Posts

Showing posts with the label උතුර පළාත් සභාව

උතුරත්, ඉන්දියාවත් අතර ගුවන් යානා, නැව් යන එක අසභ්‍ය වැඩක් ද?

Image
අනාකලී ජනීතා ජයතිලක හා දයාන් ජයතිලක දේශපාලනිකව සමාන ද? යාපනයේ හා ත්‍රිකුණාමලයේ සිට ඉන්දියාවට ඍජු ගුවන් ගමන් ආරම්භ කරන්නැයි හා තලෙයිමන්නාරම හා රාමේශ්වරම් අතර මුහුදු යාත්‍රා සේවය යළි ආරම්භ කරන්නැයි උතුරු පළාත් සභාව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.  මේ යෝජනා ක්‍රියාත්මක කරන්නට පළාත් සභාවට කොහොමත් බැරි ය. ඒ සඳහා කටයුතු කළ හැක්කේ ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඔස්සේ ය. උතුරු පළාත් සභාව තමන් මේවා ආරම්භ කරන බවක් කියා ද නැත. ඔවුන් ද එ් හා සම්බන්ධ ඉල්ලීම් ඉදිරිපත් කරන්නට යන්නේ ලංකාවේ හා ඉන්දියාවේ ආණ්ඩුවලට ය. එහෙම යෝජනාවක් කිරීම ඔච්චර කුණුහරුපයක් ද? මේ යෝජනාව ගැන ලංකාවේ ආණ්ඩුව කුපිත වී ඇත. ආණ්ඩවුට රිංගා ගැනීම සඳහා විශ්ලේෂණ ඔස්සේ ඇප්ලිකේෂන් ඉදිරිපත් කරන දයාන් ජයතිලක පවා දෙරණ නාලිකාව ඔස්සේ මෙය හඳුන්වන්නේ මධ්‍යම ආණ්ඩුව ලවා පළාත් සභාව විසුරුවා ගැනීම සඳහා දෙමළ අන්තවාදීන් දරන උත්සාහයේ කොටසක් ලෙසයි. මේ ඊනියා විශ්ලේෂකයා වනාහි වරක් ලංකාවේ ඊලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ වර්ධරාජා පෙරුමාල්ගේ නායකත්වයෙන් යුත් උතුරු නැගෙනහිර පළාත් සභාවේ සිටි කුමන්ත්‍රණකාරී ඇමතිවරයකු බව ද අප...