ජයග්‍රහණය තිරසාර සාමයක් බවට පත් කර ගැනීමට නම් ලංකාවේ රජය වහා අධිකරණය ප්‍රතිසංස්කරණය කළ යුතුයි - ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම
(2009 ජුලි 02) දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පරදවා ලබා ගත් ජයග්‍රහණය තිරසාර සාමයක් බවට පත් කර ගැනීමට නම් ලංකාවේ රජය වහා අධිකරණය ප්‍රතිසංස්කරණය කළ යුතු බව ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම (International Crisis Group) නම් ලොව පිළිගත් බුද්ධිමය සංවිධානය පවසයි. ජනවාර්ගිකත්වය නොසලකා සියලු දෙනාට සාධාරණත්වය ලබා දීමෙහි ලා ලංකාවේ අධිකරණය අසමත් බව එම සංවිධානයේ නවතම ප්‍රතිපත්ති වාර්තාවක් පෙන්වා දෙයි. කල් පවත්නා ජාතික සංහිඳියාවක් ඇති කර ගත හැක්කේ මානව හා ව්‍යවස්ථාමය හිමිකම් පූර්ණව ප්‍රතිෂ්ඨාපනය කළහොත් පමණක් බව එම වාර්තාව කියයි. අධිකරණය ජනාධිපති හා ව්‍යවස්ථාදායකයේ බලතල පරීක්ෂාවට ලක් කරන ව්‍යූහයක් ලෙස කටයුතු කරනවා වෙනුවට දෙමළ ජනයා දේශපාලනිකව දුරස්ථ කිරීමට කටයුතු කර ඇති බව කණ්ඩායමේ ආසියානු වැඩසටහන් අධ්‍යක්ෂ රොබට් ටෙම්ප්ලර් පවසයි. හිටපු අග්‍ර විනිශ්චයකාරවරයා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මගින් සිංහල ජාතිකවාදී බලවේග අතර අන්තවාදීන් ශක්තිමත් වූ බව හේ පවසයි. අර්බුද සමනය කරනවා වෙනුවට අධිකරණය නීතියේ පාලනය බිඳ දමා වාර්ගික ආතති උත්සන්න කළ බවද, සමාජය මිලිටරීකරණය වීම වැළැක්වීමට හෝ සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවා...