පාසල්වල ළමා ශ්‍රමය පිටුදකිමු (අද ළමා ශ්‍රමයට එරෙහි දිනය යි)


මෑත වකවානුවේදී සකල බුජං ගීතය උත්කර්ෂයට නැංවූ ළමා තරුවක්: හිමාෂ මනුප්‍රිය
අද විශේෂ දවසක්. ඒ නිසා දවස අවසන් වෙන්නට කලින් මේ සටහන ලියන්නට ඕනැ. අද, ජුනි 13දා, ළමා ශ්‍රමයට එරෙහි දිනය යි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තක්සේරු කිරීම් අනුව, ලංකාව ළමා ශ්‍රමය පිටුදැකීම අතින් දකුණු ආසියාවේ සෙසු රටවලට වඩා ඉදිරියෙන් සිටියාට, ලංකාවේත් තවමත් 1%ක් ළමයින් ළමා ශ්‍රමිකයන් ලෙස වැඩ කරනවා. ඒ අනුව සංඛ්‍යාත්මකව 40,000ක් පමණ ළමා ශ්‍රමිකයන් ලංකාවේ සිටිනවා.
ඒ කොහේ ද? පහත දැක්වෙන්නේ ළමා ශ්‍රමිකයන් තවමත් ඉන්න ප්‍රධාන තැන්.
  • සිඟමන් යැදීම
  • ගරාජ්
  • හෝටල්
  • කඩ
  • සුළු කර්මාන්ත / ස්වයං රැකියා
  • ලිංගික ශ්‍රමිකයන්
මීට අමතරව, ළමා ශ්‍රමය ඉතා බහුල ලෙස භාවිතා කරන තැනක් වන්නේ ගම්බද පාසල් ය. පාසල්වල වැඩ පෙන්නා ලකුණු දමාගැනීමේ අධික උන්නතිකාමයෙන් පෙළෙන ගුරුවරුන් සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා පාසල් දරුවන් බර වැඩෙහි යොදන ආකාරය ගුරුවරයකු ලෙස මම නිරීක්ෂණය කර ඇත්තෙමි. මෙවැනි අවස්ථාවලදී විදුහල්පතිවරුන්, ගුරුවරුන් පාසල් දරුවන් මෙහෙයවන්නේ වහල් හිමියන් සේ වේවැල් ලෙලවමිනි. වැඩ කිරීම ප්‍රතික්ෂේප කරන දරුවන්ට පහර දීම ද කරති. නාගරික වඩා හොඳ පාසල්වල දරුවන් පංති කාමරවල ඉගෙන ගනිද්දී ගම්බද කුඩා පාසල්වල ළමයි කුණු අහුලති.
එසේම, ලංකාවේ බොහෝ කුඩා පාසල්වල වැසිකිළි සේදීම වැනි වැඩ ද සිසුන් ලවා කරවා ගනු ලැබේ. මේවා පිළිබඳ හරිහමන් අධ්‍යයනයක් ලංකාවේ නැත. අදාළ බලධාරීන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු කළ යුතු ය.
ලංකාවේ ළමා ශ්‍රමය පිළිබඳ බරපතල ම ප්‍රශ්නය ඇත්තේ ගම්බද පාසල්වල ය. ළමා ශ්‍රමය පාසලෙන් පිටුදැකීම ජාතික වැදගත්කමක් ඇති තේමාවකි.
එසේම, ළමා ශ්‍රමිකයන් ගැන අමානුෂික දැක්මක් ඇති  ‘සකල බුජං කොට කලිසං තමයි අඳින්නේ’ ගීතයට පාසල්, ළදරු පාසල් විවිධ ප්‍රසංගවලදී නර්තන ඉදිරිපත් කරන අවස්ථා ද තිබේ.
ළමා ශ්‍රමය පිටුදැකීමේ වැදගත්කම දරුවන්ට උගන්වන්නට නම් මේ ගීතය හොඳ ය. පහත දැක්වෙන රංගනය ඉදිරිපත් කරන්නේ සියඹලාණ්ඩුව තුනේ ගම්මානයේ පුබුදු පෙර පාසලේ ළමයින් ය. ළමා ශ්‍රමිකයන් වීමේ අවදානමට වැඩියෙන් ම මුහුණ දෙන්නේ ද එවැනි ප්‍රදේශවල ළමයි ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා