හොර පොල් ගැහිල්ල හා තුන් මුල්ල පැනීම (ජන ක්‍රීඩා දෙකක්)

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ සමග මේ සාකච්ඡා කරන්නේ කවුරු ද? 
මහින්දගේ හොර නඩය ඊයේ නාඩගම් කීපයක් රඟ දැක්වූ හ. නාට්‍යමය පුවත් නැතිව වේලෙන මාධ්‍යකරුවන්ට ඊයේ දිනය අමන්දානන්දයට හේතු වූ දිනයකි.

විමල් වීරවංශ රඟ පෑ එක්සත් ජාතීන්ට එරෙහි නාඩගම සම්බන්ධයෙන් කියන්නට තිබෙන්නේ සුළු දෙයකි. ඔහු හා ඔහුගේ අනුග්‍රාහකයා වූ මහින්ද රාජපක්ෂ ලංකාවේ ඒකාධිපතිකම් කළ සමයේ ඔවුන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් කර ගන්නට තිබිණි. එසේම, ශ්‍රී ලංකාවටට ලෝකය සමග තිබුණු ආනයන අපනයන සම්බන්ධකම් නැති කර ස්වයංපෝෂිත ආර්ථිකයක් හදා ගන්නට තිබිණි.

අපට ඕනෑ රටකට අප යන එක ද, අපට ඕනෑ අයට පමණක් මේ රටට එන්නට ඉඩ දෙන එක ද කරන්නට තිබිණි. එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ශ්‍රී ලංකාවට ආවේ මහින්දගේ කාලේ ය.

එසේම, පිටරටවල් අපට අඩු පොළියට ණය විතරක් දෙන එක ද, එ් ණය අප කැමති ආකාරයට වියදම් කරන එක ද අත්හදා බලන්නට තිබිණි.

පිටරටවල් අපේ රටේ ආයෝජන කරන එක ද, අපේ රටේ කටයුතු ගැන අදහසක්වත් පළ නො කරන එක ද අත්හදා බලන්නට තිබිණි.

පිටරටවල් අපේ බඩු මිළ දී ගන්නා එක ද, ඒ භාණ්ඩ නිෂ්පාදනය කරන සමාජය ගැන කිසිවක් සොයා නො බලන එක ද අත්හදා බලන්නට තිබිණි.

පිටරටවලින් අපට සංචාරකයන් එවන එක ද, රටේ සිදු වන්නේ කුමක් ද යන්න සොයා නො බලා ඉඳීම ද අත්හදා බලන්නට තිබිණි.

අපේ වහල් ශ්‍රමිකයන් ලොව පුරා ඕනෑ ම රටකට වහල් සේවයට යවන එක ද, මේ රටට අප අකැමැති කිසිවෙකුට පය ගැසීමටවත් ඉඩ නො දෙන එක ද අත්හදා බලන්නට තිබිණි.

ආණ්ඩුවට අවශ්‍ය අන්දමින් මිනී මරන්නට හා සොරකම් කරන්නට ද, ඒ මිනී මරුවන් හා සොරුන් රණවිරුවන් ලෙස සලකා ඔවුන්ට මුක්තිය ලබා දීම නීතිගත කරන්නට ද ආණ්ඩුවට හැකියාව තිබිණි.

ආණ්ඩුව තමන් අත තිබුණු අඳුරු දශකය තුළ මහින්දටත්, විමල්ටත්, උදය ගම්මන්පිලටත්, ඔවුන්ගේ සොර නඩයටත් මේ සියල්ල කරන්නට තිබිණි.

ඉතින් ඒ කාලේ නො කළේ ඇයි?

සිනිගම නාඩගම ගැන නම් අමුතුවෙන් ලියන්නට අවශ්‍ය නැත. විහින් රෙද්ද කඩා ගත්තාට සීනිගම දෙයියන්ටවත් කරන්නට දෙයක් නැත.

ගහනවා ය කියූ පොල් ලක්ෂයෙන් දහයෙන් එකක්වත් ගසා ගන්නට බැරි විය. පොල් ගැහිල්ල ගැන ෆේස්බුක්හි පළ වූ සටහනක් මෙසේ ය:

යහපාලනේට විරුද්ධව පොල් ලක්ෂයක් ගසන බවට සතියකට උඩදී එකවරම බයි නායකතුමෙකුට කියවුනේ පෙර පුරුද්දටය. ඒ කාලේ ( අවුරුදු එකහමාරකට කලින් බං....) සීයේ දාහේ කතා තිබුනේ නැත. සේරම ලක්ෂයෙන් උඩ කතාය. මිලියන්ය. බිලියන්ය.
ඇත්තටම ඒ කාලයේ නම් පොල් දස ලක්ෂයක් වුව ගහන්නට දවස් දෙකෙන් ඕගනයිස් කරගත හැකිව තිබුණි. එක ෆැක්ස් එකකින් සියළු ජ.න.ව.ස.ම වතුවල පොල්,කලටි, කුරුවල් සියල්ල පසුදා පහන් වන විට නීත්‍යානුකූලව ලෙලි ගැසී සීනිගමය. පාන්දර 5 වන විට සී.ටී.බී බස් ඒවා ගසන්නට එන ඇම්බැට්ටයින්ගේ ගේ දොරකඩය. උන්ට දෙන බත් පාර්සලය සහ අරක්කු කාල උදේ 8 වන විට රෙඩිය. කලින්දා හවස ඉඳන් කපුටන්ගේ පවා ඇට මිරිකමින් පී.එස්.ඩී ය දේවාලේ ගාඩ් පිටය. පළමු පොලේ ගසන්නට එන අප්පච්චිට වඩාගන්න බබෙක් හමාරක්ද රෙඩිය. සියළු ටී.වී චැනල් පාන්දර හතරේ සිට සීනිගමය. ගාළු පාරේ අඩි 50 න් 50 ට පොලිස් ගාඩ්ය. සියළු ලයිට් කණූවල කටවුට්ය. බැනර්ය.
ලක්ෂයේ කතාව කියවුනේ ඒ පුරුද්දටය. ඒත් අන්තිමට ඉන් 100 න් 1 ක් වත් ගසා නැත. ඒ මදිවට හොරපොල් කැඩුවා කියා නරක නාමයක්ද, නඩේ ගුරාගේ පොකැට් එක දේවාලේදීම විද්ද බවට හද්ද කුජීත නිවුස් එකක්ද ලැබී ඇත. මට නම් පට්ට සතුටුය.
රිසිසේ මහජන දේපළ උලා කෑ කාලයේ තොපි එකෙකුටවත් දෙවියන් බුදුන් හිටියේ නැත. තොපි ඇදහුවේ සාටකයකි. තොපිට දෙවියන් මතක් වෙන්නේ කෙළවෙනකොටය.
ලොකුම දුක තොපිට හොඳම එකෙන් කෙළවන්නට කොන්ද පණ ඇති ආණ්ඩුවක් නැති එකය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙන්ඩ කියනව එකෙක් කිව්වලු ජාතික ගීය සිංහලෙන් කිව්ව කියල පොලිස් බලතල ඉඩම් බලතල දෙන්න වෙනවලු. යුද්ධෙන් පස්සේ ඕනනම් 13 සංශෝධනය සල්ලිවලට ගත්තු 2/3 යොදාගෙන අවලංගු කරන්න තිබ්බ. ඒ වෙනුවට චෝගම් එක ලංකාවේ පවත්වන්න ඉන්දියාව ඉල්ලපු කප්පම විදිහට උතුරෙ පළාත් සභා මැතිවරණය තිබ්බ. ඒ කෙ සභාපති වෙන්න. රට පුරා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහානායක කියල ගහපු බෝඩ් මතක ඇති. 2/3 යොදල සහ යුධ ජයග්‍රහණය යොදාගෙන රටේ ඒකීයතාවයට, රටේ උසස් අධ්‍යාපනය වගේ අනික් ප්‍රශ්ණ විරුද්ධ වාදීන් යටකරගෙන විසදන්න තිබ්බ.

    ඒ එකක් වත් කරන්නෙ නැතුව 18 සංශෝධනය ගෙන්නල සදාකාලික රජ වෙන්න විතරක් දඟලපු කැනහිලා දැන් ආයිමත් දේශප්‍රේමය විකුණන්න එනවා. ඒ කාලේ මොකක් හරි හොර ජවාරමකින්, පාරවල් කොන්ත්‍රාත් එකකින් හරි, ඉඩම් කොල්ලයකින් හරි කුඩු බිස්නස් එකකින් හරි එහෙම නැත්නම් තානාපති කාර්‍යාලෙක පත්වීමක් වගේ වාසියක් නොතිබුණ එකෙක් තාම මේ විනාශකාරයට සහයෝගය දෙන එක නම් හිතාගන්නවත් බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් මගේ අත්දැකීමත් මුන්ට ආවඩන ඔක්කොම තමන්ගෙ හොර business එකක් හරි වෙන මොනවහරි වරප්‍රසාදයක් නැති වෙච්ච අය තමයි. උන්ට ඇති එකම සරණ ජාතිවාදයයි.

      Delete
  2. හිකිස් මේක නම් මරු. මේ බුරු සෙට් එකයි උන්ගේ පස්සේ යන එවුන්ටයි කවදා මොලේ පැදෙයිද....

    ReplyDelete
  3. 'ලොකුම දුක තොපිට හොඳම එකෙන් කෙළවන්නට කොන්ද පණ ඇති ආණ්ඩුවක් නැති එකය'. True. නමුත් එතකොට මුන් ටික තප්පුලනවනේ 'පලි ගැනීම්' කියල. Slow and steady is the best strategy.

    ReplyDelete
  4. මුන්ගේ හොරා කෑමේ තරම තමයි මේකෙන් පේන්නේ...

    ඔය දිනේෂයා පුතාගේ කොම්පැනියක් හදාගෙන ආන්ඩුවෙන් එකසිය ගානට කාපු වේසිගේ පුතෙක්, ඒවා නැතිවීම තමයි ඌට තියෙන අමාරුව.

    සිරිසේන මුන්ට ඇරියේ නැත්නම්, මුන් සිරිසෙනට අරින්නේ කෑලී නැතිවෙන්න.

    ReplyDelete
    Replies
    1. මහින්ද තමයි හොර දෙටුවා.... තව ටික දවසකින් මහින්දයාත් හිරේ. හැබැයි ඌට හිරගේ නුපුරුදු තැනක් නෙවෙයි. 1982 ද කොහෙදත් ඌ හිරේ හිටියනෙ.

      Delete
  5. kondha pana athi aanduwak nathi ekaya//
    aanduwa kothanaka hari monawata hari hira welaa wage penenne nadda?

    ReplyDelete
  6. "පොල් ගැහිල්ල ගැන ෆේස්බුක්හි පළ වූ සටහන" ලියා පල කලේ හිටපු බ්ලොග්කරුවෙකු (Rear Gate) වූ Charmi Sam ය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා