Posts

Showing posts with the label ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී

කොටින්ට එරෙහි යුදමය ජයග්‍රහණයේ ආර්ථික ප්‍රතිලාභ: රු. කෝටි 2000කට වැඩි ආයුධ ඇණවුමක් අවලංගුයි

Image
(2009 ජුලි 16) යුද්ධය නිමා වීමත් සමගම ලංකාව චීනයෙන් ඉල්ලා තිබුණු ඩොලර් මිලියන 200ක් හෙවත් රු. කෝටි 2281ක් වටිනා යුදමය දෘඪාංග සහ පතුරම් ඇණවුමක් අවලංගු කිරීමට හැකි වූ බව ඊයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙහි වැඩ භාර ගත් ජනරාල් සරත් ෆොන්සේකා මාධ්‍යවලට පැවසීය.  මෙම ඇණවුම යුද සමයේදී නම් ප්‍රමාණවත් වූයේ මාස 3-5 අතර කාලයක අවශ්‍යතා සඳහා පමණක් බව ද හේ කීවේය. මෙම ඉතිරි කර ගත් මුදලින් කොටසක් හමුදාවල දෛනික වියදම් සඳහා වෙන් කරන බවද ඔහු පැවසීය.

බාලචන්ද්‍රන් ප්‍රභාකරන්ගේ ඡායාරූප දෙකක්

Image
(2009 ජුලි 13) ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද පහත මුලින් පළ වන ඡායාරූපයේ සිටින දරුවා කොටි නායක ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන්ය. "මරුවකුගේ ආදරය" යන උද්ධෘතය එකී ඡායාරූපයට යොදා තිබිණි. යුද්ධයේ අවසන් අදියරේදී යම් අයුරකින් මිය ගියේ යයි කියන මෙම බාලචන්ද්‍රන් ළමයාගේ යයි කියන පහළ ඡායාරූපය හා තවත් ඡායාරූප වෙබ් අඩවි කීපයක පළ විය. මේ ඡායාරූපයට ඔබ කැමති උද්ධෘතයක් යොදා ගන්න. එකී උද්ධෘතයෙන් කියවෙනු ඇත්තේ මිය ගිය මෙම බාල වයස්කරුවා ගැන නොව ඔබ ගැනයි.   

ඉහළ මිලිටරි තලයේ පෙරළිකාර වෙනසක්

Image
(2009 ජුලි 13) සිය කළමනාකරණ දක්ෂතාව ප්‍රදර්ශනය කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මිලිටරි ඉහළ තලයේ තනතුරු රැඩිකල් ලෙස වෙනස් කර තිබේ.  ජුලි 15දා සිට බලපැවැත්වෙන පරිදි හමුදාපති සරත් ෆොන්සේකා වැඩි බලතල සහිත නව ආරක්ෂක කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පත් කර ඇති අතර නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ජනාධිපති ආරක්ෂක උපදේශක නම් නව තනතුරක පිහිටුවා ඇත. මෙම තනතුරු දෙකෙහි බලතල සමගාමී නොවන අන්දමින් මෙම පත්වීම් සිදු කර තිබේ. යුද හා නාවික හමුදාපතිවරු එල්.ටී.ටී.ඊ. සංවිධානය පැරදවීමේ යුද්ධයේදී විශාල මෙහෙයක් කළහ. ඇතැම් ජනමාධ්‍ය විසින් ජයග්‍රහණයේ ගෞරවයේ ප්‍රතිශතය පිළිබඳ කාරණා ඉස්මතු කරමින් යම් මතභේදාත්මක තත්වයක් ිර්මානය කරන ලදී.  හිටපු යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි අද උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේය. 2006-2008 වකවානුවේ යාපනයේ අණදෙන නිලධාරිවරය‍ා ලෙස කටයුතු කළ හේ 2009 අප්‍රේල් මස සිට උතුරේ අවතැන් වූවන් පිළිබඳ බලය ලත් නිලධාරිවරයා විය. මේජර් ජනරාල් ජගත් ජයසූරිය යුද හමුදාපති ලෙස පත් වේ.  නව නාවික හමුදාපතිවරයා වන්නේ රියර් අද්මිරාල් තිසර සමරසිංහයි. ...