Posts

Showing posts with the label ආදි වාසී

වැද්දන් එක්ක ක්‍රිකට් මැච් ගැහිල්ල

Image
මේ දිනවල ආදිවාසී ක්‍රිකට් ගැහිල්ලක් බෝ වී තිබේ. මේ ක්‍රිකට් රැල්ල හැදුවේ මාධ්‍යවලිනි. මාධ්‍යවලින් දෙන ඕනෑ රැල්ලක් වැළඳ ගන්නට සූදානම් අපේ පාරිභෝගිකවාදී සමාජය ආදිවාසී ක්‍රිකට්වලට මාකට් එකක් හදා දුන්නේ ය.  අපේ ටවුමේද දිනක් මේ ක්‍රිකට් තරගයක් තිබිණි. එක්තරා ඇඟලුම් කම්හලක් ආදිවාසීන් සමග ක්‍රිකට් මැච් එකක් ගැහුවේ ය. මා එ් පිටිය අසලින් යන ‍මොහොතක වර්තමාන වාසීන් දෙපිරිසක් අතර ක්‍රිකට් තරගයක් තිබිණි. ආදි වාසීන් සමග තරගය තිබෙන්නට ඇත්තේ උච්චතම අවස්ථාවේ ය. ඒවා බලන්නට තරම් වැඩකට ගත නො හැකි කාලයක් අපට නැත.  ආදි වාසීන් ක්‍රිකට් ගහන එක ගැන ඔවුන්ගේ සංස්කෘතිය භාර සංස්කෘතික ඇමතිවරයා උරණ වී ඇති බව ද පසුගිය දිනවල වාර්තා විය. අද දිවයිනේ පුවතක වාර්තා වන්නේ ආදි වාසීන් හා නළු නිළියන් අතර ක්‍රිකට් තරගයක් පවත්වන්නට යන බවකි. ඒ සඳහා රුපියල් ලක්ෂයක් අය කරන බව ආදි වාසී ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කියා තිබේ. ඇත්තට ම සතුටු ය.  වැදි ජනතාව භාණ්ඩ හුවමාරුව වෙනුවට මුදල්වලින් ගනුදෙනු කිරීම ආරම්භ කර දැන් බොහෝ කාලයකි. වර්තමාන ලෝකයේ යම් පිරිසක් ආදි වාසීන් ලෙස ම සිටිය යුතු යයි නියම කරන්නට කාටවත් බැරි ය. තමන්ග...

වැද්දන් මිනිස් ගජ්ජුන් කරමු

Image
වැදි මිනිසකු මහනුවර රෝහලේ සේවය කරන බව කියන සිය පුතා හමු වන්නට යන්නට නො දුන්නේ යයි උරණව දුන්නෙන් මානා ඊතලයක් විද ආරක්ෂක නිලධාරියකුට බරපතල ලෙස තුවාල සිදු කර තිබේ.  මෑතදී පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් එක් වැදි නායකයකු කියා තිබුණේ තමන් වැදි නායකයා වුව ද මස් මාළු නො කන, සත්ගුණවකකු බවයි. මස්, මාළු නො කෑම හෝ නො කන බව කීම හෝ දැන් ලංකාවේ විලාසිතාවක් වී තිබේ. එය කෙනෙකුගේ පෞද්ගලික පිළිවෙතක් වුව ද, මස්, මාළු කන මිනිස්සු නරක මිනිස්සු ය කියා හුවා දැක්වීමේ උවමනාවක් සමාජයේ ඇතැමුන්ට තිබේ.  ආදි වැද්දෝ මූලික වශයෙන් දඩයම් ජීවිතයක් ගත කරන්නෝ වූ හ. කෘෂිකර්මාන්තය නො කළ ආහාර එකත් කරන්නන් වූ ඔවුන්ට සිය සම්ප්‍රදායික ජීවිතයේදී මස්, මාළු අනුභව නො කර පවතින්නට හැකියාවක් නො තිබිණි.  වැද්දන් කියා හඳුන්වනු ලබන ජන කොට්ඨාසය නූතන සමාජ විපර්යාසය හමුවේ දැඩි අනන්‍යතා අර්බුදයකට මුහුණ දී සිටිති. නවීන වන සංරක්ෂණ නීති හේතුවෙන් වන ජීවිතය අහිමි වී සිටින ඔවුහු නවීන ගැමි හා නාගරික ජීවිතයත්, වැදි ජීවිතයත් අතර අතරමං වී සිටිති.  විශේෂයෙන් ම සංචාරක කර්මාන්තය හේතුවෙන් වැදි අනන්‍යතාවට කුඩා වෙළඳපොලක් නිර්මානය...

වැදි බස, වැදි රැස පිළි ගන්න ඔබ සූදානම් ද | Grant recognition for Vedda language and ethnicity

Image
Oregon State University medical anthropology graduate student  Jill Priest  (left) and  Danigala Vedda chief Maha Bandaralage Randunu Wanniya (vedda.org) (2010 අගෝස්තු 09,  W3Lanka )  අද ලෝක ආදි වාසී දිනයයි.  ලංකාවේ ද සුපුරුදු කැලැන්ඩර් සංදර්ශනයක් පැවැත්වෙන්නට ඇත. අපේ රටේ ආදි වාසීන් සිටීම අපට ආඩම්බරයකි. අපට ඔවුන් සුද්දන්ට පෙන්විය හැකි ය. අපට ම වුවත් බලන්නට ගොස් මී පැණි ටිකක් අරන් ආ හැකි ය. වැදි ජන ගී මොඩ් කර ගායනා කළ හැකි ය. පෙරහරවලදී කළු ළමයින් කීපදෙනෙකුට කොළ අතු අන්දවා පොරෝ අතට දී  වැදි නැටුම් නැටවිය හැකි ය. බී ගත් විට ඕයේ ඔජායේ වැනි ගීත ගයා නැටිය හැකි ය. වැදි ජනයාට නම් අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් දෙක ම නැත. සම්ප්‍රදායිකව ඔවුන් දිවි ගෙවූ කැළෑව ඔවුන්ගෙන් උදුරාගෙන වන ජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතට ගෙන දැන් සුද්දන්ට සෆාරි යාම සඳහා සූදානම් කෙරෙමින් තිබේ. මිනිස් ගජ්ජුන්ට අවශ්‍ය සංදර්ශන පෙන්වීම වෙනුවෙන් වැදි ජනයා කෙටේරි කරේ ගසාගෙන සිටිය යුතු ය. නවීන වීම සඳහා ද ඔවුන්ට අවස්ථා නැත. දඩයමට කැළෑ නැත. ගොවිතැනට ඉඩම් නැත. ඉඩමට වතුර නැ...