කඹුරුපිටිය පොලිස් නිලධාරියා මැරූ සැකකරුවන් සියල්ල මරා දැමුවේ කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා සඟවන්න ද?
කඹුරුපිටියේ පොලිස් නිලධාරියාත්, ඔහුගේ බිරිඳත් මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කැටයම් චින්තක ද අද පොලිසිය විසින් වෙඩි තබා මරා දමා තිබෙන බව වාර්තා විය. සුපුරුදු පරිදි ම මරා දැමීම සාධාරණීකරණය කිරීම පිණිස කතාවක් ගොතා තිබේ. මෙම ඝාතනයේ සැකකරුවන් හතර දෙනා ම මරා දැමුණු අතර ඔවුන්ගේ මරණ පිළිබඳ කතා එකිනෙකට සමාන ය. ඒ හා සමාන සිද්ධි තවත් රාශියක් පසුගිය කාලයේ සිදු විය. පොලිසියට පහර දෙන්නට හෝ පැන යන්නට උත්සාහ කළ විට සැකකරුවන් වෙඩි තබා මරා දමන ලද කතාව දැන් සාමාන්‍ය පොලිස් කතාවකි. පොලිසියට මරා දමන්නට අවශ්‍ය අය මරා දමා මේ කතාව කීම ඉතා සුලබ ය. එහෙත් බිහිසුණු අපරාධ සුදු කළ සියලු දෙනා මේ අන්දමින් මරා දැමීමේ ප්‍රතිපත්තියක් ද පොලිසියට නැත. විශේෂයෙන් ම දේශපාලකයන්ගේ ආරක්ෂාව ලබන අපරාධකරුවන්ට මේ සම්ප්‍රදාය ක්‍රියාත්මක වන්නේ නැත. ඒ කියන්නේ මෙවැනි මරණ පිළිබඳ තීන්දු ගන්නේ පහළ මට්ටමින් නො වන බව නේ ද? මෙම ඝාතනයේ සැකකරුවන් සියලු දෙනා මෙසේ කට උත්තරත් නැති වන අන්දමින් මරා දැමුවේ ඇයි? මේ සැකකරුවන් මෙම පොලිස් නිලධාරියා ඝාතනය කළා නම්, එසේ කළේ කාගේ හෝ කොන්ත්‍රාත්තුවකට ද? ඔවුන් ස...