සිංහලයන් ඇමරිකාවේ නිදහස ප්‍රතික්ෂේප කළ හැටි


United States of America කියන වචන තුනේ පරිවර්තනය ඇමරිකාවේ එක්සත් රාජ්‍ය යන්නයි. ඒ වුණාට අප ඒ රටට කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය කියලායි. එහෙම වුණේ කොහොම ද? වැරදි පරිවර්තනයක් සිංහල භාෂාව තුළ ස්ථාවර වුණේ ඇයි?
1776 සැප්තැම්බර් 9දාට පෙර මේ රටේ නම වුණේ United Colonies of America යන්නයි. එහි තේරුම නම් ඇමරිකාවේ එක්සත් ජනපද යන්නයි. ඒ අනුව නම් ඇමරිකා එක්සත් ජනපදය යන නම තරමක් දුරට ගැලපෙනවා.
ඇත්තෙන් ම, මේ රාජ්‍යය නිර්මාණය වුණේ බ්‍රිතාන්‍ය යටත් ජනපද 13ක එකතුවෙන්. ඒවා එකතු වුණේ ෆෙඩරල් රාජ්‍ය එකතුවක් ලෙසයි. පසුව මේ රාජ්‍ය සංඛ්‍යාව 50ක් දක්වා පුළුල් වුණා. ඇලස්කාව, හවායි වැනි රාජ්‍ය ප්‍රධාන රාජ්‍යය සමග භෞමික සම්බන්ධයක් තිබුණේත් නැහැ.
ඇමරිකා එක්සත් රාජ්‍යවල ජාතික කොඩියේ නිල් කොටුව තුළ තිබෙන තරු 50න් නියෝජනය වන්නේ මේ රාජ්‍ය 50යි. රතු ඉරි හතෙන් හා සුදු ඉරි හයෙන් නියෝජනය වන්නේ මුලින් ම එකතු වූ රාජ්‍ය 13යි.
ෆෙඩරල් රාජ්‍ය ව්‍යූහය තුළ මෙම රාජ්‍යවලට ස්වාධීනත්වය තිබෙනවා. එහෙත්, වෙන් වීමේ අයිතිය නැහැ. මධ්‍යම රජය ප්‍රධාන වශයෙන් ම විදේශ ප්‍රතිපත්ති, ආරක්ෂාව, සන්නිවේදනය වැනි විෂයන් සම්බන්ධයෙන් වගකියනවා.
ජනපද නියෝජිතයන්ගේ තීරණයක් අනුව මේ නම United States of America ලෙස වෙනස් කරනු ලැබුවේ 1776 සැප්තැම්බර් 9දායි. රාජ්‍යවල ස්වාධීනත්වය එමගින් ප්‍රකාශ වෙනවා. ඇමරිකාවේ එක්සත් රාජ්‍ය සිය ස්වාධීනත්වය දිනාගත්තේ බ්‍රිතාන්‍යයත් සමග සිදු කළ යුද්ධ මාලාවක් ඔස්සේයි.
ඇමරිකා එක්සත් ජනපදය යන නම ශ්‍රී ලංකාවේ ව්‍යවහාරයට එකතු වන්නට ඇත්තේ 19වන සියවසේදී විය හැකියි. එහෙත්, ඒ වන විටත් ඒ නම ඇමරිකාවේ එක්සත් රාජ්‍ය ලෙස වෙනස් වී හමාරයි. ඒ රට විසින් එසේ සිය නමින් සලකුණු කරන ලද නිදහස සිංහල භාෂාව විසින් තවමත් ඒ රටට දී නැහැ.
ඒක හරි සුවිශේෂ තත්වයක්.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා