යාපනයේ පොලිස් විරෝධී හර්තාලය රටට ම වැදගත් ඇයි?

අද යාපනයේදී පැවැත්වෙන හර්තාලය මුළු රට ම වෙනුවෙන් කරන එකක් ලෙස අප පිළිගත යුතු ය. කළ යුතු ය.

තරුණයන් දෙදෙනාට වෙඩි තැබූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. නීතිය ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබේ. එහෙව් එකේ තවත් හර්තාල් කුමට ද?

හර්තාල් කළත්, නැතත්, නීතිය ක්‍රියාත්මක වීම හා දඬුවම් ලැබීම සිදු වන්නේ ඉතා මන්දගාමීව බව පැහැදිලි ය.

හර්තාල් කළ යුත්තේ වැදගත් හේතුවක් නිසා ය. ඒ පොලිස් ප්‍ර‍තිසංස්කරණ වෙනුවෙනි.

ලංකාවේ පොලිසිය නීති දන්නේ නැත. ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ අද ලංකාදීප පුවත්පතට පවසා ඇති පරිදි පොලිසිය විසින් වාහනයක් නතර කරන්නට අණ කළ විට නවතා විස්තර පැවසීම මහජන වගකීමකි. එහෙත්, අණ නො තකා ධාවනය වන වාහනයකට වෙඩි තැබීමට පොලිසියට අවසර නැතුවා පමණක් නො ව එය නීති විරෝධී ද වේ. එසේ අණ නො තකා ධාවනය වන්නේ නම් කළ යුතු වන්නේ ලුහුබැඳු අත්අඩංගුවට ගැනීම හෝ ඊළඟ පොලිස් මුරපොළට දැනුම් දී අත්අඩංගුවට ගැනීමයි.

ට්‍රැෆික් පොලිස් නිලධාරීහු රියදුරන් අතින් ඉරි කැපෙන්නට ඉඩ ඇති පටු මාර්ග අසල ගස් අස්සේ, ගෙවල් අස්සේ සැඟවී සිට හිටි හැටියේ පාරට පැන වාහන නවත්වති.

දිනක් මා රාත්‍රියේ ගමනක් යන විට පාළු තුන්මංහන්දියක් අසලදී මා ධාවනය කරන ප්‍ර‍ධාන මාර්ගය නො වන අතුරු මාර්ගයක සිට ජංගම දුරකථන විදුලි පන්දමක් වනමින් පොලිස් නිලධාරියෙකු පාරට පැන මා නැවතී ය. ඔවුන් අත ගිනි අවි තිබුණ අතර මා එය නො දුටුවා නම් වෙඩි තබන්නට තිබිණි. එසේ කරන්නේ ඇයිදැයි ඇසූ විට පොලිස් නිලධාරියා කීවේ තමන්ට විදුලි පන්දම් ලබා දී නැති බවයි. ඒ කාලයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නිසා පැමිණිලි කිරීමෙන් වැඩක් නැති හෙයින් මම එය අතහැර දැමුවෙමි. මෙවැනි අකටයුතුකම් සම්බන්ධයෙන් දැන් නම් මහජනතාව පැමිණිලි කළ යුතු ය.

වැරදි උපදෙස් දෙන, පහසුකම් නො දෙන, පහළ පොලිස් නිලධාරින්ට වධ දෙන පොලිස් ලොක්කන් නිසා අවසානයේ එල්ලුම් ගස් යන්නට සිදු විය හැක්කේ දිළිඳු පොලිස් කොස්තාපල් කෙනෙකුට විය හැකි ය.

මෙවැනි ප්‍ර‍ශ්නවලදී අප ඔවුන් පිළිබඳව ද සැලකිලිමත් විය යුතු ය. පොලිස් නිලධාරීන් නීතියට අනුව පමණක් කටයුතු කළ යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. යාපහුව විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සදහා පැවති නිලවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම ආසන 74ක් දිනාගෙන තිබේ.

    එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කල කණ්ඩායම ආසන 14ක් දිනා ගනිද්දී ශ‍්‍රිලනිපය වෙනුවෙන් ඉදිරිපත් වූ කණ්ඩායමට කිසිදු ආසනයක් දිනාගත හැකි වූයේ නැත.

    ReplyDelete
    Replies
    1. ඔය සමුපකාර ඡන්ද උණකාරයන්ට ජනාධිපති උත්තර දුන්නා එයාගෙ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවේදී.

      ප්‍රශ්නය - ශ්‍රීලනිපය සමුපකාර ඡන්දය පවා පරදින්න පටන් අරගෙන තිබෙනවා. ඒවායේ ජයග්‍රහණ අත්පත් කර ගන්නෙත් ඒකාබද්ධ විපක්‌ෂයේ පිරිස. පළාත් පාලන මැතිවරණයත් ඉදිරියේදී එන නිසා, ඒකාබද්ධ විපක්‌ෂයට යම් සුබදායි සංඥාවක්‌ ඔබ විසින්, මෙම කතාව තුළින් ලබා දුන්නා කියලා සමහරු පවසනවා.

      පිළිතුර - ඔය කියන සමුපකාර ඡන්දයක්‌ ගැන මම දන්නෙත් නැහැ. අපි ඕවට තරග කරලත් නැහැ. ශ්‍රීලනිපය ඕවට තරග කරලා නැහැ. ඕවා ප්‍රාදේශීය වශයෙන් කෙරෙන දේවල්. ජනාධිපති කෙනෙකුට සමුපකාර ඡන්ද වැඩක්‌ තියෙනවද...? ඒක සමුපකාර සමිතියේ සාමාජිකයන්ගේ වැඩක්‌. ඕවට දේශපාලනඥයෝ ඇඟිලි ගහන්න ඕනෙද...? දේශපාලන පක්‌ෂ විදිහට තරග කිරීම සමුපකාර ප්‍රතිපත්තියට එහෙන් පිටින්ම විරුද්ධයි. මම දිනුම්...මම පරාදයි කියලා කවුරු හරි ඒ ගැන කතා කරනවා නම්, එයා සමුපකාර ප්‍රතිපත්ති දන්නේ නැති කෙනෙක්‌. මට ඒවගේ අය ගැන තියෙන්නේ, අනුකම්පාවක්‌.

      Delete
    2. නොදන්න කමට අහන්නේ.....මේ සමූපේ ඡන්දෙට කට්ටිය ඉල්ලන්නෙත් අලියා, හංසයා, සීනුව, අත, සොත්ති අත වගේ සිම්බල්ස් වලින්ද....ඉස්සර නම් එහෙම නැහැ.

      Delete
  2. පැරා, මේ සටහන සම්පුර්ණ වන්නට නම් එකිනෙකට සම්බන්ද නැති තවත් කාරණා කිහිපයක් එක් කළ යුතුයි.

    1. 1970 දශකයේ මැද භාගයේ උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වීමේ ආසන්නතම හේතුව 1974 ජනවාරි මාසයේ ලෝක දෙමළ පර්යේෂණ සම්මේලනයේදී කළ වෙඩි තැබීමක් නිසා නව දෙනකු මියයාම. මෙන්න විස්තර සහිත ලින්කුවක්. 1974 Tamil conference incident (තවත් ඇති.) කරුණාකර මේ සිද්ධිය වත්මන් සිද්ධිය සමඟ සසඳන්න. මේ දෙකේ සමානකම් ගණනාවක් තියෙනවා.

    2. "නොනවත්වා ගියා: වෙඩි තැබුවා" කතාව පොලිසියේ පැහැදිළි කිරීම පමණයි. මෙවැනි වෙනත් අනාගත් කිසිම සිද්ධියකදී පොලීසිය ඇත්ත නොකියූ බව අප දන්නවා. මේ සිද්ධියේදී පමණක් අප පොලීසියේ වචනය විශ්වාස කළ යුතු මන්ද? (අධිකරණ පරීක්ෂණ තවමත් නිමාවී නැහැ.)

    3. දකුණේ කිසිම අවස්ථාවකදී නොනවත්වා ගිය නිසා වෙඩි තැබූ සිද්ධියක් 2009 ට පසු වාර්තා වී නැහැ. නිහාල් සිල්වා ගේ වැනි සිද්ධීන් වාර්තාවන්නේ රටේ යුදමය වාතාවරණයක් පැවැති සමය තුළයි. අද යුද්ධයක් නැහැ. එදා වගේ මාර්ග බාධකත් නැහැ. ඇත්තේ ට්‍රැෆික් මාර්ග බාධක පමණයි. නොනවත්වා ගිය පළියට ට්‍රැෆික් පොලිසිය කාටවත් වෙඩි තැබීම දක්වා යා හැකිද? දකුණේ නැතිව මෙවැනි සිද්ධීන් උතුරේම වන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. /* දකුණේ කිසිම අවස්ථාවකදී නොනවත්වා ගිය නිසා වෙඩි තැබූ සිද්ධියක් 2009 ට පසු වාර්තා වී නැහැ. */

      මං හිතන්නේ කීප වරක්ම මෙලෙස වෙඩි තබා තියෙනවා. මං වීඩියෝවකුත් දැක්කා අවුරුදු දෙකකට පමණ ඉස්සර!

      Delete
    2. වරද මගේයි. මා වඩාත් නිවැරදි විය යුතුව තිබුණා. මා ලිවිය යුතුව තිබුණේ "දකුණේ කිසිම අවස්ථාවකදී නොනවත්වා ගිය නිසා *මෙහෙම මෝඩ ලෙස* වෙඩි තැබූ සිද්ධියක් 2009 ට පසු වාර්තා වී නැහැ." කියායි.

      පලැවැනි සිද්ධියේ වෙඩි තබා ඇත්තේ ටයරයට. මරණ නැහැ. තුවාලකරුවන් නැහැ. ස්වාභාවිකයි. යම් පමණකට පිළිගත හැකියි.

      දෙවන සිද්ධියේදී වෙඩි තැබීම සිදුව ඇත්තේ ගැටුමකදී. නොනවත්වා ගිය නිසා නෙවෙයි.

      මගේ ප්‍රශ්නය මේකයි. මෙතැන ඇත්තටම මේ තරුණයින් දෙදෙනා නොනවත්වා බයිසිකලය පදවාගෙන ගියාද, නැත්නම් ඉහත දෙවන සිද්ධියේ වගේ පොලිසිය සමඟ ගැටුමක් ඇති කර ගෙන එහි ප්‍රතිඵලයක් සේ පොලිසිය වෙඩි තැබුවාද. මේ දෙක අවස්ථා දෙකක්.

      Delete
  3. "ඒ කාලයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නිසා පැමිණිලි කිරීමෙන් වැඩක් නැති හෙයින් මම එය අතහැර දැමුවෙමි."

    ඉතින් පැරා දැන් ගෝඨාභය රාජපක්ෂ නැහැනෙ. දැන් පොලිසියේ වැරදි ගැන යහපාලන නීතිය හා සාමය ඇමතිටම පැමිණිලි කරන්න පුලුවන්නෙ?

    ලංකාවේ "ප්‍රථම වෘත්තීය බ්ලොග්කරුවා" විදියට දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරුතුඩුව දක්වාත් කොළඹ සිට සංගමන්කන්ද තුඩුව දක්වාත් ගහක් ගලක් ගානේ ප්‍රසිද්ධියක් උසුලන පැරා සාගල රත්නායක හම්බවෙලා මේ ගැන කතා කළොත් නරකද?

    ලංකාවේ "ප්‍රථම වෘත්තීය බ්ලොග්කරුවා" කිව්වම පොඩිපහේ සිවිල් බලයක්ද අප්පා? අනික මහින්දව එලෙව්වෙත් මේ බ්ලොග් වලින් නිසා ටක්කෙටමම රනිල්ලා සාගලලා බයටම පැරා කියන විදියට පොලිසිය හදයි.

    ReplyDelete
    Replies
    1. මම කතා කරන මාතෘකාව ගැන හිතන්න. මගෙත් එක්ක ඇරියස් ගැන ම හිතන්න එපා.

      මාධ්‍යකරුවාගේ කාර්යය සමාජ ප්‍ර‍ශ්න පිළිබඳ සාකච්ඡා නිර්මානය කරන එකයි. මවිසින් එය කර ඇත. එතනින් එහාට යාම මාධ්‍යකරණයෙන් ඔබ්බට විහිදුණු දෙයකි.

      හැම දෙයකම ප්‍රොටොකෝල් තිබේ. බ්ලොග්කරණයට ද එසේ ම ය. ඒවා දැනුවත් වන්න.

      Delete
    2. ප්‍රොටෝකෝලය නො දන්නේ කවුද කියන එක නම් පහුගිය ටිකේ මෙතන ලස්සනට පෙන්නා දී තිබුණා අජිත් මහත්තයගේ පරණ යිළුවෝ ටික.අජිත් මහත්තයා තමන් නො දන්න දේ ගැන ලියන්න ගහින් චා වෙන හැටි නම් නියම උදාහරණේ ප්‍රොටෝකොලය නො දැනීමට. ඇත්තෙන්ම ඉතිං මෙලෝ ‍දෙයක් හරි හැටි නො දන්න කෙනෙක් ප්‍රොටෝකෝලයකට කොහාම සීමා වෙන්න ද? අජිත් මහත්තයෝ පඩිය ගන්න මේ සතියෙ පිටකෝට්ටේ එනව ද? අර දවසකට පෝස්ට් තුන හතර දැම්ම ඒවාට වැඩිපුර දාල ඇති. හෙට අනිද්දා දිහා ඇවිත් අරං යන්න.

      Delete
    3. // ප්‍රොටෝකෝලය නො දන්නේ කවුද කියන එක නම් පහුගිය ටිකේ මෙතන ලස්සනට පෙන්නා දී තිබුණා අජිත් මහත්තයගේ පරණ යිළුවෝ ටික. //

      හිටපු විප්ලවවාදියෙක් වන පැරා තුමාලා ඊයේ පෙරෙයිදා ඇහිඳ ගත්තු ප්‍රොටොකෝලෙ කරේ තියන් සිටීම විහිලුවට කාරනයකි!

      Delete
    4. විප්ලවයටත් ප්‍රොටොකෝල් ඇත. මේ වචනයත් පැරණි එකකි. නො තිබුණේ භාවිතය පමණි.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. // විප්ලවයටත් ප්‍රොටොකෝල් ඇත. //

      "නොකෙරන වෙදකමට කාලය නාස්ති කලා ඇති, දන් කොම්රේඩ්ස් ලා පාවලා දීලා ගොඩ එන්න බැලුවානම් " යන කොමාන්ඩ් එක තියෙන්නේ ප්‍රොටොකෝල් එකේ යට හරියෙද හිටන්?

      Delete
    7. සරසතුමෝ, පැරාගේ ප්‍රොටෝකෝල් ගැන යි රට විකුණන අලුත් ම හොර ඩීල් එකක් ගැන යි එළ්දරව් කෙරෙන පිස්සු ඇසෙම්බල් වෙන කමෙන්ට් එකක් වැටිලා තිබ්බා ටිකකට ඉස්සෙල්ලා. පැරාගේ ජාතිද්‍රෝහි තිරිසන් වැඩ සේර ම එක්ස්පෝස්ඩ් ඒකෙන්. පැරා ඒක දැන් මකා දමලා. කමක් නැහැ කමක් නැහැ පැරා උඹ ඒක මැකුවට. මොකද උඹ උඹේ දරුපවුල නඩත්තු කරන්නත් ඕනෙ නො වැ. ගැහැනු දරුවෝ දෙදෙනෙකුට දෑවැද්ද හදන්න උඹට වැඩි කාලයක් ඉතුරු වෙලාති නැහැ නො වැ. උඹ ඒක කියෙව්වා නම් ඇති.

      Delete
    8. ඒ කමෙන්ටුව හා මේ කමෙන්ටුව දමන කාන්තාවට ඇත්තේ වෙනත් ඇරියස් එකකි. ඇය ඉස්සර සිටම සිතාගෙන සිටියේ පිරිමින් සේ හැසිරීමෙන්, කුණුහරුප කීමෙන් ස්ත්‍රියට විමුක්තිය සලස්වා ගත හැකි ය කියා ය.

      එහි සීමාව සලකුණු කර ඇති බව දැන ගන්න. ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස යනු වල් බූරුවන්ට හා බූරු දෙනුන්ට තමන් කැමති දෙයක් කරන්නට අවකාශයක් නො වේ.

      Delete
  4. // "ඒ කාලයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නිසා පැමිණිලි කිරීමෙන් වැඩක් නැති හෙයින් මම එය අතහැර දැමුවෙමි." //

    ගෝටට මහින්දට බැන්නෙ නැත්නම් නින්ද යන්නෙත් නැහැ...
    එහෙම බැන්නයි කියල යහපාලනේ හැදෙන පාටකුත් නැහැ

    පැරා ලා, හරක් විජේසූරියලා සහ පිරිමි මිසීලා ගේ ෆැන්ටසිලන්තේ ලොකුමහත්තයා වන රනිල් තුමා තම රාජකීය පාසැල් මිතුරන් රැකගැනීම උදෙසා සියලු යහපාලන අපේක්ශා බිල්ලට දෙන කල.... දුකයි ජීවිතේ!


    // හැම දෙයකම ප්‍රොටොකෝල් තිබේ. බ්ලොග්කරණයට ද එසේ ම ය. ඒවා දැනුවත් වන්න. //

    හිකෙන් පුනා!

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා. පැරාගේ හිකෙන් පුනා යන උත්තර.

      පෙරේදා (23දා) බදුල්ලේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මෙසේ පැවැසීය.

      ‘සාධාරණ සමාජයක්ද මොකක්ද අටවගත්තු මහාචාර්යවරු ජීවිතේට ගම්වලට ඇවිල්ලත් නෑ. දන්න මඟුලකුත් නෑ. හැබැයි නියෝජනය කරන්නෙ නම් සිවිල් සමාජය. පිටරට සල්ලි අරගෙන හැන්දෑවට මේ අය කෑගහනව"

      ඔය බෙරිහන් දෙන, කෑගහන මහාචාර්යතුමාලට හමුදාවෙ බුද්ධි අංශ ලොක්කට අවමන් කරන්න තියෙන අයිතිය මොකක්ද? ජනාධිපතිවරයාට ඒගොල්ල කියනවා "නෑ නෑ නෑ ඔයාව රටේ ජනාධිපති කරන්න වැඩ කළේ අපි. ඒ නිසා අපේ විතරයි ජනපති" කියලා.

      අර ඔරන්ඔටන්ලට තද වෙලා ටී.වී. එක බදාගෙන කෑගහනවා. මම නම් ඒක හින්දා ඒ ඔරන් ඔටන්ලට කිව්වා "හලෝ..., මේ නිකන් රිළව් වගේ උඩ පනින්න එපා. නරි වගේ හූ කියන්න එපා. හරක් වගේ දඟලන්න එපා. කරුණාකරල මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කතා කරපු එකේ හරය තේරුම් අරගෙන කතා කරන්න" කියලා.

      ඔය "සාධාරණ සමාජයක්" කියන ගොඩේ ඉන්නවා මැතිවරණ තරග කරල පරාද වෙච්ච අය. තව හාදයෙක් ඉන්නවා එයාගෙ රස්සාව හෙද වෘත්තිය. හැබැයි හෙද වෘත්තිය හැර අනෙක් හැමදේම එයා කරනවා.‘

      Delete
    2. "පිරිමි මිසී"
      ලැජ්ජයි සාරස, දොස්තර කෙනෙක් නේද?
      ඒකෙන් කියන්නෙ මිසී ජොබ් එක පිරිමින් කරන්න බැරිද?
      එහෙම නැත්නම් පොන්නය කියා නොකිය කියන එකද?
      මොක උනත් ඒ මනුස්සයගෙ රැකියාව හෝ පව්ද්ගලිකත්වයට ගහන්න එපා.
      එයාගෙ ප්‍රතිපත්ති වලට ගහන්න

      Delete
    3. ඩිලාන් කියන දේවල් කවුරුද සීරියස් ගන්නෙ?

      අනෙක මිනිහට අමතක වෙලා මේ වතාවෙ මිනිහා පාර්ලිමේන්තු ආවෙත් ජාතික ලැයිස්තුවෙන් ය කියන එක.

      යමෙකුගේ වෘත්තියට අවමන් කරන එකා ඇත්තෙන් ම පෙන්නා ගන්නේ තමන්ගේ නිරුවතයි.

      පිස්සන් කලබල වුණාට දොස්තර කලබල විය යුතු නැත.

      සිවිල් සමාජය ද කරන්නේ දොස්තර භූමිකාවයි.

      Delete
    4. අනෙක ඩිලාන් දේශපාලනිකව ඉන්නෙ හෙළුවෙන්. ඒ නිසා කවුරුහරි රෙද්දක් පෙන්නපු ගමන් කපාගෙන මහගන්නෙත් නැතුව ඇඟේ පටලගන්නවා.

      රෙදි නැතිව ඉන්න එකාට ගවුම වුණත්, සරම වුණත් එකයි නේ.

      පව් අපේ මිත්‍ර‍යා!

      Delete
    5. // ලැජ්ජයි සාරස //

      ලැජ්ජාව බිමින් තබා පිරිමි මිසී සමග පෙරටම යමු ඇනෝ තුමා!

      Delete
    6. පිරිමි මිසී - හරිම බීසී
      උසී උසී - නකදි පුසී

      Delete
    7. 1986 අපිත් එක්ක ඒ ලෙවල් කරන කාලේ කලුආරච්චියා මෙහෙම ඔලුව ඉදිමිච්ච එකෙක් නෙවෙයි. නිකම් සෙවලයෙක්. මහින්දයා මුගේ පුකේ අරින නිසා තමයි මුගේ ඔලුව ඉදිමිලා තියෙන්නේ.

      Delete
    8. // මහින්දයා මුගේ පුකේ අරින නිසා තමයි මුගේ ඔලුව ඉදිමිලා තියෙන්නේ. //

      සහතික ඇත්ත ඒ ලෙවල් ඇනෝ!

      Delete
    9. Ano 11.21- umba mokata kahinnekda ban, umba Dilanda?
      Mathiwaranen parada wechcha ewwo amathi welath inne!

      Delete
    10. Ano 2.15

      ඔව් මම ඩිලාන් තමයි ඇයි මොකෝ?

      ඉතින් ඒක තමයි අපේ දක්ෂකම ! ඇපි පැරදුනත් දිනුම් ! ඇයි අවුල්ද?
      තොපිට අවුල් වුණත් අපිටනම් කිසි ගින්නක් නැහැ.

      සිවිල් සමාජ ගොන් බිජ්ජො හැත්තයි ජෙප්පොයි මෝඩ අති පන්ඩිත බ්ලොග් කාරයොයි ඒකාබද්ද මලබද්දෙ ගොන්නු ටිකයි ගිරිය කඩාගෙන බොරුවට රැඟුවට කිසිම වැඩක් නැහැ. සද්දෙයි පඩ ගඳයි විතරයි. ආණ්ඩුව ස්ටේබල්.

      Delete
    11. ඩිලාන් ඇනෝ.....ලඟදි හාලිඇල ගියේ නැද්ද....

      Delete
    12. සිවිල් සමාජ රොගීනුයි ජෙප්පෝ සෙට් එකයි බ්ලොග් කාරයෝ වගේම බොරුවට කෑ ගහනවා විතරයි. මුකුත් කරන්නත් බෑ කවුරුවත් පඩේකට ගණන් ගන්නෙත් නැහැ. අනේ පව්. පිස්සු යක්කු ටිකක්.

      Delete
    13. Aruna

      ගියා මචෝ, හාලිඇල ගිහින් ලාවට පොඩි ශොට් එකක් හෙම දාල ආතල් එකක් ගත්ත. සිංහල ජාතිවාදී ගොන් බිජ්ජො නැතිවුණාට අපිට දමිළ වතු කම්කරු සහෝදරයො ඉන්නවා. අනික අපේ ඩැඩා මාශල් ලොක්කගෙ පරන වමේ ඡන්දත් අම්බානකට තියෙනවනෙ.

      අර උඩ ගොන් පාට් දාපු පොල් බූරුවා මම 2015 අගෝ: ඡන්දෙට ඉදිරිපත් නොවී ජාතික ලැයිස්තුවට නම දාගෙන හිටපු බවවත් දන්නෙ නැති අමුම අමු මැටි හරකෙක්. මම කොහොමත් ආවෙ ජාතික ලැයිස්තුවෙන්. මරා දින්නත් මම එනවා ඇතුලට. අපි එහෙමයි, ඕ යේස් !

      Delete
    14. ඉතින් ඩිලාන් උඹත් දත් මදින්නේ පවිත්‍රා වගේ ඉලෙක්ට්‍රික් දත් බුරුසවකින්ද..... නැත්නම් තාම සිග්නල් සොෆ්ට් එකෙන්ද....

      Delete
    15. මොකෙන් මැද්දාම මොකෝ බන්? ඌරන්ට මොන සවුක්කිය ද? අපි කන ජරාව අකුලෙ හැටියට මැදල දත් බේරගන්න පුළුවනෑ? ඉතින් මම දත් මදින්නෙම නැහැ. ඇයි අවුල් ද?

      Delete
    16. අනේ නැහැ බං. නිකන් ඇහුවේ එකක් අරන් දෙන්න. මේ දවස්වල සාජ්ජ ඇමති නිසා..එච්චර වාසියක් හෙම නැතුව ඇතිනේ.

      Delete
  5. පෙලිස් නිලධාරීන් පැදිලිලෙස දර්ශය නොවන ලෙස ස්ඨානගතවී සංඥා කිරීම රෑ විතරක් නෙවේ දවල්ටත් තිබෙන ප්‍රශ්ණයක්. අනෙක තමයි පාරේ ඉන්න ට්‍රැෆික් පෙලිස් වරු සමත සංඥාවෙනුවට ඔවුන්ගේම සංඥාක්‍රමයක් අනුගමනය කිරීම !

    ReplyDelete
  6. ඔව් ඒ නීතිය කවදාක මිහිපිට දකින්ට ලැබේවිද..එතනයි ගැටළුව. සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙන නීතිය යහපත් එකක් විය යුතුයි. වල් වැදිච්ච නීතියකින් ඇති පලේ මොකද්ද...ලොක්කාටත් සොක්කාටත් දෙකක් නොව එක නීතියක් තිබිය යුතුයි. මෙවන් සමාජයක එය දැකීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේය

    ReplyDelete
  7. @පැරා,

    මේ සිද්ධිය වූයේ කෙසේද යන්න පිළිබඳව "ඔක්කොම ඇඩ්ඩිං ඔක්කොම මෙම්බර්" නම් ෆේස්බුක් සමූහයේදී සිංහල බෞද්ධ ජාතිවාදී කඳවුරේ අයවළුන් දෙදෙනකු ප්‍රසිද්ධියේ කළ (ගොං)වාදයක් තිබේ. මේ (ගොං)වාදය වමනෙ යන තරමට පිළිකුල්ය. තමන් කතා කරන්නේ මනුස්ස ජීවිත දෙකක් පිළිබඳව එක්කෝ මේ පුද්ගලයින් දෙදෙනාට කිසිම අවබෝධයක් නැත. නැත්නම් මේ දෙමළ ජීවිත නිසා දුටුගැමුණු එළාර යුද්ධයෙන් පසුව දෙමළ ජීවිත වලට ශූන්‍ය වටිනාකම දුන් තියරියෙන්ම මේ දෙමළ ජීවිත දෙකේද වටිනාකම ශූන්‍ය කොට ඇත. මේ එක් පුද්ගලයකුට අනුව මියගිය තරුනයින්ගේ පවුල් වන්දි ලැබීමත් වෙඩිතැබූ පොලිස් නිලධාරීන්ට දඬුවම් දීමත් ආනන්තරිය පාපකර්මය. එසේම මේ තරුණයින් දෙදෙනා 'තොපේ පොලිසියෙන් අපට වැඩක් නැහැ' කියා පිඹගෙන ගිය මොවුන්ගෙ ඔලු කුඩු වෙන්නට වෙඩි තැබුවාට කමක් නැත කියා ප්‍රසිද්ධියේ කියයි. කරුණාකර මේ (ගොං)වාදය කියවන්න සිංහල බෞද්ධ ජාතිවාදය කොයිතරම් අමානුෂිකද වටහා ගැනීම පිණිස.

    ReplyDelete
    Replies
    1. අය්යෝ මොනාද බන් සිඟිති ආතල් දෙන්නේ?

      ජාතිවාදේ බලන්න නම් බලපන් ජැෆ්න ටැමිල් එවුන්ගේ ස්ටේටස් සහ පෝස්ට්. ජාතිවාදේ අවුස්සන්නේ හොඳම එකෙන්;

      "දකුණේ අධිකාරිවාදී ලේ පිපාසිත සිංහල පොලිස් මිනීකන්නන් අති අහින්සක අන්ත අසරණ ද්මිළ තරුණයන් අමු අමුවේ අති කුරිරු ලෙස සමූලඝාතනය කර....." (இரத்தவெறி மிகவும் இனவாத சிங்களம் போலீஸ் யாழ்ப்பாணத்தில் அப்பாவித் தமிழ் குழந்தைகள் கொன்று விட்டது................)

      ...... ආදී වශයෙන් !

      හිනා කාල මැරෙනව ඕයි !

      Delete
    2. ම දන්න තරමින් මේ අහිංසක තරුනයො දෙන්නෙ තමයි. මාධ්‍යවල කීර්ති වර්ණකුලසූරියලාත් මුහුණු පොතේ මිගාර වීරක්කොඩිලා, චරිත කාරියවසම්ලා, සුජීව කොකාවලලා ත් පෙන්නන්නට තැත් කරන ආකාරයේ "ත්‍රස්තවාදීන්" දෙදෙනකු නෙවෙයි.

      Delete
    3. /හිනා කාල මැරෙනව ඕයි !/

      පාදඩ සිංහල ජාතිවාදයේ නිරූපනය!

      Delete
    4. //පාදඩ සිංහල ජාතිවාදයේ නිරූපනය//

      අමු නිරුවත් හිරිකිත දෙමළ ජාතිවාදී ගෝත්‍රිකයන් වෙනුවෙන් අමු හෙළුවෙන් කඩේ යන බඩගොස්තරවාදී අවජන්මිකයින්ගේ බලුකෙඳිරියක් වන් අඳෝනාව. මේක දැක්කමත් හිනා කාල මැරෙන්න හිතෙනව ඕයි. ඇයි අවුල් ද?

      Delete
  8. /////දැන් දකුණෙත් බයිසිකලේ යන කොල්ලෝ දෙන්නෙකුට වෙඩි තියලා වැඩේ බැලන්ස් කරගත්තාම හරිනේ. දෙමළද සිංහලද කිය කියා තර්ක කරගන්නවාට වඩා මේ පොලීසියේ අඩුපාඩු හදාගන්න එක තමයි හරි. උතුර, දකුණ බය කරලවත්....දකුණ , උතුර බය කරලවත් උත්තර හොයාගන්න පුලුවන් වෙන එක නැහැ.///////

    වෙන තැනක දාපු කමෙන්ට් එකක් මෙතනටත් අදාල නිසා ගෙනාවා. නිවැරදි නොවෙන දේවල් නිවැරදි කරගන්න තමයි උද්ඝෝශන, හර්තාල්, වගේ දේවල් කරන්න වෙන්නේ. මේ තත්වය සැලකිල්ලට ගත්තොත් දකුනේ ජනතාවත් මේ වෙනුවෙන් පොලිසියට නිවැරදි වෙන්නැයි කියා හඬ නැගිය යුතුයි.

    මේ රජය හරි මගට ගන්න ඕන කියලනේ කාර්වලින් හරි පා ගමන් ආවේ මෑතකදි. ඒ වගේම තමයි මෙහෙම සිදුවීමක් මුල් කරගෙන හෝ, පොලිසිය හරිමගට ගන්නත් පා බැරිනම් පපා ගමන් හරි යන්න ඕන. ඒත් සමහරක් කස්ටියගේ වැඩ දෙබිඩියිනේ. ප්‍රෙශර් නම් වැඩි කරගන්න එපා මේක දැකලා. සරස බ්ලොග් පෝස්ට් එකකුත් ලියලා තිබුනා Losartan potassium ගැන සහ බෙහෙත් ගන්න ඈයො ගැන. ඒ නිසා කල්පනාවෙන්.

    ReplyDelete
    Replies
    1. මෙන්න හිරිකිත දෙමළ ජාතිවාදී ගෝත්‍රිකයන් වෙනුවෙන් අමු හෙළුවෙන් කඩේ යන බඩගොස්තරවාදී ගොබ්බයෙක් චරිත සහතික දීල හිටන්;

      //ම දන්න තරමින් මේ අහිංසක තරුනයො දෙන්නෙක් තමයි. මාධ්‍යවල කීර්ති වර්ණකුලසූරියලාත් මුහුණු පොතේ මිගාර වීරක්කොඩිලා, චරිත කාරියවසම්ලා, සුජීව කොකාවලලා ත් පෙන්නන්නට තැත් කරන ආකාරයේ "ත්‍රස්තවාදීන්" දෙදෙනකු නෙවෙයි//

      මේ තරුණයින් දෙදෙනා සාමාන්‍ය සරසවි සිසුන් දෙදෙනෙකි. අනෙක ඔවුන් මර්දනකාරී පොලිස් ප්‍රහාරක ජඩයින් විසින් මරා දැමීම අප තදින් පිළිකුල් කරන අතර යතුරුපැදියට වෙඩි තබා ඔවුන් අනතුරට ලක්කල පොලිස් බල්ලන්ට උපරිම දඬුවම් දිය යුතුය.

      නමුත් නොදන්නා දමිළ මිනිසුන්ට මෙහෙම දිවැසින් බලා චරිත සහතික ලියන බඩගෝස්තරවාදී නරුම හැත්තද රට ගිනිතබන තවත් අවලමුන් පිරිසකි. මුහුණු පොතේ ලියන සිංහල ජාතිවාදී අපතයින්ද ඇතුළුව උන්ටද දඬුවම් දිය යුතුමය.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා