යෝෂිතට අඬන්නට සිදු වුණේ ඇයි?

යෝෂිත රාජපක්ෂ මහින්දගේ පුත්‍ර‍යා බව අමතක කරමු. ඔහු ධනවත් පවුලක සැපට හැදී වැඩුණු දරුවෙකි.

එවන් දරුවකුට සිර ගෙය අපායක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහි ඇඳ - පුටු - මේස, කාමර නැත. කොමෝඩ් සහිත වැසිකිළි ද නැත. විදුලි පංකා, වායු සමන නැත. මදුරු දැල් නැත. නිදාගන්නට සිදු වන්නේ බිම එළූ පැදුරකයි. නාන්නට වන්නේ ටැංකියට පිරවූ වතුර බාල්දියෙන් ඇදගෙන ය.

සාමාන්‍ය දරුවෙකු මෙසේ සිරගත වුණානම් යෝෂිත දැන් මුහුණ දෙන ප්‍ර‍ශ්නවලට අමතරව පරණ සිරකරුවන්ගෙන් පශ්චාත් භාගය පරිස්සම් කර ගැනීමේ ප්‍ර‍ශ්නයට ද මුහුණ දෙන්නට සිදු වනු ඇත.

මෙම සිද්ධිය ලංකාවේ සියලු තාත්තලාට පාඩමකි.

පාඩම් උගත යුතු තවත් සිද්ධියක් කලින් සිදු විය. ඒ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කුලියට මිනී මැරීමට සිය පුතා හවුල් කරගෙන දෙන්නා එක්ක ම මරණ දඬුවමට ලක් වීමයි.

යෝෂිතගේ තත්වය ඊට වඩා දරුණු ය.

ඔහු ඉපදෙන්නේ බලවත් තාත්තා කෙනෙකුට දාව ය. ඔහු වැඩෙන්නේ බලයෙන් උමතු වූ තාත්තා කෙනෙකුගේ රැකවරණය තුළ ය.

තමන්ගේ දියණිය ද ගණිකා වෘත්තියට යොමු වනවාට ගනිකාවක කැමති නැත. තමන්ගේ දරුවන් සොරකමට යොමු වෙනවාට සොරා කැමති නැත. එහෙත්, දේශපාලනය නමින් ලංකාවේ හැඳින්වෙන පජාති වැඩේ කරන තාත්තලා තමන්ගේ දරුවන් ද එයට යොමු කරති.

මහින්ද තමන්ගේ දරුවන් හැදුවේ නීතිය යනු තමන් ය කියන සංදර්භයක ය. මේ දරුවන් හැදුණේ රටේ නීතිය, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සම්ප්‍ර‍දායන් පමණක් නොව හොඳ-නරක පවා නො දන්නා පසුබිමක ය. මෙසේ හඬන්නට සිදු වන්නේ ඒ නිසා ය.

මහින්දගේ කාලයේ යුද විරෝධී ස්ථාවරයක සිටි නිසා ඇති වූ ජීවිත තර්ජන හේතුවෙන් මට වරක් ඉන්දියාවට පළා යන්නට සිදු විය. රැකියාවෙන් නිවාඩු ඉල්ලුව ද නො ලැබුණ බැවින් මම සංචාරක වීසා මත රටින් පළා ගියෙමි. මාස කීපයකින් ආපසු පැමිණෙන විට මගේ රැකියාව අහිමි කර තිබිණි. ආපසු අභියාචනා කර, දඬුවම් ලෙස වැටුප් වර්ධක දෙකක් ද අත්හිටුවමින්, උසස්වීම්වලට ද මග අවුරමින් මට ආපසු රැකියාව ලැබුණේ වසර තුනකට පසුවයි. මා කළ වරද නො දන්වා විදේශගත වීමයි. මහජන මුදලින් පුහුණුව ලද, මහජන මුදලින් රට රටවල සැරිසැරූ යෝෂිත රාජපක්ෂ මෙම වරද වාර හතළිහක් පමණ කර තිබේ. මට එක් වරකට ලැබුණ දඬුවම මොහුට මේ වාර ගණනට නො ලැබිය යුතු හේතුව කුමක් ද? 

නීතිය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය, ආචාර ධර්ම, සංස්කෘතිය ආදී කිසිවක් නො දත් පසුබිමක හැදුණු මොවුන් නැවත සමාජගත කළ යුත්තේ පුනරුත්ථාපනය කරලා ය. එහෙම කළ යුතු තව විශාල පිරිසක් මහින්ද වටේ සිටිති.

ලංකාවේ සමස්ත සමාජය ම ස්වයං පුනරුත්ථාපනයකට ලක් කළ යුතුව තිබේ. 


පුතා හිරේ. මහින්ද සංදර්ශනාත්මක ලෙස හම්බන්තොට වෙරළේ මුහුදේ නාමින්.


පහත පළ වන්නේ ෆෙස්බුක්හි අපගේ මිතුරකු විසින් තබන ලද සටහනකි.

මේ ඉන්නෙ ලංකා හමුදාව විසින් එතෙක් මෙතෙක් බිහි කරපු විශිෂ්ඨතම යුධ විරුවො දෙන්නෙක් (අනෙක් ඡායාරූපය ඉහත මුලින් ම පළ කළ ඡායාරූපයයි).

පළවෙනි පින්තූරෙ ඉන්නෙ අවස්ථා වැඩිම ගණනකදී ත්‍රස්තවාදීන් වැඩිම දෙනෙකුට මරණය අත්කරදීපු ස්නයිපර් වෙඩික්කරුවා නීරෝ. එහෙම නැත්තං ආනමඩුව මඩපලාන ඉස්කෝලෙ ඉගෙන ගෙන හමුදාවට බැඳිලා දියතලාවෙදි පුහුණු වෙලා ස්නයිපර් වෙඩික්කරුවෙක් වෙච්චි ලයනල් ප්‍රේමසිරි.

ප්‍රේමසිරි හමුදාවට බැඳුනෙ ඇයිද කියල හරියටම කියන්න අපි දන්නෙ නෑ. ගොඩක් දුරට රට ගැන තිබුණ ආදරේට වෙන්න ඇති. හමුදා රැකියාවකිං ලැබෙන ආර්ථික හයිය වුණත් ටිකක් හරි බලපාන්න ඇති. ඒ වගේම තනියෙං හරි රිකීටීම්ස් විදියට හරි ගිහිං කොටි මරද්දි දවස් ගණං බඩගින්නෙ ඉන්න කොට බොන්න වතුර ටිකක් නැති වෙනකොට තව චුට්ටකිං කොටිංගෙ පැත්තෙ ඉඳල එන උණ්ඩයක් ඔළුව පසාරු කරං යයි කියල හිතෙන කොට දියතලාව පුහුණු පාසලේ සාමාන්‍ය පුහුණුවක් විතරක් ලබාපු නීරෝට අඬන්න හිතුනද ඇඬුවද කියල කියන්න අපි දන්නෙ නෑ

වැදගත්ම දේ කොටි ත්‍රස්තවාදියො සිය ගාණක් තනියම මරලා පුදුමාතලන් අවසන් සටනෙදි දෑස් පියා ගත්තු නීරෝගෙ දෙමවුපියෝ බිරිඳ දරුවො දෙන්නා කොහොමද මොකද කරන්නෙ කියලත් අපි දන්නෙ නෑ

දෙවෙනි පින්තූරෙ ඉන්නෙත් ඊට නොදෙවෙනි සුපිරි යුධ විරුවෙක්. ඒ තමා යෝෂිත රාජපක්ෂ. නීරෝ හමුදාවට බැඳුනෙ ඇයි කියල හරියටම කියන්න අපි නොදන්නව වුණාට යෝෂිත හමුදාවට බැඳුනෙ ඇයි කියල අපි දන්නවා. එයා හමුදාවට බැඳුනෙ ලංකාවෙ අනිත් තරුණයොන්ව හමුදාවට බැඳෙන්න දිරිමත් කරන්න

හමුදාවට බැඳිලා දවස් විස්සකිං ත්‍රීකුණාමලේ නාවික පුහුණු කඳවුරේ හොඳම කැඩෙට් නිලධාරියා වෙලා රොයල් නේවල් ඇකඩමි එකේ පුහුණුවට ගිය යෝෂිත දරා ගැනීමේ ශක්තිය වගේ දේවල් ලංකාණ්ඩුවේ වියදමින්ම දැඩිව ප්‍රගුණ කල කෙනෙක්

මේ පින්තූරෙ ඉන්න යෝෂිත කඳුළු හලන්නෙ ඇයිද කියල කියන්න අපි හරියටම දන්නෙ නෑ. ඒ තමුන්ටත් නීරෝට වගේ යුධ බිමේදි වෙඩි පාරක් වැදුනොත් දරුවොන්ට බිරිඳට දෙමවුපියොන්ට වෙන දේ ගැන කල්පණා කරල වෙන්න බෑ තමයි. ඒත් මේ අඬන්නෙ තමුං දන්නෙවත් නැති අහලවත් නැති හීනෙකිංවත් හිතිලවත් නැති ටීවී චැනල් එකකට තමුං දැකලවත් නැති දන්නෙත් නැති මුදල් මිලියන් ගණනක් වියදම් වුනේ කොහොමද කියල හිතිල වෙන්න පුළුවං. එහෙම නැත්නං ඒකාලෙ තමුං නිසා මේ විදියට කඳුළු හලන්න වුණ මිනිස්සුන්ට මොන වගේ වේදනාවක් දැනෙන්න ඇතිද කියල හිතිල වෙන්නත් පුළුවං

හැබැයි අපි ඉන්තේරුවෙන්ම දන්නවා යෝෂිත මේ අඬන්නෙ රිමාන්ඩ් කාලය දීර්ඝ වෙච්චි නිසා අඳුරු සිර කුටියක තවත් දවස් දාහතරක් ගෙවන්න වෙන වේදනාව දරා ගන්න බැරි වීම නිසා නොවෙන බව. මොකද රෝයල් නේවල් ඇකඩමි එකේ පුහුණුව ලබාපු අපි වගේ අභිමානවත් රටක වසරේ විශිෂ්ඨතම තරුණයා බවට පවා පත් වුන ගාම්භීර වීර සිංහ පෝතකයෙක් ඒ වගේ සිල්ලර කාරණාවලට අඬන්න කිසිම හේතුවක් නෑ


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඇත්තටම මටත් යෝ ගැන දුකයි
    තාත්තා ගේ හොර සල්ලි සුදු කරන්නට කිවාම බෑ කියන්න බැරි වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. සුදු වෑන් ගැන හොඳටම දන්නේ පුත්තරයනේ නේහ්?

      Delete
  2. ඇත්තටම යෝෂිත පවු...

    දෙමව්පියන්ගේ වැරදි වලට වන්දි ගෙවන්න වෙන්නේ දරුවන්ට කියලා සමාජයේ කතාවකුත් තියෙනවා නේ.

    ReplyDelete
  3. රිමාන්ඩ්ගත වුණු "යෝ" ගැන තරමක් දිග බ්ලොග් සටහනක් ලියවුණා නම්, ඔය මනුස්සයා නියම වශයෙන් සිරගත වන දිනයේ කොහොම ඒවා ලියවෙයි ද?

    "යෝ" ගැන නම් මට කිසිම දුකක් නෑ.

    ReplyDelete
  4. ඇයි මහින්ද මේ ජරා වැඩ වලට ළමයි හවුල් කරගත්තේ...මිනිහා හිතාගෙන හිටියා හැමදාම බලේ ඉන්න ..ඒකයි

    ReplyDelete
  5. හෙට අනිද්දා වෙනකොට මරා පවුලටම රිමාන්ඩ් එක ඇතුලේ ඉඳගෙන ඇති තරම් අඬන්න පුළුවන්.

    ReplyDelete
  6. මා කළ වරද නො දන්වා විදේශගත වීමයි. මහජන මුදලින් පුහුණුව ලද, මහජන මුදලින් රට රටවල සැරිසැරූ යෝෂිත රාජපක්ෂ මෙම වරද වාර හතළිහක් පමණ කර තිබේ. මට එක් වරකට ලැබුණ දඬුවම මොහුට මේ වාර ගණනට නො ලැබිය යුතු හේතුව කුමක් ද? +++++++++++

    ReplyDelete
  7. 'මොකද රෝයල් නේවල් ඇකඩමි එකේ පුහුණුව ලබාපු අපි වගේ අභිමානවත් රටක වසරේ විශිෂ්ඨතම තරුණයා බවට පවා පත් වුන ගාම්භීර වීර සිංහ පෝතකයෙක් ඒ වගේ සිල්ලර කාරණාවලට අඬන්න කිසිම හේතුවක් නෑ'.
    ++++++
    Until it happened to them, they thought these things will happen to 'others', not them. Now their only option is to market the 'tears'.

    ReplyDelete
  8. මේ පින්තුරයේ යෝෂිත අඬන බවක් අපට නම් පෙනෙන්නේ නැත. ඔහු තමාගේ පපු පෙදෙස / උදරය දෙසට දෙනෙත් යොමාගෙන සිටී. ජනාධිපති තුමා ඉතාලියේ දුම්රියෙන් ගිය ගමන වගේ කව්රුන් හෝ මේ පින්තුරයට මුවාවී කතාවක් මවා තිබෙන බවක් පෙනේ. යෝෂිත ඇත්තටම අඬනවා ඇතිදැයි අප නොදනී. නමුත් මේ පින්තුරය පවසන්නේ එවන් කතාවක් නොවේ.

    ReplyDelete
  9. යෝෂිත තාම වැරදි කරුවෙක් කරලා නැහැනෙ? මහින්ද තාම හොරෙක් කියලත් ඔප්පු වෙලා නැහැ.. හූ ඇන් පී එක බලය ගන්න කිව්ව බොරු කන්දරාවේ හැටියට (යහපාලනයද බොරුවකි )මහින්දම කියලා තිබුනා ඔහු විදෙස් රටවල් වල තැන්පත් කර ඇති බිලියන අටෙන් එකක් හරි ගෙනත් දෙනකම් බලන් ඉන්නවා කියලා..මෙයද දේශපාලන පලිගැනීමක් වීමට හොඳටම ඉඩ තියෙනවා.. තත්ත්වය එසේ තිබියදී හොරු නොවූ අය හොරු කරමින් ඔවුන්ගේ හොඳ නමට ප්‍රහාර එල්ල කරන මොවුන් සමාජයේ පහලම ස්ථරයේ අය නොවේද?

    ReplyDelete
  10. අපරාදෙ පැරා ඉන්දියාවට ගියේ.. පැරාට තිබුනේ කොහොමහරි එන්ගලන්තයට tourist visa එකක් හදාගෙන එහාට ගියාට පස්සේ දේශපාලන රැකවරණ ඉල්ලන්න... තමන්ට ජීවිත තර්ජන තියෙනවා කියලා පොලීසියට කරපු පැමිනිල්ලක කොපියකුයි ආන්ඩුවට විරුද්ධව ලියපු ලිපි ටිකකුයි විතරයි ඔනැ... asylum ලැබුනනම් තමන්ගෙ දරු පව්ලත් ගෙන්වාගන්න පුලුවන්... ලමයින්ට නොමිලේ පාසැල් අධ්‍යාපනේ, free healthcare, සුලු ගනනක් ගෙවන්න apartment එක ලැබෙනවා, මාසෙකට පවුම් 800 අතට...

    අපි කවදාවත් චන්දෙවත් නොදාපු, ඕලෙවල් විතරක් තියෙන කොල්ලෙකුට එන්ගලන්තයට යන්න උදව් කලා... මිනිහ political asylum ගත්තා.. දැන් British citizen කෙනෙක්...

    ReplyDelete
  11. පැරා,
    මේක තමයි බලය තියනකොට මිනිසුන්ට වෙන දේ, නිතිය බලවතුනට එකවිදියක් දුප්පතාට තව විදියක්, මේක ශ්‍රී ලංකාවට පොදු දෙයක් නෙමයි ඔය ඉහලින් වර්නානා කරන ඇමරිකාවෙත් තත්වය මෙයයි වියට්නාමයේ My Lai සමුහ ගතනයට වැරදි කරු වූ William Calley දවස් කීපයකින් නිදහස් කරනවා.
    මේක ධනපතියන්ට පමණක් අදාළ දෙයක් නෙමෙයි ඔබ දිනපතා ව්න්දනාකරන V I LENIN කියන්නෙත් ඒවගේම මිනිමරුවෙක් තමයි, ඔහු සාර් රජපවුලේ කුඩා දරුවන් පවා වෙඩිතබා මරනවා,
    නමුත් ලෝකේ කවුරුත් මොවුන්ට දොස් කියන්නේ නෑ, මේ සියලු දෙනා කාගේ හෝ වීරයෙක්.
    මහින්ද සහ යෝශිතට මෙය අදාලයි, මහින්දගේ රගපෑම (ඔහු ඇත්තටම ටෙලි නාට්‍යක රගපෑව බවයි මට මතක ) ඇති විශිස්ට්යි.
    මෙවැනි තත්වයක් ඇතිවීමට බලපාන මුලික හේතුවක් තමයි දෙසපාලනයයන්ට ඉහල වැටුපක් නොලැබීම ඔවුන්ට සිංගප්පුරුවේ මෙන් ඉහල වැටුපක් ලැබුණානම් මෙවැනි සොරකම් කිරීමට හිත නැමෙන්නේ නෑ, දෙසපාලන්නයෙක් සොරකමට පුරුදු වූ විට ගෙවන්න වන වන්දිය විශාලයි.
    මිනිසුන් කැමති නෑ විශාල වැටුප් දෙසපලන්යයනට ලබාදෙනවාට නමුත් මේ ලෝබකම නිසා ඔවුන් සොර දෙටුවන් බවට පත්වෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොන් කතා කියන්න එපා බන්... උබ නිකමටවත් ඇමරිකාවට ගිහින් තියෙනවද? ඇමරිකාව කියන්නෙ ලෝකයේ ඉතා සාධාරන නීති පද්ධතියක් රටක්.. ඇමරිකාවේ ඔනෑ තරම් සිරබත් කන ධනපතියො ඉන්නවා... කොකාකෝලා සමාගම විතරක් $ බිලියන ගානක් දඩ ගෙව්වා නිව්යෝක්වල...
      උබ මේ 'හැම තැනම එහෙමයි' කියලා මරාලව සුද්ද කරන්න හදන බටහිරත්, ඉන්දියාවත්, යූඑන්පියත්, රනිලුත් එක්ක අමාරුවක් තියෙන නිකම්ම නිකම් වාමාන්ෂික ගොන්බිජ්ජෙක් විතරයි

      ඇමරිකාව වියට්නාමයේ කලේ කාලකන්නි වම්මුන්ගෙන් ආසියාව බේරාගන්න කල අභීත සටනක්... මෝඩ වියට්නාම ජාතිකයින් ඒක නොදැන වාමාන්ෂික ආන්ඩු දිනවීමේ විපාක අදත් විදිනවා.. අද වියට්නාමය කියන්නේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නැති, වැඩි වත්කමකුත් නැති, ගෝලීයකරනයට පින්සිදු වෙන්න බටහිර හා කොරියානු සමාගම්වලට මිනිස්බලය සපයන රටක්.. ඇමරිකාව හා බටහිර සමග සිටි දකුනු කොරියාව අද ලෝකයේ දියුනුම රටක්

      Delete
    2. ඇනෝ,
      උබ ඇමරිකාවේ යන්න ඉස්සල්ල වියට්නාමෙට ගිහින් වරෙන්.
      http://atlas.media.mit.edu/en/profile/country/vnm/
      වියට්නාමයය කියන්නේ ලෝකයේ 33 වැනි විශාලම අපනයන කරුවා
      ඔවුන්ට ඩොලර් බිලියන 16ක වෙළද අතිරික්තයක් තියනවා, අමරිකාවටවත් එවැනි දියුණුවක් නෑ.
      උබ සමහර විට 1970 ඉදල ඉන්න ඇත්තේ කෝමා එකක, සමහර විට නැගිටින්න ඇත්තේ ඊයේ පෙරේද?
      පොඩ්ඩක් හොයල බලපන් දැන් ලෝකේ ගොඩක් වෙනස්.

      Delete
    3. මරා පවුලම හෙට අනිද්දට හිරේ. ඊළඟට මරාගේ ඇට ලෙවකන සෙට් එක හිරේට යනවා. මේ ආණ්ඩුව හොල්ලන්න කාටවත් බැහැ.

      Delete
    4. ඇනෝ,
      අපි එදත් අදත් වැරදි දෙයට වැරදි බව කිව්වා
      http://lankasithuwili.blogspot.com/2015/03/blog-post_29.html
      ඒ කාලේ මහින්ද වටේ ඉන්න කේවට්ටයෝ කිව්වේ
      “මේ ආණ්ඩුව හොල්ලන්න කාටවත් බැහැ.” කියල තමයි නමුත් ඔය හෙල්ලිලා තියෙන්නේ
      අද රනිල් වටේ ඉන්නෙත් ඒ කේවට්ටයෝ ටිකම තමයි පොඩ්ඩක් ඇස් ඇරලා බලනවල.
      මහින්දට ලැබුන චාන්ස් එක රනිල් ට ලැබෙන්නේ නෑ, මහින්ද කියන්නේ අවුරුදු 30 ක යුද්ධය ඉවර කරලා මාහා සිංහලයේ මාහා වීරයා කියන පට්ටම ගහපු කෙනා, සීමාවක් නැතුව පිස්සු කෙලලා අද පට්ටම් නට්ටම් වෙලා ගෙදර.
      රනිල් කියන්නේ නිකම් සිනි බෝලයක් විතරයි මතකනේ 2004 දී කාපු පරිප්පුව, මහින්ද ට තරම් මිනිස්සු මේ පිස්සු කෙලිලි ඉවසන්නේ නෑ

      Delete
    5. ඔයා අර පොට්ට සාස්තරකාරයාගේ මල්ලිද. දැන් රනිල් හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ. 2025 වෙනකල් මේ ආණ්ඩුව යනවා.

      Delete
    6. ලංකා සිතුවිලි කාරයට ආස ඇති නෙ ආන්ඩුව වැටෙනකම්... වාමාන්සික හිගන්නො, 2030 වෙනකම් මෙ ආන්ඩුව වැටෙන්නෑ... ඒ විතරක් නෙමේ 2020 දී රනිල් මේ රටේ රාජ්‍ය නායකය.. 2030 වෙනකොට මෙගාපොලිස් එක හදල රට සිංගප්පූරුවට එහා දියුනු කරල, 2030 පත්වෙන දී මේ රටේ නායකයත් ආචාර්‍ය හර්ෂ ඩි සිල්වා වගේ යූඑන්පී කාරයෙක් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනව...

      උබ වියට්නාමය ඇමරිකාවට වඩා දියුනුයි කියන ගොන් කතාවෙන්ම පේනව උබෙ මොලේ තරම...

      Delete
    7. //රනිල් කියන්නේ නිකම් සිනි බෝලයක් විතරයි මතකනේ 2004 දී කාපු පරිප්පුව,//

      රනිල් කොහේද 2004 පරිප්පු කෑවේ, කොටින්ට එමිල් කාන්තන් හරහා සල්ලි දීලත් මහින්ද දියුවෙ වැඩි චන්ද සුලු ප්‍රමානයකින් නේද?

      මේ දැන් පටන් ගත්තා විතරයි, නාමල්, ගෝටා, වීරවංශ එහෙම ඇතුලට යද්දී රනිල් වෙනුවට ආපහු ගේන්න හදන්නේ චිචීවද?

      Delete
    8. අම්මාද බෝල මෙතන තොටවත්තලයි, චන්දරසිරි බණ්ඩාරලයි ඔක්කොම ජෝතිස්ෂ වේදීන් රැස්වීමක් තියලානේ.
      අඩුවකට ඇත්තේ සුබනදාසය විතරයි.
      මෙතන ඉන්න අයට මතකද දන්නේ නෑ අවුරුදු 8 ක් විපක්ෂයේ සිට කනා චාන්ස් එකෙන් 2001 බලයට ආපු රනිල් ගොය්ය 2002 දී කොටි එකක ගිවිසුම ගහල 2004 දී මහින්දට දීල ගියා, මේ කාලයේ බලයේ සිටි අය කිව්වේ අපි අවුරුදු 20 ක් ඉන්නම් 30 ඉන්නම් කියල නමුත් ජනබලය ආවහම බල්ලෝ වගේ බැහැල යන්න උනේ, මහින්ද ලොක්ක රජාටත් අන්දලා තිබුනේ ඔය ඇනෝල වගේ සෙට් එකක් අද බලය ඉන්න උන්දලටත් කියන්න තියන්නේ ඔච්චරයි
      max,
      // මේ දැන් පටන් ගත්තා විතරයි, නාමල්, ගෝටා, වීරවංශ එහෙම ඇතුලට යද්දී රනිල් වෙනුවට ආපහු ගේන්න හදන්නේ චිචීවද?//
      මේ සිද්ද විච්ච දේ ගැන අපමණ සන්තෝසයක් මට තියෙන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි වැරදිලාවත් මගින්දගේ කිට්ටුවන්තයෙක් බලයට ආවොත් සිරිසෙනව එල්ලන්නේ මස්කඩේ කොක්කේ,
      සිරිසේනට සිදුවෙනවා කෙසේ හෝ නීතියට අනුව වැඩකරලා ජනතාව කියන විදියට කරන්න වැරදිලාවත් පිස්සු කෙලින්න ගත්තොත් සිරිසේන බලයෙන් විසිවෙන්නේ හිතන්නත් ඉස්සල්ල.
      ජනතාව ලෙස මේ තත්වය ඉතා හොදයි.
      ඕ MAX සිරිසේන මෙහෙම හැසිරෙන්නේ ඔහු නිතියනුකුල නිසා නෙමෙයි ඔහු කරන්නේ කෙසේ හෝ තම දේසපාලන තත්වය ආරක්ෂා කර ගැනීමයි. රාජපක්ෂ තමාට තර්ජනයක් බව දැනගත්ත විටයි ඔහුට විරුද්දව මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ (වරදවා තේරුම් ගන්න එපා රාජපක්ෂ කියන්නේ දුෂණ භීෂණ වල නිරත වූ කෙනෙක් )

      Delete
    9. lankika sithuwili කියන මීහරකට තේරෙන්නෑ 2002 හා 2015 වෙනස් විත්තිය.. ඒකාලෙ ප්‍රභල විපක්ශයක් තිබුන, රටේ පැත්තක යුද්ධයක් තිබුන, ඒවගේම මහින්ද කියන්නෙ මොනවගේ එකෙක්ද කියල මිනිස්සු දැනගෙන හිටියෙ නෑ... ගොනෝ, දැන් විපක්ෂයෙන් 50% ඉන්නෙත් ආන්ඩුව එක්ක, මිනිස්සුන්ට යුද්ධයක් නෑ, ඒවගේම රනිල් ගියොත් ආයිත් එන්න ඉන්න උන්ගැන මිනිස්සු දන්නව....
      අනිකම් උබලා වගේ ගොබ්බ වම්මුන් යුද්දෙට බෑගිරි ගෑවට රනිල් 2005 ජනාධිපති උනානම් ප්‍රභාකරන් මැරෙන්න ඇමරිකාවෙ ඩ්‍රෝන් ඇටෑක් එකෙකින්.. මේවගේ 40000 විතර සිවිල් මිනිස්සු මැරිල නෙමේ

      Delete
    10. ආ බන් ඇනෝ,
      උබට මතක නැද්ද 1987 දී රනිල්ගේ මාමා ජේ ආර් ගොය්ය රජකම් කරන කාලේ පිරපාහරන් වැල්වැටිතුරේ දී කොටුවෙලා ඉන්නකොට ඉන්දියාව පරිප්පු හැලුව, තොට මතකද රනිල්ගේ මාමා කාරය අලි පැටියෙකුත් ඇමරිකාවේ රේගන් ජනාධිඅප්තිට දීල ලංකාවට ආදාර ඉල්ලා සිටිය?
      ඔය කියන මහලොකු ඇමරිකාව වෙනුවෙන් කැස්ස ජේ ආර් පප්පව ඇහැක් ඇරලා බැලුවේ නෑ දැන් උබ මෙතන රනිල් ට ඩොරෝන් සහය දෙන කතා කියනවා.
      රනිල් ආවනම් තවම යුද්දේ කරන්න තිබුන
      “40000 මරුන” තොට ඔල්මදේද නැත්තනම් තෝ කොටියෙක්ද ? කොහෙන්ද මේ 40000 කතාව අවේ එක්සත් ජාතීන්ට අනුව මැරිලා තියෙන්නේ 7000 වැනි පිරිසක්.

      Delete
    11. ECTA ගිවිසුම ගේන්නම ඕනේ. එතකොට ඉන්දියාවෙන් අපිට රුපියල් 25,000 හේ පඩියට IT expert ලාට රස්සාව දෙන්න පුළුවන්. Lankika Sithuwili වගේ පිටරටට IT products අරින අයට මේකෙන් වාසියි. ඒ මොකද කියනවා නම් එයාගේ production cost එක ඒ හෙතුව නිසා අඩු වෙනවා. නැත්නම් ලංකාවෙන් IT expert කෙනෙක්ව රුපියල් 150,000 හේ පඩියට ගන්නනේ වෙන්නේ. Lankika Sithuwili ට තමුන්ගේ නිෂ්පාදනය අඩු මිළට ලෝක වෙළඳ පොළට දෙන්න පුළුවන්. Lankika Sithuwili ගේ turn-over එක එතකොට මීට වඩා 20 ගුණයකින්වත් වැඩි වෙයි.

      Delete
    12. අමෙරිකා එක්සත් ජනපදයට විරුද්ධව සටන් කරන අලුත්ම සෙබලා තමයි Lankika Sithuwili. ඒ නිසාම හෙට (පෙබරවාරි 15) පෙන්ටගනය රැස් වෙලා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත යි.

      ඒ අතරතුර අමෙරිකා එක්සත් ජනපදයට වඩා වියට්නාමයේ ආර්ථිකය දියුණු වී ඇති බව Lankika Sithuwili විසින් ප්‍රකාශ කර ඇති නිසා එතුමාට වියට්නාමයේ ඉහළම සිවිල් සම්මානය වන හෝ චි මිං සම්මානය ලබන සැප්තැම්බර් 2 වන දා එරට කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමාගේ සුරතින් පිරිනැමීමට නියමිත ය.

      Delete
    13. lankika sithuwili කාරය 80 ගනන්වල හැදිච්ච කෝමා එකකින් නැගිට්ටෙ 2009 ද කොහෙද... මිනිහා හිතාගෙන ඉන්න විදිහට 80 ගනන්වල තිබුනු ඉන්දියාවමයි තාම තියෙන්නෙ, ඒකාලෙ ඇමරිකාව හා ඉන්දියාව එක්ක තිබ්බ අවුල් තාම තියෙනව... ඉන්දියාව කොටිත් එක්ක ජේආර් ගෙ තිබ්බ සම්බන්ධකම් තමා 2005ත් තිබ්බෙ.... ගොනෝ පොඩ්ඩක් ලෝකෙ ගැන කියවල බලහන්, ජේආර් ගෙ කලෙ තිබ්බ ඉන්දියාව, ඇමරිකාව, ශ්‍රීලංකාව නෙමේ අද තියෙන්නෙ...

      Delete
    14. Lankika Sithuwili

      මේකෙ 1600 දවසෙ කුලියට පොල්බූරු කමෙන්ට් කොටන හූඇම්පී මොළේ කළඳක් නැති අමුම අමු ගොබ්බ මීහරක් (මැක්ස් නමැති අමුම අමු පිං ගොනාද ඇතුලුව ) දෙතුන් දෙනාට (සමහර විට එකෙක් වෙන්නත් පුළුවන්) උත්තර දීල උඹේ වටිනා කාලය නාස්ති කරගන්න එපා. ඕකුන්ගෙ ඇඟ පුරා ගොම. මොළයක් නැහැ. ඕකුන් පත්කොරගත්තු නායකයොත් ඕකුන් වගේමයි (උදා: ගොංජා, ඩිජිටල් නොදන්න ඩිජිටල් ඇමැති පිංගොනා, ලස්මං කුචිඇල්ල මීගොනා, පී හැරිසන් පී ඩයල්) ඇතුලු මැටිමෝල්ලුන්ගෙ කතා අහන්නත් අප්පිරියයි. රනිල් කියන්නෙ සාපේක්ශව උගත් සෑහෙන අත්දැකීම් ඇති පලපුරුදු අයෙක් නිසා මා විශ්වාසය තැබුවේ ඔහු ගැනයි. නමුත් දැන් දැන් ඔහුත් කිසිසේත්ම කියන තරම් දැනුමක් හෝ බුද්ධියක් නැති වගේම අවස්ථාව ලැබුණොත් තවත් දරුණු ඒකාධිපතියෙක් වීමේ විභවයක් ඇති කෙනෙක්.

      කෙසේ නමුත් රාජප්ක්ශ පාලනය පෙරලා දැමීමට දුන් ඡන්දය ගැන පසු තැවෙන්න එපා. මරා කල්ලිය දිගටම හිටියනම් මීටත් වඩා පිස්සු කෙළින්න තිබ්බ. කොහොම නමුත් අප ඇතුළු නිදහස් මතධාරී බහුතරයක් සිතූ පරිදි රනිල්-චම්පික- සෝභිත හිමි ප්‍රමුඛ සිවිල් සංවිධාන වල බලපෑමෙන් දුබල විධායක ජනපතිවරයෙක් යටතේ ජනතාවාදී සංශෝධන සිදුවනු වෙනුවට මෙලෝ රහක් නැති විකාර රූපී විකෘති පාලනයක් ඇතිවෙලා. ජවිපෙ මෙන්ම හෙළ උරුමය වැනි කුඩා පක්ශත් පිරිහිලා.

      අනෙක් අතින් මරාලා හදන්න යන නව පක්ශයේ ඉන්නෙත් පරණ දූශිත මිනිස්සුන්ට එපා වෙච්චි හොර හැත්තක්. තව ඒ.එස්.පී ලියනගේ වගේ අමු ගොබ්බ තක්කඩියොත් සෙට් වේවි. මරාගෙ සාම්ප්‍රදායික ඡන්දදායකයොයි තව යහපාලනය එපා වෙච්චි අයගෙන් ටිකකුයි විතරක් ඡන්දෙ දෙයි. දැන් අපට තියෙන ප්‍රධාන ප්‍රශ්නය නිසි විකල්ප බලවේගයක් නොමැති වීම. ඉතාම ඉක්මණින් රටට අලුත් තරුණ නායකයෙක් යටතේ විකල්ප බලවේගයක් ගොඩනගාගතයුතුමයි. ඉක්ටා (කලින් සීපා) වලට එරෙහෙව නැගීසිටින තරුණ වෘත්තීයවේදීන් හරහා මෙම බලවේගය ගොඩනගාගැනීමට කටයුතු කරමු.

      Delete
    15. Anonymous February 15, 2016 at 5:55 PM

      Nice thoughts ! Agree with you.

      Delete
    16. @ Anonymous February 15, 2016 at 5:55 PM

      තෝ වගේ ගොබ්බ හරකුන්ට ඉන්දියාව එක්ක ඇරියස් එකක් තියෙනවා නම් ඒක වෙන විදියකට විසඳා ගනින්. ඉන්දියාව නොතිබුණා නම් තෝ වගේ ගොබ්බ හරක් තවමත් ඉනේ කොළ අතු බැඳගෙන "ඕයේ ඔජායේ" කිය කිය ගිනි ගොඩක් වටේට නට නටා ඉන්නවා. ලංකාවට දියුණුවට පත් කරන්න පුළුවන් එක ක්‍රමයක් වන ECTA අපිට ඕනේමයි.

      Delete

  12. යෝෂිත ගැටවර පිරිමි ළමයි අතර ජනප්‍රිය ආදර්ශ අනුකරණය වෙන චරිතයක්.
    හිරේ යෑම වීරකමක් විිදියට පෙන්වන රටක,යෝෂිත අඩපු එක සමාජිය වශයෙන් අනුකාරක පරම්පරාවට හොදයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා