නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු විස්තර කරන කවුරුත් දන්න ඇත්ත
නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු විසින් අධිකරණය හා නීති වෘත්තිය පිළිබඳ කරන ලද නිර්භීත හෙළිදරව්ව සමග සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් ඇති වී තිබෙනවා.
ලංකාවේ අධිකරණ හා නීති ක්ෂේත්‍ර යනු ඌන සංවර්ධිත, වැඩවසම් ලක්ෂණ සහිත, එසේ ම, දූෂණය ඉහවහා ගිය අංශ බව යන්න අලුත් කරුණක් නොවෙයි. එය කවුරුත් පාහේ අඩුවැඩි වශයෙන් දන්නා දෙයක්. එය සමාජයේ ඉතා සාමාන්‍ය කරුණක්.
උසාවි කියන්නෙ පගා මරුවන් ජීවත් වන තැනක්. විනිසුරුවරයාගේ ඉදිරිපිට ම පගා ගැනීම සිදු වන අවස්ථා ගැන අත්දැකීම් තිබෙන අය බොහෝ ගණනක් මෙම ලිපිය කියවනවා ඇති. නීතිඥවරුන් කියන්නේ මූලිකව ම ගනුදෙනුකරුවන්ට බිල්පතක් හෝ නිකුත් කරන්නට තරම් හැකියාවක් නැති පිරිසක්.
හැබැයි, අධිකරණයේ තිබෙන ඉහත කී ලක්ෂණ නිසා ම බොහෝ දෙනෙකු මේ පිළිබඳ කතා කරන්නට බියක් දක්වනවා. පසුගිය දිනවල මේ ගැන කතා කළ රන්ජන් රාමනායකට එරෙහිව නඩු පැවරීම සඳහා උනන්දු වූ පාර්ශ්ව කවුරුද කියා විමසා බලන්න. විශේෂයෙන් ම නීතිඥ සංගමය මෙහිදී කටයුතු කළේ මෙවැනි කාරණා පිළිබඳ විවෘතව කතා කිරීම වැළැක්වීමේ අරමුණින් යයි සැක කළ හැකි ය. රන්ජන් රාමනායක වැනි අයෙකු මර්දනය කිරීමෙන් වෙනත් අය කට ඇරීමට පවා බිය කළ හැකි බව ඔවුන් දන්නවා විය හැකි ය.
ලංකාවේ නීති ක්ෂේත්‍රයේ පවතින මෙම පසුගාමී තත්වය පිළිබඳ මුලින් ම විලි ලැජ්ජාවට පත් විය යුතුව තිබෙන්නේ වෘත්තීය නීතිඥවරු ය. පවතින තත්වය ඔවුන්ට වාසිදායක විය හැකි ය. එහෙත්, එසේ වාසි ලැබීම කුණු වුණ තුවාලයක ඉහඳ තබන මැස්සාගේ කාර්යයට සමාන බව අවබෝධ කර ගත යුතු ය.
තමන් දවසේ වැඩි කාලයක් නිරත වී සිටින මෙම වෘත්තියේ තත්වය තමන්ගේ ජීවිතයට කාන්දු වන බැවින් ඒ විපර්යාසය තමන්ගෙන් දරුවන්ට පවා යා හැකි බව අවබෝධ කර ගන්න.
Please follow and like us:

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.