හරියට මාස්ක් දාන හැටි

මුඛ ආවරණයක් පළඳින්නේ, ඉවත් කරන්නේ සහ බැහැර කරන්නේ කෙසේ දැයි ඉගෙන ගන්න. මේ උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත පදනම්ව නැවත ලියා තිබේ.
  1. මුඛ ආවරණ පැළඳිය යුත්තේ සෞඛ්‍ය සේවකයන්, සත්කාර සපයන්නන් සහ ශ්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් පමණක් බව මතක තබාගන්න.
  2. මුඛ ආවරණය අල්ලන්නට පෙර, දෑත් මධ්‍යසාර පාදක විෂබීජ නාශක ද්‍රාවණයක් හෝ සබන් හා වතුර පාවිච්චි කර සෝදාගන්න.
  3. මුඛ ආවරණයේ ඉරුණු තැන් හෝ සිදුරු තිබේදැයි පරීක්ෂා කරන්න.
  4. ඉහළ පහළ නිවැරදිව තබාගෙන පළඳින්න (තද පැත්ත ඉහළට).
  5. හරි පැත්ත පිටතට යොමු වන පරිදි පළඳින්න (වර්ණ පැත්ත පිටතට).
  6. මුඛ ආවරණය මුහුණ මත තබා, තද පැත්ත මිරිකා නාසයේ හැඩයට අනුව නිසි පරිදි ආවරණය වන පරිදි සකසා ගන්න. 
  7. මුඛය සහ නිකට ආවරණය වන පරිදි මුඛ ආවරණයේ පහත කොටස පහළට අදින්න. 
  8. පාවිච්චියෙන් පසු මුඛ ආවරණය ඉවත් කරන විට කණ්වලට පිටුපසින් ඇති ඉලාස්ටික් පටිවලින් අල්ලා ගලවා මුහුණෙන් හා ඇඳුම්වලින් ඉවතට ගන්න. මුඛ ආවරණයේ මතුපිට විෂබීජ තැවරී තිබිය හැකි ය. 
  9. වසන ලද පියන සහිත කසල බඳුනකට මුඛ ආවරණය වහාම දමන්න. 
  10. මුඛ ආවරණය ඇල්ලීමෙන් හා එය බැහැර කිරීමෙන් පසු දෑත් පිළිබඳ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න. මධ්‍යසාර පාදක දෑත් පිරිසිදු කිරීමේ ද්‍රාවණයක් පාවිච්චි කරන්න නැතිනම්, සබන් හා වතුර යොදා දෑත් සෝදාගන්න

එකකට වඩා මුඛ ආවරණ දැමීමෙන් අමතර ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මුඛ ආවරණ හෙවත් මාස්ක් පරිස්සමෙන් පාවිච්චි කරන්න. එය මෙම අවස්ථාවේදී දුර්ලභ අත්‍යවශ්‍ය සම්පතක්. ඒවා නාස්ති කරන්න එපා.


Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා