නිවී යන වාමාංශික දිදුලන තාරකාවක පශ්චාත් භාගයේ කළු කුහරය

අනාගත පරම්පරාවල උරුමය ඝාතකයන් හා ඝාතනය වන්නන් ලෙස බෙදී නො යාමට: W3Lanka
කාලයක සිට ම අපගේ බ්ලොග් අඩවියේ වෛරී පරිකතා ලියන පිරිසක් සම්බන්ධයෙන් අප විසින් කරන ලද දීර්ඝකාලීන අධ්‍යයනයේ හා ඉන් පසු ඔවුන් විසින් ම කරන ලද හෙළිදරව් කිරීම්වල ප්‍රතිඵල ලෙස අප විසින් වටහාගෙන තිබෙන්නේ එම පිරිස වනාහි මා ද කලක් සම්බන්ධව සිටි එක්තරා ආන්තික, මධ්‍යම පංතික දේශපාලන කණ්ඩායමක නායකයා (ඔහු තමන් විසින් දමන කමෙන්ටුවල තමන් හඳුන්වා ගන්නේ වාමාංශික දේශපාලනයේ දිදුලන තාරකාව ලෙසයි), ඔහුගේ බිරිඳ හා තවත් ඔවුන් හා සම්බන්ධ සුළු පිරිසක් බවයි.

එය ඔප්පු කිරීමට අනුභූතික සාක්ෂි අපේක්ෂා කරන අයට මෙම බ්ලොගයේ ඉතිහාසය තුළ පරිකතා අධ්‍යයනය කරන ලෙස අපි ආරාධනා කරමු.

තාරකාවක අවසාන කාලයේ එය මිය යමින් නිර්මානය වන්නේ කළු කුහරයකි. විප්ලවවාදී දේශපාලනයේ දිදුලමින් සිටියේ යයි සිතා සිටි තාරකා නිවී යන විට ඇති වන තත්වය ඔවුන්ගේ පරිකතාවක් ඇසුරින් මෙම සටහන අවසානයේ දැක්වේ.

ලංකාවේ වාමාංශික ව්‍යාපාරය විසින් ඇත්තෙන් ම මේ රටට උරුම කර දී තිබෙන්නේ කාලකන්නිකම පමණි. මේ රටේ ඉතිහාසය තුළ සිදු වූ සෑම ප්‍රතිසංස්කරණයකට ම වාමාංශිකයන් විරුද්ධ වී තිබේ. ඔවුන් කිසි කලෙක රාජ්‍ය බලය සියතට ගැනීමේ බුද්ධිමත් අධිෂ්ඨානයකින් කටයුතු කර ද නැත. (තරුණ පරම්පරා පිටින් පාලකයන් ලවා මැරවූ මෝඩකම් නම් කර තිබේ.) ආණ්ඩුවල හවුල්කාර පක්ෂ ලෙස සිටියදී පවා කාර්යක්ෂමව කටයුතු කළ ඉතිහාසයක් ඔවුන්ට නැත.

ලංකාවේ රාජ්‍යය දැඩි මධ්‍යම පංතික ආධිපත්‍යයකින් යුක්ත එකක් බවට පත් කිරීමට වාමාංශිකයන්ගේ ඊනියා සමාජවාදී අදහස් දැඩිව ඉවහල් විය. මෙම ශක්මතිමත් මධ්‍යම පංතියේ මෙන් ම, ලංකාවේ ධනපති පක්ෂ ලෙස හැඳින්වෙන මධ්‍යම පංතික පක්ෂවල ද විඥානය හැඩගැස්වීමෙහි ලා වාමාංශිකයන් විශාල බලපෑමක් කර තිබේ. ජේ.ආර්. ජයවර්ධන වැනි දක්ෂිණාංශිකයෙකුට පවා එහි මූලික හැඩය වෙනස් කිරීමට හැකි වූයේ නැත. අනෙක් පැත්තෙන් මෙම දක්ෂිණාංශිකකම හා වාමාංශිකකම අතර ඇති වෙනස ද පැහැදිලි නැත. භාවිතාවේදී වාමාංශිකයෝ අන්ත දක්ෂිණාංශික ය.

1970-77 සමයේ සමාජවාදයේ නාමයෙන් ශක්තිමත් කරන ලද සංවෘත, රාජ්‍ය ඒකාධිකාරී ආර්ථිකයේ කූටප්‍රාප්තිය සිදු වූයේ මහින්ද රාජපක්ෂ පාලනය තුළයි. වර්තමානයේදී ද ලංකාවේ තිබෙන ප්‍රධාන ගැටලුව මෙම මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වර රාජ්‍යයයි. ලංකාවේ වාමාංශිකයන්ට මෙකී ක්‍රමය ගැන පවා තිබෙන්නේ මනෝමූලික, ප්‍රබන්ධාත්මක විග්‍රහයකි.

එසේම, වාමාංශිකයන්ගේ දැඩිතර ආගමික කල්ලිවාදය තුළ සිදු වී තිබෙන්නේ වාමාංශික අදහස් දරන්නන් අතර සමගිය නිර්මානය වීමට වඩා කුඩා, කුඩා කල්ලි රැසක් අතර ආධිපත්‍යය සඳහා ස්වෝත්තමවාදී උග්‍ර තරගයක නියැළීමයි. එහිදී, ඔවුන්ට කිසි කලෙක නියම සතුරා හඳුනා ගන්නට ලැබෙන්නේ නැත.

අප පෙර කී දිදුලන තාරකාව අප පිළිබඳ තබන ලද පරිකතාවක් නිදසුනක් ලෙස දැක්විය හැකි ය. ඒ මෙසේ ය: //අජිත් පැරකුම් ජයසිංහ නම් ‍පොදු සතුරාට එරෙහි ව අපි සියලු වෙනස්කම් ඉවත ලා එකාවන් ව නැඟී සිටිය යුතු වෙමු. එම සටන අප අවසන් කළ යුතු වන්නේ අජිත් පැරකුම් ජයසිංහගේ සිරිකොත ව්‍යාපෘතිය පමණක් නො ව ඊනියා යහපාලන ආණ්ඩුව ද පරාජය කිරීමෙනි. එම කාර්යයේ දී අපි අපගේ නොමඳ සහය සාරසතුමනට ද මයුරවිලයනට ද කොන්දේසි විරහිත ව ලබා දෙන්නෙමු.//

ඇත්තෙන් ම මෙම වාමාංශික කල්ලි, කණ්ඩායම් සමාජයෙන් අහෝසි වී ගොස් හමාර ය. එහෙත්, ලංකාවේ සමාජය වෙනස් කිරීමේ හා සමාජවාදය පිහිටුවීමේ සැබෑ උවමනාවක් තිබෙන අයට වාමාංශික ව්‍යාපාරය අධ්‍යයනය කිරීමටත්, තමන් ගොඩනගන අලුත් ව්‍යාපාරවල භාවිතාවන් වාමාංශික අගතීන්ගෙන් මුදා ගැනීමටත් සිදු වේ.

එය දුෂ්කර කාර්යයකි. මන්ද, පැරණි පරම්පරාවේ කුහකයෝ බොරුවෙන්, දැනුමෙන්, මුදලින් පමණක් නොව යුරෝපයට වීසා අරන් දෙන පොරොන්දුවලින් පවා නව පරපුර පාලනය කිරීමෙහි සමත් ය. 

වාමාංශිකයන් හා අවස්ථාවාදී ලෙස ජාතිවාදය වැළඳගෙන ජාතිකවාදීන් ලෙස පෙනී සිටි වාමාංශිකයන් විසින් පරම්පරා දෙකක, සිංහල, දෙමළ තරුණයන් ලක්ෂ ගණනක් කැරැළි තුනක් හා එමගින් යුක්තියුක්ත කරන ලද රාජ්‍ය යුදවාදය ඔස්සේ වල පල්ලට යවා තිබේ. සමස්තයක් ලෙස රට ම දේශපාලන නායකත්වයක් නැති අසරණභාවයක් වෙත තල්ලු කර තිබෙන්නේ ද අනාගත පරම්පරාවලට කාලකන්නිකම ම උරුම කර දී තිබෙන්නේ ද මෙම ඊනියා අරගළ හරහා ය.

සිල්ලර ලෙස තරුණයන් රවටා තවත් පරම්පරාවක් ගඟේ යැවීම වැළැක්වීම අපි අපේ පරම යුතුකමක් ලෙස සලකමු. විශේෂයෙන් ම දෙමළ අරගළය සාම ක්‍රියාවලියෙන් ඔබ්බට තල්ලු කිරීමට දායක වී, ස්වයං නාශක යුද්ධයක් වෙත යොමු කර, විකල්ප කණ්ඩායම් ආරක්ෂක අංශවලට පාවා දී, දෙමළ කැරැලිකරුවන් වන්නියේ යුද බිම්වල දැවී අළු වී යද්දී, තමන් පමණක් පවුල් පිටින් යුරෝපයට පැනගෙන, දැන් එහි සිට ලංකාවේ වම ගොඩනගන්නට දඟළන, ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයක සාමාජිකයන් යයි සිතන, භ්‍රාන්ති හෙවත් හලුසිනේෂන් (hallucination) මානසිකත්වයක සිටින පිරිස්වලින් අනාගත පරම්පරා බේරා ගත යුතු ය.

ඔවුන්ගේ පරිකතාව රතු පැහැයෙන් ද අපගේ අදහස් ඔවුන් අප තල්ලු කර දමන්නට කැමති සිරිකොතේ කොළ පැහැයෙන් ද දක්වා තිබේ.

ඈ බොල ගෙරියෝ, උඹ හිතවා ද අපත් උඹ වගේ සල්ලිවලට අපේ ආත්මය පාවා දෙන බව? ගොබ්බයෙකු වුණත් ගොබ්බ කතා නො කියා හිටපිය. (ඔවුන් මෙසේ කියන්නේ රාජ්‍ය නොවන සංවිධානයකින් මුදල් ගෙන ඔවුන් කරන වෙබ් අඩවියක් හරියට කරන ලෙස මා කියූ විට ය.) 

අප උඹ අතහැර දමා දැන් බොහෝ කල් වෙනවා. උඹ අපේ ප්‍රහාරයෙන් කම්පනය වෙලා උඹේ මානසික ලෙඩේ යළි මතු වෙලා අර අහිංසක ගැහැනියත් දරුවන් දෙදෙනාත් මරා ගෙන කන්න යන බව ආරංචි වුණාට පස්සේ අප මෙතන උඹට ප්‍රහාර එල්ල කරන එක අඩු කළා; මානුෂික හේතු මත. (මා සිතන පරිදි මේ ඔවුන් තමන්ගේ අත්දැකීම් හරහා මගේ ජීවිතය ප්‍රක්ෂේපණය කර ගන්නා ආකාරයයි.) ඒත් උඹ මේ රටේ තරුණ පරම්පරාව නොමඟ යැවීමේ කොන්ත්‍රාත්තුව දිගට ම කර ගෙන යනවා නම් අපට සිද්ධ වෙනවා උඔ කරළියෙන් ඉවතට විසි වෙන්න ම ගහන්න. (එය කොන්ත්‍රාත්තුවක් නො ව සමාජ වගකීමකි) අපේ තරුණ පරම්පරාව කියන්නේ අපේ රටේ අනාගත ය. අපේ රටේ අනාගතය විනාශ කරන්න උඹ වගේ මානසික ලෙඩෙකුට ඉඩ දෙන්න බැහැ; ඉඩ දෙන්නෙත් නැහැ.

උඹ ඔය උඩ දාන වර්ණකුල ද මොකා ද මහ ලොකු චරිතයක් වෙන්නේ උඹ වගේ හීනමානකාරයන්ට විතර යි. එක අතකින් බැලූ විට විප්ලවීය පත්තරයක් නසන්න වෑයම් කර කිච වුණ එකෙක් ඒ ජාතියෙ ම එකෙකු වීරත්වයෙන් සැලකීම අරුමයක් නො වේ. (මේ මා ඔවුන් කරන්නට උත්සාහ කරන ආකාරයේ වෙබ් අඩවියක් හරියට කරන හැටි සම්බන්ධයෙන් කලම්බු ටෙලිග්‍රාෆ් ආදර්ශයට ගන්නැයි කියූ විට දැක්වූ ප්‍රතිචාරයයි. මෙතන කර තිබෙන නම් විපර්යාසය ගැන සිතන විට ලංකාවේ වාමාංශික දේශපාලන යටිතලයේ ඇති කුලවාදය ගැනත් අවධානය යොමු කරන්න.) උ‍ඹ කියන්න කියන්න කියමින් මතුගම ටෙලිග්‍රාප් එකක් අටවා ගත්තාට උඹට කලම්බු ටෙලිග්‍රාප් එකට ලියන ආකාරයේ විද්වත් මණ්ඩලයක් ලැබෙන්නේ නැහැ. මොක ද මහින්දපාල එනව ද උඹගේ කියන්න කියන්න එකට ලියන්න? ජෙහාන් එනව ද උඹගේ කියන්න කියන්න එකට ලියන්න? හූල් එනව ද උඹගේ කියන්න කියන්න එකට ලියන්න? නැහැ නෙ? අඩු ම ගණනේ රැඩිකල් අදහස් තිබෙන ලස්සන චරිතයක් වන ශාමිනි සේරසිංහවත් එනව ද උඹගේ කියන්න කියන්න එකට ලියන්න? නැහැ නේ? (ඔවුන්ගේ වීරයන්ගේ නම්වලින් ප්‍රකාශ වන්නේ පහළ මධ්‍යම පංතියෙන් පැවත එන විධිමත් අධ්‍යාපන සුදුසුකම් නැති මෙම වාමාංශිකයන්ට තිබෙන ඉහළ මධ්‍යම පංතික ආසාවන් ය.) 

උඹට කොහොමත් වැඩි කාලයක් අපේ තරුණ පරම්පරාව නොමඟ යවන්න ‍බැරි බව පෙනෙනවා. මොක ද අක්ෂය කියලා ආකර්ෂණීය කතිකා මණ්ඩපයක් දැන් තරුණ පරම්පරාව සඳහා තිබෙන නිසා. (අක්ෂය කණ්ඩායම කැමති නම් තමන් නො කරන විප්ලව අනුන් ලවා කරවන්නට තතනන මොවුන්ගෙන් පරිස්සම් විය හැකි ය. මේ වන විට, ඔවුන් අක්ෂය වටා පොදිකමින් ඔවුන් අන්දමන්ද කර ඇති බව පෙනේ. ලංකාවේ දේශපාලනය කරන්නට මාසෙකට රු. 10,000ක් බැගින් මාස තුනක් අඛණ්ඩව මොවුන් වෙතින් ගෙන්වා ගැනීමට හැකි නම් ඒකත් ලොකු දෙයකි.) අපේ පරම්පරාවේ සුමනේ වුණත් අක්ෂයට කැමති යි. (වැඩිපුර ම පරිස්සම් විය යුතු චරිතයක් වන්නේ මේ සුමනේ ය. සුමනේ ගැන තේරුම් ගන්නට සුමනේගේ ඉතිහාසය අධ්‍යයනය කර බලන්න. සුමනේගේ විශ්‍රාම සැලසුම සකස් කිරීමේ වගකීම භාර ගැනීමට උනන්දු නො වන්න.) උඹ නැති වෙන අනෙක් කාරණය තමා මේ දිනවල පෙරටුගාමින්ගේ පක්ෂ අභ්‍යන්තරයේ සිදුවන න්‍යාය හා භාවිතාව පිළිබඳ ප්‍රබල සංවාදය. (වෙනත් කණ්ඩායම්වල අභ්‍යන්තරයට මැදිහත් වී ඒවා තුළ වියවුල් ඇති කර විනාශ කිරීමේ ඉතිහාසයක් මොවුන්ට තිබේ. වැඩිදුර විස්තර දියැසේ වසන්ත දිසානායකගෙන් අසා දැන ගත හැකි ය.) යම් විධියකින් පුබුදු ජයගොඩ සහෝදරයා ප්‍රමුඛ පිළ පුළුල් සමාජ ක්‍රියාකාරීත්වයක් ලෙස පෙරටුගාමී දේශපාලනය සමාජගත කළහොත් උඹේ බොරු සෝබන සියල්ල අවසන් පැරා. එතකොට තමා උඹට සිද්ධ වෙන්නේ ඇත්තට ම අනිච්චාවත සංඛාරා කියලා ඩබ්ලිව් තුන ලංකා එකේ දා ගන්න. (මේ වනාහි බළලුන් ලවා කොස්ඇට බාවා ගැනීමේ අරමුණින් කරන මරණීය තර්ජනයකි. මීට පෙර ඔවුන් උත්සාහ කළේ මහින්ද රාජපක්ෂ පාලනය මගින් මෙය ඉටු කර ගන්නටයි.) උඹ කාලයකට පෙර උඹ ම එහෙම දා ගෙන ප්‍රචාරණයක් ගත්ත නිර්ලජ්ජිත වැඩේ මතක ඇති නේ ද උඹට?

අනාගත පරපුරේ සුරක්ෂිතතාව සඳහා අපි අජිත් පැරකුම් ජයසිංහගේ කුලී ව්‍යාපෘතිය බිඳ දමන්නෙමු. උඹේ කිච වැඩ ගැන අප ලියූ සියලු දේ උඹේ නම යමෙක් ගූගල් කළ සැණින් මතු ව එන බව මතක තබා ගනිං පැරා. (මා දැන් මගේ නම ගූගල්හි සිංහලෙන් විමසා බැලූ විට ප්‍රතිඵල 15,400ක් ඇති බව දක්නට ලැබිණි. පිටුවක් දෙකක් බැලුවෙමි. අවුලක් නැත. ඔබත් කැමති නම් බලන්න.) උඹ වීරයා නම් උඹේ මය අනුකාරක කියන්න කියන්න එකේ කමෙන්ට්ස් දමන්න පහසුකම සපයපං. එක සතියෙන් කියන්න කියන්න ඉවරයි ඉවරයි කරලා පෙන්වන්නම්. (මෙසේ කියන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව කියන මාධ්‍යවේදියෙකි. එහි කමෙන්ට් දමන්නට පුළුවන. ඒ සඳහා යම් මූලික සාක්ෂරතාවක් අවශ්‍ය ය.) දැන් ඉතිං පිනක් දහමක් කර‍ ගෙන හිටපං පැරා. (මොවුන්ගේ ආගම් අතර මාක්ස්වාදය පමණක් නො ව, බුද්ධාගම හා ක්‍රිස්තියානිය ද තිබේ. අපට ආගම් නැත.) 

අප මෙම පරිකතාව මෙසේ විශ්ලේෂණය කර දක්වන්නේ ම අනාගත පරම්පරාවලට මේවා කියවා තමන්ගේ කටයුතු ගැන නැවත, නැවතත් සිතීමෙහි අවස්ථාව ලබා දීමටයි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මගේ යාළුවෙක් පිං දහන් කරන්න ගිහිල්ල මලා

    ReplyDelete
    Replies
    1. මං උඹේ යාළුවෙක් නම් නෙවෙයි නේද?

      Delete
    2. පැරා සිරාවට අහන්නෙ....ෆොටෝ එකේ ඉන්න එවුන් අද යහතින් ඉන්නවද?

      Delete
    3. සිරුරෙන් වෙන් කරන ලද අත රැගෙන ඉන්නා පුද්ගලයා ගැන සඳහනක් දින දෙකකට පමණ පෙර උවඳු කුරුකුලසූරිය ෆෙස්බුක් හි පළ කර තිබී වෙනකෙකු ෂෙයා කළ තිබෙනු මා දැක්කා. ඒ පුද්ගලයා ගේ යැයි කියවුණු මෑත කාලීන ඡායාරූඵයක් ද එහි තිබුණා.

      Delete
    4. Quote from Facebook:
      /* මේ පින්තූර දෙකේම හතුරුසිංහ කියල කෙනෙක් ඉන්නව​. එකක් 89 භීෂණ යුගයට අයත්. පරණ එකේ කපපු අතක් තියාගෙන ඉන්නෙ කැප්ටන් හතුරුසිංහ​. */

      https://www.facebook.com/uvindu.kurukulasuriya/posts/10154285655464818

      Delete
  2. අපිට නම් හිතෙන්නේ පැරා වලිගය පාගගෙන කියලයි. පැරා මෙතන දී නිර්නාමික කමෙන්ට් එකක් වරදවා වෙන කණ්ඩායමකින් දැමූ බව හිතන බවයි පෙනෙන්නේ. මේ ‍බ්ලොග් එකේ එක ම නමින් විවිධ අය විවිධ විධියට කමෙන්ට්ස් දානව අපි දැක්කා පහුගිය කා‍ලයේ. බාගේ විට මේ විකාර කමෙන්ට් එක පැරා ම ලියා මෙතන දා ගත්තා ද දන්නේ නැහැ! (විහිළුවට කිව්වේ).

    /* එතකොට තමා උඹට සිද්ධ වෙන්නේ ඇත්තට ම අනිච්චාවත සංඛාරා කියලා ඩබ්ලිව් තුන ලංකා එකේ දා ගන්න. උඹ කාලයකට පෙර උඹ ම එහෙම දා ගෙන ප්‍රචාරණයක් ගත්ත නිර්ලජ්ජිත වැඩේ මතක ඇති නේ ද උඹට?*/

    යන ප්‍රකාශය පැරා වැරදියට අරන් වගේ නේ ද? ඔය කතාව මේ බ්ලොග් එකේ මීට කලිනුත් ගියා. ඒකෙන් කියන්නේ කාලයකට ඉස්සර පැරාගේ පරණ බ්ලොග් එක හැක් වුණ එක ගැන නේ ද? සමහරු විශ්වාස කරනවා ඒ බ්ලොග් එක පැරා ම හැක් කර ගෙන “අනිච්චාවත සංඛාරා” යනුවෙන් දා ගත් බව. අපිට හිතෙන්නේ ඔය ප්‍රකාශයෙි තියෙන්නේ ඒ ගැන කියලයි. පැරා ඉතිං කවදත් පබ්ලිසිටියට ආස මනුස්සයනේ. ඒක නිසා ඒ ප්‍රකාශය තමන්ට වාසි විදියට අර්තකතනය කරන් මරණ තර්ජනයක් කියලා නහයෙන් අඬනවා. පැරා මීය කලිනුත් පෙරට්ටො එක්කත් අවිලුනා එගොල්ලො ගැන ලිපියකට වැටුණු නිර්නාමික කමෙන්ට් එකක් නිසා.

    පැරා ටිකක් අවස්තාවාදීව ඔය කමෙන්ට් එකක් යොදාගෙන තමන්ගේ පරණ තරහකාරයන්ට ඇටෑක් එකක් දෙනව ද කියලත් හිතෙනවා. පැරා කියන කණ්ඩායම උවිඳුලා එක්ක හොඳින් ඉන්න කණ්ඩායමක් නේද? පැරා හදන්නේ ඒ දෙගොල්ලොන්ව කොටවන්න වගෙයි. අක්ෂය කටිටිය පැරාගේ තරහා කණ්ඩායමේ ලියුමක් දාලා තිබ්බ එකට පැරා අවුල් වගෙයි. එකනේ අක්ෂයට පැරා කියන්නේ එගොල්ලන්ගෙන් බී කෙයාෆුල් කියලා.

    මේ සේරමගෙම තියෙන හිනා කාලා මැරෙන වැඩේ තමයි පැරා මේ සේරම කලබල ඇති කර ගන්නෙ නිර්නාමික කමෙන්ට් එකක් පැරාගේ හිතේ ඉන්න කණ්ඩායමක් ලිව්ව කියල හිතන් වීම. ඉස්කෝල ළමයි වගේ හැසිරීමක් මේ දෙපිරිසම කරන්නේ. මේ විකාර කවුරු කව්රුත් මෙතනින් නවත්තලා දානව නම් හොදයි කියලයි සාමාන්‍ය ජනතාව වන අපිට හිතෙන්නේ.

    පැරාත් වැරදි කරලා තියෙනව ඔය කමෙන්ට් ලියන අයත් වැරදි කරල තියෙනවා මෙතන. පැරා තමයි ඔය නිර්නාමික සෙට් එකෙන් නඟන ප්‍රශ්න වල‍ට පෞද්ගලික මඩ උත්තර දීම ආරම්භ කළේ. මේ ඊයේ පෙරේදා අපි දැක්කා ඒ අය පැරාගෙන් අහනවා ඇයි වතු සේවකයන්ගේ ඉතිහාසයෙන් සමසමාජකාරයන්ව මකා දාන්නේ කියලා. ඒක තර්කානුකූලව අහලා තිබුණා. ඒත් පැරා දුන්න උත්තරේ නූගත් එකක්. පැරාගේ උත්තරේ වුණේ උඹ ඉතිහාසේ ඉගෙන ගත්තේ ජර්මනියේ කාර් පාර්ක් එකකට ආව ලේඩි කෙනෙක්ගෙන් ද කියලා. පැරාට ඕන නිර්නාමික සෙට් එක අවුස්සලා එගොල්ලන්ගෙන් බැනුම් අහලා පස්සේ ‍ඒ කමෙන්ට් පෝස්ට් හැටියට දාලා පබ්ලිසිටි ගන්න වගේ කියලත් හිතෙනවා. දැන් ඔය කමෙන් එක වැටුණෙත් පැරා ඒ අයට මඩ ගහන්න ගිහල්ල ඒකේ ප්‍රතිඵලයක් ‍හැටියටයි. ඕවා කෝලම් වැඩ. ඔය කවුරු කවුරුත් කරන්නේ පොදු ජනතාව රවට්ටල මඩිය තර කර ගන්න එකයි.

    පැරාට ඔබ්සර්වර් එකට ලියන අය‍ ලියූ දේ හඳුන ගන්නත් බැහැ, ඇකඩමික් අය ලියන දේ හඳුන ගනිනත් බැහැ, උගත් පරණ වාමාංශිකයො ලියන දේ හඳුන ගන්නත් බැහැ. පැරාට තියෙන්නේ පුදුම සැකයක්. තමන්ට එරෙහිව වැටෙන හැම කමෙන්ට් එකක්ම පැරාගේ අර පරණ කණ්ඩායමට දානවා. පැරා, ඕකට නේද පර්සකියුටරි/පැරනොයිඩ් ඩිලූෂන් කියන්නේ අර පැරාගේ පොතේ තිබ්බ ලෙඩේට අදාලව? පැරාට, නිකමටවත් හිතෙන්නේ නැද්ද ඔය පැරා සැක කරන කණ්ඩායමට ඔය ඇනෝ සෙට් එකේ අයට තියෙන ඉංග්ලිෂ් සිංහල පාලි සංස්කෘත ග්‍රීක් ලතින් දැනුම නැහැ කියලවත්? අනික ඇනෝ සෙට් එක පැරාට වඩා බොහෝ දේ කියවලා තියෙන බව පැරා අකමැත්තෙන් වුණත් පිළිගන්න ඕන. ඇනෝ සෙට් එකේ අවුල පැරා ඒ අයට ඇටෑක් කළොක් ඒ අය පැරාට සිය ගුණයකින් ප්‍රතිඇටෑක් එකක් දීමයි.

    කිකිලි ද බිත්තරේද කතා අවශ්‍ය නැහැ දැන්. පැරා සහ ඇනෝ සෙට් එක ඔන්න ඔය විකාර වලිය අල්ලලා දාපල්ලා. උඹලගේ කුණු රෙදි මෙතන හෝදන්න එපා. ඒවා උඔල ප්‍රවට් එනේ කර ගනිල්ලා. පැරාටත් නිර්නාමික කමෙන්ට් වලින් ඔච්චර රිදෙනව නම් ටික කාලෙකට ඇනෝ බලෙොක් රගන්න බැරියැ ඉස්සර කළා වගේ බොරුවට නහයෙන් අඬන්ටන නැතිව.

    ReplyDelete
    Replies
    1. හරි මචං. දැන් ඔයා කියන්නෙ මේ මොන කණ්ඩායම කියල ද? මං එහෙම එකක් මේකෙ කියලා නැහැ නේ. අනෙක, මම ලියන ලිපියක්, ලිපියක් ගානේ මගේ අරක, මේක පෙන්න, පෙන්න මැරෙන්න හදන අය ඇයි වෙනත් මාධ්‍ය නිරීක්ෂණය නො කරන්නේ? ඇයි මේකට විතරක් ඔච්චර රුදාව?

      අනෙක, ඒ කණ්ඩායම කවුරු වුණත් මගේ දේශපාලනය නිවැරදිව හඳුනාගෙන තියෙනවා.

      මං මේ කමෙන්ට් එක නැවත පබ්ලිෂ් කරන්නෙ වාමාංශික දේශපාලනයේ ස්වභාවය පෙන්වා දෙන්නට මිස කිසිම සෙන්ටිමෙන්ටල් කාරණාවක් නිසා නෙමෙයි.

      මම පැහැදිලිව කියනවා සමාජ වෙනසක් වෙනුවෙන් මැදිහත් වීම් කරන අය මිනිස්කම් හඳුනා ගන්නට ඕනැ. ඒ වගේ ම, මේ අගතීන් බැහැර කරන්නට ඕනැ කියන එක. ඒවා ගැන විවෘතව කතා නො කර, ඒ අගතීන් බැහැර කරන්නට බැහැ. තව පරම්පරාවක් මේ අමනකම් වෙනුවෙන් වන්දි ගෙවන්න ඕනැ නැහැ.

      ඔය ජර්මනියෙ කාර් පාක් කරන කතාව ලියවුණේ නම් ඒ කමෙන්ට් එකේ රොමිලා තාපර්ගෙ නම වැරදියට පාකර් කියල ලියල තිබුණු නිසායි.

      Delete
    2. /////ඕකට නේද පර්සකියුටරි/පැරනොයිඩ් ඩිලූෂන් කියන්නේ /////

      තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. දේශපාලන අර්තයෙන් එහාට ගිහිල්ලා සමාජ අර්තයෙන් ගත්තොත් ඕක සමහරක් බ්ලොග් කාරයින්ටත් තියෙනවා. මේකනේ බං අපි සිතන, ලියන, ගයන....අපේම වූ මහා නිදහස් චින්තනය....නිවහල් මිනිසාගේ පොදු උරුමය සහ කරුමය. මේක අපි අපි කාටත් පොදු දුර්වල "හැබිට්" එකක්. ඒත් බොහොමයක් අය ඒ හැබිට් එකෙන් මිදෙන්න සුදානම් නැහැනේ. ඇත්ත.ඔව්..හැබිට්වලින්...ඉවත් වෙන්න අමාරුයි. ඔක්කොම ටෝක්ස් තමයි.

      Delete
    3. තවත් දැවෙන ප්‍ර‍ශ්නයක් තමයි, සුධිමත් බන්ධුල කුදලාගමයන්, ඒවගේම කිවසුරු මයුරවිලයන් අයිති වෙන්නෙත් මේ සෙට් එකටමද කියන එක.

      Delete
    4. රට දැය නසන්නට යූ. එන්. මුදල් ගෙන
      මුසා ලියන විට පැරකුමු ‍වෙහෙස ගෙන
      රට දැය රකින්නට සිත දිරි මල් නැඟෙන
      ධීමත් දනන් ගැන ඇයි මේ සැක රැඟෙන

      සාරස මයුරවිල හා කුදලා-ගම ද
      එක් වී සම සිතින් බැඳ ජය දද සබඳ
      බැට දෙන විටක බඳිමින් රස මුතු පබඳ
      කිච වී පච ව යයි පැරකුමු දද නිබඳ

      පැරකුමු නටයි සිරිකොත කියනා ලෙසට
      දුහුනෝ නොමඟ යති ඔහු බස් ගෙන සිතට
      ඒ රුදු අමනකම් බිඳුමට වෙර දැරි දනට
      අපනම් නො දෙනු බැඳ එක එක පිල්වලට

      Delete
    5. ඇනෝ කොමෙන්ට් වලට වෙන අයට ඔප්පු ලියල දෙන එක අනිත් පැත්තත් කළා. මම එංගලන්ත සහ කැනඩා IP වලින් , ලංකාවේ වෙලාවෙන් එළිවෙන ජාමේ දාපු කොමෙන්ට් වලටත්, මෙයාල පැරාට තමයි සම්බුව දුන්නේ. හරියට බලන් හිටිය වගේ. 'අරූ' කියන්න වගේ, කොච්චර ලොකු ටෝක් දුන්නත් ඇතුලෙන් අපි තවමත් ගොබ්බයො. ලකාන් ල, ජිජැක් ල කියවන්න ඕන නෑ , Naked Ape වගේ සරල බාසාවෙන් ලියපු පොතක් කියෙව්වත් ඇති ඒ ටික දැන ගන්න.

      පැරා ගේ දියුණුව හෙවත් භාෂනගේ 'අනිකා' බවට පත්වීම.

      Delete
  3. Well said Para. Is this regarding Rohitha Bhashana of JDS and his miniscule group ?

    ReplyDelete
  4. /////ඕකට නේද පර්සකියුටරි/පැරනොයිඩ් ඩිලූෂන් කියන්නේ /////

    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. දේශපාලන අර්තයෙන් එහාට ගිහිල්ලා සමාජ අර්තයෙන් ගත්තොත් ඕක සමහරක් බ්ලොග් කාරයින්ටත් තියෙනවා. මේකනේ බං අපි සිතන, ලියන, ගයන....අපේම වූ මහා නිදහස් චින්තනය....නිවහල් මිනිසාගේ පොදු උරුමය සහ කරුමය. මේක අපි අපි කාටත් පොදු දුර්වල "හැබිට්" එකක්. ඒත් බොහොමයක් අය ඒ හැබිට් එකෙන් මිදෙන්න සුදානම් නැහැනේ. ඇත්ත.ඔව්..හැබිට්වලින්...ඉවත් වෙන්න අමාරුයි. ඔක්කොම ටෝක්ස් තමයි.

    ReplyDelete
    Replies
    1. අයියලා සමාවෙන්න ඕන. වැරදි ත්‍රෙඩ් එකේ කමෙන්ට් එක වැටුනේ. හරි තැනට දැම්මා.

      Delete
    2. මේ වැඩේ හැමදාම කරන්න බෑ නේ අරු. මිට පස්සේ වත් සැලකිලිමත්ව කටයුතුකරන්න පුරුදු වෙන්න.

      Delete
    3. ඔව් බන්. අර ලෝටසය ඌට අල්ලන්නේ නැති හැම කොමෙන්ට් එකම දාන්නේ උඹයි කියල කියව කියව යන්නේ. ඕක ලෙඩක් තමයි මමත් හිතන්නේ.

      Delete
  5. ඔව් පැරා වලිගය පාගාගෙන තමා.
    ඒ අය 'මේ රටේ තරුණ පරම්පරාව' යනුවෙන් කියල තියෙන්නේ 'ජර්මනියේ තරුණ පරම්පරාව පරම්පරාව මිසක් ලංකාවේ නොවේ.
    පැරාට සිංහල තේරෙන්නෙත් නැහැනේ.
    ඔය දිලෙන තරුවේ සීයල ඕව ගණන් ගන්න එපා හොඳේ.

    ReplyDelete
  6. මේ කාරණයත් සියලු දෙනාට දැනගන්නට කිව යුතුයි. මම උගතෙක් නෙමෙයි. හැබැයි මං කරන රස්සාවල් කරන්නට අවශ්‍ය තරමේ උගත්කම මට තියෙනවා.

    මං බ්ලොග්කාරයෙක් හා පරිවර්තකයෙක් විතරයි. මං දේශපාලන නායකයෙකු හෝ දාර්ශනිකයකු හෝ ශාස්තෘවරයකු නෙමෙයි. දැන් නම් මං කාටවත් උගන්නන්නෙත් නැහැ. උගන්නන කාලෙ පාසල් ළමයින්ට උගන්නන්න අවශ්‍ය සුදුසුකම් හා දැනුම මට තිබුණා.

    මං ඉදිමෙන්නෙ මගේ ඇඟිල්ලේ තරමටයි. මං කතා කරන්නෙ මගේ මට්ටමත් එක්ක පෑහෙන්න පුළුවන් අයට විතරයි. අනෙක් අයට තමන් කැමති ශාස්ත්‍රීය සංග්‍රහ පටන් අරගෙන කරගෙන යන්න පුළුවන්. මේ පැත්තෙ නාවයි කියල අනේ අපේ නම් තරහක් නැහැ.

    කවුරුවත් අපේ ලිපි නො කියවන දාට අපි මේක නවත්තලා දානවා. ඔය පටන් ගන්න හුඟක් ඒවා නැවතිලා තියෙන්නෙ ඒ විදියට තමයි.

    දැනට අපට පාඨකයන් ඉන්නවා. ඒ නිසා අපි ඔවුන් එක්ක සංවාදයේ යෙදෙනවා. එයට ඔබටත් එක් වෙන්නට පුළුවන්. හැබැයි මාව අනෙකා කර ගන්න එක තේරුමක් නැහැ.

    මං හැමදාමත් කියනවා වගේ මට ඉස්සරහින් යන අයත් නැහැ. මගේ පස්සෙන් එන අයත් නැහැ මං කාගෙවත් සාක්කුවෙත් නැහැ. මං කාවවත් දාගන්න සාක්කු මහගෙනත් නැහැ.

    ReplyDelete
  7. \අයිසෙ පැරා තමුසෙට මේක මාර කරදරයක් නේ ඔව්වට මේ බ්ලොග් පොස්ට් දදා හිල්ලුවට වැඩක් නෑ තමුසෙගෙ කේන්දරේ පොඩ්ඩක් බලෝගෙන ආරක්ෂාවක් හෙම කරලා ඕකුන් හැඳි ගෑවිලා යන්න පොඩි ගුරුකමක් කලොත් නරකද දන්නා පොරක් ඉන්නව උන්දැගේ මාම තමා සුපිරි බඩුව කොහෙද වැඩියනේ පරලෝ.බෑණත් නරකම නෑ.මොකද කියන්නෙ බෝතලේකුත් පඬුරු අරගෙන බාස් කෙනෙක්ගෙ දේවාලයක් තියෙනව එතෙන්ට එනවකො.සුද්දො ලංකාවට ඉන්වෙස්ට් කරන්න එන්නෙ නැති දවසක් බලල ගුරාව අල්ලමු.

    ReplyDelete
  8. ලංකාවෙ විතරක් නෙමේ පැරා ලෝකෙම වම්මු කියන උන් එහෙමයි... අර occupy 99% කියන ගොබ්බයින්ගෙ මෝඩ කතා බලන්න.. මුන්ට තියෙන්නෙ නිදහස් ආර්තිකය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය එක්ක වෛරයක්... බටහිර රටවල හා දියුනු ආසියානු රටවල ධනවාදය සාර්තකවෙනව මුන්ට බලා ඉන්න බෑ...

    ReplyDelete
  9. Para, please don't waste your time in replying for these comments. You have the right to remove inappropriate comments. You have lot of frequent readers and I am one of them. Also I don't like that you insult your intelligence by saying "mama ugatha novei". Let us decide that as readers.(REG: Hiru-just think about the good time you have had together.)
    Thanks.
    Well wisher.

    ReplyDelete
  10. සෑම තාරකාවක්ම කළු කුහර බවට පත්නොවේ. දැවැන්ත නියුට්‍රිනෝ තාරකා පමණි. අපගේ හිරු සුදු වාමන තරුවක් බවට පත්වේ.

    ReplyDelete
    Replies
    1. වාමන තරුවක් කිව්වේ අපේ ලප කුමාර වගේ එකෙක් ට ද ?

      Delete
    2. ලප කුමාරගේ පශ්චාත් භාගේ කළු කුහරේ පෙන්නන්නේ රනිල් සුදු හාමුට විතරයි

      Delete
    3. විස්ව චින්තන නැවේ ඉඳගෙන මහින්ද හාමු ආයෙ ජනපති වෙන එක ගැන හීන දකිනවා වගේ පවු මූ.

      Delete
    4. වාමන තරුවක් ආයෙ තරුවක් වෙන්නෙ නෑ වගේම මහින්ද හාමුට ආයෙ ජනපති වෙන්න බෑ බන් ව්‍යවස්ථාව හොයාගෙන කියවපන් තේරෙන්නෙ නැත්නම් චතූෂයගෙන් අහගනින්. සාස්තර වලට අමතරව ඌ ව්‍යවස්ථාව ගැනත් කියනවා.

      Delete
  11. බණ්ඩාත් දන්නා දේවල්.!
    තාරකා විද්‍යාවට අනුව නම් කතාව හරි.
    නමුත් මෙතන තියෙන්නේ දිදුලන තරකාවක්නේ . ඒවාද තියෙන්නේ එකම එකක් පමණයි. එය ජර්මනියට පමණක් පායා ලංකාවට ඉන්ටෙර්නෙට් හරහා එලිය විහිදුවයි. ඒවා කළු කුහර වෙන්නේ නැත. ඒවා පරිවර්තනය වන්නේ පශ්චාත් භාගයේ කළු කුහර ලෙසටම පමණකි.

    ReplyDelete
  12. ශ්‍රී ලාංකේය බ්ලොග් අවකාශයේ දීප්තිමත් තාරකාව වෙච්ච 'සිනුවර ප්‍රාඥයා' හෙවත් සිඩ්නි නැව්ටෝක් අතිඋත්තමයන් වහන්ෙස් මේගැන මොනවද කියන්නේ කියලා දැනගන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. උන්නැහේ 'සිකුරු සෙනසුරු ගයිඩ් මවිසුරු' නාට්ටිය රඟපෑමෙන් පස්සෙ දැන් නාට්ටි කලාවට යොමු වෙලා නොවැ.එව්වට තමා වැඩි අවධානෙ.

      Delete
    2. එතුමා මේ දවස්වල පුන්නක්කු අනුභව කරන නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. පාන් කනවා නං අපිට විසුමක් නැහැ ඒවයේ පොටෝ බලල

      Delete
  13. Ajith Jayesinghe who appears to be the saviour of human rights in Sri Lanka is deadly silent
    regarding the murder of two Tamil students of the Jaffna University. If this had happened to two Sinhalese students, Ajith Jayesinghe would have written a series of articles on this issue by now. It has been 24 hours since the incident but Ajith Jayesinghe entertain the readership with utter nonsense instead of bringing the attention of the public to the critical issue of the day. If this is the disheartening neglect of our Sinhalese brethren in our problems, it will be a practical reality for us to urge for our own state. Sinhala media has created fabricated stories about the incident to cover the bitter truth and Ajith Jayesinghe has distracted the attention of the public with personal nonsense. Sinhalese brethren, we appeal you all not to let this incident to become a nidus for another Black July. Dark clouds have already appeared in the North. May the wind of justice push those dark clouds away as soon as possible. Ajith Jayesinghe, you could write an immediate article regarding the injustice to a Sinhalese student who was deprived of his university entrance a few weeks ago. But you couldn't write a single word about a Tamil student who was deprived of his life by your government apparatus. Are all your hi-fi talks about equity and justice solely for Sinhalese? We regret so much about your selective ill-treatment of Tamils. You need to practice what you preach.

    Swaminathan Sivapatham,
    Jaffna.

    ReplyDelete
  14. මීගහතැන්න කෑම්ප් එකයි මේ ලිපියයි අතර තියෙන සම්බන්දෙ මොකද්ද කියා දැනගන්න කැමතියි. අනික මේ පොටෝ එකේ ඉන්නේ කවුද, අවස්තාව මොකද්ද කියලත් කියන්න පුලුවන්ද?
    නැත්නම්, ඒවා හුදී ජනයන්ගේ දැනගැනීමට හොඳනැති, ඔය දෙගොල්ලන්ට විතරක් අදාළ රහසක් ද?

    ReplyDelete
  15. ඡායාරූපයේ ස්ටින්නන්ගෙන් දෙතුන්දෙනෙකු කල්පනාකාරී මුහුණින් සිටින අතර, අන් සියල්ලන්ම තමන් මොහොතකට පෙර අවසන් කල කාර්යයක් පිළිබඳව සතුටින් පිනා ගොස් සිටින අයුරක් දිස්වේ. විශේෂයෙන්ම, රතු කලිසමක් හැඳ ලේ වැකුණු දෑතක් ඇතිව සිටින්නා ගේ ආත්මතෘප්ත සිනහව බිය එලවනසුළුය.

    මේ අය අද සාමාන්‍ය මිනිසුන් අතර සාමාන්‍ය ලෙස ජීවත් වන්නෝද ? මොවුන් කිසියම් අයුරකින් පුනුරුත්ථාපනය කෙරිනිද?

    ReplyDelete
  16. මෙම ඡායාරූපය රැගෙන ඇත්තේ 1989දී මීගස්වත්ත කඳවුරේදී බව කියැවේ. මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයකු පිළිබඳ සංවාදයක් අපගේ ෆේස්බුක් ගිනුමේ දිගහැරිණි. එය මෙහි පළ කරන්නට හේතුව ඡායාරූපයට යටින් ලියා තිබේ. ඝාතනයට ලක් වූවන් සේ ම ඝාතකයෝ ද තරුණයෝ ය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා