එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් ප්‍ර‍තික්ෂේප කරන්න



Photo: Hindustan Times
ඉස්සර ශාන්ති විහාර් නමින් ප්‍රසිද්ධ, දැන් ශ්‍රී විහාර් යන තරමක් හොඳ ඉන්දියානු අවන්හලෙන් මගේ මිතුරු මිතුරියෝ නිතර කෑම ගෙන එති. ඒ කඩයේ මා දැක ඇති විශේෂ ම ලක්ෂණය නම් ප්ලාස්ටික් සම්බන්ධයෙන් ඔවුන්ගේ වගකීම් විරහිතකමයි. සාමාන්‍ය බත් වේලක් සමග පවා ඔවුහු යෝගට් කෝප්ප වැනි ප්ලාස්ටික් භාජන හතරක් පහක්වත් දෙති. වරක් මා එතනින් ගුලාබ් ජමුන් 25ක් ඇණැවුම් කළ විට ඔවුන් සූදානම් වුණේ ඒ හැම එකක් ම පැණි සමග වෙන වෙන ම කෝප්පවල දමා දෙන්නට ය. මම ඒවා ආපසු එක් ලොකු භාජනයකට දමා ගත්තෙමි.
ජුනි 5දාට යෙදෙන ලෝක පරිසර දිනයේදී අපට හැකි මට්ටමෙන් මේ ප්ලාස්ටික් පිළිබඳ සිතීම වැදගත් ය. අපට ප්ලාස්ටික්වලින් තොර ජීවිතයක් ගැන සිතා ගැනීමට බැරි තරමට නූතන ලෝකය ප්ලාස්ටික් සමග සම්බන්ධ ය. අපට කළ හැකි දෙය වන්නේ වගකීමකින් යුතුව, පරිසරය ගැන සංවේදී ව ප්ලාස්ටික් පරිහරණය කිරීමයි.
එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් ප්‍ර‍තික්ෂේප කිරීම යනු අපට කිරීමට පුළුවන් දෙයකි. ප්ලාස්ටික් වතුර බෝතල් වෙනුවට ගෙදරින් උණු කර නිවා ගත් ජල බෝතලයක් රැගෙන යන්නට පුරුදු වීමෙන් ඔබට පරිසරයට ඔබේ ඇති ආදරය ප්‍රකාශ කරන්නට පුළුවන.
මගේ බිරිය මහත් වෙහෙසක් දරා මා වැඩට යන විට රැගෙන යන උදේ හා දවල් කෑම මුල් දෙක ම කෙසෙල් කොළවල ඔතා දෙන්නී ය. ඒ අප අපගේ පාරිසරික වගකීම ප්‍රකාශ කරන ආකාරයකි. ඔබට කළ හැක්කේ කුමක්දැයි සිතන්න.
පහත දැක්වෙන්නේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් විසින් මෙවර ලෝක පරිසර දිනය නිමිත්තෙන් නිකුත් කරන ලද කෙටි පණිවුඩය හා එහි සිංහල පරිවර්තනය යි.
MESSAGE ON WORLD ENVIRONMENT DAY
ලෝක පරිසර දින පණිවිඩය
5 JUNE 2018
ජුනි 5, 2018
A healthy planet is essential for a prosperous and peaceful future
සෞභාග්‍යමත් සාමකාමී අනාගතයක් සඳහා නිරෝගී ග්‍රහලෝකයක් අත්‍යවශ්‍ය වේ.
We all have a role to play in protecting our only home.
අපේ එකම නිවෙස ආරක්ෂා කර ගැනීම සඳහා අප හැමදෙනාටම කාර්යභාරයක් ඇත.
But it can be difficult to know what to do or where to start.
එහෙත් කළ යුත්තේ කුමක්ද, කොතැනින්ආරම්භ කළ යුතු ද යන්න දැන ගැනීම අපහසු විය හැකිය.
That’s why this World Environment Day has just one request.
මෙවර ලෝක පරිසර දිනයේ එකම ඉල්ලීමක් පමණක් ඇත්තේ ඒ නිසයි.
Beat plastic pollution.
ප්ලාස්ටික් දූෂණය නැතිකරමු.
Our world is swamped by harmful plastic waste.
විනාශකාරී ප්ලාස්ටික් අපද්‍රව්‍ය විසින් අපේ ලෝකය ගිල දමනු ලැබේ.
Every year, more than 8 million tonnes end up in the oceans.
සෑම වසරකම ටොන් මිලියන 8කට වඩා වැඩි ප්ලාස්ටික් ප්‍රමාණයක් සාගරයට බැහැර කරනු ලැබේ.
Microplastics in the seas now outnumber stars in our galaxy
සාගරවල ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් ද්‍ර‍ව්‍ය සංඛ්‍යාව දැන් අපගේ මන්දාකිනියේ තාරකා ගණනටත් වැඩි ය.
From remote islands to the Arctic, nowhere is untouched.
දුර බැහැර කුඩා දූපත්වල සිට උත්තර ධ්‍රැවය දක්වා කිසිම තැනක් ප්ලාස්ටික්වලින් බේරී නැත.
If present trends continue, by 2050 our oceans will have more plastic than fish.
වර්තමාන ප්‍රවණතාව දිගටම පැවතුණොත්, 2050 වන විට අපගේ සාගරයන්හි මසුන්ට වඩා ප්ලාස්ටික් වැඩි වනු ඇත.
On World Environment Day, the message is simple: reject single-use plastic.
ලෝක පරිසර දිනයේදී පණිවුඩය සරල ය: එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් ප්‍ර‍තික්ෂේප කරන්න.
Refuse what you can’t re-use.
නැවත භාවිතා කළ නොහැකි දේ ප්‍රතික්ෂේප කරන්න.
Together, we can chart a path to a cleaner, greener world.
පිරිසිදු, හරිත ලෝකයක් කරා ගමන් කරන මාර්ගය එක්ව සකසා ගැනීමට අපට පුළුවන.
ඔබට ස්තුතියි.
Thank you.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා