Posts

Showing posts with the label රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

රාජ්‍ය ආයතනවලට පැමිණිලි යොමු කළ හැකි වෙබ් අඩවිය සම්බන්ධ පැමිණිල්ලක් | A complain regarding the website through which people can lodge complains against state institutes

Image
(2010 පෙබරවාරි 27- W3Lanka )   රාජ්‍ය ආයතනවලට එරෙහිව පැමිණිලි කිරීමට වෙබ් අඩවියක් ඇති බවට පුවතක් අද දිනමිණේ පළ විය. දිනමිණේ පළ වන හැම පුවතක් ම පච යයි සැකයක් ජනතාව අතර ඇත. මෙම පුවත ද එම කරුණ ඔප්පු කරන්නකි. පුවතට අදාළ සබඳතා පුරුක මත ක්ලික් කර බැලූ විට එය ඔප්පු වනු ඇත. රජයේ තොරතුරු තාක්ෂණ කටයුතු දෙස බලන විට පෙනී යන කරුණක් වන්නේ බොහෝ විට තොරතුරු තාක්ෂණය භාවිතා කරන්නේ බොරු සෝබනය සඳහා මිස සැබෑ මහජන සේවාවක් සැලසීම සඳහා නොවන බවයි. මේ වන විට රජය විසින් දහස් ගණනක් වෙබ් අඩවි පවත්වාගෙන යනු ලැබේ. එහෙත් මේ අතරින් 99%ක් ම කලට වේලාවට යාවත්කාලීන වන්නේ නැත. එය වෙන ම කතා කළ යුතු ප්‍රශ්නයකි.  රාජ්‍ය ආයතන වලට එරෙහිව පැමිණිලි කිරීමට වෙබ් අඩවියක් ජීවනී පතිරණ රාජ්‍ය ආයතනයකින් සේවාවක් ලබා ගැනීමට යාමේදී යම් දුෂ්කරතාවකට ලක් වුවහොත් ඒ පිළිබඳ රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට පැමිණිලි කිරීමට දැන් හැකියාව ලැබී තිබේ. අන්තර්ජාලය ඔස්සේ  www.gie.gov.lk   වෙබ් අඩවියට පිවිසීමෙන් මෙසේ පැමිණිලි කිරීමට හැකි වේ. අන්තර්ජාල පහසුකම් නොමැති අයකුට තම ප්‍රදේශයේ නැණසල මධ්‍යස්ථානයකට ගොස් ...

රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවියේ සේවා පුළුල් කෙරේ.

Image
(2009 දෙසැම්බර් 09 - W3Lanka ) ජනතාවට රාජ්‍ය අංශයෙන් සැපයෙන සේවා මෙන්ම තොරතුරු දැන ගැනීමට ස්ථාපිත කර තිබෙන රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ (1919) නිල වෙබ් අඩවිය තව දුරටත් පුළුල් කිරීමට ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන ඇත. මේ අනුව රාජ්‍ය ආයතන සියයකට අයත් සේවා දහසක් පිළිබද තොරතුරු හා උපදෙස් මෙම වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට ලබා ගත හැකිය. එසේම රාජ්‍ය ආයතනයකින් සැපයෙන සේවාවන් පිළිබදව තමන්ට සෑහීමකට පත්වීමට නොහැකිනම් ඒ පිළිබදව පැමිණිලි කිරීමටද හැකිවන ආකාරයෙන් වෙබ් අඩවියේ පහසුකම් පුලුල් කර තිබෙන බවද නියෝජිතායතනය සදහන් කරයි. ශ්‍රි ලංකාව තුල සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ආයෝජකයින්ට අවශ්‍යය කෙරෙන තොරතුරු මෙන්ම ඒ සදහා ලියාපදිංචි වීමේ පහසුකම් ද වෙබ් අඩවිය ඔස්සේ ලැබෙන තවත් පහසුකමකි. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට දිනකට ලැබෙන දුරකතන ඇමතුම් ගණන දහස ඉක්මවා තිබෙන අතර දුරකතනය ඔස්සේ මෙම තොරතුරු කේන්ද්‍රය ඇමතීමට අපහසු පිරිස් වලට වෙබ් අඩවිය ඔස්සේ අන්තර් ක්‍රියාකාරී ලෙස තොරතුරු ලබා ගැනීමට දැන් හැකි වේ. සිංහල දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙ...

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වෙත එක් දිනකට තුන්දහසකට අධික මහජන ඇමතුම්

Image
(2009 ඔක්තෝබර්  09 - W3Lanka ) රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වෙත එක් දිනකට තුන්දහසකට අධික මහජන ඇමතුම් සංඛ්‍යාවක් ලැබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යයංශය, ශ්‍රි ලංකා සමෘද්ධි අධිකාරිය, නීති ආධාර කොමිසම ඇතුලු ජනජීවිතයට ඉතා සමීප රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, අධිකාරි, බැංකු ඇතුලු රාජ්‍ය ආයතන සියයකට අධික ගණනක තොරතුරු හා සේවා පිලිබඳව ජනතාවට රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ඇමතීමෙන් ‍දැනුවත් විය හැක. සති අන්තය රජයේ නිවාඩු දින ඇතුළු වර්ෂයේ සෑම දිනකම උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවා ලබා ගැනීමට ජනතාවට හැකිවේ. සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම තොරතුරු විමසීමට ජනතාවට හැකි අතර ජංගම හෝ ස්ථාවර ඕනෑම දුරකතනයකින් අංක 1919 අංකනය කිරීමෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමට හැකිවීමද විශේෂත්වයකි. විදේශිකයින්ට මෙන්ම විදේශයන්හි වාසය කරන ශ්‍රී ලාංක...