අලුත්ගම වාර්ගික කලබලවලට සිව් වසරක් පිරෙන විට ඥානසාර හිමි හිරේ ද?


2016 වසරේ ජනවාරි 25දා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට කරන ලද අඩන්තේට්ටම් නිසා දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම යන චෝදනාවලට ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැරදිකරු බව අධිකරණය විසින් තීන්දු කර තිබේ.
අතිශය ප්‍රචණ්ඩකාරී භික්ෂුවක් වූ මෙම පුද්ගලයා හේතුවෙන් අති විශාල පිරිසක් හිංසාවට හා පීඩාවට පත් වූ මුත්, කිසිවෙකු ඔහුට එරෙහිව එඩිතර ව සටන් කිරීමට ඉදිරිපත් වූයේ නැත. ඔහුට එරෙහිව නොබියව සටන් කළ එක ම පුද්ගලයා සන්ධ්‍යා එක්නැලිගොඩ නම් කාන්තාව ය. ඇය මෙම ප්‍රචණ්ඩ භික්ෂුවගේ තර්ජනයට ලක් වුණේ ද ඇගේ සැමියා අතුරුදහන් කිරීමට එරෙහිව කළ අධිකරණ අරගලය නිසා ය.
විශේෂයෙන් ම 2014 ජුනි 15 දින අලුත්ගම නගරයේදී ඥානසාර භික්ෂුව විසින් කරනු ලැබූ මුස්ලිම් විරෝධී කුපිත කිරීම් සමග අලුත්ගම, ධර්ගා නගරය, බේරුවල, වැලිපැන්න ප්‍රදේශවල වාර්ගික ප්‍රචණ්ඩත්වය පැන නැගුණු අතර එයින් විශාල දේපල හානියක් සිදු විය.
අධිකරණය විසින් වරදකරු බවට පත් කරන ලද ඥානසාර භික්ෂුවට දඬුවම් නියම කිරීමට නියමිත ව ඇත්තේ ජුනි 14දා ය.
ලංකාවේ අධිකරණ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීම මෙම රජය යටතේ බොහෝ දුරට පාලනය වී තිබෙන මුත්, ගෝඨාභය රාජපක්ෂ, ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැනි අය වැරදි සම්බන්ධයෙන් තවමත් වරප්‍රසාදිත තත්වයන් භුක්ති විඳිති.
මහනුවර දිස්ත්‍රික්කයේ දිගන ප්‍රදේශයේ ඇති වූ වාර්ගික කලබලවලට ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සම්බන්ධයක් තිබේ ද යන්න පිළිබඳ ඇතැමෙක් සැක පහළ කළ හ.
එහෙත්, ඒ සමග ම ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජපානයේ නිල සංචාරයක යෙදී සිටියදී ඔහු සමග ඡායාරූපවල පෙනී සිටියේ ය.
මෙවැනි ක්‍රම හරහා තමන් බලවත් පුද්ගලයන්ට ඉතා සමීප බව පෙන්වමින් අධිකරණයට අනියම් බලපෑමක් කිරීමට ඔහු උත්සාහ කරයි.
මේ අතර තවත් මෙවැනි සැකකරුවකු වන ගෝඨාභය රාජපක්ෂගේ අධිකරණයට අනියම් ලෙස බලපෑම් කිරීමේ උපායමාර්ගය වී තිබෙන්නේ තමන් 2020දී ජනාධිපති පදවියට පත් වන බව පෙන්වීමයි. ලංකාවේ ජනාධිපතිවරණයකට තරග කිරීමේ නීතිමය ඉඩක් නැති ලංකාවේ හා ඇමරිකාවේ ද්විත්ව පුරවැසියකු වන ගෝඨාභය රාජපක්ෂ පසුගිය දිනවල ඒ වෙනුවෙන් අති විශාල ධනයක් වැය කරමින් ෂැංග්‍රිලා හෝටලයේ රැස්වීමක් ද පැවැත්වූයේ ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා