නුවර යුගයේ දෙමළට තිබුණ තැන


උඩරට ගිව්සුම
දෙමළ සිංහල කර
පවසා සිතන වැරසැර
තම දළිනි මහමෙර
කුහුඹු විදිමැයි සිතූ වෙනි වර
මේ කවිය එන්නේ නුවර යුගයේදී කරන ලද මහා පදරංග ජාතක සිංහල පරිවර්තනයේ ය.
මහා පදරංග ජාතකය දෙමළ බසින් සිංහලට පරිවර්තනය කළේ ජාතිය, ආගම රැක ගැනීමෙහි ලා සුවිශාල මොහයක් කළ, මල්වතු මහනායක කොබ්බෑකඩුවේ ස්ථවිරයෝ ය.
දෙමළ බසින් ලියූ මහා පදරංග ජාතකය සිංහලට පෙරළීම මහමෙර කුහුඹු අඬුවකින් විදිය හැකි යයි සිතීම මෙනැයි කොබ්බෑකඩුව හිමියෝ කී හ.
සුභාෂිතය ලියූ අලගියවන්නයෝ ද දෙමළ, සංස්කෘත පාලි නොදත් ජනයාට කීවේ නූගතුන් (දද) කියා ය.
……………
දෙමළ සකු මගද නොහසළ සතට දද
……………
සිහල බසින් සැකෙවින් කියමි පද බැඳ
නුවර යුගයේ තිබුණ සිංහල හැඟීම එවැන්නක් විය. එය දෙමළ විරෝධී එකක් වූයේ නැත.
ඇහැලේපොළ නිලමේ සහ ඇතැම් උඩරට ප්‍රභූන් ගිව්සුමට අත්සන් තැබුවේ ද දෙමළෙනි.
දෙමළ විරෝධී පදනමකින් නූතන සිංහල ජාතිය ගොඩනැගීම පසු කලක සිදු වූවකි.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප