වතු කම්කරුවන්ගේ වැටුප ඇත්තට ම වැඩි වුණා ද?

19වන සියවසේදී මේ කම්කරුවන්ගේ මුතුන් මිත්තන් ලංකාවට ගෙන ආවේ ඉන්දියාවේ රාමනාදපුරම්, මානමදුරෙයි වානි දුගී දිස්ත්‍රික්කවලින් බව ද, ඔවුන් මෙරටට ගෙන ආවේ ශ්‍ර‍ම සැපයුම්කරුවකු කංකානම්වරයකුගේ යටතේ බව ද මාධ්‍යවේදී එස්. පියසේන ඔක්තෝබර් 14දා ලංකාදීප පුවත්පතේ සිය ආවර්ජන කොලමේ සඳහන් කරයි.

එහි වැඩිදුරටත් සඳහන් වන ආකාරයට 1939දී නුවරඑළියේ උඩහේවාහැට වතුයායක කම්කරුවන් සිය දෛනික වැටුප සත 40 සිට 45 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා කරන ලද අරගලයේදී පොලිසිය කළ වෙඩි තැබීමෙන් ගෝවින්දන් නම් කම්කරුවා මිය ගියේ ය. ඒ පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද පළමු ලාංකික කම්කරුවා විය හැකි ය.

මෙම ඝාතනයේ වගකීම එවකට ස්වදේශ කටයුතු ඇමති ඩී.බී. ජයතිලක මත පැටවීමට ආණ්ඩුකාවරයා ගත් තීරණයට විරුද්ධව ඇමතිවරුන් හත්දෙනෙක් ඉල්ලා අස් වූ හ.

පසුව මෙම ඝාතනයට වැරදිකරු පොලිස්පති බව තීරණය කරන ලදී. වතු කම්කරු ඉල්ලීම ද ලබා දෙන ලදී.

මෙම ඉතිහාස කතාව ද සටහන් වන්නට ඇත්තේ පසුගිය සතිවල වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවලට සමගාමීව ය. වතු කම්කරු දෛනික වැටුප රු. 730 දක්වා වැඩි කරන සාමූහික ගිවිසුමක් අත්සන් කරන ලද බව එයින් කියැවිණි. එහෙත් එය සත්‍යයක් නො වේ.

වතු කම්කරුවෙකුගේ කලින් තිබූ දෛනික වැටුප රු. 620කි. ඉන් මූලික වැටුප රු. 450 කි. දිරි දීමනා වශයෙන් රු. 30 ක් වැටුපට එක්වන අතර තවත් රු. 140ක් පැමිණීමේ දීමනාව වශයෙන් ලබා දෙන ලදී.පැමිණීමේ දීමනාව වන රු. 140 ලබා ගැනීම සඳහා 75‍% ක පැමිණීමේ ප‍්‍රතිශතයක් සම්පූර්ණ කළ යුතු ය.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.730 දක්වා වැඩි කරනු ලැබුවේ මෙසේ ය: මූලික වැටුප රු. 500 දක්වා වැඩි කර ඇත. දිරි දීමනාව රු. 60 දක්වා ද, පැමිණීමේ දීමනාව රු. 170 දක්වා ද වැඩි කර තිබේ.

මෙම වැටුප ලබා ගැනීම සඳහා කම්කරුවකු විසින් දිනකට තේ දළු කිලෝ 18-20 අතර ප‍්‍රමාණයක් නෙළිය යුතු ය. රබර් කිරි කැපීම හා වෙනත් වතු කම්කරු රැකියා සම්බන්ධයෙන් ද මෙවැනි ඉලක්ක තිබේ. වතු කම්කරුවන්ට වැඩ ලැබෙන දින ගණන තීරණය වන්නේ වත්තේ ස්වභාවය අනුවයි. ඇතැම් වතුවල කම්කරුවන්ට මාසයකට දින 14ක්වත් වැඩ ලැබෙන්නේ නැත.

වතු කම්කරු දෛනික වැටුප ඇත්තෙන් ම වැඩි කර තිබෙන්නේ රු. 50කින් පමණි. ඒ රු. 450 සිට 500 දක්වා ය. බොහෝ මාධ්‍ය මෙම යථාර්ථය වාර්තා කළේ නැත.

වතු කම්කරු වැටුප් අර්බුදය හා වැවිලි කර්මාන්තයේ ගැටලුව ගැන ලිපියක් රාවය පුවත්පතට ලියමින් සිටිමි. එය හෙට මෙහි පළ කරනු ලැබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔහෙලා කොපමන කකුලෙන් ඇද්දත් මේ ආන්ඩුව 2020 තෙක් පවතිනවා හිටන්!

    ReplyDelete
  2. තේ වතු අයිතිකාරයගේ පැත්තෙනුත් බැලුවොත් හොඳයි... මෙයාලා කීයක් ඉල්ලනවද.? දළු කිලෝ එකකට කීයක් අයිතිකාරයට ලැබෙනවද? එතකොට කුඩා තේ වත්තක් අයිති එකාට ඉතිරි වෙන්නේ කීයද? පෝර වලට මේන්ටේන් කොරන්න කියක් යනවද කියන දේවලුත්..

    එතකොට දෙපැත්තටම වාසි වෙන්න නම් දළු කිලෝ කීයක් කැඩෙන්න ඕනද වගේ දේත්...

    ReplyDelete
    Replies
    1. වත්ත බංකොළොත් වුණොත් ඔක්කොම ඉවරයි.

      Delete
    2. මොනා කරන්නද බං. වත්තේ හුලං කියලා නිකා ඉන්නවා.

      Delete
  3. ඔය ඓතිහාසික ලිපිවලට තොරතුරු සපයන එස් පියසේන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාත් ඓතිහාසික පුද්ගලයෙක්. ඔහු ගේ වයස දැන් අවුරුදු 94 ක්. දැන් ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියා ඔහුයි.

    මේ මා ඔහු ගැන ලියූ ලිපියක්.
    https://rasikalogy.blogspot.com/2014/11/veteran-journalist-s-piyasena.html

    ReplyDelete
  4. අපහාස කිරීම් පිළිබඳව සංවාදයක් ආරම්භ වී ඇති අතර මේ පහත දැක්වෙනුයේ පැරාටද බ්ලොග් සදාචාරය දේශනා කරන පොඩි එවුන්ට කෙලින් යන්න කියන මහ කකුළුවකු කාලයකට පෙර පලකළ අදහසකි කමෙන්ටුවකි.

    "විචාරක - Wicharaka 5 August 2015 at 16:48

    හනේ බොල කුලී කාර් කාරයෝ. තෝ රටවටේ කුලී ගමන් යන, බේබදු කමේ අන්තයට ගිය, වේසා ගෑණු නිසා වාර ගණනක් වී ඩී හැදුන අවලමා, තොගේ තරම දැනගෙන කතාකරපිය ඉස්සර වෙලාම. තොගේ කුනුවෙච්චි අඩවිය දැන් තෝ වගේම ගඳයි. තෝ හිතාගෙන ඉන්නේ තෝ තමයි කෙරුමා කියලා. තොගේ කුලී කාර් හොර සෙල්ලම් නිසා ජොබ් එකට කෙලවගන්න ලඟයි.

    තෝ කොහොමද කලවැද්දෝ මට සිංහල උගන්නන්නේ. විඥ්ඥානය කියලා හරියට ලියනවානම් ඥ යනු දෙක එකට බඳින්න ඕනේ. නමුත් කී බෝඩ් එකේ ඒ පහසුකම නැහැ. නොදකින් සිංහල නොදන්නා හිඟන්නා.

    යකෝ කෝට් මාෂල් කියන එකේ තේරුම මගේ පරණ ලිපි කියවල ඉගෙන ගනින්. උඹ දන්න කෝට් මාෂල්. බේබදු කුලී කාර් ඩ්‍රයිවරයා."

    http://rasikalogy.blogspot.com/2015/08/what-else-is-there-to-talk-about.html?showComment=1438757332816#c8848181864457410739

    දැන් තමන් වැපුරූ දෙයෙහි අස්වැන්න ඔහුට ලැබෙමින් පවතිනා හැඩය.

    ReplyDelete
    Replies
    1. හමුදාව අතුගාපු නාකි විචා උඩ ගිය තරමක්. මූ යුඇන්පියෙ ඇමතියෙක්ගෙ රෙකමදාරුවට සොර්ල්ජර් කෙනෙක් විධියට ආමි ගිහින් කොහොමද කතාව. මූ හදිස්සියෙන්වත් අර ප්‍රභාකරන් මරපු සේනාංකයෙ බැට්මන් කෙනෙක් විධියටවත් හිටියානම්, අපි අද බ්ලොග් කියවලා හමාරයි.

      Delete
    2. මේ ඒගොල්ලන්ගේ තවත් 'කකුළු' වැඩ.

      ඉය..,

      මේකෙන්ම දැන් පේනවා නේද ඔයාගේ යටි අරමුණ.
      මම යෝජනා කරනවා ඔබ, තමන්ට උත්තරයක් දීගන්න බැරුව හිරඋනාම, අනුන්ගේ පිටින් දාල, ඒ කියන්නේ තෙවන පාර්ශ්වයකට අපහාස වෙන කොමෙන්ට් කියල, කොමෙන්ට් එක ඩිලීට් කරලා ඊට පස්සේ හොඳ මිනිහ කියල ලෝකෙට පෙන්නන්න ලියනවා, අපහාස කොමෙන්ට් එකක් නිසා මම ඩිලීට් කළා කියල.


      ඔහොම යන්, ඔහොම යන්

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  5. වතුවල පලදායීතාවය කෙරෙහි බලපාන සේවක කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා කංකානම් වැනි තනතුරු වලට සන්නද්ධ හමුදා වලින් විශ්‍රාම ලැබූ පුද්ගලයන් යෙදෙවීමෙන් සාර්ථක ප්‍රතිපල අත්කරගත නොහැකිද?

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලියෙ, බැරිද අපේ විචා මාමාට කංකානි තනතුරක්වත් සෙට් කොරලා දෙන්න. එයා ආමි එකෙන් පැන්සොන් ගියාට පස්සෙ පුදුම සාංකාවකින් නොවැ ඉන්නෙ. නැන්දටත් ගහනවා (අරකෙන් නෙමෙයි ඕන්, අතින් පයින්)
      මීට විචා මාමාගෙ බෑණා, සුදු පුතා

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  6. ඒ කියන්නේ අතීතයේ මෙන්ම මේ පාරත් පලනිලා, තොන්ඩලා, නවීන්ලා සාමුහිකවෙලා වතු කම්කරුවාව රවුමක් අරන් ගියා කියන එකද?

    ReplyDelete
  7. මා මේ ලිපියට සම්පුර්ණ වශයෙන් එකග වන්නේ නැත. අද තේ කර්මාන්තය මුහුණ දී ඇති ප්‍රශ්න හමුවේ මේ වැඩි කිරීමද දරා ගත නොහැකි තත්වයක ඇති බව මා විශ්වාස කරමි. අප මේ ප්‍රශ්නය දිහා පැති දෙකෙන්ම බැලිය යුතුය.
    මුලින්ම කර්මාන්තශාලා පිරිවැය පැත්තෙන් ගත් කල, තේ කිලෝවක් නිෂ්පාදනය සදහා සාමාන්‍ය රුපියල් 500ක් පමණ වැය වේ. කුඩා තේ කර්මාන්තශාලා ගත් කල එය ඊට වැඩිය. නමුත් තේ කිලෝවක් විකිනීමට හැකි වන්නේ රුපියල් 550ක් වැනි මුදලකටය. මේ වැඩි කිරීම මගින් තේ කිලෝවක් නිෂ්පාදනය සදහා යන පිරිවැය ඊට වැඩ බොහෝ වැඩි වනු ඇත. ඊට අමතරව තව බොහෝ පිරිවැය සදහා යන පිරිවැයන් ඉහල ගොස් ඇත. තේ කර්මාන්තශාලාවක සිටින්නේ තේ දළු නෙලන කම්කරුවන් පමණක් නොවේ. එයට අදාල යටි තල පහසුකම් සංවර්දනය කිරීමක්ද අවශ්‍ය වේ. මා දන්නා පරිදි ලංකාවේ බොහොමයක් තේ කර්මාන්තශාලා දුවන්නේ පාඩු පිටය. එම පාඩු මග හරවා ගත් සමාගමක් පවතීනම් ඒවා කටු පොල් වගා කල සමාගම් පමණකි. සාමාන්‍යයෙන් එක වත්තක කම්කරුවන් 1000ක් පමණ සිටි. එම වැඩි කිරීම මුළුමනින්ම මුලික වැටුපෙන් ලබා දී තිබුනේනම් හෙට සිට කර්මාන්තශාලා වසා දැමීමට සිදුවිය හැකිය.
    අනෙක් පැත්තෙන් කම්කරුවනද සිය උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්නේ නැත. ඔවුන් බොහොමයක් උපරිම අකාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරයි. ඔවුන් වැඩ කරන්නේ උදේ 6සිට හැන්දෑවේ 2ක වෙනකන් පමණි. ඔවුන් උපරිම කාර්යක්ෂමව වැඩ කෙරී නම් ඔය දිනකට කැඩිය යුතු දළු ගණන සාමාන්‍ය කිලෝ 18 පළමු වාරයෙන්ම 70% පමණ කැඩිය හැකිය. මා දන්නා පරිදි කර්මාන්තශාලා අයිති සමාගම් සාමුහික ගිවිසුමට අත්සන් කිරීමට පෙර කල සාකච්චා වලදී කිවේ වැටුප් වැඩි කිරීම කල හැක්කේ දෙපාර්ශවයට වැසි වන අන්දමට මිස අවැසි වන අන්දමට නොවෙන බවයි. ඔවුන්ගේ තර්කය උවේ කඩන දළු ගනනට සාපේක්ෂව වැටුප් වැඩිවිය යුතු බවයි. මා මේ තර්කයට එකගය. නිකන් ඉන්නවට කවුරුත් වැටුප් ගෙවීමට සුදානම් නැත. වැඩි වැටුපක් ගැනීමට නම් මහන්සි වී වැඩ කල යුතුය. ඔවුන් එසේ කිරීමට සුදානම් නැත. බොහොමයක් කම්කරුවන් වතු සමාගම් වලට අයත් නිවස වල පදිංචි වී සිටි. නමුත් බොහොමයක් එහි වැඩ කරන්නේ නැත.. රැකියා සදහා ඔවුන් වෙනත් ආයතන වලට රැකියා වලට යි. එය අපට නැවැත්විය හැකි දෙයක් නොවෙන නමුත් අද කර්මාන්තශාලා බොහොමයක් මුහුණ දී ඇති ප්‍රශ්නයක් නම් කම්කරුවන් හිග කමයි.
    ඔවුන් වැඩි දළු ගණනක් කඩා දිනකට අදාල කිලෝ 18ට වැඩිය තිබේ නම් එයට අමතර ගෙවීමක් සිදු කරයි. මා දැන් වසර දෙකකට පමණ පෙර පුවත්පතක මසකට රුපියල් 45,000ක් ලබා ගත් දළු නෙලන්නියක් ගැන මවුන්ට් වර්නන් නමැති වත්තෙන් වාර්තා වී තිබුන බව දැකගත හැකි විය. ඒ ඇය නිකන් ඉද ලබා ගත වැටුපක් නොවේ. එවැනි ලෙස මහන්සි වී වැටුප් ගැනීමට ලංකාවේ බොහොමයක් අකමැතිය.
    ඊට අමතරව බොහොමයක් කම්කරුවන් කඩන්නේ දළු නෙමේ කොළය. එම කොළ කර්මාන්තශාලාවල අබරිමෙන් සිදු වන්නේ කසල තේ වැඩි වීම සහ තේ වල ගුනත්මකබාවය අඩු වීමයි. ශ්‍රී ලංකා තේ වලට ඇති ලෝක වෙළද පොලේ ඉල්ලුම අඩු වී ඇත. ශ්‍රී ලංකාවේ තේ වලට වැඩ දැන් කෙන්යාවේ තේ වලට ඉල්ලුමක් නිර්මාණය වී පවතී. එයට කම්කරුවන් ද වග කිව යුතුය. එම නිසා මෙය ප්‍රයෝගිකව කල නොහැකි ය.

    නමුත් මා පුද්ගලිකව සිතන දෙය නම් තේ කර්මාන්තය තව වසර 25ක් 30ක් පමණ යන විට ශ්‍රී ලංකාවෙන් ඉවත් වී යනු ඇති බවයි.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙන් වෙන බැච් එකක් ගෙන්න ගනිමු

      Delete
    2. පිරිවැය වැඩි වෙන්න එකේ හේතුවක් තමා දළු නිෂ්පාදනය අඩුවීම.
      සුපිරින්ටෙන්ඩන්ට්ගේ වාහනේ කොළඹ ගිහිල්ලා වත්තට ගහන්න ඕනේ බෙහෙත් ගේනවා. එකක් බාගෙන නැවත ඉතිරි සියල්ලම එම වාහනයෙන්ම කොළඹ යනවා. පෝර ටිකටත් එම සේතේම තමයි.
      අපි පව්!

      Delete
    3. "ඉන්දියාවෙන් වෙන බැච් එකක් ගෙන්න ගනිමු"

      එකත් හොද විසදුමක් .. ඊට වැඩිය හොද නැද්ද ඔය ඉල්ලන 1000 දීලා දාන එක..?

      "පිරිවැය වැඩි වෙන්න එකේ හේතුවක් තමා දළු නිෂ්පාදනය අඩුවීම"
      එකග වෙනවා. දළු අඩු උනාම නිෂ්පාදන පිරිවැය වැඩි. නමුත් කම්කරුවෝ තමන්ට කඩන්ට තියෙන දළු ගාන ඒ ගානටම කඩලා වැඩි පුර තියෙන දළු වලට වැඩි පුර නමක් දාලා දවසේ පඩිය මාටියා ගහන එක තමයි කරන්නේ. මේකට සමහරක් වෙලාවට වත්තේ කළමනාකරුත් හවුල් වෙනවා හොරකන් කරන්න.
      ගොඩක් වෙලාවට වතු පාඩු වෙන්න කළමනාකරුවන්ගේ හොරකනුත් බලපානවා. සියක් ගත්තොත් 80ක් විතර කලමකරුවෝ හොරු. අනිත් එක කම්කරුවන්ට සලකන්නේ හරිම කැත විදියට. එකට හේතුව සියට 99ක් ම කලමකරුවෝ ගොඩක් නුගත් අය වීම. මොකද ගොඩක් ඉගෙනගත්තු අය මේ වයේ රැකියා වලට යන්නේ නෑ. කිසිම උගත් කමක් නැතුව අවුරුදු 4ක් 5ක පළපුරුද්දෙන් වහනයක් සහිත රැකියාවක් කරන්න උවමනාවක් තියෙනවනම් මේක තමයි තැන.

      Delete
  8. ස ර ස තුමා ගේ විසඳුම:

    1. නුවර එලියේ ඇති සියලු සමාගම් මගින් පාලනය වන රජයේ වතු පර්චස් 20 බැගින් කට්ටි කල යුතුය.
    2. පලමුව වත්තේ ලියාපදින්චි සියලු වතුකම්කරුවන් හට පර්චස් 20 ඉඩම් කට්ටිය බැගින් දිය යුතුය
    3. ඉතිරි ඉඩම් කට්ටි (ප්‍රමානයෙන් මිලියනයකට වඩා වැඩි ය ) ප්‍රසිද්ද වෙන්දේසියේ දැමිය යුතුය.
    4. නුවර එලියේ නිවාඩු නිකේතන, ලෙශර් ලොජස්, හොලිඩේ හෝම්ස්, බඩු පොට් සහ ගනිකා නිවාස ඇරඹීමට කල්පනා කොරනා පින්වතුන් එම ඉඩම් කොටස් බර ගනන් වලට මිලට ගනු ඇත.
    5. ඒ මගින් ලැබෙන ආදායමෙන් ආන්ඩුවට සියලු විදේශ නය ගේවා වසර දහයක් පමන යනතුරු වියදම් වන සියලු රජයේ වියදම් ද පියවා ගත හැකිය...

    කොහොමද ස ර ස තුමා ගේ මොලේ හිටන්?

    ReplyDelete
    Replies
    1. සාරසතුමා,
      ජීවිත නොතකා සටන් කළ ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික රණවිරුවන්ව උවමනාවෙන්ම අමතක කරල වගේ? ඇරියස් එකක්වද්ද?

      Delete
    2. // සාරසතුමා,
      ජීවිත නොතකා සටන් කළ ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික රණවිරුවන්ව උවමනාවෙන්ම අමතක කරල වගේ? ඇරියස් එකක්වද්ද? //

      ඇත්තම තමා...

      My Bad....

      සොලි හොඳේ..

      ඇරියස් එකත් කවර් කරන්, වැඩෙත් බේරගන්න මෙහෙම කොලත් නරකද හිටන්...

      අපි සටන් බිමේ දී "ආබාදිත" තත්වයට පත් වූ සියලුම රණවිරුවන් ට පර්චස් 40 ගානේ දෙමු...

      පඩ ශෝ දාන යුද්දෙට බයේ හැන්ගිලා හිටි හාදයන් ව අමතක කොරමු හිටන්?

      Delete
    3. අඩේ තොන්ඩ ගේ බඩට ගහන්න යෝජනා, එව්වා වානා.

      Delete
    4. කොමෙන්ට් දැක්කම 'පුකට පැට්‍රල් වැදිච්ච' හිටපු රණවිරුවන්ට පැට්‍රල් ෂෙඩ් එකක් ලඟින් ඉඩම් කෑල්ල දෙමු.

      Delete
    5. අදහස නම් හොඳයි සාරසතුමා,
      එතකොට කවදාවත් සටන් බිමේ නොහිටපු "මොලේ ආබාධිත" විශ්‍රාමික හමුදා සාමාජිකයන්ට මොනවගේ දෙයක්ද දෙන්න ඕනැ?

      Delete
  9. ඔය කංකරුවෝ ගැන විතරක් ලියල හරියන්නේ නෑ. සිකියුටි ගැනත් ලියන්න ඕනේ.
    අපි සජිත් බේබිගේ කට්ටිය හරිය.

    ReplyDelete
  10. 1/3

    වතුකම්කරු අයිතීන් දිනා ගැනීමේ ඉතිහාසයෙන් වම මකා දමන අජිත් පැරකුම් ජයසිංහගේ කූඨ ව්‍යාපෘතියේ නිරුවත
    ========================================================================================================

    ලංකාවේ වතු වගාව පිළිබඳ කවදත් රසවත් කතා පවසන මතුගම අජිත් පැරකුම් ජයසිංහ මහාචාර්යතුමා මෙවර ලාංකික වතුවගා ඉතිහාසයේ චූල පුරාවෘතයක් පිළිබඳ රසවත් ලිපියක් ලියා ඇත. මහාචාර්ය ජයසිංහ ලාංකික වතුවගා ඉතිහාසය පිළිබඳ ප්‍රාමාණිකයෙකි. එනිසා එතුමා විසින් ලියවෙන බොහෝ ලිපිවල වතුවගාව හා එහි බලපෑම පිළිබඳ යම් අදහසක් ගැබ් වේ. මහාචාර්ය ජයසිංහ ලාංකික වතුවගාවට දක්වන ලාලසාව විසින් මගේ මතකයට ගෙන එන්නේ එකල පේරාදෙණියේ ඉතිහාස අධ්‍යයනාංශය ශෝභමාන කළ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද සූරීන් වෙල්ලස්ස මහා කැරැල්ලට දැක් වූ ලාලසාව ය. මහාචාර්ය විමලානන්ද වෙල්ලස්ස කැරැල්ල පිළිබඳ සඳහන් නො කර කිසිදු දේශනයන් අවසන් නො කරන්නට පුරුදුව සිටියේ ය (සුබස් මිණි කවීන්‍ද්‍ර මයුරවිලයනට උපහාර ලෙස වෙල්ලස්ස කැරැල්ල පිළිබඳ ලිපියක් බන්‍ධුල කුදලාගම විසින් ලිය වී ඉදිරියේ දී පළ වීමට නියමිත ය). මහාචාර්ය ජයසිංහ ලාංකික වතුවගාව පිළිබඳ නව්‍ය න්‍යායක කතුවරයා ද වේ. “යටවිජිතවාදී වතුවගාව නිසා ලංකාවේ ඇති වූ ප්‍රධාන ගැටලුව නම් උඩරට ගවයනට තණ උළා කෑමට භූමිය අහිමි වීම ය” යන නව්‍ය න්‍යායේ කර්තෘවරයාණෝ මහාචාර්ය ජයසිංහයෝ ය. මහාචාර්ය බුද්ධදාස හේවාවිතාරණට සහ මහාචාර්ය මයිකල් රොබර්ට්ස්ට පසු ලාංකික වතුවගාව පිළිබඳ වැදගත් ම සාරගර්භ කතිකාව ඇති කරන ලද්දේ මහාචාර්ය අජිත් පැරකුම් ජයසිංහ විසින් බව අවිවාදිත ය.

    මහාචාර්ය ජයසිංහ මෙවර වතුකම්කරුවාගේ දුක්ඛදෝමනස්සයන් පිළිබඳ අවධානය යොමු කර ඇත. ලාංකික වතුවගාවේ ඉතිහාසය පිළිබඳ ප්‍රාමාණිකයෙකු වශයෙන් මහාචාර්ය ජයසිංහ වතුකම්කරුවා තම වැටුප වර්ධනය කර ගැනීමට කළ අරගලයට ඵෙතිහාසික ප්‍රවේශයක් ලබා ගනී. එක්දහස් නවසිය තිස්නව වැන්නේ දී නුවරඑළියෙහි උඩහේවාහැට වතුයායක ඇති වූ වතුකම්කරු අරගලයක් ද එහි දී පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිය ගෝවින්දන් ද පිළිබඳ මතු නො ව සර් දොන් බාරෝන් ජයතිලක සහ එවකට පොලිස්පති ව සිටි පී. එන්. බෑන්ක්ස් පිළිබඳ ද මහාචාර්ය ජයසිංහ ලිය යි. එහෙත් එම වතුකම්කරු අරගලයට විප්ලවීය ප්‍රාණය සැපයූ ලංකාවේ පැරණි වම (ලංකා සමසමාජ පක්ෂය) හෝ ඔස්ට්‍රේලියාවෙන් පැමිණ එම අරගලයට සහය දුන් මාර්ක් ඇන්තනී ලිස්ටර් බ්‍රේස්ගර්ඩ්ල් හෝ පිළිබඳ මහාචාර්ය ජයසිංහ මුනිවත රකී. මෙය ශාස්ත්‍රීය කුහකකමකි; වම පිළිබඳ මහාචාර්ය ජයසිංහගේ ආත්මය පුරා නැඟෙන වෛරී කෝපාග්නිය විසින් මෙහෙය වනු ලබන අසාධු හා අශාස්ත්‍රීය චර්යාවකි.

    බිරිතානි යටත්විජිත සමය තුළ ලංකාවේ කෝපි වගාව වාණිජ මට්ටමෙන් වර්ධනය වීමත් සමඟ ඒ සඳහා කම්කරු ශ්‍රමය සපයා ගැනීම පිළිබඳ ගැටලුවක් ඇති විණි. එදවස මෙරට ප්‍රමුඛ වැවිලිකරුවා වූ ජෝර්ජ් බර්ඩ්ගේ ඉල්ලීම පරිදි ආණ්ඩුකාර සර් එඩ්වර්ඩ් බාන්ස් 1827 දී පමණ ඉන්දියාවේ ටැමිල් නාඩුවෙන් ලංකාවට දෙමළ කම්කරුවන් කැඳෙව්වේ ය. දිලීර රෝගයක් ව්‍යාප්ත වීමෙන් කෝපි වගාව බිඳ වැටීමත් සමඟ 1867 දී පමණ ජේම්ස් ටේලර්ගේ මූලිකත්වයෙන් මහනුව‍ර ලූල්කඳුරෙහි දී තේ වගාව ඇරඹෙන කල ලංකාවේ ඉන්දීය දෙමළ වතුකම්කරුවන් පනස්දහසක් පමණ සිටින්නට ඇති බව සැලකේ. තේ වගාව සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමඟ ඉන්දීය දෙමළ වතුකම්කරුවන්ගේ සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර 1911 දී සිදු කරන ලද ජන සංගණනයට අනුව ලක්ෂ පහකට වැඩි ‍ඉන්දීය දෙමළ වතුකම්කරු ප්‍රජාවක් ලංකාවේ වාසය කර තිබේ (ලංකාවේ පළමු විධිමත් ජන සංගණනය 1871 දී සිදු වුව ද එහි දී ඉන්දීය දෙමළ වතු කම්කරු ජනයා ද ගණනය කෙරුණේ ලාංකික දෙමළ ජනයා සමඟ එක ම කාණ්ඩයක ය. ඉන්දීය දෙමළ වතුකම්කරු ජනයා වෙන ම කාණ්ඩයක් ලෙස ගණනය කෙරුණු පළමු ජන සංගණනය සිදු වූයේ 1911 දී ය).

    වතුවගාව සමඟ මෙලෙස වැඩුණු වතුකම්කරු ජනතාව ඉතා දුක්ඛිත, තිරිසන් සමාන ජීවන තත්වයකට ඇද දමනු ලැබ තිබිණි. මනුෂ්‍ය ජීවිතයට නුසුදුසු ඊනියා ලයින් කාමරවල තෙරපෙමින් ඔවුහු මිහිබට අපායක ජීවත් වූහ. බිරිතානි යටත් විජිතවාදීන් මෙන් ම ලාංකික වරප්‍රසාදිත ජනයා ද මෙකී ඉන්දීය දෙමළ වතුකම්කරුවන්ගේ ශෝචනීය ජීවන තත්ත්වය කෙරෙහි උනන්දු වූයේ නැත. ජෝර්ජ් බර්ඩ්ගේ සිට ජෙරොනිස් ද සොයිසා දක්වා ද ජේම්ස් ටේලර්ගේ සිට චාර්ල්ස් හෙන්රි ද සොයිසා දක්වා ද එකදු වැවිලිකරුවෙකුට හෝ වතුතම්කරුවාගේ දුක්ඛදෝමනස්සය විෂය වූයේ නැත. වතු කම්කරුවාගේ ශ්‍රමය සූරා කා නිෂ්පාදනයේ අතිරික්ත වටිනාකම සංචිත කර ගැනීම පමණකි වැවිලිකාර පන්තියට අවශ්‍ය වූයේ.

    Cont ...

    ReplyDelete
  11. 2/3

    එක්දහස් නවසිය විසිඅටේ දී ඩොනමොර් කොමිසම විසින් සර්වජන චන්ද බලය ලාංකිකයනට ලබා දීමේ දී පස් වසරකට වැඩි කලක් ලංකාවේ වාසය කළ ඉන්දීය දෙමළ වතුකම්කරු ජනයාට ද එකී ඡන්ද බලය ලබා දීමට නිර්දේශ කිරීමෙන් පසු ලාංකික ප්‍රභූ පන්තිය වතුකම්කරුවා පිළිබඳ අවධානය යොමු කරන්නට වූහ. සත්‍ය ලෙස ම ලාංකික ප්‍රභූ පන්තියට අවශ්‍ය වූයේ වතුකම්කරුවනට ඡන්ද බලය නො දී සිටීමට ය. උඩරට සිංහලයා ද පොන්නම්බලම් රාමනාදන් මහත්මා විසින් නියෝජනය කෙරුණු ලාංකික ප්‍රභූ ‍දෙමළා ද ඇතුලු බොහෝ ප්‍රභූහු වතුකම්කරුවාට ඡන්ද බලය ලබා දෙන ඩොනමොර් නිර්දේශයට වි‍රුද්ධ වූහ. ජාතික සමඟිය පිළිබඳ උනන්දුවක් තිබූ ඩී. එස්. සේනානායක මහත්මා වුව වතුකම්කරුවාට ඡන්ද බලය ලබා දීමට ප්‍රබල ව පෙනී නො සිටියේ ය. එම අවස්ථාවේ දී එතුමා වතුකම්කරුවාගේ ඡන්ද අයිතියට විරුද්ධ වූ බවක් ද නො පෙනේ.

    අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා ගැනීම පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් ගොඩ නැඟෙන එක්දහස් නවසිය තිහේ දශකයේ දී තරුණ සංගමය වටා රුස් වූ තරුණ බුද්ධි ජීවීන් ඔස්සේ ලංකාව තුළ මාර්ක්ස්වාදී අදහස් ව්‍යාප්ත වන්නට විණ. කම්කරුවා මූලික කර ගත් සමාජ විප්ලවයක් විශ්වාස කළ මාර්ක්ස්වාදය විසින් කම්කරු අරගල පිළිබඳ ආස්වාදය ලාංකික සමාජය තුළ ජනනය කරන ලදී. එක්දහස් නවසිය තිස්තුන වසරේ දී ඇවිළී ගිය වැල්ලවත්ත රෙදි මෝලේ කම්කරු අරගලය ලාංකික මාර්ක්ස්වාදී දේශපාලනයෙහි සමාරම්භක සන්ධිස්ථානයකි. උඩකැන්දවල සිරි සරණංකර හිමි වැනි පැවිදි උතුමන්ගේ ද අනුශාසකත්වයෙන් යුතු ව එක්දහස් නවසිය තිස්පහ වසරේ දී පිහිටුවා ගනු ලැබූ ලංකා සමසමාජ පක්ෂය කම්කරු අරගලය නව මානයකට ගෙන යමින් ඉන්දීය දෙමළ වතු කම්කරුවාගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා පුළුල් ව පෙනී සිටියේ ය. වතු කම්කරුවෝ රොද බැඳ ඇන්. ඇම්. සහෝදරයාගේ නායකත්වයෙන් යුත් ලංකා සමසමාජ පක්ෂය වටා එක්රැස් වූහ.

    ඉංගිරිසි සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවෙකු වූ මාර්ක් ඇන්තනි ලිස්ටර් බ්‍රේස්‍ගර්ඩ්ල් තේ වතු කර්මාන්තය හැදෑරීම සඳහා ඒස්. එස්. බෙන්ඩිගෝ නෞකාවෙන් ලංකාවට පැමිණෙන්නේ මේ කාලයේ දී ය; එනම් 1936 වර්ෂයේ දී ය. මාතලේ දිසාවේ රිලුගස් වතුයායේ වැඩ කටයුතු අරඹන බ්‍රේස්ගර්ඩ්ල් වතු කම්කරුවන් විඳි දුක්ගැහැට දැක මහත් කම්පාවට පත් වන්නේ එම වර්ෂයේ දී ම කොළඹ දී කොල්වින් ආර්. ද සිල්වා සහෝදරයාගේ මැදිහත් වීමෙන් ලංකා සමසමාජ පක්ෂයට බැඳෙන්නේ ය. සුදු ජාතිකයනට සහ ඔවුනට ගැතිකම් කළ ලාංකික වැවිලිකාර පන්තියට එරෙහි ව සුදු ජාතිකයෙකු ද සමඟ පැමිණ වතුකම්කරුවාගේ අයිතිවාසිකම් උදෙසා සටන් කළ ලංකා සමසමාජ පක්ෂයට තව තවත් වතු කම්කරුවෝ ආකර්ෂණය වූහ. ලංකා සමසමාජ පක්ෂය විසින් දෙමළ භාෂාවෙන් පළ කරවන ලද සමධර්මන් පුවත්පතෙන් කම්කරු අයිතිවාසිකම් පිළිබඳ වතුකම්කරුවාගේ සවිඥානිකත්වය වර්ධනය කෙරිණි. ලංකා සමසමාජ පක්ෂයේ නායකත්වයෙන් මෙහෙය වුණු සමස්ත ලංකා වතුකම්කරු සමිතිය විසින් වතුකම්කරුවාගේ සුභසාධනය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කෙරිණි.

    ලංකා සමසමාජ පක්ෂය විසින් වතුකම්කරුවා තුළ රෝපණය කරන ලද කම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමේ සවිඥානිකත්වය වර්ධනය වීමෙන් එක්දහස් නවසිය තිස්නවය වර්ෂයේ අග දී උඩරට වතු කම්කරුවෝ මහා කම්කරු අරගලයක් ඇරඹූහ. එම අරගලය ලැව් ගින්නක් සේ පැතිර ගියේ ය. මෙහි තීරණාත්මක අවස්ථාවක් මහනුවර දිසාවේ හේවාහැට මූල්ඔය වතුයායේ සටහන් විණ. මූල්ඔය අරගලය ඇරඹුණේ සමස්ත ලංකා වතුකම්කරු සමිති‍යට සම්බන්ධ ව වතුකම්කරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් කටයුතු කළ මූල්ඔය වතුයායේ සේවක සිවනාදන්ට වතු පරිපාලනය විසින් ලබා දුන් ස්ථාන මාරුවක් නිසා ය. වතුකම්කරුවාගේ වැටුප සත සතළිසේ සිට තවත් සත දහසයකින් වැඩි කර ගැනීම පිළිබඳ ඉල්ලීම මතු ව පැමිණියේ පසු ව ය. මූල්ඔය වතුයායේ පාලකයා වූ ඩබ්ලිව්. ඊ. ස්පාර්ලිං දැඩි මර්දනකාරීත්වයකින් වතුකම්කරු අරගලයට මුහුණ දුන්නේ ය. රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි නුවරඑළියේ මන්ත්‍රී ව සිටි එෆ්. ඩබ්ලිව්. අබේගුණසේකරගේ අනුදැනුමෙන් යුතු ව, මූල්ඔය වතුයායේ වැඩ කිරීමට නව කම්කරුවන් බඳවා ගැනීමට ස්පාර්ලිං කටයුතු කළේ ය. එනිසා නව කම්කරුවන් හා පැරණි කම්කරුවන් අතර ගැටුමක් ඇති විණි. මෙම ගැටුම මැඩලීමට පැමිණි පොලිසියේ වෙඩිල්ලකින් වතුකම්කරුවෙක් වූ ගෝවින්දන් 1940 වර්ෂයේ ජනවාරි මස 19 වැනි දින මිය ගියේ ය. වතුකම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනේ දී දිවි පිදූ පළමු වැනි වතුකම්කරුවා ලෙස ගෝවින්දන් ඉතිහාසගත වූයේ ය. එක්දහස් නවසිය හැට වසරේ දී ලංකා සමසමාජ පක්ෂයේ කෙටි ඉතිහාසයක් ලියූ ලෙස් ගුණවර්ධන එහි පළමු පරිච්ඡේදයෙහි ලා ගෝවින්දන් පිළිබඳ මෙසේ පවස යි: “the first of a long list of martyrs of the working class in the plantations”.

    Cont ...

    ReplyDelete
  12. 3/3

    මාර්ක්ස්වාදය මත පදනම් වූ ලංකා සමසමාජ පක්ෂය ප්‍රමුඛ වම වතුකම්කරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින විට මහාචාර්ය ජයසිංහගේ වර්තමාන ආගමික නිකාය වන එක්සත් ජාතික පක්ෂයේ හැසිරීම කෙසේ වී ද? ඉතා නින්දිත ය; නිකෘෂ්ට ය; නිර්ලජ්ජිත ය. එක්දහස් නවසිය විසිඅටේ දී ඩොනමොර් කොමිසම විසින් නිර්දේශ කරනු ලැබූ සර්වජන ඡන්ද බලය වතුකම්කරුවනට ලබා දීම පිළිබඳ ඇල්මැරුණු ස්වභාවයකින් කටයුතු කළ ඩී. එස්. සේනානායක මහත්මා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය 1947 වන විට තම ස්ථාවරය වෙනස් කළ බව පෙනේ. ඉන්දීය දෙමළ වතුකම්කරුවා ලංකා සමසමාජ පක්ෂය වටා රැස් වනු දැකීමෙන් දේශපාලන බියක් ඇති කර ගත් සේනානායක මහත්මා 1948 දී ලංකා පුරවැසි පනතෙන් ද 1949 දී ඉන්දු-පකිස්ථාන් පුරවැසි පනතෙන් ද පාර්ලිමෙන්තු මැතිවරණ පනතේ සංශෝධනයකින් ද වතුකම්කරුවාගේ ඡන්ද බලය කප්පාදු කළේ ය.

    එක්සත් ජාතික පක්ෂය වතුකම්කරුවාගේ ඡන්ද අයිතිය හා සමාජ අයිතිවාසිකම් පිළිබඳ යම් සාධනීය සැලකිල්ලක් දැකවූයේ 1977 දී ජයවර්ධන පාලන සමයෙහි දී ය. ඒ වන විට වතුකම්කරුවා වමෙන් ඉවතට විකර්ෂණය වී තිබුණේ පමණක් නො ව පැරණි වම ද විනාශ ව ගොස් තිබිණ. ජයවර්ධන මහත්මාට බිය වන්නට කරුණුකාරණ නො තිබිණ. වතුකම්කරුවා තම අභිමතය පරිදි ජයවර්ධන පාලනයේ චිරස්ථිතියට යොදා ගැනීම සඳහා අවශ්‍ය පුද්ගල සාධකයක් 1977 වන විට ජයවර්ධන මහත්මා විසින් වසඟයට ගෙන ලැබ කිබිණි. එකී පුද්ගල සාධකය වූයේ සෞම්‍යමූර්තී තොන්ඩමන් මහත්මා ය. වතුකම්කරුවා වාමාංශිකයාගෙන් වෙන් කිරීම ඇරඹෙන්නේ 1939 දී මතු ව පැමිණි සෞම්‍යමූර්ති තොන්ඩමන් මහත්මාගේ නැඟීම සමඟ ය. එතැන් සිට අඩසියවසකට වැඩි කාලයක් පුරා ලංකාවේ රජුන් තනන්නා බවට තොන්ඩමන් මහත්මා ක්‍රමයෙන් පත් වූ අතර ලාංකාවේ ආදිවාමාංශික පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සාරි පොටේ එල්ලී තම ‍වාම දේශපාලන පිවිතුරු බව නසා ගත්තේ ය. 1948 දී ලංකා පුරවැසි පනතට විරුද්ධ වූ තොන්ඩමන් මහත්මා 1964 දී සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමට ද විරුද්ධ වූයේ ය. කන්කානියෙකු ලෙස සේවය කිරීමට ඉන්දියාවෙන් ලංකාවට පැමිණි තොන්ඩමන් පරම්පරාව නුවරඑළියෙහි වේවන්ඩන් වතුයායේ හිමිකරුවන් බවට පත් වුව ද ලංකා දේශපාලනයෙහි දශක හයකට වඩා කාලයක් රැඳී සිටිය ද වතුකම්කරුවාගේ දුක්ඛිත තත්ත්වය වෙනස් වූයේ නැත. එක්දහස් අටසිය විසි හතේ සිට වතුකම්කරුවා සිරකර තබන ලයින් කාමරයෙන් ඔහු මුදවා ගන්නටවත් තොන්ඩමන්ට හැනි වූයේ නැත. තොන්ඩමන්ගේ සිට දිගම්බරන් දක්වා ඊනියා වතුකම්කරු නායකයන් සිදු කළේ ද සිදු කරමින් සිටින්නේ ද වතුකම්කරුවාගේ ඡන්දය ධනපති පාලක පන්තියට විකිණීම පමණි. එසේ විකුණා ලබන ලාභයෙන් සොච්චමක් වතුකම්කරුවන්ගේ සුභසාධනයට යෙද වේ. මහාචාර්ය ජයසිංහ දිවා රෑ නො බලා කුලී සේවය සපයන ඔහුගේ ශාස්තෘවරයා ද ධනපති ක්‍රමයේ කයිකාවල වන පාර්ලිමේන්තුවෙහි දී කලිසම උස්සමින් වතුකම්කරුවනට ලබා දීමට පොරොන්දු වූ කිසිවක් මේ දක්වා ලබා දී නැත.

    එක්දහස් අටසිය විසිහතේ දී ඇරඹි ඉන්දීය වතුකම්කරුවාගේ ඉතිහාස කතාව තුළ ලංකාවේ පැරණි වම වූ ලංකා සමසමාජ පක්ෂය ඉටු කළ කාර්යභාරය අද්විතීය බව ඉතා පැහැදිලි ය. වතුකම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයේ පදනම සකස් කළේ ද එම අරගලය න්‍යායාත්මක ව පෝෂණය කළේ ද භාවිතාව මඟින් එම අරගලය යථාකරණය කළේ ද වම ය. එකදහස් නවසිය හතළිහ වසරේ ජනවාරි මස දහනව වැනි දින පාලක පන්තියෙහි රුදුරු ‍වෙඩි සැරෙන් ගෝවින්දන් ඝාතනය වීම යනු වාම වතුකම්කරු අරගලයෙහි ඵෙතිහාසික සලකුණ යි. එතැන් සිට වසර හැත්තෑහයකට පසු ලාංකික වතුකම්කරු අරගලය සහ ගෝවින්දන් පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් ලියන මතුගම අජිත් පැරකුම් ජයසිංහ මහාචාර්යතුමාට වම අමතක වීම අහම්බයක් ද? එදවස ලංකාවේ පොලිස්පති ව සිටි පිලිප් නෝර්ටන් බෑන්ක්ස් පිළිබඳ අමතක නැති මහාචාර්ය ජයසිංහට මූල්ඔය වතුකම්කරුවනට සහල් සැපයූ වම අමතක වීම යනු අහම්බයක් නො ව සුනිශ්චිත ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතිය වූ කලී ඉතිහාසයෙන් වම මකා දැමීමේ ‍අනවරත අභිලාෂය යි. මහාචාර්ය ජයසිංහගේ යුගකාරක නිබන්ධනය වන ලංකාවේ ආගමික ශාස්තෘන්ගේ යාවත් කළ ලේඛනයෙහි ලාංකික වාම ඉතිහාසය පිළිබඳ පරිච්ඡේදයෙන් උඩකැන්දවල සිරි සරණංකර හිමිගේ සිට කීර්ති බලෙසූරිය සහෝදරයා දක්වා සමය ගිලිහී ගොස් ඇත්තේ ද එම ව්‍යාපෘතියේ ම කොටසක් වශයෙනි.

    භෞතිකවාදී ලෝක දෘෂ්ටියට අනුව මානවයාගේ ඉතිහාසය යනු පන්ති අරගලයේ ඉතිහාසය ය. මහාචාර්ය ජයසිංහගේ විඥානවාදී ලෝක දෘෂ්ටියට අනුව ඉතිහාසය යනු පාලක පන්තියේ වරණීය ඉතිහාසය යි. මහාචාර්ය අජිත් පැරකුම් ජයසිංහට ලෙස්ලි ගුණවර්ධන හෝ රොමිලා පාකර් හෝ මුණ ගැසී නැත; මුණ ගැසෙන්නේ ද නැත. මතුගම අජිත් පැරකුම් ජයසිංහ මහාචාර්යතුමනි, කරුණාකර තරුණ පරපුර නො මඟ යැවීම වහා ම නවතා දමනු මැනවි.

    සෑගිරියේ කීරාළ

    End.

    ReplyDelete
    Replies
    1. කීරාළ, උඹ ඉතිහාසෙ ඉගෙන ගත්තෙ ජර්මනියෙ වාහන පාක් කරන රොමිලගෙන් ද?

      Delete
    2. නැත. මා ඉතිහාසය උගත්තේ අපගේ ආදීආචාර්ය කාල් මාර්ක්ස්ගෙන් සහ ලෙස්ලි ගුණවර්ධනයන්ගෙනි. රොමිලා පාකර් යන්න රොමිලා තාපර් ලෙස සකස් කර ගන්න. ඇය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යයනාංශයේ කීර්තිමත් ආදිවිද්‍යාර්ථිනියකි. ඇය ජර්මනියේ ඉගැන් වූ බවක් මම නො දනිමි. ඔබ පූර්වකාලීන ඉන්දීය ඉතිහාසය අධ්‍යයනය කරන්නේ නම් කියවිය යුතු ම ඉතිහාසය ලිය වී ඇත්තේ තාපර් විසිනි. ඉන්දියාවේ හින්දු ආධිපත්‍ය විසින් ඉන්දීය ඉතිහාසය වරණීය ව ලියනු ලැබීමට එරෙහි වූ සුධීමතිය ඇය යි. මහාචාර්ය ජයසිංහයෙනි, ඔබතුමා ගයාත්‍රී ස්පිවැක් ද පරිවර්තනය කළ විශිෂ්ටයෙකු නිසා විමසනු රිසි වනුයේ ඔබ රොමිලා තාපර් ද පරිවර්තනය කර ඇති ද කියා ය!

      (අප විසින් ලකාන් පිළිබඳ ලියවුණු විට ඔබතුමා හොර රහසේ ම ලකාන් කියවා දැන් ලංකාවේ ප්‍රමුඛ ම ලකානියානු අර්ථකථනවේදියා බවට පත් ව ඇති බව පෙනේ. ඉදිරි කාලයේ දී ඔබතුමා විසින් තාපර් ද කියවනු ලබන බවට අපට සැක නැත!)

      පහත ශුද්ධීන් එකතු කරනු නිසි ය:

      කූඨ --> කූට
      පුරාවෘතය --> පුරාවෘත්තය
      ලැව් ගින්න → ළැව්ගින්න
      මැඩලීමට → මැඬලීමට
      කිබිණි → තිබිණි
      පාකර් → තාපර්

      ඔබතුමා වැනි දුර්ලභ පඬිරුවනක් අතීතයේ දී ඇසුර කරන්නට ලැබීමෙන් අප ද පින් කර ඇති බව දැනුණි. චිරං ජයතු මහාචාර්ය ජයසිංහයෙනි!

      සෑගිරියේ කීරාළ

      Delete
    3. මචං ඇප්‍රෝච් එක වෙනස් කළා ද?

      හා, හා, කමක් නැහැ. ඕනැ පුකක්!

      Delete
  13. දකුණු ඉන්දියානු කම්කරුවන් ලංකාව පැමිණිම පිළිබඳව යම් විස්තරයක් මස්ඉඹුල ගේ මාණික්කාවත නවකතාවේ ඇතුළත් ය.

    ReplyDelete
  14. තේ වතු වහාම කම්කරුවන් වෙත බෙදා දෙනු...

    ReplyDelete
  15. තේ වතු කමකරැ වැටුප් ගැටළුව එක කෝණයකින් බලා විසදීමට නොහැක.අමුදළු වලට ගෙවන මිල අනිවාර්යෙන්ම කර්මාන්තයේ අනාගතය තීරණය කරනු ඇත.කමිකරැවාට ජීවත්වීමට සරිලන වැටුපක් ගෙවිය යුතු අතරම වතු හිමියාටද ආර්ථික වාසියක් නොලැබෙීනමි ඔවුන් කර්මාන්තයෙන් ඉවත්වීම අනිවාර්යයි.මන්ද කුරැදු වැනි අඩු ශ්‍රම පිරිවැයකින් හොද ලාභයක් ලබාගත හැකි බෝගයකට මාරැවීම වතුහිමියාට වාසිදායකය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා