කර්නල් මීඩින්, කැරැලි, ඝාතනයට ලක් වන්නෝ හා ඝාතකයෝ

කොටි සංවිධානය විසින් සටන් විරාමය අතරතුර මරා දමන ලදැයි කියැවෙන කර්නල් තුවාන් රිස්ලි මීඩින් 
1989 කැරැල්ලේ ජවිපෙ භූමිකාව විප්ලවීය එකක් හෝ අහිංසක එකක් හෝ නො වේ. මුග්ධ එකකි.

යුදමය වශයෙන් පරිණත වීමේ කිසිදු උත්සාහයක් නැතිව, අසාර්ථක මිලිටරි ප්‍රහාර කීපයක් හරහා ලබා ගත් ප්‍රචාරක වාසිය භාවිතා කර, පුද්ගල ඝාතන ඔස්සේ ඉදිරියට යමින්, නිසි මොහොතේ සම්මුතියකට පිවිසෙන්නට උත්සාහ නො කර, නායකත්වය ද සමග දස දහස් ගණනක් ජවිපෙ සාමාජිකයන්, හිතවතුන්,තරුණයන් හා සාමාන්‍ය මිනිසුන් විනාශය කරා යොමු කළ ජවිපෙ දෙවෙනි කැරැල්ල වනාහි ඓතිහාසික අපකීර්තියකි.

මේ කාරණයේදී ජවිපෙ නායකත්වය කටයුතු කළේ උපායික වශයෙන් ඉතාම දුර්වල ලෙස ය. ඔවුහු ප්‍රේමදාස ආණ්ඩුව බිත්තියට හේත්තු කර, ඉන් පසු දෙගිඩියාවෙන් සිටි හමුදාව ඔහුට පක්ෂපාතී වන තත්වයට පත් කර, එයිනුත් නො නැවතී නායකයන් බුරුතු පිටින් එක පාරට අසු වී මිය යන තරම් අපරීක්ෂාකාරිත්වයකින් ද කටයුතු කළ හ. අවසාන වශයෙන් විශාල වන්දියක් ගෙවන්නට සිදු වුණ අතර එ් මිනිස් ඝාතන අත්‍යවශ්‍ය එ්වා නො වී ය.

රන්ජන් විජේරත්න හා දැන් මහණ දම් පුරන අනුරාධපුර පැත්ත භාරව සිටි අණ දෙන නිලධාරියා ඇතුළු ඇතැම් හමුදා නායකයන් මෙන් ම තවත් ඇතැම් දේශපාලකයන් ද කටයුතු කළේ ලේ පිපාසයෙනි.

එම කැරැල්ල මර්දනය කළ ආකාරය ද ඒ හා සමානව ම හමුදාවට හා එජාප රජයට අපකීර්තියකි.

එම කැරැල්ලෙහි මධ්‍යම මට්ටමේ සාමාජිකයකු ලෙස ජවිපෙ කැරැල්ල සම්බන්ධයෙන් මගේ ස්වයං විවේචනය මා පළ කර ඇත්තේ කිසිදු කලෙක ජවිපෙ දේශපාලනයට නැවත සම්බන්ධ නො වීමෙන් හා අගතියෙන් තොරව සමාජය වෙනස් කිරීමේ උවමනාවෙන් කටයුතු කරන රැඩිකල් ව්‍යාපාර ගොඩනැගීමට උර දීමෙනි. වර්තමානයේදී ද මා කරමින් සිටින්නේ එයයි. තවත් තරුණ පරම්පරාවක් එවැනි ස්වයං විනාශයකට ගොදුරු වීම වැළැක්වීම කැරැලි සම්බන්ධ අත්දැකීම් ඇති අපගේ වගකීමක් ලෙස මම සලකමි.

පසුගිය දිනෙක වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් තබන ලද සටහනක් හේතුවෙන් මට මා අවුරුද්දකුත්, මාසයකුත්, දවසක් සිරගතව සිටි නැවත එළියකන්ද වධකාගාරය සිහිපත් විය. ඔහු ලියා තිබුණේ කොටි සංවිධානය විසින් මරා දමන ලදැයි සැලකෙන ලුතිනන් තුවාන් මීඩින් ගැන ය. ඔහු ලියූ සටහන මෙසේ ය:


ලුතිනන් කර්නල් තුවාන් මීඩීන්
ලුතිනන් කර්නල් තුවාන් මීඩීන් මට හමු වන්නේ 2003 වසරේදී ය​. එම වසරේදී යුද ආතතිය සහ සංග්‍රාම විඩාව පිලිබඳ දේශනයක් කිරීමට උතුරට ගිය අවස්ථාවකදී මට ඔහුව හමු විය​. එවකට ඔහු මේජර්වරයෙකු වූයේය​. තුවාන් මීඩීන් සේවය කලේ යුද හමුදා බුද්ධි අංශයේය​. ඔහු තුල ඉතා හොඳ දැණුමක් තිබුනේය​. එම නිසා අප සුභාශ් හෝටලයේදී සංවාදයේ යෙදුනෙමු.
මේ කාලයේ මම ප්‍රභාකරන් ගේ මානසික තත්වයන් පිලිබඳව පොතක් ලියමින් සිටියෙමි. ඒ නිසා මේජර් මීඩීන් ප්‍රභාකරන් සහ ඔහුගේ අභ්‍යන්තර කවය පිලිබඳ දැන සිටි කරුණු මෙම පොත ලිවීමේදී මට ඉතා ප්‍රයෝජනවත් විය​. ප්‍රභාකරන් ගේ කායාරක්‍ෂකයන් අතර උන්ඩ ප්‍රතිග්‍රාහකයන් තිදෙනෙකු සිටින බව ඔහු හෙලි කලේය​. මෙම තොරතුර උසස් හමුදා නිලධාරීන් පවා දැන සිටියේ නැත​.
2005 වසරේදී වරක් ඔහු මා සොයා කොලඹ හමුදා රෝහලට ආවේය​. මා විසින් මෝහන ප්‍රතිකාර මගින් සුව කරන ලද සංවර්තන ආබාධ ( Conversion Disorders ) තිබූ රෝගීන් කීප දෙනෙකු සමග ඔහු කතා කලේය​. එසේම මගේ මෝහන ප්‍රතිකාර සැසියක් ද ඔහු නිරීක්‍ෂණය කලේය​. තවද අත් අඩංගුවට ගත් කොටි සාමාජිකයන්ට පහර දී තොරතුරු ගන්නවා වෙනුවට මෝහනය කිරීමෙන් තොරතුරු ලබා ගත හැකිදැයි බැලීම ඔහුගේ අභිප්‍රාය විය​.
අවසන් වරට ඔහු මා හමුවූ දිනයේ ලුතිනන් කර්නල් තුවාන් මීඩීන් මට මෙසේ කීවේය " තව ස්වල්ප දිනකින් ඔබට මාව ඝාතනය කලා කියා ආරංචි වෙයි. මගේ අවමංගල උත්සවයට පැමිණ වැතිර සිටින මා දෙස බලන්න​. මෘත ශරීරයක් ව වැතිර සිටින මේ මිනිසා බොහෝ රහස් දන්නේය​. ඒවා හෙලි කලහොත් බොහෝ දේශපාලකයන් හමුදා නිලධාරීන් බලවත් අපහසුතාවට පත් වනු ඇත​. එම නිසා මම ඒ රහස් රැගෙන මගේ මිනී ව​ළට යමි."

ඔහු මට මෙය කීවේ කොලඹ යුද හමුදා රෝහලේ මානසික රෝග වාට්ටුවේ මගේ ප්‍රතිකාර කාමරයේදීය​. මම ඔහුගේ මරණය පිලිබඳ කතාව බැරෑරුම්ව නොගත්තෙමි. නමුත් ඉන් සති කීපයකට පසුව ලුතිනන් කර්නල් තුවාන් මීඩීන් කොටින් ගේ බුද්ධි අංශය විසින් ඝාතනය කල බව මට ආරංචි විය​.


ෆේස්බුක්හි මේ සම්බන්ධයෙන් සිදු වූ සංවාදය තුළ තවත් වැදගත් කරුණු තිබේ.

1966 ජුලි 27දා හම්බන්තොටදී උපන්, ගාල්ල ඇලෝසියස් විද්‍යාලයෙන් උගෙන සිය සොයුරා ගත් මග ඔස්සේ යමින් 1986දී හමුදාවට බැඳුණු තුවාන් රිස්ලි මීඩින් මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක් වන්නේ කිරිබත්ගොඩ ඔහුගේ නිවස ආසන්න තැනකදී 2005 ඔක්තෝබර් 29දා ය. ඒ වන විටත් රජය හා කොටි සංවිධානය අතර සටන් විරාමය ක්‍රියාත්මක වෙමින් තිබුණු මුත් දෙපාර්ශ්වය විසින් ම සටන් විරාමය උල්ලංඝනය කරමින් තිබිණි. කොටි සංවිධානය ඉහළ පෙළේ ඉලක්ක රැසක් ගත් අතර පළමු බුද්ධිබලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් මීඩින් ඒ අතර ඉහළ ම පෙළේ එකකි.

ලුතිනන් මීඩින් කෙනෙකු ගැන මට ද මතකයක් තිබේ. සොල්දාදුවකු ලෙස ඒ මීඩින් පිළිබඳ දැන් මට ඇත්තේ උපේක්ෂා සහගත අදහසකි. මට මතක හැටියට ඔහු විසින් අත්අඩංගුවට ගන්නා ලද දෙවුන්දර කොට්ටාසයේ ජවිපෙ ලේකම්වරයා ඔහුගේ තුවක්කුව රැගෙන යන තරම් හීලෑ කර ගන්නට ඔහු සමත් වී සිටි බව මට සිහිපත් වේ. මෙම කොට්ඨාස ලේකම්වරයාගේ අලුත පත් වී ආ දේශපාලන අංශ ප්‍රධානියා ලෙස මා ඔහු හමු වන විට මා ඇඳ සිටියේ දිය වී ගොස් තිබුණු පරණ කමිසයක් හා කලිසමකි. මට මතක හැටියට එය එකල මට තිබුණු එක ම ඇඳුම හෝ ඇඳුම් දෙක තුනෙන් එකක් විය. ඒ වෙලාවේ මා දෙස බැලූ ඔහු මට ඇඳුම් ටිකක් ලබා දීමට පොරොන්දු විය. එහෙත්, ඊට පෙර මා අත්අඩංගුවට පත් විය. ඔහු ද අසු වී හමුදාවට සහයෝගය දෙන පුද්ගලයකු බවට පත් විය. මට මතක හැටියට ඔහුගේ නම කපිල ය. මා ඔහු පිළිබඳ තොරතුරු දැන ගැනීමට මීට මොහොතකට පෙර එවක එළියකන්දේ සිටි මිතුරකුට දුරකථන ඇමතුමක් දුන් විට ඔහු කීවේ ඔහුව අල්ලා දුන්නේ ද එම පුද්ගලයා බව ය.

මෙම කොට්ඨාස ලේකම්වරයා හමුදා නිලධාරීන්ගේ මිතුරකු සේ හැසිරුණේ ය. වරක් ඔහු මීඩින් සමග එළියකන්දට පැමිණ හමුදා නිලධාරීන් සමග කැරම් ගසමින් සිටියදී, සිරකරුවන් අතර සිටි මා දැක, මා ඔහුට හමු වූ අවස්ථාව හා ඔහු මට ඇඳුම් වගයක් දෙන්නට පොරොන්දු වූ බව මතකදැයි ඇසී ය.

මෙම ලෙෆ්ටිනන්ට් මීඩින්ගෙන් මට පෞද්ගලිකව කිසිදු වරදක් සිදු වී නැත. වරක් ඔහු සිටි හෙට්ටියාවල කඳවුරට ප්‍රශ්න කිරීමක් සඳහා මා ගෙන ගිය එළියකන්ද හමුදා කඳවුර භාර නිලධාරියා මීඩින් සමග මත්පැන් බීමෙන් පසු මා එහි අමතකව හෝ හිතාමතා හෝ දමා ගියේ ය. එදින එම කඳවුරේ සෙබළු මට දරුණු ලෙස පහර දුන් අතර මට සිිහිය ආවේ ද පැය කීපයකට පසුවයි. පැය හතරක පමණ කාලය තුළ සිදු වූ දෙය මට කිසි සේත් ම නැවත සිහි එළවා ගත නො හැකි ය. මර බියෙන් මා ඔවුන්ට බැණ වැදුණු බව ද, එබැවින් මට බිම දමාගෙන අතින් පයින් පහර දුන් බව ද පසුව වෙනත් සිරකරුවෙක් මට කීවේ ය. මට ඒ කිසිවක් මතක නැත. 

ඉන්පසු දින ගණනක් මගේ දෑත්, දෙපය හා ඇස් බැඳ එම කඳවුරේ සිරකරුවන් දමා සිටි පොල්ලතු මඩුවේ දමා තිබිණි. දින ගණනකට පසු මීඩින් මඩුව අසලට පැමිණ, සිරකරුවන් බලා, මා එහි සිටිනු දැක, එදින ම සවස මා ආපසු එළියකන්දට පිටත් කළේ ය. ඔහු නිතර එළියකන්දට පැමිණියේ ය. ඒ එම කඳවුර භාරව සිටි ලුතිනන්වරයා සමග මත්පැන් බීමටයි.

මෙම සිරකරුවන් අතර ජවිපෙට උපකාර කළ චෝදනාවට රැගෙන විත් තිබුණු ප්‍රදේශයේ වැඩිහිටි භික්ෂුවක් ද සිටියේ ය. එම භික්ෂුවගේ සිරුර මෝටර් බයිසිකලයක සයිලන්සරයෙන් පුළුස්සා සුව වූ තුවාල කැළැල් තිබුණු අතර, කඳවුරේදී ඔහුට සලකනු ලැබුවේ තිරිසන් සතෙකුට සේ ඉතා නින්දිත ආකාරයටයි. මෙම භික්ෂුව තුළින් මට නම් සෙසු තරුණ කැරැළිකරුවනට වඩා පරිණත, උපේක්ෂා සහගතබවක් දක්නට ලැබිණි.

හෙට්ටියාවල කඳවුරේ තිබුණු සුවිශේෂ වධක ක්‍රමයක් වන්නේ කුරුසයේ ගැසීමයි. සිරකරුවා දෑත්වලින් පුවක් කොටයක බැඳ දින ගණනක් එල්ලා තබන බව මා අසා ඇත. දැක නැත. එහෙත්, එය අවසන් වූ පසු මඩුවට ගෙනැවිත් දමන ලද සිරකරුවන්ගේ දෑත් අක්‍රිය වී තිබිණි. බත් කටක් අනා කටට ගන්නට බැරිව ඔවුහු මාස ගණනක් දුක් වින්ද හ.

මීඩින් යටතේ තිබුණු තලල්ල, හෙට්ටියාවල කඳවුරු සිරකරුවන්ට ඉතා නින්දිත ලෙස සැලකූ සහ වධ දී මරා දැමූ ඒවා ය. එහි යම් ජාතිවාදී ස්වරූපයක් තිබුණු බව මගේ හැඟීමයි. එහෙත්, සිංහල හමුදා නිලධාරීන් අණ දුන් කඳවුරුවල ක්‍රියාකාරිත්වයේ ද වෙනසක් තිබුණේ නැති නිසා මට එය සහතික කර කීමට බැරි ය. එම වකවානුවේ තුවාන් මීඩිං දක්ෂ නිලධාරියකු වූ බවක් මට නම් නිරීක්ෂණය වූයේ නැත.

මා සමග අත්අඩංගුවට ගෙන, එළියකන්දේ රඳවා සිටි, නාලන්දා විද්‍යාලයේ සිසුවකු ලෙස සිටියදී ජවිපෙ දේශපාලනයට එක් වූ දක්ෂ තරුණයකු වූ චම්ලි හෙවත් රත්නායක  අතුරුදහන් වුණේ මා මීඩින්ගේ හෙට්ටියාවල කඳවුරට ගෙන ගොස් සිටියදී ය. චම්ලි මාතර දිස්ත්‍රික්කයේ සන්නද්ධ අංශයේ නායකයා විය. ජවිපෙ විසින් පත්තු කරන ලද මුල් ම බිම් බෝම්බය වූ ගන්දර බිම් බෝම්බය ඇතුළු සිද්ධි කීපයක වගකීම ඔහු භාර ගත්තේ ය. එසේම, ඔහු ආරක්ෂක අංශ සමග කිසියම් ආකාරයක සම්මුතියක් ඇති කර ගැනීමට ද දක්ෂ වූයේ ය. මගේ ජීවිතය බේරෙන්නට ද එය ඉවහල් වන්නට ඇත. එහෙත්, ඔහු තමන් ගැන හෙළිදරව් කර තිබුණේ මා දන්නා තොරතුරු පමණි. ඔහු කිසිවකු පාවා දුන්නේ ද නැත. අප මාස ගණනක් එළියකන්දේ සිටි මුත්, මට කිසි දිනෙක ඔහු සමග කතා කරන්නට ලැබුණේ නැත. ඔහුව සෙසු අයගෙන් වෙන් කර තබන ලදී. ගෙදර අයට ද පෙන්වන ලදී. ඔහු හා මා වෙනුවෙන් රැඳවුම් නියෝග ද ගෙන තිබිණි.

බිත්තියෙන් එහා පැත්තේ සිට මේ තරුණයා විමුක්ති ගී උරුවම් බෑ අයුරු අද ද මට සිහිපත් වේ.

එහෙත්, 1990 දෙසැම්බරයේදී පමණ අත්අඩංගුවට පත් වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ ගාමිනී විජේගුණසේකර හෙවත් රිචඩ් හෙවත් අතුරලිය චම්ලි විසින් හෙළිදරව් කර නො තිබුණු වගකීමක් ආරක්ෂක අංශවලට හෙළිදරව් කළේ ය. එම වකවානුවේ පුවත්පත් කැබැල්ලක තිබී කියවා දැන ගත් ආකාරයට, එම වගකීම අනුව චම්ලි ආරක්ෂක අංශයේ සම්බන්ධකම් සම්බන්ධීකරණය කිරීමක් කර තිබිණි. මා අසා ඇති පරිදි චම්ලිව තලල්ල කඳවුරට යවා ඝාතනය කර තිබෙන්නේ මෙම පාවාදීම නිසා ය.  

චම්ලිගේ වාසගම මට මතක අන්දමින් දිසානායක ය. මීඩින් ඝාතනය කළේ යයි සැලකෙන අන්ද්‍රාහැන්නදිගේ චමින්ද දර්ශන හෙවත් අයිස් මංජු මීඩින්ට මුණගස්වන්නේ පිටකොටුවේ ශාන්ත ජෝන් මාළු වෙළඳපොළේ ව්‍යාපාරිකයකු වූ චම්ලි දිසානායක නම් අයෙකු බව ද සඳහන් වේ. ඒ චම්ලි හා මේ චම්ලි එක ම අයෙකුදැයි මම නො දනිමි. අයිස් මංජු ගන්දර පැත්තට සම්බන්ධ ව්‍යාපාරිකයකු වීම ද සුවිශේෂ ය. ගන්දර යනු 1989දී ලුතිනන් මීඩින් සේවය කළ තලල්ල කඳවුර ආසන්න ප්‍රදේශයකි. ඝාතනයෙන් පසු අයිස් මංජු කොටි පාලන ප්‍රදේශ වෙත පළා ගිය බව වාර්තා විය. යුද පරාජයෙන් පසු ඔහු සිවිල් වැසියන් සමග අවතැන් කඳවුරක වෙසෙන බවට දිනමිණ වාර්තාවක් පළ විය. තවත් වාර්තාවක අයිස් මංජු අත්අඩංගුවට ගත් බව පළ වූ මුත් ඉන් පසු කුමක් වීදැයි නො දනිමු. 

මීඩින්ට තිබී ඇත්තේ අමුතු සම්බන්ධකම් ය. ඔහු ඝාතනයට ලක් වන රාත්‍රියේ ඔහුගේ ආරාධනාව පිට නිවසට රාත්‍රී භෝජන සංග්‍රහයකට පැමිණෙන්නේ ප්ලොට් සංවිධානයේ හිටපු සාමාජිකයෙකුගේ පවුලයි. ඔහු හමුදා ප්‍රොටොකෝල්වලට පටහැණි අයුරින් ඔහුගේ පෞද්ගලික කටයුතු හා රාජකාරි කටයුතු මිශ්‍ර කරගෙන වැඩ කර ඇති බව පෙනේ. ඔහු දක්ෂ නිලධාරියකු ද යන්න මම නො දනිමි. ජවිපෙ කැරැල්ල මර්දනය කරන සමයේ නම් ඔහු තුළින් කිසිදු සුවිශේෂ දක්ෂකමක් පෙනුණේ නැත.

ජවිපෙ යනු මිලිටරි වශයෙන් ඉතා දුර්වල ව්‍යාපාරයකි. යුද නීති නො තකා මර්දනය කරන්නට අවසර ලැබුණු පසු එය මර්දනය කරන්නට විශේෂ දක්ෂතාවක් අවශ්‍ය වූයේ නැත. එහිදී සිදු වුණේ තිරශ්චීන ලෙස අහිංසකයන් හා සාමාන්‍ය ජවිපෙ සාමාජිකයන් බුරුතු පිටින් වධ දී මරා දැමීමයි. එයට විශේෂ දක්ෂතාවක් අවශ්‍ය නැත.

මෙම සටහන තබන්නේ ජවිපෙ කැරැලිකරුවන් සම්බන්ධයෙන් මෙන් ම හමුදා සෙබළ තරුණයන් සම්බන්ධයෙන් ද අගතියකින් තොරව ය. ඝාතනයට ලක් වන්නා සේ ම, ඝාතනය කරන්නා ද එක ම කාසියේ දෙපැත්ත වන් ගොදුරු වෙති. මගේ අරමුණ සත්‍යය සාකච්ඡා කිරීමෙන් එවන් සිදුවීම් නැවත සිදු නො වන තත්වයක් නිර්මානය කිරීම පමණි.

ලංකාවේ තරුණයන්ට ඝාතනය වීම හා ඝාතනය කිරීම හැර වෙන දෙයක් උරුම කර දුන්නා නම්, මීඩින්, රත්නායක හෙවත් චම්ලි හා තවත් බොහෝ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ ආදී තරුණයන්ගේ නිර්මානශීලිත්වයෙන් හා ශ්‍රමයෙන් ලක්බිම සමෘද්ධිමත් වන්නට තිබිණි.

තුවාන් රිස්ලි මීඩින් ගැන තවත් වැදගත් ලිපි කීපයක්

සන්ඩේ ඔබ්සර්වර්
සන්ඩේ ටයිම්ස්
ලංකා ලයිබ්‍රරි


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මීඩින්ට ඔය දේ වෙන බව අපේ මාම දැනන් හිටිය නමුත් කිව්වෙ නෑ. මීඩින්ගෙ ග්‍රහයෝ දුර්වලයි ඒකයි උනේ.

    ReplyDelete
  2. ඒ කාලේ අර මානුෂික මෙහෙයුම් කරන ජාතියේ රණවිරුවන් ඉඳලා නැහැ වගේ.

    ReplyDelete
    Replies
    1. එකට හරියන්න සිනුවර කොටි හපුවෝ ඉන්නේ

      Delete
    2. //දෙමළු අහිංසක නෑ බං. විශේෂයෙන් දෙමළ කොල්ලෝ අහිංසක නෑ. අහුවෙන අහුවෙන එකා මරලා දාන්න තමයි ඕනෑ, ධර්ම රාජ්‍යයට යන පාර දිගේ උන්ගෙ ඔළු රිටිවල එල්ලා තියන්නත් ඕනෑ. එතකොට තමයි අපට සිත පිරිසිදු කරගෙන නිර්වාණයට යන්න පුළුවන්. සාධු සාධු සාධු//

      මේ ම්ලේච්ඡ දෙමළ ජාතිවාදී ලේ පිපාසිත මිනීමරුවන්ට රෙදි නැතුව කඩේ යන මනෝ විකෘතික සක්කිලියන් සිංහල ජාතිවාදීන්ගෙන් බලාපොරොත්තු වන දෙයයි. නමුත් වාසනාවකට මෙන් බහුතර සිංහලයෝ මෙතරම් උග්‍ර මනෝ විකෘතික මතයක් නොදරති. දුක තමයි රන්ජනී ! හහ් හා !

      මේ නිසා දෙමළ ජාතිවාදී බෙදුම්වාදෙ ව්‍යාපාරය සහ උන්ට රෙදි නැතුව කඩේ යන බඩගොස්තරවාදීන්ට ටහිකී ඇති බැව් මින් මනාව ගම්‍ය වේ. ඉතින් වේලි වේලි උන් ගොබ්බයින්ට සූප්පු කරන්නට මස් කට්ටක් ලංකාවේ ගොබ්බ පොලීසිය විසින් දැන් සපයා තිබේ. දැන් ඉතින් සිංහල-දමිළ දෙවර්ගයේම ජාතිවාදියෝ බඩ පිනුම් ගසති.

      Delete
  3. විජේවීර කියා බ්‍රශ්ටයෙක් නොයිපිද ජවිපෙ කියල සන්විධානයක් බිහිනොවී තිබුනනම් ඔය කියන දකුනේ ඝාතන වෙන්නෙ නෑ කියල පැරාට හිතෙන්නැත්ද?

    ReplyDelete
  4. I was a in Colombo Uni and very low level JVP activist during the 'Beema Samaya'. Like you said most people who enjoyed killing mostly kids during 'Beema samaya' had their own medicine later in life. Lucy Algama, Rajan Wijerathna, R. Prmadasa (and the SSP who died with Premadasa), Janaka Perera are few I can remember.

    Hey Para, do you know where are these current set of namesake JVP traitors who sleep with the enemy (UNP) came from?

    ReplyDelete
  5. ඇත්තටම පැරා අර උඩ ඇනෝ අව‍යක්ත බාසාවකින් අහල තියෙන ප්‍රශ්නෙට ටිකක් සමාන ප්‍රශ්නයක් මටත් තියෙනව... 71 නම් ලන්කාවෙ ගැමි තරුනයින්ට ගොඩයන්න අවස්තා අඩුවෙන් තිබ්බ නිසා කැරලි ගැහැව්වා කියතහැකි, ඒත් 80 දශකයෙ මැද වෙනකොට රටේ ආර්තික විවෘත වෙමින් රැකියා වෙලදපොල වැඩිවෙමින් තිබ්බෙ නේද, අනික 87-89 කැරැල්ල සෑහෙන්න සින්හල ජාතිවාදී පදනමකින් ගියපු එකක්... එතැනදී විජේවීර නේද ඉන්දියානු ව්‍යාප්තොවාදයක් ගෙනල්ලා තරුනයින්ව අවුස්සන්නෙ?

    ReplyDelete
  6. 1989 කැරැල්ලේදී ප්‍ර‍ධාන සන්නද්ධ ක්‍රියාකාරිකයකු වූ හොරණ ලයනල් හෙවත් පොඩි මහින්ද උදාහරණයකට ගනිමු. දිළිඳු පවුලකින් පැවත ආ ඉහළට ඉගෙනීමට අසමත් වූ තරුණයකු වූ මොහු පක්ෂය බැඳුණේ සමාජ විප්ලවය අරමුණු කරගෙන මිස තරුණ අසහනයක් නිසා යයි මම නො සිතමි. ඔහුගේ පවුල ජීවත් වූයේ ගම් උදාවෙන් ලැබුණු නිවසක ය.

    අප ද ජවිපෙ කැරැල්ලට සම්බන්ධ වුණේ සමාජවාදී විප්ලවය පිළිබඳ නො ගැඹුරු, රොමැන්තික් අදහසකින් මිස අවස්ථා නො තිබුණු නිසා නො වේ. මෙය ජවිපෙ දෙවන පෙළ වූ ප්‍ර‍ධාන වශයෙන් සිසුන්ගෙන්, වෘත්තිකයන්ගෙන් හා ගැමි තරුණයන්ගෙන් සමන්විත ස්ථර ය ම සම්බන්ධයෙන් පොදු තත්වයකි.

    ජවිපෙ නායකයකු වූ උපතිස්ස ගමනායකගේ බිරිය පවා සැඟවී සිටිමින් දක්ෂ ව්‍යවසායිකාවක ලෙස සුළු ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අන්දම රෝහිත මුණසිංහ විසින් ලියන ලද ‘උපනායක ගමනායක' යන කෘතියෙහි මැනැවින් විස්තර කර තිබේ.

    ජවිපෙ නායකත්වය කළේ ජාතිවාදය භාවිතා කර නැවත වතාවක් බලය ඩැහැගැනීමේ කෙටි මාර්ගයක් අත්හදා බැලීමයි. අන් කිසිවක් නො වේ.

    බලය අරගෙන ලොකු විප්ලවයක් කරන්නට තරම් ඔවුන්ට ධාරිතාවක් තිබුණේ නැතත්, අවංක ආධ්‍යාශයෙන් යුත් විශාල පිරිසක් සිටි නිසා රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයක් ඔස්සේ කිසියම් දුරක් ගොස්, වෙනස් වන්නට හැකියාව අත් කර ගත්තේ නම් රට සංවර්ධනය කරන්නට ජවිපෙට හැකියාවක් තිබිණි. එහෙත්, ඒ දැවැන්ත ලේ හැලීමක් ඔස්සේ වන්නට තිබිණි.

    ජවිපෙ ආමන්ත්‍ර‍ණය කළේ අන් කිසිවකට නො ව, ලාංකීය සමාජයේ ආවේණික ලක්ෂණයක් වන අධිකාරිවාදී රාජ පාලනයක් පිළිබඳ පසුගාමී පූර්ව ධනේශ්වර ජන විඥානයටයි.

    ReplyDelete
    Replies
    1. පැරකුම්,

      ජවිපෙ දැන් ආමන්ත්‍රණය කරන්නේ කොතනටද ? රාජ්‍ය ආයතනවල වෘත්තීය සංගම් හරහා වැඩ නොකර පඩිගන්න බලාසිටින ශරීර හොරු හදන්න ඔවුන් උත්සහ කරන්නේ ඇයි ඔබ හිතන විදියට ?

      තරුණ නායකයෝ ඉන්න පක්ෂයක් වුනාට අධ්‍යාපනය ගැන ජවිපෙත් සිසුන්ට හණමිටි අදහසක් දෙන බවයි පෙනෙන්නේ.

      ජවිපෙට හොඳ අදහස් නැතිව නොවෙයි. අපේ දැක්ම ප්‍රකාශයේ රට දියුණු කිරීමට දියුණු කරනලද මානව සම්පත යොදාගැනීම වගේ දේවල් බොහොම ඉදිරිගාමී අදහස්.
      ඒ වුනාට ප්‍රයෝගික භාවිතාවේදී, ව්‍යවසායකයින්ට ධනපතිය කියල හංවඩු ගහනවට වැඩිය දෙයක් ඔවුන් සිසුන්ට දෙන්නේ නැති බවයි පෙනෙන්නේ. ඔය කියන තරමේ මහා ධනපතියෝ ලංකාවේ ඉන්නවද කියන එකත් සැකයි. අධ්‍යාපනය ලැබීමේ අයිතිය ගැන ජවිපෙ සිසුන්ට දෙන්නේ කුහක පටු අදහසක් බව පෙනෙන්නේ.

      ඔබට අදහසක් තිබෙනවද ජවිපෙ තරුණ සාමාජිකයෝ මේවගේ හණමිටි අදහස්වල හිරවෙලා ඉන්නේ ඇයි කියන එක ගැන?

      Delete
    2. ජවිපෙට පමණක් නොවෙයි සියලු වාමාංශිකයන්ට තිබෙන්නේ ඉපැරණි ආගමක් වන මාක්ස්වාදය ඇදහීම පිළිබඳ ප්‍ර‍ශ්නයයි. ඔවුන්ගේ පටු විග්‍ර‍හය ඔහොම තමයි. ධනපති ක්‍ර‍මය, ධනවාදය, සූරාකෑම ආදී ප්‍ර‍බන්ධිත සංකල්ප වගයක තමයි ඔවුන් හිර වී සිටින්නේ. ඒවා වර්තමාන යථාර්ථයට ආදේශ වෙනවා ද කියන එක හෝ සලකා බලන්නට ඔවුන්ගේ උනන්දුවක් නැහැ.

      ජවිපෙ යම් ප්‍ර‍මාණයකට මෙයින් ගැලවී සිටියත්, ඒවායින් කැඩී ගොස් තිබෙන අන්තවාදී ආගමිකයන් කියන වලිගය විසින් බල්ලා නටවනවා.

      Delete
    3. පැරකුම්, මම පහත උපුටා ගැනීම කළේ වෙනත් තැනකින්. මේ සටහන කවුරු ලිව්ව ද කියා මම දන්නෙ නැහැ; ඒක දැන ගැනීම වැදගත් වන්නෙත් නැහැ. ඒත් මෙම සටහනින් කෙරෙන ප්‍රශ්න කිරීම වැදගත්. ඇත්තට ම ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික ප්‍රශ්නය සහ පැරකුම් ගැන ‍කෙරුණු න්‍යායාත්මක ප්‍රශ්න කිරීමක් මෙතන තිබෙනවා. පැරකුම් තේරුමක් නැතා මඩ කමෙන්ට්ස් වාක්‍යයෙන් වාක්‍යය විශ්ලේෂණය කරන එකේ මේ සඳහා අදහස් දැක් විය යුතු යි කියා මම සිතෙනවා. පුද්ගලයන් පිළිබඳ කතා නො කර පැරකුම්ගේ සෘජු අදහස් දැක්වීමක් කියවන්න මම කැමති යි. කරුණාකර වෙනත් කණ්ඩායම් සමඟ රණ්ඩු නො වී පැරකුම්ගේ අදහස දක්වන්න.


      // පැරා පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවා හැටියට යි. ඒක සාධනීය ආකල්පයක්, එළඹුමක් විය හැකි යි. එහෙත් පැරා තම ප්‍රතිපත්තිය පිරිපහදු කර ගෙන නැති බව පෙනී යනවා. පශ්චාත් යටත්විජිත ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කෙරෙන අරගලය පැරා ඥානනය කර ගන්නේ දකුණේ වැඩක් හැටියට යි. පැරා විශ්වාස කරනවා උතුර නො සලකා දකුණේ දේශපාලන ව්‍යාපාරයකින් ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ හැකි බව. පැරා වටහා ගන්නේ නැහැ උතුර නො සලකා සමස්ත ලංකාවේ කෙසේ වෙතත් දකු‍ෙණ් තුළ හෝ ප්‍රජාතන්ත්‍රවාදය යථාකරණය කළ නො හැකි බව. උතුරේ පීඩිත ජනයා තම ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් දිනා ගැනීමට කරන අරගලය මර්දනය කිරීම සඳහා ය යන වහන්තරාවට මුවා වී තම යි පාලක පන්තිය සැමදාමත් දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කළේ. උතුරට එල්ල කළ ගිනි අවිම තම යි අසූව දශකයේ දී දකුණේ තරුණ ජීවිත 60 000 ක් බිලි ගත්තේ. උතුරේ පීඩිත ජනයාගේ අරගලය මර්දනයට ගෙනා නීති ම තම යි දකුණේ මාධ්‍ය නිදහසත් ප්‍රකාශනයේ නිදහසත් නැති කළේ. බන්ධනාගාරය තුළ අමානුෂික ව පාලක පන්තිය විසින් ඝාතනය කෙරුණු කුට්ටුමනී සහෝදරයා 1983 දී පැවසූ දෙය වසර දහයක් ගෙවෙන්නත් පෙර සත්‍යයක් වූ බව පැරාට වැටහෙන්නේ නැහැ. එනිසා උතුර නො සලකා දකුණේ අපේ ම කියා දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැඟීමට ගිය පැරා අද පාලක පන්තියට ප්‍රශස්ති ගයන මට්ටමට වැටිලා. නිදහස යනු වරණීය ව පාලක පන්තියට හිතවත් අයට ලැබෙන වරප්‍රසාදයක් නො විය යුතු යැයි පැවසූ ලක්සම්බර්ග් සහෝදරිය පැරාට වහ කදුරු වෙලා.

      පැරා නිතොර පවසන දෙයක් තම යි ලංකාවේ තිබෙන්නේ සම්පත් බෙදී යෑමේ විෂමතාවක් හා උතුරටත් දකුණටත් පොදු ප්‍රශ්න රාශියක් මිස දෙමළ ජාතිය‍ට සුවිශේෂ ප්‍රශ්න රාශියක් නො වන බව. ඇත්තෙන් ම රංගයා ඕක තම යි සියලු අන්ත සිංහල ජාතිවාදීන් පට්ට ගහන ගැලවුම් වාක්‍ය ය. නලින්ගේ ටයිප්රයිටර් කතාවේ තිබුණෙත් ඔය අදහස ම යි. සමාජය තුළ නිදන්ගත ව සුප්ත සමයක තිබෙන ජාතිවාදී මනෝභාවයන් ද නසා ඉවත් කිරීම අරමුණ කර ගෙන ක්‍රියාකාරි විය යුතු පැරා වැනි දක්ෂ මිනිසුන් විසින් ද ජාතිවාදය රහසේ පෝෂණය කරනු ලැබීම ඛේදාන්තයක්. එක ම ප්‍රශ්නය වුව දකුණ සඳහා එක් ආකාරයකටත් උතුර සඳහා තවත් ආකාරයකටත් දකුණේ සිංහල මහා ජාතිය විසින් සලකනු ලබන්නේ නැති ද?

      අසූව දශකයේ ධවල භීෂණ සමයේ දී දකුණේ තරුණයන් 60 000 ක් පමණ පාලක පන්තිය විසින් ඝාතනය කරනු ලැබ පාරවල් ගානේ කබරයන්ට කෑමට දමනු ලැබ සිටිය දී පාලක පන්තියට එරෙහි ව එක් රුස් වූ දකුණේ බහුතර ජනයා දශකයක ඇවෑමෙන් උතුරේ තරුණයන් 100 000 ක් පමණ පාලක පන්තිය විසින් අමානුෂික ව ඝාතනය කරනු ලැබූ විට පාලක පන්තියට එරෙහි ව එක් රුස් වූවෝ ද? මනුෂ්‍ය ඝාතන එකී තරුණ කොටස් දෙකෙන් ම එක සමාන ව සිදු විණ. පීඩක පාලක පන්තිය විසින් දකුණේ තරුණයාට ආයුධ අතට ගන්නට කටයුතු සැලසිණි යන මහා කාරුණික න්‍යාය උතුරේ තරුණයා සඳහා සිංහල මහා ජාතියේ බහුතරය විසින් සූත්‍රගත නො කෙරුණේ ඇයි? පීඩිත සන්නද්ධ අරගලයකින් තම අයිතිවාසිකම් දිනා ගැනීමට අරගල කළ දකු‍ණේ තරුණයන් පිළිබඳ දකුණේ බහුතර‍යකගේ නෙතගට නැඟි කඳුළ එවැනි ම අරගලයක් කළ උතුරේ තරුණයන් පිළිබඳ ‍නො නැඟියේ ඇයි? සිංහලයාට තවමත් දෙමළා අපේ එකෙකු නො වන නිසා නො වේ ද? ඊනියා ලංකික අනන්‍යතාවක් ගැන තීසිස ලියන පැරා දෙමළාගේ ප්‍රශ්නය සිංහලයාගේ ද ප්‍රශ්නයක් බව සිංහල මහා ජාතියට සංවේදනය වන තත්ත්වයක් ඇති කරන්නට අද වන තෙක් කිසිවක් ලියා නැත. පැරා මෙම සටහන ලියුවේ ද පැරාගේ නැහැඬියාව ගැන උතුරෙන් විවේචනයක් එල්ල වූ පසු ව ය (යාපනය සරසවියේ සිසුන් දෙදෙනා ගැන පැරකුම්ගේ ලිපිය). ආගමික ප්‍රශ්නයට විසඳුම ආගම නැති කිරීම ය, ජාතික ප්‍රශ්නයට විසඳුම ජාතිය නැති කිරීම ය, වතු වගාවේ ප්‍රශ්නයට විසඳුම වතු වගාව නැති කිරීම ය ආදී මනස්ගාත ලිවීමෙන් සාර සමාජයක් ලංකාවේ ගොඩ නඟන්නට පැරා සිහින මව යි; ඒ සිහින ලොවට තරුණ පරම්පරාව ද ගෙන යයි. මහා තොවිලයක් නටා පැරා අවසානයේ දී ජාතිවාදී යකුන් ද ජාතිවාදය පෝෂණය කරනු ලබන පාලක පන්ති යකුන් ද සමඟ නිදි වදි යි. //

      ස්තුතියි!
      වාහල්කඩ දේවාර් මානෑව

      Delete
    4. මම දැන් වසර හතකට වඩා කාලයක් තිස්සේ මෙම බ්ලොගයේ ලිපි ලියා ඇත. මේ සියලු කරුණු සම්බන්ධයෙන් මා ලියූ ලිපි විශාල සංඛ්‍යාවක් එහි තිබේ. ඔබට ඒවා කියවා මේ කරුණු සමග තබා විමසිය හැකි ය.

      මෙවැනි සරළමතික අදහස් සමග පැටලීම තේරුමක් ඇති දෙයකැයි මම නම් නො සිතමි.

      මෙම සටහන තැබූ තැන මා මෙම සටහන තැබූ පුද්ගලයාගේ අරමුණ ගැන ලියා ඇත්තෙමි. මේ වනාහි ව්‍යාජ වෙනත් පුද්ගලයකු නිර්මානය කිරීම සඳහා දරණ අසරණ උත්සාහයකි.

      උග්‍ර‍ සිංහල ජාතිවාදී ස්ථාවරයක සිටින්නකු සමග දෙමළ ප්‍ර‍ශ්නය සම්බන්ධයෙන් මගේ ස්ථාවරය ගැන මෙවැනි සාකච්ඡා කරන්නට එක්කෝ පිස්සු විය යුතු ය.

      මචං හුචං විදියට මෙසේ ලියන පුද්ගලයා වැන්නකු ගැන දැනුමක් තමන්ට නැති බව රංග විසින් අදාළ තැනදී පවසා තිබේ.

      වාහල්කඩ දේවාර් මානෑව ලෙස පෙනී සිටින්නේ ද මෙම සටහන තැබූ පුද්ගලයා ම වන්නට පුළුවන.

      මෙවැනි සටහන් තබන මා දන්නා පුද්ගලයා මානසික ගැටලුවකට මුහුණ දී සිටියි.

      Delete
    5. වහල්කඩ දේවාර් මානෑව ගැමියා ඉදිරියේ දී මතුගම අජිත් පැරකුම් කුරුඳුවත්තේ අර්ජුන පරාක්‍රම වීමට වෙහෙසීම
      =======================================================================================================

      පැරකුම්, ඔබ හරි ම නූගතකු බව පමණක් නො වේ කිසියම් භීන්නෝන්මාද තත්ත්වයකින් පීඩා විඳින බව ද පෙනෙනවා. ඔබගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රශ්න කෙරෙන කිසි ම දෙයකට ඔබ පිලිතුරු දෙන්නේ නැහැ. ඔබ අදාළ නැති කතා පවසා මඟ හැර යනවා. ඔබ කරන්නේ ඔබට පඩි ගෙවන යූ.එන්. සහ යූ.එන්.පී. න්‍යායපත්‍රයන්ට අනුගත ව ඔවුන් විසින් නිර්දේශ කරනු ලබන මාතෘකා ඔස්සේ ලිවීමක්. ඔබ ලියන දේවලින් පෙනෙනවා සල්ලිවලට ලියන බව. ඔබට මතයක් නැහැ. ඔබේ මතය ඔබගේ හාම්පුතුන්ගේ මතය යි.

      මම ඔබගෙන් ඉල්ලීමක් කළා පුද්ගලයන් හා කණ්ඩායම් ගැන නැති ව උපුටනයෙන් ප්‍රශ්න කෙරෙන කරුණු ගැන ඔබගේ අදහස් දක්වන්න කියා. මම එහි එන කරුණු සමඟ එකඟ නැහැ. ඒත් එම කරුණු ඔබ විසින් පිළිතුරු දෙනු ලැබිය යුතු ඒවා යි. ඔබ කළේ කුමක් ද? ඔබ සුපුරුදු ලෙස වෙනත් පුද්ගලයන්ටත් කණ්ඩායම්වලටත් බණින එක මිස වෙන දෙයක් කළේ නැහැ. ඔබට පිළිතුරු නැහැ ඔබ‍ ගැන කෙරෙන ප්‍රශ්න කිරීම්වලට. ඔබට මෙතරම් කේන්ති යන්නේ ඔබ කාලයක සිට කර‍ ගෙන යන බොරුව දැන් ටික ටික එළිවන නිසා. ඔබ කෙදිනකවත් ඉහත ප්‍රශ්නවලට පිළිතුරු දි නැහැ. කර ඇත්තේ ඔබගේ විරුද්ධවාදීන්ට බැණ වැදීම යි. ඔබට අවශ්‍ය ඔබගේ බැතිමතුන්ගේ ප්‍රශංසා ද අනුකම්පාව ද ලබමින් මඩිය තර කර ගෙන ජීවත් වීමට බව යි පෙනෙන්නේ. ඔබට එරෙහි ව පළ වන ඉතා නොසරුප් වදනින් ලිය වුණු අදහස් ඔබ විසින් ඉස්මතු කෙරෙන්නේ ද එනිසා ය. ඇත්තෙන් ම ඔබ හිට්ලර්ගේ භූතාත්මයක් වගෙ යි. ඔබ දැන් මෙහි කර ඇත්තේ කුමක් ද? මේ වනාහි තනිකර ම ප්‍රශ්නය නැගූ පුද්ගලයාට බැට දීමක් මිස ප්‍රශ්නය පැහැදිලි කිරීමක් ද? හිට්ලර්ගේ නට්සි පක්ෂයේ රැස්වීමකදී ප්‍රශ්නයක් ඇසූවකුට දුඹුරු කමිස හමුදාව දෙන පිළිතුරත්, ඔබ දෙන පිළිතුරත් අතර වෙනසක් තිබේ ද යන්න විමසා බලන්න.

      ඔබ මේ රටේ තරුණ පරපුර නොමඟ යවන බවට හතර වටෙන් චෝදනා නැඟී ඔබගේ දුෂ්ට වැඩ පිළිවෙළ එළිවන්නට වූ විට ඔබ දැන් එක දිගට නිෂ්ඵල තරුණ විප්ලව ගැන බණ දෙස යි. අසූ ගණන්වල අහිංසක මිනිසුන් දහස් ගණනින් මරා දැමූ, පොදු දේපළ විනාශ කළ ඔබ දැන් මේ රටේ තරුණ පරපුර බේරා ගන්නට කතා කරන විට මට වැදි බණ සිහි වේ. යෝගී පියසිරි කුලරත්න සහෝදරයා හෝ අනගාරික ධර්මසේකර සහෝදරයා හෝ ඔබට වඩා යම් ආකාරයකින් අවංක ය. ඔබගේ අත්වල තැවරුණු ලේ පැල්ලම් තවමත් පවතී. ඔබ දේවදූතයෙකු ලෙස පෙනී සිටින සාතන් ය. ඔබට අවශ්‍ය අපේ රට, අපේ සංස්කෘතිය හා අපේකම විනාශ කර දැමීමට ය.

      ඔබට එරෙහි සියලු අදහස් ඔබ ඔබගේ ජන්මාන්තර විරුද්ධවාදීන්ගේ ගිණුමට දම යි. ඇත්තෙන් ම ඔබ හඟවන ඇතැම් කණ්ඩායම්වලට ඔබ ගැන දැන් මතකයක්වත් නොමැති බවක් ඔවුන්ගේ නිල ප්‍රකාශනවලින් පෙනී යයි. එහෙත් ඔබ මෙහි සිට මරලතෝනි දෙයි. එනෙක් කරුණ වන්නේ අශ්වයන්ට ලාඩම් ගසන විට මැස්සන් කකුල එසවීම ය! ලෝකය තමාට එරෙහි ව කුමන්ත්‍රණ කරති යි යන්න පැරනොයිඩ ඩිලූශන් තත්වයකි. එය භීන්නෝන්මාදයේ එක් සායනික අර්පණයකි. කරුණාකර ළඟ ම ඇති රජයේ රෝහලේ මනෝ වෛද්‍ය සායනයට යොමු වී සුදුසුකම් ලත් මනෝ වෛද්‍ය විශේෂඥයෙකු හමු වන්න (කිසිදු ශාස්ත්‍රීය වැදගත්කමක් නැති පල්හෑලි අඩංගු කර ආප්ප බාන ලෙස පොත් පළ කර, ඒවා නොමිලයේ සහ බලෙන් රෝහල්වල මනෝ වෛද්‍ය සායනවලට ලබා ‍දුන්, රටෙත් නැති, බ්ලොග් ලියමින් නො දන්නා හරුප දොඩවන, මෝහනකාර හොර මනෝ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර හෝ උපදෙස් හෝ නො ගන්න).

      ......

      Delete
    6. ඔබගෙන් ප්‍රශ්නයක් ඇසූ උතුරු මැද පළාතේ හොරොව්පතානේ ඉපිද දුෂ්කර වාහල්කඩ ප්‍රදේශයේ උපගුරුවරයෙකු ලෙස සේවය කරන මට ඔබ දෙන උඩඟු පිළිතුරෙන් ඔබ ඔබ පිළිබඳ සිතා සිටින තරම පෙනේ. ඔබගෙන් ප්‍රශ්නයක් ඇසූ ගැමියෙකුට ඔබ දෙන පිළිතුර “ගිහිං අන්න අර පොත කියවහං” වැනි පණ්ඩිතමානී එකකි. වාහල්කඩ දේවාර් මානෑ‍ව නම් ගැමියා ඉදිරියේ තමා මහා ලොකු ප්‍රාඥයෙකු ලෙස සිතා සිටින ඔබ ඔබගේ ප්‍රකාශය තුළින් සිදු කරන්නේ ඔබගේ හිතේ අමාරු පියවා ගැනීමකි. නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඉදිරියේ දී සාපේක්ෂ ව අල්පශ්‍රැතයෙකු වන ඔබ දේවසිරි මහතාගෙන් ප්‍රශ්නයක් ඇසූ විට ඒ මහතා ඔබට ලබා දෙන පිළිතුර වන “ගිහිං අන්න අර පොත කියවහං” ආකාරයේ උඩඟු පිළිතුරක් වාහල්කඩ ගැමියෙකු වන මට ඔබ ලබා දෙයි. එම පිළිතුර හඬ නඟා පවසන්නේ පහළ මධ්‍යම පංතියෙන් පැවත එන විධිමත් අධ්‍යාපන සුදුසුකම් නැති ඔබට තිබෙන ඉහළ මධ්‍යම පංතික ආසාවන් ය. වැල්ලවත්තේ හැදී වැඩී වෙස්ලි විද්‍යා‍ලයෙන් උගත් ලක්ෂ්මන් ගුණසේකර සහෝදරයා හෝ කොළඹ හතේ හැදී වැඩී රාජකීය විද්‍යාලයෙන් උගත් අර්ජුන පරාක්‍රම මහතා හෝ ඉදිරියේ තමන් මතුගම හැදී වැඩී ආන්නද ශාස්ත්‍රාලයෙන් උගත් නූගත් ගැමියෙකු බව යළි යළිත් පවසමින් හීනමාන චර්යාවකට එළඹෙන ඔබ මා වැනි හොරොව්පතානේ හැදී වැඩී අනුරාධපුර මහා විද්‍යලෙයෙන් උගත් ගැමියෙකු ඉදිරියේ උද්දච්ච මිනිසෙකු බවට පත් වීම විසින් ඔබගේ නිරුවත හෙළි වේ. ඔබ ආයුධ ගෙන මිනිසුන් ඝාතනය කළ සමයේ ඔබගේ මිනීමරු දෑතින් බේරී ගිය මා නම් අන්‍යයන්ට ඇඟිල්ල දිගු නො කර ස්වභාෂාවෙන් ඉගෙන ගෙන ශාස්ත්‍රවේදී හා ශාස්පති උපාධි ලබා ගත් බව පමණක් පවසමි. වාහල්කඩ දේවාර් මානෑව නම් සැබෑ ගැමියෙකු වන මට අපහාස කළ මතුගම අජිත් පැරකුම් අපහාස කර ගන්නේ තමන්ට ම ය. මක් නිසා ද මතුගම අජිත් පැරකුම් අයත් වන්නේ ද වාහල්කඩ දේවාර් මානෑවගේ සමාජ පන්තියට ම වන නිසා ය. කොළඹ හතේ කේම්බ්‍රිජ් ටෙරසයට දිවා රෑ කඩේ ගියාට මතුගම අජිත් පැරකුම් කොළඹ හතේ අර්ජුන පරාක්‍රම අයත් සමාජ පංතියට අයත් වන්නේ නැත.

      ස්තුතියි!
      වාහල්කඩ දේවාර් මානෑව

      Delete
    7. Well said! Para is comprehensively denuded. I appreciate your patient effort to expose the boisterous personally of Para. Dear learned gentleman from Wahalkade, keep up!

      Delete
    8. ඔය එක එක විදියට කමෙන්ට් දාන එක හා ඒවාට පිළිතුරු කමෙන්ට් ද දමන එක ලෙඩකි. තමන්ගේ ලෙඩවලට බෙහෙත් ගත යුත්තේ තමන් ම ය.

      Delete
    9. අජිත් මහත්තයා මෙහෙම කෙනෙක් බව අපා කවදාවත් හිතුවෙ නැහැ. හරිම කනගාටුයි. අපි දේශපලෙනඥයන්ට විතරක් නෙවි බ්ලෝග්කාරයන්ටත් රැවටුණා නේද කියලා හිතෙනවා. ඔය කියල තියෙන දේවල්බොරු වෙන්නත් බැහැනේ. අජිත් මහත්තයා උත්තර නොදී බැණ වදිමින් මඩ ගසමින් ඉව්න එකෙන්ම ඒක ඔප්පු වෙනවා. අජිත් මහත්තයො තමුන්නැහෙ සල්ලිවලට අපේ විස්වාසෙ බින්ද එහෙනම්.

      Delete
    10. පැරකුම්ගේ ඔළුව ඉදිමුණේ නෙළුම් යායෙන් පස්සෙයි. ඊට කලින් පැරකුම් නිහතමානීව හිටියා. ස්ටර්ලිං පවුම්වලින් පැරකුම්ට සම්මාන ලැබුණම පැරකුම් පුහුමානයක් ඇති කර ගත්තා. දැන් පාඨකයන්ට බණින එකමයි කරන්නේ. පාඨකයන්ට ගෞරවයක් නැති ලේඛකයන්ට වැඩි දුර යනින බැහැ.

      Delete
    11. මා කරන්නේ දේශපාලනයකි. මගේ සියලු කටයුතු සම්බන්ධයෙන් මට විශ්වාසයක් ඇත. හැරත්, මම පුද්ගලයෙක් පමණි. මා මාධ්‍ය ක්‍රියාකාරිකයකු මිස දේශපාලන නායකයකු නො වේ. එහෙයින් වැදගත් වන්නේ මා නො ව මා කරන දෙය පමණි. මා කරන මූලික දෙය මෙම ලිපිය ලිවීම මිස පරිකතාවලට පිළිතුරු දීම නො වේ. මා වෙහෙසෙන්නේ ලිපිය ලියන්නට ය.

      Delete
    12. jayasinha mahaththaya thamange Totalitarian gathiya kelinma kiya thibe. Thama kiyana de gena waga weemak nethi nam eweni kenek kiyana de api seriously gatha yuthu da? Netha. Jayasinha mahaththaya me kiyanne mama kiyanawa ubala kiyawapan yannai. Math ekka tharaka witharaka epa yannai. Jayasinha mahaththayo oya jeewith wenne Mara wedawasam yugayaka. Oyage pake mahaththaya kam oyata. Apita oyage blog kadamaalla thawath ko yawanna one nehe. Paatakayanta wahalun se Salakaa katyuthu karana W3Lanka warjanaya karamu.

      Delete
    13. තමා කියන දේ ගැන වග වීමට තිබෙන මූලික ක්‍ර‍මය වන්නේ තමන්ගේ නමින් ඒවා කීම ය. මම නිර්නාමික හා බොරු නමින් එන කමෙන්ට්කරුවන් ගැන සීරියස් නො විය යුත්තේ ඇයි ද යන්න ගැන දැන් ඔබට තේරෙනවා ඇත.

      w3lanka කියවීම හෝ නො කියවීම ඔබගේ වැඩකි. අප කිසිවෙකුට මේවා බලෙන් පටවන්නේ නැත. අඩු තරමේ මෙම ලිපි ෆේස්බුක්හි බෙදා ගත් විට කිසිවකුට ටැග් කරන්නේ ද නැත.

      Delete
  7. ///දැන් මහණ දම් පුරන අනුරාධපුර පැත්ත භාරව සිටි අණ දෙන නිලධාරියා///
    මෙතුමා කවුද පැරා

    ReplyDelete
    Replies
    1. ධර්ම භාණ්ඩාගාරිකගෙ නම තමයි පාවිච්චි කරන්නෙ. පශ්චාත්තාපයක් නිසා වෙන්න ඇති මහණ වෙන්නෙ. සමාව දෙමු.

      Delete
    2. යුනිෆෝර්ම් එකේ ඉන්නකොටත් බන, කවි එහෙම කිය කියා හිටපු වීරත්වයෙන් යුතු සේකර කෙනෙක් කිව්වානම් හරිද?

      Delete
    3. මෙතුමා ඒ කාලයේ උදෙට එන කොට සියළුම රැඳවිය විසින් "බුදු සරණයි" කියා වැඳිය යුතුලු. ජවිපෙ සාමාජිකයින්ට මේවා කරන එක කොහොමට අමාරුද දන්නවානේ. එහෙම නොකරන එකාට එදා සබ්බුව හම්බවෙනවාලු. එහෙමයි එතුමාගෙ බුද්දාලම්බන ප්‍රීතියේ තරම. හැබැයි අපරාදෙ කියන්නෙ බැහැ තවමත් ගිහි ජීවිතේ ඉන්න එතුමාගෙ මල්ලි නම් අයියාගෙ කටයුතු හොයන බලන සංවිදාන ඇති කිරීමට විරුද්ද වෙලා අයියාට සම්පූර්ණ සහයෝගය දෙනවා.

      Delete
    4. පැරා එහෙම කිව්වට ස්විට්සර්ලන්තයේ ඉඳන් හැමෝටම මඩ ගහන එක්කෙනෙක් ආනන්ද වීරසේකර ගැන මෙහෙම කියනවා:

      https://youtu.be/mEH8VhtUKvE

      අනේ මන්දා ඕවා!

      Delete
    5. ඒ ගැන කියන්න තියෙන්නෙ එයා දන්න රෙද්ද කියල විතරයි

      Delete
    6. අනුරාධපුරේ තරුණයන් මරපු මෙයාගේ ප්‍ර‍ධාන ගෝලයෙකු වුන ස්ටාෆ් නුගේරා තරුණයන්ට දුන් එක් වධබන්ධනයක් මං කියන්න ද?

      පේළියට තියලා ඊ කියලා පොල්ලකින් ගහලා දත් කැඩුවා. මේක නැහැ කියලා අභියෝග කරන අයට මම සතියක් ඇතුළත දත් කඩපු අය ගෙනත් මුණ ගස්වන්නම්.

      එක පුද්ගලයකුට ගලක් අතට දීලා කිව්වා තොගේ දත් කොහොමත් කඩනවා. හෙට උදේට කලින් දත් දෙකක් දීපන් කියලා. විශ්වාස කරනවා ද මේ තරුණයා බයට ම පහුවෙනිදා උදේ වෙනකොට දත් දෙකක් දුන්නා.

      Delete
  8. කවුරු උනත් එවැනි ආයුද සන්නද්ද දේසපාලනේ ගැන නොදන්නා අය ව දැනුවත් කිරීම ඉතාම වටිනවා.... නැවත එවැනි මෝඩ කැරලි ඇති නොවීමට!

    තැන්කූ පැරා තුමා!

    ReplyDelete
    Replies
    1. සාරසය පැරාත් එක්ක එකඟ වෙනව දැක්කමයි.

      Delete
    2. // AnonymousOctober 24, 2016 at 9:18 AM
      සාරසය පැරාත් එක්ක එකඟ වෙනව දැක්කමයි. //

      පුස් අන්දරේ කෙනෙකු වන ස ර ස තුමා පැරා තුමා ගෙන් බොහේ දේ ඉගෙන ගනිති! බොහේ දේ ට විරුද්ද වෙති. එකඟ විය හැකි දේට එකඟ වෙති!

      Delete
  9. මරණ මැරෙන සංස්කෘතිය අවසාන වෙන්නේ කවදාද?

    ReplyDelete
    Replies
    1. උඹ මැරිච්ච දවසට

      Delete
    2. ෆ‍්‍රැන්ජිපානිලාට ගොට්ට අල්ලන එවුන් සුන්නත් කරපුදාට

      Delete
    3. @ උඩුවා

      උඹ ඔච්චර සමලිංගිකත්වය ග්ලැමරයිස් කරන්නේ ඇයි බන්?

      Delete
    4. ග්ලැම රයිස් කන්න බෑ බං හරියට පිරිමි දෙන්නෙකුගේ ශුක්‍ර ධාතු කලවන් වෙච්චි ගඳක් එනවා. අපි කන්නේ ෆ‍්‍රැන්ජිපානි රයිස්.

      Delete
  10. "එම කැරැල්ලෙහි මධ්‍යම මට්ටමේ සාමාජිකයකු ලෙස ජවිපෙ කැරැල්ල සම්බන්ධයෙන් මගේ..."

    "මෙම කොට්ඨාස ලේකම්වරයාගේ අලුත පත් වී ආ දේශපාලන අංශ ප්‍රධානියා ලෙස මා ඔහු හමු වන විට.."

    ජේවීපී කාරයන් යනු එදත් අද මෙන්ම මොලේ කලඳක් නැති බූරු, පාහර රැලක් ලෙස වටහාගැනීමට ඔය උදාහරණ දෙකම මදිද?

    ReplyDelete
  11. ජෙප්පො රට පාලනය කරන්න කලින් තිස්ස ප්‍රාදේශීය සභාව ආයෙත් පාලනය කරන්න උත්සාහ කලොත් හොඳයි..

    ReplyDelete
    Replies
    1. හැබැයි අපිට මතක විදිහටනම් ගියසැරේ (අගොස්තු 17) උයා චන්දෙ දුන්නෙත් ජෙප්ප්න්ට නේද අනී? මෝල් කාන්ත අය්යණ්ඩිට හෙම හරිම මනාපයි කිය කිය කයිය ගැගැව්ව නේද මෙයා? ඇයි දැන් එපාවෙලා?

      Delete
  12. //කැරැලි, ඝාතනයට ලක් වන්නෝ හා ඝාතකයෝ//

    දැනට තේරුම් යන ආකාරයට උතුරේ දෙමළ ජාතිවාදී ගෝත්‍රිකයන්ට උවමනා වී ඇත්තේ කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවයි. ඔවුන්ගේ ක්‍ර්‍රියාකාරකම් වලින් ඒ බව දැන් දැන් මනාව පෙනේ. මෙහි ප්‍රතිඵල ය වන්නෙ දැනට වඩාත් ප්‍රගතිශීලී තැනක සිටින දකුණේ බහුතර ජනතාව ද නැවතත් පෙර තිබූ පාලන ක්‍ර්‍රමය හොදයි කියන තැනටම තල්ලු වීමයි. දූශිත රාජපක්ෂ රෙජීමයේ අධිකාරිවාදී පාලනය පැවති ඒ කාලයේ සද්ද නැති ව සිටි දෙමළ ජාතිවාදී ගෝත්‍රිකයන්ට අද ඔක්සිජන් දුන්නාක් මෙන් සිංහල ජනතාවට තේරෙමින් පවතියි. උතුරේ දෙමළ ජනතාව ලැබූ නිදහස අනිසි ලෙසින් පාවිච්චිකිරීමේ ප්‍රතිඵල මීලග පාලනයෙන් මදි නොකියන්න මෝඩ දෙමලුන්ට ලැබෙනු නො අනු මානය.

    75% ක මහ ජාතිය වඩාත් වර්ගවාදය දෙසට තල්ලුවීමත් සමග උන්ට උවමනා දෙය කිසිදා නොලැබේ. දෙන නිදහසත් එපා නම් එය ඔවුන්ගේ අවාසනාවයි. අපට කීමට ඇත්තේ උඹලගේ සිහින ඊලාම් සිතියම සිහිනයක්ම විතරමයි. කරුණාකර තවත් අහින්සක ජීවිත බිලි නොදී යථාර්ථය තේරුම් ගන්නාක් මෙන් අප ඉතා හැඟීම්බරව ඉල්ලා සිටිමු.

    ReplyDelete
  13. මේ ඝාතනය වීම් සහ ඝාතනය කිරීම් නිසා පරම්පරාවක අඩුවක් දැනෙනවා. ඒක හිඩැසක්.

    ReplyDelete
  14. අජිත් ගේ පෙර සටහනට එරෙහිව ලියු කෙනෙක් හැටියට මම මේ සටහන බොහෝ සෙයින් මධ්‍යස්ථව ලියා ඇති බවක් දකිනවා. ලුතිනන් කර්නල් මීඩින් ඝාතනය වුනේ 2005 මැයි මාසේ කියලයි මතක තිබ්බේ මතකය වැරදි ඇති. ඔහු "දක්ෂ නිලධාරියෙක්" ද කියලා කියන්න තරම් විශේෂ දෙයක් මම දන්නේ නැහැ. ඔහු මියගියේ අවසාන සටනට පෙර. මේ සමයේ හමුදාවේ දක්ෂකම් මෙන්ම දුර්වලකමුත් සුලබයි [මම සලකන්නේ යුදමය හැකියාව මිස මනුස්සකම උණුවෙන හදවත් නෙවි, අපි කතාකරන්නේ හමුදාවක් ගැන] ඔය රනිල්ගේ සාමකතා වලට පූර්ව යුගයේ ප්‍රකටව තිබ්බ දෙයක් වුනේ දිගු දුර මෙහෙයුම්. ඒ මෙහෙයුම් වලට අවශ්‍ය බුද්ධි දායකත්වය දෙන කීප දෙනෙක් සීමාවෙන් එහාට ගිය බවත් ඒ අය මුස්ලිම් අය බවත් [දමිල බස හැසිරවීම නිසා] අහල තිබ්බ. මීඩින් එයින් එක් අයෙක්. ජවිපෙ මර්ධනය කළ කඳවුරු භාර නිලධාරියෙකු ලෙස අසාර්ථක හෝ ඒ හැටි ගන්න දෙයක් නැති වීම මත බුද්ධි නිලධාරියෙකු ලෙස අසාර්ථකයි කියන්නත් බැහැ.

    කෙසේ වෙතත් යුද්ධය සම්බන්ධයෙන් ඇතැම් හමුදා නිලධාරින් ගැන කියවෙන "වීර කතා" ලෝකයේ සෙසු වීරකතා වගේම කුඩා හේතුවක් අල්ලාගෙන ලියවෙන නිර්මානාත්මක දේවල් වෙන්න පුළුවන්. ඒක අතිශයින් සාමාන්‍ය තත්වයක්.

    ලුතිනන් කර්නල් වරයා රජයේ අනුදැනුමින් ඝාතනය වූ බව ඔබේ උපුටනයෙන් කියවෙන්නේ. ඒ කාලේ වෙද්දී ආණ්ඩුවයි කොටියි අතරේ මොන වගේ එකඟතා තිබ්බද කියල දන්නේ නැහැ. ඔය කාලය චන්ද්‍රිකා විසින් පී ටොම්ස් හෙවත් සුනාමි සහන මණ්ඩලය ගෙනා කාලේ. මෙය කොටින් සමග විශාල ධනයක් බෙදාගන්න කල උත්සාහයක්. කොටි සහ ඇය අතර එකඟතා තිබ්බ වෙන්න පුළුවන්.

    මේක මාතෘකාවට බාහිර එකක්

    [[අයිස් මංජු කොටි පාලන ප්‍රදේශ වෙත පළා ගිය බව වාර්තා විය. යුද පරාජයෙන් පසු ඔහු සිවිල් වැසියන් සමග අවතැන් කඳවුරක වෙසෙන බවට දිනමිණ වාර්තාවක් පළ විය. තවත් වාර්තාවක අයිස් මංජු අත්අඩංගුවට ගත් බව පළ වූ මුත් ඉන් පසු කුමක් වීදැයි නො දනිමු.]]

    මෙයා ඊට පස්සේ නැගෙනහිර පැත්තේ එජනිස මන්ත්රීවරියකගේ දෙහාරක්ෂයෙක් වෙලා ඒ පැත්තේ මිනිසුන්ගෙන් කප්පම් ඉල්ලමින් කටයුතු කල බව අහන්න ලැබුනා. නැගෙනහිර සිංහල මන්ත්‍රීවරියක්. ඔබට හොයාගන්න අමාරුවෙන එකක් නැහැ. මහින්දගේ දෙවැනි සමයේ රටපුරා හදා ගත්තු කලාපිය මැර කල්ලි සහ කලාපිය තග් පොලිටීශියන් ගැන්සියේ එකෙක්. මොහු මහින්දගේම පාක්ෂිකයන්ට පවා අ පහර දුන්නු සිද්ධි වාර්තා වුනා. විශේෂයෙන්ම අර ත්‍රිකුණාමල දිස්ත්රික්කෙන් චන්දෙ ඉල්ලපු විමල් වීරවංශගේ ගෝලයා මෙයාගෙන් ගුටි කාලා හොස්පිටල් ඉඳන් චන්දෙ ඉල්ලුවේ.

    ප.ලි. සියලු විස්තර ඒ ඒ කාලවල පුවත්පත් වලින් දුටු විස්තර පමණි.

    ReplyDelete
    Replies
    1. ආරියවතී ගලප්පත්ති නේද

      Delete
    2. /සියලු විස්තර ඒ ඒ කාලවල පුවත්පත් වලින් දුටු විස්තර පමණි. /

      අපේ ජනාධිපතිතුමාගේ ගෝල පැංචෙක්!

      Delete
    3. [[ආරියවතී ගලප්පත්ති නේද]]

      මන් හිතන්නේ

      Delete
  15. /විශේෂයෙන්ම අර ත්‍රිකුණාමල දිස්ත්රික්කෙන් චන්දෙ ඉල්ලපු විමල් වීරවංශගේ ගෝලයා මෙයාගෙන් ගුටි කාලා හොස්පිටල් ඉඳන් චන්දෙ ඉල්ලුවේ./

    රිදුනු තැන!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා