Posts

Showing posts with the label ගුරු සේවය

කෙවිටේ බලෙන් නුවණ අදින්නට සැරසෙන අධ්‍යාපන බලධාරීන්ටයි

Image
(2011 මාර්තු 08,  W3Lanka )  අධ්‍යාපනය පිළිබඳ පැරණි සංවාදයක් යළි අලුත් වී තිබේ. ඒ ගුරුවරයාගේ වැඩ කාලය පිළිබඳවයි. අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනට පාසල් සවස 3.30 දක්වා පවත්වන්නට උවමනා වී තිබේ.  මේ වනාහි දැවැන්ත සමාජ පෙරළියක් ඇති කරන පියවරකි. එවැන්නක් පිළිබඳ මීට වඩා පුළුල් සමාජ කතිකාවක් අවශ්‍ය ය. මන්ද, ලංකාවේ ලක්ෂ 40ක් වන පාසල් දරුවන්ගේත්, ඔවුන්ගේ මවිපියන්ගේත්, ගුරුවරුන්ගේත් අධ්‍යාපනයට සම්බන්ධ වන සෙසු සියලු අංශවලත් හැඩගැස්ම සියවසක් පමණ කාලයක් තිස්සේ සිදු වී තිබෙන්නේ උදේ 7.30 සිට දවල් 1.30 දක්වා පවත්වනු ලබන පාසලක නිසා ය.  නිදසුනක් ලෙස, පාසල් තරගකාරිත්වය නිසා ඉතා දුරබැහැර පාසල්වලට යන දරුවන් දැනුත් ගෙදර එන්නේ සවස තුන හතර වෙලා ය. අලුත් ක්‍රමය යටතේ ඔවුන් ගෙදර එනු ඇත්තේ තවත් රෑ බෝ වී ය. දෙවනුව, සවස් කාලයේ පැවැත්වෙන ටියුෂන් පංති රෑ කාලයට මාරු වනු ඇත. ළමා කාලයට කුමක් වේ ද යන්න අපි නො දනිමු.  අධ්‍යාපන ඇමතිවරයාගේ තවත් මැසිවිල්ලක් වන්නේ සෙසු රජයේ සේවකයන් පැය අටක් වැඩ කරද්දී ගුරුවරුන් වැඩ කරන්නේ පැය හයක් ය යන කාරණය හා ඔවුන්ට මාස තුනක් නිවාඩු තිබේ ය යන්නයි. මාස තුනක් නි...

හාමුදුරුවන්ට බයට හෝ වැඩ බැරි දාසලා, වතීලා ගැන අනුකම්පාවට හෝ ගුරු පත්වීම් දීම හෙවත් අනාගත පරම්පරාවලට කෙළවීම

Image
(2011 ජනවාරි 27,  W3Lanka )  සම්බුද්ධ ජයන්තියට හෙවත් බුද්ධත්වයෙන් වසර 2600ක් සපිරෙන්න කලින් දහම් පාසල් ධර්මාචාර්ය විභාගය සමත් අයට රජයේ ගුරු පත්වීම් ලබා දීමට රජය කටයුතු කරන්නේ නැතිනම් සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ සියලුම හිමිවරුන් තනතුරුවලින් ඉල්ලා අස්‌ වන බව සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමි දෙසැම්බර් 27 දා ත්‍රිකුණාමලය විද්‍යාලෝක ජාතික පාසලේ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම බුද්ධරක්‌ඛිත මහනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති දහම් පාසල් සිසු ඇගයීම් උත්සවයකදී අනතුරු ඇඟවූ බව ඒ දිනවල පුවත්පත්වල වාර්තා වුණා. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අගමැති හා බුද්ධශාසන ඇමැති දී. මූ. ජයරත්න මහතා සහභාගි වීමට නියමිතව තිබුණත් අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඔහු නොපැමිණි බව වාර්තා වේ. ආවා නම් මේ තර්ජනය අසාගෙන ගොස් ජනාධිපතිතුමන්ගේ කණේ තබන්නට අවස්ථාව තිබිණි.  කොහොම ද බුදුන් බුද්ධත්වය ලබා වසර 2600ක් පිරීම නිමිත්තෙන් අපේ සංඝයා වහන්සේ ඉදිරිපත් කරන ඉල්ලීම්! තැනින් තැන සැරිසරමින් බහුජනයාගේ හිත සුව පිණිස කටයුතු කරන්නැයි ...

ගුරු, විදුහල්පති වැටුප් වැඩි කිරීම අමු ම අමු ප්‍රෝඩාවක්: ගුරු විරෝධය අභයාරාමයෙන්

Image
(2010 ජනවාරි 07 -W3Lanka) ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් විෂමතා ඉවත් කිරීම මුලික කොට නිකුත් කර ඇති අංක: 6/2006/VIII රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛය ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවට කිසිදු විසඳුමක් නොදෙන එකක් බැවින් එය සහමුලින්ම ප‍්‍රතික්ෂේප කරන බව දිවයිනේ ප්‍රබල ම ගුරු සගම් දෙකක් වන ලංකා ගුරු සංගමය හා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය පවසති. එම සංවිධාන මේ බව නිවේදනය කළේ අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩ වාසය කරන, එම සංගමයේ මූලස්ථානය පිහිටි නාරාහේන්පිට අභයාරාම‍යේදී ය. රජය විසින් නිකුත් කර තිබෙන චක‍්‍රලේඛය මෙයට පෙර උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම් ක‍්‍රියාවලිය සිදුවන වකවානුවේදී ගුරු සංගම්වලට වැටුප් කොමිෂම විසින් ඉදිරිපත් කරනු ලැබ සංගම් විසින් මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කරන ලද එකක් බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි පැවසීය.  ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝග අනුව ලැබුනු ප‍්‍රතිලාභ කිසිවක් රජය විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද චක‍්‍රලේඛය තුළ අන්තර්ගත නොවන බව ද, මෙමගින් රාජ්‍ය මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලද ආකාරයෙන් රු. 3000 සිට වැටුප් වැඩි වීමක්...

රු. 3000 පඩියට වැඩ කරන රජයේ සේවක පිරිසක් වීදි බසිති

Image
(2009 දෙසැම්බර් 04 - W3Lanka ) රු. 3000ක මාසික දීමනාවකට රජයේ පාසල්වල සේවය කරන දහස් ගණනක් ගුරු සහායකයෝ ජීවත් විමට ප්‍රමාණවත් දීමනාවක් ඉල්ලා ජනාධිපතිට සංදේශයක් භාර දීමට ඊයේ විහාර මහා දේවි උද්‍යානයේ සිට අරලියගහ මන්දිරය දක්වා පෙළපාලියකින් ගියහ. කොල්ලුපිටිය පොලිසිය මෙම ගුරු සහායකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලදී.  දැනට ගුරු විද්‍යාලවල හා දුරස්ථව ගුරු පුහුණුව ලබන මෙම පිරිස එයින් අනතුරුව ස්ථිර කරන බවට රජය පොරොන්දු වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. උතුරුමැද හා වයඹ වැනි පළාත්වල දුෂ්කර පාසල්වල ස්වේච්ඡාවෙන් ගුරු සේවයේ යෙදීමෙන් අනතුරුව ඔවුන් විසින් කරන ලද මාරාන්තික උපවාස ආදී උද්ඝෝෂණවලින් අනතුරුව ඔවුන් ගුරු සහායකයින් ලෙස බඳවා ගන්නා ලදී.  නැගෙනහිර පළාතේ මෙවැනි ගුරු සහායකයින් ගුරු සේවයට බඳවාගෙන ඇති බව ද ඒ අනුව කටයුතු කරමින් මෙම පිරිස ද ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ද, එතෙක් ඔවුන්ට රු. 10,000ක දීමනාවක් ලබා දෙන ලෙස ද, මෙවැනි ගැටළු මතු නො වන සේ සියලු බඳවාගැනීම්වලදී ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව කුටයුතු කරන ලෙස ද ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

ගුරුවරු ඉසුරුපාය ඉදිරිපිට සත්‍යග්‍රහයේ

Image
(2009 ඔක්තෝබර්  08 - W3Lanka ) ගුරුසේවයේ නියුතු දෙලක‍ෂ විසිපන්දාහකට බලපාන ගැටළු රැසක් කාලයක් තිස්සේ අධ්‍යාපන ඇමතිවරයා විසින් නොසලකා හැරීමට විරෝධය පලකරමින් ඊයේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ගුරුවරුන් උද්ඝෝෂණයක සහ සත්‍යග්‍රහ ව්‍යාපාරයක නිරත වී සිටි අයුරුයි මේ. ලංකා ගුරුසේවා සංගමය විසින් සංවිධානය කළ මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයට ගුරුවරු විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියහ. 2009 අයවැයෙන් රුපියල් මිලියන 3000ක් වෙන්කර තිබියදී වසර 12ක් තිස්සේ පවතින ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා නොවිසදීම, ගුරු උසස්වීම් ලබා දීමට විධිමත් වැඩපිළිවෙලක් නොමැතිකම, උසස්වීම්වලට අදාල හිඟ වැටුප් චක්‍රලේඛ මගින් කපා දැමීම, දේපළ ණය හා ආපදා ණය කප්පාදුව සහ අත්හිටුවීම, ගුරු සහායක පත්වීම් ලද ස්වේච්චා ගුරුවරුන් 3-II ශ්‍රේණියට බඳවා නොගැනීම ඇතුළු ගැටළු රැසකට විසඳුම් ලබාගැනීම මෙම සත්‍යග්‍රහයේ අරමුණ බව එහිදී අදහස් දැක්වූ ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසීය.