බැන්කු ගිනුමට බැර කල මුදල් ලැබුනු බවට බැන්කුවෙන් කෙටි පනිවිඩයක් යවලා වගේ....

    එල එල...

    ReplyDelete
    Replies
    1. යහපාලන කුක්කන්ගෙන් මේ මාසෙට ලැබුණ චෙක් එක රිටර්න් වෙලා වෙන්නත් පුලුවන්

      Delete
    2. //යහපාලන කුක්කන්ගෙන් මේ මාසෙට ලැබුණ චෙක් එක රිටර්න් වෙලා වෙන්නත් පුලුවන් //

      මොනා කිවුවත් බැසිල් තුමා දන්නවා මුදලේ අගය..... :D

      Delete
  2. පිස්සුද ?
    ප්‍රේමකුමාර් ගුණරත්නම් අසමාන ය.

    ReplyDelete
  3. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නඩුවක් දාන්නේ නැද්ද ශිරාණි බණ්ඩාරනායක ගේ වංචා ගැන?

    ReplyDelete
  4. මරා විසින් ශිරාට සහ සරාට දෙන දඬුවම් සිරා විසින් ශුන්ය කර ඇත.
    පැරා ඒ ගැන කලබල වෙන්න කාරි නෑ

    ReplyDelete
  5. ලෝකෙන් උතුම් රට ලංකාවයි... ලංකාවයි.... ලංකාවයි.... ලංකාවයි.... සිරි ලංකාවයි...

    ReplyDelete
  6. රක්ත රුහිරුFebruary 19, 2016 at 8:21 PM

    ධනපති මස්කටු ලොඹින පැරාලාට ඉදහිට පීඩිත පන්තිය වෙනුවෙන් බුරන්නට කරුනාව පහලවෙන හැටි...
    කාවද මේ රවට්ටන්න හදන්නෙ පැරා?

    ReplyDelete
  7. පැරාගේ ගෙවීම් පැහැර හැරී ජහපාලන ආණ්ඩුව භංග වේවා

    ReplyDelete
  8. Replies
    1. "අපේ ස්ථාවරය අප වෙනස් කර නැත" යනුවෙන් ලියා ඇති කොටස දුටු පසු මෙම බ්ලොගය පැරා විසින් තනියම ලියන බ්ලොගයක්ද, එහෙම නැත්නම් මොකක්හරි සංවිධානයක් හෝ කණ්ඩායමක් විසින් මෙහෙයවන බ්ලොග් එකක්ද කියල හිතෙන්නේ මට විතරද අෆ්ෆා

      Delete
    2. ඇයි මේකට ඩොලර් සපයන, එන්ජීඕ, යූඇන්පිය, කොටි, මුස්ලිම්, දෙමළ කට්ටිය යන මේ සියලු දෙනා එක්ක තමයි අපි වෙන්නෙ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා