බුර්කාව තහනම් කළ යුත්තේ ඇයි?
පහත දැක් වෙන්නේ බර්ටි රණවීරගේ විසින් තබන ලද සටහනකි. අප එය පළ කරන්නේ කුමන හේතුවක් මත ද සටහනින් පසු දැක්වේ.
මැගේ නම නජාත් ය (Najat Vallaud-Belkacem). ඇය උපන්නේ මොරෝක්කොවේය. කුඩා කාලයේදී ඇය කළේ එළුවන් බලාගැනීමය.
ඇගේ පියා ප්‍රංශයේ රැකියාවක් කළේය. ඒ ගොඩනැගිලි කම්කරුවෙකු ලෙසය. ඔහු තම දරුවන් සහ බිරිඳ ප්‍රංශයට ගෙන්වා ගත් අතර එහි පාසල් අධ්‍යාපනය ලැබුවාය.
ඇය ප්‍රංශයට එන තුරු ප්‍රංශ බස දැන සිටියේ නැත. ඇය ඉතා දක්ෂ සිසුවියක් වූ බැවින් ඇයට සරසවි අධ්‍යාපනය ලබාගැනීමට ශිෂ්‍යත්වයක් ලැබිණ.
උපාධිය ලබා ගැනීමෙන් පසු ඇය තව දුරටත් ඉගෙන ගත් අතර ඉන්පසු ප්‍රංශයේ සමාජවාදී පක්ෂයට බැඳුණාය. නගර සභා මැතිවරණයකින් ජය ලැබූ ඇය ඉන්පසු මහා මැතිවරණවලට කොට ජය ලබා මන්ත්‍රීවරියක් වුවාය. 2012 දී කාන්තා කටයුතු ඇමතිවරිය ලෙස හොලන්දේ ජනාධිපතිවරයා විසින් ඇය පත් කරුණු ලැබුවාය.
උපාධිය ලබා ගැනීමෙන් පසු ඇය තව දුරටත් ඉගෙන ගත් අතර ඉන්පසු ප්‍රංශයේ සමාජවාදී පක්ෂයට බැඳුණාය. නගර සභා මැතිවරණයකින් ජය ලැබූ ඇය ඉන්පසු මහා මැතිවරණවලට කොට ජය ලබා මන්ත්‍රීවරියක් වුවාය. 2012 දී කාන්තා කටයුතු ඇමතිවරිය ලෙස හොලන්දේ ජනාධිපතිවරයා විසින් ඇය පත් කරුණු ලැබුවාය.
2014 -2017 සමයේ ඇය ප්‍රංශයේ අධ්‍යාපන ඇමතිවරිය වුවාය.
බුර්කාවට විරුද්ධත්වය පලකරන ඇය කියන්නේ බුර්කාව හෝ වෙනත් ඇඳුමක් ඇඳීමට කාන්තාවට නිදහස තිබිය යුතු බවය.
සම රිසි අයට විවාහ වීමට ඉඩ දිය යුතු බවද ඇය කියයි .
ඇය මුස්ලිම් කතක් වුවත් ආගම අදහන්නේ නැති බව කියා තිබේ.
අප ඇය ඉස්මතු කර දක්වන්නේ ඉතා පැහැදිලි හේතුවක් මත ය. ජාතිවාදීන් හෝ මුස්ලිම් විරෝධීන් නොවන අප ස්ත්‍රී විරෝධීන් ද නොවේ. ඒ නිසා ස්ත්‍රී පීඩක ඇඳුමක් වන මුහුණ පවා ආවරණය කරන බුර්කාව සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කළ යුතු ය.
මේ ඇඳුම ෂාරියා නීති අනුවවත් අනිවාර්ය නැත. ලංකාවේ මුස්ලිම් සම්ප්‍රදාය තුළ කාන්තා ඇඳුම සම්බන්ධයෙන් අනිවාර්ය වූයේ ශරීරය හා හිස ආවරණය වන ඇඳුම් ය.
හිජාබ්, අබායා, බුර්කා වැනි ඇඳුම් පසුකාලීනව ජනප්‍රිය වූ විලාසිතා ය. සිංහල, දෙමළ කාන්තාවන් පංජාබ් විලාසිතා අනුගමනය කිරීම ගැටලුවක් නොවේ නම් මුස්ලිම් කාන්තාවන් අරාබි විලාසිතා අනුගමනය කිරීම ද ගැටලුවක් විය නොහැක.
එහෙත්, බුර්කා යනු එක පැත්තකින් ස්ත්‍රී පීඩක ඇඳුමකි. අනෙක් පැත්තෙන් එය නීතිය හා සමානාත්මතාව පිළිබඳ ගැටලු ඇති කරයි. නිකට ආවරණය වන පරිදි හෙල්මට් පැළඳීම නීති විරෝධී වන රටක, කැප් තොප්පියක්, ජැකට්ටුවක් ඇඳ ටෙලර් යන්ත්‍රයක් භාවිතා කිරීමට අවසර නැති රටක මුස්ලිම් කාන්තාවක් වූවා ය කියා මුහුණ අාවරණය කිරීම පිළි ගත යුතු නැත.
මහ මගදී, පොදු ප්‍රවාහනයේදී කාන්තා හිංසනය ඉතා සුලබ රටක යම් කාන්තාවක් මුළු සිරුර ම ආවරණය කර ගැනීමට කැමැත්තක් දැක්වීම අසාධාරණ නැති විය හැකි ය. එහෙත් මේ ඇඳුම ඉහළ ආර්ද්‍රතාවක් තිබෙන ලංකාවේ දේශගුණයට ගැලපෙන්නේ නැත. ඒ නිසා කාන්තාවන් පුරුෂාධිපත්‍යයට එරෙහිව සටන් කළ යුත්තේ ලිහිල්, නිදහස් ඇඳුමට ඇති හිමිකම රැකෙන පරිදි ය.
අනෙක් ගැටලුව බුර්කාව ප්‍රවර්ධනය කරන ඇතැමෙකු ස්ත්‍රී පීඩකයන් මෙන් ම, සිංහල හා දෙමළ ජාතිවාදී අන්තවාදීන් කුපිත කිරීමට කැමති මුස්ලිම් අන්තවාදීන් වීමයි.
බුර්කාව සම්බන්ධයෙන් ප්‍රගතිශීලීන්ට සෙවල නොවන, ඍජු ප්‍රතිපත්තියක් අවශ්‍ය ය. එය කිසිදු ජාතිවාදයකට යට නොවන එකක් විය යුතු ය.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.