මාක්ස්වාදය ආගමක් බවට පත් වීමට භාෂාව ඉවහල් වූ හැටි ගැන උදාහරණයක්

ලෝකයේ බොහෝ දෙනෙකු සිතාගෙන සිටින්නේ තමන්ට නො තේරෙන දේ තුළ ගැඹුරු සාරාර්ථයක් ඇති බවයි. මෙය එක්තරා දුරකට ප්‍රාථමික මානව ලක්ෂණයකි. තමන්ට තේරුම් ගත නො හැකි ඉර, හඳ, ගස්, ගල්වලට මිනිසුන් වන්දනා කළේ ඒ නිසා ය.

ලෝකය දියුණු වී ඇති වර්තමාන සමාජයේ ද එය එසේ ම සිදු වේ. ඇතැම් දාර්ශනිකයන් කරන්නේ සරළව තේරුම් ගත හැකි සත්‍යයන්ද තේරුම් ගන්නට බැරි තරම් දුෂ්කර දේ බවට පත් කිරීමයි. එය කරන්නේ භාෂාත්මක ප්‍රයෝග භාවිතා කරමිනි.

ඔවුන් එසේ කරන්නේ ඇයි? එසේ කළ විට ඒවා තේරුම් ගත් පුද්ගලයන් ලෙස තමන්ට ඉහළින්ම වැජඹීමට හැකි නිසා ය. තේරුම් ගත යුතු සරළ දේ වන්නේ මේ ඇතැම් දාර්ශනිකයන්ගේ බොළඳ ආසාවයි.

පසුගිය දිනෙක මම බණකට සවන් දුන්නෙමි. එහිදී භික්ෂුව බුදු ගුණ කෙතරම් ද යන්න තේරුම් කර දීමට අපූරු සාහිත්‍යමය උදාහරණයක් ගෙන හැර පෑවේ ය. යොදුන බැගින් දිග, පළල, උස පෙට්ටියක් තුළට අබ ඇට අසුරන්න. ඉන් පසු අවුරුදු 100කට වරක් අබ ඇටයක් ඉවත් කරන්න. අබ ඇට සියල්ල ඉවත් කරන්නට ගත වන කාලය කල්පයකි. බුදු ගුණ විස්තර කිරීමට එවැනි කල්ප ද කල්ප ගානක් ගත වන බවක් ඔහු කීවේ ය.

වර්තමාන දර්ශනවාදියෝ ද මේ බොළඳ උපාය ම අනුගමනය කරන ආකාරය පෙන්වීමට මම උදාහරණයක් දක්වමි. වගකීම් භාර ගැනීමට අකැමැති අපගේ පාඨකයෙක් අප ගර්හාවට ලක් කිරීම සඳහා පහත සඳහන් උපුටනය ගෙන හැර පෑවේ ය.

“Freedom only for the supporters of the government, only for the members of one party – however numerous they may be – is no freedom at all. Freedom is always and exclusively freedom for the one who thinks differently. Not because of any fanatical concept of “justice” but because all that is instructive, wholesome and purifying in political freedom depends on this essential characteristic, and its effectiveness vanishes when “freedom” becomes a special privilege.”

The Problem of Dictatorship,
Chapter 6,
The Russian Revolution,
Rosa Luxemburg.

ඇත්ත ම කියනවා නම් මෙහි මහා ගැඹුරු අර්ථයක් නැත. මාක් ට්වේන් හෝ චාලි චැප්ලින් වැනි අය මීට වඩා ගැඹුරු අදහස් මීට වඩා බලපෑමක් සහිත භාෂාවෙන් ඉදිරිපත් කර තිබෙන බව මම ඔවුන්ට පෙන්වා දුන්නෙමි. එහෙත්, මාක් ට්වේන් හෝ චාලි චැප්ලින් හෝ අදහන අය නැත. මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි පමණක් නොව රෝසා ලක්සම්බර්ග් පවා ආගමික චරිත වෙති. මාක්ස්වාදියෝ ඔවුන් අදහති.

රෝසා ලක්සම්බර්ගේ ප්‍රකාශයේ ඉංග්‍රීසි පරිවර්තනය මීට වඩා සරළව කළ හැකි එකකි. එහෙත්, එය අනවශ්‍ය අන්දමින් ගැඹුරු කරන්නට යාමෙන් ඇත්තෙන් ම සිදු වී තිබෙන්නේ අර්ථ ශුන්‍ය හා ව්‍යාකරණානුකූලව වැරදි වාක්‍ය පවා ලියන්නට මෙම පරිවර්තකයා පෙළඹීමයි. මෙය පෙන්වා දුන් විට උරණ වූ උක්ත පාඨකයා මෙසේ කීවේ ය.


උඹට තේරුම් ගන්නට හැකි පොත් කීපයක් මෙසේ ය: radiant way හා radiant reading මුල් පියවර පොත්. ඒවා පියවරෙන් පියවර පරිශීලනය කිරීමෙන් පසු Mills & Boon කියවන්න. ඒ උඹේ උපරිමයේ සීමාව යි. උඹට මාර්ක්ස්වාදය හෝ සම්භාව්‍ය බටහිර සාහිත්‍යය හෝ සම්භාව්‍ය බටහිර දර්ශනය හෝ නො වැටහෙන බව උඹේ ප්‍රකාශය ම තහවුරු කර යි. අපි මින් පෙර මෙසේ පැවසීමු:
උපුටනය ආරම්භය -
මතුගම අජිත් පී. ජයසිංහයන්ගේ හඩු බසින් ගැඹුරු ශාස්ත්‍රීය සම්ප්‍රදානයක් නම් කළ නො හැකි ය. ජයසිංහයනට ඔය කියනා මතුගම ඉංගිරිසියෙන් ශේක්ස්පියර් හෝ මිල්ටන් හෝ වර්ඩ්ස්වර්ත් හෝ චෝශර් හෝ කියවා තේරුම් ගත හැකි ද? අවම වශයෙන් ඩිකන්ස් හෝ ස්කොට් හෝ ස්ටීවන්සන් හෝ කිප්ලින් හෝ කියවා තේරුම් ගත හැකි ද? සම්භාව්‍ය බටහිර සාහිත්‍යය හෝ ජේම්ස් රාජ බයිබලය හෝ කියවා තේරුම් ගත හැකි ද? බටහිර දර්ශනයේ ලේශ මාත්‍රයක් හෝ කියවා තේරුම් ගත හැකි ද? සම්භාව්‍ය මාර්ක්ස්වාදය හෝ කියවා තේරුම් ගත හැකි ද? කිසිසේත් ම බැරි ය.
උපුටනය අවසානය -

සමස්ත ඡේදය කියවා අරුත වටහා ගත යුතු තැන වාක්‍යයක් වෙන් කර ගෙන අරුත නො වැටහේ යයි නන්දොඩවන උඹ සාමාන්‍ය පෙළ හෝ සමත් ද? මෙවලම් පරිවර්තකයෙකු වන උඹ ඉංගිරිසිය හෝ සිංහලය හෝ නො දන්නා බව රහසක් නො වේ.
ඉහත පරිවර්තනය කරනු ලැබුයේ විශිෂ්ට විද්‍යාර්ථියෙකු වූ බර්ට්‍රන්ඩ් වුල්ෆ් විසිනි. ඔහු උඹ වැනි රස්තියාදුකාර, කාලකන්නි, ගොබ්බ ගස් බල්ලෙක් නො වේ (උඹට වැටහෙන භාෂාවෙන්). එක්සත් ජනපදයේ නිව්යොර්ක් නාගරික විශ්වවිද්‍යාලයෙන් ද කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් ද මෙක්සිකෝ විශ්වවිද්‍යාලයෙන් ද ඉංගිරිසි සාහිත්‍යය පිළිබඳ ශ්‍රාස්ත්‍රෝද්ග්‍රහණය කර මාර්ක්ස්වාදී සාහිත්‍යය පෝෂණයට සුවිශාල හා සුනිශ්චිත කාර්යභාරයක් කළ වුල්ෆ්ට ඉංගිරිසිය ඉගැන්වීමට මතුගම හාල්පාරුවෙකු ඉදිරිපත් වීම විසුළුවකි. එපමණ නො ව ඔහු නොලොම්බියා හා කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලවල ද කීර්තිමත් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ද ආචාර්යවරයෙකු ලෙස ද කටයුතු කළේ ය. උඹ වගේ කාලකන්නියෙකුට සාරගර්භ ඉංගිරිසි පෙළක් කියවා ගන්නට නො හැකි වූ පමණින් එකී පෙළ ගූඪ පරිවර්තනයක් හෝ විපරිවර්තනයක් හෝ වන්නේ ද? උඹට ශේක්ෂ්පියර් නො තේරුණු පමණින් ශේක්ෂ්පියර් අවප්‍රමාණය කිරීමට හැකි ද? එසේ කිරීමට උඹ කවුරු ද? මැස්සෙක් ගිය උඩ! උඹ අප පිළිබඳ කලල්පතනයන් කළ ද අපි නො කිපෙමු. එහෙත් විශ්ව සම්භාවනීය සුධීමතුනට අවලාද නඟන විට අපට උඹ පිළිබඳ උඹට තේරෙන වදනින් කතා කිරීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න. එදකින් විතරක් කාලකන්නි ගස් බල්ලා. තොගේ කාලකන්නි මූණ දැක්කත් දවස ව මස්තබාල්දු වෙනවා.

දැන් මෙහි ඇත්තේ කුමක් ද? මේ වනාහි තනිකර ම ප්‍රශ්නය නැගූ පුද්ගලයාට බැට දීමක් මිස ප්‍රශ්නය පැහැදිලි කිරීමක් ද? හිට්ලර්ගේ නට්සි පක්ෂයේ රැස්වීමකදී ප්‍රශ්නයක් ඇසූවකුට දුඹුරු කමිස හමුදාව දෙන පිළිතුරත්, වගකීම භාර ගැනීමට අකැමැති මෙම පුද්ගලයා දෙන පිළිතුරත් අතර වෙනසක් තිබේ ද යන්න විමසා බලන්න.

පහත දැක්වෙන වාක්‍යය තේරුම් කර දිය හැකි ද යන ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර කුමක් ද?

Not because of any fanatical concept of “justice” but because all that is instructive, wholesome and purifying in political freedom depends on this essential characteristic, and its effectiveness vanishes when “freedom” becomes a special privilege.

මෙන්න පිළිතුර: “සමස්ත ඡේදය කියවා අරුත වටහා ගත යුතු තැන වාක්‍යයක් වෙන් කර ගෙන අරුත නො වැටහේ යයි නන්දොඩවන උඹ..."

සමස්ත ඡේදයේ අර්ථය තේරුම් ගත නො හැකි තරම් ගැඹුරු සංකල්පයක් මෙහි නැත. තේරුම් ගත නො හැක්කේ මෙම භාෂාව ය. එහෙත්, ගද්‍යයක වාක්‍යයක් යනු එම වාක්‍යය වෙන ම ගත් කල පූර්ණ අර්ථයක් ඇති ඒකකයකි.

මෙය වනාහි ආතතික ප්‍රතිචාරයකි. එසේ කුපිත වන්නට හේතුව කුමක් ද?

මවිසින් ගෙන හැර දක්වනු ලැබුවේ මාක්ස්වාදී ආගම ගොඩනැගීම පිළිබඳ මූලික ලක්ෂණයකි. එය මෙසේ ය:

මෙය සරළව කළ හැකිව තිබුණු පරිවර්තනයකි. එසේ ම මෙම අදහස මහා ගැඹුරු සංකල්පයක් ද නො වේ. මෙම පරිවර්තකයා එය අනවශ්‍ය තරම් ගැඹුරු එකක් බවට පත් කරන්නට භාවිතා කරන ප්‍රයෝගය දේශපාලනයකි. එහෙත්, ආගමිකව මේ පොත් වහන්සේලාට වන්දනා කරන අය එහි යටි පෙළ කියවා ගන්නට අසමත් වෙති. මේ අන්දමේ ඉංග්‍රීසි පරිවර්තනයන්ගෙන් පසු මෙම ව්‍යාධිය මාක්ස්වාදී ලෝක සාහිත්‍යය පුරා ම පැතිරෙන්නට ඇත. ඇතැම් විට, එය මුල් රුසියානු ලේඛනවලත් තිබෙන්නට ඇත. එතැනින් පශ්චාත් මාක්ස්වාදය, පශ්චාත් නූතනවාදය වැනි බොහෝ ප්‍රවණතා වෙත ව්‍යාප්ත විය.

අප විසින් ගෙන හැර දක්වනු ලැබුවේ උදාහරණයක් පමණි. මිනිසුන්ට තේරෙන බසින් සරළව කිව හැකි දේ අනවශ්‍ය තරම් ගැඹුරු හා සංකීර්ණ භාෂා ප්‍රයෝග බවට පත් කර ඒවා තේරුම් කර දෙන උපදාර්ශනික වෘත්තික භූමිකාවන් රැසක් නිර්මානය කර ගැනීම ධනවාදී වෙළඳපොළේ ම තවත් එක් අඳුරු මුල්ලක් පමණි. පොත් මුදලාලිලාගේ සිට අනුන්ගෙන් කන පරපෝෂිතයන් දක්වා විශාල පිරිසක් එම වෙළඳපොළෙන් යැපෙති.

බර්ට්‍රන්ඩ් වුල්ෆ්ට ඇති කඩදාසි සුදුසුකම්වලට බිය වන, එවැනි සුදුසුකම් නැති, එම සුදුසුකම්වලින් ඒවා තිබෙන අය ලබන ප්‍රමෝදය තම ආශාවේ වස්තුව කර ගත් අයට, මේ මූලික ගැටලුව ප්‍රශ්න කරන සාමාන්‍ය මිනිසුන් වන අප වැනි අය ගස් බල්ලන් ලෙස පෙනීම ගැන පුදුම විය යුතු ද? 

මිනිසා යනු භාෂාව විසින් අල්ලාගෙන වධහිංසනයට ලක් කරනු ලබන ආත්මයයි - ලකාන්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ පැරා, මොකක් ද බං මේ ගොන් පාර්ට් එක. මේවා රට්ටු හිනස්සන වැඩ. අප ඕනෑ තරම් විෂය මූල ආලෝචන සපයා තිබෙනවා උඔගේ මේ වියුණුසටහන් අඩවියට. ඒවා ශාස්ත්‍රීය පදනමකින් ලියූ දේවල්. ඒවා යට ගහන උඹ අප ලියූ කැෂුවල් කමෙන්ට් එකක් මෙතන නව සටහනක් ලෙස පළ කරනවා. උඹ මේ කැත වැඩේ මීට පෙරත් කළා එක වරක්. ටිකක් මොළේ කල්පනා කරපං පිස්සු තද වුණු එකෙකු වගේ වැඩ නො කර. උඹ වාම විප්ලවීය පුවත්පතක හිටපු කතුවරයෙක් නේ ද? මේවා මහ බාල වැඩ පැරා. උඹ අප සමඟ මතවාදාත්මක අරගලයකට නො පැමිණ මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන එක ගැන අපට තියෙන්නේ කනගාටුවක්. උඹ වගේ නයි පැටියෙකු අප විසින් කිරි පොවා හදන ලද බව සිහි වන විට අපට ම ලැජ්ජාවක් ඇකි වෙනවා.

    උඹ මේ නව සටහන පිළිබද යම් මූලධර්මීය මැදහත්කරණයක් කළ යුතු යි. අවම වශයෙන් එහි එන පුද්ගල හැඟවුම්කරණයන් පිළිබඳ හෝ. උඹ මේ වගේ ගොන් වැඩක් කරන්න පෙර ඊශාගෙන්වත් ඇහැව්වේ නැති ද?

    උඹ මේ වගේ වැඩක් කළේ දෙවැනි වතාවට. තුන් වැනි වතාවක් නැහැ පැරා. කරුණාකර උඹ අතින් වුණ අත්වැරදීම නිවරද කරපං. ඩබ්ලිව් තුන ලංකා එක්ක අපේ සියලු ගනුදෙනු මෙතනින් අවසන් වෙන්න පුළුවන් උඹ ගන්න තීරණය මත.

    තව දෙයක් පැරා. උඹ අමතක කරන්න එපා උඹ ඇනොනිමස් කමෙන්ට් එකකට උඹේ නමින් තැබූ සටහනක් බව මේක. උඹ කොහොම ද කියන්නේ මේ සටහන තැබූ කෙනා කවුරු ද කියා හරියට ම? උඹට දැනෙන දේ ඇත්ත වුවත් එය සාධනය කර පෙන්වන්නට උඹට බැහැ. උඹ වාම දේශපාලනය දන්නේ නැහැ බං ඔය කයිවාරු ගැහැව්වට.


    කැෂුවල් කමෙන්ට්ස් උඹ මෙහෙම ඉස්මතු කරන්නේ උඹේ ප්‍රචාරණයට. උඹට ප්‍රචාරණය දෙන්න අපට අහවල් තරනක අමාරුවක් නැති බව කාරුණික ව දැනුම් දෙනු රිසි ය?

    ReplyDelete
    Replies
    1. මචං, තර්ජනවලින් නම් මාව බය කරන්න බැරි බව උඹ දන්නවා. මෙතන උඹලා කාලයක් ඉඳලා මට විතරක් නෙමෙයි, මගේ පවුලට පවා තර්ජන කළා නේ. දැන් මෙතන පවා උඹලා ලියා තිබෙන දේවල් ගැන ආපහු හිතපල්ලා.

      කොහොම වුණත්, මට උඹලාත් එක්ක තරහක් නැහැ. ඒ නිසා මම උඹේ නම අයින් කළා.

      Delete
    2. සාධනීය යි. අප මෙම කාරණයේ දී උඹ දැක් වූ පරිණත බව අගය කරනවා. අවම වශයෙන් 2007 ට පෙර උඹ තුළ ජීවත් වුණු පැරා නම් සොඳුරු මිනිසාගේ ලේශ මාත්‍රයක් හෝ එදවසට පසු ධනවාදය විසින් සමූහ දූෂණයකට ලක් කරන ලද වර්තමාන උඹ තුළ තවමත් ජීවත් වන බව පෙනෙනවා. කරන සංවාදයක් රට්ටු හිනස්සවන්නේ නැති ව කරමු. අපේ වයසට නො ගැළපෙන නෙයියාඩගම් නො කරමු. ගෝලීය ධනවාදයට එරෙහි ව භූදේශපාලනික ගතිකයන් සමතික්‍රමණය කරමින් ප්‍රගමනය විය යුතු තීරණාත්මක අවධියක උඹ වැනි පදම් වූ දේශපාලන චරිතයකට කළ යුතු හා කළ හැකි සුනිශ්චිත ඵෙතිහාසික කාර්යභාරයක් තිබෙනවා. විඩාබර නො වන උඹේ කායික හා මානසික ශක්තිය උඹ සිරිකොත වෙනුවෙන් නිරපරාදේ නාස්ති කිරීම කනගාටුවකට කරුණක්. ජීවත් වීමට මුදල් අවශ්‍ය බව සත්‍යයක් සේ ම ජීවිතය යනු මුදල් ම නො වන බවත් සත්‍යයක්. උඹ කොතරම් කඹුරන්නේ වුව ධනපති පංතිය උඹට කුලී සේවකයෙකුට වඩා තැනකට එන්නට දෙන්නේ නැහැ. උන් දන්නවා උඹ නහරයා බව. උන්ට අවශ්‍ය උඹේ හැකියාව පමණ යි. ඒකට සොච්චමක් මාසික ව ගෙවීම හැර උන් උඹට දිනමිණවත් සිළුමිණවත් දෙන්නේ නැහැ මචං. කට්ට කාගෙන වැඩ කළත් හැමදා ම වගේ උඹට ඉතිරි වන්නේ සිත් තැවුල් සහ සිත් බිඳීම්.

      වියන්ට හෝ සරත්ට හෝ තිබෙන තැනවත් උඹට නැහැ නේ ද බං දශක තුනක් දේශපාලනය කරලත් උඹ? බලපං සමන් (සමන් රත්නප්‍රිය) තරම්වත් උඹ සමාජයට මතවාදමය බලපෑමක් කර තිබෙනවා ද කියා. නැහැනේ පැරා. උඹ ප්‍රාදේශිය සභාවට ඉල්ලන බලාපොරොත්තු තියං ඉන්න බව අපට ආරංචි වුණා. තේරුමක් නැහැ පැරා. උන් උඹට නාම යෝජනො දෙන්නේ නැහැ. උඹට වඩා සිරිකොතට දරදිය ඇද්ද කුරේටවත් ප්‍රාදේශිය සභාවෙන් උඩට එන්න ලැබිලා නැහැ. පැරා අප මේ දේවල් පවසන්නේ තරහකින් නො වේ. උඹ අපට අපගේ ජීවිත නැති වන මට්ටමේ වැඩ කර තිබුණත් පාවාදීම් කර තිබුණත් අප කැමති නැහැ උඹ ධනපති පංතිය පස්සේ වැටිලා නාස්ති වෙනවාට.

      උඹ මීට වඩා වගකීම් සහගත වන්න අවශ්‍ය බව අප සිතනවා. උඹ බාල වයස්කාර ගැහැනු දරු‍වන් දෙදෙනෙකුගේ පියෙක්. උඹේ වයස දැන් අවුරුදු පනස් එකක්. උඹට කුටුම්බ පෝෂණය පැත්තෙන් ගත්තත් කරන්නට බොහෝ දේ තිබෙනවා. පිස්සු වැඩ නවත්තපං පැරා. මිනිහෙක් වෙයන්.

      අප නො ලියන දේ ද අපේ ගිණුමට බැර කරන්නට උඹ දැන් පුරුදු වෙලා. අප උඹට නැති වෙන්න ශාස්ත්‍රීය ව පහර දුන් කාලයක් තිබුණ. ඒත් අප ඒක නවතා දමා බොහෝ කල්. අප දේශපාලන හා කලා විපැරාකරණ අනුමණ්ඩල විසුරුවා හැරිය බව උඹට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

      එක් දහස් නවසිය පහේ දී පළමු වැනි රැසියානු විප්ලවයට දායක වන ගොර්කි 1906 වන විට ඉතාලියට සංක්‍රමණය වී Tales of Italy නම් නිර්මාණ සමුච්වයේ දී වරක් මෙහෙම කියනවා:


      “All that is beautiful in person is from the sun and the mother's milk.”

      ජීවන ගමනේ අට වැනි දශකයට වන උඹේ මවට උඹ ඉතා ආදරය බව අප දන්නවා. ඒ වගේ ම පැරා උඹ හිරුටත් එතරම් ම ආදරය බවත් අප දන්නවා. අජිත් පැරකුම් ජයසිංහ නමැති පුද්ගලයාගේ ජීවිතය ලස්සන කළේ ඔහුගේ මව සහ හිරු බව අප පැවසීම ඊශාට කරන අසාධාරණයක් නො වේ.

      උඹ මෙවර පෙන් වූ සාධනීය පරිණත චර්යාව අගය කරමින් අප නිහඬ වනවා.

      Delete
    3. අරමුණක් මත දේශපාලනය කිරීම කියන එක උඹලාට තවම අලුත්. හේතුව උඹලා පුරුදු වී සිටින්නේ එක්කෝ පක්ෂයක් වෙනුවෙන්, නැතිනම්, දෘෂ්ටිවාදයක් වෙනුවෙන් පෙනී සිටින්නටයි.

      අරමුණක් මත දේශපාලනය කරන විට බලය නො වැදගත් යයි මම කියන්නේ නැහැ. ඒත්, මට ඒ ගැන පෞද්ගලිකව ආශාවක් නැති නිසා මම සිරිකොතට හෝ එජාපයේ කිසිවකු සමග උපයෝගිතාවාදී සම්බන්ධකම් නඩත්තු කරන්නේ නැහැ.

      මගේ සීමාව මාධ්‍යකරණය විතරයි. දේශපාලන ව්‍යාපාරවල නායකයෙකු වෙන්න මට අවශ්‍යතාවක් නැහැ. මම සාමූහික ක්‍රියාකාරකමක සාමාජිකයෙක් විතරයි. මට එහි පාලනයක් අවශ්‍ය නැහැ. මම කරන්නේ මගේ මැදිහත්වීම විතරයි.

      2015 ජනවාරි 8 කියන ක්‍රියාකාරකම අපි කළේ ඒකාධිපති පාලකයෙක් පළවා හැරීමේ, ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ, නීතියේ ආධිපත්‍යය හා යහපාලනය පිහිටුවීමේ පොදු අරමුණකින්. මේ වන විට යහපාලනය පිළිබඳ අපේක්ෂා පරාජය වෙලා ඉවරයි. අරගල එහෙම තමයි. ජය පරාජය දෙක ම එහි තිබෙනවා. ඒත්, ඒ සාමූහිකය ඒ අරගලය අත හැරලා නැහැ. 2015 ජනවාරි 8 පුරවැසි ව්‍යාපාරය තවමත් සාපේක්ෂ වශයෙන් දූෂණයෙන් ආරක්ෂා වෙලා ඉන්නවා.

      සමාජවාදය සඳහා පරිණත අරගලයක් කළ හැකි කිසිදු ව්‍යාපාරයක් නැති ලංකාවේ අප කරන්නේ සමාජය විසින් අත් කරගෙන තිබෙන දේ කඩා නො වැටී පවත්වා ගන්නට හා වඩා දියුණු සමාජයක් ගොඩනගා ගන්නට ඉවහල් වන ක්‍රියාමාර්ග පාලකයන් හරහා ක්‍රියාත්මක කරවන්නටයි.

      මේකත් කියන්න ඕනැ. ලංකාවේ පාලනය ධනපති එකක් ය කියන එකත් උවමනාවට වඩා සරළමතික එකක්. ඕවා ගැන නැවත කල්පනා නො කළොත් තියෙන ක්‍රමය හඳුනා ගන්නට බැහැ. එය හඳුනා නො ගෙන සමාජය වෙනස් කරන්නට බැහැ.

      උඹලා මාව සිරිකොතට ගැට ගසන්නට හා තවත් විවිධ අවලාද නගන්නට දරන උත්සාහය ඉතා ම අනුකම්පා සහගත විදියට පදනමක් නැහැ. උඹලාට මම කිව්වා ඔය චෝදනා තහවුරු කරන්නට සාක්කියක් හැකිනම් ඉදිරිපත් කරන්නට ය කියලා. ඒක කවදාවත් උඹලාට කරන්නට බැහැ.

      ඒ වුණාට ඒ අවලාදවලින් උඹලා උත්සාහ කරන්නේ අප පෙනී සිටින දේශපාලන ව්‍යාපාරය අතාර්කික කරන්නටයි. එහෙම කිරීමෙන් ලංකාවේ සමාජයට කාලකන්නිකම මිස වෙන දෙයක් ලැබෙන්නේ නැහැ.

      හැබැයි දියුණු මිනිසුන් වෙන්න නම් ඔය උතුරු කොරියානු පන්නයේ භාවිතාව අතහැර දාපල්ලා. ප්‍රභාකරන් මහත්තයා මරා දමන්නත් පාවිච්චි කළේ අද වෙනකල් කරුණු සහිතව ඔප්පු වී නැති ඔය චෝදනාවමයි. ඕවා හරි පරණ විලාසිතා.

      ලෝකෙ වෙනස් වෙලා. වෙනස් වෙන්නට උත්සාහ කරපල්ලා මචං.

      Delete
  2. මාක්ස්වාදය සරල සිංහලෙන් කියල පොතක් බැරිනම් අඩුගානේ බ්ලොගක් වත් පටන් ගනින්කෝ.
    හැමදාම නොතේරෙන වැල්වටාරමක් ලියල එක 'සම්භාව්‍ය' මාක්ස්වාදය කියල කියනවා. (උඹටත් තේරෙනවද දන්නේ නෑ)
    ඔය ජර්මනියට වෙලා ලෝකෙටම සමාජවාදෙයි ප්‍රජතන්ත්රවාදෙයි බෙදන එකේ ඕක ටිකක් තේරෙන සිංහලෙන් පැහැදිලි කරපංකෝ මචන් සහෝදරයා.

    (මෙය කලින් පළ කර තිබුණු පාඨක අදහසක් සුළු සංස්කරණයකින් පසු නැවත පළ කිරීමක් බව කරුණාවෙන් සලකන්න. මගේ අදහසක් නො වේ.)

    ReplyDelete
  3. ටික කාලයකට කලින් හිරු සෙට් එකෙන් දාපු ආලෝචනයක තිබුන මතකයි, පැරා ට්‍රයි කරනවා නිර්මාල් ල, වියන්ගොඩ ල වගේ අයත් එක්ක සංවාද කරන්න, නමුත් ඒ අය පැරාව ගණන් නොගෙන භාෂණ ලත් එක්ක සංවාද කරනවා කියල.

    නමුත් පහුගිය කාලේ මේ බ්ලොග් එකට ආව ගිය කෙනෙක් හැටියට මට පේන්නේ , දැන් ඒ ශ්‍රේෂ්ඨ දිලෙන තරුව භාෂනගේ අනිකා බවට පැරා පත්වෙලා කියලයි. ඔහු හෝ ඔහුගේ අනුගාමිකයන් පැරා වෙනුවෙන් යොදන අවදානය සහ කාලය ඒකට සාක්කියක්.

    ඒ කියන්නේ හිරු අයගේ නිර්ණායක අනුව, එක්කෝ පැරා ගෙ තත්වය ඉහල ගිහිල්ල, නැත්නම් භාෂනල පහලට ඇවිල්ල. ඔය දෙකම හොඳ වැඩ.

    නමුත් කොමෙන්ට් සහ උත්තර වල ප්‍රමිතිය ගැන බැලුවොත්, ඇත්තෙන්ම පැරා ඉතා ඉදිරියෙන් ඉන්නව වගෙයි. අනිත් පාර්ශවය එන්නේ පාඨකයන්ට යමක් ලබා දීමට වඩා, ඇරියස් කවර් කිරීමකට බව ඒවයේ වැඩිපුර තියෙන කලල්පතන සහ පවුද්ගලික තර්ජන නිසා හිතෙනවා.

    දිලෙන තරුව පිලේ හාස්‍යජනකම අංගයක් තමයි සතියකට දෙසැරයක් විතර "ඔන්න අපි තවත් මේ පැත්තේ එන්නේ නෑ . ආයි නම් කොමෙන්ට් කොරන්නේ නෑ . ඔන්න අපි ගියා" වගේ භයානක තර්ජන එල්ල කිරීම.

    (නිරීක්ෂණයක් පමණි)

    ReplyDelete
    Replies
    1. හිරු එකේ එවුන් එක්ක මොන සංවාදද බන් රෙනෝ සිල්වට කඹුරලා පඩි ගන්න එවුන්නෙ.

      Delete
  4. මොකාද බං 'අප' කියන්නෙ?? උඹලට ඔච්චර ගණුදෙනු නවත්තන්න තරං 'අප'ක් ඉන්නවනං ලබ්බෙ විප්ලවේ කරපංකො මෙහෙ කීබෝඩ් වලට කොට කොට ඉන්නැතුව.
    මිනිස්සු කන්න බොන්න නැතුව දුක් විඳිනව.
    වතු කම්කරුවො රුපියල් දාහක් ඉල්ලල සති ගණං පාරෙ, කොළඹ වතුවල මිනිස්සු ගංවතුරෙන් කැඩුණ ගෙවල් හදාගන්න බැරුව තාම ඉන්නව.

    ReplyDelete
  5. එක දෙයයි තේරුනේ .. හිරු කියන්නේ හොරු ...
    අපිව පොස්ටර් ගහන්න , කැට හොල්ලන්න , ප්‍රදර්ශනන තියන්න කඩේ යවල .සුනිල් මාධව විකුණන් කාල . බොරු පත්තර ගහල මහජන මතය , මුදල් සහ අපේක්ෂාවන් කොල්ල කාපු කණ්ඩායමක් .. අද වර්තමානයේ ඉන්න ඉහලම අපරාධ කාරයටත් වඩා , ඉහලම දුෂිතයටත් , වංචා කාරයටත් වඩා ඉහලම වංචාකාරයින් පිරිසක් .. ප්‍රගතිශීලි ජනතාවන්ගේ අපේක්ෂාවන් කොල්ල කාපු හැතිකරයක් .. උඹලට සාප වේවා !!!!

    ReplyDelete
  6. Boss: Where's the meat?
    APJ: Sorry today I had to fight some local battles.

    ReplyDelete
  7. හොඳ වෙලාවට ලංකාවේ නොසිටි නිසා දෝ මං නං ඔය හිරු පත්තරය කියවා නෑ. ඒ ගැන දැන ගත්තේත්, බ්ලොග් කියවන නිසායි!

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද? ඔය වගේම සීන් එකක් මටත් කියන්න තියෙනවා. මමත් ලංකාවේ ඉන්න නිසාදෝ කොහේදෝ අර ඔස්ට්‍රේලියාවේ ඉඳන් මෙලෝ රහක් නැති පල්හෑලි ලියන කුහක අතිදුශ්ට මනපහත් අධම කාලකණ්ණියාගේ කුනුහබ්බ බොග කියවා නැහැ. කොටින්ම එහෙම බොගක් තියෙනවා යැයි ඒ ගැන දැන ගත්තේත් සිංහල බොග වල උගේ තියෙන කැ# කම විවේචනය කර ඌට අමු තිත්ත කුණුහබ්බෙන් බැන තිබෙනු දුටුවාමයි !

      Delete
    2. මේ මනපහතයා යන වචනය මා 2014 දෙසැම්බරයේ දී නිමවා යොදා ගත්තේ ජගත් පතිරණ නම් ජාතිවාදියා හැඳින්වීම සඳහා ය.

      http://rasikalogy.blogspot.com/2014/12/story-of-evil-mind.html

      විස්තරය එහි ඇත.

      Delete
    3. රසික,

      විස්තරයට ස්තුතියි. ඒ අනුව මනපහතයා යනු මනුස්සයා යන වචනයෙහි විරුද්ධපදය ලෙස ඔබ නිර්මාණය කළ තේරුමය. නමුත් ඒ සම්බන්ධව ඔබ ප්‍රමාණවත් පැහැදිලිකිරීමක් කාර නොමැත.

      ඇනෝ කමෙන්ටුවක් දැක එය දැම්මේ අසවලාය යනුවෙන් කිසිදු සාක්ෂියක් නොමැතිව හුදු උපකල්පනයක් මත පදනම්ව පුද්ගලයකුට දෝෂාරෝපණය කරන්නෙකු කවර පදයකින් හැඳින්විය යුතුද.

      Delete
    4. "ගූතා" හෝ "කිචා" යන වචන නොගැලපේද?

      Delete
    5. @ Anonymous October 18, 2016 at 2:01 PM

      මෝඩ අසරණයා යන්න සුදුසුයි සිතමි.

      මට නම් ඊට වඩා ප්‍රශ්නයක් වුණේ, කිසිදු සාක්ෂියක් නැතුව කරන බොරු චෝදනා එකහෙලා පිළිගන්නා කීප දෙනෙකු ද සිටීමයි.

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. රසික,

      විස්තරයට ස්තුතියි. ජගත් පතිරණ ජාතිවාදි ජඩයකු විය හැකිය. ඔහුට තමා කැමති ජාතියක් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය තිබේ. හරියට රසිකලොජිස්ට් දමිළ බෙදුම්වාදී ජාතිවාදීන් සහ ගෝනිබිල්ලන් මෙන් සැරසෙමින් සමාජය අනාරක්ෂිත කරන මුස්ලිම් අන්තවාදී කාන්තාවන් වෙනුවෙන් රෙදි නැතුව කඩේ යන්නාක් මෙනි. කෙසේ නමුත් ජගත් පතිරණට වඩා අතිශය කුහක මනපහත් කාලකණ්ණි කැ_යන් බ්ලොග් ලොව සිටී.

      ජගත් පතිරණට මනපහතයෙක් කියා චෝදනා කරමින් පෝස්ට් දැමූ ඊටත් වඩා මනපහත් අවජන්මික ජඩ බල්ලා මෙන්ම සමරසේකර නමැති වියපත් බ්ලොග්කරුවකු ලියූ පන්සලකට පඬුරු දැමූ මෝඩ කතාවක් දඩමීමා කරමින් එම තැනැත්තාට වසර ගණනාවක් තිස්සේ අපහාස කල අමු කාලකණ්ණි අවලම් ජඩයා ද එවැන්නෙකි. මේ උදාහරණ දෙකක් පමණි. මෙවැනි පාහර වැඩ රැසක් මෙම බ්ලොග් ලොව උරුලෑවා කර ඇති බව ප්‍රසිද්ධ රහසකි. මූ කොතරම් කොන්ද පණ නැති අසික්කිත හිවල් මොටෙක්ද කියතොත් සමරසේකර වැනි දුබල අසරණයන්ට නමින් පැමිණ ගසතාතර වඩා ශක්තිමත් ප්‍රබලව ප්‍රතිචාර දක්වන බ්ලොග්කරුවන්ට ඇති බිය නිසා ඇනෝ පැමිණ ගූ බයෙන් මඩ ගසයි. මෙය ප්‍රසිද්ධ රහසකි. මෙම අවලමාට අප වැහිනැති හෙණ පතමින් සදා සාප කරමු. කෙසේ නමුත් මූට කෙලවුණේ තවත් එවැනිම අසීලාචාර බක පඬියකු සමග කෙහෙල් ගහට කොටන්ට යාමෙනි. දැන් මූ හොට පැටලී විලිලැජ්ජ සහගත ලෙස කිච වී බලු වී සිටිනමුත් තවමත් තම සුපුරුදු ජඩ පිළිවෙත් අත්හැර නැත. අප එක්ව මොහු වැනසේවා යයි ශාප කරමු. මෙය බහුතර මුගේ ප්‍රහාර නිසා අසරණ වූ ආධුනික බ්ලොග්කරුවන්ගේ අහිංසක ඉල්ලීමයි.

      Delete
    8. ඔය වගේ මෝඩ අසරණ ලෙස ගොබ්බ වැඩ කරපු එකකට හොඳම උදාහරණ අපි දැක්කේ බලු මිනිහෙකුයි මිනිස් බල්ලෙකුයි අතර ළඟදී ගිය වලියකදි. බලු මිනිහ නම් මුලින්ම බුරාගෙන පැනල බුරල බුරල දැන් හති වැටිල මාරු වෙලා ගිහින්. මිනිස් බල්ලනම් තාම උගේ කාලකණ්ණි කුහක පාදඩකම් පෙන්න පෙන්න සයිබරය ගඳ ගස්සන බැරිම බැරි කල්ලෙක් බව පෙන්න පෙන්න ඉන්නව.

      Delete
    9. අමු කුහක පට්ට ගෝත්‍රික පේරාදෙණි ගෝත්‍රිකයා තුල ඇත්තේ මෝඩ නමුත් අතිශය බරපතළ ආත්ම වන්දනාවකි.

      Delete
    10. අනේ පව්, රසිකට හෙම මොකවත් කියන්න එපා හිටං.

      Delete
    11. @ Anonymous October 18, 2016 at 11:45 PM

      ජාතියක් වෙනුවෙන් පෙනී සිටීම කිසිසේත් ම ජාතිවාදය නොවේ. ජාතිවාදය යනු ජාතිය සළකා වෙනස්කම් කිරීමයි. සත්‍යප්‍රසාද් නම් මගේ මිතුරෙකු ගේ අදහසක් මා පළ කළ විට ඒ නම දැක ඔහු දෙමළ ජාතිකයෙකු යැයි සිතා ඒ දෙමළකම ගැණ සඳහන් කරමින් ජගත් පතිරණ කළ ප්‍රකාශය නිසා මම ජගත් පතිරණ ජාතිවාදියෙකු ලෙස හඳුන්වමි.

      මෙන්න විස්තරය නැවතත්.
      http://rasikalogy.blogspot.com/2014/12/story-of-evil-mind.html

      කියවා බලා වරදක් වෙතොත් පෙන්වා දෙන්න.

      Delete
    12. @ Anonymous October 18, 2016 at 11:45 PM

      /* හරියට රසිකලොජිස්ට් දමිළ බෙදුම්වාදී ජාතිවාදීන් සහ ගෝනිබිල්ලන් මෙන් සැරසෙමින් සමාජය අනාරක්ෂිත කරන මුස්ලිම් අන්තවාදී කාන්තාවන් වෙනුවෙන් රෙදි නැතුව කඩේ යන්නාක් මෙනි. */

      ඔබ මට මෙවැනි චෝදනා කරන්නේ කවර පදනමක් මත ද? කරුණාකර උදාහරණය බැගින් සපයන්න. නැතිනම් ඉල්ලා අස්කර ගන්න.

      Delete
    13. @ Anonymous October 18, 2016 at 11:45 PM

      /*....සමරසේකර නමැති වියපත් බ්ලොග්කරුවකු ලියූ පන්සලකට පඬුරු දැමූ මෝඩ කතාවක් දඩමීමා කරමින් එම තැනැත්තාට වසර ගණනාවක් තිස්සේ අපහාස කල....*/

      මට සමරසේකර නමැති බ්ලොග්කරුවා සමග පුද්ගලික කෝන්තරයක් නැත. මා ඔහුට අපහාස කර නැත. මා සැමවිටම කතා කළේ ඔහු පතුරන මිථ්‍යාවට එරෙහිවයි.

      නොදන්නා අය ගේ දැන ගැනීම පිණිස ඒ කරුණු මෙසේ ය.

      බ්ලොගයක පළ කළ කමෙන්ටු මගින් සමරසේකය පහත අදහස් ඉදිරිපත් කළේ ය.

      1. ගැටඹේ පන්සලට පඬුරක් දමා ගමනක් ගිය ඔහු ගේ මෝටර් රථයේ ලාම්පු ක්‍රියා නොකළ ද, පොලිසියෙන් බේරී ගමන් කිරීමට ඔහු සමත් විය.

      2. වරක් නුවර සිට නාවලපිටියට ගිය ඔහු ගේ රථයේ කාර්මික දෝෂයක්, තිරිංග වැඩ නොකිරීම වැනි, තිබුණි. ඔහු කළේ දළදා පන්සලට භාරයක් වී අර රථය පැද ඒමයි. කිසිදු අනතුරක් නොවුණි.

      එදා ඔහු කළ මේ වර්ගයේ කතා සහ අද රූපවාහිනී නාලිකා ඔස්සේ හක්ගෙඩි විකුණන, නළල මත රුපියලක් තියාගෙන මන්තරයක් කියා ධනවත් විය හැකි බවට මිථ්‍යා මත පතුරන හොරුන් ගේ කතා අතර වෙනසක් තියේ ද?

      මා කතා කළේ මිථ්‍යාව විරුද්ධව බව ඔබට නොතේරෙන්නේ ඇයි?

      Delete
    14. @ Anonymous October 18, 2016 at 11:45 PM

      /* වඩා ශක්තිමත් ප්‍රබලව ප්‍රතිචාර දක්වන බ්ලොග්කරුවන්ට ඇති බිය නිසා ඇනෝ පැමිණ ගූ බයෙන් මඩ ගසයි. මෙය ප්‍රසිද්ධ රහසකි. */

      මා බ්ලොග් ලියන්නට පටන් ගෙන දැන් වසර එකොළයි මාස හයකි. මේවන තුරු කිසි දිනක, කිසි තැනක මගේ නමින් හෝ මුලකුරුවලින් හෝ රසිකොලොජිස්ට් වැනි බ්ලොග් නමින් හෝ මිස නිර්නාමිකයෙකු ලෙස කමෙන්ටු, ප්‍රතිචාර හෝ උත්තර ලියා නැති බව සියලු දෙනා වෙත මෙයින් අවධාරණය කොට පවසා සිටිමි.

      මා එසේ කළ බවට එක සාක්‍ෂියක් සපයන්න. නැතිනම් මේ කතා ඉල්ලා අස්කර ගන්න.


      Delete
    15. /* .......අප වැහිනැති හෙණ පතමින් සදා සාප කරමු..........
      .....අප එක්ව මොහු වැනසේවා යයි ශාප කරමු...........*/

      ඔබට වැළඳී ඇති බව පෙනෙන සියළු ලෙඩ රෝග දීරු වී, ඉක්මන් සුවය ලැබේවායි මම ඉත සිතින් පතමි.

      Delete
    16. ඉහත ඇනෝ විසින් රසිකලොජිස්ට් නමැති තක්කඩියාගේ රෙදි ගලවා දමා තිබේ. දැන් මෙම මී වෘෂභ වහන්සේ තවත් ලැජ්ජා නැතිව අමු හෙළුවැල්ලෙන් පැමිණ තප්පු ලනු පෙනේ. මේ නිසා මේ පිලිබඳ මගේ නිරීක්ෂණ ද සඳහන් කරමි.

      ජගත් පතිරණ යනු නග්න සිංහල ජාතිවාදී අපතයෙකි. රසික යනු උග්‍ර දමිළ/ මුස්ලිම් වර්ගවාදී ජාතිවාදී ජඩයෙකි. ඉතින් රසික තමුන්ගේ මතය ප්‍රවර්ධනය කිරීමට තම මිතුරෙකු ලියූ කුමක් හෝ පල්හෑල්ලක් අල්ලාගෙන ගොබ්බ පෝස්ටුවක් දමා ඇති අතර ජගත් එය විවේචනය කර ඇත. ඔහු සත්‍යප්‍රසාද් දමිළයකු ලෙස වැරදියට වටහාගෙන තිබේ. නමුත් මෙම සුළු අත්වැරදීම අල්ලාගෙන රසික නමැති මනපහත් අධමයා විසින් ජගත් නමැති ජාතිවාදියාට මනපහතෙක් කියා පෝස්ටුවක් ලියා තමා ඊටත් වඩා මනපහතයකු බව මොනවට පැහැදීලි කරමින් සිය ජඩ ගතිය මනාව ප්‍රකට කර තිබේ.

      Delete
    17. අනුන්ගේ ප්‍රාග්විනිශ්චය (prejudice) ගැන ඉතාමත් තදින් සහ දරුණු ලෙස අදහස් දක්වන රසිකොලොජිස්ට් තමන්ගේ ප්‍රාග්විනිශ්චයන් සම්බන්ධව අන්ධයෙකු මෙන් ක්‍රියා කිරීම රසිකගේම පහත පෝස්ටුවෙන් බලාගතහැකියි.

      රසිකොලොජිස්ට් ගේ සැබෑ ස්වරූපය

      මෙම ඇනෝ කමෙන්ට්කරු තමා ඊනියා "බයියකු" නොවන බව පුන පුනා කියද්දීත් රසික ඔහුව "බයියකු" ලෙස හංවඩු ගසා අපහාස කරන ආකාරය මෙයින් පැහැදිලි වේ.


      Delete
    18. //ඔබ මට මෙවැනි චෝදනා කරන්නේ කවර පදනමක් මත ද? කරුණාකර උදාහරණය බැගින් සපයන්න. //

      උදාහරණ අවශ්‍යනම් "රසිකොලොජිස්ට්" සහ "කතන්දර" බ්ලොග දෙක කියවා බලනු. ඕනෑ තරම් උදාහරණ ඇත. කෙටියෙන් කිවහොත් පිරබාහරන් ගේ පුතුගේ මරණය පිළිබඳ පෝස්ටුවත්, කොළඹ සරසවියේ "නිකාබ්" නමැති පසුගාමී ඉස්ලාම් අන්තවාදී සම්පූර්ණ මුහුණම වැසෙන මුහුණු වැස්ම සහිත ගෝත්‍රික ඇඳුමට ආවඩමින් දැමු විසුළු සහගත පෝස්ටුවත් බලන්න. එහි කමෙන්ට් දැමූ පාඨකයෝ මුගේ අමු මැටි ගොබ්බභාවය මනාව විස්තර කර තිබේ.

      //නැතිනම් ඉල්ලා අස්කර ගන්න.//

      රසික බ්ලොග් ලොව පොලිස්කාරයාගේ චරිතය රඟපාන පටන් ගත්තද? මේ ඔබේ අවධානය පිණිසයි.

      01. මුලින්ම ඔබගේ සැබෑ ස්වරූපය හෙළිකරමින් බ්ලොග්කරුවන් රැසක් විසින් අමු තිත්ත කතාවෙන් බැන ලියා ඇති පෝස්ට් ඉවත්කර පෙන්වන්න.

      02. ඇනෝ ගැසීම පිලිබඳ ඔස්තාද් කෙනෙක් වන ඔබ ඇනෝ කෙනෙක්ට තමාගේම කමෙන්ටුව මැකීමට නොහැකි බව නොදැන සිටීම විසුළු සහගතයි.

      Delete
    19. //මට සමරසේකර නමැති බ්ලොග්කරුවා සමග පුද්ගලික කෝන්තරයක් නැත. මා ඔහුට අපහාස කර නැත.//

      රසික මේවා කියන්නේ කටින්ද? මේවා අධෝමුඛ කතන්දරය.

      සමරසේකර එසේ කමෙන්ට් කර ඇත්නම් එය එතනදී විවේචනය කළ හැකිය. එසේ නොකොට සමරේ ඇති නැති හැමතැනම ඔහුගේ නම සඳහන් කරමින් වසර ගණනාවක් තිස්සේ මේ එකම කමෙන්ටුව වවාගෙන කන්නේ ඔබේ ඇති මනපහත් අධම තුච්ඡ ස්වභාවය නිසා නොවේද?

      Delete
    20. //එදා ඔහු කළ මේ වර්ගයේ කතා සහ අද රූපවාහිනී නාලිකා ඔස්සේ හක්ගෙඩි විකුණන, නළල මත රුපියලක් තියාගෙන මන්තරයක් කියා ධනවත් විය හැකි බවට මිථ්‍යා මත පතුරන හොරුන් ගේ කතා අතර වෙනසක් තියේ ද?//

      පැහැදිලිවම තිබේ. සමරසේකර කර ඇත්තේ තම පෞද්ගලික මිථ්‍යා මතයක් කමෙන්ට් එකක් ලෙස සඳහන් කිරීමය. එම තක්කඩි ජාවාරම්කාරයන් කරන්නේ මිනිසුන් මුලාකොට රවටා ඔවුන්ගෙන් මුදල් ගැරීමය. සමරසේකර ගැටඹේ පන්සල දඩමීමා කරමින් මුදල් ගැරීමක් ගැන මා අසා නැත. හැකිනම් පෙන්වා දෙන්න.

      //මා කතා කළේ මිථ්‍යාව විරුද්ධව බව ඔබට නොතේරෙන්නේ ඇයි?//

      මිථ්‍යාවට එරෙහිව නොව සමරසේකරට විරුද්ධව තැන නොතැන නොබලා කුහක ලෙස අපහාස කිරීම කර ඇති බවක් නම් පැහැදිලිය.

      Delete
    21. //මා බ්ලොග් ලියන්නට පටන් ගෙන දැන් වසර එකොළයි මාස හයකි. මේවන තුරු කිසි දිනක, කිසි තැනක මගේ නමින් හෝ මුලකුරුවලින් හෝ රසිකොලොජිස්ට් වැනි බ්ලොග් නමින් හෝ මිස නිර්නාමිකයෙකු ලෙස කමෙන්ටු, ප්‍රතිචාර හෝ උත්තර ලියා නැති බව සියලු දෙනා වෙත මෙයින් අවධාරණය කොට පවසා සිටිමි. මා එසේ කළ බවට එක සාක්‍ෂියක් සපයන්න. නැතිනම් මේ කතා ඉල්ලා අස්කර ගන්න.//

      මේ ගැන බ්ලොග්කරුවන් රාශියක් පෝස්ට් ගණනාවකින් සහ වෙනත් කමෙන්ට් රාශියකින්ද පෙන්වාදී තිබේ. මෙය "ප්‍රසිද්ධ රහසකි" කියා ලියා තිබෙන්නේ එබැවිනි. සාමාන්‍ය ව්‍යවහාරය අනුව "ප්‍රසිද්ධ රහසකි" යනු සැවොම ඉත්තේරුවෙන්ම දන්නා නමුත් පැහැදිලිව ඔප්පු කර නොමැති කාරණාවලටය. උදාහරන ලෙස රාජපක්ෂ කල්ලිය අන්ත දූශිතයන් බව ප්‍රසිද්ධ කරුණකි. නමුත් තවමත් එම හොරකම් අධිකරණය තුළින් ඔප්පු කර නොමැත. ඉතින් ඔබට ඔවුන් "දූෂිතයින් නොවේ" යැයි කීමට හැකිද?

      අනෙක් අතින් එතරම් ජනප්‍රිය නොවන කුප්‍රකට බ්ලොග්කරුවකුගේ ගොන් පාට් ඔප්පුකර පෙන්වීමෙන් අපට ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් තිබේද?

      Delete
    22. //ඔබට වැළඳී ඇති බව පෙනෙන සියළු ලෙඩ රෝග දීරු වී, ඉක්මන් සුවය ලැබේවායි මම ඉත සිතින් පතමි.//

      ඔබට හෙණ පැතීම මෙන්ම ශාප කිරීම් අතිශය පිළිකුල් සහගත ලෙස හෙළා දකිමි. නමුත් ඔබගෙන් ඉල්ලා සිටින්නේ මෙම සිද්ධිවලින්වත් පාඩම් ඉගෙන ඉදිරීයේදීවත් යහපත් මිනිසෙක් ලෙස බ්ලොග් අවකාශයේ රැඳී සිටින ලෙසයි. ඔබට නිදුක් නිරෝගී සුව පතමු.

      Delete
  8. පැරා තුමෝ.... ඔහේ ලිපි සපයාපු ජනරළ කියනා පත්තරේ ගැන අහලා තිබුනේ නැහැ කී නිසා ස ර ස තුමා දේසපාලන මුග්දයෙකු වන අන්දරේ කෙනෙකු බව සමහරක් ගේ අදහසයි...

    මොකද්ද මේ ජනරළ පත්තරේ හැබෑට.... ඔයි රෝසා ලක්සෙම්බර්ග් නෝනා ලියනා වර්ගයේ ලියුම් පලවන සම්බාව්ය දේසපාලන කතිකාවතක් ද හිටන්?

    ReplyDelete
    Replies
    1. "ජනරළ කියනා පත්තරේ ගැන අහලා තිබුනේ නැහැ කී නිසා ස ර ස තුමා දේසපාලන මුග්දයෙකු වන අන්දරේ කෙනෙකු බව සමහරක් ගේ අදහසයි."

      ඇත්ත තමයි. "ජනරළ" කියන්නෙ ජෙනරල් (General)යන එකේ හුදු හෙළ යෙදුම. ඒක යුධ ප්‍රවීනයන්ට පමණක් සීමාවූ පුවත්පතක්.

      ඔය අන්දරේ අදහස පල කළේ WWV, RWP, RSP, VSV, USP,rcds, psc වගේ සුදුසුකම් තියන විශ්‍රාමික ජෙනරල් කෙනෙක්. එතුමාට RPC විතරයි අඩු. එතුමා තමයි බ්ලොග් ලෝකේ යුධ කටයුතු පිලිබඳ කොමිසාර්.

      ඒ වගේ ප්‍රවීනයෙක් කිව්ව අදහසක් වැරදියි කියන්නෙ කොහොමද? හැබැයි අන්දරේ හම්බවෙයි කියල කොමිසාර්තුමා ගෙදර කණ්නාඩි අයින් කළාලු ඊයෙ පෙරෙයිද.

      Delete
  9. නිවැරදි කිරීමක් කරන්න කැමති..,
    "එහිදී භික්ෂුව බුදු ගුණ කෙතරම් ද යන්න තේරුම් කර දීමට අපූරු සාහිත්‍යමය උදාහරණයක් ගෙන හැර පෑවේ ය. යොදුන බැගින් දිග, පළල, උස පෙට්ටියක් තුළට අබ ඇට අසුරන්න. ඉන් පසු අවුරුදු 100කට වරක් අබ ඇටයක් ඉවත් කරන්න. අබ ඇට සියල්ල ඉවත් කරන්නට ගත වන කාලය කල්පයකි. බුදු ගුණ විස්තර කිරීමට එවැනි කල්ප ද කල්ප ගානක් ගත වන බවක් ඔහු කීවේ ය. "

    මේ උදාහරණෙ තියෙන්නේ බුදු ගුණ තේරුම් කිරීමට නොවේ. වැරදි තේරුම් ගැනීමක්. මේ උදාහරණය තියෙන්නේ කල්පය කියන එක තේරුම් ගැනීමට. කල්පයක් කියන්නේ කොතරම් කාලයක් ද කියන එකට උපමාවක්.

    පැරාගේ බෞද්ධ දැනුම නම් අන්තිමයි.

    ReplyDelete
    Replies
    1. ඔබට වඩා පැරා අහපු බනේ කියපු හාමුදුරුවෝ ඉදිරියෙන් වගේ, යමක් විස්තර කරන්න සුදුසු උපමාවක් තෝරාගැනීමට නිදහස ඒ හාමුදුරුවන්ට තිබිලා, ඒත් ඔබට එහෙම හිතන්න බෑ වගේනේ.

      Delete
    2. මට ඔබ කියූ දේ තේරුන් නැ ඇණයා?

      Delete
    3. මට ඔබ කියූ දේ තේරුන් නැ ඇණයා? මම ඉහත කවී.

      Delete
    4. මෙහෙමයි කවී, ඔබ හිතනවා ඒ උපමාව දාන්න පුළුවන් කල්පය කියන සංකල්පය තේරුම් කරන තැනටම විතරයි කියලා, හාමුදුරුවෝ (එහෙමත් නැත්නම් පැරා)ඒක වෙනත් තැනකටත් යොදාගෙන, සමහර විට ඔවුන් වරද්දා ගන්න ඇති, ඒත් ඔවුන්ට රාමුවකින් පිට හිතන්න හැකියාව තිබිලනේ.

      Delete
    5. ඕවා මිනිසුන්ව මුස්පේන්‍තු කරන්න කියන කතා.

      Delete
  10. අනේ අනේ පරා! අපිව නොමඟ යවලා තමුන්නැහේ එහෙනම් ඩීල් දැම්මා නේද? කවදාවත් පෝස්ට් එකක් එ‍ඩිට් නොකරන තමුන්නැහේ ඒකත් කළා නො වැ මේ ඩීල් එක නිසා.

    //AnonymousOctober 17, 2016 at 4:20 PM
    Para, Let's be plain and simple. Do you really want to join us again? If that is the case, you need to put forward an application for our consideration via the proper channels without beating about the bush. We will decide on your request in the ex-co. Any hope of re-admittance looks very bleak right now due to your dismal past records. However, if you are seriously interested, let us see what can be done.

    We have already smelt the rat that you have some inclination for a re-admittance as evident in your recent writings. You had crossed the Rubicon long years ago when you started making love with the government military and adjunct militia, initially clandestinely, lately publicly. All your words and acts since then have just worsened the wound. You will have to undergo an extensive and overall transformation in your thought process as well as your behaviour both voluntary and involuntary. We wonder whether you have enough capacity left within your idiosyncratic structure to facilitate such intense metamorphosis.

    You need to understand Marxist internationalism to keep in pace with our present geopolitical dynamics. We may provide you the relevant resources. But, your will have to restart from the apprenticeship and preliminary grade.

    What do you say Para? //

    ReplyDelete
  11. කොයි දර්ශනයත් මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් ලියනවනම් මිනිස්සු වැඩි දෙනෙක් කියවනවා.දැන් වෙලා තියෙන්නේ තමන්ටත් නොතේරෙන පොත් පොත් රාක්කෙ තියාගෙන මීයෝ එනකම් බලාගෙන ඉන්න එක විතරයි

    ReplyDelete
    Replies
    1. ඔයි මැදපු කොල වලින් හදපු තඩි පොත් වලට මියෝ, වේයොත් එච්චර කැමති නෑ, උන්ටත් ඒවා අරටු වගේ. ඒවා අතරින් රිංගලා ගිහින් ලාබ කොලේ ගහපු නවල් තමයි කාලා දාන්නේ.

      Delete
  12. මාක්ස් වාදියෝ (සියළු වාදිකයන් සහ නිකායන් ඇතුළුව) කරන්නෙත් බුදුහාමුදුරුවන්ගේ ගෝලයෝ කරනා දේමනේ, තේරුම් ගැනීමට අපහසු බර වචන දාලා මිනිස්සු මුලා කරනවා, හොඳ වෙලාවට මිනිස්සුන්ට ඔයි පොත්වල තියන පාඨ කටපාඩම් කෙරෙව්වේ නැත්තේ, මාඕගේ චීනේ නම් එහෙමත් කළාලු. හැබැයි ඔයි නුතන කියන මාක්ස්වාදියන්ට පට්ට පරණ ආගම් වලට අලගුතියාගන්නවත් බෑ මුලාකරගන්න හැකිවුන ගාන බැලුවාම.

    ReplyDelete
    Replies
    1. නොතේරෙන විලම්භීත ලිව්වාම ඈත්වෙන්නේ අඩුවෙන් උගත් අය. වැඩි පිරිසක් පරතෙරට උගත් අය නෙමේනේ. ජනරළ, නියමුවා වගේ පත්තරවලට උනේ සාමාන්‍ය පාඨකයාගෙන් ඉවත්වීමේ ආදීනව. ඇත්ත පත්තරේ පාටි පේපර් එකක් වුනාට සාමාන්‍ය මිනිස්සු පවා කියෙව්වා.ඒ තේරෙන භාශාවකින් ලියපු නිසා වෙන්න ඇති. ඒත් පක්ෂය දියවුනා.

      Delete
  13. Pra JayOctober 18, 2016 at 3:12 AM
    විප්ලවයේ නමින් ඕනෑ ප්‍රචණ්ඩත්වයක් සාධාරනීකරණය කරනවනේ.
    ආගම ජාතිය රට කියලත් ලෝකෙ පුරාම එහෙම කරනවා.
    අන්තිමටම ජාත්යන්තර අධිකරණයට වැඩ ලැබෙනවා.
    ඔය මානසිකත්වයේ මුල් අවධියක් තමයි නවක වධය සාධාරනීකරණය

    ReplyDelete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  15. එදත් අදත් හෙටත් ජේවීපී කැ_ බල්ලන් යනු අවජාතක පර පිස්සු බලු විශේෂයකි. පිස්සු බල්ලන්ට බෙහෙත් නැත. සියලු නායක පිස්සු බල්ලන් දස වදදී පණපිටින් ගෑස් මගින් ආදාහනය කළ යුතුය.

    ReplyDelete
  16. පැරකුම්,
    අර සුළු සංස්කරණයක් එක්ක දාල තිබුනේ මගේ කොමෙන්ට් එක.
    එයට මම පිළිතුරක් ලිව්වා ඇයි මම එම කොමෙන්ට් එක ලිව්වේ කියල.
    එකත් පැරාගේ කතුරට අහුවෙලා වගේ.
    හැබැයි 'ඔබගේ අදහස් අපි මහත් ..... යනුවෙන් පටන්ගත් ඉවත්කරන බව කියා ඇති කිසිම දෙයක් මම නම් දැම්මේ නෑ .
    මම දන්නවා මේක ඔබගේ බ්ලොග් එක ඔබට ඕනේ නම් ඕනෑම දෙයක් ඩිලීට් කරන්න අයිතිය තිබෙනව කියල. එහෙම නම් ඒකත් කරුණාකරලා අර 'ඔබගේ අදහස් අපි මහත් .... ' එකටම එකතු කරන්න.
    කොමෙන්ට් ඩිලීට් කලොත් පොඩ්ඩක් දාන්නකෝ 'කොමෙන්ට් එක කපා දමන ලදී' කියලවත්.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කපන්නට තියා අද දවසට මම බ්ලොගයට ආවේත් පැය 12කට පසුව ය. ඒ නිසා එය ඔබේ වරදකින් මැකී යන්නට ඇත. කරුණාකර නැවත ලියන්න.

      Delete
  17. Not because of any fanatical concept of “justice” but because all that is instructive, wholesome and purifying in political freedom depends on this essential characteristic, and its effectiveness vanishes when “freedom” becomes a special privilege

    මෙතන කියන්නේ "සාධාරණත්වය පිලිබඳ අනිකුත් විකෘති සංකල්ප මෙන් නොව, දේශපාලන නිදහසේ ප්‍රයෝජනවත්භාවය, යහපත්භාවය හා පාරිශුද්ධභාවය රඳා පවතින්නේ සාධාරණත්වය යන අත්‍යවශ්‍ය කාරණය මතය. එය අතුරුදහන් වන්නේ 'නිදහස' විශේෂ වරප්‍රසාදයක් වූ විටය. "

    හරිද දන්නේ නැහැ? පිස්සු හැදෙනවා තෙරුම් ගන්න ගියාහම

    ReplyDelete
  18. මේක එච්චර අමාරැ ලිවීමක් නෙමෙයි. නමුත් තේරුම වටහාගත හැකි රටා පිළිබඳව සමීප නොවීම අදහස තේරුම් ගැනීමට බාධාවක් වෙන්න පුළුවන්.

    මුලින්ම මේ වාක්‍යය කලින් වාක්‍යයේ (Freedom is always and exclusively freedom for the one who thinks differently. ) අදහසට සම්බන්ධ වෙනවා. ඒ වාක්‍යයේ එන අදහසට හේතුව තමයි මේ වාක්‍යයේ එන්නේ. වරහනකින් තේරුම වටහාගත හැකි ආකාරය පැහැදිලි කළ හැකි යි.

    Not because of any fanatical concept of “justice” but because (all that is instructive, wholesome and purifying in political freedom depends on this essential characteristic), and its effectiveness vanishes when “freedom” becomes a special privilege.

    ReplyDelete
  19. Not because of any fanatical concept of “justice” but because all that is instructive, wholesome and purifying in political freedom depends on this essential characteristic, and its effectiveness vanishes when “freedom” becomes a special privilege.

    මේ වාක්‍යය මේ ජේදය ඇතුළේ කියවමු.

    “Freedom only for the supporters of the government, only for the members of one party – however numerous they may be – is no freedom at all. Freedom is always and exclusively freedom for the one who thinks differently. Not because of any fanatical concept of “justice” but because all that is instructive, wholesome and purifying in political freedom depends on this essential characteristic, and its effectiveness vanishes when “freedom” becomes a special privilege.”

    එතකොට මෙහෙම පරිවර්තනය කරන්න පුළුවන්.

    (නිදහස සැමටම සමානව ලැබිය යුතු දෙයක් වන්නේ...), 'යුක්තිය' පිළිබඳ උමතුවකට ලංවෙන තරම් උද්යෝගී සංකල්ප නිසා නොව, දේශපාලන නිදහස පිළිබඳ සිතුවිලි පුබුදු කරවන, යහපත්, සහ ශුද්ධවන්ත සෑම අදහසක්ම රැඳී ඇත්තේ ඒ ගුණය මත (නිදහස සැමටම ලැබීම සාමාන්‍යය තත්වයක් වීම මත) නිසාය. 'නිදහස' විශේෂ වරප්‍රසාදයක් වූ විට එහි කාර්යක්ෂමතාව (සැබෑ අරුත) අතුරුදහන් වී යයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා