වටම ගොස් ගෙටම පැමිණීම
වටම ගොසින් ගෙටම එනවා යයි කියමනක් දකුණේ ජන ව්‍යවහාරයේ තිබේ. මේ දවස්වල මේ රටේ ජනාධිපති යයි කියන පුද්ගලයා කරමින් සිටින්නේ එයයි.
2015 ජනවාරි 8 ඔහු බලයට පත් වුණේ එක්සත් ජාතික පක්ෂයේ හා සිවිල් සමාජයේ උපකාරයෙනි. හුදෙක් ම මහින්ද රාජපක්ෂ කෙසේ හෝ පැරදවීම පමණක් අරමුණු කර ගත් පිරිසක් ද ඔහුට සහයෝගය දැක්වූ හ. වැනි පටු අරමුණු සහිත අය ඉක්මණින් ම ඔහුගෙන් ඉවත් වී ගිය හ.
මෛත්‍රීපාල ජනාධිපති කිරීමේ මූලික අරමුණක් වූයේ යහපාලනය ඇති කිරීමයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි තවත් අරමුණු ද තිබිණි.
එහෙත් අද වන විට ජනාධිපති මෛත්‍රීපාල යහපාලනය ඇති කිරීමට නායකත්වය දීමෙහි ලා තදබල ලෙස අසමත් වී තිබේ. අප රටක් භාර දුන් මේ මිනිසා එදා සිට උත්සාහ කරන්නේ පක්ෂයක් හදන්නට ය. එහෙත්, ඔහු ඇත්තෙන් ම කරමින් සිටින්නේ ඒ පක්ෂයත් නැති භංග ම කර දැමීම ය.
පක්ෂය ඉස්සරහට දමාගෙන බලතුලනය වෙනස් කිරීමේ අරමුණින් වැඩ කළ ඔහු මේ වන විට තිබුණ බලයත් නැති කරගෙන, රට ද දේශපාලන අස්ථාවරත්වයකට ඇද දමා හමාර ය. දැන් කලක සිට එකතැන කැරකෙන ඔහු අපට පෙනෙන හැටි ය මේ කාටුන ය.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.