ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම හා නල්ලරත්නම් සිංහරාසා වැනි අය

තිස්සයිනායගම්: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි වැඩි ම කතාබහට ලක් වූ ගොදුර 
නල්ලරත්නම් සිංහරාසා යනු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 35ක සිර දඬුවමකට නියම වූවෙකි. ඔහුට දඬුවම් කිරීම පිණිස යොදාගෙන තිබෙන්නේ ඔහු වධහිංසනයට ලක් කර, ඔහුගේ ඇඟිලි සලකුණ ලබා ගත්, ඔහුගේ ම කටඋත්තරයයි. මේ වනාහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කෘර ස්වභාවය නිරූපණය කිරීමට කදිම සාක්ෂියකි. මේ සම්බන්ධයෙන් සිංහරාසා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික මානව හිමිකම් පෙත්සම ද ප්‍රතික්ෂේප කරන ලදී.

ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය ප්‍රකාරව සිවිල් අයිතීන් සහ දේශපාලන අයිතීන් සම්බන්ධයෙන් මෙරට ඉහළ ම අධිකරණයේ නඩු තීන්දුවකින් සෑහීමකට පත් නොවන අයෙකුට සාධාරණය පතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළ හැකි ය.

සිංහරාසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල සලකා බැලූ එම කොමිසමේ මානව හිමිකම් කමිටුව යම් අදහස් ප්‍රකාශ කිරීමක් කර ඇත. නඩු තීන්දුවක් නොවන එම අදහස් ප්‍රකාශය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආර්.ඩී.ඩබ්ලිව්. ගුණසේකර මහතා මගින් නැවත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනය කිරීමෙන් අනතුරුව මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ වගඋත්තරකරුවක් වූ හිටපු අගවිනිසුරු සරන් නන්ද සිල්වා ප්‍රමුඛ විනිසුරු මඬුල්ලක් විසින් එය විභාග කරන ලදී.

ශ්‍රී ලංකා නීතිය වැරදියට අර්ථ නිරූපණය වන අයුරින් අදාළ එම නඩු තීන්දුව ප්‍රකාශ කර ඇති බවට සැලකෙන හෙයින් එය නැවත සලකා බැලීමට සංශෝධනය කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව මේ තීරණය ගත් බව එම සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතා සැප්තැම්බර් 14දා දිනමිණට පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ 2016 ජුලි මස 07 වන දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් සිංහරාසා නඩු තීන්දුව පිළිබඳ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් නඩු තීන්දුව පිළිබඳ නැවත සලකා බැලිය යුතු බව කතානායකවරයාට දන්වා සිටියේය. එම ප්‍රකාශයට එරෙහිව නීතිඥ දර්ශන වේරදුවගේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම පසුගියදා ප්‍රතික්ෂේප කෙරුණේ පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ පාර්ලිමේන්තුව තුළ දී මන්ත්‍රීවරයෙකු සිදු කරන ප්‍රකාශයක් ගැන අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකි ය යන තර්කය මත පදනම්ව ය.

සරත් නන්ද සිල්වා අගවිනිසුරු සමයේ දෙන ලද නඩු තීන්දුව මගින් ජාත්‍යන්තර විනිශ්චය සභා විසින් පනවනු ලබන තීන්දු ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී නොමැති බවට නියමයක් කර ඇති බව නීතිඥ වේරදූවගේ අධිකරණයට පෙන්වා දුන්නේ ය.

යුරෝපා සංගමය ලංකාවෙන් යුරෝපා සංගමයේ රටවලට අපනයනය කරන භාණ්ඩ සඳහා ලබාදෙමින් තිබූ ජීඑස්පී ප්ල්ස් සහනය ලංකාවට අහිමි කිරීමට ද මෙම නඩු තීන්දුව එක් හේතුවක් වූ බව වික්ටර් අයිවන් පෙන්වා දෙයි. ඒ ලංකාව අත්සන් තබා තිබූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තියට අදාළ විකල්ප ප්‍රොටකෝලයේ ක‍්‍රියාකාරීත්වය බලරහිත කිරීමට මෙම නඩු තීන්දුව හේතු වී ඇති බව ඔහුගේ අදහසයි.

“විශ්ව ප‍්‍රකාශනයේ එන වටිනාකම් සඳහා සාමාජික රටවල් සඳහා නීතිමය බැඳීමක් ඇති කරන ජාත්‍යන්තර ප‍්‍රඥප්තියක් කරළියට ආවේ 1966දීය. ඒ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තියයි. එම ප‍්‍රඥප්තියෙන් මනුෂ්‍යයන්ට හිමි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් විස්තර කරන අතර එම ප‍්‍රඥප්තියට අත්සන් තබන සාමාජික රාජ්‍යයන් කෙරෙහි එම රාජ්‍යයන් එම අයිිතිවාසිකම් ආරක්ෂා කිරීමට නෛතික බැඳීමක් ඇති කරයි. එම ප‍්‍රඥප්තියට අදාළ දෙවැනි වෛකල්පිත ගිවිසුම අත්සන් කරන රාජ්‍යයන් එම අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේද යන්න සොයා බැලීමේ අයිතිය මානව අයිතිවාසිකම් කොමිසමට ලබාදෙයි. (2006 සිට මේ වගකීම පවරන ලද්දේ මෙම වසරේ සිට අලූතෙන් ඇති කරගත් මානව හිමිකම් කවුන්සිලයටය.) දෙවැනි වෛකල්පිත ගිවිසුමට අත්සන් කළ රාජ්‍යයන් මානව හිමිකම් උල්ලංඝනය කරන අවස්ථාවකදී එම රාජ්‍යයට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත එම ගිවිසුමට අත්සන් තබා ඇති වෙනත් රාජ්‍යයකට හෝ රාජ්‍යයන් කණ්ඩායමකට පැමිණිලි කිරීමේ හැකියාව ලබාදී තිබෙන අතර එවැනි පැමිණිලි මානව හිමිකම් කවුන්සිලය විමර්ශනයකට ලක් කළ යුතුය. ඊට අතිරේකව එම වෛකල්පිත ගිවිසුමට අත්සන් තබා ඇති රාජ්‍යයන්ටද පුරවැසියකුටද අයිතිවාසිකම් උල්ලංඝනයකදී එම රාජ්‍යයට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය යටතේ ක‍්‍රියාත්මක වන මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි කිරීමේ අයිතිය ලැබුණි. එහෙත් පුරවැසියකු එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කළ විට මානව හිමිකම් කමිටුවට එය විභාග කළ හැක්කේ පැමිණිලිකරු දේශීය වශයෙන් ඒ ප‍්‍රශ්නය විසඳා ගැනීමට රටේ තිබෙන ඉහළම අධිකරණයට ගොස් ඉන් ද සාධාරණ විසඳුමක් ලබාගත නොහැකි වී තිබෙන අවස්ථාවකදී පමණය. එවැනි පැමිණිල්ලක් විභාග කොට කමිටුව දෙනු ලබන තීරණයන් හා නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට අදාළ රාජ්‍ය එම අන්තර්ජාතික ගිවිසුම අනුව බැඳී සිටින්නේය.

“ශ‍්‍රී ලංකාව සිවිල් හා දේශපාලන අයිිතිවාසිකම් ප‍්‍රඥප්තියට 1980දී අත්සන් තබන ලද අතර, 1997දී එම ගිවිසුමට අදාළ වෛකල්පිත ගිවිසුමටද අත්සන් තබන ලදි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ටද බරපතළ මානව හිමිකම් උල්ලංඝනයකදී දේශීය වශයෙන් යුක්තිය ඉටුකර ගැනීමට නොහැකි වූ අවස්ථාවකදී සිය දුක්ගැනවිල්ල ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කිරීමේ අයිතිය ලැබුණි." (වික්ටර් අයිවන්, රාවය 2016 ජුලි 17)

මෙම සංවාදය රට තුළ සිදු වන අතරතුර සිංහරාසා තවමත් සිරගෙදර විය හැකි බව මම සිතමි. ඔහුට එරෙහිව එල්ල වූ උතුරු පළාතේ හමුදා කඳවුරුවලට පහර දීමේ හෝ පහර දීමට උත්සාහ කිරීමේ චෝදනාව සාධාරණ අන්දමින් ඔප්පු වී නැත. 

තමිලිනීගේ තියුණු අසිපතක සෙවණ යට කෘතියෙහි ඇය මෙවැනි ප්‍රහාර ගණනාවක් ගැන සටහන් කර තිබේ. ඇගේ කටඋත්තරවල ද එවැනි දේ සඳහන් වන්නට ඇත. ඇය වධහිංසනයට ලක් නො වූ බව ද ඇගේ කෘතියෙහි දැක්වේ. තමිලිනීට එරෙහිව ඇගේ කටඋත්තරය යොදා ගත්තා නම් කුමක් විය හැකි ද? එහෙත්, තමිලිනීගේ කෘතියෙන් ම පැහැදිලිව ම පෙනෙන ආකාරයට ඇය ඒ අන්දමින් කටයුතු නො කළා නම් ඇගේ ඉරණම ද ඇය පරිද්දෙන් ම භාර වූ තවත් කොටි නායකයකු වන වී. බාලකුමාර් වැනි අයගේ ඉරණම වන්නට ඉඩ තිබිණි. යමෙකුට කටඋත්තරයකින් වරද පිළිගන්නට බල කෙරෙන සංදර්භය සමීපස්ථ හිංසනයට වඩා පුළුල් එකක් බව එයින් පෙනේ.

රජය විසින් අලුතෙන් හඳුන්වා දෙන්නට යන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි ද මේ හා සමාන විධිවිධාන ඇති බව සැළ වේ. සාමාන්‍ය නීතිය යටතේ ද කටඋත්තරයක් සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැකි මුත්, එය ස්වේච්ඡාවෙන් ලබා ගත් එකක් බවට ඔප්පු කිරීමේ වගකීම පැමිණිල්ලට පැවරේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් මෙය ලිහිල් කර තිබේ.

1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු ය. එමගින් වරදකරුවන් කරන ලද දේශපාලන හේතු මත ත්‍රස්තවාදී චෝදනාවට ලක් වූ සියලු පුද්ගලයන්ට කොන්දේසි සහිත පොදු සමාවක් දීම සාධාරණ ය. ඒ සම්බන්ධයෙන් එන ‘සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරනු!' වැනි පටු, බොළඳ, දේශපාලනික වාසි වෙනුවෙන් ඉදිරිපත් කරන සටන් පාඨවලින් කිසිදු සාධනීය ප්‍රතිඵලයක් ලබා ගත නො හැකි ය. ඒවා ඉදිරිපත් කරන්නෝ ද ඒ බව දනිති. එය ඔවුන්ගේ එදිනෙදා පැවැත්ම නිසා ඔවුන් ඒ ගැන තකන්නේ නැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිකම් ම අහෝසි කර දැමිය හැකි ද යන්න ඇත්තෙන් ම ගැටලුවකි. හේතුව, මේ වන විට ඉස්ලාමීය රාජ්‍යය, අල් ක්වයිඩා වැනි ත්‍රස්තවාදයේ නව ස්වරූප ඉස්මතු වී තිබීමයි. එම සංදර්භය නො තකා කටයුතු කිරීම ත්‍රස්තවාදයට උඩගෙඩි දීමකි.

ඇත්ත වශයෙන් ම සිදු විය යුත්තේ දේශපාලන බලය භාවිතා කරමින්, රජය හා සමාජය බියපත් කරමින්, විරුද්ධවාදීන් ඝාතනය කරමින්, පොදු දේපල මංකොල්ලකෑම ද ත්‍රස්තවාදය ලෙස අර්ථකථනය කළ හැකි වන පරිදි ත්‍රස්තවාදය පිළිබඳ අර්ථකථනය පුළුල් කිරීමයි. එහෙම වුණොත්, සොරකම් කිරීමේ දක්ෂකම ගැන උදම් අනන පල් සොරුන්ට එරෙහිව ද ක්‍රියාත්මක කළ හැකි නව නීතියක් හඳුන්වා දිය හැකි වනු ඇත.

ප්‍රගතිශීලීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් ස්ථාවරයකට පැමිණිය යුත්තේ අනාගතයේ තමන්ටත් ත්‍රස්තවාදයේ යෙදෙන්නට අවස්ථාවක් තබා ගැනීම අරමුණු කරගෙන නො වේ. අනාගතයේදී ප්‍රජාතාන්ත්‍රික නො වන පාලනයක් බිහි වුවහොත් එය සමග කටයුතු කළ යුතු ආකාරය එවිට තීරණය කළ හැකි ය. නෙල්සන් මැන්ඩෙලා වැනි විප්ලවවාදීන් එකී තීරණ ගත් ආකාරය අප හමුවේ ඇති පූර්වාදර්ශයන් වේ. වර්තමානයේදී අප කටයුතු කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම අරමුණු කරගෙන ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අත් අඩංගුවේ දී පහර දීම වැලැක්වීමට තද නීති පැනවිය යුතුයි.

    උදාහරණ ලෙස අත් අඩංගුවට ගත් සැනින් මහේස්ත්‍රාත් ඉදිරියට පැමිණවීම, එක දිගට අත් අඩංගුවේ තබාගත හැකි කලය දින කිහිපයකට සීමා කිරීම, ඒ හැම දිගුවක් සඳහාම මහේස්ත්‍රාත් අවසරය අනිවාර්ය කිරීම සහ ඒ අවසරය සඳහා පහර දී ඇතිදැයි යන්න සොයා බැලීම මහේස්ත්‍රාත්ට අනිවාර්ය කිරීම ආදිය....

    ReplyDelete
    Replies
    1. ලංකාවේ සිදු වන අපරාධ සංඛ්‍යාව හා එම අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වන සංඛ්‍යාව අතර අතිශය පුළුල් පරතරයක් ඇත.

      වරදකරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධ කාරණයේදී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අංශවල දුබලතාවට ප්‍රධාන හේතුව නීතිමය රාමුව තුළ කටයුතු කරනවා වෙනුවට හිංසනය වැනි නීති විරෝධී කටයුතු කෙරෙහි විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමයි.

      Delete
    2. ඒවගේම ඇමරිකාවේ මෙන් සෑම පොලිස් ප්‍රශ්නකිරීමක්ම කැමරා ඉදිරිපිට කරන්නටත් යමෙක් අත් අඩංගුවට ගැනීමට යන පොලිස් නිලධාරීන්ට ශරීරයේ පලදින කැමරා (body cam) අනිවාර්ය කිරීමත් කලයුතුයි

      Delete
    3. මහේස්ත්‍රාත් ගේ අවසරය අවශ්‍ය වුවා කියා ලොකු වෙනසක් වෙන්නේ නැත. දැන් ඉන්න මහේස්ත්‍රාත් ලා කරන්නේ පොලිසියට අවශ්‍ය දේය. පොලිසිය කියන්නේ රිමාන්ඩ් කරන්න නම් ඒ උන්නැහේලා කරන්නේ ඒකය. පොලිසියේ ඔලුව උදුම්මා ගැනීමට මෙය ප්‍රධාන හේතුවක් ය. ඉන් පසුව යම් අයකු එලියට දැම්ම ද ඔහු දඩුවම් විද හමාරය..

      Delete
    4. But …

      This is not enough for protection of rights of arrested suspects

      Because…

      Ø Section 6(a) of The Prevention of Terrorism (Temporary Provisions) Act No. 48 of 1979 says Any police officer not below the rank of Superintendent or any other police officer not below the rank of Sub-Inspector authorized in writing by him in that behalf may, without a warrant and with or without assistance and notwithstanding anything in any other law to the contrary -
      Arrest any person;

      AND;

      Ø According to the Regulation no. 4 of the Prevention of Terrorism Regulations 2011 restrict arrested suspects rights and powers of magistrate.

      So above regulation is unsuitable with Articles 9 and 14 of ICCPR

      Conclusion

      Ø The current Sri Lankan law adopted many international treaties and standards.

      Ø But some statutes and regulations are unsuitable with those international standards.

      Ø Because those regulations are overlap with our code of criminal procedure.

      Ø We can precedent European Convention on the Transfer of Proceedings in Criminal Matters Article 27 to developing our law.

      Ø So we think the current Sri Lankan law relating to arrest of suspects is aligned with the fundamental principles and standards adopted by international treaties regarding to the protection of rights of suspects. But it is not sufficient.

      - The End

      Delete
    5. /////මහේස්ත්‍රාත් ගේ අවසරය අවශ්‍ය වුවා කියා ලොකු වෙනසක් වෙන්නේ නැත. දැන් ඉන්න මහේස්ත්‍රාත් ලා කරන්නේ පොලිසියට අවශ්‍ය දේය. පොලිසිය කියන්නේ රිමාන්ඩ් කරන්න නම් ඒ උන්නැහේලා කරන්නේ ඒකය. පොලිසියේ ඔලුව උදුම්මා ගැනීමට මෙය ප්‍රධාන හේතුවක් ය. ඉන් පසුව යම් අයකු එලියට දැම්ම ද ඔහු දඩුවම් විද හමාරය../////////

      කවී කියන කතාව තමයි බොහෝ දුරට වෙන්නේ. මට හිතෙන්නේ ලංකාවේ පොලිසිය පටන් අරන් තියෙන්නෙම පුරවැසියාව දෙවෙනි පන්තියට දාලා. නීතිය හා සාමය එක තැනක හිරවෙලා. සාමය පවත්වාගෙන යාමට නීතියම කොස්සක් වෙලා. මේක දේසපාලනේ එක වෙලා නීතිය දෙක කරගත්ත රටවල් වල පොදු තත්වයක්. මතකද අසූ තුන. හමුදාවට නිවාඩු දුන්නා. මතකද 77. පොලිසියට නිවාඩු දුන්නා. මතක නම් 2014 කාලේ..බඩුයි නඩුයි සියල්ල විධායකයේ.

      කවීට පෞද්ගලිකව කිව්වා නෙමේ. නමුත් මෙහෙමයි වුනේ.

      Delete
  2. මගේ යාළුවෙක් උතුරු පළාතේ හමුදා කඳවුරකට පහර දෙන්න ගිහිල්ල මලා

    ReplyDelete
    Replies
    1. Ah oya kiyanne ara parage budu fit ekane!

      Delete
  3. නීති පැනවීමෙන් පමනක් රටක් ජාතියක් ගොඩනැගියහැකි යැයි විස්වාස කිරීම මෝඩ කමකි!

    ReplyDelete
    Replies
    1. ස ර ස නොම්මර එකේ දෙබිඩ්ඩෙක් යැයි විස්වාස කිරීම මෝඩ කමකි. ස ර ස අන්තිම සටකපට තක්කඩියෙකි. ඔහු ඔසී රටේ අමු දෙබිඩි තක්කඩි මනපහතයාගෙන් වෙනස් වෙන්නේ කුහක කම දුශ්ටකම සහ ඊර්ශ්‍යාව ආදියෙන් කප් ගසා ඇති එම කාලකණ්ණි බැරි කල්ලාට වඩා ඒ අතින් ඉතා අඩු බැවිනි.

      Delete
    2. ස ර ස තුමා කුඩා කාලේ සිටම බලාපොරොත්තු වුනේ සටකපට තක්කඩියෙකු වීමටය.

      එම දේවල් සාක්ශාත් කොරගැනීම සඳහා ස ර ස තුමා බොහෝ කැපකිරීම් සිදු කොර ඇත!

      මීට සට කපට තක්කඩි ස ර ස තුමා!

      Delete
  4. පැරා, උඹ මෙතන වැදගත් දෙයක් කතා කරලා තිබෙනවා. අප මේ ගැන අදහස් දැක්විය යුතු යි. උඹේ එළඹුම තුළ න්‍යායාත්මක ලුහු තැන් කීපයක් තිබෙනවා. උඹ ඒ ගැන කෙටි විග්‍රහයක් කරනවා නම් අප කැමති යි.

    ත්‍රස්තවාදය වැළැක්මේ පනත පිළිබඳ උඹේ කියවීම තුළ උඹ ත්‍රස්තවාදය හා ත්‍රස්තවාදියා යන සංකල්ප දෙමළා මත අනන්‍ය කරවීමක් සිදු කරනවා. පීඩිත ජාතියක් තම විමුක්තිය අරබයා කළ අරගලයක් උඹ ත්‍රස්තවාදය බවට ප්‍රතිනිර්වචනය කරනවා සමස්ත කියවීම පුරා ම. ත්‍රස්තවාදියා යනු දෙමළා ය යන උඹ විසින් සූත්‍රගත කෙරෙන න්‍යාය මත උඹ පීඩක මහා ජාතියේ පාලන තන්ත්‍රය සමඟ ඒකාත්ම වෙනවා. අප පුදුම වන්නේ නැහැ. උඹට කවදත් තිබුණේ එවැනි අභිලාෂයක් බව අපට රහසක් නො වේ. ත්‍රස්තවාදියා යනු දෙමළා ය යන උඹේ ඊනියා න්‍යාය තුළ උඹට අප පමණක් නො ව සුනන්ද, කුමාර්, සර්වා, වසන්තා ව‍ෙග් අය පවා කියවා ගන්නට බැරි වෙනවා. පීඩිත ජාතින්ගේ විමුක්තිය පිළිබඳ මාක්ස්වාදයේ ලෙනින්වාදී දිගුව ද උඹට මඟ හැරෙනවා. දෙමළ විමුක්ති අරගලය පිළිබඳ පරිග්‍රාහික දෘෂ්ටියක් දරන අප හා තවත් අය උඹට කියවා ගන්න බැරි නිසා ජාතික ප්‍රශ්නයට අදාළ වැදගත් ලිපියක ශීර්ෂය ත්‍රස්තවාදය වැළැක්මේ පනත වන විට ද උඹට දෙමළ නො වන අප හා තවත් අය සිහිවන්නේ නැහැ වගේ ම අප හා ඒ අය ගැන ලියවෙන්නේ ද නැහැ.

    රාජ්‍ය තන්ත්‍රයට එරෙහි අරගලයකට අසූව දශකයේ දී දායකත්වය දුන් උඹට උඹ ම අමතක වීම මෙම ලිපිය තුළ තිබෙන පරිධියේ සැරීම නම් සරලමතික හා නො මේරූ ක්‍රියාව විශද කරනවා.

    අපට අප උපක් රටට පැමිණෙන්නට නො හැක් වී ඇත්තේ කවර නම් වාස්තවික හේතු නිසා ද යන්න උඹට නො වැටහෙන බවට කදිම සාක්ෂ්‍ය උඹගේ මෙම ලිපිය යි. අප අන්තර්ජාතික වාම විප්ලවීය දේශපාලනය තුළ සිර කර තබන එක් යදමක් වන්නේ අපගේ උපන් බිම තුළ දාෂ්ටිවාද නිර්මාපකයන්ට අප කියවා ගත නො හැකි වීම යි. යුරෝපය යනු අපගේ ආශාවේ වස්තුව පිළිබඳ කාරණයක් නො ව දේශපාලන ජීවයේ නිදහස් නිවහල් ක්ෂේමභූමියක් පමණි. එය අපගේ තෝරා ගැනීමක් නො වේ. ධනපති පාලක පන්තියේ හමුදාව නම් මර්දන යාන්ත්‍රණයට අසත්‍ය හා සාවද්‍ය පදනම්ගත තොරතුරු සැපයූ උඹ වැනි භ්‍රෂ්ටයන් අප වෙත උරුම කර දුන් බල කිරීමක් පමණි.

    ReplyDelete
    Replies
    1. ධනපති පාලක පන්තියේ හමුදාව නම් මර්දන යාන්ත්‍රණයට අසත්‍ය හා සාවද්‍ය පදනම්ගත තොරතුරු සපයලා අපිවත් ඔය නිදහස් නිවහල් ක්ෂේමභූමියට යවන්නෙකා පැරා, ප්ලීස්...

      Delete
    2. මෙම පරිකතාවෙහි දක්වා තිබෙන අදහස් සියල්ල ම මනසින් මවා ගත් ඒවා ය.

      මේ වනාහි මා අවසන් ඡේදයේ දැක්වූ පන්නයේ අදහස් ඇති අයට නිදසුනකි.

      ත්‍රස්තවාදයේ අතීතය කෙසේ වෙතත්, මේ රටේ නැවත ත්‍රස්තවාදයකට හිස ඔසවන්නට ඉඩ දිය යුතු නැත.

      ත්‍රස්තවාදයෙන් මේ රටට ඇති වූ කිසිදු සෙතක් නැත. අනාගතයේදී ඇති වන්නේ ද නැත.

      ත්‍රස්තවාදය වෙනුවට වෙන අරගල ක්‍රම සොයා ගන්න.

      Delete
    3. මේ කතාව නැවත සිහිපත් කරමි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ හිරු පුවත්පත ගැන කටයුතු කළ ආකාරයන් නිසා මහත් බියෙන් තැන් තැන්වල සැඟවෙමින් සිටින කල අපගේ දුෂ්කරතා ගැන දැනුම් දුන් විට එවකට ලංකාවේ සිටි, රට යෑම පිණිස ම වෙබ් සයිට්වලට තර්ජන ඇති බව කියා බොරු රංගනයක් කළ පුද්ගලයා දැක්වූ පහත් පෙළේ ප්‍රතිචාරය අපට සදා මතක ය.

      ඊට කලින් ද උඹලා කළේ අප රවටා අමාරුවේ දැමීමයි.

      ඔබ බලාපොරොත්තු වන්නට ඇත්තේ අපට ඒ භීම සමය හරහා එන්නට බැරි වනු ඇති ය කියා ය.

      උඹලා කළේ වලසා එන විට ගස උඩට නැගි මිතුරාගේ භූමිකාවයි.

      අප අද සිටින තැනට තල්ලු වුණේ වලසා සමග අප කළ සටන නිසා ය. වලසා සමග සටන අපේ ජීවිතයේ නො නිමි අරගලයක් විය.

      මේවා ගැන කතා කිරීම තේරුමක් නැත. අපි ඒ අභියෝග සාර්ථක ලෙස ජය ගත්තෙමු. මේවා අමතක කර දැමීමෙහි කිසිදු ගැටලුවක් මට නැත. මේ කරුණු කීපය සඳහන් කළේ අපට එරෙහිව නගන බොරු අවලාද නිසා පමණි.

      Delete
    4. "වලසා සමග අප කළ සටන"

      කටුස්සත් කිව්වලු ඕව අලින්ගෙයි අපෙයි වැඩ කියල.

      Delete
    5. දන්නෝ දනිති

      Delete
    6. “Freedom only for the supporters of the government, only for the members of one party – however numerous they may be – is no freedom at all. Freedom is always and exclusively freedom for the one who thinks differently. Not because of any fanatical concept of “justice” but because all that is instructive, wholesome and purifying in political freedom depends on this essential characteristic, and its effectiveness vanishes when “freedom” becomes a special privilege.”

      The Problem of Dictatorship,
      Chapter 6,
      The Russian Revolution,
      Rosa Luxemburg.

      අජිත් පැරකුම් ජයසිංහට ලක්සම්බර්ග් සහෝදරිය කියවා ගත නො හැකි යි. යහපාලන ආණ්ඩුවට ප්‍රශස්ති ගයන අජිත් පැරකුම් ජයසිංහට යහපාලන ආණ්ඩුව විසින් සපයනු ලබන නිදහස යනු අපගේ නිදහස නො වේ. ශතවර්ෂයකට පමණ පෙර ලක්සම්බර්ග් සහෝදරිය පවසන්නේ අජිත් පැරකුම් ජයසිංහ සහ ඔහුගේ යහපාලන නඩය වර්තමානයේ තොග ගණනින් තම එහෙයියන්ට ලබා දෙන නිදහස පිළිබඳ නො වේ ද?

      ලක්සම්බර් සහෝදරියගේ මතවාදමය ප්‍රතිවාදියෙකු වූ ලෙනින්ට ඇය කියවා ගත හැකි යි. එනිසා ලක්සම්බර්ග් සහෝදරිය අකාලයේ මියැදුණු කල ලෙනින් පහත විශිෂ්ට ප්‍රකාශය කර යි:

      “But in spite of her mistakes she was and remains for us an eagle. And not only will communists all over the world cherish her memory, but her biography and her complete works will serve as useful manuals for training many generations of communists all over the world.”

      අජිත් පැරකුම් ජයසිංහ තම මතවාදමය ප්‍රතිවාදීන් අරබයා කරන ප්‍රකාශ කිනම් ආකාර ද? ඩබ්ලිව් තුන ලංකා වෙතින් නැඟෙන කලල් ගන්ධය වූ කලී එම අසාර ප්‍රකාශනයන්ගේ අන්තර්ගතයේ හැඟවුම්කරණය යි.

      ලෙනින් විශිෂ්ටයෙකු වන කල අජිත් පැරකුම් ජයසිංහ අශිෂ්ටයෙකු වන්නේ ඇයි? පිළිතුර අප පවසන්නට අවශ්‍ය නැත.

      ප.ලි. යහපාලන නඩය විසින් ප්‍රසන්නගේ සිනමා පටය වාරණය කරනු ලැබීම පිළිබඳ මතුගම අජිත් පැරකුම් ජයසිංහගේ කියවීම ලෝකවාසී විප්ලවවාදීන් අපේක්ෂා කරති.

      Delete
    7. මට ඉතිහාසගත වීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව මම මීට පෙර ද කියා ඇත්තෙමි. එහෙත්, හිරු කණ්ඩායමේ අය කී මා ඉහත සඳහන් කරන ලද දේ හා තවත් බොහෝ දේට සාපේක්ෂව මම විශිෂ්ටයෙක්මි.

      රෝසා ලක්සම්බර්ග් විසින් කරන ලද ඉහත ප්‍රකාශය වැදගත් වන්නට එක් හේතුවක් ලෙස සැලකිය හැක්කේ එය සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගත නො හැකි ගූඪ ඉංග්‍රීසියකින් පරිවර්තනය හෝ විපරිවර්තනය කර තිබෙන නිසා විය හැකි ය.

      උදාහරණයක් ලෙස මෙන්න මේ ඉංග්‍රීසි වාක්‍යයේ තේරුමක් තිබේ ද?

      Not because of any fanatical concept of “justice” but because all that is instructive, wholesome and purifying in political freedom depends on this essential characteristic, and its effectiveness vanishes when “freedom” becomes a special privilege.

      රෝසා ලක්සම්බර්ග් හෝ ලෙනින් කිව්වා ය කියන වාක්‍ය අපට නම් ගැමි උපාසකම්මලාට බුදු බණ වගේ නැත.

      අනෙක ඔතන ඔය කියන තරම් රුවන් වැකියක් ඇත්තේ ද නැත. ඔයිට වඩා රුවන් වැකි මාක් ට්වේන්ගෙන් හෝ චාලි චැප්ලින්ගෙන් උපුටා ගත හැකි ය.

      යහපාලන නඩය නිදහස ලබා දී තිබෙන්නේ ඔවුන්ගේ එහෙයියන්ට පමණක් නො වේ. පසුගිය පාලනයේ කොටස්කරුවන්ට ද එම නිදහස ලැබී තිබේ. කොටි සංවිධානයේ කේපීට පවා නිදහස තිබේ. එහෙත්, ඒ අතරවාරයේ කොටි සංවිධානයට සුළු උදව් කළ අයට පවා නීතිය අනම්‍යශීලීව ක්‍රියාත්මක වේ.

      වත්මන් ආණ්ඩුව විසින් ඇති කර තිබෙන තත්වයන්ගේ හොඳ නරක තීරණය කළ හැක්කේ ලංකාවේ පවතින තත්වයට සාපේක්ෂව ය.

      මීට වඩා දෙයක් කළ හැකි කිසිදු දේශපාලන බලවේගයක් මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ නැති පොළවක සිදු වන දෙය දයලෙක්තිකව විග්‍රහ කර ගැනීම ප්‍රගතිශීලීන්ගේ වගකීමකි.

      ප්‍රසන්නගේ චිත්‍රපටය තහනම් කළේ රජය විසින් නො වන බව නො දන්නා බබ්බු බලාපොරොත්තු වන්නේ රජය අධිකරණයට බලපෑම් කර එය පෙන්වීමට අවසර ලබා ගැනීම ද?

      ඔබට ලංකාව වෙනුවෙන් කළ හැකි ලොකු ම සේවය අර ඔබේ ජාත්‍යන්තර විප්ලවයට අවධානය යොමු කර ලංකාව දෙස නො බලා සිටින එක ය.

      ඔබට කන්නට දෙන අයට පෙන්විය යුතු තරමට ලංකාව විකුණාගෙන ජීවත් වන්න.

      Delete
    8. 1/2

      විපැරාකරණ සංහිතා
      ===================

      //මට ඉතිහාසගත වීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව මම මීට පෙර ද කියා ඇත්තෙමි.//

      උඹට ඉතිහාසගත වීමේ හැකියාව ඇත. ඒ ජාතික ධනය විනාශ කිරීම, නිවට ගතිය පෙන්වා වධකාගාරවලින් බේරීම, ධනපති ආණ්ඩුවලට කඩේ යෑම වැනි දේ සඳහා ය.

      //එහෙත්, හිරු කණ්ඩායමේ අය කී මා ඉහත සඳහන් කරන ලද දේ හා තවත් බොහෝ දේට සාපේක්ෂව මම විශිෂ්ටයෙක්මි.//

      උඹට උඹ විශිෂ්ටයෙකු විය හැකි ය. එය සරලමතිකයෙකුගේ ආත්ම වර්ණනාවක් පමණි.

      //රෝසා ලක්සම්බර්ග් විසින් කරන ලද ඉහත ප්‍රකාශය වැදගත් වන්නට එක් හේතුවක් ලෙස සැලකිය හැක්කේ එය සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගත නො හැකි ගූඪ ඉංග්‍රීසියකින් පරිවර්තනය හෝ විපරිවර්තනය කර තිබෙන නිසා විය හැකි ය.

      උදාහරණයක් ලෙස මෙන්න මේ ඉංග්‍රීසි වාක්‍යයේ තේරුමක් තිබේ ද?

      Not because of any fanatical concept of “justice” but because all that is instructive, wholesome and purifying in political freedom depends on this essential characteristic, and its effectiveness vanishes when “freedom” becomes a special privilege.//

      උඹට තේරුම් ගන්නට හැකි පොත් කීපයක් මෙසේ ය: radiant way හා radiant reading මුල් පියවර පොත්. ඒවා පියවරෙන් පියවර පරිශීලනය කිරීමෙන් පසු Mills & Boon කියවන්න. ඒ උඹේ උපරිමයේ සීමාව යි. උඹට මාර්ක්ස්වාදය හෝ සම්භාව්‍ය බටහිර සාහිත්‍යය හෝ සම්භාව්‍ය බටහිර දර්ශනය හෝ නො වැටහෙන බව උඹේ ප්‍රකාශය ම තහවුරු කර යි. අපි මින් පෙර මෙසේ පැවසීමු:

      උපුටනය ආරම්භය -

      මතුගම අජිත් පී. ජයසිංහයන්ගේ හඩු බසින් ගැඹුරු ශාස්ත්‍රීය සම්ප්‍රදානයක් නම් කළ නො හැකි ය. ජයසිංහයනට ඔය කියනා මතුගම ඉංගිරිසියෙන් ශේක්ස්පියර් හෝ මිල්ටන් හෝ වර්ඩ්ස්වර්ත් හෝ චෝශර් හෝ කියවා තේරුම් ගත හැකි ද? අවම වශයෙන් ඩිකන්ස් හෝ ස්කොට් හෝ ස්ටීවන්සන් හෝ කිප්ලින් හෝ කියවා තේරුම් ගත හැකි ද? සම්භාව්‍ය බටහිර සාහිත්‍යය හෝ ජේම්ස් රාජ බයිබලය හෝ කියවා තේරුම් ගත හැකි ද? බටහිර දර්ශනයේ ලේශ මාත්‍රයක් හෝ කියවා තේරුම් ගත හැකි ද? සම්භාව්‍ය මාර්ක්ස්වාදය හෝ කියවා තේරුම් ගත හැකි ද? කිසිසේත් ම බැරි ය.

      උපුටනය අවසානය -


      සමස්ත ඡේදය කියවා අරුත වටහා ගත යුතු තැන වාක්‍යයක් වෙන් කර ගෙන අරුත නො වැටහේ යයි නන්දොඩවන උඹ සාමාන්‍ය පෙළ හෝ සමත් ද? මෙවලම් පරිවර්තකයෙකු වන උඹ ඉංගිරිසිය හෝ සිංහලය හෝ නො දන්නා බව රහසක් නො වේ.

      ඉහත පරිවර්තනය කරනු ලැබුයේ විශිෂ්ට විද්‍යාර්ථියෙකු වූ බර්ට්‍රන්ඩ් වුල්ෆ් විසිනි. ඔහු උඹ වැනි රස්තියාදුකාර, කාලකන්නි, ගොබ්බ ගස් බල්ලෙක් නො වේ (උඹට වැටහෙන භාෂාවෙන්). එක්සත් ජනපදයේ නිව්යොර්ක් නාගරික විශ්වවිද්‍යාලයෙන් ද කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් ද මෙක්සිකෝ විශ්වවිද්‍යාලයෙන් ද ඉංගිරිසි සාහිත්‍යය පිළිබඳ ශ්‍රාස්ත්‍රෝද්ග්‍රහණය කර මාර්ක්ස්වාදී සාහිත්‍යය පෝෂණයට සුවිශාල හා සුනිශ්චිත කාර්යභාරයක් කළ වුල්ෆ්ට ඉංගිරිසිය ඉගැන්වීමට මතුගම හාල්පාරුවෙකු ඉදිරිපත් වීම විසුළුවකි. එපමණ නො ව ඔහු නොලොම්බියා හා කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලවල ද කීර්තිමත් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ද ආචාර්යවරයෙකු ලෙස ද කටයුතු කළේ ය. උඹ වගේ කාලකන්නියෙකුට සාරගර්භ ඉංගිරිසි පෙළක් කියවා ගන්නට නො හැකි වූ පමණින් එකී පෙළ ගූඪ පරිවර්තනයක් හෝ විපරිවර්තනයක් හෝ වන්නේ ද? උඹට ශේක්ෂ්පියර් නො තේරුණු පමණින් ශේක්ෂ්පියර් අවප්‍රමාණය කිරීමට හැකි ද? එසේ කිරීමට උඹ කවුරු ද? මැස්සෙක් ගිය උඩ! උඹ අප පිළිබඳ කලල්පතනයන් කළ ද අපි නො කිපෙමු. එහෙත් විශ්ව සම්භාවනීය සුධීමතුනට අවලාද නඟන විට අපට උඹ පිළිබඳ උඹට තේරෙන වදනින් කතා කිරීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න. එදකින් විතරක් කාලකන්නි ගස් බල්ලා. තොගේ කාලකන්නි මූණ දැක්කත් දවස ව මස්තබාල්දු වෙනවා.

      //රෝසා ලක්සම්බර්ග් හෝ ලෙනින් කිව්වා ය කියන වාක්‍ය අපට නම් ගැමි උපාසකම්මලාට බුදු බණ වගේ නැත.//

      උඹට ලන්සම්බර්ග් සහෝදරිය හෝ ලෙනින් ‍හෝ නො වැටහෙන කල උඹට ඒ අයගේ වාක්‍ය බුදු බණ නො ව අණ්ඩර දෙමළ වීම පුදුමයක් නො වේ.

      //අනෙක ඔතන ඔය කියන තරම් රුවන් වැකියක් ඇත්තේ ද නැත. ඔයිට වඩා රුවන් වැකි මාක් ට්වේන්ගෙන් හෝ චාලි චැප්ලින්ගෙන් උපුටා ගත හැකි ය.//

      යහපාලන නඩය හා උඹේ ශාස්තෘවරයා පවසන දේ පමණක් උඹට දැන් රුවන් වැකි බව අපි දනිමු. කුඩා දරුවන් සඳහා සරල කරන ලද මාර්ක් ට්වෙන්ගේ පෙළ ද උඹ කියවන්නේ?

      Cont...

      Delete
    9. 1/2

      //යහපාලන නඩය නිදහස ලබා දී තිබෙන්නේ ඔවුන්ගේ එහෙයියන්ට පමණක් නො වේ. පසුගිය පාලනයේ කොටස්කරුවන්ට ද එම නිදහස ලැබී තිබේ. කොටි සංවිධානයේ කේපීට පවා නිදහස තිබේ. එහෙත්, ඒ අතරවාරයේ කොටි සංවිධානයට සුළු උදව් කළ අයට පවා නීතිය අනම්‍යශීලීව ක්‍රියාත්මක වේ. //

      වැදගත් ඡේදයකි. දෙමළ විමුක්ති අරගලය හැර දා ගිය භ්‍රෂ්ටයන් උඹගේ පාලක පන්තියට වීරයන් වන්නා සේ ම ඔවුනට නිදහස ද ලැබෙන බව අපි දනිමු. ඉහත ඡේදය මඟින් උඹ තහවුරු කරන්නේ ලක්සම්බර්ග් සහෝදරියගේ ප්‍රකාශය ම වීම රසවත් සිදුවීමකි.

      //වත්මන් ආණ්ඩුව විසින් ඇති කර තිබෙන තත්වයන්ගේ හොඳ නරක තීරණය කළ හැක්කේ ලංකාවේ පවතින තත්වයට සාපේක්ෂව ය.

      මීට වඩා දෙයක් කළ හැකි කිසිදු දේශපාලන බලවේගයක් මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ නැති පොළවක සිදු වන දෙය දයලෙක්තිකව විග්‍රහ කර ගැනීම ප්‍රගතිශීලීන්ගේ වගකීමකි. //

      සුළු ධනපති හා නිවට මනෝභාව මනා ව නිරූපණය වන වාක්‍ය කීපයකි!

      //ප්‍රසන්නගේ චිත්‍රපටය තහනම් කළේ රජය විසින් නො වන බව නො දන්නා බබ්බු බලාපොරොත්තු වන්නේ රජය අධිකරණයට බලපෑම් කර එය පෙන්වීමට අවසර ලබා ගැනීම ද? //

      අධිකරණයට බලපෑම් කිරීම කළ යුතු බව නිතොර පවසන්නේ උඹ මිස අප නො ව්. අපි උඹගේ එකී එළඹුම පිළිබඳ මින් පෙර අදහස් දක්වා ඇත. අපි මෙසේ පැවසීමු:

      උපුටනය ආරම්භය -

      සම්මානනීය වියුණුසටහන්කරුවෙකු ද විශ්‍රමික කැරලිකරුවෙකු ද වන පැරා විසඥක ව ලියූ මෙම ලිපිය සාරාර්ථ වශයෙන් සැලකූ කල හඬ නඟා පවසනුයේ මෙය යි:

      "ලිබරල් ධනවාදයේ චිරස්ථිතිය තහවුරු කරනු සඳහා ලිබරල් ධනවාදය විසින් ම සංස්ථාපනය කරගනු ලැබූ ආවේක්ෂණ සහ සංතුලන පද්ධතිය වූ ධනපති අධිකරණ පද්ධතියට ඉහළින් එකී අධිකරණ පද්ධතියේ ස්වායත්ත ගතිකයන් යාමනය කළ හැකි සහ නිශේධනය කළ හැකි දේශපාලනමය බල පද්ධතියක් තිබිය යුතු ය."

      පැරා විසින් යෝජනා කෙරෙන එකී ඊනියා දේශපාලන බල පද්ධතිය කුමක් ද? එය ජරාජීර්ණ ධනපති ක්‍රමයේ කයිකාවල වන පාර්ලිමේන්තුව නම් නො වේ. ලිබරල් ධනවාදය විසින් සමූහ දූෂණයට ලක් කරනු ලැබීමෙන් විළිබිය බිඳගෙන සිටින පැරා කිසිඳු හිරිකිතයකින් තොර ව පහත ජුගුප්සාජනක වැකි දෙක ලියයි.

      //කුමාර් ගුනරත්නම්ගේ ප්‍ර‍ශ්නය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතු ය. ඔහුට ජනාධිපති සමාවක් දී නිදහස් කළ හැකි ය. එසේම, පුරවැසිභාවය නැවත ලබා දීම සඳහා ආණ්ඩුවට මැදිහත් විය හැකි ය.//

      පැරා විසින් උත්කර්ෂණයට ලක් කෙරෙන ඊනියා දේශපාලන බල පද්ධතිය යනු පුද්ගල කේන්ද්‍ර අසීමිත දේශපාලන බල සංකේන්ද්‍රණය යි. සිවිල් සමාජයේ බල ගැන්වීම තුළින් ජනතා පරමාධිපත්‍ය ස්ථාපිත කිරීමේ ලිබරල් ධනවාදී සින්තටික ප්‍රලාපයන් පිළිබඳ දාර්ශනික වියුණු සටහන් ලියන පැරාගේ උපවිඥානය තුළට අරක්ගෙන සිටින සර්වාධිකාරී රාක්ෂසයා එසේ ය.

      උපුටනය අවසානය -

      //ඔබට ලංකාව වෙනුවෙන් කළ හැකි ලොකු ම සේවය අර ඔබේ ජාත්‍යන්තර විප්ලවයට අවධානය යොමු කර ලංකාව දෙස නො බලා සිටින එක ය. //

      උඹ ආස ඇති නේ ද එසේ වනවාට? එවිට උඹට නිදහසේ ලාංකික තරුණ පරපුර නො මඟ යවමින් බඩ වඩා ගත හැකි ‍වනු ඇති නිසා.

      //ඔබට කන්නට දෙන අයට පෙන්විය යුතු තරමට ලංකාව විකුණාගෙන ජීවත් වන්න.//

      සිරිකොතේ කක්කුස්සි කඩාගෙන කන එකෙකු අපට දෙසන බණ. රනස්ගල්ලේ හිමියනි, ඔබ වහන්සේ වැදි බණ ලෙස ලෝකෝපකාරයේ හැදින්වූයේ මේවැනි ඔවා බස් ද? අප නම් අපගේ බුද්ධිමය ශ්‍රමය වැය කර ජීවත් වන බව දන්නෝ දනිති.

      End.

      Delete
    10. ඔය අන්තිම ඡේදයේ කියන දේ ඔප්පු කිරීමට එක් හෝ ද්‍ර‍ව්‍යමය සාක්ෂියක් සපයන ලෙස මම උඹලාට අභියෝග කරනවා.

      සල්ලි ගැන මට කරන චෝදනාව සම්බන්ධයෙන් මට දීමට ඇති පිළිතුර දුන් බව කරුණාවෙන් සලකන්න. උඹලාට ස්වල්ප හෝ ගෞරවයක් ඇති නිසා එය මෙතන නො ලියමි. උඹලා එය දන්නවා ය.

      සරළව කියනවා නම්, යකෝ ගිහින් ජර්මනියෙ හෝටලේක පිඟන් හෝදපිය! ඔයිට වඩා ඒක නම්බුකාරයි. ඕවා ලේ සල්ලි.

      උඹලාගේ මහ ලොකු ප්‍රාඥයා කරලා තියෙන පරිවර්තනය ගැන නම් මම කියපු දේ එහෙමම තමයි. යකෝ මොකා කළත්, මිනිහෙකුට තේරෙන්න පරිවර්තනය කර ගන්න බැරි එකා ගොනා ම තමයි. අනෙක, ඔතන මහ ලොකු ගැඹුරු සංකල්පයක් තියෙනවයැ ඔච්චර තටමන්න.

      ඔන්න බොලාගෙ උපුටනය. ආයෙම කියවලා බලපල්ලා.

      Freedom only for the supporters of the government, only for the members of one party – however numerous they may be – is no freedom at all. Freedom is always and exclusively freedom for the one who thinks differently. Not because of any fanatical concept of “justice” but because all that is instructive, wholesome and purifying in political freedom depends on this essential characteristic, and its effectiveness vanishes when “freedom” becomes a special privilege.”

      The Problem of Dictatorship,
      Chapter 6,
      The Russian Revolution,
      Rosa Luxemburg.

      ඕවා මහ ලොකු තියරි වෙන්නෙ තොපි වගේ නිවහල් චින්තනයක් නැති අනුකාරකවාදී මූසලයන්ට විතරයි.

      Delete
    11. පැරා මචං, උඹට රිදුන ද? සොරි හොඳේ.

      Delete
    12. මොකටද සොරි? මං මේ ඩයලොග් එකෙන් ලොකු ආතල් එකක් ගන්නවනේ.

      Delete
    13. උඹලගේ තරම අවබෝධ කර ගන්නට මේ කාරණයත් මතක් කර දෙන්නම්.

      උඹලා කියන්නේ මහින්ද රාජපක්ෂ තිස්සයිනායගම්ට ජනාධිපති සමාවක් දීමත් අධිකරණයට කළ නො මනා මැදිහත්වීමක් කියලා ද?

      එතකොට ඒක ම කුමාර් ගුනරත්නම් සම්බන්ධයෙන් කරන එක වැරදියි කියනවා නම්, ඇයි උඹලා තිස්සයිනායගම්ගේ එක ප්‍රතික්ෂේප නො කරන්නේ.

      උඹලා වගේ දෙපිටකාට්ටු නරුමයන් පිරිසක් එක්ක ජීවිතේ කිසියම් දිනෙක එක්ව වැඩ කළ එක ගැන මට ම පුදුමයි.

      Delete
  5. // අප අද සිටින තැනට තල්ලු වුණේ වලසා සමග අප කළ සටන නිසා ය. //

    ඔහෙට "බිල්ලෙක්" වෙන්න සිජ්ජ වුනා එහෙනම්?

    ReplyDelete
    Replies
    1. අප පත්ව ඇත්තේ අනාගත පරම්පරා බිලි බෝයිලා බවට පත් වීම වැළැක්වීමට වැඩ කළ යුතු තත්වයට ය. බිල්ලන් බොහෝ දෙනෙක් දැනට ම ලංකාවෙන් පැන ගොසිනි. තමන් නො කරන විප්ලවයක් වෙනුවෙන් අනුන් බිලි දීමේ ඔවුන්ගේ සැලසුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

      Delete
    2. // තමන් නො කරන විප්ලවයක් වෙනුවෙන් අනුන් බිලි දීමේ ඔවුන්ගේ සැලසුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. //

      well said Para!

      Delete
    3. Niyama kane paara para!

      Delete
  6. කටුගම්පොල ආසනයේ සදලංකා විවිධ සේවා සමූපකාරයේ ඡන්දය ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී ඇත.

    ඒ අනුව මහින්ද රාජපක්ෂ බලවේගයට ආසන 108 කුත් එක්සත් ජාතික පක්ෂයට ආසන 8 කුත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මෛත්‍රී කණ්ඩායමට ආසන 2 කුත් ලබා අති විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට මහින්ද රාජපක්ෂ කණ්ඩායම සමත් වී ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා