වර්තමාන ආණ්ඩුවේ මිනුම් ලකුණු (benchmarks) මොනවා ද?

වත්මන් එජාප – ශ්‍රීලනිප ජාතික හවුල් ආණ්ඩුව අද පෙරළනවා ය, හෙට පෙරළනවා ය කියා රාජපක්ෂවාදීන් කරන සපථ කිරීම් කෙසේ වෙතත්, වසර තුනහමාරක් පුරා තවමත් ආණ්ඩුව බලයේ ය. එපමණක් නොව, ආණ්ඩුව විසින් මුලපුරන ලද බොහෝ කටයුතු සාර්ථක අන්දමින් ඉදිරියට යමින් ද තිබේ. මේ වන විට ගොඩනගාගෙන තිබෙන ආර්ථික ස්ථාවරත්වය තුළ සංවර්ධන රැල්ලක් නිර්මාණය කිරීමට ද ආණ්ඩුව සමත් වී තිබේ.
අප උත්සාහ කරන්නේ පසුගිය අවුරුදු තුන හෝ තුනහමාර තුළ රජයේ කාර්යසාධනය පැතිකඩ කිහිපයක් ඔස්සේ විවරණය කිරීමට ය. ඔබට ද මෙයට බුද්ධිමත් අන්දමින් දායක විය හැකි ය. රතුපාටින් දැක්වෙන්නේ ආණ්ඩුවේ ඍණ සාධකයි.
යහපාලනය:
  • ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම
  • රාජ්‍ය සේවයට දේශපාලන ඇඟිලිගැසීම් අවම කිරීම
  • රාජ්‍ය සේවයේ අග්‍රහාර රක්ෂණ ක්‍රමය දියුණු කිරීම
  • ජාතික විගණන පනත
  • රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ගොඩනැගීමට අසමත් වීම
  • මහ බැංකු වංචාව
  • බොහෝ දේ තහනම් කිරීම හා බොහෝ තහනම් ක්‍රියාත්මක නොවීම
ආණ්ඩුක්‍රම
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීම
  • 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති බලතල සීමා කිරීම
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය ඉදිරියට ගෙන යාමට අසමත් වීම
  • විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දුන් පොරොන්දුව ඉටු නොකිරීම
ආර්ථිකය
  • ආර්ථිකය ස්ථාවර තත්වයට ගෙන ඒම
  • සහන ණය ක්‍රම මගින් ව්‍යවසායකත්වය දිරිගැන්වීම
  • ආර්ථිකයේ රාජ්‍ය මූලිකත්වය වෙනස් කිරීමට මූලික පියවර ගැනීම. පෞද්ගලික අංශය දිරිගැන්වීම
  • නව ආදායම් බදු පනත හරහා ඍජු බදු වැඩි කිරීමට පියවර ගැනීම
  • ඍජු විදෙස් ආයෝජන වැඩියෙන් ආකර්ශනය කරගැනීමට සමත් වීම
  • ජීඑස්පී ප්ලස් බදු සහන නැවත ලබාගැනීම
  • ජාත්‍යන්තර නිදහස් වෙළඳ ගිවිසුම්
  • මහජන මුදලින් කරන සංවර්ධන ව්‍යාපෘති තමන්ගේ නමින් නම් කර නොගැනීම
  • ගෙවන බදු වැඩි වුණත් බදු මුදල්වලින් රජය සපයන සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නොයාම
  • ජනතාවගේ දැවෙන ප්‍රශ්න වන ජීවන වියදම, පොදු ප්‍රවාහනය, ග්‍රාමීය දිළිඳුකම වැනි ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට අසමත් වීම
අධ්‍යාපනය
  • පාසල් සිසුන් හතළිස් ලක්ෂයකට සුරක්ෂා රක්ෂණාවරණය සැපයීම
  • 13 වසරක අනිවාර්ය අධ්‍යාපනය
  • උසස් පෙළ සිසුන්ට ටැබ්
  • ගුරු වෘත්තිය සංවෘත සේවාවක් කිරීම
  • පාසල්වල විදුහල්පතිවරුන් සිසුන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කිරීම
  • රජයේ කාර්මික අධ්‍යාපනය ගාස්තුවලින් නිදහස් කිරීම
  • NVQ සාමාන්‍ය පෙළ, උසස් පෙළ ආදියට සම කිරීම
  • දොස්තර සංගමයට බිය වී සයිටම් වසාදැමීමට ඉඩ දීම හරහා අධ්‍යාපනයේ නිදහස ඇවිරීම
සෞඛ්‍යය
  • සුවසැරිය ගිලන් රථ සේවය
  • ඖෂධ මිළ අඩු කිරීම
  • රජයේ රෝහල්වලින් අක්ෂි කාච, ශ්‍රවණ උපකරණ, හෘද ශල්‍යකර්ම උපකරණ වැනි වටිනා වෛද්‍ය උපකරණ නොමිළේ සැපයීම
  • පිළිකා රෝගීන්ට සීමා රහිත ප්‍රතිකාර
  • ජාතික ඖෂධ පනත
  • පොළොන්නරුව යෝජිත වකුගඩු රෝහල
  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වර්ජන තර්ජන 
මානව හිමිකම්
  • තොරතුරු දැනගැනීමේ හිමිකම් පනත
  • අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීමේ පනත
  • අතුරුදහන් වූවන් සඳහා වූ කාර්යාලය
  • මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම
කාන්තා
  • දේශපාලනයේ කාන්තා නියෝජනය තහවුරු කිරීමට පියවර ගැනීම
  • පළමු වරට කොළඹ මහ නගර සභාවට කාන්තාවක් පුරපතිනිය ලෙස පත් කිරීම
  • කාන්තා දේශපාලන නායකත්වයන් ගොඩනැගීමට අවශ්‍ය බර නොතැබීම
කෘෂිකර්මාන්තය
  • පොහොර සහනාධාරය විධිමත් කිරීම
  • කෘෂිකර්ම අමාත්‍යාංශයේ බිල්ඩිම
  • ග්ලයිෆොසේට් අර්බුදය
කර්මාන්ත
  • හොරණ මිල්ලනිය කර්මාන්ත පුරය
වාරිමාර්ග
  • මොරගහකන්ද යෝජනා ක්‍රමය
නීතිය හා සාමය
  • විමර්ශන, අධිකරණ විභාග හා නඩු තීන්දුවලට ආණ්ඩුව ඇඟිලි නොගැසීම
  • මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් පිහිටුවීම
  • දූෂිතයන්ට එරෙහිව සෙමින් නමුත් නීතිය ක්‍රියාත්මක වීම
  • වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත
  • ගෝටා අත්අඩංගුවට ගන්නට බැරිකම
  • මහා පරිමාණ දූෂිතයන්ට එරෙහිව පියවර ගැනීමට අසමත් වීම
තරුණ කටයුතු
  • රජයේ විශ්වවිද්‍යාලවලට නොතේරෙන සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා සහන ණය
  • රැකියා විරහිත උපාධිධාරීන්ට ව්‍යවසායක ණය
දිළිඳුකම පිටුදැකීම
  • ග්‍රාමීය දිළිඳුකමටත්, විශේෂයෙන් ම කාන්තාවන්ගේ දුප්පත්කමටත් හේතු වන ක්ෂුද්‍ර මුල්‍ය ණය පොළිය 30%ට සීමා කිරීමට තීරණය කිරීම. පොළී සහන.
  • සමෘද්ධි දීමනා වැඩි කළමුත් පොහොට්ටුවේ සමෘද්ධි නියාමකයන්ගේ දේශපාලන ව්‍යාපෘති පාලනය කිරීමට අසමත් වීම
පළාත් පාලනය
  • බිම් මට්ටමේ දේශපාලකයන්ට නායකත්වය දෙන්නට හා ඔවුන් මෙහෙයවීමට අසමත් වීම
  • ඡන්ද කල් දැමීම 
සංස්කෘතිය
  • ගාලු කොටුව යුනෙස්කෝ උරුමයක් ලෙස රැකගැනීමට අවශ්‍ය පියවර ගැනීම
  • චිත්‍රපට බෙදාහැරීම නැවත චිත්‍රපට සංස්ථාව අතට ගැනීමට තීරණය කිරීම
වරාය
  • චීනයට ලංකාවේ භූමියෙන් කොටසක් සින්නක්කරට හිමි වන පරිදි මහින්ද රාජපක්ෂ රජය අත්සන් කර තිබූ පෝට් සිටි ගිවිසුම සංශෝධනය කිරීම
  • හම්බන්තොට වරාය චීනයට බදු දීම
ගුවන්
  • මත්තල ගුවන් තොට ඉන්දියාවට බදු දීම
මහාමාර්ග
  • මධ්‍යම අධිවේගී මාර්ගය
  • මාතර – කතරගම අධිවේගී මාර්ගය
  • නව කැළණි පාලම
බලශක්ති
  • බලශක්ති මාෆියාවට යට වීම
  • අලුත් තිරසර බලශක්ති ජනන ක්‍රම කැපී පෙනෙන පරිදි හඳුන්වා දෙන්නට අසමත් වීම
ප්‍රවාහනය
  • අතිරික්ත සේවකයන් විශ්‍රාම ගැන්වීම, ලංගම බස් දේශපාලන වැඩවලට නොමිළේ නොදීම හා ඵලදායිතාව නැංවීම මගින් ඉතිහාසයේ පළමු වතාවට ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම
  • ලංගමට බසුත්, දුම්රියට එන්ජින් හා මැදිරිත් ආනයනය කිරීමට තීරණය කිරීම
  • පොදු ප්‍රවාහනය නැංවීම සඳහා කිසිදු ඵලදායී පියවරක් මෙතෙක් නොගැනීම
  • දුම්රිය සේවයේ අකාර්යක්ෂමතාව හා අඛණ්ඩ වැඩවර්ජන
සංචාරක කර්මාන්තය
  • රට තුළ සාමකාමී තත්වයක් පවත්වා ගැනීම
  • නව හෝටල් ව්‍යාපෘති ක්‍රියාත්මක වීම
  • හෝම් ස්ටේ සංචාරක සුළු කර්මාන්ත දිරිගැන්වීම
  • 1955 වසරේ හඳුන්වා දෙන ලද යල්පැන ගිය නීතියක් වන කාන්තාවන්ට මත්පැන්හල්වල වැඩ කිරීමට හා මත්පැන් මිළ දීගැනීමට තිබෙන තහනම ඉවත් කිරීමට අසමත් වීම
විදේශ කටයුතු
  • එක්සත් ජාතීන් හා විදේශ රටවල් සමග මනා සම්බන්ධතා පවත්වා ගැනීමට සමත් වීම
  • ජීඑස්පී ප්ලස් බදු සහන නැවත ලබා ගැනීමට සමත් වීම
  • විදේශ සේවය තම ඥාති මිත්‍රාදීන්ගෙන් පිරවීම
නාගරික සංවර්ධනය
  • කොළඹ මහ නගරයක් ලෙස විධිමත් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් සැකසීම හා ක්‍රියාත්මක කිරීම
  • පැල්පත් නිවාසවල වැසියන් විධිමත් අන්දමින් මහල් නිවාසවල පදිංචි කිරීමට පියවර ගැනීම
  • ප්‍රාදේශීය නගර සංවර්ධනයේ දුබලතා එහෙමම පැවතීම
  • කසල කළමනාකරණ ප්‍රශ්නයට තිරසර විසඳුමක් ලබා දීම පමා වීම
ජනමාධ්‍ය
  • ඕනැ එකෙකුට ඕනැ දෙයක් කියන්නට ඉඩ දීම
  • රජය විසින් කරන ලද හොඳ වැඩ හරිහැටි සන්නිවේදනය කිරීමට අසමත් වීම
  • වෛරී ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට අසමත් වීම
  • සමාජ මාධ්‍ය තහනම් කිරීම හා ජනාධිපතිවරයා නිතර සමාජ මාධ්‍යවලට කරන තර්ජන
ධීවර
  • මත්ස්‍ය අපනයන තහනම ඉවත්කරගැනීම
ක්‍රීඩා
  • පාසල් දරුවන් ක්‍රීඩාවකට සහභාගි වීම අනිවාර්ය කිරීම

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා