මුස්ලිම් කාන්තාවක් වීම නිසා කථිකාචාර්ය ධුරයක් ලබා නො දීමට එරෙහිව නඩු කී ශානාස්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහන

ඇගේ ගූගල් පිටුවෙන් ලබා ගන්නා ලද ඡායාරූපයකි.
“අද ලංකාවේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. මේ දැන් (Feb. 24 around 11am) ලංකා ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක නඩු තීන්දුවක් ලැබුණා. Muslim කාන්තාවක වීම නිසාම කොළඹ විශ්වවිද්‍යාලය විසින් බලහත්කාරයෙන් ජනසන්නිවේදන අංශයේ සේවය අහිමි කරපු සහකාර කථිකාචාරිනී ශානාස් මාස දෙකක් තුල නැවත සේවයේ පිහිටුවන්න කියලා."

පෙබරවාරි 24දා මධ්‍යාහ්නයේදී මෙම සටහන ෆේස්බුක්හි තැබුවේ ආයතනයේ CAFFE හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසිනුයි.

මොකක් ද මේ නඩුව? මම ඒ ගැන දැනගන්නට කතා කළා රජිත්ටත්, ශානාස්ටත්.

ඇය සේහු අලාඋදීන් ෆාතිමා ශානාස්. මෙම කතාවට අදාළ නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද ලබා දුන්නේ 2011දී ශානාස් විසින් ගොනු කරන ලද අංක SC (FR) 238/2011 දරණ මානව හිමිකම් පෙත්සම වෙනුවෙන්. ඇය ඒ පෙත්සම ගොනු කළේ ඇයට සිදු වූ බරපතල අසාධාරණයක් නිසායි. ඒ අසාධාරණයට මුහුණ දුන් තවත් අයත් සිටියදී ඇය තනිවම සිය ඉරණමට එරෙහිව අරගල කළා. ඒකයි වැදගත්කම. ඇයට ඒ වෙනුවෙන් ශක්තිය ලබා දුන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු ලේඛකාධිකාරිවරයකු වූ ජ්‍යේෂ්ඨ නීතිඥ කේ.ජී. ජිනසේනයි.

ශානාස්ගේ පැමිණිල්ල වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ පුවත්පත් කලාව පිළිබඳ කථිකාචාර්ය ධුරයකට අයදුම්කර, නියමාකාරයෙන් පත් කරන ලද තෝරාගැනීමේ මණ්ඩලයක් විසින් ඇය එම තනතුර සඳහා ඒකච්ඡන්දයෙන් නිර්දේශ කර තිබියදීත්, ඇය මුස්ලිම් ජාතික කාන්තාවක් වීම නිසා එවකට සිටි උප කුලපතිවරිය විසින් ඇගේ පත්වීම වැළැක්වීමෙන් ඇගේ මානව හිමිකම් කඩ වීම වෙනුවෙන් සහනයක් ලබා දිය යුතු බවයි.

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 12 (1) හා 12 (2) වගන්ති මෙමගින් උල්ලංඝනය වන බවට ඇය පෙත්සමින් කරුණු ඉදිරිපත් කළා.

ශානාස් කැලනිය විශ්වවිද්‍යාලයෙන් 2006දී ජනසන්නිවේදන විෂය සඳහා දෙවන පංතියේ අධි සාමාර්ථයක් ලබා ගත්තා. ඉන් පසුව ඇය කැලනිය විශ්වවිද්‍යාලය විසින් තාවකාලික කථිකාචාර්ය ධුරයකට පත් කරනු ලැබුවා. උපාධි අපේක්ෂිකාවක් ලෙසත් ඇය ඉතා සක්‍රියව ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ කටයුතු කළා.

2008දී කොළඹ විශ්වවිද්‍යාලය විසින් පුවත්පත් කලාව කථිකාචාර්ය ධුරයක් සඳහා අයදුම්පත් කැඳෙව්වා. එහෙත් බඳවා ගත්තේ නැහැ. නැවතත්, 2010දී අයදුම් කළා. 21දෙනෙකු අයදුම් කර තිබුණත් අවශ්‍ය සුදුසුකම් තිබුණේ දෙදෙනෙකුට පමණයි. විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් පත් කරන ලද තේරීම් මණ්ඩලය ඉදිරියේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියේ ඇය පමණයි.

පෙබරවාරි 10දා පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණයෙන් පසුව තේරීම් මණ්ඩලය විසින් ඒකච්ඡන්දයෙන් ඇය තනතුරට සුදුසු බව නිර්දේශ කළා. ඒ තේරීම් මණ්ඩලයේ සාමාජිකයන් වුණේ මහාචාර්ය ඉන්ද්‍ර‍ලාල් ද සිල්වා, සී. මාලියද්ද, මහාචාර්ය සරත් විජේසූරිය, පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි හා ආචාර්ය ඒ. හපුආරච්චි මහත්මියයි. එහෙත්, ශානාස් මුස්ලිම් අපේක්ෂිකාවක් නිසා පත්වීම සිදු කිරීමේ බලධාරියා වූ එවකට සිටි උප කුලපතිවරිය වූ ක්ෂණිකා හිරිඹුරේගම ඇය පත් කිරීමට අකැමැති වූ බව ශානාස් පෙත්සමේ සඳහන් කළා.

විශ්වවිද්‍යාලය විසින් නැවත වතාවක් 2011දී තනතුර සඳහා අයදුම්පත් කැඳෙව්වා.

ශානාස් බහු සංස්කෘතික පසුබිමක හැදුණු වැඩුණු දැරියක්. ද්විතීයක අධ්‍යාපනය මාවතගම මධ්‍ය මහා විද්‍යාලයෙන් හා මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් ලැබූ ඇය සාමාන්‍ය පෙළ බුද්ධාගම විෂය ද සමත් වී තිබෙනවා. අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ඇය සිංහල මාධ්‍යයෙන් නාට්‍ය හා රංග කලාව හා උඩරට නැටුම් හදාරා විශිෂ්ට සාමාර්ථ ලැබුවා.

අවස්ථා කීපයකදී ම ඇය ඉස්ලාම් දහම පිළිබඳ විශ්වවිද්‍යාලයේදී ආරාධිත දේශන ද පවත්වා තිබෙන බව ඇය පෙත්සමේ ද සඳහන් කළා.

නීතිඥ යසන්ති බණ්ඩාරගේ උපදෙස් පරිදි ජ්‍යේෂ්ඨ නීතිඥ කේ.ජී. ජිනසේන, උදේශි සේනාරත්න සමග ශානාස් වෙනුවෙන් පෙනී සිටියා. නඩු තීන්දුව අනුව ඇය අදාළ තනතුරෙහි සේවයේ පිහිටුවීමට නියමිතයි.

මෙම නඩු තීන්දුවෙහි වැදගත්කම ගැන කතා කරමින් රජිත් කීර්ති තෙන්නකෝන් පැවසුවේ මෙය වැදගත් වන්නේ මුස්ලිම් කාන්තාවක් වීම නිසා ඇයට මෙම අවස්ථාව අහිමි කිරීම නිසා පමණක් නො වන බවයි. මේ වනාහි එක්තරා යුගයක ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ දක්නට ලැබුණු මූලික ලක්ෂණයක් බවයි ඔහු පවසන්නේ. එම යුගයේදී මේ සියල්ල හසුරුවනු ලැබුවේ දේශපාලන හස්තයන් විසින් බව ද ඔහු පැවසුවා. මෙම නඩු තීන්දුව එම යුගයේ අවසානය ලකුණු කිරීම සඳහා ඉවහල් වන්නක් බවයි ඔහුගේ අදහස.  

එපමණක් නොවෙයි, අධිකරණයට ද නිදහස් ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබී ඇති බවක් මෙයින් පෙන්නුම් කරන බව රජිත් කීර්ති තෙන්නකෝන් පැවසුවා. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙයා දේශන කටයුතු වලට කළු ලෝගුව දාගෙන මුණ වහගෙන ආවොත් ඒක ගලවන්න කියල ළමයින්ට උසාවි යන්න වෙයිද පැරෝ
    මුණවත් පේන්න නැති කණුවක් වගේ එකක් ලෙක්චර් දෙනවට වඩා හොඳයි නේද කැසට් පටියක් වගේ එකක් ප්ලේ කරන එක

    ReplyDelete
    Replies
    1. ඇනෝ @ February 24, 2016 at 3:29 PM

      ඉක්මනට උඹේ කොන කපාගනින් එතකොට ඔය මෝඩකම යනවා ඇනෝ

      Delete
    2. ඔයාට එහෙම කලාම හරි ගියාද මෙයා
      උඹ අවුරුදු දහ දොළහකට වඩා වයසක එකෙක්නම් පහුගිය අවුරුදු කීපය ඇතුළත ඔය කළු ලෝගු පැතිරීමේ වේගය ගැන කල්පනා කරල බලපන්, ලංකාවේ මුස්ලිම් ගෑණුන්ට මේ විදිහට මුණ එළියේ දාගෙන ඉන්න පුළුවන්කම තව ටික දවසකින් අහවර වුනාම මේ ගැටළුව එන්නේ නැද්ද බලපන් මෝඩයා

      Delete
    3. ලෙක්චර්ලගෙ නිල ඇඳුමත් කළු ලෝගුවක් නේ ඇනෝ

      Delete
    4. ඇනෝවා, උගත් මුස්ලිම් කාන්තාවන් මූණ වහන්නේ නෑ.එහෙම මූණ වහගන යන්නේ මෝඩපතක, ගොඩක් වෙලාවට නාකි අම්මලාගේ බලපෑමට. ඇනෝලා, මුස්ලිම් කාන්තාවන් මූණ වහනවට අකමැතිනම් ඒ අයට වැඩි වැඩියෙන් උසස් අධ්‍යාපන අවශ්තා සලසන්න ඕන. දන්නවද, ප්‍රොෆෙෂනල් මුස්ලිම් කාන්තාවෝ හදන දරුවන් ගණනත් අඩුයි.

      Delete
    5. ඈ ගුණේ,
      ඔයා ගියේ කැම්පස් එකකටද, නැත්තං වෙන මක්කවත් එකකටද මෙයා
      මයෙ හිතේ ඔහේ වැරදිලා මුස්ලිම් ගෑණු ඉන්න පල්ලියකට රිංගලද කොහෙද

      ලෙක්චර්ස් ලගේ නිළ ඇඳුමක් කියන එකක් ගැන මක්කවත් නොදන්න අපිව දැනුවත් කරපු එකම ඔයාට ලොකු පිනක්

      කොයිකටත් කියල වාඩිවෙලා ඉන්න තැනින් නැගිටලා පොඩ්ඩක් ඔළුවෙන් හිටං හිටපං සුට්ට වෙලාවක්
      මුස්ලිම් ගෑණු මුණු වහගෙන ඇවිත් ලෙක්චර්ස් කරන්න ආවොත් මොන තරම් අප්‍රසන්නද කියල තේරුම් යාවි මොළේ නිසි තැනට ආවොත් හිටං

      Delete
    6. ඇනයගෙ කටේ මසුරං දාන්න ඕනෙ. සිංහල ජාති වාදියෝ හැටියට අපි හැම විටම සිංහල ගැහැනියව පස්සට දාලා සිංහල නොවන ගෑනුන් ඉදිරියට තල්ලු කල යුතුයි. මම මාතලන් ලොක්කටත් කිව්වා මුසම්මිල්ගේ පවුලට මනාපයක් දෙන්න කියලා. කොහෙද ඌ ඉලන්දාරියා වගේ ජේවීපී එකට චන්දෙ දීලා.

      Delete
    7. මට හම්බවෙලා තියෙන්නේ කැම්පසුත් ගිය ඇනෝවෙක්නේ...

      Delete
    8. අහෝ ඇනේ,
      ඔය හිතාගෙන ඉන්නේ මුස්ලිම් ගෑණු අබාය අඳින්නේ නාකි අම්මණ්ඩිලා කියන නිසා කියලද චුටි
      පල්ලියෙන් ප්‍රසිද්ධ දැනුම් දීමක් කරලා තියෙනවා මුස්ලිම් හැමෝම එයාලගේ අනන්‍ය ඇඳුම් පැළඳුම් අඳින්න කියලා
      ඊට පස්සේ තමයි 2007 න් 2008 න් වගේ පස්සේ ගවුම් අඳින මිනිස්සු බිල්ලෝ වගේ ගෑණු බහුල වෙන්න පටන් ගත්තේ
      තාම ඒක නියෝගයක් මට්ටමට ගෙනත් නැහැ, අන්න එහෙම කලාට පස්සේ උගත්ය අරකය මේකය කියල නොකර ඉන්න ලැබෙන්නේ නැති බව තේරුම් ගන්න ඔයා සුට්ටි වැඩියි වගේ
      ළමයි හදන එක අඩු වෙන්න පුළුවන් කියන දේ මමත් පිළිගන්නවා

      \මට හම්බවෙලා තියෙන්නේ කැම්පසුත් ගිය ඇනෝවෙක්නේ.../
      කැම්පස් එකකට නෙමෙයි ඇනේ, හතර පහකටම අඩු ගානේ එක දවසක් ගානේ හරි ගිහින් තියෙනවා :)
      ඔහේ ටපලෝගෙන තියෙන්නේ උපාධි ලෝගුව මයෙහිතේ

      Delete
    9. මුස්ලිම් ගෑනු හැමෝම මූන වැහෙන්න කලු ලෝගු දානව කියලද හිතාගෙන ඉන්නෙ? කොලඹ විෂ්වවිද්‍යාලෙ ලගට ගිහින් බලපන් මුස්ලිම් කෙල්ලො ලෙක්චස්වලට එන්නෙ එහෙමද කියල?
      උඹේ බයි කණ්ණාඩි දෙක ගලවලා උඩ තියෙන ෆොටෝ එක බලපන්...

      Delete
    10. @ AnonymousFebruary 25, 2016 at 5:29 AM
      විශ්ව විද්‍යාල වල ගේට්ටු ගාව කැරකෙන්න කලින් අකුරු ටිකක් කියවන්න ඉගෙන ගනින් ළමයා

      කලින් නොතිබ්බ පිරිමි ගවුම් සහ ගෑණු බිල්ලා ඇඳුම් සංස්කෘතියක් එක පාරට ඇති කරගෙන මේ එන්නේ මොකටද කියල තේරුම් ගන්න බැරිකම ඔහේගේ මානසික ගැටළුවක්
      ශරියා නීතිය උගන්වන ආයතන ඇති කරගෙන ඉස්සරහට නියම ශරියා නීතිය අනුව මුස්ලිම් හැමෝටම ඉන්න කියන දවස වැඩි ඈතක නැහැ
      අන්න එදාට ඔය ෆොටෝ එකේ එළියේ දාගෙන ඉන්න මුණත් තහඩුවත් කළු ලෝගුවක් අස්සට බස්සන්න වෙනවා

      ඔහේට තියෙන්නේ අතීතය, වර්තමානය එක්ක ගලපලා අනාගතය දැකගන්න බැරි කමක්
      ඔක්කොටම කලින් ඒකට අතීතය දැනගෙන ඉන්න එපැයි, නැද්ද ආයිබෝං
      කී බෝඩ් උඩ ඉපදිච්ච උන් නොවැ දැන් වැඩිපුරම මේවයේ කමෙන්ට් දාන්නේ

      Delete
  2. මචං ඇනෝ.. උඹේ බයි කණ්ණාඩි දෙක ගලවලා උඩ තියෙන ෆොටෝ එක බලපන්...

    ReplyDelete
    Replies
    1. අනේ අපොයි, මෙන්න ටොයියො දෙන්නෙක්, මුන්ව දකින්නත් ආසයි අෆ්ෆා
      මම උන්නේ මුන් වඳ වෙලාය කියල හිටං

      (දෙන්නෙක් කියල හිතුවට එකාමද කියල දන්නෙ කවුද හිටං)

      Delete
    2. Anonymous February 24, 2016 at 5:41 PM
      යකෝ උබ සිංහල ජාතිය වෙනුවෙන් තනියම මාර සටනක්නෙ දෙන්නෙ. උබ වීර මද්දුම බණ්ඩාරගෙ කී බෝඩ් අවතාරෙද බන්?

      Delete
    3. @ P. M RambandaFebruary 24, 2016 at 9:57 PM
      ඔහේගේ නමේ P කියන එකේ තේරුම මොකක්ද කියල හිතා ගන්න ඇහැකි කමෙන්ට් එකෙන්ම

      Delete
  3. මුස්ලිම් සහ කාන්තා යන ලේබල් දෙක නැති මේ වගේ සිදුවීම් විශ්ව විද්‍යාලවල හැමදාම සිදුවෙන බව කිව හැකියි.

    ReplyDelete
    Replies
    1. හා හා රසික කට කට,
      අනිත් උන්ට හැමදාම වෙන අසාධාරණකම් වගේද රසික දෙමළ හෝ මුස්ලිම් උන්ට එක පාරක් හරි වෙන අසාධාරණකම්
      ඒවා මිළෙන් ඉහළයි මෙයා

      Delete
    2. Thank you very much Mr. Razik and Mr. Jaysingka as well. We are very proud of you guys who really support the innocent Muslims who almost severely discriminated by blood thirsty Singala racist idiots all the time. Hat's off all the possitive commentators and bloody racists shall definitely sent to the Hell by mighty Allah.

      Thanks and Cheers !

      Delete
    3. http://www.mahindapathirana.com/archives/268

      Delete
  4. මම කොලඹ විශ්ව විද්‍යාලයේ උපදේශන ඩීප්ලෝමාවට 2000 වසරේදී තේරුන විට මම වෘත්තියෙන් වෛද්‍යවරයෙක් කියා දැනගත් විට ආචාර්‍ය ගැමිලා සමරසිංහ මගේ අපේක්‍ෂත්වය කිසිදු හේතුවක් නොදක්වා අවලංගු කරා.

    ReplyDelete
    Replies
    1. එය වැරුද්දක් වුනත් සිද්දවෙන්න ඇත්තේ ඇය පසුගිය උගත් පාඩම් පිළිබඳ සැලකිල්ලක් දැක්වීම වෙන්න ඇති, ඔය අපි කලාතුරකින් තියන වැඩමුළු වලටත් දොස්තර මඑත්තුරු එනවා නම් අපි බයයි, මේ දවස්වල නම් ආර්ථික විශ්ලේෂක, කෘෂි විද්‍යාඥ වගේ වගකීම් පවා දොස්තර මහත්තුරුනේ බාර අරගෙන තියෙන්නේ.

      Delete
  5. a very good judgement....!!!!
    congratulations....!!!!

    ReplyDelete
  6. //පෙබරවාරි 10දා පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණයෙන් පසුව තේරීම් මණ්ඩලය විසින් ඒකච්ඡන්දයෙන් ඇය තනතුරට සුදුසු බව නිර්දේශ කළා. ඒ තේරීම් මණ්ඩලයේ සාමාජිකයන් වුණේ මහාචාර්ය ඉන්ද්‍ර‍ලාල් ද සිල්වා, සී. මාලියද්ද, මහාචාර්ය සරත් විජේසූරිය, පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි හා ආචාර්ය ඒ. හපුආරච්චි මහත්මියයි.//

    බෞද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙකු ඇතුලත්වූ සිංහල ජාතිකයින්ගෙන් සමන්විතවූ සම්මුඛ පරීක්ශණ මඩුල්ලටත් ජාතිවාදී කන්නාඩියෙන් නොබැලීම ගැන ප්‍රණාමයක් හිමිවිය යුතුයි. හිඹුරේගම කොහොමත් දේශපාලන පත්වීමක්නේ.

    ReplyDelete
    Replies
    1. බෞද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙකු ඇතුලත්වූ සිංහල ජාතිකයින්ගෙන් සමන්විතවූ සම්මුඛ පරීක්ශණ මඩුල්ලටත් ජාතිවාදී කන්නාඩියෙන් නොබැලීම ගැන ප්‍රණාමයක් හිමිවිය යුතුයි.
      ++++++++

      That's one of the very positive things in this case.

      Delete
  7. ඔය ගෑනි ලැජ්ජාවක් නැති විදියට තමයි තනතුරු වල වැඩ කලේ. ඒ වගේම මිනිහත් එහෙමයි. ගෑනි යූ ජී සී චෙයාර්මන් වෙලා සීනියර් ලෙක්චරර් ගෙර්ඩ් (ii) හිටපු මිනිහව කොළඹ උපකුලපති කළා. පොල් රැවුල පැරදුනාට පස්සේ දැන් ඔන්න ගෑනියි මිනිහයි දෙන්නම බල්ලෝ වගේ රැස් බැහැල ඉන්නවා.

    ReplyDelete
  8. Machan Ana anthawadee muslim aya atharinmai Malala Youssef wage ayath bihiune. Shanasta palliya bala kaloth abaya andinna kiyaka eya ekata wiruddawath human rights case ekak nodai kiyanne kohomada.....

    ReplyDelete
  9. නීතිය සැමට සාධාරනව ක්‍රියාත්මක වනවානම් අනික් සියලු ප්‍රශ්න අවශේෂ ප්‍රශ්න බවට පත්වේ

    ReplyDelete
  10. අගෙයි.. කතෝලික වීම නිසා පාසල් කාලයේ ඉඳන්ම මෙවැනි අසාධාරණයන්ට මුහුණ දුන්නා. ඒත් ඒවට විරුද්ධ වෙන්න ඕන කියන හැඟීම මට බරපතල විදිහට දැණුනෙ නැහැ. ඇයගේ ධෛර්යය ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. බර්ගර් ජාතිකයෙක් වීම නිසා ඔබට මෙන් මටත් පාසල් කාලයේ සිට ම මේ හා සමාන අසාධාරණයන්ට මුහුණ දෙන්න සිදු වියා. විශේෂයෙන් ම මා හා ඇසුරු කළ ළමයින් පැවසුවේ සුද්දන් විසින් 1818 දී එකල සාරවත්ව පැවති ඌව-වෙල්ලස්ස ප්‍රදේශය අමු කාන්තාරයකට හැරවූ බවත් මම ද එයට වග කිව යුතු බවත් ය.

      Delete
    2. Eka aththa. Mata rata indala awilla puthala denna daganna St. Walin patan ganna Iskola kihipayakatama giya. Egollo keewe idanam naha. Eth ida thibunath Buddhist nisa wadak nathi wei kiyala.

      Delete
  11. ඔක්කොම හොඳයි බලන්න යුක්තිය ඉටුවෙන්න කොව්වර කාලයක් ගිහිල්ලද කියල ? නඩු ගාස්තු ?. කෝ මේවට යහ පාලනයෙන් විසදුම් ?

    ReplyDelete
    Replies
    1. Man inna kale yukthiya sadaranathwaya kiyana ewa baha. Ewata awanam ithin sudu van thamai. Onna jaathiwadaya dammoth nam denne usas weem.

      Delete
  12. oh she should have applied to South Eastern University in Oluwil. For some odd reason, it only recruits Muslims as lecturers...The Supreme Court should look into this as well.

    http://www.seu.ac.lk/

    ReplyDelete
  13. Ajith,

    Be honest.

    Could you see the following link below?

    Staff of Engineering Faculty in South Eastern University

    This is the Faculty of Engineering from South East University of Sri Lanka. See how many Sinhalese lecturers work their? None.

    Only one Tamil lecturer named Ajith & almost all others are Muslims. Do you think that it is fair?

    ReplyDelete
    Replies
    1. me South Eastern University eke inna lecturers la godak aya underqualiied. No PhDs No publications..meyala muslim padanama matha pamakan bandawagattu aya...

      Delete
    2. පැරෝ, ඔහේ මෙන්න මේ උඩහින් ඉන්න කොලු ගැටයා ඇවිත් කියල තියෙන කාරණේ ගැන මක්කද දොඩන්නේ

      ඔහේට තනිවම මොකුත් කොරගන්ට බැරිය කියල ලියුමේ අග කුරුටුගාල තිබෙන්නේ මක්කැයි
      ඕන ගැටයෙකුට, වැඩුණු පිරිමියෙකුට තනියම කොර ගන්න ඇහැක් එකවත් ඔහෙට බැරියැ, වයස වැඩි හින්ද වෙන්ටැ
      ඕං ඔය කොටහ ලොප් කොරල දාන්ට ආයිබොන්. ඔය වයසට ඔව්ව ගණන් ගන්ට තිබා ගන්ට ඕනා තරමේ දේ නෙමේ

      Delete
  14. සිංහල ජාතිවාදය හරිම භයානකයි නේද මෙයා??? දෙමළ සහ මුස්ලිම් අය හරිම අහිංසක අසරණයෝ ටිකක් !

    ඒ නිසා අසාධාරණයට ලක්වෙච්ච සිංහලු ගැන කතා නොකර අහිංෂක දෙමළ මුශ්ලීම් සහෝදරයෝ ගැන වැඩි වැඩියෙන් කතා කරන්න පැරාට ශක්තිය ධෛර්යය ලැබේවා

    සැ.යු.
    ගුරු වෘත්තීයෙන් ඉවත්වෙලා පුර්ණකාලීනව බ්ලොග් ලියන පැරා ජීවත් වෙන්නේ ඒවාට වැටෙන කමෙන්ට් වලින් බැවින් මෙහි පැමිණෙන සැවොම ඇහැක් විදිහට කමෙන්ට් එකක් දෙකක් කොටලා ගියානම්

    ReplyDelete
  15. කළු අබායාව, ෂරියා නිතිය, SEU වගේ දේවල් පෙන්වාදෙමින් මේ උගත් කාන්තාවට පසුගිය ආණ්ඩුව කාලේ සිදුවෙලා තියන අසාධාරණය, සාධාරණය කරන්ඩ හදන සමහර බයියන්ගේ කොමෙන්ට් නම් මරේ මරු. මොකෝ උන්ගේ හෙළුව full open :-)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. yaluwa. meka 2005-2014 kale waitharak nemei..meka 1942 lanka wishwawidyale patan gattu da indalama wena deyak...meka Mahidna Rajapakse ge waraddak nemei poduwe oya than wala inne ayage hati. eyala kamati ayawa thamai thoranne. godak welawata vacancy call karanne eyala kenek thoragattata passe. meka eeyeth thibba, adath thiyanawa, hetath thieyi. Shanas meka litigate karapu eka honda deyak..issahahatath me widiyata kattia karanna one. Mekata jati wadi lebel ekak alawanna epa. Mokada mewa sinhala, muslim, demala, burgher, malay onema kenekta wenna puluwab.

      Thawa deyak lankawe jati wadi padanama matha lecturers la bandawa ganna wishwa widyala 3k thiyanawa. South Eastern University, Eastern University, Jaffna University..South Eastern eke inna lecturers lata godak welawata hariytata sudusukamauth ne. PhD thiyana aya atalossai. publications ne. anna ewa thamai jathi wadi bandawaganeem. hoyala balala kata karanna....

      Delete
  16. මම ශානාස්ගෙ දේශන අහල තියනවා. ඇත්තටම එයා දක්ෂ දේශකවරියක්. එයා ලෝගුවක් ඇඳගෙන නම් නෙවෙයි දේශන කරන්නේ. ඉගෙන ගන්න උවමනාවක් තියන,උගතට ගරු කරන්න කියලා අම්මා තාත්තා පොඩි කාලෙම උගන්වල තියන එකාට ශානාස් නෙවෙයි මොන ආගමේ එකෙක් ඇඳුමක් නැතුව හෙළුවෙන් ආවත් එයාගෙ ජාතකය හොයන්නෙ නැතුව තමන්ගෙ ඉගනීම කරගන්නවා.

    ReplyDelete
  17. දේශපාලන ව්‍යාපෘථි වෙනුවෙන් මායාව නිර්මාණය කිරීම පිළිබඳ කදිම නිදසුනක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට මට දැන් හැකියාව තිබේ. කොටින්ම පසුගිය දින දෙක තුන ඇතුළත ඒ පිළිබඳ කිසියම් උණුසුම් සංවාදයක නියැලීමට අපට හැකි විය. ඒ කැෆේ සංවිධානය ප්‍රධානියා මෙන් ම මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂක ද වන Rajith keerthi Tennakoon හා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය Nirmal Dewasiri යන අය සමග ය. සංවාදය ආරම්භ වන්නේ, පසුගිය මහින්ද පාලන කාලයේ කොළඹ විශ්වවිද්‍යාලයට කථිකාචාර්යවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂයක දී තමාට අසාධාරණයක් වූ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළ පාතිමා ශානාස් නම් මුස්ලිම් ජාතික කාන්තාවට පක්‍ෂ ව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලබාදීමත් සමග ය. ඇය ලැබූ මෙම තීන්දුව ඉතා උණුසුමින් පිළිගන්නා අපි ඇයට සුබපතමු. සබරගමුව විශ්වවිද්‍යාලයීය අචාර්ය සංගමයේ ලේකම් ලෙස කටයුතු කරන අතරතුර ආයතනයේ සිදු වූ වංචා මා දූෂණ ක්‍රියාවලට එරෙහි ව කටයුතු කළ මා ද 2010 වසරේ දී එවකට සිටි උපකුලපතිවරයා විසින් සේවයෙන් පහකරන ලදුව, මට ද මාස 7කට පසු නැවත රැකියාව ලැබෙන්නේ ඉහත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ම ය. රටේ නීතිය කවදත් එසේ ය.‍
    ශානාස් මුස්ලිම් ය. මා සිංහල ය. එහෙත්, අප දෙදෙනා ම එකම පද්ධතියකින් අසාධාරණයට ලක්වීමු. එහෙත් එසේ වන්නේ අපට දැන් බලෙන් පටවමින් සිටින ජාතිවාදය වැනි බරපතල කාරණය නිසා නොව අන් සුළු මානව දුබලතා හේතු පදනම් කරගෙන ය. කෙසේ වෙතත්, දැන් මීට තෙදිනකට පෙර ලද ශානාස්ගේ තීන්දුව පදනම් කරගෙන, එය මහින්ද යුගයේ සුළුජාතීන්ට එරෙහි මුදාහල ජාතිවාදය ලෙස පෙනී යන බොළඳ සිතුවමක් විශේෂයෙන් කීර්ති මහතා විසින් මැවීමට උත්සාහ කළේ ය. මේ සිදුවීම හා අදාළ මිථ්‍යා නිර්මාණ තැත සුළු දෙයක් සේ බැලූ බැල්ම‍ට කෙනෙකුට පෙනී ගිය ද මේ හරහා මහින්ද පාලනය පෙරළා දැමීමට නිර්මාණය කළ ව්‍යාජ විඤ්ඤාණය තේරුම් ගැනීමට මනා ආලෝකයක් සපයන බැවින් එය සංකේතාත්මක ව අතිශය වැදගත් එකකි..
    ශානාස් සිය අධිකරණ පෙත්සමේ අගට වන්නට, තමා තනතුරට තෝරා නොගැනීම තම මුස්ලිම් වාර්ගිකභාවය නිසා වූ අසාධාරණයක් බවට ප්‍රකාශ කොට ඇති බව සත්‍යයකි. ඇය සුළු ජාතික කාන්තාවක් නිසා අනුකම්පාව දිනා ගැනීමේ අරමුණින් ම එසේ කළා විය හැකි ය. යුධ සමයේ බටහිර රටවලට වීසා ඉල්ලූ බො‍හෝ දමිළ හා මුස්ලිම් ජාතිකයින් අනුගමනය කළේ මේ සාර්ථක උපක්‍රමයයි. කෙසේ වෙතත්, ඇය ඒ බව තහවුරු කරන කිසිදු සාක්‍ෂික් ඉදිරිපත් නොකිරීමෙන් ම මීට පදනමක් නැති බව පෙනේ. එසේ වතු දු, වෙනත් පදනමකින් ඇයට අසාධාරණයක් වූ බව අප අර්බුදයට ලක් කරන්නේ නැත.
    ඇය සම්බන්ධ අධිකරණ තීන්දුව මම කියවීමි. ඊට අනුව ද, ඇයට සහනය ලැබෙන්නේ ව්‍යවස්ථාවේ 12(1) වගන්තියේ එන ‘නීතිය ඉදිරියේ සියල්ල සමානය’ යන පදනමින් ය. ජාතිය හා ආගම මත වෙනස් කොට සැලකීම යන කාරණය උසාවිය පිළිගත්තේ නම් ඇයට සහනය ලැබෙන්නේ 12 (2) වගන්තිය යටතේ ය. තීන්දුවේ කිසිදු තැනක වාර්ගික පදනමින් ඇයට අසාධාරණයක් සිදු වූ බවට කිසිදු සඳහනක් ද නැත. මේ අතර, ශානාස් ව උපකුලපතිවරිය ද සිටි අදාළ සම්මුඛ පරීක්‍ෂණයේ දී තනතුරට තෝරාගෙන තිබීම ම සිත්ගන්නාසුළු ය.ජාතිවාදය මත ඇය කපා හැරීමේ අරමුණක් තිබුණේ නම් එය සිදුවන්නේ ඒ අවස්ථාවේ ය. පහසුම ක්‍රමය ඒය. තව ද මහින්ද රජය යටතේ රටේ අන් විශ්වවිද්‍යාලවලට පමණක් නොව, ඉහත ප්‍රශ්නලත් උපකුලපතිවරිය සමයේ කොළඹ විශ්වවිද්‍යාලයට ම සුළු ජාතික අාචාර්යවරුන් කී දෙනෙකු නම් අලුතින් බඳවාගෙන තිබේ ද?

    ඉතිරිය කියවන්න

    http://www.mahindapathirana.com/archives/268

    ReplyDelete
  18. I had been subjected to a discrimination by the university staff. Those days due to lack of knowledge and resources about human rights, I did not fight for the justice

    Sisira Adikari

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා