හිඟන්නාගේ පාත්තරයට වහන පෙරේත දේශපාලකයෝ

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සනයි 
දූෂණ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම ෆවුසිට නඩු පවරා තිබේ.

දූෂණය මෙසේ ය. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ 2010දී ෆවුසි ආපදා කළමනාකරණ ඇමති කාලේ නෙදර්ලන්ත රජය විසින් පරිහරණය කරන ලද ප්‍රාඩෝ ජීප් රියක් ආපදා කළමනාකරණයට නො යොදා තමන්ගේ පෞද්ගලික භාවිතාවට යොදා ගැනීමයි.

ආපදාවක් සිදු වූ විට විදේශ ආණ්ඩු, සමාජ සේවා සංවිධාන හා සහකම්පනය ඇති මිනිස්සු තමන්ට හැකි ආධාර උපකාර කරති. ලැබෙන ආධාර දුටු විට පටු මානසිකත්වයක් ඇති මිනිසුන්ට හිතෙන්නේ “යකෝ මේවා අපටත් නැහැ නේ. මේ හිඟන්නන්ට ඔය බාල බඩු ටිකක් දීලා මේවා අපි ගත්ත නම් ඉවරනේ," කියා ය.

එහෙම හිතන ඉතිහාසයක් ෆවුසිගේ හිටපු නායකයා වූ මහින්ද රාජපක්ෂට ද තිබේ. 2005දී ඔහු සුනාමි ආධාර ගසා කන්නට පෞද්ගලික ගිනුමක් හදාගෙන කර මුලින් ම මාට්ටු විය. නීතිය බල්ලාට දැමූ හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා අවනීතියෙන් ඔහු නිදොස් කොට පැමිණිලි කළ අයට දඬුවම් කළේ ය. මේ කේස් එක නැවත ඇසිය යුතු ය.

එහෙත්, ආපදාවට පත් වූවන්ට ලැබෙන සහනාධාර ගසා කෑම ගැන දේශපාලකයන්ට පමණක් දොස් පවරා අත සෝදා ගැනීමට පුළුවන් ද?

සුනාමි ආධාරවලින් මහින්ද කළ වැඩේ ම කළ රාජ්‍ය නො වන සංවිධාන කීයක් ලංකාවේ තිබෙනවා ද? සුනාමි ආධාරවලින් විවිධාකාරයෙන් ගසා කා ආර්ථිකය සරු කර ගත් රජයේ හා රාජ්‍ය නො වන අංශයේ නිලධාරීන් කී දෙනෙක් දැන් සුදනන් ලෙස හැසිරෙනවා ද?

සමස්තයක් ලෙස ම, ලංකාවේ දුප්පතුන්ගේ දිළිඳුකම විකුණන් කන සේල්ස් රෙප් වැඩේ කරන කීදෙනෙක් ලංකාවේ ඉන්නවා ද? එහි නරක ම දෙය වන්නේ දිළින්දන්ට අත පල්ලෙන් වැටෙන දෙයවත් නො දී කන එක ය. 

මේවා කියවන විදෙස් රටවල සිටින අපේ හිතවතුන් ඒ රටවල සිටින මිනිසුන්ට කිව යුතුව තිබෙන්නේ තමන් ලබා දෙන පුණ්‍යාධාර බෙදා හරින සංවිධානවල ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔවුන් ඊට වඩා උනන්දු විය යුතු බවයි. මේ සොරකම්වලට මග පාදන්නේ ඒ පුණ්‍ය සංවිධානයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරකුම් මාමේ කතාව හරි ශෝක්. තවත් විහිළු කතාවක් ඉක්මනින්ම දාන්ඩෝ.....

    ReplyDelete
    Replies
    1. ඇයි පුතේ ඕගොල්ලන්ගේ මහින්ද මාමි ඇතුළු මලබද්දේ කට්ටිය දෙන විහිලු මදැයි තව මොනවද.

      Delete
  2. //ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සනයි //

    ඔහොම හිතුවොත් වාමාන්සික සිල් බිඳිලා පරාජිකා වෙයි නේ පැරා!


    ReplyDelete
  3. ඔව්ව මොනාද පැරා. මගේ යාලුවෙක් හිටිය. උගෙ සීය මහින්ද මාමිගේ ආණ්ඩුව කාලෙ හිටිය නියෝජ්‍ය ඇමති. උගේ තාත්ත නියෝජ්‍ය ඇමතිගේ ලේකම්. මගෙ යාළුවා රස්සාවට එන්නේ V.I.P ස්ටිකර් එක අලවපු සුදු පාට ටොයිය ඩිෆෙන්ඩර් එකෙන්. ඩීසල් ටික ගහන් හතර වටේ ගිහින් රිසිට් එක සීයගේ ඔෆිස් එකට යවනවා. ලේකම් තාත්තගේ ගෙදර රෙන්ට් එක ආණ්ඩුවෙන් ගෙවනව. ආණ්ඩුවේම ශිෂත්වයකින් පුතෙක් ඇමෙරිකාවෙ ඉගෙනගන්නව.

    පට්ටයි මේ වගේ මිනිස්සු.. රටට වාසනාවක්..
    ---------------------

    අනිත් යාළුවා නම් මොන්ටිසෝරි ඉඳල ඉස්කෝලෙත් එක පන්තියේම හිටියෙ. මහින්ද මාමිගේ දෑත් ශක්තිමත් කොරන්ට ගාල්ලේ ලොකු බර්ගර් දන් සැලකුත් දුන්න. තමන්ගේ නැසීගිය පියාණන් (හිටපු දේශපාලකයෙක්) ගේ දානය ඉවර වෙලා උණවටුන ප්‍රදේශයේ මර්වින් සිල්වා ගේ පුතාල සමග පාටි දාල මහින්ද මාමි පැරදිලත් මයිත්‍රී මහත්තයගෙන් ගේම ඉල්ලපු ඌට ඊයේ පෙරේද මම දැක්ක මයිත්‍රී මහත්තයගෙන්ම දෙකට නැමිල තනතුරක් ගන්නවා.

    මයිත්‍රී මහත්තයෝ ඔහේට නම් පව්. මොකෝ ඉතින් ලේ දුන්න කියල මොලේ දෙන්ට පුළුවන්ය ...

    ReplyDelete
  4. ඉතින් පැරා ෆවුසි හිතන්න ඇති "අපිට වඩා අපදා කොහෙද අප්පා.මේ රටේ දේශපලකයෝ තරම් අපදා කාරයෝ වෙන ඉන්වැයි" කියලා හිතලා තමයි ඕක ඔය ගෙදර අරන් යන්න ඇත්තේ.

    ReplyDelete
  5. හරි නම් සිරිසේනලා ඉන්නත් ඕන වැලිකඩ. ඕවා ඔක්කොම කැබිනට් එකෙන් අනුමත ඒවා වෙච්චි.

    ReplyDelete
  6. ඉතින් පැරා ෆවුසි හිතන්න ඇති "අපිට වඩා අපදා කොහෙද අප්පා.මේ රටේ දේශපලකයෝ තරම් අපදා කාරයෝ වෙන ඉන්වැයි" කියලා හිතලා තමයි ඕක ඔය ගෙදර අරන් යන්න ඇත්තේ.

    ReplyDelete
  7. //...හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා අවනීතියෙන් ඔහු නිදොස් කොට පැමිණිලි කළ අයට දඬුවම් කළේ ය. මේ කේස් එක නැවත ඇසිය යුතු ය//

    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්නු තීන්දුවක් ආපහු අදින්න පුලුවන් වෙයිද?

    ReplyDelete
  8. ප්‍රාඩෝ ජීප් මොකටෙයි ආපදා අමාත්‍යාංශෙ ඉන්න ගොබ්බ සේනලට, උන්ට හොඳයි අර ටාටා කැබ් වගේ එව්වා. එල ෆවුසිටත් එහෙම හිතෙන්න ඇති...

    ReplyDelete
  9. ගොන් අජිත් හෙවත් වාමාංශික පෝලෝ සීයා විසින් ගංජා අජිත් හෙවත් අජිත් කුමාරසිරි උඩ දැමීම
    “”””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””

    කල්පයක් පෙරුම් පුරා පැරා ආණ්ඩුවේ හොරණෑවට රිංගා ගත් දිනය අපට සිහි වේ. ලංකාවේ ප්‍රමුඛ මානව හිමිකම් ගොඩ-පෙරකදෝරුවා වෙන්නට දත කන සුදර්ශනත් ලංකාවේ මිචිල් ‍ෆූකෝ වෙන්නට දත කා නන්නත්තාර ව මුහුදු රස්සාවට වැටුණු කල්‍යාත් සමඟ පැරා හිරිකිතයක් නැති ව ආණ්ඩුවේ ‍හොරණෑවට රිංගාගෙන පැවසූ පළමු වැනි වාක්‍ය අජිත් කුමාරසිරි හෙවත් ගංජා අජිත් ගැන ය. පැරා යනු අජිත් කුමාරසිරිගේ ඝෝෂාව ගීතය ලෙස සලකන පිලිස්තීනුවෙකු බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. පැරාගේ ලිංගික හෝ අලිංගික හෝ තෘප්තිය පැරාගේ වැඩකි. එයට අපගෙන් බාධා නැත. එහේත් ගංජා අජිත් හෙවත් අජිත් කුමාරසිරි ගොන් අජිත් හෙවත් වාමාංශික පෝලෝ සීයා හෙවත් පැරා විසින් උඩ දමනු ලැබීම යනු නිර්ලජ්ජිත ගනුදෙනුවකි. පැරා තමන්ගේ ගනුදෙනුව මඟින් ලාංකීය වාම දේශපාලනයේ විප්ලවීය දේශපාලන ව්‍යාපාරය ද වරක් නොමඟ යැව්වේ ය.

    නන්නත්තාරයේ ඇවිද ගිය රස්තියෙකු වාමාංශික මහා කලාකාරයෙකු ලෙස උත්කර්ෂණය කරමින් පැරා කළ විගඩම නිසා පෙර කී වාම විප්ලවීය දේශපාලන ව්‍යාපාරය ද තව නූලෙන් විසුළුවක් වන්නට ඉඩ තිබිණි. ලාංකීය වාම විප්ලවීය දේශපාලනයේ අතිදීප්තිමත් තාරකාව වූ ධීමත් රෝහිත භාෂණයන්ගේ විචක්ෂණ නායකත්වය නිසා එවැනි ආවාසනාවන්ත තත්ත්වයක් මඟ හැරිණි. Marks හා Marx අතර වෙනස නො දන්න දිවුරුම් දුන් පරිවර්තකයන්ගේ කෙරුවාවල් එසේ ය. තමන්ගේ ගොන් පාර්ට්වල වගකීම බාර ගන්නට තරම් හෝ ආත්ම ශක්තියක් නො තිබුණු වාමාංශික පෝලෝ සීයා හෙවත් ගොන් අජිත් තමන්ගේ ගොන්කම්වල වගකීම වෙනත් සහෝදරයන් මත පැටවූයේ ය. එහෙව් මිනිහෙක් දැන් තමන්ගේ අදහස්වල වගකීම දැරිමේ වැදගත්තම ගැන අපට බණ කිය යි.

    අජිත් කුමාරසිරි මෙන් ම අජිත් පැරකුම් ද දන්නා දේශපාලනයක් නැත. හවානා සුරුට්ටුවේ දාර්ශනික හැඟවුම්කරණය ඥානනය කර ගත නො හැකි මුග්ධන් විප්ලවවාදීන් කරන්නට ගිය පැරා තමන් ද නැසී වම ද නසන්නට ගියේ ය; තවමත් නසමින් සිටී. පැරාට අප පවසන්නේ මෙය යි: අජිත් කුමාරසිරිගේ කාබනික සංස්ථිතිය ජෝන් ලෙනන් හෝ බොබ් මාලේ හෝ වික්ටර් හාරා හෝ බවට පරාවර්තනය කරන්නට ඔබට තබා විශ්වකර්මයාටවත් නො හැකි ය. ලෙනන්, මාලේ හා හාරා තුළ පැවති දාර්ශනික විභවය ඔබගේ අජිත් කුමාරසිරි තුළ නැත. මාලේ යනු ගංජා නො ව දාර්ශනික කියවීමකි. අජිත් කුමාරසිරි යනු බීඩි කොටයක් පමණි.

    ReplyDelete
    Replies
    1. මෙය ලියූ පුද්ගලයාගේ මනෝභාවය විශ්ලේෂණය කර ගන්නට වැදගත් වන කරුණු කීපයක් මතු කර දක්වමි.

      1. අදහසක් පැහැදිලිව මනසේ ගොනු වන්නේ නැත. සිතුවිලි අවුල් සහගත ය.
      2. පුද්ගලයන් රැසක් සමග වෛරය, ඊර්ෂ්‍යාව ඔඩු දමමින් තිබේ.
      3. ඒ කිසිදු පුද්ගලයකු සමග මෙම පුද්ගලයාට තිබෙන වෛරයට පැහැදිලි හේතුවක් සොයා ගන්නට බැරි වී ඇත.
      4. වෛර කළ යුතු නිසා වෛර කරන බව පෙනේ.
      5. එම පුද්ගලයා අදහස් පළ කරන්නේ වෙනෙකෙක් පළ කළා ය කියා ඔහු හිතන අදහසක් ගැන ය. එවැනි අදහසක් පළ කර තිබෙන්නේ කොහේ ද යන්නවත් එම පුද්ගලයා දන්නේ නැත.
      6. යමෙකෙකුට වෛර කිරීමෙන් විප්ලවවාදියකු වන්නට පුළුවන් නම්, මෙවැනි විප්ලවවාදීන්ගෙන් ලංකාව පිරී ඉතිරී ගොසින් ය.

      Delete
    2. පැරකුම් මහතා යමක් කියවා අවබෝධ කර ගැනීමට තරම් දැන උගත්කමක් නැති අයෙකු බවඒ මහතාගේ ප්‍රතිචාරයෙන් පැහැදිලි වේ.
      එවැනි හැකියාවක් තිබුණේ නම් අතිශය විසුළුසහගත කරුණු හයක් පැරකුම් මහතා විසින් නො ලිය වෙන්නට ඉඩ තිබිණි. පැරකුම් මහතා පවසන කරුණු හය ඒ මහතාගේ සරලමතිකභාවය ‍ප්‍රදර්ශනය කරන්නේ මෙසේ ය:

      1. පැරකුම් මහතාට අදහසක් පැහැදිලි ව මනසේ ගොනු නො වන බව ගැන මම සැක නො කරමි. අදහසක පැහැදිලි ව මනසේ ගොනු වන්නට නම් අකර්මන්‍ය නො වූ මනසක් තිබිය යුතු ය. පැරකුම් මහතාගේ භාවිතය තුළ ඒ මහතාට එවැනි මනසක් ඇති බවක් ඒ මහතා විසින් පෙන්වනු ලැබ නැත. මෙම සංවාදයට හේතු වූ සටහන මඟින් ඉතා නිරවුල් ව අජිත් කුමාරසිරි නමැත්තා උත්කර්ෂණය කිරීමට පැරකුම් මහතා ගෙන ඇති වෑයම විවේචනය කර ඇත. යම් පෙළක් කියවා එහි මුඛ්‍ය ධාරාව වටහා ගැනීම කනිෂ්ඨයේ දී උගත යුතු පාඩමකි. මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ දී පැරකුම් මහතා ඉගෙන ගෙන ඇත්තේ ට්‍රාන්ස්ෆෝමර්වලට තෙල් වැක්කීරීමට පමණක් ද යන සැකය මට ඇති වේ.

      2. පුද්ගලයන් රැසක් සමඟ වෛරය, ඊර්ෂ්‍යාව ඔඩු දුවමින් තිබෙන්නේ පැරකුම් මහතාට බව නම් ඒ මහතා මෙහි ලියන වෛරී ප්‍රකාශනවලින් පෙනේ.

      3. පැරකුම් මහතා පවසන වෛරයක් අදාළ ලේඛකයාට ඇති බවක් ඉහත එම සටහනින් ගම්‍ය නො වන නිසා නො පවතින දෙයකට හේතු සෙවීම අදාළ නැති කාර්යයකි. ‍

      4. වෛර කළ යුතු ය යන නිර්දේශය පැරකුම් මහතාගේ ය. එනිසා එම කරුණ අදාළ නැත.

      5. අදාළ සටහන මඟින් පැවසෙන කරුණු පැරකුම් මහතා පවසා ඇති දේ ය. පැරකුම් මහතා විසින් ම මෙහි පළ කළ තමන්ගේ පළමු රෑපවාහිනී සාකච්ඡාවේ වීඩියෝවේ පැරකුම් මහතා කතාව අරඹන්නේ ම අජිත් කුමාරසිරි නමැත්තා ගැන පවසමිනි. පැරකුම් මහාතාට ද අමතක වීමේ අසනීපය සෑදීගෙන එන බවක් පෙනේ. පැරකුම් මහතා විසින් අජිත් කුමාරසිරි නමැති රස්තියාදුකාරයෙකු විප්ලවවාදී කණ්ඩායමකට සම්බන්ධ කරන්නට නිර්ලජ්ජිත ගනුදෙනුවක් කරන ලද බව අසත්‍යයක් නො වේ. 2006 දී හිරු අයි. එස්. ඕ. සංවිධානය කරන ලද්දේ රේනේ සිල්වා මහතාගේ හිරු නාළිකාව විසින් ද?

      6. යමෙකුට වෛර කිරීමෙන් විප්ලවවාදියෙකු වන්නට හැකි නම් යන අදහස පැරකුම් මහතාගේ ය. පැරකුම් මහතා අසූව දසකයේ දී කළ කී දෑ අනුව වෛරකිරීමෙන් විප්ලවවාදියෙකු විය නො හැකි බව ඉතා පැහැදිලි ය.

      මුල් සටහනින් විමසා ඇති කිසිදු කරුණකට තාර්කික පිළිතුරක් නො දෙන පැරකුම් මහතා තමාගේ හිත තුළ කැකෑරෙන වෛරය නම් තම ප්‍රතිචාරයෙන් පිට කර ඇත. රට හදන්නට ලොකු කතා පවසන්නේ එවැනි ජෝන් බාස්ලා ය.

      පැරකුම් මහතා මීට පෙර ද අංකිත ප්‍රතිචාරයක් දක්වා තිබිණි. ඒ පොලිස්පති පත් වීම ගැන ඒ මහතා පළ කළ අවිචාරශීලී සටහනේ දී ය. පොලිස්පති වර්තමානයේ නටන නාඩගම් එදා දුරදක්නා නුවණින් කිසියම් පාඨකයෙකු විසින් පවසන ලදී. පැරකුම් මහතා සිදු කළේ අංකිත ප්‍රතිචාරයකින් මෝඩ හා අදාළ නො වන කරුණ කීපයක් දැක්වීම යි. කාලය විසින් පෙර කී පාඨකයා දක්වා තිබූ අදහස නිවරද බව තහවුරු කෙරිණි. පැරකුම් මහතා වැල්ලේ හිස ඔබා ගෙන සැඟවීමට වෙහෙසෙන පැස්බරෙකු බවට පත් ව සිටී. පැරකුම් මහතාණනි, ඔබගේ හිස වැල්ලේ සඟවා ගත්ත ද ඔබගේ අවලස්සන කවන්ධය එළියේ ය.

      ඔබගේ ලිපි කියවීම නවතා දැමිය යුතු බව බ්‍රෙන්ඩා විසින් පවසන ලද්දේ ඉතා නිවරද විනිශ්චයක් මත බව අවසාන වශයෙන් පවසමි.

      වර්තමාන තත්ත්වය ගැන කලකිරී සිටින,
      ඩබ්ලිව් තුන ලංකා සමාරම්භක පාඨකයෙක් මි.

      Delete
    3. ඔබ ඔය කියන රූපවාහිනී සාකච්ඡා, පොලිස්පති ගැන කියූ දේ ආදියට අදාළ ලින්ක් සපයන්නේ නම් ඔබට තිබෙන ප්‍රශ්නය තේරුම් ගැනීමට පහසු වේ.

      කකුල පොඩ්ඩක් එහා මෙහා කර බලන්න. මට නම් පෙනෙන්නේ වලිගය පෑගී ඇති බවකි.

      Delete
  10. Ajith Perakum checkmated by Brenda! Respect!

    //Brenda Maddumage: Better stop reading your blogs. Have you ever seen how much academic programs happening in the medical profession per year. How many in this weekend ? Can you name a single one. Do not show your stupidity by talking nonsense.//

    ReplyDelete
  11. අපේ ලප මහතාත් මේ බ්ලොග් ලියන මහතාත් දෙදෙනාම මැක්කා තියරිය උපරිමයෙන්ම භාවිතා කරය්. පසුගිය ආණ්ඩුවට ගොඩක් බැන වේද අලුත් අයට බොරුවට ටොක්කක් අනි. අපේ මල්ලි රචනා ලියද්දිත් මේ තියරිම දමය්. පොල් ගස ගැන රචනාවක් ලියන්නට දුන් විට ඌ මෙසේ අවසන් කරය. පොල්ගසේ බල්ලා බැද ඇත බල්ලාගේ පිටේ මැක්කෙක් ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා