පොල්පොට්ලා හා හෙජමොනි
දෘෂ්ටිවාදයන්ට වහල් වීම කෙතරම් භයංකර ප්‍රතිඵලවලට හේතු වේ ද යන්නට පොල්පොට් තවත් එක් උදාහරණයක් පමණි. රුවන් ජයතුංග විසින් ලියන ලද මෙම ලිපියෙහි ඒ පිළිබඳ විස්තරයක් ඇත.
ස්ටාලින්, මාඕ, හිට්ලර් ආදීන්ගේ සිට වත්මන් පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටරේට් දක්වා උදාහරණ ඕනෑ තරම් තිබේ. දෙමළ දේශයක් පිළිබඳ දේශපාලනික ඇදහිල්ල ලංකාවේ සිදු කළේ ද මෙවැනි ම දෙයකි. මෙවැනි ඇදහිලි අවසානයේ ස්වයං විනාශකාරී වේ.
දේශපාලනික ඉදිරිගාමිත්වය වන්නේ දෘෂ්ටිවාදීමය ආධිපත්‍යයන්ට එරෙහිව අරගල කිරීමයි. හෙජමොනික ව්‍යාපෘතිවලට අප විරුද්ධ එබැවින් ය. හෙජමොනි හෙවත් දෘෂ්ටිවාදීමය ආධිපත්‍යයන්ට විසඳුම ප්‍රති හෙජමොනි හෙවත් වෙනත් ආධිපත්‍යයන් පිහිටුවීම නොවේ. දෘෂ්ටිවාදීමය සමබිමක් ඇති කිරීම හෙවත් නිදහස් චින්තනය තහවුරු කිරීමයි.
ලෝක වාසීන්ගේ හැකියාවන් මල්පල ගැන්වීම සඳහා අත්‍යවශ්‍ය දෙයකි, නිදහස් චින්තනය. නිදහස් චින්තනය යනු දෘෂ්ටිවාදයන්ට එරෙහි දෙයක් නොවේ.
ලෝකයේ දෘෂ්ටිවාදයන් පැවතීම නරක දෙයක් නොවේ. නරක වන්නේ එක් දෘෂ්ටිවාදයක් පරම සත්‍යය බවට පත් කරන්නට,අදහන්නට, ආධිපත්‍යය බවට, හෙජමොනිය බවට පත් කරන්නට උත්සාහ කිරීමයි.
යමෙකු යම් දෘෂ්ටිවාදයක එල්බ ගැනීම වුව ගැටලුවක් නැත. ඒ වෙනුවෙන් අරගල කිරීමට ද අයිතියක් ඇත.එහෙත්, එය අනෙක් අය මත පටවන්නට යාමෙන් සිදු වන්නේ විවිධාකාර පොල්පොට්ලා බිහි වීමයි.
ලෝකය, යථාර්ථය යනු විවිධත්වයන්ගේ ඒකීයත්වයකි. දෘෂ්ටිවාදය පමණක් එසේ නොවිය යුත්තක් නොවේ. තිරසාර යහපත තෝරා ගැනීමට නම් විවිධ අදහස් අතර සංවාද අවශ්‍ය ය.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.