කීර්ති ශ්රී වීරසිංහ, කැටයම් චින්තක හා නීතිය
කතා කරන ඡායාරූපයක්. පොලිස් නිලධාරියා = දරදඬු නීතිය, කැටයම් චින්තකගේ මව = අසරණ වින්දිතයා. පිටිපස්සෙන් ප්රාදේශීය මාධ්යකරුවෝ හා අදහසක් නැති ජනතාව. පුවත් දෙකක් කෙරෙහි අවධානය යොමු විය. එකක් අලුත් පුවතකි. ඒ අනුව අගමැතිතුමා කුඩු කන්ටේනරයක් රේගුවෙන් නිදහස් කර ගන්නට තමන් වෙනුවෙන් ලියුම් දුන් ගෝලයා ඉවත් කර තිබේ. ගෝලයා කියන්නේ තමන් ගෙදර යන්නේ පරීක්ෂණ අවසන් වනතුරු පමණක් බවයි. පරීක්ෂණ කෙරෙනවා නම් ඔහු ආපසු ආවාට අපට කමක් නැත. ඔහු දැනටමත් පරීක්ෂණ සඳහා අවශ්ය තොරතුරක් සපයා තිබේ. ඒ කියන්නේ බාත්රූම් උපකරණ මුවාවෙන් ගෙන්වූ කුඩු කන්ටේනරයේ බදු අඩු කරන්නැයි ඉල්ලා ලියුමක් නිකුත් කළේ ගම්පොල නාගරික මන්ත්රී තරංග විට්ටච්චිගේ ඉල්ලීම මත බවයි. ඔහෙම යං! ඔහොම යං! දෙවන පුවත දින කීපයක් පැරණි එකකි. පළ වී තිබුණේ රිවිර පුවත්පතේ ය. මරා දමන ලද කඹුරුපිටියේ කැටයම් චින්තකගේ මව සිය නිවස ගිනි තැබීම හා අනාරක්ෂිත තත්වය පිළිබඳ සිය පුතුගේ අවමංගල්යය අවස්ථාවේ මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමන්ත හේමාල් ප්රශාන්තට පැමිණිලි කළ අවස්ථාවේ ඔහු පවසන්නේ මෙසේයි: මගේ බලප්රදේශයේ ඕනෑම පොලිස් ස්ථානයකට මම කියන්නම් කිසිම කරදරයක් කරන්...