පාසලට අවශ්‍ය වේවැල නො ව ආදරයයි

මගේ පියා ගුරුවරයෙකි. මගේ පියා ගැන කතා කරන ඔහුගේ පැරණි ගෝලයන් කියන්නේ ම ‘සර්, ඒ දවස්වල ගහපු ඒවා තවම මතකයි,' කියා ය. තමන් මිනිසුන් වුණේ ඒ ගුටි කෑම නිසා බව ඇතැමෙක් කියති. එහෙත්, ඔවුන්ගෙන් වැඩිදෙනෙක් පොළේ වෙළෙන්දන් ය කියා මම ඒ දිනවල ම සිනාසුණෙමි.

අපේ තාත්තාගේ ඒ ගතානුගතික ගුරුපියකමට ලොකු ම අභියෝගය කළේ ඔහුගේ ම පුතා වන මමයි.

මම අවුරුදු 20කට වඩා ගුරු වෘත්තිය කළෙමි. ඒ කාලය තුළ මම කිසි දිනෙක ළමයින්ට ශාරීරික දඬුවම් දී නැතැයි මම නො කියමි. එහෙත්, මම නම් කියන්නේ, කලාතුරකින් හෝ එසේ සිදු වුණේ මගේ දුර්වලකම නිසා මිස මගේ හොඳකමක් නිසා නො වේ ය කියා ය. ඒවා අපගේ ගුරු ජීවිතයේ පසුතැවිලි විය යුතු සිදුවීම් ය.

ළමයින්ට ශාරීරිකව දඩුවම් දෙන්නට ගුරුවරුන් පෙළඹෙන්නේ ළමයින්ට තිබෙන ආදරය නිසා ය, ඔවුන් හදා ගන්නට ය වැනි පට්ට පල් බොරු සමාජය විශ්වාස නො කළ යුතු ය.

ගුරුවරුන් ලෙස කළ යුතුව තිබෙන්නේ ළමයින්ට ආදරය කිරීම, ඔවුන් සමග ජීවිතය බෙදා හදා ගැනීම හා ඉගැන්වීමයි.

ගුරුවරයකු ලෙස මම කිසිදු පාසලක අවුරුදු හතරකට වඩා වැඩ කර නැත. ඒ කිසිදු පාසලක් සමග මම ගැටලුවක් ද ඇති කරගෙන නැත. පාසල්වල පැල් බැඳගෙන සිටිමින්, තමන් සිටි කාලය බලයක් ලෙස පාවිච්චි කරන ගුරුවරුන් මට බොහෝ සේ හමු වී තිබේ.

ඇතැම් විට මෙවැනි ගුරුවරුන් පාසල්වල පුරාවෘත්ත බවට පත් වන්නට ද සමත් වෙති. දීර්ඝ කාලයක් එක ම පාසලේ සේවය කිරීම රජයේ පාසල් සම්බන්ධයෙන් නම් හොඳ තත්වයක් යයි මම නො සිතමි. කෙසේ වෙතත්, හොඳ පුරාවෘත්ත බවට පත් වීම නරක නැත. එහෙත්, ඇතැම් අය පුරාවෘත්ත වන්නට උත්සාහ කරන්නේ ළමයින් පෙළීමෙනි.

පාසල් ආශ්‍රිතව ද යාන් හෙවත් විහිළු කතා තිබේ. එවැනි කතා හදා ගන්නට හැකි වන්නේ ඇතැම් ගුරුවරුන්ගේ චරිත ලක්ෂණ අතිශයෝක්තියට නැගීමෙනි. ඇතැම් විට, වෙනත් කතා ද මේ ගුරුවරුන්ට ආදේශ කරනු ලැබේ. පුරාවෘත්ත හැදෙන්නේ එහෙම දේවලුත් එක්ක ය.  එහි වරදක් නැත.

එහෙත්, පරපීඩක කාමුකත්වයෙන් පෙළෙන, තමන්ගේ අසහනය දරුවන් මතින් මෝචනය කරන අසහනකාරී ගුරුවරුන් ප්‍රවර්ධනය කිරීම කිසි කලෙක නො කළ යුතු ය.

මම මෙවැනි ශාරීරික දණ්ඩනයට ශූර ගුරුවරුන්, ගුරුවරියන් බොහෝ දෙනෙකු මගේ ජීවිතය තුළ ඇසුරු කර තිබේ. ඔවුන් ළමයින් සමග පමණක් නො ව, ගුරුවරුන් හා සමාජයේ වෙනත් අය සමග ද ගෙවන්නේ අසහනයෙන්, කුහකකමින් පිරි ජීවිතයි.

පාසල්වලට අවශ්‍ය ආදරයයි.

අපට අවශ්‍ය පසුගාමිත්වයන් ප්‍රවර්ධනය කරන, පනින රිලවුන්ට ඉනිමං තබන මෙවැනි කතා නො වේ.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මං ඔය සභාවේ හිටියා නම් අත උස්සලා ඔය කාරණය ගැන ප්‍රශ්න කරනවා!

    ReplyDelete
    Replies
    1. නිකන් පලයන් සිඩ්නි නැව්ටෝක් අංකල් බොරුවට මෙතන පොරටෝක් දෙන්න ඇවිත් තමුන්න්නාන්සෙ තමන්ගෙ අමු ගොන්කම ප්‍රදර්ශනය නොකර. යකෝ ලංකාවෙ ජනාධිපති සභාව අමතනකොට ගමේ ළිඳ ලඟ සංගමේ වගේ අතපය වීසිකර කර එකට එක කතාකරන සිරිතක් නැහැ. ඔහොම ගොබ්බසේනල ජනාදිපතිවරු එන සභාවකට වද්දගන්නෙත් නැහැ. ඔය මරිමෝඩ පොරටෝක් ඉශූ කරපන් ඔබ වහන්සෙගෙ ගෙදර ඉන්න පොඩි උන්ට බත් කවන වෙලාවට.

      Delete
    2. අම්මද බොල? සිනුවර සළුවඩන උන්නාන්සෙ හෙන චණ්ඩියෙක් වෙලානෙ? හම්මෝ බයේ බෑ. පුලතිසිපුර පැරකුම්බ්‍රා මහරජ්ජුරුවන්ටත් චැලෙන්ජ් කොරනව කියන්නෙ සුවල්ප කෙළියක් යැ? අම්මප හිටපු රජාටත් පයින් දෙකක් ඇනල එලව ගන්ට තිබ්බ ඔහේ මෙහෙට වඩම්ම ගන්න ඇහැක් උණානම් ඒකාලෙ. හහ් හා, පුරස්න කොල්ල විතරක් නවතින්නෙපා ආයිබෝං අර මැර ස්කොඩ් එකක් සෙට් කොරං අම්බානක පිස්සු කෙළින දහම් කොලූ වත් හදල දුන්නනං උන්දැට දෙකක් ඇනල. හම්මේ ඔහේ විතරයි නෙව ඉතින් ඔයිතරමේ වීර විකුම පාන්න ඇහැක් සුපිරිමෑන් ටයිප් ගොබිලෙක් ඉන්නෙ.

      Delete
    3. APE KAKKA THUMA EHEMA THAMAI. SIRISENA TA DEI JOKA GALAWENNA.

      Delete
    4. ඇදගෙන නාන සිනුවර රසිකෝලොජ්ජා
      'පොර ජාතකෙන්' දුන්නට අමු ගොන්බිජ්ජා
      'පොර' කර පොරව, පෙන්නන් 'මේසන්' විජ්ජා
      ගිල්ලපු ගුලිය දන්නව ලෝටස් අජ්ජා

      Delete
    5. තවත් වහල්ලු රොත්තක් හඳුණා ගතිමි.

      ලංකාවට අද අවශ්‍ය ඒබ්‍රහම් ලින්කන් කෙනෙකි.
      (රසික සූරියආරච්චි, ඔක්තෝබර් 2016)

      Delete
    6. මේක ලිව්වේ රසික හරිශ්චන්ද්‍ර සුරියාරච්චි වෙතටයි !

      ඔස්ට්‍රලියාවේ සමාජ පිළිගැනිම නැත්තම් ලංකාවට පලයන්කෝ, පව් නොදී. අති උත්තම පේරාදෙණියට වෙලා ඒකෙ ඉන්න උඹ වගේම මොන්ගල් කොල්ලෝ කෙල්ලෝ ටික අන්නවගෙන ඉන්න වත් පුලුවනිනේ එතකොට, බලෙන් හෝ පිළිගැනීමක් ලබාගන්නවත්. ඒත් මූව ඒකටවත් ගනීද දන්නේ නෑ.

      ඔය හැමදේටම වඩා හොඳයි, ඉක්මනින් psychiatrist කෙනෙක්ට පෙන්නවා ගත්තොත්. ලංකාවට අවොත් මම එක කරල දෙන්නම්. කීයක් ගියත් කමක් නෑ, අඩුම ගානේ අපිට සැනසිල්ලේ බ්ලොග් එකක් කියවගන්න ලැබෙනවානම්.

      මූ මැන්ටලයක් උනාට මෙච්චර මැන්ටලයක් කියල මං හිතුවේ නෑ. මර්වින් සිල්වා කියන විදියට මේකා නම් 'අමු මූසලයෙක්'

      Delete
    7. පිටරටක පදිංචියට යාමෙන් හෝ එහි සිටිමින් අමාරුවෙන් එදාවේල හොයාගෙන ජීවත් වෙන අහිංසක ලාංකිකයින්ට අතිශය පහත් ලෙස නින්දාසහගත ලෙස අපහාස කරමින් බකපඬියකු සේ පොරටෝක් දෙමින් යම් සමාජ තත්වයක් හෝ සමාජ පිලිගැනීමක් ලබාගැනීමට වෙරදරා එසේ කිරීමට නොහැකිවූවන් හෝ ලබාගෙන එය පවත්වාගෙන යාමට නොහැකි වූ කුහක මනපහත් අධමයන් නැවතත් එම තත්වය, සමාජ පිලිගැනීම ලබා ගැනීමට මාන බලති.....!

      එය සිදු නොවනතැන එය ලැබෙන වුන්ට ඊර්ශියා කරමින් ඔවුන්ට විවිද කෙනහිලි බාල්දි පෙරළිලි කරති... ලංකාවේ පමනක් නොව ඕස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා සත්‍ය තාවය එයයි..!

      Delete
    8. මා ලියූ වචන කිහිපය කොතරම් බලවත් ද කිවහොත්, පරණ වහලුන් මෙන් ම අලුත් වහලුන් කීප දෙනෙකු ම තම ස්වාමීන් ගේ අයිතීන් වෙනුවෙන් අවි අරා මා නසන්නට වෑයම් කර ඇති බව පෙනේ.

      නැණ පහන් දැල් වී අඳුරෙන් එළියට ඒමට නුඹලාට ඉඩ ලැබේවායි පතමි.

      Delete
    9. Maathayane me heluwenma awith inne. Moo andum andan awath, andum nathuwa awath tak gala ahuwenawa!

      Delete
    10. //මා ලියූ වචන කිහිපය කොතරම් බලවත් ද කිවහොත්, පරණ වහලුන් මෙන් ම අලුත් වහලුන් කීප දෙනෙකු ම තම ස්වාමීන් ගේ අයිතීන් වෙනුවෙන් අවි අරා මා නසන්නට වෑයම් කර ඇති බව පෙනේ.

      නැණ පහන් දැල් වී අඳුරෙන් එළියට ඒමට නුඹලාට ඉඩ ලැබේවායි පතමි.//

      මූ මැන්ටලයක් උනාට මෙච්චර මැන්ටලයක් කියල මං හිතුවේ නෑ. මර්වින් සිල්වා කියන විදියට
      "අනේ උඹ වගේ හරකෙක් මෝඩ මූසලයෙක්" - මේකා නම් 'අමු මූසලයෙක්'

      Delete
  2. තවත් ඡන්දයකින් මහින්ද පිලට ආසන 175යි.. එජාප 09යි.. ජවිපෙට 02යි.. ශ‍්‍රිලනිපය හතරවන තැනට ඇද වැටේ..


    පුත්තලම දිස්ත්‍රික් හලාවත, ආරච්චිකට්ටුව සමුපකාර ඡන්දයෙන්ද ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කල කණ්ඩායම ඉහලම ජයග‍්‍රහණයක් හිමිකරගෙන තිබේ.

    ඊට තරග වැදුනු ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායමට ආසන 175ක්, එජාප පිලට ආසන 09ක් හා ජවිපෙට ආසන 02ක් හිමිවිය.

    මෙම නිලවරණයේ විශේෂත්වය වන්නේ ශ‍්‍රීලනිප කණ්ඩායම ජවිපෙටත් වඩා පසුපසට ඇද වැටී සිවුවැනි තැනට පත්ව ඇත්තේ ආසන එකක් පමණක් දිනාගෙනයි.

    ReplyDelete
    Replies
    1. සමූපකාර රජතුමා

      Delete
    2. ග්‍ර‍ාමසංවර්ධන රජතුමා

      Delete
    3. මරණාධාර රජතුමා

      Delete
  3. ඒ උනාට සම හරක් පොර ටෝක් දෙන අයගේ තාත්තලත් හොඳට නෙලලා තියෙනවා.. ඒවා ප්‍රශ්ණ කලාම එයාලට මල පනිනවා... ඒ වගේ අයට කියන්නේ දෙබිඩ්ඩෝ කියලා....

    ReplyDelete
    Replies
    1. ඒ අයගේ තාත්තලා ඒ වගේ ළමයින්ට ගැහුවේ ළමයින්ව හදන්න මිසක් තරහට නෙවෙයි. ඒ වගේ පිට ළමයි හදපු පිනෙන් අද ඒ අයගේ ළමයි හොඳට ඉගෙනගෙන පිට රටවල ලොකු රස්සා කරනවා - ඉංජිනේරුවරු වගේ වෙලා. සම හරක්ට ඒවා බලන් ඉන්න බැරුව ඉරිසියාවෙන් පැලිලා මඩ ගහනවා හතර අතේ.

      Delete
  4. // ඔවුන්ගෙන් වැඩිදෙනෙක් පොළේ වෙළෙන්දන් ය කියා මම ඒ දිනවල ම සිනාසුණෙමි //

    පැරා තුමා කුඩා කාලෙත් සුලු දනේශ්වර පන්තිය අවඤාවට ලක් කොලා එහෙනම්?

    ReplyDelete
    Replies
    1. වැඩි දෙනෙකු හොරට කිරන්නන් වූ පොළ වෙළෙන්දන් හැදීමට ඔය තරම් තඩි බාන්නට ඕනෑ නැත.

      Delete
    2. පොල වෙලෙන්ඳන් බොහෝ දෙනෙකු හොරට කිරන්නන් වූයේ ඒ තරම් තඩි බෑමකට ලක් වූ නිසාය ලෙස නිවැරදි විය යුතුය!

      Delete
    3. සාරසයෙනි,

      පොළ වණික් කැල දොඩන පැරකුමු තෙමේ "බැඳුම්කර සොර වණික් තෙම" හා උන් මයිලණුවන් ගැන වදනකුදු නොදොඩනුයේ මුඛයේ පිට්ටු සිරව ඇති බැවිනැයි සිතමි.

      සගය පැරකුම, තා රුවන්පුර ජන ගඟ දුටුවෙහිද? සොඳින් බලා සිටුව. තා තළුමරමින් බුදින සිරිකොත බතේ වැලි වැටෙන දින නුදුරුය.

      සගය පැරකුම, පැළඳි මල්දම් පරවීද ? දෙ කිසිල්ලෙන් දා වැගිරේද ? සොව දැනේද?

      - මයුරවිල මි.

      Delete
    4. සබඳ මයුරවිලයිනි,

      මතුගම් වාසී පැරකුම් තෙමේ මේ ආත්ම බාවයේ නොව පෙර ආත්ම වලදැ අමනොඤ්ඤ නරිවාදන් පැවැසුවේමයැ.... ඒ කෙසේද යත්: එක්බිති පාපික පැරකුම්පුත්ර නම් නුවටෙක් පස්දුන් කෝරලේ මතුගම්නුවරැ ලාභයෙහි දු යශස්හි දු අග්ර්ප්රාාප්ත වැ වසනුයේ පිරිසැ මෙසේ කියයි:- “මාක්ස්වාදීන් නුවණිත් මැ වාද කෙරෙයි. මම ද නුවණින් මැ වාද කෙරෙමි. හේ යොජනක් තැන වාස කෙරෙමින් සිට මා හා වාදයට දෙගව්වක් තැන් ආයේ වී නම්, මමද උහු කරා දෙගව්වක් තැන් යෙමි. එක් පියවරකුත් වඩා ගියාක්හට ජය වෙයි. නොගියාක්හට පරාජය වෙයි. දෙදෙනමෝ එසේ උතුරු මිනිස්ඩැමින් පෙළහර කරම්හ යි. මාක්ස්වාදීන් උතුරු මිනිස්ඩැමින් එක් පෙළහරක් කෙළේ වී නම්, මම් දෙපෙළහරයක් කෙරෙමි. හේ දෙපෙළහරක් කෙලේ වී නම්, මම් සතරපෙළ හරයක් කෙරෙමි. හේ සතරපෙළහරයක් කෙළේ වී න්, මම් අටපෙළහරයක් කෙරෙමි. මාක්ස්වාදීන් යම් තාක් පෙළහර කරන්නේ වී නම්, මම් එයින් දියුණු දියුණුකොට කෙරෙමි”යි මාක්ස්වාදීන් හා පෙළහර කරන්නට තමා නොනිසිබව් දනුතුදු “උත්තමපුරුෂයන් හා වාදයට නොනිස්සහට දු පුශංසා වේ”යි යනු දැන කී යැ.

      Delete
  5. Replies
    1. සෝභිත ජනාධිපති උනා නම් මීට හොඳා.... ගල් වැද්දේක් රටේ නායකයා උනාම මෙහෙම තමා හිටන්

      Delete
    2. ඊට වඩා හොඳ නැත්ද අපි සෙට්වෙලා බකපණ්ඩිත ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් ජනාදිපති විදිහට පත්කොරා ගත්තොත්?

      Delete
    3. මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්.

      තවත් ඡන්දයකින් මහින්ද පිලට ආසන 175යි.. එජාප 09යි.. ජවිපෙට 02යි.. ශ‍්‍රිලනිපය හතරවන තැනට ඇද වැටේ..

      Delete
  6. බ්‍රෙෂියර් කතාවෙ අනික.

    ReplyDelete
  7. ඉඳල හිටල පුරුදු කුඹුරට බැහැල මඩ ටිකක් නා ගත්තේ නැත්තං ගතියක් නෑ හිටං..

    ReplyDelete
  8. Please write about this too Para
    http://dbsjeyaraj.com/dbsj/archives/48874

    ReplyDelete
  9. අපේ ලප මහතාත් මේ බ්ලොග් ලියන මහතාත් දෙදෙනාම මැක්කා තියරිය උපරිමයෙන්ම භාවිතා කරය්. පසුගිය ආණ්ඩුවට ගොඩක් බැන වේද අලුත් අයට බොරුවට ටොක්කක් අනි. අපේ මල්ලි රචනා ලියද්දිත් මේ තියරිම දමය්. පොල් ගස ගැන රචනාවක් ලියන්නට දුන් විට ඌ මෙසේ අවසන් කරය. පොල්ගසේ බල්ලා බැද ඇත බල්ලාගේ පිටේ මැක්කෙක් ඇත.

    ReplyDelete
  10. හිටං හරියට පොත් පත් හේම කියවනවලු, පුස්කොල පොත් වෙන්නැති.

    ReplyDelete
  11. හේම (නලින් කරුණාරත්න )හරියට (නිවැරදිව ) හිටං (හිටගෙන) ....................නේ?

    ReplyDelete
  12. මට හිතෙන්නෙ ලංකාවෙ බහුතර ගුරුවරු ඉන්නෙ ආත්ම තෘප්තියකින් නෙවෙයි. ගුරුවරු බහුතරය වෙනත් වෘත්තිකයෙක් වෙන්න සිහින මවාගෙන ඉඳලා, පස්සෙ බලාපොරොත්තු කඩවෙලා, ගුරු වෘත්තිය තෝර ගත්ත අය. අනිත් එක ලැබෙන්නෙත් හිඟන වැටුපක්. ඒ නිසා බහුතරය බලන්නෙ කොහොම හරි ටියුෂන් ටිකක් කරලා සල්ලි හම්බ කරන්න. සමහරු හොඳට ඉගෙන ගන්න ළමයි එක්ක තරහයි, ඉරිසියයි. ඒ නිසා ඒ අය බලන්නෙ ළමයින්ට ආදරය වෙනුවට උපරිම දඬුවම් දෙන්න. හැබැයි දියුණු රටවල එහෙම නෑ, ගුරු වෘත්තිය ඉහල රස්සාවක්, විශේෂයෙන් ඉන්ජිනේරු කට්ටන්ට වඩා පිළිගැනීම, වැටුප් වැඩියි. ඉතින් ගුරුවරු ඉන්නෙ බොහොම තෘප්තියෙන්. ඒ නිසා ගුරුවරුන්ගෙ ගුණාත්මකභාවය වැඩි කරන්න නම්, ඔවුන්ගෙ වැටුප් ඉහල දමා , ඔවුන්ගේ ආත්ම තෘප්තිය වැඩි කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. පොල් රොබට් කියලා කියන්නේ ඇත්ත. ගස්ගෙඩි කඩන එකාට තරම්වත් මොළධාතුවක් රට කරන උන්ට නැති හැටි..

      Delete
  13. අනේ මන්දා..මමත් ඉඳල හිටල දඩුවම් දීල තියනව...එයාලට ආදරෙන් වගෙම තදින් ඉන්න ඕන අවස්තා තියනව...එයාල සම්මත සමාජ රාමුව පෙන්නල දිය යුතුයි.තෝරා ගැනීම එයාලගෙ.ඒත් අමානුෂික වීම නෙමෙයි.අපි දරුවෙක්ගෙ ආදරේ දිනාගෙන එයා හැඩ ගස්සන එක කල්යන වැඩක්.ඒකට කාලයක් ගතවෙනව..තදින් හිඳීම ක්සනික ප්‍රතිපල ගේනව.ඒක නැති වුනොත් අපි අනාගතය හැඩ ගස්සන අතරෙ එයාලගෙ අද දවස නැතිවෙන්න හුඟක් ඉඩ තියනව.මොකද හුඟක් දරුවන්ට මුල ඉඳන් නිසි මග පෙන්වීමක් නෑ ගෙවල් වලින්..ඉතින් එයාල ජීවිතේ අවුල් කර ගන්ඩ කලින් එයාලව ක්ෂණික පාලනයකට යටත් කරල ආදරයෙන් කියා දිම කල යුතුයි..මං අමානුෂික දඩුවම් පහර දීම් අනුමත කරන්නෑ...හොඳ පෞර්ෂවත් ගුරුවරයෙක්ගෙ සෘජු බැල්මෙනුත් ළමයි පාලනය වෙනව මං දැකල තියනව

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා