කොරෝනා ආර්ථික අර්බුදය නිසා ජර්මානු මුදල් ඇමතිවරයෙකු දිවි නසාගෙන

කොරෝනා වයිරසය හේතුවෙන් ඇති වන ආරථික කඩාවැටීම හැසිරවීමේ දුෂ්කරතාව හමුවේ ආතතියට පත් ජර්මනියේ හෙස රාජ්‍යයේ මුදල් අමාත්‍ය තෝමස් ෂීෆර් සියදිවි නසාගෙන ඇත.
Translations by Creative Content Consultants
පනස් හතර හැවිරිදි දෙදරු පියකු වන මෙම ඇමතිවරයා හෙස රාජ්‍යයේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර ආසන්නයේ දුම්රිය මාර්ගයක සියදිවි නසාගෙන සිටියදී ඔහුගේ සිරුර පසුගිය සෙනසුරාදා හමු වී තිබේ. ෆ්‍රැන්ක්ෆර්ට් යනු ජර්මනියේ මුල්‍ය අගනුවර වන අතර ඩොයිෂ් බෑන්ක්, කොමර්ස්බෑන්ක් මෙන් ම යුරෝපීය මහ බැංකුවේ ද මූලස්ථාන පිහිටා තිබෙන්නේ එහි ය.
හෙස රාජ්‍යයේ ආණ්ඩුකාරවරයා පැවසුවේ කොරෝනා වයිරසය හේතුවෙන් මහජනතාවට අවශ්‍ය වන මුල්‍යමය සහයෝගය සැපයීමට දුෂ්කර වීම පිළිබඳව ඇමතිවරයා දැඩි ලෙස ශෝකයට පත්ව සිටි බවයි.
මෙම ඇමතිවරයා අවුරුදු දහයක් මෙම තනතුර දරා පළපුරුදු අයෙකි. ඔහු ජර්මනියේ චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් නියෝජනය කරන මධ්‍යම දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක් වන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සාමාජිකයෙකි.
කොවිඩ්-19 වසංගතය විසින් ඇති කරනු ලබන අර්බුදය විසින් නිර්මාණය කරනු ලබන මානසික ආතති හුදෙක් රෝගයට පමණක් සීමා නොවන බවට මෙම සිද්ධිය පැහැදිලි උදාහරණයකි. ශ්‍රී ලංකාව වැනි රටවල වගකීම් විරහිත ඇතැම් දේශපාලකයන් කොවිඩ්-19 වසංගතය ඉදිරියේ පවා පාර්ලිමේන්තු මැතිවරණ කැඳවූ අතර, ලොක්ඩවුන් ඇඳිරි නීති නිසා සිර වී සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සම්පාදනයේදී පවා දේශපාලනය කරන්නට උත්සාහ කරන බවට සාක්ෂි තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම පාහේ අවධානය යොමු කර තිබෙන්නේ සෞඛ්‍යමය වශයෙන් කොඩිඩ්-19 වසංගතය මැඩපැවැත්වීමට පමණි. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය මත එය නිවැරදි ය. එහෙත්, කොවිඩ්-19 විසින් ඇති කරනු ලබන ආර්ථික අර්බුදය පිළිබඳ තවම ශ්‍රී ලංකාවට සිතාගැනීමටවත් නොහැකි වී තිබෙන බව දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ චර්යාවන්ගෙන් පෙනේ.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා