මීනයෙන් මේසෙට – මේසෙන් බඩට



නොනගතය වන තුරු
බඩු ගනිමු බඩු විකුණමු
පෝලිම් සැදී මෙහි එනු
ලාබයි ගන්න අවුරුදු
හැම තැන ම සෙනග ය
සතුට ඉතිරෙන මුහුණු ය
අත්තිකාරම් උත්සව
ණය බව සිතට නො දැනෙ ය
ගෙවල් පිරිසිදු කර
අලුත් බඩු මිළ දී ගෙන
කොණ්ඩත් කපාගෙන
වාහනේටත් තෙල් ගසාගෙන
කොළඹ ඇත කපුටන්
කොවුලෝ හඬති එහෙයින්
ගමේ නැත උන් දැන්
ගම් බලා යති නගර කොවුලන්
වැට ඉන්නටත් ගහගෙන
පවුරු පදනම් බැඳගෙන
එරබදු මල් සොයා
කරමු ගූගල් හිතවත
අවුරුදු සිරිත් ගැන
ටෙලිවිෂන්වල දෙස් දෙන
මහින්ද කුමාර දළුපොත
මෙවරත් ගෙදර ගොස් නැත
මීනයෙන් මේසෙට
මේසෙන් කටට බඩට ද
බාර් වහලා හිතවත
ගෙනැවිත් තියා ගත්ත ද?
බිස්කට් පැකට් අරගෙන
නෑයෝ එනෝ හම්මෝ
ඒ පැකට් අරගෙන
අපිත් නෑගම් යනවෝ
මේ අවුරුද්දෙවත්
අලුත් වෙන්නට හිතුවට
බලු වලිගෙ ඇද කුද
යාවිද උණ පුරුකෙ ලෑවට
– අජිත් පැරකුම් ජයසිංහ

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප