පළවා හරින ලද ජනයාට ආපසු යාමට තිබෙන අයිතිය

කොටි සංවිධානය විසින් උතුරෙන් පළවා හරිනු ලැබූ, තවමත් සරණාගත කඳවුරුවල ජීවත් වන බව කියන මුස්ලිම් ජනතාව ඊයේ කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් හා උද්ඝෝෂණයක් කළ හ.

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා හමු වී සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්නට ඔවුන් උත්සාහ කළ හ.

ඔවුන් ඉල්ලා සිටින්නේ ආපසු හැර දමා පැමිණි ගම් බිම්වල පදිංචි වී ජීවත් වන්නට අවස්ථාව ලබා දෙන ලෙසයි.  කොටි සංවිධානය සිය වාර්ගික ශුද්ධ කිරීමේ ප්‍ර‍තිපත්තිය මත 72,000ක් මුස්ලිම් වැසියන් උතුරු පළාතෙන් පළවා හරින ලදී. 

1983 කළු ජූලිය තුළ ද මෙවැනි ම වාර්ගික ශුද්ධ කිරීමක් සිදු විය. දිවයිනේ බොහෝ පළාත්වල ජීවත් වූ දෙමළ ජනයා පළවා හරින ලදී. 

යාපනය හා වෙනත් උතුරේ ප්‍රදේශවල ජීවත් වූ සිංහල පවුල් අවතැන් වීම ද මෙවැනි ම සංසිද්ධියකි. 

වාර්ගික ශුද්ධ කිරීම සමග අත්වැල් බැඳගෙන ගිය තවත් සංසිද්ධියක් වන්නේ ආක්‍ර‍මණකාරී පදිංචි කිරීම් ය. 1958 තරම් ඈත කාලයේදී පදවිය ජනපදයේ දෙමළ ජනයා පදිංචි කිරීම වළක්වන ලදී. වැලිඔය ජනපදය හමුදාව විසින් පිහිටුවන ලද මිලිටරි කොලනියකි. 

උතුරෙන් පළවා හරින ලද මුස්ලිම් ජනයාගේ දේපල කොටි සංවිධානයේ අනුදැනුම මත මංකොල්ල කනු ලැබුවේ ද මේ අන්දමට ම ය. 

අවතැන් වූ මුස්ලිම් ජනයා නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ද ගැටලු මතු වී තිබේ. 

ජාතිවාදය නිසා අවතැන් වන්නට සිදු වූ ජනයා ජාතිවාදීන් විසින් නැවත වටයකින් පාවිච්චි කරමින් සිටින බව පැහැදිලි ය. නිදසුනක් ලෙස, මේ වන විට නාවට්කුලි ප්‍රදේශයේ රජයේ ඉඩමක අනවසරයෙන් පදිංචි වී සිටින යාපනයෙන් පළවා හරින ලද සිංහල ජනයා පසුපස ජාතිවාදී බලවේග ක්‍රියාත්මක විය. කොටින් ම ඔවුන් අනවසරයෙන් පදිංචි වී සිටින ගමට සිංහලාරාමය යන ප්‍රකෝපකාරී නමක් පවා යොදාගෙන තිබේ. මේ ජාතිවාදීන්ට අවශ්‍ය වන්නේ උතුරෙන් පළවා හරින ලද සිංහල මිනිසුන් දෙමළ ජනයා සමග සහජීවනයෙන් ජීවත් වන පසුබිමක් නිර්මානය කරන්නට නො වේ. නැවත ජාතිවාදී ගැටුම් අවුළවා ගොඩනැගෙමින් ඇති සංහිඳියාව නැති කරන්නට ය. 

දෙමළ හා මුස්ලිම් ජාතිවාදී සංවිධාන ද කටයුතු කරන්නේ ඒ අන්දමින් ම ය. 

ජාතිවාදී ගැටුම් හේතුවෙන් දිගු කලක් පදිංචි වී සිටි ප්‍රදේශ හැර දමා එන්නට සිදු වූ ජනයාගේ ප්‍ර‍ශ්න සාධාරණ අන්දමින් විභාග කර විසඳුම් ලබා දිය යුතු ය. 

එහිදී සැලකිය යුතු කරුණු රැසක් තිබේ. ඔවුන්ට ස්ථිර දේපල තිබුණා ද, ඒවා විකිණුවා ද, විකිණුවේ සාධාරණ මිළකට ද, කුලී හෝ අනවසර පදිංචිකරුවන් නම් කෙතරම් කලක් පදිංචි වී සිටියා ද, අවතැන් වූ පසු ඔවුන්ට රජය විසින් ඉඩම් හා වෙනත් වන්දි ලබා දුන්නා ද, ඔවුන් නැවත පදිංචි කිරීම සාර්ථක වී තිබේ ද, ආපසු ඔවුන් සිටි ස්ථානවල පදිංචි වී සාර්ථක ලෙස ජීවිත ගොඩනගා ගැනීමට ඔවුන්ට තිබෙන ශක්‍යතාව කුමක් ද වැනි කාරණා නිසි අන්දමින් විභාග කර බැලිය යුතු ය. 

ජාතිවාදය නිසා පදිංචි ස්ථාන දමා එන්නට සිදු වීම කණගාටුදායක තත්වයක් බව සැබෑ ය. එහෙත්, වසර බොහෝ ගණනකට පසු ආපසු යාම ද සරළ කාර්යයක් නො වේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සිංහල ජාතිවාදය හරිම භයානකයි නේද මෙයා දෙමළ සහ මුස්ලිම් එකට වඩා
    ඒ නිසා අවතැන් වෙච්ච අසාධාරණයට ලක්වෙච්ච සිංහලු ගැන වැඩිය කතා නොකර අහිංෂක දෙමළ මුශ්ලීම් සහෝදරයෝ ගැන වැඩි වැඩියෙන් කතා කරන්න පැරාට ශක්තිය ධෛර්යය ලැබේවා

    සැ.යු.
    ගුරු වෘත්තීයෙන් ඉවත්වෙලා පුර්ණකාලීනව බ්ලොග් ලියන පැරා ජීවත් වෙන්නේ ඒවාට වැටෙන කමෙන්ට් වලින් බැවින් මෙහි පැමිණෙන සැවොම ඇහැක් විදිහට කමෙන්ට් එකක් දෙකක් කොටලා ගියානම්

    ReplyDelete
    Replies
    1. චතූෂ පුතේ හිතේ දුකට එතකොට කවි කියවෙනවා.

      Delete
    2. අවතැන් වීම්වලට වැඩිපුර ලක් වී තිබෙන්නේ දෙමළ හා මුස්ලිම් ජනයා නිසා බැවින් වැඩිපුර කතා කරන්නට සිදු වන්නේ ඔවුන් ගැන ය. අනෙක සිංහල මාධ්‍යවල ඒවා ගැන කතා කරන්නට ඕනෑ තරම් අය සිටිති. අඩුවෙන් ඇත්තේ දෙමළ, මුස්ලිම් ජනයා ගැන කතා කරන අයයි.

      Delete
    3. ඔව්. කරුණාකර කමෙන්ට් දමන්න. එවිට මට හා මගේ දරු පවුලට දිනපතා ම කමෙන්ට්වලින් කුස පුරවා ගත හැකි ය.

      ඩොලර් හෝ රුපියල් හෝ දමන්නට කැමති අය ඉන්නවා නම් ගිනුම් අංකය ලබා ගැනීම සඳහා මා අමතන්න.

      Delete
    4. කමෙන්ට්ස් වලින් සල්ලි හොයන හැටි කියලා දෙනවාද කව් රුහරි. මම හිතුවේ බ්ලොග් ලියන එක අතින් කයිට් වෙන වැඩක් කියලා. බ්ලොග් වලින් සල්ලි හොයන්න පුලුවන් නම් ඇත්තටම ඒකේ වරදක් තියනවාද ?

      Delete
  2. මේ ගැටළුව පහසු විසඳුම් නැති ඉතා සංකීර්ණ එකකි.

    1. උතුරේ සිය ගම් බිම් අහිමි වීය කියන බොහෝ දෙනකුට තම ඉඩම් වල අයිතිය පෙන්වීම පිණිස ඔප්පු නැත. ඔවුන් උතුරෙන් පැමිණි පරිසරය මත ඔවුන්ගෙන් ඔප්පු ඉල්ලීමද සාධාරණ නොවේ. අනෙක් අතට කිසිම ලියවිල්ලක් නැතිව කෙනකුට ඉඩමකට අයිතිය කිව හැකිද? මෙසේ ඉඩම් අයිතිය කියන්නන්ගේ සැබෑ අයිතිය තහවුරු කරගෙන මිස ඔවුන්ට අළුතින් හෝ ඉඩම් ලබාදීම වැරදි පූර්වාදර්ශයක් වනු ඇත.

    2. ලංකාවේ නීතිය අනුව යම් ඉඩමක් වසර දහයක් භුක්ති විඳි කෙනකුට ඉන්පසු එහි අයිතිය ඉබේම හිමිවේ. මේ නිසා උතුරේ එකම ඉඩමට අයිතිවාසිකම් කියන පාර්ශ්ව දෙයක් සිටිය හැකිය. මගේ එක් දෙමළ මිතුරකුගේ ගැටළුව එවැන්නකි.

    3. සමහර අවස්ථාවන්හීදී ඉඩම් අයිතිය ඉල්ලා සිටින්නේ සැබෑ අයිතිකරුවන් නොව ඔවුන්ගේ දරුවන්ය. මේ නිසා ප්‍රශ්නය තවත් සංකීර්ණ වේ.

    මේ නිසා විසඳුම් බොහෝ දුරය. ඒ මැදට ජාතිවාදය හා දේශපාලනය පැණ ගත් විට ඒවා තවත් දුර වේ.

    (ෆේස්බුක්හි චානුක වත්තේගම විසින් දක්වන ලද ප්‍ර‍තිචාරයකි)

    ReplyDelete
  3. පැරා,
    මේ සිද්ධිය සිදුවුනේ 1991 ඩි පමණ නේද ? මට මෙතන පැනනගින ප්‍රශ්නය මේ සිද්දිය ගැන දමිල සමාජය ඉතාම නිහඩයි, දැන් බලන්න ශ්‍රී ලංකා හමුදාව කිසියම් ජාතිවාදී ක්‍රියාවක නිරතවන විට මේ රටේ බොහෝ සිංහලයන් ඔබත් ඇතුළු, අදාල වැරදි ක්‍රියාව විවේචනය කරනවා, නමුත් ඔබ කොහෙද දැකල තියෙන්නේ මේ මුස්ලිම් ජනයාට සිදුවුණ මේ ක්‍රියාව ගැන විවේචනය කරනවා, මගේ පියාගේ මුස්ලිම් මිතුරකු කියා තිබුන තම සේසතම මේ ත්‍රස්තවාදීන් උදුරාගත් බව, ඔවුන් මේ අයගේ බැංකු ගින්නුම් වල සියලු මුදල් ලබාගත් අතර රුපියල් 500 වැනි මුදලකුයි ගෙනයාමට අවසර දුන්නේ.

    මේ තිරශ්චින ක්‍රියාව ගැන ඔබට මතගක ද දෙමල බුද්ධිමටකු වචනයක් කියනවා ? මම විදේශ ජනමාද්‍ය ගැන අවදියෙන් සිටින නිසා එකම එක අවස්ථාවක පමණයි මා දැක්කේ දමිල ජනමාද්‍ය වේදියකු වන DBS ජෙයර්ජ් සහ Ahilan Kadirgamar වැනි අතිශයෙන් සිමිත කීපදෙනෙක් පමණයි අදත් මේ ගැන කතා කරන්නේ.
    මෙහිදී දමිල හ්ර්ධ ස්ක්ශීය ගැන මනා චිත්රයක් පේනවා නේද ?

    තව අපුරු දෙයක් උනා පැරා
    ඊයේ මම https://www.youtube.com/watch?v=-X9I_aDlKa4 ඉන්දියානු ආචර්ය වරයකු ශ්‍රී ලංකාව ගැන කරන මෙම දේශනය මම සවන් දුන්න,
    ඔහු ඉතා හොදට මෙය පැහැදිලි කරනවා ඔහු පවසනවා ශ්‍රී ලංකාව තමයි ලෝකයේ එකම රට “සිවිල් යුද්දයක් යුදමය ලෙස පරාජය කල “ කියන මතය ඉදිරිපත් කළා.
    ඔහු කියන්න පරිසම් වූ දෙයක් තමයි ඉන්දිරාගන්ධි LTTE සංවිදානයට උදව් කල සහ පුහුණු කල බව සහ රජිව් ගාන්ධි ශ්‍රී ලංකාවේ ගුවන් සිමාව උල්ලංගනය කල බව. මේ බව මම කොමෙන්ටුවකින් සදහන් කළා නමුත් අද වන විට ඔහු එය DELETE කරලා.
    මෙහෙම තමයි ඉන්දියානුවන් තම මතය ලොකයට ගෙනයන්නේ, ඔබත් මෙය අසා මෙවැනි ප්‍රශ්න අසා බලන්න, අපේ බොහෝ පණ්ඩිතයන් කියනවා ඉන්දියාව සමග සම්බන්ද වීම අවශ්‍ය බව ඔවුන් ඉන්දියාව කියන්නේ මොනවගේ රටක්ද කියල දැනගැනීමට අපුරු තැනක් තමයි මෙවැනි ඉන්දියානු උගතුන් ක්‍රියාකරන හැටි.

    ReplyDelete
    Replies
    1. ලෝකය ඉදිරියට ගෙන යා හැක්කේ ජාතිවාදයෙන් නෙමෙයි. ඕනෑම ජාතියක ජාතිවාදීන් සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ජාතිවාදය කියන්නේ ඉතා ගැඹුරට කා වැදුණු දෙයක්. ඒ නිසා එය පරාජය කිරීම පහසු නැහැ.

      එහෙත්, එය අනිවාර්යයෙන් ම පරාජය වෙන්නට නියමිතයි. ඒක සමහර විට අපේ පරම්පරාවේදී නොවෙයි. ඒත්, ලෝකය සංවර්ධනය වන ආකාරය අනුව ජාතිවාදය පවත්වාගෙන යන්නට බැහැ.

      අනෙක් පැත්තෙන්, ලෝකය එකිනෙක සම්බන්ධ වීමේදී ජාතික දේශසීමාවන් මැකී යන එකත් වළක්වන්නට බැහැ.

      මිනිස්සු මේවා ගැන අඬා වැලපෙන කාලයක් තියෙනවා. පස්සෙ අලුත් තත්වයන් සාමාන්‍යකරණය වෙනවා.

      උදාහරණෙකට දැන් කවුරුවත් උඩරට-පහතරට භේදය මැකී යාම ගැන අඩන්නෙ නැහැ නේ ද?

      ඉතිහාසය එක්ක ජීවත් වෙන්න. එතකොට ප්‍ර‍ශ්න තේරුම් ගන්නට පහසුයි. දෙමළ අය මුස්ලිම් ප්‍ර‍ශ්නය ගැන කතා නො කරන්නේ ඇයි? දෙමළ ජනතාවගෙන් බහුතරයක් ද මුස්ලිම් අය දිහා බලන්නේ සිංහල අය දෙමළ අය දිහා බලන විදියටමයි.

      මේ තමයි ජාතිවාදය. ජාතිවාදයෙන් සම්පූර්ණයෙන් ම මිදෙන්න.

      Delete
    2. පැරා ,

      // දෙමළ ජනතාවගෙන් බහුතරයක් ද මුස්ලිම් අය දිහා බලන්නේ සිංහල අය දෙමළ අය දිහා බලන විදියටමයි. //
      එක ඇත්තනම්, ඔබ බලන්න සිංහල සමාජයේ විශාල පිරිසක් සිටිනවා දෙමල ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතාකරන, නමුත් දමිල සමාජයේ එහෙම පිරිසක් නෑ මුස්ලිම් ජනතාව ගැන කතා කරන.
      මෙන්න මේක තමයි පැරා යතාර්ථය මා ඉදිරිපත් කරන දෙවැනි ප්‍රශ්නය ඉන්දියාව ක්‍රියාකරන ආකාරය මෙතන ඇත්තේ ඉන්දියානු උගතෙකු ඉන්දියාව වෙනුවෙන් සත්‍ය වසන්කරන ආකාරයයි, මෙහි ඇති පිළිකුල් සහගතම දෙයනම් මෙය යමකු පෙන්වාදුන් විට ඉතා ලජ්ජ නැති ආකාරයෙන් අදාළ පිළිතුර වාරණය කිරීමයි.
      මට මෙතන පෙන්වීමට උවමනා උනේ ඉන්දියාව සමග ඕනෑම ගිවිසුමකදී ශ්‍රී ලංකාව ට වාසි වන යමක් සදහන් වුනොත් ඔහුන් එම වාසිය ඉවත් කිරීමට වගබලාගන්නවා පමණක් නෙමෙයි අදාළ නීති විරෝධී ක්‍රියාව සාදරනිකරණය කිරීමට ගතහැකි සියල්ල ඔවුන් කරනවා, මෙසේ කිරීමට ඉන්දියානු විද්වතුන් කිසිදු ලැජ්ජාවක් නැතිබව අපි තේරුම් ගත යුතුයි, මෙයයි ඉන්දියානු සංස්කෘතිය මෙය තරුම් නොගෙන ඔවුන් සමග ගනුදෙනු කිරීම ඉතා අහිතකරයි රටක් ලෙස ශ්‍රී ලංකාවට.

      Delete
    3. පසුගාමී අදහස් දරන්නට ඕනෑම කෙනෙකුට නිදහස තිබේ. එහෙත්, ඉතිහාසය ගුරු කොට ගන්නා මිනිසුන් කටයුතු කළ යුත්තේ ඉදිරිගාමී ච්න්තනයන් ප්‍ර‍වර්ධනය කරන්නටයි.

      කෝටි ගණනක් මිනිසුන් සිටින ඉන්දියාව එක් මිනිසකුගෙන් සංකේතවත් කරන්නට උත්සාහ කරන ඔබ කරන්නේ ද එකී පුද්ගලයා කළ දෙයමයි.

      Delete
    4. ඇත්තටම පැරා සිංහල ජාතිවාදයට වඩා දෙමල ජාතිවාදය තියනවා. සාපේක්ෂව බැලුවොත් සිංහල සමාජයේ දෙමළ ජාතියේ සාධාරණය වෙනුවෙන් කථා කරන විශාල පිරිසක් හිටියට දෙමළ සමාජයේ බහුතරයක් සිංහල විරෝධී මානසිකත්වයකින් ඉන්නේ. ඔවුන් ජාතික සමජිය වෙනුවෙන් කැපකිරීම් කිරිමට සුදානම් නෑ. සිංහල ජාතිවාදයට බනින කවුරැවත් මේකට හරි උත්තරයක් දෙන්නේ නෑ...

      Delete
    5. ඕක උත්තර දෙන්න බැරි මහ ලොකු ප්‍ර‍ශ්නයක් නෙමෙයි. ඕනෑම සමාජයක සුළුතර ප්‍ර‍ජාවන් අතරේ ජාතිවාදී හැඟීම් වැඩියිි.

      පිටරටවල ජීවත් වන සිංහලයන් අතරත් ඔය හැඟීම තිබෙනවා.

      මහ ජාතියක් වුණා ම සුළු ජාතියට බියෙන් ඉන්න ඕනැ නැහැ. ලංකාවේ සිංහලයන්ට තිබෙන්නේ බහුතරය වෙමින් සුළුතරය ලෙස සිතන හීනමානයක්.

      Delete
    6. // ඕනෑම සමාජයක සුළුතර ප්‍ර‍ජාවන් අතරේ ජාතිවාදී හැඟීම් වැඩියිි.//
      එහෙනම් පැරා මොන එහෙකටද මහජාතියේ ජාතිවාදය ගැන ඉස්සල්ල චෝදනා කරන්නේ, වැඩි ජාතිවාදීන් ඉන්නේ සුලුජාතින් අතර නම් ඉස්සලා ඔබ සිංහල මහජාතියේ ජාතිවාදය අඩුකිරීමට පෙර අර වැඩි ජාතිවාදීන් සිටින සුළු ජාතියේ ජාතිවාදය අඩු කලානම්.

      // කෝටි ගණනක් මිනිසුන් සිටින ඉන්දියාව එක් මිනිසකුගෙන් සංකේතවත් කරන්නට උත්සාහ කරන ඔබ කරන්නේ ද එකී පුද්ගලයා කළ දෙයමයි. //

      මේ නිකන් පරෙයන මිනිහෙක් නෙමෙයි පැරා මේ ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක ආචාර්යවරයක්, ශ්‍රී ලංකාව සම්බන්ධ දැනුම ඇති පුද්ගලයෙක්.
      ඔබ ඔබාමා හෝ මෝඩි හෝ වෙන පිළිගත යුතු පුද්ගලයෙක් කියනවනම් ඔබ කියනවද මෙච්චර මිනිසුන් සිටින රටේ එක මිනිහෙකුගේ මතයෙන් ඇති වැඩේ මොකද්ද කියල ?
      රටක ජනමතය මෙහෙයවන පුද්ගලයන් ගේ අදහස් දැනගත් යුත්තේ ඔයිට වඩා දැක්මත් ඇතිව පැරා, ඔබල 87 – 89 කාලයේ ඉන්දියාවෙන් පරිප්පු ගෙනාපු මුදලාලි මාරුව වගේ ගොන් තීරණයක් තමයි ඔය කියන්නේ.

      Delete
    7. Lankika Sithuwili කියන හාදයට තියෙන්නේ ඉන්දියාව ගැන ඇරියස් එකක්.. පොරට ඒ වගේම බටහිර/ ධනවාදය/ ඇමරිකාව/ රනිල් වගේ හුගක් දේවල් ගැන ඇරියස් තියෙනවා... මේ වගේ පෙරටුගාමී ටයිප් නල්ලමලේ වම්මුන්ට උත්තර දිදී ඉන්න ගියොත් පැරාට වෙනම බ්ලොග් එකක් ලියන්න වෙයි..

      කොහොමත් ඔනෑම රටක සුලු ජාතිය ජාතිවාදී වැඩියි... යුරෝපයෙක් ඉන්න මුස්ලිමුන්, ඕස්ට්‍රේලියාවේ ඉන්න සින්හලයින් ඔවුන්ගේ මවුරටවල මිනිසුන්ට වඩා ජාතිවාදියි...
      මේකට එකම විසදුම ජාතිය, ආගම, භාෂාව අතර ඇති බැමි අඩු 'කොස්මොපොලිටන් කල්චර්' එකකට මිනිස්සු පුරුදුකරවීම.. ආගම රාජ්‍ය පාලනයෙන් වෙන්කිරීම, ඉන්ග්‍රීසි භාෂාව වැනි ජාත්‍යන්තර භාෂාවක් භාවිතා කිරීම දිරිගන්වන ගමන් අනොන්‍ය භාෂා ඉගෙනගැනීමට උනන්දුකිරීම, තාරුන්‍යේ නිදහස භුක්තිවිදීමට පහසුකම් සැලසීම, ආදියේ ඉදන් ජාතිවාදී ප්‍රකාශ කරන්නන් මර්ධනය කිරීම වෙනකන්ම විවිද ක්‍රියාමාර්ග මේ සදහා යොදාගත හැකියි..
      සින්ගප්පූරුවේ මෙය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා..

      Delete
    8. ලංකා සිතිවිලිගේ අදහසට මමත් එකඟයි. මම දෙවරක්ම ඉන්දියාවට ගොස් තිබෙනවා. එහි 3/4ක් පමණ සංචාරය කර තිබෙනවා.(දලයි ලාමා තෙරුන් වහන්සේගේ ධර්ම වැඩපිළිවෙල ඉගෙන ගැනීමට තව සැරයක් ඉන්දියාවට සහ ටිබැට් රටට යන්න හිතා ගෙනත් ඉන්නවා) මට ඉන්දියාවේදී හමු වුනු අඩුවැඩි වශයෙන් සියලුම තරාතිරම්වල මිනිසුන්ගේ එකම අරමුණ අපේ ඩොලර් හැකිතාක් ඉන්දියාවේදී වියදම් කිරීමයි. (ඒ තත්වය ජපානයේදී මා දැක්කේ නැහැ.) අනෙක හැම ඉන්දියානුවෙක්ම ඉල්ලන්නෙත් නැතිව අපිට නොමිලේ උපදෙස් නම් පෝලිමට දෙනවා. ඔවුන් සිතා ඉන්නේ ඔවුන් සිතන ආකාරයට අපි කටයුතු කල යුතුයි කියලයි. අපි එහෙම කලයුත්තේ ඇයි කියල ඇහුවම ඒකට දෙන්න සඵල උත්තරයක් ඔවුන් තුල නැහැ. අඩු තරමේ ඔවුන් ඉන්දියාවේ සිතියම අඳිද්දී ඒකෙ කොටසක් විධියට පුංචි ලන්කාව අඳින්න තියෙන හේතුව මොකක්ද කියල ඇහුවම ඒකට දෙන්න උත්තරයකුත් නැහැ. දැන් පැරාට කියන්න පුළුවන් මටත් ඉන්දියාව එක්ක කවර් කරගතයුතු ඇරියස් එකක් තියෙනවා කියල.

      සමරසේකර

      Delete
    9. //මට ඉන්දියාවේදී හමු වුනු අඩුවැඩි වශයෙන් සියලුම තරාතිරම්වල මිනිසුන්ගේ එකම අරමුණ අපේ ඩොලර් හැකිතාක් ඉන්දියාවේදී වියදම් කිරීමයි.//

      //ඔවුන් සිතා ඉන්නේ ඔවුන් සිතන ආකාරයට අපි කටයුතු කල යුතුයි කියලයි. //
      ඔය ගති ඔයිටත් වඩා වැඩියෙන් ලංකාවෙ මිනිස්සු අතර තියෙනවා.. සුද්දන්ගෙන් අසාධාරනව ගාන කපන හැටි පිටකොටුවේ වෙලෙන්දෙක්ගෙන් අසා දැනගන්න.. ජාතික ප්‍රශ්නයේදී ලංකාවේ සිංහල හා දෙමල ගෝත්‍ර දෙකේම ම සාමාජිකයෝ හැසිරෙන්නේ මුලු ලෝකෙම තමන්ට අවශ්‍ය විදිහට සිතිය යුතුයි කියලා හිතාගෙන..

      Delete
    10. Lankika sithuwili samara sampurnayenma ekaga wenawa. Perage arrival ekath Ethama kalochithie. Prashnya wela thyenea api jathieen anuea pakeha balathargetta deshpalanya kereemie. A A wagema palanya degukaragnematta apaga nayakayen wesin ema jathiwadee "lebel" ma bawetha kereemiyie, Lankika sithuwili sadahan karana akarayattma Budagma adahanno budagama nodanna wagema Islam Christianity, Hindu weni saha Sinhala, watt demala, yapanea usas demala saha, yamk athi sah Neto yanakarayen janathwa bedie athi nesat, ema janathw denuwath kereematta budimath AAgamika menma deshpaln nayakaien nethi nisath apa Ada mandagamee rajyak lesa lokaya dakinawa.

      Delete
  4. ඉන්දියානු උගතුන් ගැන සහතික දෙන්න ඔබ ඉන්දියානු උගතුන් සමග වැඩ කරලා තියෙනවද? ඉන්දොයානු විෂ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා තිබෙනවාද?

    මම ඉන්දියාවේ වසර 4 අධ්‍යාපනය ලැබුවා.. ලන්කාවේ ඉන්න නලීන් ද සිල්වා වැනි වසලයින්ට වඩා ඉතා ඉදිරිගාමී චින්තනයකින් හෙබි උගත්තු මට ඉන්දියාවේදී හමුවෙලා තිබෙනවා... කෝටි ගනනක් වෙසෙන ඉන්දියාව ගැන එක් අයෙකුගෙන් මනින ඔබ වැනි මුග්ධයින් වෙන්න ඔනෑ ඒ කාලෙ ඉන්දියානු විරෝදයක් ගෙනත් බස් ගිනිතිබ්බේ...

    ReplyDelete
    Replies
    1. //නලින් ද සිල්වා වැනි වසලයින්//

      නලින් ද සිල්වා වසලයෙකු වන්නේ කෙසේද? කරුණාකර නිර්ණායක ඉදිරිපත් කරන්න. හේතු නොමැතිව අතන මෙතන අනන් මනන් කියන්නා තප්පුලන බූරුවෙකි.

      Delete
    2. නලීන්ද සිල්වා වැනි අන්ත සිංහලබෞද්ධ ගෝත්‍රවාදියෙකුට කඩේයන ඔබලා වැනි බූරුවන්ට තමන්ගේ නමින් කොමන්ට් කරන්නට හෝ නොහැකිවීම ගැන කනගාටුව පලකරමි

      Delete
    3. යන්නේ කොහෙද? මල්ලේ පොල්..

      කවුරුන් හෝ මගේ බූරුවැඩක් පෙන්වාදුන් විට බූරුවකු බව පිළිගැනීමට මම කිසි සේත්ම ලැජ්ජා නොවෙමි. අප මින්සුන් වුවත් බූරුවන් ලෙස වැඩකරන අවස්ථා අනන්තවත් ඇත.

      කාගේ හෝ අදහසකට හේතු වූ කාරණය එම පුද්ගලයාගෙන් විමසීම බූරු වැඩක් ලෙස මම නොසිතමි. සෑම දෙයක්ම ප්‍ර‍ශ්න කිරීම ඔබට අනුව බූරු වැඩක් විය හැකිය.

      නලින් ද සිල්වා වසලයෙකු වන්නේ කෙසේද? යන්න ඔහු වෙනුවෙන් කඩේ යන්නෙකුට වඩා ඔහු දෙස විවේචනාත්මකව බලන්නෙකුට නැගෙන ප්‍ර‍ශ්නයකි. කෙසේ වෙතත් ඔබට අවශය දේ සිතා ගන්න.

      අදහස් පළකරන පුද්ගලයාගේ අනන්‍යතාව වැදගත් නැත. වැදගත් වන්නේ අදහස්වල අනන්‍යතාවයයි.

      නිකන්ම නිකන් නමක් දැම්ම පළියට අනන්‍යතාවය තහවුරුවන්නේ නැත. ඕනෑම කෙනෙකුට ඕනෑම නමකින් කමෙන්ට කළ හැකිය. එසේනම් ෆේස්බුක් හෝ ගූගල් ගිණුම සහිතව කමෙන් කළ යුතුය. ඊට අමතරව එම අදහස් ගිණුම තුළද ෂෙයා විය යුතුය. (මෙම වෙබ් අඩවියේ එවැනි සැබෑ අනන්‍යතාව සහිතව අදහස් දක්වන අය ඕනෑතරම් සිටිති - රසික සූරියආරච්චි වගේ අය)

      අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙයයි. හේතු නොමැතිව අතන මෙතන අනන් මනන් කියන්නා මෙන්ම අසන ලද ප්‍ර‍ශ්නය තේරුම්ගත නොහැකිව වෙන වෙන බයිලා කියන්නන් ද තප්පුලන සුපිරි බූරුවන් ගණයට අයත් වේ.

      Delete
    4. නිපුන රාමනායක,
      මා පළමු වරට ඉන්දියාවට ගියේ IRMA ආයතනයේ වුර්තිකයෙක් විදිහට ඉගෙන ගැනීමටය .එබැවින් ඉන්දියාවේ මෙන්ම විවිධ රටවල වෘතිකයන් සමග එකට එකතුවී අදයාපනය ලබන්නට මට වාසනාව ලැබුනා.සුමුදු උච්චාරණයක් තියෙන උතුරු ඉන්දීය මහාචාර්ය වරුන්ගේ ඉංග්‍රීසි වල සිට සිග්‍රගාමි දුම්රියක් මෙන් ඉතා වේගයෙන් ඉංග්‍රීසි බස වහරන දකුණු ඉන්දීය මහාචාර්ය වරුන්ගේ ඉංග්‍රීසි බසින් කෙරුණ දේශන,සාකච්චා,සම්මන්ත්‍රණ හා වැඩ මුළු වලට සහභාගිවීමට භාග්‍ය ලැබුනා විතරක් නෙමෙටි මේ බොහෝ අය සමග පෞද්ගලිකව කතාබස් කිරීමට ඉඩ ලැබුනා. මා දෙවන වරට ඉන්දියාවට ගියේ බෞද්ධ බැතිමතෙකු ලෙස දඹදිව වන්දිමටයි. දිල්ලියෙන් උඩට මා ගොස් නැහැ. කල්කටාවට,ගෝවට, ගොස් නැහැ.ඒ හැර ඉන්දියාවේ අඩුවැඩි වශයෙන් ඉන්දියාවේ අන් කොටස් වල මා සංචාරය කර තිබෙනවා. විවිධ තරාතිරමේ ඉන්දීය ජාතිකයන් මුණගැසී තිබෙනවා. මා ඉන්දීය ජන සමාජය ගැන අදහස් පල කලේ මා ඉන්දියාව
      දුටු ආකාරයටයි.

      සමරසේකර

      Delete
  5. වැලිඔය ජනපදය මිලිටරි කොලනියක් නොවේ. එවකට පැවති රජය විසින් පිහිටුවා, ආරක්ෂාව යන වචනයට මුවාවී, හමුදා කඳවුරු පිහිටවීමෙන් සාදන ලද්දකි. මිලිටරි කොලනියක් යනු, එක්කෝ හමුදා පවුල් පමණක් පදිංචි කරවන ලද හෝ, නැතහොත් හමුදා පාලනයක් යටතේ බලහත්කාරයෙන් පිහිටවූ, කොලනියකි. එවැනි එකක් වත් ලංකාවේ නැත. LTTE ය විසින්, බලහත්කාරයෙන් දෙමළ කොලනි පිහිටවීම සිදුකලා.

    ReplyDelete
    Replies
    1. මා භාවිතා කළ වචනවල අර්ථ නිරූපණ වැරදිය හැකි ය. එහෙත්, වැලිඔය ජනපදය පිහිටුවීමට මුල් වූ පුද්ගලයකු වූ හර්මන් මාලිංග ගුනරත්න (මෛත්‍රී ගුනරත්නගේ පියා) ලියූ For a Sovereign State නම් පොත කියෙව්වොත් මෙම ජනපදය පිහිටුවන්නට මුල් වූ අයගේ උවමනාවන් තේරුම් ගන්නට පුළුවන්. මේ හර්මන් මාලිංග වැවිලිකරුවෙක්. පසුව ගාමිනී දිසානායක සමග එක්ව මහවැලියේ වැඩ කළා. ජේ.ආර්ගේ පුතා රවි ජයවර්ධන එක්කත් ළඟ සම්බන්ධකම් තිබුණා. හැබැයි කාලෙකදි ජේ.ආර්ගේ වෛරයටත් ලක්ව හිරේ ඉන්න වුණා.

      මෙයා අර මාතර කුරුඳු පොලු සීන්කෝන් එකේ වෙඩිතැබීමකට සම්බන්ධවත් රිමාන්ඩ් වුණා.

      මේ ලිපියත් කියවන්න. තෙන්නමරවාඩිය ගැන මතකය

      Delete
    2. පැරකුම් මහතා,
      ඔබ නිරවුල් මනසකින් මාලිංග හර්මන් ගුණරත්න මහතාගේ පොත කියෙව්වා නම් ඒ මහතා සැබෑ සිංහල ජාතික වීරයෙකු බව පෙනේවි.තවද සිංහල ජාතික වීරයෙකු වීමට සිංහල භාෂාවෙන් කතා කිරීම හෝ බෞද්ධ පාසැලකටම ගොස් අධ්‍යාපනය ලැබිය යුතු වන්නේ නැති බවත් පෙනේවි. මාලිංග හර්මන් ගුණරත්න මෙන්ම එස්.එල්. ගුණසේකර මහතාද කතා කිරීම පමණක් නොව සිතුවෙත් ඉංග්‍රීසියෙන් උවත්,ඒවා ඔවුන්ගේ සිංහල ජාතිකත්වය ඔප් නැංවීමට බධාවක් උනේ නැත.

      සමරසේකර

      Delete
    3. ජාතික වීරකම කෙසේ වෙතත්, වැලිඔය පදිංචි කළ මිනිසුන්ගේ ජීවිතත්, එයින් පන්නා දැමූ මිනිසුන්ගේ ජීවිතත්, සමස්ත ලංකාවත් අනාථ කරමින් සිදු වූ යුද්ධය ඔය කියන මාලිංගගේ වීරකම්වලින් පසුවත් අවුරුදු 20ක් විතර තිබුණා.

      අනෙක මාලිංග ඉංග්‍රීසියෙන් පොත් ලිවීම අපට නම් විශේෂ දෙයක් නෙමෙයි. අපට ඉංග්‍රීසි මැජික් නෙමෙයි. වඩා වැදගත් වන්නේ දැනුම මිසක් භාෂාව නෙමෙයි.

      ඊළඟ කාරණය මට නම් සිංහල, දෙමළ හෝ වෙනත් ජාතියකට වෙන් කර සේවය කිරීමෙන් පොරවල් වන අය වීරයන් නොවෙයි. මගේ ලෝකයේ වීරයන් වන්නේ මිනිස් වර්ගයාට විශිෂ්ට සේවයක් කළ අයයි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා