දුම්රිය ඇතුළු රජයේ සේවයේ වර්ජනවලට ස්ථිර විසඳුම
මේ වන විට දුම්රිය සේවකයන් අතරින් කොටසක් වන රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් හා ස්ථානාධිපතිවරුන් වැනි පිරිසක් අඛණ්ඩ වැඩ වර්ජනයක ය. ඔවුන්ගේ මූලික ප්‍රශ්නය වැටුප් විෂමතා ය. මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කළේ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව හදිසියේ ය. එයින් දුම්රිය මගී ජනතාවට සිදු වූ හිරිහැරය අති මහත් ය.
දැන් දැන් රජයේ සේවකයන් හැසිරෙන්නේ රාජ්‍ය විරෝධී කඩාකප්පල්කාරී ත්‍රස්තවාදීන් ස්වරූපයෙනි. ඔවුන්ගේ වැඩ වර්ජන ඉලක්ක කරන්නේ ම මහජනතාව අසීරුතාවට පත් කිරීම ය. මේ වර්ජන මෙසේ කරන්නේ අනාගත පරම්පරාවක ඉරණම තීරණය කරන අතිශය තරගකාරී කඩඉම් විභාගයක් වන උසස් පෙළ පැවැත්වෙන අතරතුර බව සිතා බැලීමෙන් මේ වර්ජන පසුපස ඇති නායකත්වයේ පවිටු අරමුණු තේරුම් ගත හැකි ය.
රජයේ සේවයේ වැටුප් විෂමතා ප්‍රශ්න යනු විසඳිය නොහැකි දෙයකි. එක වැටුප් විෂමතාවක් ඉවත් කරන විට තව විෂමතා රැසක් නිර්මාණය වේ. දුම්රියේ වැටුප් විෂමතාව ඉවත් කරන විට ඊළඟ වර්ජනය ඇති වන්නේ සෞඛ්‍ය සේවාවෙන් විය හැකි ය. රජයේ සේවකයන් තමන්ගේ සේවාවන් වෙනත් සේවාවන් සමග සමාන්තරව සලකන සංදර්භයක් තුළ එවැනි ප්‍රශ්න ඇති වීම වැළැක්විය නොහැකි ය.
මෙයට විසඳුම කුමක් ද?
මෙයට විසඳුම් සෙවීම රජයට කළ නොහැකි ය. ඒ වෙනුවෙන් මෙතෙක් පත් කරන ලද නිලධාරි කමිටු විසින් සිදු කළේ අලුත් ප්‍රශ්න නිර්මාණය කිරීමයි. එබැවින්, විසඳුම් නිර්මාණය කරගැනීම වෘත්තීය සමිතිවලට ම පැවරිය යුතු ය. ලියාපදිංචි හා වාර්ෂික විගණන වාර්තා පිළිවෙලට යවා සක්‍රියව පවත්වාගෙන යන රජයේ සේවයේ සියලු වෘත්තීය සමිති සභාවක් රාජ්‍ය අනුග්‍රහයෙන් කැඳවා රාජ්‍ය සේවා ව්‍යුහගත කිරීම හා වැටුප් තල නිර්ණය කිරීම සම්බන්ධයෙන් වගකීම ඔවුන්ට ම පැවරිය යුතු ය. මේ සඳහා අවශ්‍ය මුල්‍ය හා තාක්ෂණික සහයෝගය ලබා දීම රජයටත්, එක්සත් ජාතීන් වැනි අන්තර් රාජ්‍ය සංවිධානවලටත් කළ හැකි ය.
මෙය උපරිම ප්‍රජාතාන්ත්‍රික ලෙස සිදු විය යුතු ය. සියලු වෘත්තීන් නියෝජනය වන පරිදි ඒ වෙනුවෙන් කමිටු පිහිටුවිය යුතු ය. වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් දැනට නිදහස් වී සිටින පිරිස් මේ කර්තව්‍යයේ මූලිකත්වය ගත යුතු ය. නිශ්චිත කාල රාමුවක් තුළ මෙය සමාප්ත කළ යුතු ය. අවශ්‍ය නම් මෙම ව්‍යූහයන් නීතිමය වශයෙන් ස්ථාවර කිරීම ද කළ හැකි ය.
මේ අතර රාජ්‍ය සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීම ද සිදු වේ. එමගින් එම සේවාවේ සුවිශේෂ තත්වයන් ආමන්ත්‍රණය කළ හැකි ය. එහෙත්, සංවෘත සේවාවන් තවත් සංවෘත සේවාවන් සමග සන්සන්දනය වන්නට යාමෙන් ද ගැටලු ඇති වේ. මෙයට ස්ථිර විසඳුම වන්නේ රජය නියාමනයට සීමා වී හැකි සෑම අංශයක් ම පෞද්ගලීකරණය කිරීමයි. දුම්රිය වැනි අංශ නම් කොහෙත් ම රජය අත තබා ගත යුතු නැත. පෞද්ගලික අංශයන්ගේ තර්ජන මෙල්ල කිරීමට ශක්තිමත් නීති, අධිකරණ, පොලිසි හා හමුදා නඩත්තු කළ හැකි ය.
මෙම ගැටලු විසඳාගැනීම සඳහා අවශ්‍ය පියවර නොගෙන තමන්ගේ සේවාව ගැන පමණක් සිතා ආත්මාර්ථකාමී අන්දමින් කරනු ලබන වැඩ වර්ජන ඉතා අසාධාරණ ය.
මේ ලිපියත් කියවන්න. පරිප්පු කන්නට සැරසෙන ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට අපේ විප්ලවීය මෙව්වා එක!
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.