Posts

Showing posts with the label කැටයම් චින්තක

කීර්ති ශ්‍රී වීරසිංහ, කැටයම් චින්තක හා නීතිය

Image
කතා කරන ඡායාරූපයක්. පොලිස් නිලධාරියා = දරදඬු නීතිය, කැටයම් චින්තකගේ මව = අසරණ වින්දිතයා. පිටිපස්සෙන් ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ හා අදහසක් නැති ජනතාව. පුවත් දෙකක් කෙරෙහි අවධානය යොමු විය. එකක් අලුත් පුවතකි. ඒ අනුව අගමැතිතුමා කුඩු කන්ටේනරයක් රේගුවෙන් නිදහස් කර ගන්නට තමන් වෙනුවෙන් ලියුම් දුන් ගෝලයා ඉවත් කර තිබේ. ගෝලයා කියන්නේ තමන් ගෙදර යන්නේ පරීක්ෂණ අවසන් වනතුරු පමණක් බවයි. පරීක්ෂණ කෙරෙනවා නම් ඔහු ආපසු ආවාට අපට කමක් නැත. ඔහු දැනටමත් පරීක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරක් සපයා තිබේ. ඒ කියන්නේ බාත්රූම් උපකරණ මුවාවෙන් ගෙන්වූ කුඩු කන්ටේනරයේ බදු අඩු කරන්නැයි ඉල්ලා ලියුමක් නිකුත් කළේ ගම්පොල නාගරික මන්ත්‍රී තරංග විට්ටච්චිගේ ඉල්ලීම මත බවයි. ඔහෙම යං! ඔහොම යං! දෙවන පුවත දින කීපයක් පැරණි එකකි. පළ වී තිබුණේ රිවිර පුවත්පතේ ය. මරා දමන ලද කඹුරුපිටියේ කැටයම් චින්තකගේ මව සිය නිවස ගිනි තැබීම හා අනාරක්ෂිත තත්වය පිළිබඳ සිය පුතුගේ අවමංගල්‍යය අවස්ථාවේ මාතර මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක හේමන්ත හේමාල් ප්‍රශාන්තට පැමිණිලි කළ අවස්ථාවේ ඔහු පවසන්නේ මෙසේයි: මගේ බලප්‍රදේශයේ ඕනෑම ‍පොලිස් ස්ථානයකට මම කියන්නම් කිසිම කරදරයක් කරන්...

මිනීමරුවන්ටත් මානව හිමිකම් තිබේ

Image
කැටයම් චින්තකගේ අම්මා ද අම්මා කෙනෙකි කැටයම් චින්තක යනු බිහිසුණු අපරාධයක් කළ (බව ජනමාධ්‍ය හා පොලිසිය කියන) පුද්ගලයෙකි. අපි කැටයම් චින්තක තබා ඔහු කැපූ කැටයමක්වත් දැක නැත. කැටයම් චින්තක ඇසුරු කළ සමාජයට හෝ ඔහු පිළිබඳ කිසිදු හැඟීමක් නැත. එහෙත්, අපි කැටයම් චින්තකගේ අයිතිවාසිකම් ගැන කතා කළ යුතු ය. මන්ද, කැටයම් චින්තකගේ සිද්ධිය විසින් නිරූපණය කරනු ලබන්නේ අප ජීවත් වන සමාජයේ තිබෙන නීතියේ පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදයක්, මිනිස්කමක් නැති වනචාරී ගතිය වන හෙයිනි. කැටයම් චින්තක ලංකාවේ පළමු මිනීමරුවා නො වේ. එසේ ම ඔහු වනාහි පොලිස් නිලධාරියකු හා බිරිඳ කෲර අන්දමින් මරා දැමූ පළමු මිනීමරුවා ද නො වේ. අනෙක, ලංකාව යනු මිනීමරුවන් ඉතා දුලබ ස්ථානයක් ද නො වේ. ලංකාවේ ඉතා වැදගත් යයි කියන මිනිසුන්ගේ පවා බොක්කේ තවමත් නො දිරවූ මිනිස් ඇට කැබලි තිබේ.  කැටයම් චින්තක එකී මිනී මැරුම කළා ද නැද්ද යන්න අපි නො දනිමු. එය නීතිය ඉදිරියේ තහවුරු වී නැත. ශිෂ්ට සමාජයක නම්, ඕනෑම වරදක් කළ කෙනෙකුට නීතිය හමුවේ පෙනී සිට, නිසි අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා කළ වරදට දණ්ඩනයට ලක් විය හැකි ය. ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන කියවෙන කතාවලට අනුව ඇ...

කඹුරුපිටිය පොලිස් නිලධාරියා මැරූ සැකකරුවන් සියල්ල මරා දැමුවේ කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා සඟවන්න ද?

Image
කඹුරුපිටියේ පොලිස් නිලධාරියාත්, ඔහුගේ බිරිඳත් මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කැටයම් චින්තක ද අද පොලිසිය විසින් වෙඩි තබා මරා දමා තිබෙන බව වාර්තා විය.  සුපුරුදු පරිදි ම මරා දැමීම සාධාරණීකරණය කිරීම පිණිස කතාවක් ගොතා තිබේ. මෙම ඝාතනයේ සැකකරුවන් හතර දෙනා ම මරා දැමුණු අතර ඔවුන්ගේ මරණ පිළිබඳ කතා එකිනෙකට සමාන ය. ඒ හා සමාන සිද්ධි තවත් රාශියක් පසුගිය කාලයේ සිදු විය.  පොලිසියට පහර දෙන්නට හෝ පැන යන්නට උත්සාහ කළ විට සැකකරුවන් වෙඩි තබා මරා දමන ලද කතාව දැන් සාමාන්‍ය පොලිස් කතාවකි. පොලිසියට මරා දමන්නට අවශ්‍ය අය මරා දමා මේ කතාව කීම ඉතා සුලබ ය.  එහෙත් බිහිසුණු අපරාධ සුදු කළ සියලු දෙනා මේ අන්දමින් මරා දැමීමේ ප්‍රතිපත්තියක් ද පොලිසියට නැත. විශේෂයෙන් ම දේශපාලකයන්ගේ ආරක්ෂාව ලබන අපරාධකරුවන්ට මේ සම්ප්‍රදාය ක්‍රියාත්මක වන්නේ නැත.  ඒ කියන්නේ මෙවැනි මරණ පිළිබඳ තීන්දු ගන්නේ පහළ මට්ටමින් නො වන බව නේ ද? මෙම ඝාතනයේ සැකකරුවන් සියලු දෙනා මෙසේ කට උත්තරත් නැති වන අන්දමින් මරා දැමුවේ ඇයි? මේ සැකකරුවන් මෙම පොලිස් නිලධාරියා ඝාතනය කළා නම්, එසේ කළේ කාගේ හෝ කොන්ත්‍රාත්තුවකට ද? ඔවුන් ස...