Posts

Showing posts with the label සක්විති රණසිංහ

සක්විති රණසිංහ වහා නිදහස් කළ යුතු ය (කොලොප්පංගේ ආර්ථික විශ්ලේෂණය)

Image
(2011 මැයි 10,   W3Lanka )   රජය සක්විති රණසිංහ වහා නිදහස් කළ යුතුව ඇති බව අපි යෝජනා කරමු. හේතුව, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල හා සක්විති රණසිංහගේ 'ව්‍යාපාර'ය අතර වෙනසක් නැතිකමයි. සක්විති රණසිංහ කළේ විශාල පොලියක් ගෙවන බව කියා මිනිසුන් ඉතිරි කරගෙන සිටි මුදල් තමන් අතට ලබාගෙන කැසිනෝ ගසා, වෙනත් ආතල් ගෙන පැන යාමයි. ආණ්ඩුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අරමුදලෙන් කරන්න යන්නේ ද එය ම ය. පෞද්ගලික අංශයේ ‍සේවකයන් විසින් ඉතිරි කරන ලද මුදල් සියල්ල රජය නම් පවුලේ සමාගම භාරයට ගෙන එයින් ආතල් ගැනීම ආණ්ඩුවේ අභිප්‍රායයි. කළාට කියනවා නො වේ; ඕනෑ නම්, උදාහරණයක් ලෙස මෙහෙම කරන්නත් පුළුවන. මේ සල්ලිවලින් මැද්දේ ගල් පර්වත සහිත වරායවල් හැදිය හැකි ය. වරාය හදන කොන්ත්‍රාත්තුවෙන් ඇති තරම් හම්බ කර ඉන් පසු වරායට වතුර පුරවා ගල කැඩීමේ කොන්ත්‍රාත්තුව පටන් ගත හැකි ය. සක්විති රණසිංහ ද කළේ එවැනි දේ නො වේ ද? මෙම විශ්‍රාම වැටුප් අරමුදලේ අරමුණ පෞද්ගලික අංශයේ සේවකයන් උපයා, ඉතිරි කර ගත් මුදල කොල්ල කෑම හැර අන් යමක් නො වේ. මෙම විශ්‍රාම වැටුප් අරමුදලෙන් විශ්‍රාම වැටුප් ලැබෙන්නේ වයස අ...

ලංකාවේ ආණ්ඩුවත් සක්විති පන්නයේ පොන්සි ස්කීම් එකක් ද? | Is Sri Lanka government also a Ponzi Scheme like Sakvithi's?

Image
(2010 අගෝස්තු 09,  W3Lanka )  සක්විති රණසිංහගේ ව්‍යාපාරය වුණේ අධික පොලියට ණය ලබාගෙන එයින් එදිනෙදා ජීවිතය සැපට ගත කිරීමයි. ගත් ණයවල පොලිය හා ණය ‍ආපසු ගෙවීම කළා නම් කළේ තව තවත් ණය ගැනීමෙනි. මෙවැනි ව්‍යාපාර ලෝකයේ ප්‍රසිද්ධ පොන්සි ස්කීම් යන නමිනි. එම නම වැටුණේ ‍එක්සත් ජනපදයේ සිට ඉතාලියට සංක්‍රමණය වූ චාල්ස් පොන්සි නම් පුද්ගලයකු විසින් 1820 දශකයේ මුල් භාගයේදී මෙවැනි ව්‍යාපාරයක් පවත්වා හසු වීම නිසා ය. එහෙත්, ඔහු ඉපදීමටත් පෙර චාල්ස් ඩිකන්ස් විසින් ලියන ලද ‍ලිට්ල් ඩොරිට් නවකතාවේ පවා මෙවැනි ව්‍යාපාරයක් පිළිබඳ සඳහන් වේ. එක්සත් ජනපදයේ හිටපු කොටස් වෙළඳපොල තැරැව්කරුවකු වූ බර්නාඩ් මැඩොෆ් සිය ධන කළමනාකාර ව්‍යාපාරය පොන්සි ස්කීම් එකක් බවට පත් කිරීම සම්බන්ධයෙන් වරද පිළි ගැනීම නිසා 2009දී ඔහුට වසර 150ක උපරිම සිර දඬුවමක් නියම කරන ලදී. ඔහු විසින් වංචා කරන ලද මුදල එක්සත් ජනපද ඩොලර් බිලියන 21කි. ලලිත් කොතලාවලගේ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් ව්‍යාපාරය මෙන් ම ප්‍රමුඛ බැංකුව ද ඇත්තෙන් ම මෙවැනි පොන්සි ස්කීම් ය. මේවා අනිවාර්යයෙන් ම බිඳ වැටීමට නියමිත ව්‍යාපාර වේ. සක්විතිගේ ව්‍යාපාරය බිඳ වැටුණ...

දැන් ඉතින් සක්විතිට අපි කුමක් කරමුද? | What shall we do to Sakvithi Ranasinghe?

Image
සක්විති රණසිංහ සිය කාර්යාලයේ මෙම ඡායාරූපය එල්ලාගෙන සිටියේ ය. ඔහු ජනාධිපතිවරයා වෙත රැගෙන ගොස් තිබෙන්නේ ඔහුගේ ජාවාරමේ හවුල්කරුවකු වන මාධ්‍යවේදී එඩ්වින් ආරියදාසයි.  (2010 අගෝස්තු 07,  W3Lanka )  අභය රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් කුප්‍රකට වංචාකරු සක්විති රණසිංහ වාර්තා වන පරිදි කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි යි කියා මෙම සටහන පටන් ගන්නෙමු. එවිට පිරිසකට මළ පනින බව දනිමු. එහෙත් එය ඇත්තකි. මූලික වශයෙන් ලංකාවේ දිළිඳු ජනයාගෙන් සූරා කනු ලබන බදු මුදලින් පුනරාවර්තන වියදම් මුළුමනින් ම සපුරා ගනිමින් උසස් පිළි ගැනීම් අපේක්ෂාවෙන් පවත්වාගෙන යන රාජකීය මට්ටමේ ඕනෑම පාසලකින් රාජ්‍ය පාලකයන් වැනි ප්‍රභූ ධනවතුන් මෙන් ම මෙවැනි පල් හොරුන් ද බිහි විය හැකි ය. ධනවාදය තුළ පල් හොරා සහ ප්‍රභූ ධනවතා අතර ඇත්තෙන් ම තිබෙන්නේ කෙස් ගසක වෙනසක් පමණි. මෙය හොඳින් පෙන්වා දුන් පුද්ගලයා ලලිත් කොතලාවලයි. ලංකාවේ බිල් ගේට්ස් ලෙස හැසිරුණු මේ ඊනියා ප්‍රභූවරයා එක රැයින් සක්විති රණසිංහ මට්ටමට වැටිණි. පබා වැල නාට්‍යයේ අන්තිම කොටස ඔබට මතකද? ත්‍රිරෝද රථයක් පදවමින් සිට පළාත් පාලන ඡ...

ගෝල්ඩන් කී තැන්පත්කරුවෙක් ගෙල වැල ලා ගෙන සිය දිවි නසා ගනියි

Image
(අගෝස්තු 12, 2009 - W3Lanka) ලංකාවේ මුල්‍ය ධනවාදයේ අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස විෂාදය නම් මානසික තත්වයට ගොදුරු වී සිටියේ යයි අනුමාන කෙරෙන පුද්ගලයෙක් ඊයේ ගෙල වැල ලාගෙන සිය දිවි හානි කර ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.  වැල්ලවත්තේ නිවාස සංකීර්ණයක බද්ධ නිවසක හුදකලාව ජීවත් වූ බව කියන මෙම 52 හැවිරිදි පුද්ගලයා අසාර්ථක වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ මාධ්‍යවලට හෙළිදරව් නොවූ විශාල මුදලක් තැන්පත් කළ අයෙකි. රැකියාවක් නොකළ ඔහු ජීවනෝපාය සලසාගෙන ඇත්තේ මෙබඳු ආයෝජනවලින් බව ද සිය මුදල් අහිමි වීම පිළිබඳ ඔහු තද සිතු තැවුලකින් පසු වූ බව ද පවුලේ අය පවසති.  ප්‍රමුඛ බැංකුව, ගෝල්ඩන් කී, සක්විති රණසිංහ, දඬුවම් මුදලාලි වැනි කුප්‍රකට මුල්‍ය වංචා හේතුවෙන් මුදල් අහිමි වූ පුද්ගලයෝ ගණනාවක් ම මේ වන විට සිත් තැවුලට පත්ව දිවි තොර කරගෙන ඇත.ඉක්මණින් හා පහසුවෙන් ලාභ ඉපැයිය හැකි අදායම් මාර්ග ලෙස සලකා මෙබඳු ආයතනවල මුදල් ආයෝජනය කිරීමට ජනතාව පෙළඹුණ අතර, එම මුදල් ඩැහැගත් ප්‍රමුඛ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි රොහාන් පෙරේරා, සක්විති රණසිංහ හා සෙලින්කෝ අධ්‍යක්ෂිකා සිසිලියා කොතලාවල (ලලිත් කොතලාවලගේ බිරිඳ) වැනි අය...

පොලු තියා රටින් පැන්න මේ වංචාකරයෝ කොහිද? පොලිසිය, ජාත්‍යන්තර පොලිසිය කෝ?

Image
(2009 ජුලි 10) ඉහළ වාසි සොයන මුදල් තැන්පත්කරුවන් රවටා රුපියල් කෝටි ගණනින් වංචා කර රටින් පළා ගිය මහා පරිමාණ වංචාකරුවන් කීපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා කටයුතු කරන බවට පොලිසිය කියා තිබෙන මුත් වසර ගණනකට පසුවත් ඔවුහු නිරුපද්‍රිතව රටින් පිට සැඟවී සිටිති. මෙම වංචනිකයන් අතරින් ප්‍රමුඛයකු වන්නේ 2002දී රටින් පැනගෙන දැන් බ්‍රිතාන්‍යයේ වෙසෙන බව කියන  ප්‍රමුඛ බැංකුවේ සභාපති වූ රොහාන් පෙරේරායි. (ඡායාරූපය බලන්න) 2002 දෙසැම්බර් 19දා මුල්‍ය මණ්ඩලය විසින් ප්‍රමුඛ බැංකුවේ බලපත්‍රය අතහිටුවන ලදී. නමුත් ඊට පෙර 2002 ජුනි 28 දින ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයකින් ප්‍රමුඛ බැංකුව මහා භාරකාර දෙපාර්තමේන්තුවේ අරමුදල් තැන්පත් කිරීම සඳහා යෝග්‍ය බවට තෝරාගන්නා ලද බැංකු අතරින් එකක් ලෙස නම් කරන ලදී. මෙම බැංකුවේ මුදල් තැන්පත් කළ ඉහළ රජයේ නිලධාරීන් බැංකුවෙන් සන්තෝසම් ගත් බවට චෝදනාවක් එල්ල වී ඇත. දැනට රිමාන්ඩ් භාරයේ සිටින මහා ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ බිරිඳ හා තැන්පතුකරුවන්ගේ මුදල් රුපියල් බිලියන ගණනක් වංචා කළ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ අධ්‍යක්ෂවරියක වන සිසිලියා කොතලාවල නමැති වං...