දරුවාත් සමග ම බේසමේ වතුර විසි කර දමමු ද?

අජිත් පැරකුම් ජයසිංහ, රාවය 2016 ඔක්තෝබර් 30 
(ලිව්වේ 27දා උදේ බව කරුණාවෙන් සලකන්න)

හිටපු ආරක්ෂක ලේකම්වරයා හා නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු දූෂණ පරීක්ෂණ හේතුවෙන් අධිකරණයට කැඳවීම පිළිබඳ ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍ර‍කාශය විසින් රටෙහි මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ. ඇවන්ට්ගාඩ් සමාගම සම්බන්ධ දූෂණවලට මෙම පුද්ගලයන් ඍජුව ම සම්බන්ධ බවට සාක්ෂි ඇති අතර, ඔවුන් අධිකරණයට කැඳවීම අසාධාරණ ක්‍රියාවක් හෝ දේශපාලන පලිගැනීමක් හෝ නො වේ. නිදසුනක් ලෙස, මෙම පුද්ගලයන් නාවික හමුදාපති ධුරය දරමින් ඇවන්ට්ගාඩ් සමාගමට වාසිදායක තීරණ ගෙන, විශ්‍රාම ගිය සැණින් ඉහළ වැටුප් මත එම සමාගමේ සේවයට බැඳුණු බවට සාක්ෂි තිබේ.

මෙවැනි දූෂණයක් සම්බන්ධ චෝදනාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ හිටපු සභාපතිවරයකු වූ ජගත් බාලපටබැඳිට ද තිබිණි. එම පුද්ගලයා 2008 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුව සිටියදී නිති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් රේගුවෙන් රඳවා ගත් වාහන 145 ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් නඩු තීන්දුවක් ලබා දී, ඉන්පසු එම එක් වාහනයක් ලබාගෙන තම නමට ලියාපදිංචි කර ගැනීම සම්බන්ධයෙන් සභාපතිවරයාට එරෙහිව ජවිපෙ විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට පැමිණිලි කරන ලදී.

රාජ්‍ය නිලධාරීන් සිය බලතල පාවිච්චි කරමින් කරන මෙවැනි දූෂණ වැළැක්වීම හා එවැනි දූෂකයන්ට එරෙහිව කටයුතු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ආ මහජන ව්‍යාපාරයේ මූලික අරමුණක් වූ බව ජනාධිපතිවරයාට අමතක වී තිබේ ද යන සැකය මේ සමග මතු විය.

එහෙත්, පසුව පුවත්පත් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවලදී ජනාධිපතිවරයා මෙම කරුණ වැඩිදුරටත් පැහැදිලි කළේ ය. දිවයින පුවත්පත ජනාධිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලිව වචනගත කළේ මෙසේ ය: “එක්‌ කොටසකට හොරකම් කළා කියලා, දඬුවම් දීමට නෛතික ක්‍රියා මාර්ග ගනිමින්, තවත් කොටසකට හොරකම් කරන්න දෙන්න පුළුවන් කමක්‌ නැහැ."

මෙතැනදී මේ සොරකම් කරන ‘තවත් කොටස' යන්නෙන් ජනාධිපතිවරයා හඳුන්වන්නේ කවුරුද යන්න මේ දිනවල කෝප් කමිටුවේ සාකච්ඡා වෙමින් තිබේ. මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමෙහිදී අගමැති රනිල් වික්‍ර‍මසිංහ විසින් මහ බැංකු අධිපති ධුරය සඳහා තෝරා ගන්නා ලදැයි සැලකෙන අර්ජුන් මහේන්ද්‍ර‍න්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමට දැවැන්ත වාසියක් සිදු වීම නීතිමය වශයෙන් වරදකැයි ඔප්පු වුණත්, නැතත්, එහි ඇත්තේ දැවැන්ත සදාචාරාත්මක ප්‍ර‍ශ්නයකි.

දූෂණ චෝදනාවක් නීතිය ඉදිරියේ ඔප්පු කිරීම පහසු නැත. කොටි සංවිධානයේ හිටපු නායකයකු වන කුමරන් පත්මනාදන් ආරක්ෂක අංශ විසින් ‘අත්අඩංගුවට' ගත් බව වාර්තා වී දැන් සත් වසකට වඩා ගත වී ඇත. ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කර නැත. කොටි සංවිධානයේ නැගෙනහිර අණ දෙන නිලධාරියා වී සිටි කරුණා අම්මාන්ට හෝ 1987-89 කැරැලි සමයේ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු වූ සෝමවංශ අමරසිංහට එරෙහිව කිසි කලෙක චෝදනා එල්ල වූයේ නැත. ඔවුන් නිර්දෝෂී පුද්ගලයන් බවට නීති තර්ක ඉදිරිපත් කළ හැකි වුවත්, ඒවා පිළිගත හැකි ද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ද කිසිදු දූෂණ හෝ අපරාධ හෝ චෝදනාවක් එල්ල වී නැත. එසේ වූ පමණින් ඔහු නිර්දෝෂී පුද්ගලයකු යයි පැවසීම සාධාරණ ද? 2005-2015 සමයේ මේ රටේ රාජ්‍ය අනුග්‍ර‍හයෙන් සිදු වූ දූෂණ, වංචා, අපරාධ සම්බන්ධයෙන් ඔහුට වගකීමක් නැති බව එයින් කියැවේ ද?

නීතිය හා යුක්තිය යනු හැම විට ම එකක් නො වන බව ඉහත කරුණුවලින් ඉතා පැහැදිලි ය. මේ කතාව මහ බැංකු බැඳුම්කර නිකුතුවට ද අදාළ ය.

ජනාධිපතිවරයාගේ තර්ජනාත්මක අඳෝනාව තේරුම් ගැනීම වැදගත් ය. එයා අපේ බලාපොරොත්තු සුන් කළා, අපව පාවා දුන්නා ආදී ප්‍ර‍කාශ ජනාධිපතිවරයාගේ ප්‍ර‍කාශයට වඩා බෙහෙවින් අදේශපාලනික ය. දේශපාලනය හා සදාචාරය ද හැම විට ම එකක් වන්නේ නැත. එබැවින් සදාචාරවත් දේශපාලනයක් යනු රෑ දුටු සිහිනයක් වීම අප කම්පා විය යුතු කාරණයක් නො වේ. ජනාධිපතිවරයා මේ කතා කරන්නේ සදාචාරවත් නො වන දේශපාලනයක් ගැන ද?

එහෙත්, අවසානය විසින් ආ මග සාධාරණීකරණය කරන්නේ ය යන කියමන ද මෙහිදී සිහිපත් වේ. ජනාධිපතිවරයා දිවයින පුවත්පතට මෙසේ පැවසී ය: “අපේ ආණ්‌ඩුවට ප්‍රධාන අරමුණු කිහිපයක්‌ තිබෙනවා. ජාතික සංහිඳියාව ශක්‌තිමත් කිරීමට ප්‍රමුඛත්වය දෙමින් සංවර්ධනය වඩා කාර්යක්‌ෂම සහ වේගවත් වන වැඩපිළිවෙළක්‌ සඳහා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ඇති කරගැනීම. මේ නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව මේ වන විට සකසමින් පවතිනවා. එය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්‌ අවශ්‍ය වෙනවා. ඒ බලය ලබාගැනීම මමත් අගමැතිතුමත් සතු දෙයක්‌. ඒ ඉලක්‌කය ඇතිකර ගැනීමට යම් යම් බාධාවන් ඇතිවෙනවා නම් ඒක අපේ ආණ්‌ඩුවේ වැඩ පිළිවෙළට ප්‍රශ්නයක්‌. මේ නිසා මම හැමවිටම උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්‌ තබාගෙන ආණ්‌ඩුවක්‌ ගෙනියන්නේ කොහොමද කියන එක ගැනයි. විධායක ජනාධිපතිවරයාට මොන තරම් බලතල තිබුණත් පාර්ලිමේන්තුවේ බලය නැතිනම් ඒ ආණ්‌ඩුවේ අරමුණු ඉෂ්ට කර ගන්න ඉඩක්‌ ලැබෙන්නේ නැහැ. මහජනතාව වෙනුවෙන් රජයේ යහපැවැත්ම සඳහා මමත් අගමැතිවරයාත් මේ තුනෙන් දෙකේ බලය රඳවා ගත යුතුවෙනවා. ඊට බාධා ඇති වෙනවා නම් අපේ ප්‍රධාන අරමුණ බිඳෙනවා."

ජනාධිපතිවරයාගේ කතාව විමසා බැලීමේදී මෙම ආස්ථානය වැදගත් බව මගේ අදහසයි. 2015 ජනවාරි 8 මහජන ව්‍යාපාරයේ ප්‍ර‍ගතිශීලී බලවේගවලට දැන් සිය ප්‍ර‍මුඛතා පිළිබඳ නැවත සලකා බලන්නට සිදු වන තත්වයක් උද්ගත වී ඇති බව පෙනේ. සරළව කිව්වොත්, වඩා වැදගත් වන්නේ හොරුන් ඇල්ලීම ද, නැතිනම් ඇති කර ගත් වෙනස්කම් චිරස්ථායී කර ගැනීම ද?හොරුන් ඇල්ලීම නො වැදගත් බවක් තමන් නො කියන බව ජනාධිපතිවරයා ද පවසයි. ඇත්තෙන් ම, ප්‍ර‍ශ්නය ඇත්තේ මෙතැන ය. සොරුන් නො වන්නේ කවුරු ද?

මහින්ද රාජපක්ෂ පාලනය විසින් දූෂණය විමධ්‍යගත කර පහළ ම තලය දක්වා විහිදුවන ලදී. රාජ්‍ය සේවය කොහොමත් දූෂණයට නැඹුරු ය. මහා පරිමාණ සොරකම් කෙරෙහි විශේෂ අවධානයක් අවශ්‍ය බව ඇත්තකි. එහෙත්, මහා පරිමාණ සොරුන් වනාහි අති දක්ෂයන් බව ද අප මතක තබා ගත යුතු ය. ධනවාදය හා දූෂණය එකට බැඳී ඇත. කොමිස් ආදිය එහි සාමාන්‍ය දේ බවට පත් වී තිබේ. එම දූෂණ සිදු වන ආකාරය ද ඉතා සංවිධානාත්මක ය. දූෂණය නැවැත්වීම ක්‍ර‍ම වෙනසක් හරහා සිදු විය යුතු අතර, එක රැයින් සම්පූර්ණ කළ නො හැකි ය. එය ප්‍ර‍ගතිශීලී බලවේගවල අඛණ්ඩ ක්‍රියාකාරිත්වයක් ඔස්සේ මහජන ඇපකැපවීම් හරහා දිනා ගත යුතු තත්වයකි.

එසේම, ඒ වෙනුවෙන් විප්ලවීය ඇපකැපවීමක් වර්තමාන ආණ්ඩුවෙහි ඇති බවක් ද නො පෙනේ. තත්වය මුළුමනින් ම නිශේධාත්මක බවක් ද එයින් අදහස් වන්නේ නැත. විශේෂයෙන් ම, ජනතාව වඩා බලාපොරොත්තු තැබූ එජාපයේ රනිල් වික්‍ර‍මසිංහ නායකත්වය පිළිබඳ විශ්වාසය බිඳ දැමීමට මහ බැංකු බැඳුම්කර සිද්ධිය ඉවහල් වී තිබේ. එහෙත්, මහජන අරගලය හරහා නිර්මානය වූ වගවීමේ යාන්ත්‍ර‍ණයෙන් රාජපක්ෂ ආණ්ඩුව සේ ගැලවී යාමට ඔවුන්ට නො හැකි ය.

මෙම තත්වය තුළ ප්‍ර‍ගතිශීලී බලවේග මුහුණ දෙන්නේ සංකීර්ණ තත්වයකටයි. එක පැත්තකින් ජාතිවාදය, ඒකාධිපතිවාදය, ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධය, දූෂණය, භීෂණය පෙරමුණු කර ගත් ප්‍ර‍තිගාමී දක්ෂිණාංශික බලවේගය රාජපක්ෂ නායකත්වයෙන් යළි නැගී සිටීමට උත්සාහ කරන පසුබිමක් තුළ අප කළ යුතුව තිබෙන්නේ කුමක් ද?

එය දරුවාත් සමග ම බේසමේ වතුර විසි කර දැමීම නො විය යුතු බව පැහැදිලි ය.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රනිල් කියන්නේ දකුනු ආසියාවේ ශ්‍රේෂ්ටතම දේශපාලඥයෙක්... බලය බෙදීම, ජාත්යන්තර වෙලදාම, උසස් අධ්යාපනය නැන්වීම රනිල්ට තියෙන දැක්ම බොහෝ අයට හිතන්නවත් බෑ..
    ගැන රනිල්ට රට හදන්න නම් 2030 දක්වා රනිල් බලයේ සිටිය යුතුයි... 2030 න් පස්සේ විමුක්ති කුමාරතුන්ග, ආචාර්ය හර්ශ ඩි සිල්වා තත්වයේ කෙනෙකුට රට භාර කල හැකියි

    ReplyDelete
    Replies
    1. රනිල් මේ දූෂණයට පැටලුණ එක උද්ධච්චකමේ ප්‍රතිඵලයක්. පෙරේතකම් නැති, දරු මල්ලො නැති, උගත්, බුර්ෂුවා පංතික මිනිහෙකු, වෘත්තීය දේශපාලනඥයෙකු වශයෙන් මෙවැනි දේ ඔහුට වැඩක් නැති ය කියන කාරණය තේරුම් ගන්නට අවශ්‍ය ඥානය නැති කෙනෙකුට දුර ගමනක් යන්න බැහැ.

      බොළඳකම්, මෝඩකම්, උද්ධච්චකම් ආදියට සමාව දෙන්නට පුළුවන්. ඒත්, තක්කඩිකමට සමාව දෙන්න පුළුවන් ද?

      මේකෙන් ඔහුට ගැලවෙන්න බැහැ.

      Delete
    2. @capitalistOctober 28, 2016 at 11:12 PM
      සභාවේ සියල්ලන්ම පුකෙන් සිනා

      Delete
    3. පැරා තුමා හා capitalist තුමා මෙහි රඟපාන්නේ පෙර රජ දවස වන්දිබට්ටයන් ගේ භූමිකාව බව කරුණාවෙන් සලකන්න!

      Capitalist තුමා Royalist රනිල්තුමා ට ගොට්ට ඇල්ලීම ස ර ස තුමා අගය කොරති!

      අප මිතුරු සදම්ප්ටනයේ බන්දුල කුදලාගම සුදීමතුන් ද එය අගය කරනු නිසැකයි!

      Delete
    4. ඇත්ත උඹ වගේ උං හරක් වෙදෙක්ට බාර දෙන එක තමා වඩා හොඳ

      Delete
    5. // ඇත්ත උඹ වගේ උං හරක් වෙදෙක්ට බාර දෙන එක තමා වඩා හොඳ //

      එදා මම දුන්නු බෙහෙත් වලට ඔහෙගේ මෝල් කලන්තේ සනීප වුනැයි ඇනෝ තුමෝ?

      Delete
  2. මගේ යාලුවෙක් දූෂකයන්ට එරෙහිව කටයුතු කරල මලා

    ReplyDelete
    Replies
    1. කවුරුහරි එයාව දූසනේ කොලාද හිටන්?

      Delete
  3. දැන් ඉතින් හොරු කවුද කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. පහුගිය අවුරුදු ගණන තිස්සේ ම මහින්දට, බැසිල්ට හා ගෝඨාට නොයෙක් පුද්ගලයින් හා සංවිධාන නොයෙක් අවලාද හා චෝදනා එල්ල කළා. ඔබට කියන්න ! මහින්දට හෝ ඔහුගේ සහෝදරයින්ට එල්ල කළ එක චෝදනාවකවත් හරයක් තිබෙනව ද කියල හිතල බලන්න. බැසිල්ට තමා මහම හොරා කිව්වේ. ඔහු කළ එක හොරකමක් කියන්න. දැන් ඔහුට නඩු දාලා තිබෙනවා. ඇත්ත. ඒත් ඒ ජනතාවට ණය, වන්දි හා ඇලුමිනියම් බට දීලා. සේරම දීපු ඒව මිසක් බැසිල් ගත්ත කියල එක චෝදනාවක්වත් නැහැ. රාජපක්‍ෂ සමය සියයට සියයක් හොඳ එකක් නෙමෙයි. එහෙම ආණ්ඩු කොහෙද තියෙන්නෙ ? දැන් බලන්න. මේ ආණ්ඩුව ආපු ගමන් කරපු හොරකම් ටික. බැඳුම්කර වංචාව දෙපාරක් කළා. ඒ 2015 පෙබරවාරි හා 2016 මාර්තු. කෝටි 6000ක වැඩියි. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මුළු වියදම බිලියන 99යි. දැන් හිතාගන්න. රනිල් මේ ලංකාවේ ලොකුම හොරකම නොදැන හිටින්න තරම් බබෙක් නෙමෙයි. ඊට පස්සේ ගල් අඟුරු වංචාව. ප්‍රාඩෝ සැප වාහන බදු වංචාව. මහින්ද මෙහෙම කරපු එකක් කියන්න. එහෙම තිබුණනම් මේ අය නිකං ඉඳී ද? අපි මේකයි කියන්න. මහින්දගෙ පොත්ත කලු කළ බොරු ඕපාදූප පැත්තකින් තියල ඔහු දෙස බලන්න. මහින්ද කියන්න ඔබ.
    හැමෝම සතුටු වෙන විදියට කොයි ආණ්ඩුවටවත් වැඩ කරන්න බැහැ. ඒත් මහින්ද තම කුඩා අවුරුදු නමය තුළ මේ රටට දායාද කළ සදාතනික දායද ගැන මදක් නැවතී හිතල බලන්න. ඔහු නොහිටින්න අපි අද කොහෙ ද? රාජපක්‍ෂවරු තරම් මේ රටට ආදරය කරපු හා කරන වෙන කෙනෙක් ඔබට වෙන කවදාවත් හමුවෙයි ද කියල මට සැකයි. රාජපක්‍ෂවරු හොරකම් කරල නැහැ. ඒත් රාජපක්‍ෂවරුන්ට පහුගිය කාලේ එල්ල කරපු චෝදනා ඔවුන් දරා ගත්තේ හා ගන්නේ කොතරම් ඉවසීමකින් ද පෞරුෂයකින් ද කියල මම අත් විඳල තිබෙනවා. හිතන්න රටට වැඩ කරල අතින් නඩු කියනවා. වේදනා විඳිනවා. මම ඔබෙන් එක ඉල්ලීමක් කරනවා. රාජපක්‍ෂවරුන්ට චෝදනා එල්ල කරන කොට දෙපාරක් හිතන්න. මුවහම‍ට වගේ ඒකට තලන්න එපා. ඔවුනුත් මිනිසුන්. මහින්දල දේශපාලනයෙන් ගියොත් ගියාමයි. ඉතිරි නොකරම යනවා. ඒ මොහොතට ඔවුන් ගේන්න එපා. මම එහෙම කිව්වෙ බරපතළ ලෙස හිතල. විශේෂයෙන් අපේ ම අය මේ ගැන ටිකක් වැඩියෙන් හිතන්න. ඔවුන්ට චෝදනා කරන්න. හැබැයි නිකං ඕපදූප උඩ නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. තමන් විසින් ඉතිහාසයේ කළ කාර්යභාරය සඳහා සිංහල ජනතාවගෙන් හිමි ගරුත්වය තියා ගන්නට ඕනෑ නම් රාජපක්ෂ පවුල ම දේශපාලනයෙන් ඉවත් විය යුතුයි.

      මහ බැංකු බැඳුම්කර සිද්ධිය නිසා රාජපක්ෂ සමයේ සිදු වූ සොරකම්වලින් ඔවුන් නිදොස් වෙන්නේ නැහැ. එහෙම කරන්න උත්සාහ කරන එකත් වැරදියි.

      මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී වුණත්, නීතියෙන් මේ සොරකම ඔප්පු කරන්නට බැරි වෙන්න පුළුවන්. එහෙම ය කියලා මෙතන අපරාධයක් නො වුණා ය කියන්න බැහැ.

      ඒකත් හරියට මේ වගේ. කරුණා අම්මාන්ට එරෙහිව චෝදනා ඔප්පු නො වුණා ය කියලා කවුරුද ඔහු අහිංසකයකු ය කියන්නේ.

      රාජපක්ෂලා කරපු නරක ම දේ තමයි, දූෂණය බිම් මට්ටම දක්වා ම ව්‍යාප්ත කර තනිකර චෞර සමාජයක් හදපු එක. බදුවලින්, ණයවලින් කන, අඩුවෙන් වැඩ කරන, කම්මැලියන් ලක්ෂ 20ක් අතට මේ සමාජ ක්‍රමය උරුම කර දීපු එක. රාජපක්ෂගේ අඳුරු දශකය තුළ ඔහු මේ රට ආර්ථික, සමාජ, සංස්කෘතික වශයෙන් ඇද දැමූ අගාධයෙන් පහසුවෙන් මේ රට ගොඩ ගන්නට බැහැ.

      මේ ආණ්ඩුව බොහෝ පැතිවලින් මේ රට ගොඩ ගන්නට අවශ්‍ය දේවලට මුල පුරලායි තියෙන්නේ. ඒක ඉදිරියට ගෙන යන්නට ඕනැ. ඒක කරන්නෙ එජාප ද, ශ්‍රීලනිප ද කියන එක රටට වැදගත් නැහැ.

      රනිල් විශ්වාස කළ නො හැකි පුද්ගලයකු බවට පත් වෙමින් ඉන්නවා සේ ම, රාජපක්ෂ පවුල විශ්වාස කළ නො හැකි පුද්ගලයන් බවට පත් වී හමාරයි.

      අප වෙනත් නායකත්වයන් ගොඩනගා ගත යුතුයි.

      Delete
    2. //තමන් විසින් ඉතිහාසයේ කළ කාර්යභාරය සඳහා සිංහල ජනතාවගෙන් හිමි ගරුත්වය තියා ගන්නට ඕනෑ නම් රාජපක්ෂ පවුල ම දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. //

      වන්දිබට්ටයන් සිටිය යුත්තේ රජවරුන් හිනැස්සවීමට මිස දේසපාලන උපදෙස් දීමට නොවේ...

      සමහර විට පැරා තුමා ගේ ඉහත කියමන අප හිනැස්සවීමට කියූ අවන්ක ජෝක් එකක් විය හැකිය.. එසේ නම් ස ර ස තුමා පැරා තුමා ගෙන් සමාදිය බජනය කොර සිටිති!

      Delete
    3. AnonymousOctober 29, 2016 at 5:16 AM
      ගේ කමෙන්ට් එකට මමනම් එකඟයි :)
      කිසිදු වරදක් නොකර එහෙත් සියළු බොරු චෝදනා මෛත්‍රියෙන් ඉවසමින් ක්‍රියාකරන මහින්ද බෝධිසත්ව චරිතයට නිග්‍රහ කිරීම අපාගත වන පාපකර්මයක් වෙන්නත් පුළුවන්.

      Delete
    4. ශ්‍රී ලංකා රාජ්‍යයේ පිරිසිදුභාවය 2014ට වඩා අඩුවී 2015දී දූෂිතභාවය ඉහළට – ට්‍රාන්ස්පෙරට් ජාත්‍යන්තරය ලැයිස්තුගත කරයි..

      ලෝකයේ රටවල් තුල රාජ්‍ය අoශයේ සිදුවන දූෂණයන් හා ඊට අදාළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වාර්ෂිකව වාර්තාවක් ට්‍රාන්ස්පෙරට් ජාත්‍යන්තර ආයතනය Transparent International විසින් ඉදිරිපත් කරන අතර එහිදි ලෝකයේ රටවල් 168 ක් තුල දූෂණය අඩු පිරිසිදු රාජ්‍යන් පිලිවෙලින් ලකුණු 100 දක්වා ඉහලටත් දූෂිත රටවල් ලකුණු 0 දක්වා පහළටත් ලැයිස්තුගත ඇත.

      ඒ අනුව, ශ්‍රීලංකාව 2015 දී ලබාගත් ලකුණු ප්‍රමාණය 37 ක් වන අතර එය 2014 වර්ෂයේ ලකුණු 38 කි එමෙන්ම 2012 වර්ෂයේ ශ්‍රීලංකාව ලකුණු 40 යේ පැවතිණි. මේ අනුව පිරිසිදුභාවයෙන් ශ්‍රීලංකාව ලෝකයේ 83 වෙනි ස්ථානය හිමි කරගෙන සිටී.

      පසුගිය රජයේ විශාල වශයෙන් රාජ්‍ය අoශයේ දූෂණයන් සිදුවූවා යයි පැවසමින් යහපාලන රජයක් බිහිකිරීමට එවකට තිබූ මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමිනි. මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ සම්මුතිවාදි රජය 2015 ජනවාරි 8 වෙනිදා පිහිටුවා ගෙන යහපාලන ප්‍රතිපත්ති අනුගමනය කොට දූෂණයෙන් තොර ඉතා පිරිසිදු විනිවිඳ භාවයෙන් යුක්තව ශ්‍රීලංකාවක් බිහිකරන බව පැවසුවත් දැනට වඩා පිරිසිදු තත්ත්වයක් රටේ රාජ්‍ය අoශවල එදා තිබූ බව මෙයින් පැහැදිලි වේ.


      මෙහෙම වෙන්නේ කොහොමද පැරකුම් ? මහින්දගේ මිනිස්සු ට්‍රාන්ස්පෙරට් ජාත්‍යන්තර ආයතනයටත් රිංගලද ? අපේ ජාත්‍යන්තරය දිනපු සිරිසේන උතුමාණන් ඉන්න කාලෙක මෙහෙම වෙන්නේ කොහොමද ?

      Delete
    5. ට්‍රාන්ස්පේරන්ට් ජාත්‍යන්තර ආයතනය ට්‍රාන්ස්ජෙන්ඩර් දෙමව්පියො ගැන ආයතනයක්ද?

      Delete
    6. ඉයන්,

      මම දන්න Transparency International නම් එහෙම එකක් නෙමෙයි. හැබැයි දැන් තියෙන්නෙ නම් කුජීත වෙච්ච Transgender ආණ්ඩුවක් බව තමයි මේ වාර්තාවෙන් පේන්නෙ.

      Please note that it is not an insult to Transgender Community. I value LGBT rights.

      - AnonymousOctober 29, 2016 at 10:24 AM

      Delete
    7. I know what Transparency international is. I do not have any issues of LGBT either. How about spelling something right in the first time?

      Delete
    8. Ian,

      Only an idiot mix up 'Transparent' with 'Transparency'!

      Delete
    9. හොරු බේරගන්න කතාකරොත් වෙන්නේ අමුතුම ජාතීයේ හොරු බිහිවෙන එක. මේක මහින්දද, මෛත්‍රීද, රනිල්ද කියන එකට වඩා එහාට යන්න ඕන. දැන් වෙලා තියෙන්නේ අමුතුම ජාතියේ කොත්තුවක්. මේ ආන්ඩුවේ හොරු, පහුගිය ආන්ඩුවේ හොරු සහ හොරු නොවෙ කියමින් ආපහු රජු වෙන්න දඟලන සෙට් ටික එකට එකතු වෙලා. මට තියෙන කණගාටුව..මෙහෙම වුනේ ඇයි කියන එක ගැන. මිනිස්සු ජනවාරි අට ගත්ත තීරනය හරි. ඒත් අගෝස්තු මාසේ ගත්තේ, හැමෝම වලේ වැටෙන තීරනයක්. අපේ වගේ පජාත දේශපාලකයෝ ඉන්න රටක, නව දේශපාලන සංස්කෘති ගැන හිතන එකත් වඳුරු කූඤ්ඤයක්.

      Delete
  4. රනිල් එරියස් කවර් කරන්න ගිහින් හත් පොලේ ගාගත්ත. එම්බසි ටික නැත්නම් සිරා රනිල්ගේ පුකට ගහලා එලවන්නේ. අනික රනිල් තනියෙන් රට පාලනය කරන්න ගිය නිසා තමයි සිරා බයියෝ එක්ක එකතු උනේ.

    රනිල් මොල කාරයෙක් නම් කරන්න තිබුනේ. එයා පක්ෂයේ සභාපති වෙලා. සිරා පක්ෂේ නායකයා කරන්න. එහෙම දෙයක් කරන්න තරම් එයාට මොලයක් නෑ.

    ReplyDelete
    Replies
    1. මුන් මචං ජීවිතේ ගැන දන්නෙ නැති කාලකන්නි. කාලා, බීලා, හැමනිලා, තව මිනිහෙකුට උදව් කරලා, තියෙන දේවලින් සතුටු වෙලා, මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න ඉගෙන ගන්න පුළුවන් වෙන්නෙ ආගම් අතහැර දාපු එවුන්ට විතරයි. මුන්ගෙ විනෝදාංශෙ ආගම් එකතු කරන එකනේ.

      Delete
    2. /////මුන් මචං ජීවිතේ ගැන දන්නෙ නැති කාලකන්නි. කාලා, බීලා, හැමනිලා, තව මිනිහෙකුට උදව් කරලා, තියෙන දේවලින් සතුටු වෙලා, මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න ඉගෙන ගන්න පුළුවන් වෙන්නෙ ආගම් අතහැර දාපු එවුන්ට විතරයි. මුන්ගෙ විනෝදාංශෙ ආගම් එකතු කරන එකනේ.///////////////

      +++++++++++++++++++

      Delete
    3. අළුතෙන් ව්‍යවස්ථා හදන්නේ අම්මට හැමිනෙන්නද තියෙන ඔක්කෝම එහෙමම තියෙනවා නම්.. අනික විවස්ථා ගදන්නේ මෙලෝ රහක් නැති ඝනයන්ට ඕන් විදියටනම්... පඩයක් අරින්නෙත් මල්වතු අස්ගිරි අවසරේ අරගෙන.. අම්මගෙ රෙද්දටද චන්ද තියන්නේ.. උන් දෙන්න කැමති එකෙක් පත් කර ගත්තාම අහවරයිනේ..

      Delete
    4. කරුණාකර ස්වාමින් වහන්සේලාට නිග්‍ර‍හ නොකරන්න. ඔබ අජූත විය හැකිය. එය ප්‍ර‍සිද්ධියේ ප්‍ර‍දර්ශනය කළයුතු දෙයක් නොවේ.

      Delete
  5. බේසමේ තියෙන්නෙ කුණුවතුර සහ පඹ පැටියෙක් නම් කුණුවතුර එක්ක හිස් පඹයාවත් විසික්කා කරලා දාලා වෙන සෙට් එකක් පත් කරගන්ඩ කටයුතු කළ යුතුයි.දැං තියෙන තත්ත්වෙ හැටියට මොන හරක් රැළක් පත් කළත් මුන්ට වඩා හොඳයි

    ReplyDelete
  6. ලෝකයේ රටවල් තුළ රාජ්‍ය අංශයේ සිදුවන දූෂණයන් හා ඊට අදාළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වාර්ෂිකව වාර්තාවක් Transparency International විසින් ඉදිරිපත් කරන අතර එහිදී 2015 වසර සඳහා ශ්‍රී ලංකාව ලබා ඇති ලකුණු ප්‍රමාණය 37කි. එය වසර 2014දී ලකුණු 38ක් විය. එසේම වසර 2012 සහ 2013 සඳහා පිලිවෙලින් ශ්‍රී ලංකාව ලැබූ ලකුණු ප්‍රමාණය 40ක් සහ 37 කි.
    මූලාශ්‍රය: https://www.transparency.org/cpi2015/#results-table
    මේක යකාගේ වැඩක් නොවැ පැරකුම්තුමනි. අර “දූෂිත රෙජීමයට වඩා “යහපාලන” උන්නැහල පහල ගිහිල්ල නොවැ. “මිස්ටර් ඩ්‍රයික්ලීන්” ගෙ ආණ්ඩුවේ “ආලාපාලු ආර්ථික විද්‍යාවේ පියා” එහෙමත් ඉන්නවනෙ. මං නං හිතන්නේ Transparency International එකට වැරදිල. මම හිතන්නෙ ලංකාවට ලකුණු 75ක් වත් ඇති. මහින්ද Transparency International එකට පගාවක් දීල ලංකාවෙ ලකුණු කැපුවා වෙන්න බැරිද?
    කෝ මේ ඉයන්තුමාල , ඉකොනොමැටිතුමාල ?

    ReplyDelete
    Replies
    1. // මහින්ද Transparency International එකට පගාවක් දීල ලංකාවෙ ලකුණු කැපුවා වෙන්න බැරිද? //

      මහින්ද මහත්තයා ගෙන් පගාව කාපු Transparency International එක දැන් Opaque Internationalවෙලා හිටන්!

      Delete
    2. ඒ කිව්වේ?

      Delete
    3. @AnonymousOctober 29, 2016 at 10:24 AM

      සාරස ලොක්ක ඇනෝ ඇවිත් ගහන කොමෙන්ට්වල නම් ගතයුත්තක් තියනවා

      Delete
  7. It is obvious that situation is complex and there is no straight path to build up a just society. we, as citizens, are grateful for your lone battle Para.

    ReplyDelete
  8. බැඳුම්කර මගඩිය පිලිබඳ සම්පූර්ණ කෝප් වාර්තාව.
    මූලාශ්‍රය:http://www.sathhanda.com/2016/10/blog-post_587.html

    ReplyDelete
    Replies
    1. මා මේ මහ බැංකු මූල්‍ය ගණුදෙණුව ගැන මූලාශ්‍ර වාර්තා හෝ කෝප් වාර්තාව හෝ කියවා නෑ.

      මට ඇති ප්‍රශ්නය නම් බිලියන විස්සක ණය සපයා, පර්ෆෙචුවල් සමාගම එක වසරක් තුළ ඔය කියන තරම් ලාබයක් ලබාගන්නේ කෙලෙසද කියායි. ඔවුන් ගේ ලාබය යනු මහබැංකු බොන්ඩ් සඳහා ලැබෙන පොළියෙන් වානිජ බැංකුවලින් හෝ අන් අරමුදල්වලින් ණයට ගත් මුදල්වලට ගෙවන පොලියෙන් පසු ඉතිරිවෙන මුදල නේද?

      දන්නා අයෙක් කරුණාකර පහදා දෙන්න!

      Delete
  9. "හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ද කිසිදු දූෂණ හෝ අපරාධ හෝ චෝදනාවක් එල්ල වී නැත. එසේ වූ පමණින් ඔහු නිර්දෝෂී පුද්ගලයකු යයි පැවසීම සාධාරණ ද?"

    මොනවද අජිත් මේ ලියන විකාර ? කෙනෙක්ට චෝදනාවක් එල්ලකරනවා නම් prima facie evidence (බැලු බැල්මට පෙනෙන) තියෙන්න ඕනෑ. prima facie evidence කියන්නේ මේ විකාර කටකතා නෙමෙයි. චෝදනාව සාක්ෂි මගින් beyond the reasonable doubt (සාධාරණ සැකයේ සීමාවෙන් ඔබ්බට) වලට එහායින් ඔප්පු කළ යුතුයි. එතෙක් කෙනෙක් සැලකෙන්නේ නිර්දෝෂී කෙනෙක් විදියට. අපි ශීලාචාර රටක් නම් මේ කතාව මහින්දට විතරක් නෙමෙයි අර්ජුන මහේන්ද්‍රන්ටත් පොදුයි.

    කොමිසමක් හෝ විමර්ශන කමිටුවක් බොහෝ විට සිද්ධියක් පිළිබඳව නිගමනයකට එන්නේ balance of probability සිද්ධාන්තය මත. නමුත් අපරාධ වරදක ඔප්පුකිරීමේ භාරය මීට බොහෝ වැඩියි.

    තාම මහින්දට විරුද්ධව prima facie evidence වත් නැහැනේ? ඒ තියා අර විදියෙ කොමිසමක් හෝ විමර්ශන කමිටුවක් වත් මහින්ද වරදකරු කරලා නැහැනේ.

    ඉතින් මහින්ද නිර්දෝෂී පුද්ගලයෙක් විදියට පිළිගන්න වෙනව අපි කැමති වුනත් නැති වුනත්.

    ඔය ඇවන්ගාඩ් නඩුවෙ තීන්දුවෙන් කවදා හරි යහපාලන ආණ්ඩුව ඉතිරිවෙලා තියන අමුඩ කෙටියත් කඩාගන්නවා. මම දන්නා තරමින් ඇවන්ගාඩ් එක්ක අන්තිම ගිවිසුම අත්සන් කළේ යහපාලන ආණ්ඩුව. Estoppel rule (ප්‍රතිබන්ධනය) එක හෙම නඩුවේදී ඇදෙනකොට හරි සනීපෙට තියෙයි.

    තවත් සනීප වෙන්නෙ තිලක් මාරපනයි විජේදාස රාජපක්ෂයි විත්තියෙ සාක්කිකාරයෝ විදියට කැඳවන්න සිතාසි නිකුත්කරන්න කියල විත්තියෙ නීතිඥයන් ඉල්ලපු දවසට. මෙච්චර අමන ආණ්ඩුවක් මම නම් දැකල නෑ.

    ReplyDelete
    Replies
    1. //මොනවද අජිත් මේ ලියන විකාර ? //

      පැරා තුමා විකාර හැර වෙනත් දේ ලියනවා ඔබ දැක තිබේද හිටන්?

      Delete
    2. අපිට එක දෙයක් පේනවා !
      දැන් පොලිස් අත් අඩංගුවේදී ආයුධ පෙන්නන්නගිහිල්ලා මැරුම්කන එවුන්නෑ !
      කන්ටේනර් ගනන් කුඩු එනබවක් නෑ !
      බලහත්කාරකම් කරන ,පාට්දාන ප්‍රාදේශීය දේශපාලන හෙංචයියොනෑ !
      මහින්ද නැතිකොට එහෙම උනාම අපිට හිතෙන්නෙමේවැඩවලට අනුග්‍රහය මහින්දලගෙන් ලැබෙන්නඇති කියලයි !

      Delete
    3. එවගේද දහස් ගණන් මිනි මරපු කොටින්ට වන්දි ගෙවනවා
      හමුදාවේ කොල්ලෝ හිරේ දානවා
      දෙමල පාතාලේ පොලිසියව කපනවා
      දෙමල ප්‍රාදේශීය දේශපාලුවෝ හිතු හිතු විදියට නටනවා
      දවසට දෙක තුනක් හදුනා නොගත් මිනි හම්බු වෙනවා
      කොළඹ පාතාලේ වේගේ වගක් නැතුව මිනි මරනවා

      රනිල්/සිරිසේන ඉන්නකොට මේවා වෙනවා කියන්නේ රනිල්/සිරිසේන මේවට අනුබල දෙනවා කියනවා කියලයි

      Delete
  10. //කෙනෙක්ට චෝදනාවක් එල්ලකරනවා නම් prima facie evidence (බැලු බැල්මට පෙනෙන) තියෙන්න ඕනෑ. prima facie evidence කියන්නේ මේ විකාර කටකතා නෙමෙයි. චෝදනාව සාක්ෂි මගින් beyond the reasonable doubt (සාධාරණ සැකයේ සීමාවෙන් ඔබ්බට) වලට එහායින් ඔප්පු කළ යුතුයි. එතෙක් කෙනෙක් සැලකෙන්නේ නිර්දෝෂී කෙනෙක් විදියට.//

    ඕක තමයි මම කියන්නෙ නීතියයි යුක්තියයි අනිවාර්යයෙන් ම එකක් නෙමෙයි. බොහෝ විට දෙකක් ය කියන එක.

    ඔය නීති පද්ධතිය ගැලපෙන්නේ ශිෂ්ට සමාජයකට. එහෙම සමාජයක නායකයන් නීතියෙන් ගැලවිය හැකි මාර්ග සැලසුම් කිරීම සඳහා බුද්ධිය හා බලය යොදවන එක ජීවිතය කර ගන්නේ නැහැ.

    මේ කතාව නායකයන්ට විතරක් නෙමෙයි, සමස්ත සමාජයට ම අදාළයි.

    ReplyDelete
  11. "ඕක තමයි මම කියන්නෙ නීතියයි යුක්තියයි අනිවාර්යයෙන් ම එකක් නෙමෙයි. බොහෝ විට දෙකක් ය කියන එක."

    නීතිය සහ යුක්තිය යනු එකක් නො ව දෙකකි. එය එසේ ම ය; එසේ විය යුතු ය. නීතිය යනු සලකනු ලබන සමාජයක යුක්තිය පසිඳලීමේ සම්මත ක්‍රමවේදයක් පමණ යි. එසේ නැති ව නීතිය යන්න යුක්තිය ද වන්නේ නැහැ.

    මහින්ද රාජපක්ෂ මහත්මයාට නෛතික අර්ථයෙන් අපරාධ චෝදනාවක් හෝ ගොනු කර ගන්නට තවමත් හැකි වී නැහැ. අපරාධයක් අර්ථ ගැන්වීමට mens rea තබා actus reus හෝ තහවුරු කර ගැනීමට තරම් නෛතික පදනමක් මතු ව නැහැ. මහින්දට දේශපාලනික ව පසමිතුරු වීම යන පූර්ව නිගමනය මත පදනම් ව හුදු ප්‍රලාප බිහි කිරීම නෛතික ක්‍රියාකාරකමක් නො වේ.

    සත්‍ය ලෙස ම beyond reasonable doubt යන්න වැදගත් වන්නේ ද මෙවැනි තත්ත්වයන් තුළ යි. වරදකරුවෙකු බව සුනිශ්චිත ව ඔප්පු වන තෙක් පුද්ගලයෙකු නිවරදකරුවෙකු වන්නේ ද යුක්තිය පසිඳලීම පිණිස නීතිය සර්වසම්පූර්ණ ක්‍රමවේදයක් නො වන නිසා යි. නීතිය යනු යුක්තිය පසිඳලීමේ නිරපේක්ෂ හොඳ ම ක්‍රමවේදය නො විය හැකි මුත් සාපේක්ෂ හොඳ ම ක්‍රමය යි. ස්වභාවික යුක්තිය නීතියේ දී සලකා බැලෙන බව අජිත් අමතක කරන්න එපා. අජිත් නිතොර පවසන නීතිය අබිබවා යනු යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයන්ට වඩා පවතින නීතිය ශිෂ්ට බව අපට පිළිගන්න වෙනවා.

    අජිත් වගේ ජනමතයට විශාල බලපෑමක් කළ හැකි කෙනෙකු යමක් ප්‍රකාශ කරන්න පෙර ගැඹුරු හැදෑරීමක් කළ යුතු යි. අජිත් ප්‍රශ්න කරන විෂය පරාසය නීති දර්ශනවේදයේත්, අපරාධවේදයෙත් කේන්ද්‍රීය ව පවතින්නක්. එවැනි විෂය ක්ෂේත්‍රයක් ගැන කතිකාවක් අරඹා පසු ව කියන්න බැහැ මා කරන්නේ දේශපාලනයක් විතරක් කියා. සිතට නැඟෙන අදහස් සුකුමාර කර නිදහසේ පිට කිරීම ‍හොඳ කවිකාරකමක් විය හැකි යි. එහෙත් දේශපාලනය යනු කවියක් නො වේ. දේශපාලනය කවියක් කර ගැනීම නිසා සිදුවන විපතට දිය හැකි හොඳ ම නිදර්ශනය වන්නේ ලංකාවෙ වාමාංශිකයන්. 1935 දී ලංකා සමසමාජ පක්ෂය ආරම්භයේ සිට ජනතා විමුක්ති පෙරමුණ පරමාණුකරණය වීම දක්වා ඉතිහාස තුළ ලංකාවට වමෙන් වුණු සේවයන් නැහැ (නිදහස ලබා ගැනීමට දක්වන ලද මඳ සහය හැරුණු විට). අජිත් ඒ මට්ටමට වැටෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔය කාරණය ම මම හිතන්නේ බැඳුම්කර වංචා චෝදනාවටත් අදාළ වෙනවා. මම පෙනෙන්නේ නැහැ විගණකාධිපති හරි කෝප් කමිටුව හරි ශක්තිමත් මුල්‍ය අපරාධ චෝදනාවක් අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ගොනු කරන්නට ඉවහල් වන සාක්ෂියක් සොයාගෙන ඇති බවක්.

      නඩුවක් පැවරුවත්, එය ඔප්පු නො වන්නට ඉඩ තියෙනවා.

      ඒ කියන්නේ මහ බැංකුවේ සිදු වී තිබෙන්නේ වංචාවක් නෙමෙයි ද?

      මම නීතියේ දර්ශනය ගැන සාකච්ඡා කරන්න දන්නෙ නැහැ. ඒත්, මාධ්‍යකරුවෙකු, පුරවැසියකු විදියට මම මේ ප්‍රශ්නය මතු කරනවා. ඒ ගැන නීතිය ගැන දන්නා විද්වතුන් අවධානය යොමු කළ යුතුයි.

      අනෙක, නීති කියන්නේත් ස්ථිතික දෙයක් නෙමෙයි නේ. නීතිය සංවර්ධනය විය යුතුයි. එතැනදී මේ ගැටලු හඳුනා ගැනීම වැදගත්. ඒවා මතු කරන්නට අප වගේ පුරවැසියන්ට අයිතියක් තියෙනවා. ප්‍රශ්න කරන්න විශාරදයෙකු වෙන්න ඕනැ නැහැ. විශාරදයකු වෙන්න ඕනැ පිළිතුරු දෙන්නයි.

      Delete
  12. කොහොම හරි හොරා කාපු සෙට් එකේ එකෙක් එක්ක හොරු අල්ලන්න ගියපු එකා අන්තීමට හොරා කියලා සම්මතත් උනා හිටන්...

    ReplyDelete
    Replies
    1. ඇයි එයාගේ මල්ලිලා?

      Delete
    2. ජාපාලනෙට කඩේ ගියපු එවුන්ගේ අමුඩෙත් කඩං වැටුනා හිටන්...

      Delete
  13. President elected on NGO/Social Media driven platform makes inappropriate remarks while Prime Minister is in deep trouble as a result of his inherited arrogant behavior.People looked forward for a real change has become helpless.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා